පතොක් මල්🌵✔️

By TaraNemeth9

72K 13.3K 1.9K

ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙ... More

පලමුවෙනි ඉඩෝරය🌵
දෙවනි ඉඩෝරය🌵
තුන්වෙනි ඉඩෝරය🌵
හතරවෙනි ඉඩෝරය🌵
පස්වෙනි ඉඩෝරය🌵
හයවෙනි ඉඩෝරය🌵
හත්වෙනි ඉඩෝරය🌵
අටවෙනි ඉඩෝරය🌵
නව වෙනි ඉඩෝරය🌵
දහවෙනි ඉඩෝරය🌵
එකොලොස් වෙනි ඉඩෝරය🌵
දොලොස් වෙනි ඉඩෝරය🌵
දහතුන්වෙනි ඉඩෝරය🌵
දාහතරවෙනි ඉඩෝරය🌵
පහළොස්වෙනි ඉඩෝරය🌵
දාසයවෙනි ඉඩෝරය🌵
දාහත්වෙනි කොටස🌵
දහ අටවෙනි ඉඩෝරය🌵
දහනව වෙනි ඉඩෝරය🌵
විසිවෙනි ඉඩෝරය🌵
විසි එක්වෙනි ඉඩෝරය🌵
විසි දෙවෙනි ඉඩෝරය🌵
විසි තුන්වෙනි ඉඩෝරය🌵
විසි හතරවෙනි ඉඩෝරය🌵
විසි පස්වෙනි ඉඩෝරය🌵
විසි හයවෙනි ඉඩෝරය🌵
විසි හත්වෙනි ඉඩෝරය🌵
විසි අටවෙනි ඉඩෝරය🌵
විසි නවවෙනි ඉඩෝරය🌵
තිස්වෙනි ඉඩෝරය🌵
තිස් එක්වෙනි ඉඩෝරය🌵
තිස් දෙවෙනි ඉඩෝරය🌵
තිස් තුන්වෙනි ඉඩෝරය🌵
තිස් හතරවෙනි ඉඩෝරය🌵
තිස් පස්වෙනි ඉඩෝරය🌵
තිස් හයවෙනි ඉඩෝරය🌵
තිස් අටවෙනි ඉඩෝරය🌵
තිස් නවවෙනි ඉඩෝරය🌵
හතලිස් වෙනි ඉඩෝරය🌵
හතලිස් එක්වෙනි ඉඩෝරය🌵
හතලිස් දෙවෙනි ඉඩෝරය🌵
හතලිස් තුන් වෙනි ඉඩෝරය🌵
හතලිස් හතරවෙනි ඉඩෝරය🌵
හතලිස් පස්වෙනි ඉඩෝරය🌵
හතලිස් හයවෙනි ඉඩෝරය🌵
හතලිස් හත්වෙනි ඉඩෝරය🌵
48.ඉඩෝරය නිමාවී උදා වූ වසන්තය🌸
පසුවදන ( author's note)

තිස් හත්වෙනි ඉඩෝරය🌵

1.1K 227 29
By TaraNemeth9

යෙහාරගෙ pov💚

දවස් ගතවෙන්නෙ හරි හෙමීට....මට සමහර වෙලාවට තේරෙන්නෙ නෑ අපේ ජීවිත වටේ මේ කැරකෙන්නෙ මොනවගේ දෙයක්ද කියලා....
සැනසීමෙන් ජීවත් වෙන්නම නැති හැටියක්....මට දැනෙන්නෙම නිකං අපි කාගෙහරි චෙස්බෝඩ් එකක ඉත්තො වගේ....
කවුරුහරි රජ්ජුරුවන්ව චෙක් මේට් කරන්න හදනවා...ඒත් ඒ කවුද කියලා දන්නෑ.... අඩුගාණේ රජ්ජුරුවෝ කවුද කිවල දන්නෙත් නෑ...
මේක මහා පැටලිලි සහගත සෙල්ලමක්...
කවුරු දිනාවිද..කවුරු පැරදිලා එළියට විසිවෙයිද කියන එක මට තේරුම් ගන්න බෑ.....

මට මහා අවිනිශ්චිත හැගීමක් දැනෙනවා.....
දේවාන්‍ය ගැනත් මම දිගටම ඇහැ ගහගෙන ඉන්න උත්සාහ කලා.
ඒත් මම බිසී නිසාම ඒකට ලොකු වෙලාවක් ලැබුණේ නෑ......
මේ ගමේ ඉන්න තව රස්සා නැති මැදිවයසෙ ගෑනු අය කීපදෙනෙක්වම බිස්නස් එකේ වැඩට එකතු කරගත්තා.....තව තව ඕඩර්ස් වැඩිවුණා... එක එක ටේස්ට් කෑම ජාති සෑහෙන ප්‍රමාණයක් අපේ නිෂ්පාදන වල තියෙනවා......
ගේ ඇතුලේ ඔච්චර වැඩ ගොඩක් කරන එක කරදර වැඩක් නිසා ගෙදර අයිනෙ පාවිච්චි නොකරන පොඩි කාමරයක් ඒ වැඩ වෙනුවෙන් හදලා ගත්තා.......අයියා මගේ බිස්නස් වළට සම්බන්ධ නොවුණත් ඒ වැඩ වලට මට ලොකු උදව්වක් දෙනවා...

