බක් මහ කියන්නෙම වසන්තයක් වෙද්දි ගෙවුන බක්මහ විසි නමයටම වසන්තයේ ඇත්තම ලස්සන මයෙ ඇස් දෙකෙන් වහන් වෙලා තිබුනා.
ගෙවුන අවුරුදු දහයටම උබව දකින්ඩ මොර සූරන වැස්සක් එනකන් බලන් උන්නු මයේ ලපැත්තට මකන්ඩ බැරි දේදුන්නක් එක්කලා උබ පෑයුවා.
සුදු කමිසෙ සරම ඇදන් බෝධිය ලග දොහොත් මුදුන් දෙන ගමන් උන්නු මං සියලු දේ අත් හරින්ඩය කියපු බුදුන්ගෙන්ම ජීවිත කාලෙ පුරාවටම එකම එක දෙයක් විතරක් ඉල්ලුවා.
'ඒ ඇස් දෙක ආයෙම වහන් කරන්ඩ එපා මයෙන්...'
නලල මැද තිබුන අත් දෙක පහතට ගන්න ගමන් මයෙ ඇස් දෙක හැමදාමත් වගේ අදත් හෙව්වෙ ඒ රූපේ.
සුදු අත් දිග කමිසේ වැලමිට ලගට නවලා, සුදු පාටින්ම දිග කලිසමක් ඇදලා, කොන්ඩ ගුලිය ගහලා මූන දෙපැත්තට අකීකරු කොන්ඩ කෑලි වැටිලා තිබුන ඒ රූපේ ඇස් අදහගන්ඩ බැරි තරමට පිංපාටයි.
පන්සල් ආවාය කියලා වගේ වගක් නෑ මේකාට. පන්සල් වත්තෙ ඉදලා අලුත් යාලුවෙක් මුන ගැහිලා තියෙන්ඩෙ ඔය. ඒකලා උන්නෙ බුදු මැදුර කිට්ටුව වෙන්ඩ තිබුන ගල් බංකුවක් උඩ පොල්සම්බල් පාට පූසෙකුත් තුරුල් කරන්. හරි හරියට කතාව දෙන්නත් එක්කලා.
එක ජාතියේ උදවිය මුන ගැහුනම ඉතින් කතා කරන්ඩද දේවල් නැත්තෙ... මං අත් දෙකත් බැදන් ඝංටාර කනුවට හේත්තු වෙලා බලන් උන්නෙ ඒකලාගෙ කෝලම් දිහා. අන්ඩ ඉතින් ඒපාර මේ නමක්ගමක් දන්නැති පූස් තඩියගෙ හොබ්බට හාච්චියක් තිබ්බා මයේ කෝලම. ඒ දිහා බලාන මං සුසුමක් හෙලුවා.
"බලා සැනසෙමි... නෙලා ගනු බැරි හන්තාන සිහිනේ.... එහෙමද අපෙ අයියන්ඩි?"
පිටිපස්සෙන් ඇවිත් මයේ කරට අත දාගන්ඩ ගමන් අපෙ මලයා අහද්දි මං ඝංටාර කණුවට ඔලුව හේත්තු කරගෙන සෘශි දිහා බලාගෙනම උන්නා.
"නෙලාගන්ඩ උවමනාවක් නැතුවා අපෙ මලයා. යහමින් පොහොර වැදිලා සාරෙට දලුලනවා බලන්නයි මං මනාප."
"මේ අපේ අයියන්ඩිමද? මං දන්න කේශ් හාමුනම් මේ වගේ කවිකාරයෙක් නෙමෙයි."
"ම්ම්...උබලත් දොහක් එයි මලයා කවි සිතිවිලි පහල වෙන."
"අමෝ අමෝ... මං බදින්නෙ නෑ මට දුක්විදින්ඩ බෑ.. වද කෙරුවත් හෙට මැරුනත් මං බදින්නෙ නෑ."
