පතොක් මල්🌵✔️

By TaraNemeth9

73.5K 13.5K 2K

ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙ... More

පලමුවෙනි ඉඩෝරය🌵
දෙවනි ඉඩෝරය🌵
තුන්වෙනි ඉඩෝරය🌵
හතරවෙනි ඉඩෝරය🌵
පස්වෙනි ඉඩෝරය🌵
හයවෙනි ඉඩෝරය🌵
හත්වෙනි ඉඩෝරය🌵
අටවෙනි ඉඩෝරය🌵
නව වෙනි ඉඩෝරය🌵
දහවෙනි ඉඩෝරය🌵
එකොලොස් වෙනි ඉඩෝරය🌵
දොලොස් වෙනි ඉඩෝරය🌵
දහතුන්වෙනි ඉඩෝරය🌵
දාහතරවෙනි ඉඩෝරය🌵
පහළොස්වෙනි ඉඩෝරය🌵
දාසයවෙනි ඉඩෝරය🌵
දාහත්වෙනි කොටස🌵
දහ අටවෙනි ඉඩෝරය🌵
දහනව වෙනි ඉඩෝරය🌵
විසිවෙනි ඉඩෝරය🌵
විසි එක්වෙනි ඉඩෝරය🌵
විසි දෙවෙනි ඉඩෝරය🌵
විසි තුන්වෙනි ඉඩෝරය🌵
විසි හතරවෙනි ඉඩෝරය🌵
විසි පස්වෙනි ඉඩෝරය🌵
විසි හයවෙනි ඉඩෝරය🌵
විසි හත්වෙනි ඉඩෝරය🌵
විසි අටවෙනි ඉඩෝරය🌵
තිස්වෙනි ඉඩෝරය🌵
තිස් එක්වෙනි ඉඩෝරය🌵
තිස් දෙවෙනි ඉඩෝරය🌵
තිස් තුන්වෙනි ඉඩෝරය🌵
තිස් හතරවෙනි ඉඩෝරය🌵
තිස් පස්වෙනි ඉඩෝරය🌵
තිස් හයවෙනි ඉඩෝරය🌵
තිස් හත්වෙනි ඉඩෝරය🌵
තිස් අටවෙනි ඉඩෝරය🌵
තිස් නවවෙනි ඉඩෝරය🌵
හතලිස් වෙනි ඉඩෝරය🌵
හතලිස් එක්වෙනි ඉඩෝරය🌵
හතලිස් දෙවෙනි ඉඩෝරය🌵
හතලිස් තුන් වෙනි ඉඩෝරය🌵
හතලිස් හතරවෙනි ඉඩෝරය🌵
හතලිස් පස්වෙනි ඉඩෝරය🌵
හතලිස් හයවෙනි ඉඩෝරය🌵
හතලිස් හත්වෙනි ඉඩෝරය🌵
48.ඉඩෝරය නිමාවී උදා වූ වසන්තය🌸
පසුවදන ( author's note)

විසි නවවෙනි ඉඩෝරය🌵

1.1K 244 44
By TaraNemeth9

යෙහාරගෙ pov💚

ඇයි හැමදේම මටම වෙන්නේ....
මම බලන් ඉදිය කෝල් එක ආවා....
ඒත් හැමදාම වගේ මට ලැබෙන්නෙ කලකිරීම විතරයි.....

ඒත් අයියගෙ කටහඩ ඇහුණනෙ...එයාට මගේ කටහඩ අහන්නත් ඕනෙ වුණානෙ....ඒ කියන්නෙ එයාට මාව අමතක නෑනෙ.....මම එහෙම හිතලා හිත හදාගන්න බැලුවා....

ඒත් එයාට මට මෙච්චර රිද්දන්න ඕනෙද...එයා හොදටම දන්නවා මම එයා කතා කරනකං කොච්චර බලන් ඉන්නවද කියලා....

එයා ඉස්සරහා මට ආඩම්බරකමකින්වත් ආත්ම ගරුත්වයකින්වත් වැඩක් නෑ....මට ඕනෙ ආදරේ විතරයි දෙයියනේ....
ඇයි එයාට ඒ ආදරේ දෙන්න බැරි....අඩුමගාණේ හිත හැදෙන්න එක වචනයක්වත් කියන්න බැරිද...

මම ගෙදර එනකොට දොලහ පහුවෙලා.....නංගි ඉන්නවා දොර ලග....අද සෙනසුරාදනෙ...

"අයියේ...ඔයා එනකං හිටියෙ කඩේට යන්න......අම්මගෙ බෙහෙත් ඉවරවෙලා...මේ මොකද මේ ....."

"මුකුත් නෑ..."

මම මූණ හංගගෙන වගේ කීවා....නංගිට වෙනසක් තේරෙන්න ඇති....

"ඇයි අද විකුණුනෙ අඩුවෙන්ද....ඒකට කමක් නෑ අපි වෙන තැනක් හොයාගමුකො...දැන් ඇවිත් මොනවා හරි කන්නකො ....මහන්සි ඇතිනෙ..."