නංගි ඒ ලෙවල් වලට ක්ලාස් යන්න පටන් ගත්තා, මට ඒකනං ලොකු සහනයක්.....මට ඕනෙ නංගි ඉගෙනගෙන ලොකු නෝනා කෙනෙක් වෙනවා දකින්න....

ඒත් මේ ඔක්කොම එක්ක මට සැනසීමක් දැනුනෙ නෑ....
ඉස්සර වගේ නෙවේ....මට අර ජීවිතේ ඉස්සරහට මොනවා වෙයිද කියන අසරණ හැගීම නෑ.....මටම කියලා බිස්නස් එකක් තියෙනවා...ඒකෙන් මම හම්බ කරනවා...නංගිටත් ඕන කරන දේවල් ඔක්කොම අරන් දෙන්න මං ලග සල්ලි තියෙනවා.....
අනික නංගියි මමයි ගැන බලන්න අයියා ඉන්නවා.......
මම තනිවෙලා නෑ.....

ඒත් මම අයියා ගැන නං ගොඩක් වදවෙනවා....

මම රොවේන් අයියට ඉන්සියා අක්කා දෙන බෙහෙත් ගිහින් දුන්නා.....
එයා දන්නවා ඒ බෙහෙත් චෙක් කරන්න පුලුවන් තැන් ගැන..
මම අයියට හොරෙන් දේවල් කරන්න කැමති නෑ....පොඩ්ඩක්වත් කැමති නෑ...ඒත් මේ අයියගෙම හොදටනෙ....

එයා සමහර වෙලාවට කෑ ගහන විදිහට මටත් බය හිතෙනවා....එයා වෙවුලනවා....එයාගෙ ඇස් වල කළු ඉංගිරියාව පුංචි වෙනවා.....එයා ඒ වෙලාවට හැසිරෙන්නෙ කාවහරි මරන්නත් පුලුවන් වගේ.....

අද උදේ ඉදලම මම වැඩ.....
ලොකු සුපර්මාකට් එකකට ලොකු ඕඩරයක් ලැබිලා තියෙනවා...
ඒකෙ වැඩ කෙරෙනවද කියලා බල බල ඉද්දි නොදැනීම හවස් වෙලා....
අයියා ගෙදර ආව වෙලාවෙවත් මට උඩට යන්න බැරි වුණා.......
එයාට දුක හිතුණද දන්නෙත් නෑ මට එයාව මග හැරෙන නිසා.....

වෙලාවකට එයත් හරි සංවේදියි....
එයා ආවා කියලා ගණන්  නොගෙන හිටියොත්...එයාට අවධානෙ නොදුන්නොත් මූණ එල්ලගෙන ඉන්නවා...මෙහෙමයි ඉතිං.... එයා විතරක් නෙවේ මාත් ඒ වගේ තමානෙ..ඉතිං මුකුත් කියන්න බෑ...

මනුස්සයෙක් ඉන්නෙ ආදරේ පෙන්නන්නෙ.....අවුන්සයක්වත් පිටට පෙන්නන්නෙ නැතුව මෙට්‍රික් ටොන් එකක ආදරේ හංගන් හිටියත් ඇති වැඩක් තියේද ඌරු පැටියෝ...
එයා කියන්නෙ එහෙම......

ඒ විදිහටම එයා මට හැමවෙලේම ආදරේ පෙන්නනවා.....
එයාට කොච්චර කේන්ති ගියත්....
එයා හෝල්ඩින්ග්ස් එකේ ප්‍රශ්න වලට කොච්චර ස්ට්‍රෙස් එකේ හිටියත්....
එයා හැමදාම මාව තුරුල් කරගෙන එක පාරක් හරි ආදරෙයි කියනවා....
මොන මොන ප්‍රශ්න ආවත් එයා නිසා මම ශක්තිමත් වෙනවා.....

මම ඉක්මනට අත් හෝදගෙන උඩට ගියේ අයියා ඇවිත් කියලා දන්න නිසා...මට කාර් එක එනවා ඇහුණේ විනාඩි 45 කට විතර කලින්....
තරහා ගිහින්ද දන්නෙත් නෑ...

"අයියේ.....අයියේ....."

කෝ මේ මනුස්සයා. ........
මේ ඉන්නෙ.....
අයියා මේසෙ ළග ඉදගෙන මොනවදෝ ලියකියවිලි වගයක් පෙරලනවා.....