අපේ මලයා එහෙම කියාන ආයෙම හැරිලා යද්දි මයෙ ඇස් තාමත් නතර වෙලා තිබුනේ මයේ කෝලම දිහාවට.
දුරින් එන්නෙ මොකටද තව
ලං වෙන්ඩනම් හිත මනාප..
මං පය ඉක්මන් කලා මයේ සුදු රෝස මල ගාවට. ඔව් එයා රෝස මලක් නටුව පුරා කටු තියෙන.
"ආපිට වලව්වට ගාටන්න මනාපයක් නැද්ද මයෙ කෝලමට?"
මං අහද්දි පූස් තඩියා එක්කලා කොමල කර කර උන්නු ඒකලා හැස්සිලා යද්දි මං ඒකලා ලගින්ම වාඩි වුනා.
"චූටි කිටියෝ... අපිට තනියම ඉන්න දීලා යන්න කියමු නේද අනිත් අයට?..."
"ඤා...ව්"
මයේ දිහා නොබලම පූස් තඩියව හුරතල් කරකර උන්නු ඒකලා පලා නොකිය පලා බෙදන්ඩ පටන් ගත්තා.
"චූටි කිටියෝ... ඔය මුරන්ඩුකාරයාට දැන් යන්ඩ කියාපල්ලාකො ඒකාගෙ අයිතිකාරයා එක්කල..."
"චූටි කිටියෝ.... අපිට අයිතිකාරයො එපානේ... යන එකෙක්ට යන්න කියමු."
"ඤා...ව්ව්ව්"
තාමත් නිකමටවත් බැලුවෙ නෑ මයෙ දිහා පිස්සු කෝලම මගේ.
"දැන් යමල්ලා කොල්ලො... උබයි මායි විතරද කොහෙ ඉතුරු පන්සල් වත්තෙ. ආදියාත් ආපිට ගෑටුවා."
"අනේ චූටි කිටියො... ඉතින් යන්න කියාපම්කො අපි අල්ලගත්තැයි"
"ඤා...ව්"
හවස හයත් පහු වෙන්ඩ ඔන්න මෙන්න තියෙද්දි තාමත් මං කියන දේ කනකට ගත්තෙ නැති තැන මට කේන්ති ගියා ඒකලා එක්ක.
"ඔය කිරි කැටියාව තියලා වරෙන් මට කියලා කන පලාගන්නෙ නැතුව සුදූ"
මගේ හඩේ සද්දෙ ටිකක් වැඩි වුනා වෙද්දි ඒකා ගැස්සිලා ගියා වගේම ඒ ක්ශනයෙන් මූනත් ඇබුල් කරන් මට රවාගෙනම ඒකාලාගෙ අතේ උන්නු පූස් තඩියාව මයේ ඇගට විසික් කලා.
"ඤා...ව්"
පූස් තඩියා බය වෙලා මයේ කරෙ එල්ලෙද්දි මටත් ගස්සලා ඉගත් පද්දලා යන මයෙ කොලුකෑල්ල දිහා මං බලන් උන්නෙ කට කොනින් හිනා වෙන ගමන්.
"මොනවා උනත් ඒ පැද්දිල්ල තමා පැද්දිල්ල!"
"ඤාව්..."
.
.
.
"හැකිද ඔබ හට ඔය ලෙස?"
"අනේ මට මෙය පමණක්වත් ඔබ වෙනුවෙන් ඉටු කරන්න දෙන්න... ප්‍රියයි මා එයට..."
"මේරූ කුසත් සමග ඔබ ඔය හැටි මහන්සි විය යුතු නොවේ පාර්තී.."
"මාගේ පුරුශයාට කටට රසට කෑම වේලක් පිලියෙල කිරීමෙන් කිනම් නම් මහන්සියක්ද විශ්...?"
උණ බටෙන් පිබිමින් පුංචි පැලේ දර සෑය අවුලා එක් අතක් සිය ඉනටද අනෙක් අතින් සිය කුස පිරිමන්දිමින්ද හෙමින් සීරුවේ පය තැබුවේ පිලිකන්නෙ වාඩි ගෙන උන්නු තම ස්වාමියා ලගට.