ඇත්ත...මහන්සියි තමා...මම කකුල් හෝදගෙන ඇවිත් සෙරෙප්පු දෙක ගලවලා දොර පාමුලම ඉදගත්තා.....කකුල් දෙකේ ඇවිදලම දිය පට්ටා ඇවිත්...

නංගි ගේ ඇතුලට ගිහින් ක්‍රීම් එකක් අරන් ඇවිත් මං ලගම ඉදගෙන කකුල් වල ගෑවා....

නංගිට දුකයි...මම දන්නවා....ඉස්සර එයා මේ විදිහටම අම්මගෙ කකුල් වලත් ක්‍රීම් ගානවා..ගොඩක් වෙලා සෙරෙප්පු දාගෙන ඇවිද්දම කකුල් වල දියපට්ටා එනවා....

නංගි මගේ මූණ දිහා බලන් ඉද්දි මට හැගීම් පාලනය කරන් ඉන්න අමාරුයි.....

"මොකෝ වුණේ.....කියන්නකෝ..... කවුරුහරි කඩේක කෙනෙක් බැන්නද.....අපේ ඒවා හොද මදි කීවද..."

"නෑ.....ඊලග පාර වැඩිපුර ඉල්ලුවා.....සදුදට ගෙනියකොට දෙගුණ කරලා ගෙනියන්න ඕනෙ...දෙපාරකට ගෙනියන්න වෙන්නෙ...එක්කො බයික් කට්ටක්වත් හොයාගන්න වෙනවා.."

"එහෙනං මොකද දාහට අරන් සීයට දීලා වගේ....මොකද වුණේ....කියන්නකෝ .."

මම බර හුස්මක් ගත්තා....නංගිට හංගලා ඇති වැඩකුත් නෑ...

"අයියා කතා කරා....ඒත්...ඒත් එයා මුකුත් කීවෙ නෑ....මං..මං හිතුවා එයා..
මං හිතුවා හැමදේම හරි කියලා....
ඒත් එහෙම නෑ..."

"එක්කො ඔයා එයාව අමතක කරන්න අයියේ...මේ ලෝකෙ තව කොල්ලො නැතුවැයි .."

"ඒක එහෙම ලේසි නෑ නංගි....දන්නවද එයාට ආදරේ කරන්න හිත හදාගන්නත් මට ගොඩක් කල් ගියා.....එදා මම එයාට ආදරේ කරන්න ගත්තෙ ආපහු නවත්තන්න බලන් නෙවෙයි.....මේ ලෝකෙ තව කොල්ලො කීයක් හිටියත් මට ඕනෙ එයාව විතරයි..."

"සෑහෙන අසාධ්‍ය තත්වයක්නෙ....ඕකට හිමායාගෙ ප්‍රථමාධාර ඕනෙ වෙනවා....මම එදත් ඇහුවා...කොහෙද උනන්දුවක් නෑනෙ"

මේකිට විහිලු....මම සීරියස් දෙයක් කියද්දිත් ඔහොම කියන්න පුලුවන්ද...

මෙච්චර වෙලා හංගන් හිටිය කදුළු එළියට එද්දි මම මගේ උකුලෙ මූණ හංගගත්තා....

නංගියෙක් ඉස්සරහා අයියෙක්ට අඩන්න පුලුවන්ද??? .....
මමත් හැම අයියෙක්ම වගේ නංගිගෙ වීරයා වෙන්න ආසයි.....
ඒත් මට මහන්සියි....හොදටම මහන්සියි...මම හොදින් වගේ පෙන්නගෙන ඉදලා...මට රිදෙන්නෑ වගේ හිනාවෙලා මට මහන්සියි....

නංගි මං ළගට හේත්තු වෙලා මාව බදාගත්තා....

"විහිලුවටනෙ කීවෙ.....ඕකට අඩන්න ඕනෙයෑ...හරි හරි ...ඔයා සුදු අයියට විතරයි කැමති....අඩන්න එපා මෝඩස්...මටත් ඇඩෙනවනෙ...මම සුදු අයියා ආයෙ ආවම හොද පාඩමක් උගන්නනවා ඔයාව ඇඩෙව්වට...ඉන්නකො..."

නංගි  නහය උඩට ඇද ඇද කියව කියව මාව බදාගත්තා...
නංගිගෙ පුංචි අත් මගේ ඔලුව අතගෑවා....
එයා පොඩියි....මට වඩා ගොඩක් පොඩියි....අපි දෙන්නා එක ලග හිටන් ඉදිද්දි මගේ උරහිසටත් වඩා පාතයි...
ඒත් මේ වෙලාවෙ එයාව මට හරි ශක්තිමත්වට දැනුනා.....

"අයියා ආයෙ එන එකක් නෑ නංගි..."

"එයා එයි....මම දන්නවනෙ...එයාට බෑ ඔයාට රිදෙනවා බලන් ඉන්න....."

