Chapter 8

1.4K 239 16
                                    

shinbi's p.o.v.

" මම විශේෂ කෙනෙක් ද එතකොට... ඒත් මන් ඇයි විශේෂ... මගේ තියෙන විශේෂත්වෙ මොකද්ද..."
මම මේ කිසිදෙයක් හිතා ගන්න බැරුව කල්පනා ලෝකෙක හිර වුණා..

" ඇත්තටම වෘක මිනිස්සු ඉන්නවද... නෑ නෑ එහෙම වෙන්න බෑ ඒත් මන් ඒ මොකක්ද දැක්කේ... නෑ නෑ ඒක හීනයක්ම තමයි... මන් ඉක්මනට මේ හීනෙන් ඇහැරෙන්න ඕන..."
මම එහෙම මටම කියාගෙන මාව ටිකක් කොනිත්ත ගත්තේ හීනෙන් ඇහැරෙන්න ඕන නිසයි..

"ආව්... ඒක රිදුණා... ඒ කියන්නේ මම දකින්නේ හීනයක් නෙවෙයි ඒක ඇත්තක්... ඒත්... ඒත් එහෙම වෙන්න බෑ.."

එක පාරට මම පියවි සිහියට ආවේ soyoen unnie බය වෙලා වගේ මගේ නමත් කිය කිය මාව හොලවන්න ගත්ත නිසයි... එතකොටයි මට තේරුණේ මම මෙච්චර වෙලා හැමෝම ඉස්සරහ බය වෙලා හෙලවෙන්නෙවත් නැතුව කල්පනා ලෝකේ ඉඳලා කියලා... ඒ වෙලාවේ දැනුණු ලැජ්ජාවත් එක්ක මන් ටිකක් අපහසුතාවයට පත් වුණත් yoongi oppa වෘකයෙක් වුණ විදිය ආයෙත් මතක් වෙලා මාව සීතල වෙලා ගියා...

" Shinbi...හරි දැන් ඔයා බය වෙන්න එපා අපි හැමෝම ඉන්නවනෙ...අපි ඔයාට කරදරයක් කරන්න හිතුවෙ නෑ ඔයාවත් ආරක්ෂා කරන්නයි අපිට ඕනෙ වුණේ..🙁"

Jin oppa එහෙම කිව්ව නිසා මම අමාරුවෙන් මාව පාලනය කරගෙන හොඳ සිහියට එන්න උත්සහ කරා...ඒත් මට තාමත් මේ වෙන දේවල් විශ්වාස කරගන්න බැරුවයි හිටියේ...ඒත් කොහොම වුණත් මමත් දැන් මේ වෘක පවුලට සම්බන්ධ වෙලා කියලත් මට තනියම අර වගේ වගේ නපුරු වෘකයන්ගෙන් ආරක්ෂා වෙන්න බැරි බවත් මට තේරුණා..ඒ නිසා මම මේ කට්ටියත් එක්ක දිගටම ඉන්න තීරණය කරා...

"හරි..මම ඔයාලත් එක්කම දිගටම ඉන්නම්...ඒත් මට කියන්න ඇයි මම විශේෂ කියලා...ඔයාලා මම දන්නෙත් නැති මගේ දෙයක් දන්නවා කියලා මට හිතෙනවා.."

" ඇත්තටම අපිත් තාම දන්නෙ නෑ shinbi ඇයි ඔයාට විශේෂ කෙනෙක් කියන්නෙ කියලා ...Jk ට තමයි මුලින්ම ඔයා විශේෂ කෙනෙක් කියලා තේරුණේ...ඒත් මට නම් තාමත් ඔයා විශේෂ කෙනෙක් කියලා දැනෙන්නෙ නෑ...."

Jimin එහෙම කියලා මගේ දිහාම බලන් හිටියේ මම ඊළඟට කියන්නෙ මොකක්ද කියලා දැනගන්නයි....

The Lost LunaWhere stories live. Discover now