මම අයියා ළගට ගිහින් එයා ඉදගෙන ඉද්දිම  නැවිලා එයාගෙ උරහිස් වටේ පිටිපස්සෙන් අත් දාගත්තා ....

"අයියේ....වැඩද තාම...."

එයාට මං කියන දේ ඇහුනදත් මන්දා...එයා දිගටම අතේ තිබ්බ ෆයිල් එක පෙරලනවා.....

"එහෙනං මේකයි හේතුව....මම අනුමාන කරපු දේ හරි....මෙච්චර කල් මම ඌට කරපු දේවල් වලට ඌ සුදුසුයි....ඌට ඕනෙවුණේ හවුලෙන් එයාව නෙරපන එක නවත්තන්න....ඒ වෙනුවෙන් තමයි අරම දෙයක් කරේ....බල්ලා....ඌගෙ අතපය බැදලා කිඹුලන්ට කන්න දාන්න වටින්නෙ.."

අයියා තරහා පිරුණු ගිනි ගන්න කටහඩකින් මුමුණලා මේසෙ පිටින් පෙරලලා දැම්මා.....
අයියගෙ වටේ අත් දාගෙන හිටිය මං බයවුණා..

"අයියේ....මොකද මේ....."

"අහකට පලයං....මට උඹ එක්ක කතා කරන්න දෙයක් නෑ මේ වෙලාවෙ....මම උඹව අරූට දුන්නා....ආයෙ මාව අවුස්සන්න එපා....."

එයා කීවෙ මං දිහා බලලා මහ අමුතු විදිහට....

මම එයාගෙ ඒ බැල්මට කලබල වුණත් මේ අයියනෙ.....එයාගෙන් මට කරදරයක් නෑනෙ....

මම අයියට ළංවුණා...

"සන්සුන් වෙන්න අයියේ .....ඔයා ස්ට්‍රෙස් වෙලා.....ඔයා කලබල වෙලා...
ප්‍රශ්නෙ මොකක්වුණත් විසදගමු...

මම අයියව බදාගෙන කිව්වා...අයියා ආපිට මාව බදාගත්තෙ නෑ....හරියට පිළිමයක් වගේ හිටන් හිටියා..

"ටිකක් ඈතට වෙන්න.....අරූට මං පොරොන්දු වුණා උඹ අයිති ඌට විතරයි කියලා....ඒ නිසා ඈතට වෙලා ඉන්න....උඹ මට ඔහොම ළං වුණොත් මං කරන දේවල්  ගැන වගකීම ගන්න මට බෑ...."

මම කන්ෆියුස් වුණා...අයියා කාටද මාව දුන්නෙ....මම එයාගෙනෙ....අනික එයා මාව එයාගෙන් ඈත් කරන්නෙ...

"බෑ ....ඈත් වෙන්නෙ නෑ....මම ඔයාගෙ හස්බන්ඩ් කියලා ඔයාමනෙ කියන්නෙ...ඉතිං ඔයාට නැතුව වෙන කාට මං ළං වෙන්නද...."

"කිව්වම ඈත් වෙලා ඉන්න.....මම කේන්තියෙන් ඉන්නෙ.....අහකට පලයං ඉතිං....."

"අයියේ...."

අයියා අපි දෙන්නා එකතුවෙච්ච දවසින් පස්සෙ කවදාවත් මට ඔහොම කතා කරලා නෑ......එයා රොවේන් අයියා එක්ක කුණුහරුපෙන් පවා කියෙව්වත් මට උඹ ,බං බොලං කියලවත් කතා කරන්නෙ නෑ.....
එයාට මොකද වෙලා තියෙන්නෙ...

මම අයියගෙ අතින් අල්ලගද්දි එයා මං දිහා බැලුවෙ මාව දවලා අළු කරන බැල්මෙන්.......

"උඹට කියන දේ අහන්නනෙ බැරි..... මොනවද උඹට ඕනෙ....
හැමිනෙන්නද?"

අයියා මාව තල්ලු කරගෙන ගිහින් මාව බිත්තියට හේත්තු කරා.....

"මං උඹට කීවා .....මං කීවනෙ මගෙන් ඈත්වෙන්න කියලා....උඹනෙ දැන් ගියේ නැත්තේ උඹට යන්න කීවට.. හැබැයි මට උඹව ඕනෙ වුණා....
හැමදාම ඕනෙ වුණා...හැබැයි ශානුට වගේ නෙවෙයි....මම ශානු වගේ හොද එකෙක් නෙවෙයි....ඌ ජෙකිල් නං මම හයිඩ්....ඌ සාධාරණ මිනිහෙක් නං මම මිනීමරුවෙක්.....ඌ සමාව දෙද්දි මම වෛරෙන් කැකෑරෙන එකෙක්.....
මට කොච්චර උඹව ඕනෙ වුණත් උඹ ඌගෙ නිසා මම ඉවසන් හිටියා....ඒත් උඹමයි මාව ඇවිස්සුවේ....දැන් මාව දරාගනිං...."