"මෙච්චර කාලයක් මට රිදුණා...ඒත් එයා ආවෙ නෑනෙ...."

නංගි නිශ්ශබ්ද වුණා....
එයා මගේ හිත හැදෙන්න මොනවා කීවත් පලක් නෑ...මම ඇත්ත දන්නවනෙ...

මමයි නංගියි ටිකක් වෙලා දොරලග ඉදලා ඇතුලට ගියා....මට කෑම කන්න පිරියක් තිබුණේ නැතත් වැඩ කරන්න ශක්තිය ඕනෙ නිසා කෑවා...

අදත් උයන්න ඇත්තෙ නංගි......
පරිප්පු හදලා හාල්මැස්සන් බැදුමක්....

ඇත්තටම කීවොත් නංගිට රසට උයන්න බෑ...පරිප්පු වලට කිරිමදි...ඇට පාවෙනවා... හාල්මැස්සෝ කරවෙලා.....
ඒත් මෙහෙම හරි උයන්න ඉන්නෙ එයානෙ...

අම්මගෙ කොන්දෙ අමාරුව නිසා එයා ඇදේ....දෙපාරක් බෙහෙත් ගත්තත් අඩුවක් නෑ....

මම කටක් දෙකක් කාලා කඩේට ගිහින් ඇවිත් හෙට උදේට අරන් යන්න තියෙන කිරිටොෆි ටික හදන්න ලෑස්ති වුණා....
නංගිව පාඩම් කරන්න යැව්වා.....
එයාට ඕලෙවල් එක්සෑම් ලියන්න මාස දෙකයි...මට හරියකට ඉගෙනගන්න බැරිවුණත් නංගිට හරි උගන්නන්න එපැයි....
මම මෝඩයා වුණාට කමක් නෑ...එයා මෝඩයෙක් කියලා  කවදාහරි කවුරුහරි කියනවට මම කැමති නෑ...

අම්මා ගැනත් විටින් විට බැලුවා....
එයා දවල්ට කාලා ආයෙ නිදාගත්තා...
එයාට හරියට කන්නත් අමාරුයි...

මගේ ඔලුව හරියට යකාගෙ කම්මල වගේ....
අම්මා ගැන බලාගන්න ඕනේ...නංගි ගැන බලන්න ඕනෙ...එයා කෙල්ලෙක්නෙ....එයාට ඕන කරන දේවල් අරන් දෙන්න ඕනේ..
එහෙන් අයියා ගැන කල්පනා කරලම මගේ ඔලුව පුපුරන්න වගේ...

කොහොමහරි රෑ වෙනකොට කිරිටොෆි , රුලං දෙවර්ගෙම හදලා ඉවරයි.....
මේවා හෙටම අරන් යන්න ඕනේ...
පහුවුණොත් පරණ වෙන්න  බලනවා...

නංගිත් අවසාන ටිකට උදව් කරා...මොකද මට මහන්සියි....
ඒත් ටවුන් එකක කාගෙහරි බර වැඩක් කරනවට වඩා මේ බිස්නස් එක හොදයි මට....
කාගෙහරි ළග කුලී කරලා දවසට එක්දාස් පන්සීයක් ගන්නවට වඩා අම්මා හදන්න කියලා දුන්නු කෑමක් හදලා අපේම දෙයක් කරනකොට තියෙන වටිනාකම වැඩියි...

ටිකක් මහන්සි වුණාට කමක් නෑ....
කවදාහරි අපටත් හරියන කාලයක් එයිනෙ.....

මම හැමදාම එහෙම හිතුවත් හැමදාම අපි පස්සෙන් එන්නෙ අවාසනාවමයි.....
පුලුවන් තරං අළු ගසාබසා දාලා නැගිටින්න හැදුවත් හැමදාම අපි ඇදවැටෙන්නෙ ළිප ඇතුළටමයි...

මහන්සි නිසාම තදට නින්ද ගිහින් හිටපු මාව නංගි ඇහැරවද්දි මම නැගිට්ටෙ තරහෙන්....

"මොකද වදේ...හීනයක්වත් දැක්කද...."

මම ඇහුවෙ නංගි බයවෙලා ඉන්නවා දැක්ක පාර..

"අ..අම්මා....අම්මගෙ කොන්ද රිදෙනවලු තදටම....එයාට වමනෙ ගියා කලින්....ඒවා රතු පාටයි...අනේ...නැගිටින්නකො අයියේ...මට බයයි..."

මගේ නිදිමත, මහන්සිය ඔක්කොම තත්පරෙන් නැතිවෙලා යද්දි මම නැගිටලා අම්මා ළගට දිව්වා....

නංගි අම්මගෙ කට සෝදවලා...ඒත් පය පාමුල තිබ්බ භාජනේ තිබ්බ ලේ දකිද්දි මාව වෙවුලන්න වගේ...

අම්මා ඇද උඩ අඩ නින්දෙන් කෙදිරි ගානවා...කොන්දෙ අමාරුවකට ලේ යන්නෙ ඇයි??

