Chapter 19 [ Last chapter ]

1.9K 275 132
                                    

Jimin's p.o.v.

මගේ අතේ තිබුණ පිහියෙන් Jk අර මීනීමරුවව මරලා දැම්මේ දෙපාරක් හිතන්නේවත් නැතුවයි...

Shinbiya ඉන්න තැන හරියටම දැන ගත්ත නිසා අපි ඉක්මනටම පිටත් වුණේ ගොඩක් අය ජීවත් වුණේ නැති ටිකක් පාළු ප්‍රදේශයක තිබුණ කැලයකට අපිට මෙච්චර දවසක් Shinbi ඉන්න තැන හොයා ගන්න බැරි වුණේ මේ පැත්ත ගැන වැඩිය දැනගෙන හිටියේ නැති නිසයි....මීට කලින් මේ පැත්තට අපි කවදාවත් ඇවිත් තිබුණෙත් නෑ...

කලින් rose pack alpha ගේ පුතා කිව්ව විදියට අපි දිය ඇල්ලක් හම්බවෙනකන් ඒ කැලේ ඇතුළටම ගියා...ගොඩක් දුර ගියත් අපිට දිය ඇල්ලක් හම්බුණේ නැති නිසා අපි තව ටිකක් කැලේ ඇතුළටම ගියා...ගොඩක් දුර ගියත් අපිට එහෙම තැනක් හම්බුණේ නෑ...

" මම හිතන්නේ අර මිනිහා අපිට කියලා තියෙන්නේ බොරුවක්ද කොහෙද Hyung "
මම Jin Hyung ට එහෙම කිව්වේ දරා ගන්න බැරි කෝපයක් මගේ හිත ඇතුළේ මතු වෙද්දීයි

"ෂ්...සද්ද කරන්න එපා කට්ටියම හැංගෙන්න ඉක්මනට "

Jin Hyung එහෙම කිව්වහම අපි හැමෝම ගස් අස්සෙන් හැංගුණේ කවුරු හරි එන සද්දයක් ඇහුණු නිසයි..ඒත් එක්කම අපිට ටිකක් එහායින් ගියේ එදා සටන් කරපු princess bella ගේ වෘකයෝ දෙන්නෙක්....Jin Hyung අපිට සංඥා කරේ සද්ද කරන්නේ නැතුව එයාලගේ පස්සෙන් යමු කියලයි...ඒක නිසා අපි හැමෝම ඒ වෘකයෝ දෙන්නගේ පස්සෙන්ම ගියේ එයාලා යන්නේ princess bella ගේ මූලස්ථානෙට කියලා තේරුණ නිසයි...

කැලේ මැදටම ගියාම ඒ වෘකයෝ දෙන්නා ගියේ ගරා වැටුණ පරණ ගෙයක් ඇතුළටයි...එතැන දිය ඇල්ලක් තිබුණේ නැති වුණත් පෙනුණ විදියට නම් ඒක තමයි princess bella ගේ මූලස්ථානය...

ටික වෙලාවක් එතනට වෙලා බලන් ඉඳිය අපි Jin Hyung කිව්ව නිසා ඇතුළට යන්න ගියේ ඒක මොන වගේ මූලස්ථානයක්ද කියලා හිතන ගමනුයි....

ඇතුළට යන අතරෙදි අපිට දොර ලේසියෙන්ම ඇර ගන්න පුළුවන් වුණේ ඒ දොර හොඳටම දිරා පත් වෙලා තිබුණු නිසයි...ගෙදර ඇතුළ පාළු ස්වභාවයක් ගත්තත් මේක ඇතුළේ shinbi ඉන්නවා කියලා මට හොඳටම දැනුණා ඒ වගේම shinbi ට තාමත් කරදරයක් වෙලා නෑ කියලත් මට දැනුණු නිසා හිතට පොඩි සතුටක් දැණුනා....

The Lost LunaWhere stories live. Discover now