Chapter 6

1.5K 234 13
                                    

No one's p.o.v.

......🌃......

එදා රෑ black wolf pack එකේ අයයි red wolf pack එකේ අයයි shinbi යි හැමෝම black wolf pack house එකට එකතු වුණා... shinbi හිතුවේ party එකක් නිසා හැමෝම එකතු වුණේ කියලා වුණත් ඇත්තටම එයාලා එකතු වුණේ Jk ව Rose pack එකේ අයගෙන් ආරක්ෂා කරන්නයි...

.....................

හැමෝම මේසෙකට වෙලා කෑම ගන්න වෙලාවෙදී Jimin shinbi ට හැමෝවම හඳුන්වලා දුන්නා... වැඩි වෙලාවක් නොයාම shinbi හැමෝවම යාළු කර ගත්තා... Jk නම් තාමත් shinbi ව දැක්ක ගමන් ඔරවනවා... ඒත් Tae ත් එක්ක ඉන්න කොට නම් Jk ගෙ cute හිනාව ආයෙත් මතු වෙනවා...😂😋

හැමෝම ටික වෙලාවක් මෙහෙම කතා කර කර ඉන්න කොට එකපාරට දොරට හයියෙන් ගහන සද්දයක් ඇහුණ නිසා black wolf pack එකේ Elder Jin ගිහින් දොර ඇරියා... ඒත් එක්කම හයියෙන් කෑගහගෙන ඇතුළට වැටුණ කෙනෙක් අමරුවෙන් හුස්ම ගන්න ගමන් මොකක් හරි කියන්න හැදුවේ මැරෙන්න කලින් ඒ දේ කියා ගන්න ඕනේ නිසයි...😫😩

" එ... එ... එයාලා... ඇ... ඇවිත්...😩"
ඒ කෙනා එහෙම කියලා එතනම ඇදගෙන වැටුණේ ජීවත් වෙන්න තරම් තවත් ශක්තියක් එයාට නොතිබූණු නිසයි…

එසැණින් තත්වය තේරුම් ගත්ත Jin ඉක්මනින් දොර වහලා අනිත් අය ළඟට ගියේ එයාලටත් පණිවිඩේ දැනුම් දෙන්නයි…

සතුටින් හිනා වෙවී කතා කර කර හිටිය කට්ටිය මැදට Jin පැන්නේ හොඳටම බය වෙලයි… මොකක් හරි අනතුරක් කියලා දැනුණ නිසා අනිත් අයත් කතාව නවත්වලා Jin දිහා බලන් හිටියේ එයා කියන්න හදන දේ දැනගන්නයි…

"එයාලා මෙහෙටත් ඇවිත්… කට්ටියම සූදානමෙන් ඉන්න…yoongi ඔයා JK ව අරන් ආරක්ෂිත කුටියකට යන්න… ඉක්මන් කරන්න… එයාලා ඇතුළට එන්න කලින් අපි එයාලාව නවත්වන්න ඕනේ…"
Jin එහෙම කිව්වහම Jk ඒකට අකමැති වුණේ එයාටත් අනිත් අයත් එක්ක Rose pack එකේ අයව නවත්වන්න ඕනෙ වුණ නිසයි… ඒත් Jin ගේ බල කිරීම නිසාම yoongi එක්ක නවතින්න එයා කැමති වුණා…

වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව shinbi ඔහේ කටත් ඇරන් බලන් හිටියේ කවුරුහරි එයාට වෙන දේ පැහැදිලි කරලා දෙනකනුයි… ඒත් එයාට කවුරුත් සිද්ධ වෙන දේ පැහැදිලි කරලා දුන්නේ නැති නිසා එයා soyoen දිහාට අසරණ බැල්මක් දැම්මා…🙄 පස්සෙ කියන්නම් වගේ බැල්මක් දැම්ම soyoen shinbi වත් ඇදගෙන yoongi යි JK ගෙයි පස්සෙන් ගියා…

The Lost LunaWhere stories live. Discover now