Chapter 13

1.3K 231 39
                                    

Shinbi's p.o.v.

මේ දවස් ටිකේ වුණු සිදුවීම් නිසා මම ටිකක් කලබල වෙලා හිටියත් දැන් ටිකෙන් ටික ඒවට හුරු වුණා...Tae ව hospital එකෙන් pack house එකට අරන් ආවට පස්සේ මම Tae ගේ වැඩ වලටත් උදව් වෙලා ආයෙත් ගෙදර යන්න පිටත් වුණේ දවස් දෙකකින් විතර ගෙදර ගියේ නැති නිසයි..හෙට ආයෙත් college යන්නත් තිබුණ නිසා මම ඉක්මනින්ම ගියේ සූදානම් වෙන්නයි...මේ දවස් ටිකේම හරියට නින්දක් නැති නිසා ගෙදර ගිය ගමන් හොඳට නිදා ගන්නයි මට ඕනෙ වුණේ...

තනියම පාර දිගේ ගෙදර යන අතරෙදී මට මතක් වුණේ එදා පාරේදි වුණ සිදුවීමයි...Namjoon oppa මට තනියම යන්න එපා කියද්දීත් කමක් නෑ කියලා මම ආවේ ඒ වේලාවෙදි එදා වුණු සිදුවීම මතක් වුණේ නැති නිසයි...යන අතරෙදි ටිකක් විතර බය හිතුණත් මම හොඳ හුස්මක් අරන් ඉක්මනින්ම ගෙදර දිහාවට යන්න පටන් ගත්තා...

ටිකක් දුර යන කොට මට call එකක් ආව නිසා මම ඉක්මනින්ම බැලුවේ මේ වෙලාවේ මට call කරන්න ඉන්නේ කවුද කියලා මතක් කරන ගමනුයි....

" Hello අක්කේ....."

" නංගී...ඇයි මේ හදිසියේම මාව මතක් වෙලා.."
මම පුදුම වුණේ නංගි එකපාරට මට call කරේ ඇයි කියලයි...

" අක්කේ...ඔයාට කියන්න බඩ්ඩක් තියෙනවා..."

" ඇයි...මොකක්ද...ඔම්මායි අප්පායි සනීපෙන් නේද...ඔයාත් හොඳින් නේහ්..."

" ඔව් අක්කෙ මම හොඳින්...ඉතින් මේ අහන්නකෝ..."

" හා හා කියන්න.."

" මම මගේ යාළුවො දෙන්නෙක් එක්ක නිවාඩුවට Seoul ආවා...අක්කට call කරන්න වෙලාව ලැබුණ හැටියෙම වගේ තමයි මම මේ call කරේ..."

" ඔහ් කවදද ඔයා ආවේ...ඔයාලා කොහෙද දැන් ඉන්නේ...කාත් එක්කද ආවේ...ඔම්මාලත් ආවද.....ඇයි මට කලින් කිව්වේ නැත්තේ...මටත් මේ දවස් ටිකේ වැඩ ගොඩක් තිබුණ නිසා call එකක් වත් දෙන්න බැරි වුණා..."

" දැන් දවස් දෙකක් විතර වෙනවා අපි අවිත්....ඔම්මලා ආවේ නෑ අක්කේ මමයි තව යාළුවෝ දෙන්නෙකුයි ආවේ....දැන් මෙහෙ hotel එකක අපි ඉන්නේ....අක්කාගේ ගෙවල් තියෙන්නේ කොහෙද...අපි හෙට එන්නම් එහෙට.."
නංගි එහෙම කිව්වහම මම මගේ ගෙදරට තියෙන පාර ගැන නංගිට කිව්වා...

The Lost LunaWhere stories live. Discover now