කාළ ස්වේත |TK Nonfiction | Sl...

بواسطة O_viky333

3.2K 524 129

ඒ බෝල ඇස්~ වගකීම් පිරුණු මුරණ්ඩු ඇස්~ ඒ පණ්ඩිත නමුත් අඩන අහිංසකයාව මට ආපහු වතාවක් මතක් කලා~ ආයුක් ඉදුණිල් දීම... المزيد

prologue
පළමුවන දිගහැරුම~
දෙවන දිගහැරුම~
තෙවැනි දිගහැරුම~
සිව්වැනි දිගහැරුම~
පස් වන දිගහැරුම~
හයවන දිගහැරුම
හත්වන දිගහැරුම~
අටවන දිගහැරුම~
දසවන දිගහැරුම~
එකොලොස්වන දිගහැරුම~
දොළොස්වන දිගහැරුම
දහතුන්වන දිගහැරුම~
දාහතරවන දිගහැරුම~

නවවන දිගහැරුම~

122 26 2
بواسطة O_viky333

"බුදාම්මේ...හිච්චි දුශ්ටයාගේ ගෙදරත මේ??"

උශාන්ගේ කෑගැහිල්ලට පුටුවේ ඉදන් උන්න ආයුක් ගැස්සිලා යනකොට රවීන් ඒ දිහා කන්න වගේ බලන් හිටියා ආයුක්ගේ ගැස්සිල්ල නිසා ආයුක්ගේ පිටට තට්ටුවක් දාපු ටේනුක් ඉස්සරහා ඉන්න සිගිති පාතාල නායකයා දිහා වපර ඇහෙන් බැලුවා.

"උශාන් පුතා මොකද මෙහෙට රිංගුවේ!!"

"ඇයි දැන් තෝනේ කීවේ ටේනුක්ව මෙහෙ ගෙනල්ලයි බලන්න වරෙම් කියලා!!"

පැහැසර කඩාන බිදගෙන ඇතුලට ඇවිල්ලා ටේනුක්ගේ අත් කකුල් බලන ගමන් කියනකොට රවීන් මූන දෙක කරගත්තා,

"වරදක් උනානම් සමාව ගන්නෑ රම්තරං....මම පොඩ්ඩක් බය කරා!"

රවීන් ඇම්බැට්ටා වගේ හොරෙන් කියනකොට උශාන් මාරාවවේසෙන් රවීන්ගේ ඇගට කඩා පැන්නේ රවීන් පපුවත් අල්ලන් සෝෆා එකට බරවෙනකොට..

"පැහැසර මේ....මූ හැදිලා අන්තිමයි...මම හිටපන්කෝ බාලසූරිය අංකල්ට කියන්න"

"අනේ උබ කියලා කරයි මට!!"

රවීන් රවාගෙනම ගේ ඇතුලට යනකොට මොකුත් නොදන්න ආයුක් මේ දිහා කට ඇරගෙන බලන් හිටියා.ඔන්න ඔය වෙලාවේ තමයි ආයුක්ගේ ෆෝන් එක එකපාරටම රින්ග්ස් ගියේ.

ආයුක්ගේ ඇස් ෆෝන් ස්ක්‍රීන් එකේ තියෙන නම දිහා බලාගෙන ඉදලා ඉබේම බිමට හැරවිලා ගියා.ඔය සද්දෙට තමයි ටේනුකුයි ටේනුක්ගේ සිහියෙන් හිටපු උශානුයි පැහැසරයි දෙන්නා මේ ලෝකෙට ආවේ.

"හ්..හෙලෝ"

....

"නෑ ග්‍රෑන් මා...මම ප්‍රොජෙක්ට් එකකට රවීන්ලගේ ගෙදර ආවා!!"

...

"රියානා එක්ක මට කතාවක් නෑනේ ග්‍රෑන් මා...ඔයාට ඕනි දේවල්ම කරලා බෑනේ!!"

...

"ග්‍රෑන් මා!! අන්ඩස්ටෑන්ඩ්..මම තාම ඒලෙවල්ස් කරන්නේ..දේදුනුපාය බිස්නස් එක බංකොලොත් වෙලා වගේ කතා කරන්නෙපා...අනික රියානා කියන්න අවුරුදු 25ක කෙල්ලෙක්නේ..මට තාම 18යි!!"

...

"නෝ...නෙවර්....එහෙම දෙයක් ඕන්නෑ...ග්‍රෑන්මා ඔච්චර වද වෙනවනම් මගේ ඩැඩාගේ මර්ඩවත් හොයාගන්නකෝ!!"