එයා මාව තදට අල්ලගෙන මගේ තොල් වලට පාත්වුණා.....එක මොහොතකට මට අයියගෙන් හැමදාම දැනෙන උණුසුම දැනුනත් ඊලග මොහොතේ ඒ හාදුව රළුවුණා....
කවදාවත් නැතුව එයාගෙ අත් මගේ ඉණෙන් පහල රළු විදිහට අතගෑවා....
එයාගෙ අත් මගේ බෙල්ට් එක ලිහිල් කරද්දි නං මම කලබල වුණා....
එයයි මමයි තාමත් ඒ තරමට දුර ගිහින් නෑ....
ඒ දුර යන වෙලාව මේක නෙවෙයි....
මේ තරං රළු මොහොතකදි මට එයා එක්ක දුර යන්න බෑ...

"අයියේ...නවත්තන්න...අයියේ..."

"බය වෙන්න එපා....මම උඹව ගන්නෙ නෑ...උඹේ අයිතිකාරයට මම උඹව ඉතුරු කරනවා.....පොඩ්ඩක් රසවිදිනවා විතරයි..."

අයියගෙ අත මගේ කට වැහුවා....එයාගෙ මට වඩා උස ඇග මාව තදකරලා අල්ලගත්තා.....

"මම ඉවසුවා ඇති....උඹ කොහොමත් මගේ වෙන්න තිබුණේ...මගේ හැමදේම ඌ උදුරගත්තා....මම දැනටත් අපි වෙනුවෙන් හැමදේම කරනවා...
ඒත් ඌට තමා හැමදාම ප්‍රයෝජනේ ලැබෙන්නේ......ඌටම තමා උඹවත් ලැබුණේ....අද නං අතාරින්නෑ....."

එයා එහෙම කියද්දි මට මුකුත් හිතාගන්න බැරිවුණා...එයා මොනවද මේ කියන්නෙ...
මම එයාගෙන් ගැලවිලා යන්න හදද්දිත් එයා මාව බිත්තියට තද කරලා අල්ලගෙන හිටියා.....මට කලබලයක් දැනෙන්න ගත්තා...
හරියට හිරවෙලා ඉන්නවා වගේ.......

එයාගෙ තොල් මගේ බෙල්ල හොයාගෙන ආවා... එයාගෙ තෙත හාදු , ළාවට හැපුම් පාරවල් විදිහට මගේ බෙල්ලෙ රතු පාට චිත්‍ර ඇන්දා.....
මගේ හැගීම් අවධිවෙන්න ගත්තා....

"අයියේ...මං..ආහ්..."

"මෙහෙම කරනවට යෙෂ් ආසයිද..."

එයා හරි අමුතු ගුප්ත කටහඩකින් කෙදිරුවා....

ඒත් මට නුහුරක් දැනුනා...මොකද්දෝ නුහුරක්....මම ඒක යටපත් කරගන්න උත්සාහ කලා....අයියගෙ කේන්තිය මම නිසා නැතිවෙනවනෙ....අනික මම එයාගෙනෙ ...එයාට කැමති දෙයක් කරන්න අවසරය මම එයාට දුන්නනෙ...

මගේ අත් එයාගෙ බෙල්ල බදාගනිද්දි එයාගෙ අත් මාව නිරුවත් කරා...

මම එයත් එක්ක පලවෙනි වතාවට දුර යන ගමන් හිටියා......එයාගෙ අත් මගේ කලව දිගේ උඩට යන අතරේ එයාගෙ තොල් මගේ බෙල්ල එක දිගට සිපගත්තා....

මගේ දැඩිවුණු නිරුවත් යටිකය එයාගෙ තවමත් ඇදුම් වලින් වැහිලා තිබුණු යටිකයට ළං වෙද්දි මගේ ඇස් පියවුණා....හැමදාම මේ වගේ වෙලාවට එයා ඉස්සරහා මම හරි දුර්වලයි......එයා මට අරන් එන හැගීම් විදිනවා හැර මට මගේ ඇස් ඇරගන්නවත් බැරි තරමට හැගීම් අස්සෙ අතරමං වෙනවා.......
එයා මාව බිත්තියට හේත්තු කරලා මගේ යටිකය එයාගෙ දැඩි අතින් අල්ලගන්න ගමන් අනෙක් අත මගේ උගුර යටින් තද කරා...

මට හුස්ම ගන්න අමාරු ගතියක් දැනුනා.....ඒත් ඒ රළු බව අස්සෙ මම මොකද්දෝ රසයකුත් වින්දා.....
එයා මගේ හුස්ම පාලනය කරනවා....
එයාගෙ අනෙක් අතට හිරවුණු මගේ යටිකය පුපුරන්න තරමට හැගීම් වලින් පිරිලා...

මගේ ඇස් කදුලින් පිරිලා...
ඒත් එයා මට ඒ හැගීම් පිට කරන්න නොදී මාව නවත්තනවා...