"හා හා බලාගෙනයි. කිනම් හදිසියක්ද ඔබට?"
දැනටමත් පස් මසක් පමනක් පිරී තිබූවත් අට මසක පමන ප්‍රමානයට පිරී තිබූ කුසත් සමග ඇවිදීමට පවා පාර්තිට තහංචි වැටිලයි තිබුනේ.
"ඔහු දගයි ශිව්... ඔබගෙ හඩ ඇසුනත් ඇති කුසට වැරෙන් පහර දෙනවා."
තමන්ට හිමි ලස්සනම හිනාව පාර්තිට පුදමින් පිලිකන්නෙන් නැගිට ඇවිත් පාර්ති ලගට ඇවිද ආ විශ්වනාථ් පාර්ති ලගින් දණගසා මේරූ කුසට කන තබමින් ලිහිල්ව ඔහුව බදාගත්තා.
"පියාව දැක ගැනීමට එතරම්ම ප්‍රියයිද මාගේ ලේ කැටියා? ම්ම්"
"ආහ්... ශිව්... ඔහු නැවත පහර දෙනවා."
"ඇයි ඔය හැටි වද දෙන්නෙ මෑණියන්ට ම්ම්? කෝ දැන් නිදියාපම් පුංචිත්තෝ... මයෙ හුස්ම ටිකට වද නොදී"
.
.
.
.
"දෙත්තකේ හිට කජ්ජ බිඩන්"
"ආහ්"
"අන්න පෞරුදු බකල හුලං"
"යේහ්"
"කෑරිය මංගල්ලෙ...
සුරි කෑරිය මංගල්ලේ..."
"නැන්දෙ ගුරි කෑනු කුත්ත හුඩං..."
පිහිට පල දෙවි කඩුද අරං..
"කෑරිය මංගල්ලේ...
සුරී කෑරිය මංග.."
අවුරුදු උදාවට තව හෝරාවක් විතර තියෙදි කට්ට කරුවලේ වලව්වෙ උන්නු සේරම කොලු පරාන ටික මිදුලේ ගොරකා ගහ යට පැදුරක් එලාන හරි හරියට සාජ්ජෙ. හදිසියෙ ආව ඇමතුමට උත්තර දෙන්න මං කාමරේට ආව ටිකට ඇට්ටරයො ටික එකතු වෙලා ගොරක ගහ යට කුනු හර්ප පලන්ඩ තියාගත්තා.
මේ නසරානිහැත්ත මයේ රෝසමලවත් නරක් කරනවා නෙව. මං පය ඉක්මන් කරලා සාජ්ජෙ දිහාවට ගොඩ වෙද්දි උන්ගෙ සද්දෙ අඩු වුනා.
"මොනවද බොල ඔය දෙසාබාන කුනුහරුප? මහ එකෙක්ට ඇහුනනම් උබලා නිසා මේ අහිංසකයාත් නිස්කාරනේ බැනුම් අහනවා."
රෝස මල ලගින් මං වාඩි වෙනගමන් කියද්දි ගිටාර් එක තේ තියන් උන්නු අපේ මලයායි සියාන් මලයයි කටවල් තද කරන් මූනට මූන බලාගත්තා.
"අප්පාහ්.. ආයෙ මොකට කියනවද අපෙ අයියන්ඩි ඕකාගෙ අහිංසකකම දරාගන්ඩ බෑ මට දැන් අවුරුදු හතරක් තිස්සෙ."
අපේ ආදියා එහෙම කියද්දි සියාන් කෙවීන් දෙන්නත් හිනා වෙද්දි මයේ කෝලම හොර පූසෙක් වගේ ඔලුවත් නමාගෙන ඇස් කොනෙන් මයෙ දිහා බැලුවා.