"නංගි අම්මව ලෑස්ති කරන්න...අපි හොස්පිට්ල් එකකට යමු...."

"මේ මහ රෑ...."

"ඔව්...මම සුමනෙ මාමගෙ ත්‍රීවිල් එක කතා කරන්නං....ඔයා ඇදුමක් දෙකක් ලෑස්ති කරලා ගන්න..."

"ඒත් ....ඒත් සල්ලි...අපි ඔක්කොම සල්ලි වලින් කෑම හදන්න බඩු ගෙනාවනෙ..."

"රුපියල් තුන්දාහක් ඇති මගේ පෙට්ටිය ඇතුලෙ ...ඒක ගන්න.....ඉතුරු වියදම් හෙට කෑම ටික දුන්නම ගත්තෑකිනෙ...."

නංගි ඔලුව වනලා ඇදුම් හොයන්න දිව්වා....

මම අම්මගෙ ඔලුව අතගාලා ඉක්මනට ෂර්ට් එකකුයි දිග කලිසමකුයි ඇදගෙන සුමනෙ මාමට කෝල් කරා....

නංගි අම්මට ඇදුමක් අන්දන අතරේ මම සල්ලිත් අතට අරගත්තා...

"ඔයත් ඇදුමක් දාගන්න නංගි...මට ඔයාව තනියම දාලා යන්නත් බෑනෙ.."

නංගි අඩනවා....මම එයා ලගට ගිහින් පාත්වෙලා නළලට හාද්දක් දීලා ඔලුව අතගෑවා...

"බය වෙන්න එපා...හැමදේම හරියයි..."

මම අම්මා ළගට ගිහින් අමාරුයිද ඇහුවා.......
හරිහමන් තාත්තා කෙනෙක් ළග නැති අඩුව මට හොදටම දැනෙන්නෙ මේ වෙලාවට......
අම්මා හරි තාත්තාගෙන් දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් ඉන්න දරුවො හැමෝටම මේ වගේ වෙලාවට මේ අඩුව දැනෙනවා ඇති......

අපේ රැකවරණය වුණු එකම වැඩහිටියට රැකවරණය ඕනෙ වෙනකොට අපි අසරණ වෙනවා......අඩුමගාණේ හිතට දැනෙන දුක , බය වේදනාවවත් කියාගන්න බැරි වෙනවා....හැමදේකම වගකීම තනියම ගන්න වෙද්දි.... හැමදේම හොදින් කියලා පොඩි අයව සනසන්න වෙද්දි.......
මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වෙද්දි.....

මං හිතන්නෙ ඒ හැගීම දන්නෙ තනි දෙමාපියෙක් ඉන්න පවුලක අයියෙක් අක්කෙක් විතරමයි....

නංගි ඇඩුවට මට අඩන්න බෑ....මම මට දැනුන බය යටපත් කරගෙන අම්මට මීට අවුරුද්දකට කලින් කොන්දෙ අමාරුවට බෙහෙත් ගද්දි දුන්න ක්ලිනික් පොත එහෙමත් ගත්තා...

"අයියෙ...සුමනෙ මාමා ඇවිත්....."

නංගි කියද්දි මම අම්මව උස්සලා ගත්තා.....නංගි බෑග් එක ගත්තා...

නංගි දොර වහද්දි මම අම්මවත් අරගෙන ත්‍රීවිල් එකට ගියා...එයා කෙදිරි ගානවා......මගේ අත් යන්තමට වෙවුලනවා ...
නංගියි මමයි දෙන්නා අම්මව මැදින් තියාගෙන ඉදගත්තා....

"තව ටිකයි අම්මේ.....ටිකක් ඉවසන්නකෝ...."

නංගි අඩ අඩ අම්මට කොදුරනවා....මම මුකුත් කතා නොකර ඉන්නවා....මොකද මම කතා කරන්න ගියොත් නංගිගෙ වගේ මගේ කටහඩත් බිදෙයි.......එතකොට නංගිට මෙහෙමවත් දරාගන්න බැරිවෙයි.....

අපි විනාඩි පහළවකින් විතර හොස්පිට්ල් එකට ආවා.....අම්මව එවලෙම ඇඩ්මිට් කරා.........ඒත් මට ඇතුලට යන්න ලැබුණේ නෑ.....මම නංගිව යැව්වා.....

කොච්චර වෙලාවක් ගත වුණාද කියලා නොදැනම මම බංකුවක් උඩ ඉදගෙන හිටියා.......
ඈතින් ඉර එළිය මොදු වේගෙන එනවා පෙනෙනකම්ම නංගියි මමයි එළියෙ ඉදන් හිටියා....

අම්මව වාට්ටුවකට දාද්දි උදේ වෙලා....එයාට කෑම අරන් දීලා නංගියි මමයිත් උදේට තෝසෙ කෑවා....ආයෙ ගෙදර ගිහින් උදේට උයන්න වෙලාවක් නෑනෙ.....