"තවම නෑ...තවම නෑ....උඹ මෙහෙම හරි ලස්සනයි යෙෂ්....අරූ කොහොමද උඹ ළග පාලනය වෙලා ඉන්නෙ කියන එක මට හිතාගන්නත් බෑ...

මට එයා කතා කරනවා ඇහෙන්නෙ හීනෙන් වගේ....මාව ඒ තරමට දුර ගිහින්....
මම හයියෙන් හුස්ම ගත්තා....මම බිත්තියට තව තද වුණේ එයාගෙ අත මගේ යටිකය ඉහල පහල හරවද්දි දැනෙන හැගීම ඉවසන්න බැරුව මගේ කකුල් පණ නැති වේගෙන ආව නිසා.....මගේ කොන්දෙ ඉදලා පහළ නිරුවත් වුණු ඇගට බිත්තියේ සීතල දැනුනා.....

"අ..අයියෙ...මට...එන්න දෙන්න...අයියේ...අනේ...මාව හිරකරන්න එපා...."

මම මොනවද කිය කිය ඇඩුවෙ කියලවත් මම දන්නෙ නෑ...මට ඕනෙ වුණේ එයා මගෙ හැගීම් හිර කරන් ඉන්න එක නවත්තන්න.....මට ඕනෙ මගේ හැගීම් පිට කරන්න...

මම ඇස් ලොකු කරගෙන අයියා දිහා බැලුවා...එයාගෙ මූණ බොදවෙලා...
වේදනාවක් නොදීම එයා මාව දරාගන්න බැරි තැනට පත් කරලා....

"ඇති ....දැන් නං ඇති..."

"තව මදි...."

"අනේ....අයියේ......මගෙ අයියේ...මට අමාරුයි.."

මගේ ඇස් වලින් කදුළු ගලන් යන්න ඇති....එක පාරටම අයියගෙ ඇස් වෙනස් වුණා....එයා වෙවුලලා එයාගෙ අත මගේ යටිකයෙන් අතෑරියා...

"යෙහාර...යෙහාර......"

එයා එහෙම මුමුණද්දි මෙචිචර වෙලා එයාගෙ අතින් හිරකරන් හිටිය හැගීම් මම මුදාහැරියා....
අයියා මං දිහා බයවෙලා වගේ බලන් ඉදලා එක පාරටම මාව බදාගත්තා...

"පැටියො...හොදින් නේද....පැටියෝ...මං මොකද්ද ඒ කලේ.."

මම දන්නෙ නෑ මොකද්ද වුණේ කිලා...මට රිදිලත් නෑ....ඒත් මට මහා අමුතු වේදනාවක් දැනුනා....
මම අයියව බදාගෙන එයාගෙ අස්සෙ හැංගුණා...එයා මගේ දණිස් යටින් අත දාලා මගේ පණ නැති නිරුවත් කකුල් දෙක යටින් අත යවලා මාව උස්සගත්තා.....

" මට සමාවෙන්න....යෙහාර...මම ඔයාට රිද්දුවද.."

මම බයවුණා...මේක අමුතුයි...රළුයි.
ඒත් එයා මට රිද්දුවෙ නෑ.....ඉතිං මං ඔලුව හරහට වනලා නෑ කීවා....

ඒත් අයියා මාව ඇදෙන් තියලා ඇද උඩ වකුටුවෙලා ඔලුව කකුල් අස්සෙ ගහගත්තා...

"මට මතක නෑ...මට මුකුත් මතක නෑ...ඇයි මෙහෙම වෙන්නෙ....මට ඔයාට රිද්දන්න ඕනෙ නෑ පැටියො...ඒත් මං අස්සෙ ඉන්න යකාට ඕනෙ ඔයාව උදුරගන්න...මගෙන් උදුරගන්න...මට බයයි මං ගැන...මට බයයි මං ඔයාට රිද්දයි කියලා....මට මතක නෑ...මට මතක නෑ...මං දන්නෙ නෑ මං මොනවා කරනවද කියලා.."

මට අයියා කීව මුකුත්ම තේරුණේ නෑ...ඒත් එයා දුකෙන් කියලා තේරුණා....මට මතක් වුණේ නෑ මගෙ ඉණෙන් පහල ඇදුමක්වත් නෑ කියලා...

මම එයා ලගට ඇදිලා එයාව තුරුල් කරගත්තා....

"මං ටිකක් බයවුණා තමයි අයියේ.....ඒත් මං දන්නවා ඔයාට මට රිද්දන්න බෑ කියලා....ඒත් මෙතන වෙන දේවල් මට මුකුත් තේරෙන්නෑ...ඔයා කලින් අමුතු වුණේ ඇයි......මට බයයි ඔයාට ප්‍රශ්නයක් වෙය කියලා...."