සාජ්ජෙ ටිකක් වෙලා යද්දි මයේ එකා ගොරක ගහට හේත්තු වුනා වෙද්දි කාටත් නොපෙනෙන්න ඒකලාගෙ ඉන වටේ අතක් දාපු මං ඒකලාගෙ ඇගට හේත්තු වුනා.
"ඔහේ බරයි හාමුවො.. අහකට පලකො"
"කට වහගෙන ඔහොම ඉදපම් සුදූ. නැත්තං මං මෙතනම මුන් ඉස්සරහ උබව කිස් කරනවා!"
අපිට විතරක් ඇහෙන ගානට අපි මුමුනද්දි අන්තිමේ මං කිව්ව දේත් එක්ක මූනත් රතු කරගත්ත මයේ කෝලමගෙ කට වැහිලා ගියා.
ඒ ගමන මේකා අහක බලාගෙන කුටු කුටු ගගා මට හිතින් බයිනවද මන්දා.
"ආඩවනෙ ඒඩවනේ අලියෙක් හිටියා...
ඒ අලියට ගව්වක් දිග ප...හොඩයක්
තිබුනා..."
සියාන්, ආදි වගේම මගේ කෝලමත් ආයෙම සින්දු කියන අතරේ එකපාරම මගෙ ඇස් නැවතුනේ සෘශී දිහා බලාන සද්ද නැතුව ඉන්න කෙවීන් ලග.
මේ දවසට දෙකට මට එක දෙයක් දැනුනා. මං සෘශී ලගින් ඉන්න හැම වෙලාවකම කෙවීන් මලයාගෙ මූන කලු වෙනවා. හරියට මේ දැන් වගේ.
"කොල්ලනේ... වරෙව් ඉස්තෝප්පුවට ඔය පැදුරු කඩමලුත් උස්සන්!"
ඔය අතරේ ඉස්තෝප්පුවේ වාඩි ගෙන උන්නු අපේ අපොඅච්චියි, සීයාප්පච්චියි කතා කරද්දි සාජ්ජෙ නවත්තපු අපි පැදුරත් ඇන්න වලව්වට ගොඩ වුනා. ඒත් එක්කම අපේ අම්මයි, ගෞර්වි නැන්දයි, විශාක මාමායි, නංගිලා දෙන්නත් එක්කලා අපෙ අත්තම්මාත් ඉස්තෝප්පුවට ගොඩ වුනා.
ඒත් එක්කම බිත්ති ඔරලෝසුව දිහා බලපු මම රතිඤ්ඤා කරල් පැකට් එක ගේන්ඩ කාමරේට දිව්වා සරමත් එක අතකින් අල්ලගෙනම.
තව විනාඩි පහයි හරියටම...
"අයියන්ඩි මං පත්තු කරන්ඩද?"
මිදුලේ ගොරක ගහේ රතිඤ්ඤා වැල එල්ලන ගමන් උන්නු මං ඉස්තෝප්පුව දිහා බලද්දි දැක්කෙ මයේ කොලුකෑල්ල අනිත් උන්ට නොදැනෙන්න වලව්ව ඇතුලට ගියා. මේකාලා මොකක් හරි හොරවැඩකට කුරුමානම් අල්ලන පාටයි.
"මෙදා පාර මං පත්තු කරන්නම්"
අන්තිම විනාඩි බාගෙත් ගෙවිලා යද්දි මං ගිනිකූර ගහද්දි වලව්වෙ එකාලා මහ හයියෙන් ගනන් කලා.
පහායි
හතරායි
තුනයි
දෙකයි
.......
මහ උජාරුවට රතිඤ්ඤා වැල පත්තු වුනේ ගමටම අවුරුදු වග කියාන. මේ අවුරුද්ද හරි සුබයි බොල.
මං ඉස්තෝප්පුවට ගොඩ වුනේ වලව්වෙ උදවියගේ මුහුනු වල ඉතිරිලා තිබුන හිනහවල් දිහා බලාගෙනමයි. ජීවිතේ පලවෙනි වතාවට මට හැමදේකම ලස්සන පේන්ඩ අරන්. ඒත් කෝ මයේ කොමලි.
