Chapter 12

1.3K 235 11
                                    

Jin's p.o.v.

" ආව්...shinbi...ඔච්චර හයියෙන් අල්ලන්න එපා...එතන රිදෙනවා..."

"අ..අනේ...මියානේ oppa....තව ටිකයි....පොඩ්ඩක් ඉවසන්නකෝ..."
Shinbi මගේ තුවාල වලට බෙහෙත් දාන අතරෙදි එහෙම කිව්වා...

ඊයේ kookie ගෙන් ලැබුණු සංග්‍රහය නිසා මට ටිකක් තුවාල වුණත් ලොකු අමාරුවක් තිබුණේ නෑ....Shinbi ඒ තුවාල වලට බෙහෙත් දාන අතරේ මම කල්පනා කරේ අනිත් අය kookie ව හොයා ගෙන ඇතිද කියලයි...Shinbi තුවාල වලට බෙහෙත් දාලා කුස්සිය පැත්තට ගියේ අපි කට්ටියට කන්න මොනවා හරි හදන්නයි...ඒ අතරෙදි සාලේ පැත්තෙන් සද්දයක් ඇහුණු නිසා මම හිමින් නැගිටලා ඒ පැත්තට ගියා...

" Kookie....ඔයාට කරදරයක් නෑ නේද.."

" නෑ hyung මට අවුලක් නෑ...ඒ..ඒත් hyung...මියානේ...මම නිසානේ hyung ට තුවාල වුණේ..."

Kookie අඬන්න වගේ එහෙම කියද්දී මට එයා ගැන දුක හිතුණා...එයා මේ වෙලාවේ ලොකු කම්පනේකින් ඇත්තේ ඊයේ වුණු දේවල් නිසා...

" Hyung....මට ඔයාත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද...ඒත්...ඒත් hyung දැන් විවේක ගන්න එහෙනම් අපි පස්සේ කතා කරමු.."

" කමක් නෑ kookie එන්න අපි කාමරේට යමු.."

Kookie ට ගොඩක් ලොකු දෙයක් මාත් එක්ක කියන්න ඕනේ වගේ තේරුණ නිසා මම අනිත් අයට කෑම ගන්න කියලා kookie ත් එක්ක කාමරේට ගියා...

....🕗.....

" හරි kookie....ඔයා දැන් මට එදා හවස ඉඳන් වුණු දේවල් ඔක්කොම කියන්න..."

මම එහෙම කියලා kookie කතා කරනකන් බලන් හිටියා...

" Hyung...එදා හවස අපි pack house එකට එනකොට rose pack වෘකයෝ අපිට පහර දුන්නා...Tae අපිව බේර ගන්න ගිය නිසා තමයි tae ට තුවාල වුණේ..😫💔"

" එදා ඒ වෘකයෝ අපිට පහර දෙන්න හදනකොට කැලේ ඇතුළින් උඩු බිරුමක් ඇහුණා...h..hyung...ඒ හඬ දැන් මට හැමතිස්සෙම ඇහෙනවා...ඊයේ....ඒ හඬ නිසා තමයි මට මාව පාලනේ කර ගන්න බැරි වුණේ...මට ඒ හඬ ඇහෙනකොට ඒ හඬ ඇහෙන පැත්තටම යන්න හිතෙනවා...ඒත් එදා ඒ හඬ ඇහුණු ගමන් මට විතරක් නෙමෙයි rose pack වෘකයන්ටත් මොකක් හරි වුණා...එයාලවත් ඒ හඬට වශී වෙලා වගේ හඬ ඇහුණ පැත්තට දුවගෙන ගියා..."

The Lost LunaWhere stories live. Discover now