Chapter 17

1.2K 216 30
                                    

Jin's p.o.v.

අපි දිගටම සටන් කරගෙන ගියත් දැනටමත් හොඳටම තුවාල වෙලයි අපි හිටියේ... Princess bella ගේ වෘකයෝ අපිට වඩා ගොඩක් ශක්තිමත් වුණත් අපි කට්ටිය දිගටම සටන කර ගෙන ගියා...

" පහුබහින්න...."

ඈතින් එක වෘකයෙක් කෑගහලා එහෙම කිව්ව නිසා අනිත් වෘකයෝ ටික ටික පහුබහින්න ගත්තා...එයාලා එක පාරටම පහුබහින්න හේතුව මොකක්ද කියලා කල්පනා කරනකොට එක පාරටම Jimin හයියෙන් කෑගහන්න ගත්තා නිසා මම හැරිලා බැලුවා...

" Hyu....Hyung....අනේ hyung ඉක්මනට එන්න....shi....shinbi නෑ...😭"

Jimin කිව්ව දෙයින් මම උඩ ගියේ princess bella ගේ වෘකයෝ එක පාරට පහුබැස්ස හේතුව තේරුණු නිසයි....

" ඒ...කියන්නේ මම හිතුවා වැරදියි...Shinbi තමයි ඒ කෙනා මොනවා වුණත් අපි Yunbi වත් හොයා ගන්න ඕනේ...kookie ඔයයි yoongi යි ගිහින් Yunbi ව හොයා ගන්න...අනිත් අය හැමෝම මාත් එක්ක යමු...Soyeon ඔයා pack house එක ගැන බලාගන්න....ඉක්මන් කරමු..."

මම එහෙම කිව්වහම අපි හැමෝම බෙදිලා ගියේ Shinbi ව යි Yunbi ව යි හොයන්නයි...kookie Yunbi ව හොයන්න පිටත් වෙද්දී අපි කට්ටිය පාළු පාරේ දිගටම යන්න ගත්තේ princess bella ගේ වෘකයෝ ඒ පැත්තට ගිය නිසයි...

අපි හැමතැනම Shinbi ව හෙව්වත් එයාව අපිට හොයා ගන්න ලැබුණේ නෑ..මේ වෙනකොටත් princess bella Shinbi ට මොනවා කරලා ඇතිද කියලා හිතන කොට මට බය හිතුණේ princess bella ඕනෙම වෙලාවක Shinbi ව මරලා දාන්න පුළුවන් නිසයි....

අපි රෑ වෙනකන් හැමතැනම Shinbi ව හෙව්වා...ඒත් Shinbi ගේ සලකුණක්වත් පේන තෙක් මානෙක තිබුණේ නෑ...ආයෙත් හෙට උදේම Shinbi ව හොයන්න කතා වුණු නිසා අපි ආයෙත් pack house එකට ගියා

Pack house එකට යනකොට Yunbi pack house එකට ඇවිත් තිබුණා...ඒ ගැන හිතලා මම සතුටු වුණත් Yunbi හිටියේ නම් හොඳ තත්වෙකින් නෙමෙයි එයාගේ පෙනුමේ හැටියට නම් එයා හිටියේ ළඟට එන ඕනෙම කෙනෙක්ව මරලා දාන්න තරම්  කේන්තියකින්....Yunbi ගේ මේ වෙනස නිසා Jk හිටියෙත් හොඳ සිහියකින් නෙමෙයි...Jk yunbi ළඟට ගිහින් එයාගේ හිත හදන්න හැදුවත් Yunbi Jk ට ත් බැනලා එතනින් එලව ගත්තා...Jimin හිටියෙත් මීට වඩා අන්ත තත්වෙක එයාගේ ඇස් දෙක හොඳටම රතු වෙලා තිබුණේ ගොඩක් වෙලාවක ඉඳන් අඬ අඬ ඉඳලා වගේ එයා කාත් එක්කවත් එක වචනයක් කතා කරන්නේ නැතුව එයාගේ කාමරේට ගියේ කේන්තියෙන් ළඟ තිබුණ vase එකකුත් බිඳින ගමනුයි....

The Lost LunaWhere stories live. Discover now