.
.
.
"මේ මද්‍ය පා..නේ බීමේ ජො..ලිය
හාමූ නො...දන්නේ...
හා..මු නොදන්නේ...
හාමු නො..දන්නේ..."
"ර්ර්රසේ දන්න නිස...යි නිලමේ අපට නො...දෙන්.. "
"දැන් ඔය ඇති අපේ මැණිකෙ. අම්මා අප්පච්චි දැක්කොත් විසුමක් වෙන්ඩේ නෑ."
නැකැත් ටික යස අගේට වලව්වෙ උන්ගෙ අතින් ඉශ්ට සිද්ධ වෙද්දි ආහාර අනුභවයත් අහවර වෙලා වලව්වෙ උදවිය නින්දට සැරසිලා තිබුනා. ඔය අල්ල පනල්ලෙ සෘශිගේ කාමරේ ඉස්සරහින් යද්දි පුරුදු හඩවල් කීපයක් ඇහුන නිසා මං මග නැවතුනා.
"අපෙ අම්මා... සෘශී... මේ මොකද මේ? "
"යො මයි පම්...කින්... පම්කින්
අම් යෝ... හනී.. බනී"
ස්කොට්ච් බෝතලේකුත් අතේ තියාන උන්නු සෘශී වැනි වැනිම මයේ දිහාවට එද්දි කාමරේ ඇතුලට ආපු මං ඉක්මනට දොර වැහුවෙ මේ නාඩගම වලව්වෙ අනිත් උන්ට ඇහුනොත් කියලා බයටම.
"අප්පච්චි... මොකක්ද මේ වෙන්නෙ?"
"උබට පේන දේ තමයි වෙලා තියෙන්නෙ. හවස මායි උබලැගෙ සීයයි ගමේ උන් එක්ක වත්ත සුද්ද පවිත්‍ර කරලා එන අතරේ හන්දියට ගිහින් බෝතල් දෙකක් ගෙනත් මයෙ කාමරේ මේසෙ යට තිබ්බා. දැන් ඩිංගිත්තකට කලින් බලද්දි එක බෝතලයයි තිබ්බෙ."
"එතකොට කෝ අනිත් එක?"
"හික්..ඒක තමයි මේ..ක"
මයේ කමිසේ කොනක් අල්ලන් අන්නු පිස්සු හෝන්තුව තනියම හිනා වෙවී අතේ තිවුන ස්කොට්ච් බෝතලේ මයෙ මූන දිහාවට කිට්ටු කලා.
මේකා ඇට්ටර කොලුවා විත්තිය මං නොදන්ඩවෑ... ඒත් අපෙ අම්මා...? යස නැන්දම්මා බෑනා බැදීමක් නෙව මේක.
"කොල්ලො... උබලගෙ අම්මන්ඩිටනම් කරටි කැඩෙන්නම වැදිලා. මං මේකි එක්කලා මේ කාමරේම නිදාගන්නම්. උබ ඔන්න ඕකවත් එක්ක පලයම් උබේ කාමරේට. හැබැයි අනෙක් උන්ගෙ ඇහැ නොගැටෙන්ඩ."
"බූ..බූ..බබා... "
අප්පච්චි මේකවත් අරන් යන්ඩ කියන අතරේ මේකා මයේ කම්මුල් දෙක අත් වලින් අල්ලන් විකාර කරන්ඩ තියා ගත්තා හිනා වෙවීම. දෙන්ඩත් හිතයි දෙකක් පු# පුපුරන්ඩ දෙකක් මයේ නසරානි පැටියා.
"අනේ මන්දා අපේ අප්පච්චි. කාරි නෑ එහෙනම් මං ගිය ගමන් දොර වහගනිල්ලා. යසයි වලව්වෙ ලොකු මැණිකෙගෙ කල්කිරියාව."