අයියා මං දිහා බැලුවෙ  ඇස්වල කදුළු පුරවගෙන.....

"තාම හිතන්නෙ මං ගැනද....බය හිතෙන්නෙ නැද්ද...ඔච්චර කල් එයා හිටියෙ කණ්ණාඩි අස්සෙ විතරයි....ඒත් එයා දැන් මගේ අස්සටත් ඇවිත්.......මං කොහොමද බේරෙන්නෙ...මං කොහොමද එයාගෙන් යෙහාරව බේරගන්නෙ....එයා මොන මොනවා කරනවා ඇත්ද....."

අයියා එයාගෙම අත් වලින් කෙස් ඇදගන්න ගද්දි මම එයාගෙ අත් වලින් ඇදලා නැවැත්තුවා....

"අයියෙ....මොනවද මේ වෙන්නෙ...ඇයි මම මුකුත් නොදන්නෙ...."

අයියා ඇදෙන් නැගිටලා මට නැගිටින්න අතක් දුන්නා....

"මෙහේ එන්නකෝ.....දෙයක් පෙන්නන්න....."

මම ඇදේ තිබ්බ ශීට් එකකුත් පටලන් එයාගෙ පස්සෙන් යද්දි එයා අල්මාරිය ඇරලා ලාච්චුවක් අස්සට අත දාලා පරණ යතුරක් ගත්තා....

එයා ඇවිදගෙන ගියේ කාමරේ පොත් රාක්කෙ ළග තියෙන වහපු දොර ළගට....
මම කීපවතාවක්ම අයියගෙන් ඒ ගැන අහන්න හැදුවත් ඒ දොර දකිද්දි අයියගෙ මූණේ පෙනුම දන්න නිසාම අහන්නෙ නැතුව හිටියා.....

එයා අර යතුරෙන් ඒ දොර ඇරියා.....

අයියා ඒ කාමරේ ඇතුලට ගියේ නහයත් වහගෙන....හරියට කාළෙකින් නොගිය තැනකොට දූවිලි වැදෙයි කියලා හිතලා  වගේ....

මට දැක්ක ගමන්ම හිතුණේ ඒක ළමා කාමරයක් කියලා....මොකද කාමරේ පුරාම තිබුණේ ස්පයිඩර් මෑන්ගෙ, සුපර් මෑන්ගෙ පෝස්ටර් නිසා...

"මේ කොහෙද....."

"මේ මගේ අයියා දිනාල්ගෙ කාමරේ....
අපි දෙන්නගෙම කාමර තිබුණෙ එකිනෙකට මුහුණලා...අපි නිදාගත්තෙ මගේ කාමරේ වුණාට අපේ බඩු තියාගන්න වෙනම කාමර දෙකක් තිබුණා...."

අයියා කීවෙ හැගීම් විරහිත පෙනුමකින්...

"මේක දිගටම වහලද තිබුණේ...."

මම ඇහුවෙ මේසෙ උඩ තිබ්බ ෆොටෝ එකක් අතට ගන්න ගමන්...

" ඒකෙ හිටියෙ පොඩි ළමයි දෙන්නෙක් ... මේ මිදුලෙ තියෙන සියඹලා ගහ ළග ඔංචිල්ලා දෙක ළග...දෙන්නම එක වගේ....

"මේ ඔයාද....අපි මුලින්ම මුණ ගැහුණ දවසෙ ඔයා හිනාවුණෙත් මේ වගේ...මේ රවන් ඉන්නෙ දිනාල්ද....

මම ඇහුවෙ හිනාවෙවී හිටිය  කෙනාව පෙන්නලා.....

එයා අහක බලාගෙන උත්තර නොදි හිටියා......

"මේක අවුරුදු අවුරුදු 16 ක් තිස්සෙ වහලා දාපු කාමරයක් වගේ නං පෙනෙන්නෙ නෑ...."

මම කීවෙ කාමරේ යන්තමට විතරක් රැදුණ දූවිලි තට්ටුව පෙන්නලා....

අයියා මේසෙ ළගට ගිහින් මේසෙ උඩ තිබ්බ පොත් ඇද්දා....ඒත් එයත් කිසි දෙයක් හිතාගන්න බැරි පෙනුමකින් ආපහු මං ලගට ආවා...

"අයියා මාව දාලා ගියත් එයා ගියේ බොහොම ටික කාලෙකට විතරයි....එයා ඉක්මනට ආපහු ආවා.."

මගේ අතේ තිබ්බ ෆොටෝ එක ඇද උඩට අතෑරුණා.....

මෙච්චර වෙලා පරණ කාමරයක් විතරක් විදිහට පෙනුන කාමරේ අද්භූත ගතියක් දැනෙන්න ගත්තා...
ජනේලෙට උඩින් තිබ්බ වායු කවුළු අස්සෙන් හුළං ඇවිත් ඒ කෙලින් එකට වැදෙද්දි සංගීතයක් ඈහෙන්න එල්ලලා තිබ්බ වීදුරු කූරු වල සද්දෙත් හරිම ගුප්ත විදිහට ඇහෙන්න ගත්තා..

