lchi_jk cover එකට thank you නංගියො....❤🔥
ඒක ලස්සනයි ම්හුක්👉👈
******************************
යසෝමා අතේ යැව්ව පණිවුඩෙ කොලුවට ලැබිලා වෙද්දි ඒකලා හැන්දෑකරේ වලව් මායිමට සේන්දු වෙලා හොරගල් අහුලන්ඩ තියාගත්තා. මිදුලේ ඔන්චිල්ලාවට වෙලා තද නිල් පාට සරොම පිටින් ගිටාර් තත් එක්කලා හාදවෙවී උන්නු මම ඒකලාට ලගට එන්ඩය කියලා ඇහෙන් ඉගි කලාම ඒකලා නෙමෙයි අඩියක් ඉස්සරහට තිබ්බෙ.
තවත් තැක්ගැහෙන්ඩෙ නැතුව ගිටාර් එක ඉස්තෝප්පුවෙන් තියාලා මං ඒකලා ගාවට සේන්දු වුනා.
"මොකද උඹ මහ ඒජන්තද? එක් වංගියක් අඩ ගැහුවම එන්ඩ බැරි තරම් උබලගෙ ඝනකම?"
"න්. නෑ...පුංචි..හා..මු."
"එහෙනම් මොකද බොල?"
"අ...නේ...පුංචි හා..මු...සි..යොත් එන්ඩ තමා හැදු..වේ...ඒ..ත්..."
"ඒත්? ඒත් මොකද බොල? උබට ගොතේද?"
"......"
ඕං ඕං ඉතින් ආයෙම පටන් ගත්තා මහවැලිය වාන් දාන්ඩ. මේකලාට කදුලු පෙරන්ඩ තරම් වචනයක් කිව්වය මං? පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්ඩ බෑ කරාමෙ අරිනවා.
"හා හා කාරියක් නැතුවා. මේං මේකෙන් පිහිද ගනින් ඔය ඇස් දෙක."
එහෙම කිව්ව මං ඒකලාට මගේ අතේ තිබුන ලේන්සු පොඩ්ඩක් අතට දුන්නා. මේං එපාර ඒකලා ලේන්සුවයි මයෙ දිහායි මාරුවෙන් මාරුවට ඇස් කරක කරක බලනවා.
"ඕකේ හොටු නෑ බොල!"
"එ...එ..හෙමයිඅපේපුංචිහාමු."
ඒකා ඇස් දෙක පිහිද ගත්තට පස්සෙ කතාවෙන් කතාවෙන් මං ඒකා එක්කලා කුඹුර පැත්තට ගොඩ වැදුනා.
"උබල හැමදාම පැලට වෙලා ඉන්ඩද බොල කල්පනාව? රස්සාවක් කාරිය කරන්ඩ මනාපයක් නැද්ද උබ?"
"ම...නාපයි පුංචි හා..මු."
"යසයි. උබලා මනාප මොන වගේ කර්මාන්තෙකටද බොල? "
"පුංචි හා..මුගේ මනා..ප..යක්..."
ඒකා මනාප මොන වගේ කර්මාන්තෙකටද කියලා අහද්දි ඒකා කියනවා මයේ මනාපයක්ලු. මේකා මෙච්චර අහිංසකයෙක් උනේ කොහොමද දළදා හාමුදුරුවනේ?
"මයෙ මනාපෙන් මක්ක කරන්ඩද කොල්ලො? උබලා කරපම් උබලට කැමති දෙයක්. ම්ම්...උබලා මනාපද වලව්වෙ වැඩට එන්ඩ? යසෝමා එක්කම"
"අමනාපය...ක් නෑ පුංචි හා..මු. ඒත්... අපෙ අම්මා මනාප නෑනෙ පුංචි හාමු"
"ඒ අහවල් එහෙකටද? උබලා කොහොමත් පැලට වෙලා ඉන්ඩ එකනෙ. හ්ම්ම් කාරියක් නෑ. උබලා සාමාන්‍ය පෙල සමත්ද ?"