...

"නෑ...මම ගෙදර එන්නෑ...අයි කාන්ට්!!"

සද්දෙන්ම කෑගහපු ආයුක් ෆෝන් එක බිමට අතාරිනකොට ඩිස්ප්ලේ එකේ ඉරි දෙකක් ගිහින් ෆෝන් එක දෙපැත්තට විසිවෙලා ගියා.දෙයියනේ කාගේ සල්ලිද මේ වගේ බැල්මකින් උශාන් බලන් ඉන්නකොට ආයුක් තමන් අරන් ආව බෑග් එක ඇරලා මොනා හරි එලියට ගන්නවා එයාලා දැක්කා,

"රවීන්...රවීන්!!"

"ඇයි බල්ලෝ කෑගහන්නේ??"

රවින් ග්ලාස් වලට වයින් පුරවගෙන අරන් ඇවිත් මේසේ උඩ තිබ්බම ආයුක් අහක බලාගෙන දතකාගෙන හිටියා.ආයුක්ගේ බිම වැටුන ෆෝන් එක අතට ගත්ත රවීන් ඒ දිහා බලලා ලොකු හුස්මක් පහලට දැම්මා.

"මේ උබේ දහවෙනි එක!!"

ෆෝන් එක ඉස්සරහට හොලවපු රවීන් ඒක මේසෙන් තියලා ආයුක්ගේ පිටට තට්ටුවක් දැම්මා..

"උබ කූල් වෙලා හිටපන් ඔක්කොටම කලින්...උබලගේ ග්‍රෑන් මා එක්ක නම් මට එන කේන්තිය හෙනම තදයි ඈ.වෙලාවකට අර ගොඩේ කැල්ලටත්  වෙඩි තියලා දාන්න හිතයි!"

රවීන් බොහොම සන්සුන් ව්දිහට කියනකොට ආයුක් ලොකු හුස්මක් පහලට දාලා.හිනාවක් බෝවෙන්න වගේ පා කරපු ආයුක් වයින් ග්ලාස් එකක් අරන් වේලුන තො තෙත් කරගන්නකොට රවීන් ගල් වෙලා ඉන්න තුන් දෙනා දිහා බැලුවා.

"ඇයි උබලට බොන්න බුලත් දෙන්න ඕනිද??"

රවින් අහනකොට පැහැසර ග්ලාස් එකක් අරන් ෆෝන් එක කනේ තියාගත්තේ රවීන්ගේ ඔලුවට එකක් ගහලා 'පොඩි එකාගේ ලැන්ගේජ් එක බොහොම අසභ්‍යයි' කියන ගමන්.

"ඒක නෙවෙයි ටේනුක් කවුද මේ මල්ලි?? මම කලින් දැකලා නෑනේ??"

"ආ...ඒ මේ රවීන්ගේ හොදම යාලුවා!!"

උශාන් අහනකොට ආයුක් ලාවට හිනා උනා.ඇත්තටම උශාන් දන්නවනම් ටේනුක්ගේ නැසීමේ හේතුවට සීයට අනූවක්ම වගකියන්න ඕනි ආයුක් කියලා මොන ඩෙගාවක් නටන්න ඕනිද කියලා අනිවාර්යයෙන් කල්පනා කරනවා.

"ඔහ්....රවීන්ට වගේම හැබැයි තරහා යනවා නේද??"

"ඔව් ටිකක්"

ආයුක් කියනකොට උශාන් හිනා උනාම රවීන් දෙන්නටම රැව්වා..

"අනේ ටිකක්...ප#ක් කියන්නැතුඅ හිටපන්...හොද ටික!!"

"යකෝ යාලුවට ඔහොමද කතා කරන්නේ!"

උශාන් කියනකොට කෝල් එකක් ඉවර කරපු පැහැසර ඇතුලට ආවේ උශාන්ගේ කොන්ඩේ අවුල් කරගෙන.ටේනුක් ඒ දිහා බලන් හිනාවෙලා ග්ලාස් එක ටේබල් එක උඩින් තිබ්බම ආයුක් පුටුවෙන් නැගිට්ටා!!

"ඇයි බන්...මොකද උබ-"

"උබේ කී එක දීපන්කෝ...ගමනක් තියෙනවා ගිහින් එන්නම්!"