අපි ගෙදර එද්දි හොදටම මහන්සියි....ඒත් විවේකයක් ගන්න වෙලා නෑ.....මම ඊයෙ හදපු කිරිටොෆි, රුලං ටික කඩ වලට දාන්න යන්න ඕනෙ.....නංගි අම්මට දවල්ට කෑම ගෙනියන්න උයන්න ඕනෙ ....

"ඔයාට මහන්සි නං හෙට කෑම ටික දාමු අයියෙ......"

නංගි කීවෙ මම ඇදුම් මාරු කරගන්නවා දැකලා....

"මේ ටික දාගත්තොත් තව රුපියල් පන්දාහක් විතර හොයාගත්තෑකි... කොහොමහරි මේ වැඩ ටිකත් කරගන්න වෙනවා.....අම්මට බෙහෙත් එහෙම ගන්න සල්ලි ඕන වෙයිනෙ...."

නංගිට පරිස්සමෙන් දොර වහන් ඉන්න කියලා මම ගියා බඩු ටිකත් අරගෙන.....

වෙනදා වගේම උදේ හරි සෞම්‍යයයි....ළා ඉර එළිය හින්දා අහස ලස්සනයි....කුරුල්ලො බිල්ඩින් උඩින් පියඹන් යනවා.....
උදේ හරි ලස්සනයි....අපිට ඒ ලස්සන බල බල ඉන්න වෙලාවක් නැතුවට....

මට මැරෙන්න තරං මහන්සියි....ඊයෙ මුළු රෑම නින්දකුත් නෑනෙ.....
ඒත් මම අතෑරියෙ නෑ.... කොහොමහරි අපි බඩු දෙන හැම කඩේකටම මම යා ගත්තා....
රුපියල් දාහා ගාණේ හත් දාහක්....

මට සල්ලි අතට ගත්තම සැනසීමක් දැනුනා .....
ලොකු ගාණක් නෙවෙයි තමා...ඒත් හදිස්සියේ බෙහෙතක් ගන්න වුණොත් මේ ඇතිනෙ.....
මම එකොලහ හමාර වෙනකොට ගෙදර ආවා....
ඇදුමක් දාන් අම්මා බලන්න යන්න ඕනෙ.......

නංගි අම්මට දවල්ට ගෙනියන්න බත් උයලා රෑට ගෙනියන්න රොටී හදලා....
මට දුකයි මගේ පොඩි කෙල්ල දැලි කුණු නාගෙන කුස්සියේ වැඩ කරද්දි....
ඒත් අපි ලබා උපන් හැටිනෙ.....

මං ඇතුලට එනකොටම දොර ගාවට දුවන් ඇවිත් ඉදගන්න කියලා වතුර එකක් ගෙනල්ලා දීලා එයත් පැත්තකින් ඉදගත්තා....තාම උදේ ඇදුම පිටින්...

"මම කෑම අරන් යන්නං නංගි ටිකක් නිදාගන්න....හැන්දෑවෙ නැගිටලා පාඩම් කරන්න පුලුවන්නෙ....."

"මාත් එන්නං....ඔයාටත් මහන්සිනෙ අයියේ....ඉක්මනට මොනවාහරි කාලා ඉන්න..."

"නෑ එපා....මම යන්නං..ඔයා නිදාගන්න ටිකක්.."

මම කටක් දෙකක් කාලා ආයෙ ඇදුමක් මාරු කරන් හොස්පිට්ල් යන්න ලෑස්ති වුණා.....

නංගි ඊයෙ ඇදපු ඇදුනුත් ඔක්කොම හෝදලා දාලා.....මගේ උගුරේ මොනවා හරි හිරවෙලා වගේ......නංගිගෙ වයසෙ අනිත් පොඩි ළමයි යාළුවො එක්ක හිනාවෙවී ෆිල්ම්, ඩ්‍රාමා බලද්දි මගේ පොඩි එකීට බත් තම්බන්නයි එයාගෙ අයියගෙ රෙදි සෝදන්නයි වෙලා...
මං කොහොමද මේ හැමදේම දරාගන්නෙ....මම කියලත් මනුස්සයෙක්නෙ....මට මේ හැමදේම දරාගන්න අමාරුයි ....ඒත් දරාගන්න බැරි වෙලාවටත් දරාගන්න වෙනවනෙ.....

මම අතේ තිබ්බ හත්දාහෙන් හාරදාහක් පෙට්ටිය ඇතුලට දැම්මා...

මම හැමදේම ලෑස්ති කරන් යන්න ලෑස්ති වෙද්දි තමා නංගි ඇග සෝදන් ඇවිත් නිදාගත්තේ.....

මම දොර එළියෙන් ලොක් කරලා ගියා.....
මෙතන ඉදලා පේරාදෙණිය හොස්පිට්ල් එකට දුර නෑ.....ඒත් අම්මව උදේ නුවර හොස්පිට්ල් එකට මාරු කරලා තිබුණා.....