"එහෙමයි පුංචි හාමු. A හතයි Bඑකයි c එකයියි පුංචි හාමු."
ර්‍ඒකලා එහෙම කියද්දි ඕලෙවල්වලට යාන්තන් A හතරක් අටව ගත්තු මං වික්ශිප්ත වුනා වගේම මේකා එන්ඩ ඕනමය කිව්වත් මේකලාව වලව් වත්තෙ වැඩට නොගෙන ඉන්ඩ මං හිතා ගත්තා.
"ම්ම් කාරි නෑ. උබලා වලව්වෙ බැලමෙහෙ කරන්ඩ උවමනා නැතුවා. "
මං කතාවෙන් කතාව වෙල මැද්දෙ ගොයම් ගොඩ ගාවට සේන්දු වෙද්දි අරකාගෙ අඩි සද්දෙ නෑහී යද්දි මං පිටිපස්ස හැරිලා බැලුවම ඒකලා ඉන්නවා බිම බලාගෙන.
"වරෙල්ලා තැග්ගැහෙන්ඩෙ නැතුව!"
ඒපාර ඒකලා හෙමිහිට ඔලුව ඉස්සුවම මං දැක්කෙ මූන කජු ලෙල්ල කරන් ඉන්ඩ හැටි.
"පුං..චි හා..මුත් මනාප නැද්..ද... සි..යොත් වලව් වත්තට ප...ය ගහනවට?"
ඒකලා අමාරුවෙන් වචන අමුනද්දි ගොයම් ගොඩ ලග උන්නු මං ආයෙම ඒකා ලගට සේන්දු උනා. ඒ කරලා බිම බලාන උන්නු ඒකලාගෙ නිකට මයෙ අතින් ඉස්සුවා.
"විශයන් නමයකටම ගුරුවරු දෙන්නෙක් විතරක් ඉන්ඩ බැද්දෙ ඉස්කෝලෙන් අකුරු කරලා A හතක් තියෙන උබ මොකටද බම් කාගෙවත් බැල මෙහෙ කරන්නෙ? උබේ මේ අත් දෙකට ගැලපෙන්නෙ හැදිමිට නෙමෙයි බොල පෑන හ්ම්ම්... තේරුණාද සියොත්ට..?"
මං එහෙම කියාලා ඒකගේ නිකටෙන් අත ගද්දි ඒකා 'එහෙමයි ' කියන්ඩ වාගේ ඔලුව වැනුවා.
"පු..පුංචි හාමු.."
ගොයම් ගොඩට පිටිපස්සෙන් තිබුන පැල අස්සෙන් සද්දයක් එද්දි මයෙ ලග උන්නු කොලුවා මයේ පිටිපස්සෙ හැංගුනා වෙද්දි මං බැලුවා පැල් කොටේ දිහෑ.
"මොකාද බොල හැංගිලා සද්ද කොරන්නෙ? හරි හමන් කොන්දක් තියෙන එකෙක්නම් වරෙල්ලා එලියට!"
"ක්හැ...ක්හැ..."
"ඕ..මෙ..හ් හායි....ඔහේලා තාම නරේන්ද්‍රසිංහ වලව්වෙ කුඹුරු හාලා නැද්ද? නෑ....?
ඕහ් හව් සෑඩ්....සෝ සෑඩ්...
හාලා බලන්න...ම්ම්
හාලා බන්න ...ආසා හිතෙයි..."
පැලේ වහලේ ඔලුවත් වද්දගෙන මුලින්ම මයෙ අයියන්ඩි මොකුත් නොවුන ගානට එලියට එද්දි ඒකාට පිටිපස්සෙන් උන්න සෘශියා කොන්ඩ කෑල්ලකුත් කරක කරක ආතභූත හරුපෙකුත් කියාන එලියට ආවා. නරේන්ද්‍රසිංහ වලව්වෙ කුඹුරු කෙසේ වෙතත් උබනම් ලගදිම කුඹුර හාගනීවී කියලා කියන්ඩත් හිතිලා මං කට පියන් උන්නා.