ආයුක් ටේනුක් දිහා ලාවට බලලා රවීන් දිහා බැලුවම රවීන් ආයුක්ගේ අතින් කාර් කී එක තිබ්බා.කාර් කී එක තිබ්බට කොල්ලගේ හිත ලාවට ගැස්සෙන ගමන් තිබුනේ.ඉතින් ආයුක්ට මොන කරදරේ වෙයිද කියලා රවීන් කාටත් කලින් හොයලා බැලුවා...

"යන්න කලින් නීති කිහිපයක් තියෙනවා ලොකු මහත්තයා!!

එක...බොන්න බෑ..බීලා වැඩිවෙලා උබ ක්ලබ් එකේ කියලා කෙවිනා කීවොත් උබේ දූතිකාවෝ ටිකට එක්කම මම කෙලිනවා හරී

දෙක...උබ 10 වෙන්න කලින් ගෙදර එන්න ඕනි...ගියපාර වගේ 12ට විතරා ආවට පුතේ දොර නම් අරින්නැ

තුන...වලි බෑ...උබ එකෙක් එක්ක හරි ගහගත්තොත්...තොට දෙනවා කන පැලෙන්න..මතකනේ??"

"ඔව් ඔව්...මතකයි අම්මේ!!"

රවීන්ගේ කියවිල්ලේ ඉවරයක් වෙන මානයක් නැති තැන ආයුක් ඔලිව වනනකොට එකටත් තරහා ගිඅපු රවීන් හේතුවක් නැතුවම ආයුක්ට දෙසා බෑව..

"ආව් යකෝ...මරන්නද??"

"මොනාද මතක??"

"ආ...ගියපාර වගේ බීලා එන්නෙපා කිවා...තව 10ට කලින් එන්නෙපා කීවා..ආය රණ්ඩු දාගන්නත් එපා කීවා!!"

"ආං ඒ බය තියාගනිම්!!"

රවීන් කියනකොට ආයුක් දිව දාලා රවීන්ව හග් කරනකොට රවීන් පුදුමෙන් බලන් හිටියා.රවීන්ට පුදුම වෙන්බ හේතුවක් තිබුනා.ආයුක් මෙහෙම ගර්ලිශ් වැඩක් කරලා තිබුනේ නෑ.සෝ....එයාට පුදුමයි

"මොකද උබ...!"

"ආදරෙයි!!"

"අනේ උබේ ආදරේ...පලයම් පලයම්!!"

ආයුක්ව තල්ලු කරපු රවීන් දොර වහනකොට ආයුක් ටේනුක් දිහා බලලා තබ්ස් අප් එකක් දිහා 'යනවෝ' කියාගෙබ ගියාම රවීන් ඔලුව දෙපැත්තට වැනුවා.

ටේනුක්ගේ ඇස් 'පරිස්සමෙන්' කියනකොට ආයුක්ට නොදැනීම හිනාවක් ඇවිල්ලා ඔලුව ඉබේම පොඩි එකෙක්ගේ වගේ වැනුනේ ටේනුක්ට හිනා යනකොට
.
.
.
.
.
.

"ඇත්තටම ආයුකට මොකද උනේ??"

ටේනුක්ගේ හිත කියපු දේ වචන වලට පෙරලෙනකොට රවීන් ලොකු හුස්මක් පාත දාලා ආයුක්ගේ ඉතිරි වයින් ටික බීවම ටේනුක් ඒ දිහා බලාගෙන ඇරුන කට වහගත්තා.මොකක් හරි හේතුවකට ටේනුක්ට ඒකෙන් ටිකක් බොන්න ආසාවක් ආවා.

"එයාගේ ග්‍රෑන් මා කතා කරේ...ආයුක් කියන්නේ දේදුනුපාය බිස්නස් එකේ එකම උරුමක්කාරයා...ඌට නැති මගුලක් නෑ..ඒත් ඔය කතාකරපු ග්‍රෑන්මා තමයි ඕක හැන්ඩ්ල් කරන්නේ...දැන් ඔයාලා දන්නවනේ එයාගේ තාත්තාට මොකද උනේ කියලා??"

උශාන් ඒ දිහා ටික වෙලාවක් බලන් ඉදලා ටේනුක් දිහා හොර ඇහෙන් බැලිවා.බලලා ලෑස්ති උනේ හොදම කට කැඩිච්ච කතාව කියන්න.

"ආ...ඔයා කියන්නේ එතකොට මේ අපේ ටේනුකයගේ හාදුහොරා ඔය මල්ලි කියලද??"