කාමරේ දොර හෙමිහිට මෑත් කරපු මං වටපිට බලලා මයේ පිස්සු හෝන්තුවත් වාරු කරන් හීන්සීරුවේ මයේ කාමරේ ඇතුලට ගාටලා දොර වහගත්තා.
යසයි වලව්වෙ ලොකු මැණිකෙයි, වෙන්ඩ ඉන්න පොඩි මැණිකෙයි අලුත් අවුරුද්දට වැඩ අල්ලපු අපූරුව.
"හේයි යූ මෑන්... නෝ ටචින්..ඕකේ...නෝ..ටච්චින්..ම්හූ"
"හෝ හෝ.. ඔන්න මැණිකේ බලාගෙන විට්ටමේ වදියි ඔලුව"
ඒකලා ඇදෙන් හාන්සි වෙන අතරේ ඔලුව වැදෙන්ඩ යද්දි මං ඒකා ලගට දුවලා ගිහින් ඇද විට්ටමට අත තියාගත්තා.
"මේ මේ...බොරු මරිසි දාන්..න එපා හාමුවෝ මට ඔයාගෙ මරිසි හොදට තේරෙනවා... මොනා හරි තියෙනවානම්.. ඩ්ඩිරෙක්ට් කියන්නහරී..."
ඇදේ වාඩි වෙලා මයෙ දිහාවට දබරගිල්ලත් දිග් කරගෙන විකාර කියවපු පිස්සු හෝන්තුව දිහා බලන් උන්නු මම ඒකලාගෙ කම්මුලකින් අත තියාගත්තා.
"ම්ම් ඩිරෙක්ට් කියන්ඩද එහෙනම්?"
"ආයේත් අහ..ලා.. ඔහේ දොඩන්න..."
"උබට බැරිද සුදූ මට එකම එක දෙයක් විතරක් දෙන්ඩ? උබේ මේ පිස්සු හාමුවාට එකම එක දෙයක් විතරක්?"
"හික්...දොඩන්න හාමු පැ..ටියෝ... එනිතින් ෆෝර් යූ සුද්දා එනිතින්..."
ඒපාර මයේ කර වටේ අත් දෙකත් බැදගෙන මයේ දිහාවට කිට්ටු වුන කෝලම මාත් එක්කම දෙපැත්තට වැනෙන්ඩ ගත්තා.
"ආදරේ... උබේ ආදරේ දීපම් මට! "
මං අහද්දි වෙරි පිට උන්නත් ඒකලාගෙ ඇස් දෙක ගැස්සිලා ගියා වගේම ඒකලා මයෙ කරවටේ තිබුන අත් දෙක අහකට ගත්තා.
"යෝහ්... එහෙම ආවට ගියාට දෙන්න පුලුවන් එයි? ම්හුක්... අවදානෙ සුට්ටක් එපාත ඔහේට?"
"ම්ම්..අවදානෙත් දෙන්න. ආදරෙත් දෙන්න."
"බ්හෑ"
දිවත් දිග් කරලා ගත් කටටම බෑ කියපු ඒකා අනිත් පැත්ත හැරිලා පස්සත් උඩදාගෙන ඇදේ ඇල වුනා. අත දිගෑරලා රබන් පලුවට පාර දෙක තුනක් ගහන්ඩය කියලා හිත කෑගැහුවත් වෙරි මරගාතේ ඉන්ඩ වෙලේ හාමුවා අතවර කරන්ඩ ආවය කියලා මේ පෝරිසාදයා කෑගැහන්ඩ තියාගත්තොත් විසුමක් වෙන්ඩෙ නැති නිසා මං මාවම පාලනය කරගත්තා.
අද බෑ කිව්වට දවසක උබටම ඕන වෙයි උබෙ හාමුව මැණිකෙ.