"මේ කන්නෙ ඉවර උනාම හානවා බොල. උබලා අහවල් එකක්ද කලේ පැල් කොටේ අස්සට වෙලා?"
"උබලා මොකද මලයා මේ පොඩි කොලුවා එක්කලා ගොයම අස්සෙ කොරන්නෙ?"
ඔය පෙනේද අපේ මහ එකා හෙන කට්ටයා. ඔහොම යමංකො අයියන්ඩි කාරි නෑ. ඒ අස්සෙ සෘශියා, අර පොඩි කොල්ලාගෙ අත්දෙකෙනුත් අල්ලන් හරි හරියට කයිය. පොඩි එකාගෙ හිනාව බලන්ඩ එපෑය. මං වචනයක් දෙකක් කතාකරද්දි තමා ඒකාට ගොතේ.
"ඒයී හාමුවෝ....මං සියොත් මල්ලිලැයි දිහාවට ගිහින් එන්නෙයි?"
"ම්න්"
අර උන් දෙන්නා ඩිංගිත්තක් අහකට වෙනකන් ඉදලා මං අපේ අයියන්ඩිවත් ඇන්න කුඹුර දිහාවට සේන්දු වුනා.
"අයියන්ඩි.. බක් මහේ අග වෙද්දිවත් අර කාරණාව අහවරයක් කරන්ඩ වෙනවා. "
"ම්න්... හැමදෙයක්ම හරි උබලා හරි වෙලාවට මිනිස්සු ටික විතරක් එවපල්ලා ප්‍රාණ්."
ඈතින් පේන මූකලාන දිහා බලාන අයියන්ඩි බැරෑරුම් විදියට කියද්දි මං කට කොනින් හිනා වුනා. මයෙ ෆෝන් එක දෙදුරුම් කද්දි බලාන ඉද්දිම අයියන්ඩිගෙ මුහුනෙ ඉරියව් වෙනස් වුනා වගේම අර ඇට්ටරයො දෙන්නට වහන් වෙන්ඩ මං නියර දිගේ ඉස්සරහට ගියා.
"තව දවස් දෙකක් දෙන්නම් උබලට. බඩු ටික උස්සපම්!"
"......."
"අහුවෙන්න? හහ්... මේ චෙස් බෝඩ් එකේ දෙපැත්තෙම ඉන්නෙ ප්‍රාණ්ගෙ ඉත්තො වෙද්දි අහවල් එහෙකට අහුවෙන්නද බම්?"
"......"
"දැන් තියපම්!"
කෝල් එක කට් කරාපු මම ආයේ වංගියක් මා දිහා බැරෑරුම් විදියට බලාන උන්නු අයියන්ඩි දිහාවට ගෑටුවා.
"මොකද කියන්නෙ?"
"තව දවස් දෙකයි."
"ම්න්"
හයේ කණිසමටත් ලං වෙන්ඩ තියෙද්දි මං අපේ අයියන්ඩි එක්කලා වලව්ව දිහාට ඇවිදන් ගියා.
"මලයා..."
"කියපම් අයියන්ඩි."
"සෘශීගෙ බැල්ම හරි ලස්සනයි නේද බම්? "
"මේං බලාපංකො ඉතින් යහතින් උන්න එකෙක්ට වෙච්චි විනාසයක්."
මං එහෙම කියද්දි අයියන්ඩි කට කොනින් හිනා වෙලා ඈතින් පේන වලව්ව දිහාට අඩිය තිබ්බා.
"මට ඒකාව ඇන්න ගිහින් හැංගෙන්ඩ හිතයි මලයා. රතට රතේ දිලිහෙනවා බම් ඒකා. වෙලාවකට මටම හිතෙනවා මං ඒකලට පෙරේතකම් කරනවද කියාලා. ඒකලා මේ වලව්වෙ මැණිකෙ වෙලා කැන්දන් එන්ඩ බැරි වුනත් ඒකලා එක්ක පැනලා යන්ඩ හරි හිතයි මට."
"ම්ම්...මයෙ අයියන්ඩිගෙ ළපැත්ත පසාරු වෙන්ඩම හීය වැදුන පාටයි."