මම යනකොට දොලහ හමාරට විතර ඇති ....අම්මව බලලා මම ඩොක්ටර්ව මුණ ගැහෙන්නත් ගියා....

ඩොක්ටර් කීවෙ තාම හරියට දෙයක් කියන්න බෑ....තව ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කියලා......ඒත් ඩොක්ටර්ගෙ මූණෙ තිබ්බ පෙනුම එච්චර සතුටුදායක නෑ....
මම මට දැනුන බය හංගගෙන විස්තර ඇහුවා.......

උදේ රොවේන් අයියා කතා කරලා තිබ්බා...මට ආන්සර් කරන්න බැරිවුණා....ආයෙ ගන්න හිතලත් ඕන නෑ කියලා නිකං හිටියා....එයාට මේ ප්‍රශ්න කියන්න බෑ කොහොමත්...
මට බොරු කියන්න බෑනෙ....

මම ගෙදර එන ගමන් කෑම හදන බඩු ටිකකුත් අරන් ආවෙ.....අම්මා හදන හැම කෑමක්ම මට හදන්න බෑ...ඒත් මුරුක්කු , කිරිටොෆි එහෙම හදන්න බැරි නෑ ...
අම්මා කියන්නෙ අම්මගෙ අත්ගුණේ එහෙමම මට තියෙනවලු .....
මං හීන දැක්කා ඕලෙවල් කරාට පස්සෙ චෙෆ් කෝස් එකක් කරන්න...
ඒත් සල්ලි තිබුණේ නැති නිසා ඒ හීනෙ යට ගියා....

මම ගෙදර යද්දි මට පාන් කියාගන්න බැරි තත්වෙක මම හිටියෙ......
ඊයෙ මහ රෑ ඇහැරුණ වෙලාවෙ ඉදලා ආයෙ නින්දක් නෑ....දිගටම පාරෙනෙ.....

එනින් ගමන් නංගිට මාලු බනිස් එකකුයි මයිලෝ එකකුයි ගත්තා...
මට ඕනෙ නෑ......රොටියක් කාලා ඉන්න බැරියෑ....

මම ගෙදරට ඇතුල් වෙන පාර ළගට එනකොටම දොරකොඩ ඉදන් හිටිය දෙන්නෙක් ඈතට පෙනෙද්දි පුදුම වුණා...

මම නංගි නිදි නිසා දොර එලියෙන් ලොක් කරලනෙ ගියේ..........

ඒ හිටියෙ කවුද කියලා දැක්ක ගමන් මගේ අතේ තිබ්බ බෑග් එක අතට තද වුණා....

ඇයි මේ වෙලාවෙම.....මට මේ තියන ප්‍රශ්න හොදටම ඇති.....හැමදේම සංකීර්ණ කරන්න මෙයාලත් ඇවිත් ඇයි.....මට අම්මයි නංගියි හැර වෙන දේවල් ගැන හිතන්න මානසිකත්වයක් නෑ දෙයියනේ.....

මේ ඔක්කොම අතෑරලා ආපහු හැරිලා ගිහින් මහවැලි ගගෙන් පහළට පනින්න ආව ආවේගෙ මම නැති කරගත්තෙ බොහොම අමාරුවෙන්........
මනුස්සයෙක්ට දරාගන්න පුලුවන් ධාරිතාවක් තියෙනවා....මම ඒ ධාරිතාවෙ උපරිමේටම ඇවිත්.....

මම දොර ළගට ඇවිත් හිටගත්තා.... අද හිටියෙ ඊයෙ හිටියෙ ආදරේ හිගාකන්න වුණත් ලෑස්ති වෙච්ච ආදරේ ඕන වෙච්ච කෙනා නෙවෙයි.....

ප්‍රශ්න වලින් හෙම්බත් වෙච්ච....ආදරේ වෙනුවෙන් කාලෙ වැය කරන්න බැරි තරං හති වැටිචිච කෙනෙක්.....

"ඇයි ආවෙ.....මම කීවනෙ මට වද දෙන්න එපා කියලා....මට පාඩුවේ ඉන්න දීලා යන දේවාලෙක යන්න...."

මම අයියා දිහා බැලුවෙ නෑ....මම බැලුවෙ රොවේන් දිහා......මම රොවේන්ට කීවා අයියට බල කරලා එයාවයි මාවයි එකතු කරන්න උත්සාහ කරන්න එපා කියලා...

මගේ ඇගම රිදෙනවා...බඩගින්නටයි මහන්සියටයි වෙවුලනවා මාව...
මට මහන්සියි.....ගෙදර ඇවිත් පැය දෙක තුනක් නිදාගන්න බලාගෙන මම ආවෙ......