කොහොමෙන් කොහොම හරි අවුරුදු ගානක් තිස්සෙ මයේ හුස්ම විතරක් වැටුන කාමරේ ඇද පොලු උඩ තවත් එකෙක් හුස්ම ගනිද්දි ඒකා මයේ මැණිකෙම වෙද්දි ජීවිතේට නොදැනුනු පුදුමාකාර හැගීමක් මට දැනුනා.
"ම්හ්.."
නින්දෙන් කෙදිරි ගාන ගමන් ඒකා මයේ දිහාවට තුරුල් වෙලා ගුලි වෙද්දි මාත් ඒකලාව කිටි කිටියෙ බදාගත්තා.
මට උබව දැනෙනවා වගේ... උබටත් මාව දැනෙන දවසක් ඒවිද?
තද නින්දට වැටිලා මගේ තුරුලේ උන්නු ඒකා එකපාරම කලබල වෙලා හීනෙන් වගේ අඩන්න ගද්දි මයෙ හිතටත් ඉස්පාසුවක් නැතුව ගියා.
"ආහ්... ...
එපා...මගේ ..."
"සෘශී...සෘශී...මොකද මේ..."
"අනේ.....මගේ ශිව්..."
"නැගිටින්ඩ සෘශී.. උබලා හීනෙන් දොඩවනවා."
අවදි වෙන්නෙම නැති තැන මං ඒකලගේ කම්මුලට පාර දෙක තුනක් ගැහුවා.
"හ...හ්..අ.. මොකක්ද... මං කොහෙද.. ඔ..ඔහේ මොකද මගෙ කාමරෙ?"
දැනටම පාන්දර හතරත් පහුවෙලා තියෙද්දි ඒකලගෙ වෙරි හිදිලා හොද සිහිය ඇවිත් මයෙ හිතේ.
"වෙරි හිදුනද මයේ උණහපුලු පැටියාගෙ?"
"අනේ මේහ් වලත්ත හාමු බැහැපම් මගෙ ඇදෙන් බිමට. නැත්තං මං කෑගහනවා හැමෝටම ඇහෙන්න."
"ම්ම් කෑගහපම්."
පිස්සු හෝන්තුව පෙරෝන රෙද්දෙන් ඇග වටේ ඔතාන ඇදේ අයිනකට ගුලි වෙලා කෑගහද්දි ඒකලාට ඕන හරුපයක් හිතාගන්ඩය කියලා මං අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.
නොමිලේ දුන් නිසා මගේ...
නිමල ආදරේ....
කවුරුවත් ම ගත්තේ නෑ...
ඔහේ තිබුනා.. පාලුවේ...
දැන් අත උඩ විකිනිය හැකි...
මහ ඉඩම...වගේ...
.
.
.
" well done. අපිට මේක ලගදිම ඉවරයක් කරලා දාන්න පුලුවන් ප්‍රාණ්.."
"....."
" ඔව් උබලාගෙ පොට් එකෙන් තියපල්ලා බඩු ටික. "
"....."
"නීතිය? නීතිය දාපම් බල්ලට... ආරු පාලම යට සිද්දියේ ඉන්වෙස්ටිකේශන් ඉවර උනාම කියාපම් මට."
"....."
"ම්ම්...මීමුරේ කිට්ටුව තවත් කොටහක් එලි කරන්ඩ යන්නෙ උන්."
"......"
"ම්ම් දවල් වෙන්ඩ කලියෙන් වරෙන් නැත්තං උබට හේතු බදින්ඩ වෙයි මුන්දැලට."
පාන්දරම මයේ ඇගට ගොඩ වෙලා මොර දෙන්ඩ තියාගනිපු යස්ස පැටියා ආයෙම මයේ දිහාවට පෙරලිලා ඇවිත් තුරුල් වෙලා ඉන්න අතරේ ඒකලාව කූද්දන්ඩ ලෝබකමට මං ඇදේ ඉදන්ම දුරකථනෙට පිලිතුරු දුන්නා.