"ම්න්... ඒකා මයෙ විතරමයි බොල. මේ කේශ් මේඛල ශක්‍රේන්ද්‍රගෙ විතරයි!"
අයියන්ඩි ඒක කිව්වෙ මටත් රවලා වෙද්දි මට නිකමට හිතුනා මේකලා මටයි සෘශියාටයි විනාකිරි පෙරනවාවත්දෝ කියලා. උබලට තරම් ඉහේ ඇම්මක් මට නැතුවා මයේ අයියණ්ඩි.
ඒ අතරෙ මයේ ෆෝන් එක දෙදුරුන හන්දා මං ඒකේ තිරේ දිහෑ බැලුවා.
📥 adii ane wigahata enawai parana bangalawa lagata? siyoth malli faint una.
ඒ පණිවුඩේ දැක්ක හැටියේ මට දැනුනෙ පුදුම කේන්තියක් ඒකලා දෙන්නා එක්ක. මං අයියන්ඩි දිහෑ බලද්දි ඒකත් මං දිහෑ විපරමෙන් බැලුවා.
"අයියන්ඩි වලව්වට ගොඩ වෙන්ඩ. මං පය ඉක්මන් කරලා එන්නම්."
"මාත් එනවා උබලා එක්ක."
"කාරියක් නෑ අයියන්ඩි උබ පලයම් අපේ අම්මා බය වේවි දෙතුන් දෙනාම නැති කොට."
"මට කියපම් සෘශීට කරදරයක්ද?"
අයියන්ඩිගෙ මූනේ තිබුන සීතල ගතිය මැකිලා ඒකලා ඇහි බැමත් හකුලන් කලබල වුනා.
"මං දන්නෑ අයියන්ඩි උබ එනවනම් වරෙල්ලා තවත් තග්ගැහෙන්ඩ වෙලාවක් නැතුවා. මං යනවා."
සරමත් කැහැපොට ගහගත්තු මම වලව් වත්තෙ කෙලවරට වෙන්ඩ තිබ්බ පරණ බංගලාව පැත්තට දුවද්දි අයියන්ඩිත් මයේ පස්සෙන් දුවන් ආවා. දෙයියනේ මයෙ ළපැත්ත එලියට පනින ගානයි දැන්නම්. සමහර විට වේගෙන් දුවන හන්දා වෙන්ඩ ඇති.
ඒත් මයේ ඔලුව පුරාම මහ මූසල හැගීමක් සක්මන් කරද්දි මේච්චර කාලෙකට දැනිලා නොතිබ්බ දුකක් වේදනාවක් දැනෙන්ඩ ගත්තා. ඒත් ඒක මට නුහුරුයි. නෑ... ඒක හුරුයි ඒත් මට හරි හැටි නිච්චියක් නෑ.
මල ඉරත් නකල්ස් කදු ගැට අස්සෙ හැංගිලා වෙද්දි කුප්පි ලාම්පු එලියක්වත් නොතිබ්බ කැලෑ පාර කට්ට අදුරෙම ගිලිලා තිබ්බා. මට හරි බයයි බොල.
දෙතුන් වංගියක්ම කකුල් දෙකට කටු කම්බි පෑගුනත් ඒ හැටි ගානක් නොවුන මං බංගලාව පේන මානේ වෙද්දි තවත් සක්තිය යොදලා දිව්වා.
ඒ හා සමාන වේගෙන්ම අයියන්ඩිත් මයෙ පස්සෙන් දුවන් ආවා. මට ඇහුනා එක් වංගියක් ඒකලා බිම ඇදගෙන වැටුනා.
"අ...නේ...හාමුවෝ...අහ්..නේ.. ආ..දි..ත්‍ය... මල්ලි..කතා කරන්නෙ නෑ..නෙ...අනේ...එයාට කතා කරන්න කිය..න්නකො.."