මේ රිදී හැන්ද කටේ ගහන් ඉපදුණ කුමාරයොන්ට මාව තේරුම් ගන්න බෑ......එයාලට තේරෙන්නෑ විවේකයක්වත් නොගෙන ඇගේ අන්තිම ශක්තිය ඉවර වෙනකම්ම වැඩ කරන එකේ අමාරුව....
එයාලට තේරෙන්නෙ නෑ දරන්න බැරි මොහොතවල් පවා දරාගෙන ඉන්න අපේ හිත් ගැන...

"යෙහාර....ඊයෙ....ඊයෙ වෙච්ච දේට මට සමාව දෙන්න...මම කතා කරන්න කලින් ඔයා ෆෝන් එක තිබ්බා...මට සමාවෙන්න යෙහාර....මං ආවෙ ඔයාට රිද්දුවට සමාව ගන්න....ඒත් නංගි කීව වචන වලින් මට තේරුණා එහෙම සමාව ඉල්ලුවට මදි කියලා....ඔයාව මාව ගණන් නොගත්තට කමක් නෑ...සමාව දෙනකම්ම මම අතාරින්නෙ නෑ.....මම පසුතැවෙනවා...ඊයෙ ඔයාගෙ කටහඩ අහපු මොහොතෙම මම දැනගත්තා මම කරපු වැරැද්ද......මම ඔයාට යන්න දුන්නා මහ මෝඩ හේතුවකට....මට මාව පාලනය කරගන්න තිබුණා...ඒ වෙච්ච කිසි දේකට ඔයා පලි නෑ කියලා තේරුම් ගන්න තිබ්බා.....මම පරක්කුයි තමා....ඒත් මට සමාවෙන්න...."

අයියා කීව වචන මම අහන් හිටියෙ එයා දිහා නොබලා.....මේ මාස එක හමාරක් තිස්සෙ මට අහන්න ඕනෙ වචන......එයා කියනකං මම බලන් හිටිය වචන.......ඒකට කමක් නෑ කියලා මම එයාව තුරුලු කරගන්න බලන් හිටිය වචන...

ඒත් අද මට ඒ වචන අහද්දි දැනුනෙ මහන්සියක්...උදාසීන ගතියක්......
දෙයක් කරලා සමාව ඉල්ලන්න ලේසියි...
ඒත් ඒ දේ නිසා ඇතිවුණු හිත් බිදීම නැති කරන්න අමාරුයි.....
මට ආදරේ වෙනුවෙන් වැය කරන්න කාලයක් නෑ......

"මං දන්නෑ අයියේ .....මට මේ වෙලාවෙ ඕවා ගැන හිතන්න බෑ....එහාට යන්න...මට මැරෙන්න තරං මහන්සියි.."

මම ඒ දෙන්නව ගණන් නොගෙන දොරේ යතුර සාක්කුවෙන් අරන් දොර ඇරියා......
මාව වෙවුලනවා වගේ...

"යෙහාර.....යෙහාර....මොකද්ද වුණේ....නංගි මුකුත් කීවෙ නෑනෙ...."

එයා මගේ අතින් ඇද්දා....මාස එක හමාරකට පස්සෙ එයාගෙ අත මගේ අතින් අල්ලද්දි මට දැනුනෙ හරියට විදුලි සැරයක් වදිනවා වගේ.....
මම බලන් හිට්යා තමයි....මට දැනටත් ඕනේ එයාට තුරුල් වෙන්න තමයි....

ඒත් මම එයාට එපා වුණාම විසික්කරන්නයි ඕනෑ වුණාම ළං කරගන්නයි සෙල්ලම් බඩුවක් නෙවේ...
එයාගෙ උදව් ඉල්ලලා පස්සෙ එයාගෙන් ප්‍රයෝජන ගත්තා කියලා අහගන්න මට ඕනෙ නෑ...

මම වැඩ කරලා මැරිලා හරි අම්මා ගැන බලනවා...මට කාගෙවත් වටේ වැලක් වගේ එතෙන්න ඕනෙ නෑ.....

ඒත් හිතේ හයිය තිබ්බට මට අද ඇගේ හයියක් නෑ.....
ඊයෙ රෑම ඇහැරන් ඉදලා උදේ වරුවම ඇවිදලා හොස්පිට්ල් එකටත් ගිහින් හරියට කෑමක්වත් නැතුව මාව දුර්වල වෙලා...

ඉතිං එයා අතින් අදිද්දි මාව එයාගෙ පැත්තට පරඩැලක් වගේ ඇදිලා ගියේ මම අත ගලවගන්න හදද්දි...

මම එයාගෙන් ගැලවෙන්න දගලද්දි තමා දැක්කෙ එයා මාව තද කරන් හිටියෙ එක අතකින්...අනිත් අත මැණික්කටුවෙ ඉදලම බැන්ඩේජ් කරලා......

ඇගට පණ නැතුව හිටිය මං දගලන එක නවත්තලා එයාගෙ ඇගට හේත්තු වුණේ බයවෙලා..

"අතට මොකද වුණේ ... අයියේ....මොනවා කරන්න ගිහින්ද තුවාල කරගත්තේ......."