උදේ වෙද්දි දාඩිය දාගෙන ආපු නිසා මං උන්නෙ කමිසේ ගලවලා වෙද්දි ඒකලා මයේ පපුවෙ උණුහුමට තුරුලු වෙලා උන්නෙ පූස් පැටියෙක් ගානට.
කොහෙද මේ කෙස් වැටිය නිසා මයෙ කොල්ලගේ මූනත් වහන් වෙලා ගිහින්. හීන් සීරුවට ඒකලාගෙ මූනට වැටිලා තිබුන කෙස් ගස් දෙක තුන කන පිටිපස්සට රදවන ගමන් හිතට දැනුන ආසාවටත් එක්කලා මං ඒකාගෙ උර ඉහෙනුත් පල්ලේහාට වෙන්ඩ දිගට තිබුන කෙස් ගස් සිනිදුවට පිරිමැද්දා.
පුදුම තරම් ආස හිතෙනවා ඒ කෙස් වැටියට. කොල්ලෙක් වෙලත් පංච කල්‍යානියෙන් හතරක් විතර යස අගේට පිහිටලා තියෙනවා මයේ මැණිකෙට.
දැන් කාලේ ඉන්න පිටපලු වගේ කෙල්ලො එක්කලා බලද්දි මයේ කොලුකෑල්ල වැරදිලා මේ ලෝකෙට පාත් වුන සුරදූතයෙක් ගානයි.
"ගුඩ් මෝර්නින්"
මයේ හෝන්තුව හරි අමාරුවෙන් ඇස් දෙක අරිද්දි ඒකලාගෙ නලලට මං හාදුවක් තිබ්බා.
"ම්හූක්"
"මොකද ම්ම්... කට වැහිලද මයෙ කොන්ඩකාරිගෙ?"
ඒකලා කිසි සද්දබද්දයක් නැතුව මයෙන් අහකට වෙන්ඩෙවත් නැතුව එහෙන්ම ඉද්දි මං ආයෙම ඒකාගෙ නලලට හාදුවක් දුන්නා.
"දන්නවද උබ?...ඔය හිනාව මට මහමෙරක්...
සැනසීමේ උල්පතක්...කොච්චර එපා කිව්වත් එපා වෙන්නැති මැණිකෙ උබ මට තනිකරම ඇබ්බැහියක්."
*******************************
🙂මට දෙයක් කියන්න තියෙනවා.
මේ කතාවෙ එක චැප්ට එකකට සාමාන්‍යයෙන් දෙසීය පන්නලා වීව්ස් තියෙනවා. ඒත් සම්පූර්න වෝට්ස් පනහා පිරෙන්නෙ එහෙමත් දවසකට.
කමෙන්ට් දාන්නෙත් කිහිප දෙනෙයි. මේක මං විතරක් නෙමේ හුගක් ඕතර්ලට පොතක් කන්ටිනිව් කරද්දි ඒක එපා වෙලා යන්න හේතුවක්.
මොකද කතාවක් ලිව්වා කියලා වට්පෑඩ් එකෙන් අපිට ගෙවන්නෑනෙ මැනිකේලා... උබලාගෙ කමෙන්ට් එකක් වෝට් එකක් දැක්කම හිතට දැනෙන සැනසීම සතුට විතරයි අපිට ඉතුරු වෙන්නෙ.
අනික තමා හිතට එකගව චැප්ට එක හරි මදී කතාව ගලාගෙන යන වීඉයට කැමති නෑ වගේ නම් ඒක මට ඉන්බොක්ස් හරි කියන්න හාද? මොකද ඔයාලාගෙ හිතේ පොත ගැන තීන්නෙ මොන වගේ ප්‍රතිරූපයක්ද කියලා මං මවා ගන්නෙ වෝට්ස් කමෙන්ට් වලින්.
ඒනම් මං ගීන් එන්නම් 😗❤
තරහා නෑ මම තවම...
හෙටත් ඔයාලා මගේ මැනික් කැට ටික...😗✨️