Chapter 14

1.3K 223 29
                                    

Jin's p.o.v.

" මගේ නංගි කවුද oppa..මට මේ කිසි දෙයක් තේරුම් ගන්න බෑ...."

මගේ කල්පනාව බිඳින ගමන් Shinbi එහෙම ඇහුවා...

" මට හරියටම කියන්න බෑ ඒ එයාමද කියලා...මොකද මටත් ටිකක් සැකයි...."

" Shinbi..ඔයාට මතකද ඔයා අපි ගැන දැන ගත්ත මුල්ම දවසේ මම කිව්වා princess Bella කියලා කෙනෙක් ගැන...එයා නිසානේ අපිට මේ වගේ ශාපයක් ලැබුණේ....එයා තාමත් අපෙන් පලි ගන්නයි බලා ගෙන ඉන්නේ....rose pack වෘකයන්ගෙන් වගේම අපිට princess Bella ගෙනුත් බේරිලා ඉන්නයි වෙලා තියෙන්නේ...එයා අමරණීය කෙනෙක්.. පොත් පත් අනාවැකි වල කියවෙන විදියට නම් එයාව නවත්වන්න පුළුවන් එක විශේෂ මනුෂ්‍යයෙකුට විතරයි....ඒත් කාලෙකට කලින් එහෙම එක මනුෂ්‍යයෙක් මේ ලෝකේ ඉපදුනා...කලින් ඉඳපු Alpha ලා හැමෝම උත්සහ කරේ මේ විශේෂ කෙනාව හොයා ගෙන princess Bella ගෙ කරදරෙන් බේරෙන්නයි ඒත් එයාලට ඒ විශේෂ කෙනාව හොයා ගන්න ලැබිලා නෑ..."

" ඒත් දැන්.... විශේෂ මනුෂ්‍යයෝ දෙන්නෙක් එකපාරම....ඒක ගොඩක් භයානකයි මොකද ඔයාලා දෙන්නගෙන් පිටවෙන ඒ අමුතු බලය නිසා princess Bella ඔයාලව හොයාගෙන මෙහෙට එන්න පුළුවන්..."

"ඔයාලා දෙන්නම විශේෂ අය කියලා මට දැනුණත් ඊට වඩා ටිකක් අමුතු දෙයක් මට Yunbi ගෙන් දැනෙනවා..සමහර විට princess Bella ව විනාශ කරන්න පුළුවන් කෙනා එයා නිසාද දන්නෑ.... ඒත් ඔයත් විශේෂ කෙනෙක් නිසා අපිට ඔයා ගැන තියෙන බලාපොරොත්තු අත අරින්නත් බෑ...."

" දැනට මේ ලෝකේ හිටියේ එකම එක විශේෂ මනුෂ්‍යයෙක් විතරයි...ඒ කියන්නේ ඔයාලගේ ඔම්මා හරි අප්පා හරි තමා මෙච්චර කාලයක් අපි හොයපු ඒ කෙනා.."

මම මගේ කතාව නවත්තලා Shinbi දිහා බැලුවේ එයා මේ වෙලාවේ කටත් ඇරන් මගේ දිහා බලන් ඉඳිය නිසයි...

" ඒ...ඒත්..oppa...ඒ කියන්නේ එතකොට අපේ ඔම්මයි අප්පයි මේ දේවල් ගැන කලින් දැන ගෙන ඉඳලද... "

" ඔව් එයාලා දැනගෙන ඉන්නැති...මොනවා වුණත් ඔයා මේ ගැන දැන්ම Yunbi ට කියන්න එපා...අද හවසට මම මේ ගැන අනිත් අයත් එක්ක කතා කරන්නම් rose pack වෘකයන්ගෙනුත් ඔයාලට කරදර වෙන්න පුළුවන් ඒ නිසා මම ඔයාලගේ ආරක්ෂාවට අපේ වෘකයන්ව දාන්නම්..."

The Lost LunaWhere stories live. Discover now