"එ..එයා ආවා කීවෙ....ආත්මයක් විදිහටද.....??'

මම බයවෙලා ඇහෙද්දි අයියා හිනාවුණා...මහ අමුතු විදිහට...

"නෑ...ඒ මම schizophrenia ලෙඩෙක් නිසා.... අවුරුදු දොලහෙ ඉදලම..."

"ඒ මොකද්ද.....'

මං ඇහුවෙ බයවෙලා....

"Schizophrenia ...ඒ කියන්නෙ හින්නෝන්මාදය.....ඒ කියන්නෙ සැබෑ ලෝකෙ පවතින්නෙ නැති මායාවල් පෙනෙන එක....ඇත්ත නොවෙන මිනිස්සු මැවිලා පෙනෙන එක...එයාලා එක්ක කතා කරද්දි ඇත්ත වගේ දැනෙන එකට...
අම්මයි අයියයි නැතිවෙලා මාසයක් යනකං මට ඇතිවුණු කම්පනේට කතා කරගන්න බැරිවුණා......ආයෙත් මට මම ජීවත් වෙනවා කියලා තේරෙන්න ගද්දි මට මගේ නිවුන්නාව කණ්ණාඩියෙන් පෙනෙන්න ගත්තා....අම්මව මගේ කාමරේ හාන්සි පුටුවේ ඉන්නවා වගේ දැනුනා......මගේ තාත්තට මං ඉන්නෙ ලොකු මානසික පීඩාවක කියලා දැනුනත් එයාගෙ විසදුම වුණේ මාව කොලඹ ඉස්කෝලෙකට දාලා බෝඩ් කරවන එක විතරයි.....මුලදි නං මට ඕනෙ වුණේ නෑ ඒ මානසික තත්වෙන් ගැලවෙන්න...මොනද මට අහිමි වුණු අය මං ලග ඉදිද්දි මට සැනසීමක් දැනුනු නිසා...

මම අයියගෙ අතකින් අල්ලගත්තා....

"ඒත් කාලෙත් එක්ක මට තේරුණා ඒක මට ලොකුම ලොකු පීඩාවක්...
තව දුරටත් මේ ලෝකෙ නැති මිනිස්සුන්ට යන්න දෙන්න බැරුව මං එයාලව අල්ලගෙන ඉන්න එකෙන් වෙන්නෙ මගේ ජීවිතේ ඉස්සරහට යන එක නතරවෙන එක...මාව තවදුරටත් පවතින්නෙ නැති ලෝකෙක අතරමං වෙන එක.....එදයි මම මේ ගැන තාත්තට කීවෙ....මට අවුරුදු 15 ක් ඇති....එදා ඉදලා මම සනීප වෙන්න උත්සහ කලා....."

අයියා බර හුස්මක් ගත්තා...මම එයාට
බාධාවක් නොකර අහන් හිටියා..

"මම බෙහෙත් ගනිද්දි , මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහෙද්දි මගේ හිතේ තිබ්බ පීඩාකාරී ගතිය අඩුවුණා...මට දිනාල්ව පෙනෙන අවස්තා ගොඩක් අඩුවුණා...ඒත් අම්මා....එයා දිගටම හිටියා......

"එයා තාම ඉන්නවද....."

මේ වෙලාවෙ නං මටත් ඕනෙ වුණා හිතෙන් මවාගෙන හරි මගේ අම්මට කතා කරන්න...මට හිතාගන්න පුලුවන් අයියට දැනුන හැටි .....බොරුවක් කියලා දැනගෙනත් ඇයි ඒ මායාව නතර කරන්න නොහිතුණේ කියලත්....

"නෑ අම්මා නෑ....එයා ගියා....
බෙහෙතක් නිසා නෙවේ....ඔයාව මුණ ගැහුණු හින්දා....ඔයා මගේ අම්මා නූනට මම අම්මගෙන් හෙව්ව උණුහුම ඔයාගෙන් මට ලැබුණ හින්දා....".

එයාගෙ ඇස් තෙමිලා...එයා මං දිහා බැලුව ඒ බැල්ම මට දරා ගන්න බැරිවුණා....ඒක ඒ තරමට ආදරෙන් පිරිලා....

මට ඒ වෙලාවෙ හින්දි සිංදුවක තියෙන පදයක සිංහල තේරුමක් මතක් වුණා....

"මම මොනවා කරන්නද....මම නුඹ තුලින් දෙවියන්ව දකිනවා..."

එයා මං දිහා බැලුවෙ එයා මං ඇතුලෙන් දෙවියන්ව දකිනවා වගේ...