අපි බංගලාව ලගට යද්දි බංගලාව ඇතුලේ ඉදන් එලියට දුවන් ආව සෘශී විලාප තියන්ඩ ගත්තා. ඒකා එහෙම කියද්දි ඒකවත් තල්ලු කරලා බංගලාව ඇතුලට දුවපු මං පණ දාගෙන පොඩි කොලුවව හෙව්වා.
"කොල්ලෝ...උබ කොහෙද? සියොත්...."
බාගෙට ඇරලා දාපූ මකුලු දැල් බැදුන කාමරයක් ල
ග නතර වුන මං ඒකේ දොර ඇරගෙන ඇතුලට ගියා.
"සියොත්...සියොත්! මාව ඇහෙනවද? සියොත්! නැගිටින්න දරුවෝ! සි..සියොත්..."
පරන තාලෙ දිරාපු ඇදයි බිත්තියයි අතරේ හේත්තු වෙලා උන්නු කොලුවා, මං මෙච්චර කතා කරලත් ඇස් පියාගෙන නිසොල්මන්ව ඉද්දි විඩංගුවක් නැතිව ගැහෙන මයෙ ළපැත්ත ඇද්දුම් කෑවා.
"ඇස් අරින්ඩ දරුවො!...සියොත්..."
ඒකලා සද්දයක් නැති කොට පුලුන් කෑල්ල වගේ උන්නු ඒකලාව අත් දෙකට ගත්තු මම කාමරේ දොරටත් පයින් ගහගෙන එලියට දුවන් ආවා.
"සියොත්...කතා කරපම්කො මයෙ අම්මෙ..."
මොකක්දෝ මන්දා පුරුදු නුපුරුදු මූසලකමක් දැනෙද්දි අයියන්ඩිටවත් සෘශියාටවත් වචනයක් අමුණ ගන්ඩ සිහියක් නැති වෙද්දි අත් දෙකේ උන්නු පොඩි එකාවත් උස්සගෙනම කකුල් දෙකට පිං දීලා කැලෑ පාර දිගේ වෙද ගෙදර දිහාවට දිව්වා.
හැතැක්ම ගානක් ගියත් පොඩි එකාගෙන් හා හූවක් නැති වෙද්දි මයේ හුස්ම ටික යන්ඩ වගේ වුනා.
වචනයක් කතා නොකරට කාරි නෑ දෙයියෝ ඇස් දෙකවත් ඇරපම් අඩුම...
"වෙද අප්පච්චි...වෙද අප්පච්චී...."
"දළදා හාමුදුරුවනේ...අපේ අප්පච්චී....මේං පුංචි හාමු සේන්දු වෙලා."
වෙද ගෙදර ඉස්තෝප්පුවෙ තිබුන බූරු ඇද උඩින් මයෙ අත් දෙක උඩ උන්නු පොඩි එකාව තියද්දි වෙද අප්පච්චිගෙ දෝණියැන්දෑ ලතෝනි තිබ්බා. ඒකරලා බූරු ඇදේ එක කොනකින් වාඩී වෙලා පොඩි එකාගෙ ඔලුව උකුල උඩට ගත්තු මං එකාට ආයෙ වංගියක් කතා කොරා.
"සියොත්...කොලුවෝ...උබට ඔහොම ඇස් පියවන්ඩ අයිතියක් නෑ බොල...නැගිටපම්! සි..යොත්... ඇස් ඇරපල්ලාකො සියොත්..."
"මේ මොකදෑ.... අපේ පුංචි හාමු... යසෝමාගෙ ලොකු එකා නෙවැ මේ... අපේ දූ... වතුර වීදුරුවක් ගෙනෙන් විජහට!"
ඒ අතරේ තුවායත් කරේ දාන් විට කනගමන් ගෙයින් එපිටට ආව වෙද අප්පච්චි පුටුවක් කාරිය අරගෙන සියොත් ලගින් වාඩි වෙද්දි මං නැගිටලා අහකට උනා.
"නාඩි වැටෙනවා නෙවැ යහතින්... මේකලා මක්කට හරි බය වුනාද අපේ හාමු?"