"ඇහ්??"

රවීන් ටේනුක් දිහා බලනකොට ටේනුක් ටක්ගාල අහක බලාගත්තම රවීන් හිනා උනා.එයා ඒ ලැජ්ජාවම ආයුක් තුලිනුත් දැක්කා කියලා රවීන්ට හොදටම විස්වාසයි.

සමහරවිට රවීන්ගේ හිතෙන් ආව සැකේ හරි නම් අනිවාර්යයෙන් එතන හුට්ටප්පරයක් තියෙන වග රවීන්ට තක්කෙටම කීහැකි.

"ආහ්...එතකොට ආයුක්ගේ මහලොකු ලෝයර්කාරයා ඔහේ කියලා මට නොහිතුන එක ගැනනම් මට හෙන අවුල්...කොල්ලා තුන්තිස් පැයේම ටේනුකයා ගැන කීවට ඔය ගෝතයා මට මේකගේ නම කීවේ නෑනේ...ශිට්"

රවීන් දිහා ටික වෙලාවක් බලන් උන්න පැහැසරට දෙයක් මතක් උනා වගේ මැද්දටම පැන්නම තුන්කට්ටුවගේ අත පපුවට ගියා.

"ඒ උනාට බන් මම නම් කියන්නේ මුන් දෙන්නා පතාගෙන ඔතාගෙන ආවා වෙන්න බැරිද?? ඇයි ඉතින් බලපන්කෝ..හයේහතරේ කාලේ හම්බෙලා...ආයෙම හම්බෙනවනේ..මුන්ට ඔය ගෙවිච්ච අවුරුදු ගානට දෙන්නගෙන් එකෙක්ටවත් අමතක වෙලත් නෑනේ!!"

පැහැසර කියන එක අනුමත කරන්න වගේ රවීන් ඔලුව හොල්ලනකොට උශාන් කීවේ 'ඒකෙනම් මොකක් හරි කොස්සක් තියෙනවා' කියලා උනාට ඇත්තටම අපිට හිතන්න පුළුවන් ඒ දෙන්නා

පතාගෙන ඔතාගෙන ආව දෙන්නෙ කියලා!!

"ඒ උනාට මම නම් හිතුවේ නෑ එදා විත්ති කූඩුවේ හිටපු පොඩි එකා ඔහොම ලොකු වෙයි කියලා!!"

උශාන් දිහා බලපු පැහැසර කියනකොට උශාන් ලාවට හිනා උනා.මොනවා උනත් ආයුක් ලස්සනයි.ශක්තිමත් අත් වලට උරුමකම් කීව කොල්ලාට හෙන හැන්ඩ්සම් ලුක් එකක් තිබ්බා.

"ඕකා ජිම් ගිහින් ගල් ගිලලා ඉන්නේ.මහසෝනටවත් බය නෑ!!"

රවීන් කියනකොට ටේනුක් ලොකු කෙල ගුලියක් ගිලලා සිවිලිම දිහා බැලුවම පැහැසරට ටේනුක් දිහා ඉබේ බැලවිලා හිනාවක් ගියා.ටේනුක් දැන් ටිකකට කලින් හැප්පිලා ගියපු කොල්ලා ආයුක් ගැන කියපු එක නිසා ටේනුක්ගේ ඉහෙන් කනෙන් රතුවෙලා තිබුනා..

"ඒක නෙවෙයි දැන් කොහෙද ආයුක් මල්ලි ගියේ??"
.
.
.
.
.
.
.
"උගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් රන්දී බලන්න වෙන්නැති!"

________

හායි..

මිස් මී??

කවුද ඒ රන්දි ඈ??

රියානා කවුද??

ටේනුක්??

ග්‍රැන්ඩ්මා??

බාල්දියක් අත වනනවා ඔව් මට පේනවා!!😂🙌💔
thank you for the 1.03K මට සතුටුයි අප්පාවේ !!!!

දසවන දිගහැරුමෙන් හම්බෙනකන්
විකී ආදරෙන්~❤️

23/12/17



واصل القراءة

ستعجبك أيضاً

50.1K 2K 20
Story about a married couple who's life was so toxic to live in. ⚠️ !!!𝗔𝗧𝗧𝗘𝗡𝗧𝗜𝗢𝗡!!!⚠️ ♡ This story is going to contain domēstic abu$e, so r...
128K 13.7K 74
TaeKook Non Fanfiction #1 roses #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.
36.4K 4.8K 49
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...