මම  එයා ඉස්සරහට පැනලා එයාව බදාගත්තා.....මම මාව ඔතාගෙන හිටිය ෂීට් එකත් එක්කම....එයා මගේ කකුල් යටින් අත් දාලා මාව වඩාගත්තා...මම එයාගෙ ඇගේ එල්ලිලා එයාගෙ බෙල්ල බදාගත්තා....

"ඔයා මොනවගේ කෙනෙක් වුණත්...
ඔයාට මොන අසනීපෙ තිබුණත්...ඔයා මාව කොච්චර බය කලත් මම ඔයාව දාලා යන්නෙ නෑ අයියේ....දිනාල් නෙවේ...කවුරු ඔයාව අවුල් කරත් ඔයා ළග මම ඉන්නවා...."

එයා මගේ බෙල්ලට බර හුස්මක් පිට කරා....

"මම දන්නෙ නෑ ඇයි කියලා යෙහාර...ඒත් මම හොද වෙනවා වෙනුවට මගේ අසනීපෙ ඊලග පියවරට ගිහින්......මට කණ්ණාඩියෙන් විතරක් පෙනුනු දිනාල් මං ඇතුලට ඇවිත්....එයා ඔයාව ඉල්ලල සටන් කරනවා....එයාගෙ අයිතිය ඉල්ලලා සටන් කරනවා...."

"මට තේරුණේ නෑ...."

"ඒ එයා යෙහාර....ඒ දිනාල්....ඔයා මේ මුකුත් නොදන්න පුංචි කාලේ ඔයා අර පලදනාව දුන්නෙ මට නෙවේ.... දිනාල්ට...ඔයාගෙ ඒන්ජල් අයියා මම නෙවේ පැටියෝ....මම තමා අර ඔයාට බැනලා ඔයාව තල්ලු කරලා ඔයාව ඇඩෙව්ව නපුරු අයියා.....දිනාල් තමා ඔයාගෙ ඒන්ජල් අයියා....ඔයාට අපි දෙන්නවම මුණ ගැහුණා....ඔයා තෝරගත්තෙ එයාව....ඉතිං එයාට ඔයාව ඕනේ...මං ඇතුලෙ ඉන්න දිනාල්ට ඔයාව ඕනේ...."

එයා මාව වඩාගෙනම වේදනාවෙන් කෑ ගැහුවා.....
අයියා මං හිතනවට වඩා ගොඩක් වේදනා විදින කෙනෙක්...
එයා දන්නෙ නෑ....එයා දන්නෙ නෑ මම එයාට ආදරේ කරන්න පටන් ගත්තෙ එයාට පලදනාව දුන්න වෙලේ නෙවෙයි කියලා...

මම එයාට ආදරේ කරන්න ගත්තෙ එයාම මාව බිමට තල්ලු කරලා මම අඩ අඩ ඉද්දි එයාම මගේ කදුළු පිහිදපු වෙලාවෙ ඉදලා.....
ඒ මොහොතෙයි මම ආදරේ කරන්න ගත්තෙ....
ඒත් මට ඒක තේරුණේ නෑ...

මම අයියව තව තද කරලා බදාගත්තා...වායු කවුළුවෙන් ආව හුලගෙන් එල්ලලා තිබ්බ වීදුරු සංගීත භාණ්ඩේ හෙලවි හෙලවි ලස්සන සංගීතයක් මැව්වා.....
පරණ පාළු කාමරයක් ඇතුලේ ශිට් එකක් විතරක් ඇදන් හිටිය මම පපුව පිපිරිලා යන තරම් ආදරේකින් අයියව තුරුල් කරගෙන ඉදියා....

"මං ආදරෙයි අයියෙ....එයාට නෙවේ....ඔයාට...මං ආදරේ දිනාල්ට නෙවේ ශෙනාල්ට.....එයාට මාව අයිති කරගන්න බෑ....මම ශෙනාල්ගෙ....ඒත් ඒ ඔයාම නං.....ඒත් ශෙනාල්මනෙ...
ඔයා මෘදු වුණත් රළු වුණත් මං ඔයාට ආදරෙයි....ඔයත් මට ආදරෙයි....මට ආදරේ කරන්න ඔයා දිනාල් වෙන්න ඕනෙ නෑ...ඔයා මගේ ශෙනාල්....."

මම එයාට මිමිණුවා.....

සිලි සිලියේ....හමන සුලග
කොදුරන්නේ අපටමයි....
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි....

මතුසම්බන්ධයි~

Continue Reading

You'll Also Like

30.1K 1.2K 39
(COMPLETE) Story of a girl who want to live her life by her choice But she could not do it because of her father. His family wants to force him to en...
3.6M 152K 61
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
1.2M 15.1K 52
NOT EDITED YET Gracie Owen's a headstrong journalist major rooms with her childhood best friend JJ Anderson for junior year, little does she know she...
118K 6.2K 76
Kim Namjoon, a 27-year old multi-billionaire CEO and owner of one of the most prominent fashion companies in the country of South Korea. He has a 5-y...