"එහෙ..නම් වෙද අප්පච්චි"
මං කියන පමාවෙන් වෙද අප්පච්චි සුදු නූල් කෑල්ලක් අරන් පොඩි එකාගෙ දකුනු අතේ බැන්දා මොනවද මතුරන ගමන්.
"ම්ම් කාරි නෑ. තව ඩිංගිත්තකින් මේකලාට සිහිය ඒවි. මේං මේ පිරිත් පැන් ඩිංගිත්ත යසෝමට දීපල්ලා...ගේ හතර මායිමට ඉහින්ඩ කියපල්ලා. ඒක නෙමෙයි පුංචි හාමු..."
වෙද අප්පච්චි මයෙ අතට පැන් කුප්පියක් දීලා රැව්ල අතගාන ගමන් කන්නාඩි දෙක උඩින් මයේ දිහා බැරෑරුම් විදිහට බලුවා.
"කියන්ඩ වෙද අප්පච්චි..."
"පරණ බංගලාව පැත්තෙ කාරිය ගියාද මේකලා?"
"න් නෑ වෙද අප්පච්චි."
"ම්ම් එහෙනම් කාරියක් නැතුවා."
"රි..ශි..අයියන්..ඩි..."
වෙද අප්පච්චියි මායි කතා කර කර උන්න අතරේ පොඩි එකා හෙමිහිට ඇස් ඇරියා. ඒකා ඇස් අරිනවත් එක්කලම මිදුල දිහා බැලුව මං දැක්කා අපේ අයියන්ඩි සෘශි එක්කලා ඇවිත් ඉන්නවා. අයියන්ඩි උන්නෙ සෘශීගෙ අතකින් අල්ලගෙන. මං හිතන්නෙ සෘශියාට මේ දිහාවට එන්ඩ නොදී ඉන්නෙ අපේ එකා.
ඒත් පොඩි එකා ආයෙම සෘශීට අඩගහද්දි අපේ එකාගෙ අත අතෑරපු ඒකා ඉස්තෝප්පුවට දුවන් ආවා.
"අනේ රත්..ත..ර..නේ...උබට සිහිය ආවද මල්ලි..."
"සියොත් හොදින්නෙ අයියන්ඩි... අඩන්න එපානේ..."
"මං බ..ය.. වු..නා."
සියොත් කීයටවත් පරණ බංගලාව දිහාට නොයන බව දැනන් උන්නු මට සෘශී එක්කලා තවමත් තරහවක් දැනෙද්දි ඒකලාගෙ කන පුපුරු යන්ඩ පාරක් දෙන්ඩ හිතුනත් පොඩි එකා සෘශීට තුරුලු වෙලා සෘශියාගෙ කදුලු පිහිදාද්දි මං මොකුත් නොකල ගානට පැන් කුප්පියත් අරන් මිදුලට පය තිබ්බා.
"මලයා... උබලා කොහෙද යන්නෙ එපාර?"
"යසෝමාව හදිගැහිලා වලව්වට එන්නම් මං. අයියන්ඩි අර වුන්ව පරිස්සමට එක්ක යන්ඩ."
අයියන්ඩි දිහාවත් නොබලා මං වලව්ව දිහාට ගෑටුවා.
කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා
යාලුවී දෙවැටේ එදා
කී කතා අසා
යාලුවී දෙවැටේ එදා
කී කතා අසා
පාලුවී හැඬුවා සදා
මාරුතේ පවා
කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා
ගන් ඉමේ මාදන් කැලේ
පාසැලේ පුරා
ගන් ඉමේ මාදන් කැලේ
පාසැලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන් වෙලා ගියා
කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා
*******************************
🙂👉👈අද අප්ඩේට් නොදී ඉන්ඩ නෙවැ හැදුවෙ මේකලා.
කාරියක් නෑ යාන්තං කොටා ගත්ත ඩිංගිත්ත දැන් ඉතිම් කියෝපල්ලා.🤧
🌾අද කොටස කියවලා මොකද ඉතුනෙ 👉👈
🌾ඔහෙලා කමෙන්ට් කරහල්ලකො ඒනම් අපි ගීන් එන්නෙයි.
බායි🤧