මම ඇහුවෙ අහන්න පුලුවන් උපරිම සැරෙන්.......
මට වෙලා තියෙන ඒවා මදිවටද.....
මෙයාට බැරිද ටිකක් පරිස්සම් වෙන්න...

මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය රොවේන් අයියා  උගුර පෑදුවා...

"මූ ඊයෙ සෑහෙන ලොකු නාඩගමක් නටලා ඔය ඉන්නෙ....මාවත් බය කරලා....අනේ මල්ලි වදින්නං...දැන්වත් උඹලා දෙන්නගෙ ඔය වලිය මොකක් හරි කමක් නෑ, ඒක නවත්තන්න...උඹ එහෙන් දුක් විදිනවා..මූ අත කපාගෙන මැරෙන්න හැදුවා....දේවාන්‍ය නාවනං උඹට මූගෙ මළකද තමා බලන්න වෙන්නෙ...ඇත්තමයි උඹලා දෙන්නගෙ මොලේ පෑදෙන්න ඔලු දෙක එකට හප්පන්න හිතිලා තියෙන්නෙ....

රොවේන් අයියා විහිලුවට වගේ කීවට එයාගෙ ඇස්වල ලියවිලා තිබ්බෙ ලොකු වේදනාවක්....
අයියා මං දිහා බැලුවෙ සමාව ඉල්ලන බැල්මකින්......

"මොනවද කපාගත්තා කියන්නෙ....තමුසෙට සිරාවටම අමු කැවිලද අයියේ....හරිනං මම නෙවෙයිද එහෙම කරන්න ඕනෙ...මම මේ හැමදේම මෙච්චර දරාගෙන ඉදලත් තමුසෙ කොහොමද මාව දාලා යන්න හැදුවෙ....එච්චර ආත්මාර්ථකාමීද.....ඔයා මැරුණනං මම කවදාවත් සමාව දෙන්නෑ........තමුසෙම මාව රිද්දලා තමුසෙම මාව දාලා යනවා....එක හරි
අසාධාරණයි අයියේ...."

මම දන්නෙ නෑ මොනවා කරන්නද කියලා ...මට වේදනාවටයි දරා ගන්න බැරි කේන්තියටයි ඇඩුණා.....අයියා මාව තුරුල් කරගනිද්දි  පණක් නැතුව හිටිය මං එයාගෙ ඇගට හේත්තු වුණා...

එයා උණුසුම්...එයා මං ලග ඉන්නවා...ඒත් එයා මට නැතිවෙන්න තිබ්බා කියලා හිතෙනකොට.....

මං ළග නැතිව හරි එයා මේ ලෝකේ කොහේහරි තැනක ඉන්න ඕනෙ.....
එයා මේ ලෝකෙ නෑ කියලා හිතෙනකොට මට එන්නෙ හුස්ම හිරවෙන හැගීමක්...
මට ඒක දරාගන්න බෑ....

මම අයියට හේත්තු වෙලා ඇස් පියාගත්තා.......
මම තරහයි....තාම තරහයි.....
ඒත් මගේ පපුව මැද්දෙ මෙචිචර දවසක් ගලක් හිරවෙලා වගේ තිබ්බ හැගීම අඩුවේගෙන එනවා....

මට මහන්සියි...දරන්න බැරි තැනටම...මගේ කකුල් පණ නැතිවෙලා යද්දි අයියා මාව හයියෙන් අල්ලගත්තා ......
මම එයාගෙ ඉන වටේට අත් දාගෙන මූණ එයාගෙ පපුවෙ හංගගෙන ලොකු හුස්මක් අරගත්තා.....

"මට මාව දාලා යන්න එපා කියලා ඔයාව පොරොන්දු කරගන්න තරං ඔයාව විශ්වාස නෑ දැන්.....ඒත් මට චුට්ටක් හරි ආදරේ කරානං ආයෙ මාව රිද්දන්න එපා අයියේ .......ඔයාට තියෙන ආදරේ එහෙමමයි....ඒත් ඔයාව ආයෙත් මට විශ්වාස කරන්න පුලුවන් දවසක් එනකං මං බලන් ඉන්නවා......"

මම අයියට කොදුරලා ආයෙත් ඇස් පියාගත්තා...
ඊට වඩා කතා කරන්න තරං මට ශක්තියක්  නෑ ..

මතුසම්බන්ධයි~

Continue Reading

You'll Also Like

6K 1.7K 17
සමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... _______________________________________...
99.2K 1.6K 44
Milana Bradley returns home after running away for five years due to an unplanned pregnancy. She soon realizes coming home was a mistake and must pro...
32.2K 5.8K 42
හදින්ම දිවුරමි ලෙයින් ලියා දෙමි.....🎼🎶 සසර පුරා මගෙයි ඔයා..... 🎼🎶 Begin: 26 September 2021 End: 04 December 2021 Most Impressive Ranking 8 #yizh...
99K 3.1K 35
After finally her life ending. She thought that her misery would end, but how wrong she was. When she realized, she was already born and given the na...