පතොක් මල්🌵✔️

By TaraNemeth9

74.9K 13.6K 2K

ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙ... More

පලමුවෙනි ඉඩෝරය🌵
දෙවනි ඉඩෝරය🌵
තුන්වෙනි ඉඩෝරය🌵
හතරවෙනි ඉඩෝරය🌵
පස්වෙනි ඉඩෝරය🌵
හයවෙනි ඉඩෝරය🌵
හත්වෙනි ඉඩෝරය🌵
අටවෙනි ඉඩෝරය🌵
නව වෙනි ඉඩෝරය🌵
දහවෙනි ඉඩෝරය🌵
එකොලොස් වෙනි ඉඩෝරය🌵
දොලොස් වෙනි ඉඩෝරය🌵
දහතුන්වෙනි ඉඩෝරය🌵
දාහතරවෙනි ඉඩෝරය🌵
පහළොස්වෙනි ඉඩෝරය🌵
දාසයවෙනි ඉඩෝරය🌵
දාහත්වෙනි කොටස🌵
දහ අටවෙනි ඉඩෝරය🌵
දහනව වෙනි ඉඩෝරය🌵
විසිවෙනි ඉඩෝරය🌵
විසි එක්වෙනි ඉඩෝරය🌵
විසි දෙවෙනි ඉඩෝරය🌵
විසි තුන්වෙනි ඉඩෝරය🌵
විසි හතරවෙනි ඉඩෝරය🌵
විසි පස්වෙනි ඉඩෝරය🌵
විසි හත්වෙනි ඉඩෝරය🌵
විසි අටවෙනි ඉඩෝරය🌵
විසි නවවෙනි ඉඩෝරය🌵
තිස්වෙනි ඉඩෝරය🌵
තිස් එක්වෙනි ඉඩෝරය🌵
තිස් දෙවෙනි ඉඩෝරය🌵
තිස් තුන්වෙනි ඉඩෝරය🌵
තිස් හතරවෙනි ඉඩෝරය🌵
තිස් පස්වෙනි ඉඩෝරය🌵
තිස් හයවෙනි ඉඩෝරය🌵
තිස් හත්වෙනි ඉඩෝරය🌵
තිස් අටවෙනි ඉඩෝරය🌵
තිස් නවවෙනි ඉඩෝරය🌵
හතලිස් වෙනි ඉඩෝරය🌵
හතලිස් එක්වෙනි ඉඩෝරය🌵
හතලිස් දෙවෙනි ඉඩෝරය🌵
හතලිස් තුන් වෙනි ඉඩෝරය🌵
හතලිස් හතරවෙනි ඉඩෝරය🌵
හතලිස් පස්වෙනි ඉඩෝරය🌵
හතලිස් හයවෙනි ඉඩෝරය🌵
හතලිස් හත්වෙනි ඉඩෝරය🌵
48.ඉඩෝරය නිමාවී උදා වූ වසන්තය🌸
පසුවදන ( author's note)

විසි හයවෙනි ඉඩෝරය🌵

1.1K 243 43
By TaraNemeth9

ශෙනාල්ගෙ pov ❤️

සුළං රැල්ලේ දැවටිලාවත්
ඇවිත් යන්නට හිතෙනවා
නළල් තලයට දෙතොල් ලංකර
හාදු දෙන්නට හිතෙනවා
පියානොපියෙන නෙතුපියන් යට
ඔබේ රූපය මැවෙනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා

"අයිසේ...ඔය පඩංගුව වහනවා...පේනවනෙ මම වැඩක්.....තමුසෙලා මොකට ඔය ජරාව අහනවද මන්දා.."

මම ළාවට දාලා තිබ්බ මියුසික් එක වහන්න කියලා ඩ්‍රයිවර්ට කෑ ගැහුවා...
කොල්ලා බයවුණු පාර ඉක්මනට ඒක අයින් කරා.....

තනියම නිදහසේ කාර් එකක ගිය කාලෙ ඉවරයි....
CEO Shenal Jayaweera ට බැහැ මැනේජර් ශෙනාල් වගේ කාර් එක තනියම ඩ්‍රයිව් කරන්න ...

පලවෙනි හේතුව time is everything...
දෙවනි හේතුව reputation is important....

මම බල බල හිටිය ලැප් එක ක්ලෝස් කරලා අතට ගත්තා.....
පොඩි කොල්ලා , සේසත් බලන් ඉන්නවා මම යන්න කියනකන්..

"සේසත් යන්න......මම එන්නෙ ෆයිව් තර්ටි අද...ඒ වෙනකොට ඇවිත් ඉන්න"

දොර ළගට මගේ සෙකට්‍රි ඇවිත් බෑග් එකයි ලැප් එකයි ගත්තා...

"සර්..අද දහයට මීටින් එකක්.....දෙකට vip client කෙනෙක්ගෙ පොජෙක්ට් එකක් finalize කරන්න තියෙනවා...."

"හ්ම්..."

මම ටිකකින් මගේ රූම් එකට ඇවිත් ඉදගෙන රිපෝට්ස් බැලුවා...

මේ රූම් එක මගේ පරණ රූම් එකට වඩා ලොකුයි...සුවපහසුයි...එළිය පෙනෙන වීව් එකත් හොදයි...
වැදගත්ම දේ....මෙතන මතකයන් මුකුත් නෑ.....

දහය වෙනකන් වැඩ කරලා හරියට ටයිම් එකට මීටින් එකට ගියා....

"Good morning mr Shenal..."

"Good morning Mr kevin..."

මං ඉස්සරහා ඉන්න මනුස්සයාගෙ මූණ බොරු හිනාවක් එක්ක යටපත් කරගත්ත කේන්තියකින් පිරිලා....
ඩැඩ් මට අනතුරු ඇගෙව්වෙ මේ ගැන....
කවදාවත් කෙවින්ව තරහා කරගන්න එපා...මිනිහා සර්පයෙක්.....
ඒත් මට ඒක කරන්න සිද්ධ වුණා...

මම කෙවින්ගෙ දුව නුගාරා එක්ක තිබ්බ engagement එක කැන්සල් කරා.....

In my life no more love...no more partners...even for a face value...
ලෝකෙට පේන්න පාට්නර් කෙනෙක් මොකටද...

මිස්ටර් කෙවින් ට අනුව මම එයාගෙ ලව්ලි ඩෝටර්ගෙ හදවත බින්ද දුෂ්ටයා...ඒත් දුෂ්ඨයෙක් වෙලා ඉන්න එක ලේසියි කාගෙවත් හිතක බොරුවට වීරයෙක් වෙලා රගපානවට වැඩිය......

ඒක මට ඉගැන්නුවේ එයා....මගේ ළග නැති මගේ එයා.....
මගේ පපුව මැද්දේ මම නම කියන්න අකමැති ඒ කෙනාගෙ හැඩේට ලොකු හිඩැසක් හැදිලා......
මම ඒ හිඩැස ගල්වලින් පිරෙව්වා....

ලන්ච් එක මේසෙ ළගටම ආවා...
දොර අරිනකොටම ඉස්සර මං දැක්ක ඒ මූණ මං හෙව්වා.....එකම එක මොහොතකට පපුව මැද්දෙන් හීනියට රිදුණා.....
ඒත් මොහොතකට විතරයි....

වැඩ කරන කෙට්ටු කොල්ලෙක් කටපුරා හිනාවක් එක්ක ලන්ච් එක දීලා ගියා...
මම තනියම කෑවා...කෑම කන්න ඕනෙ තනියම තමා... අවධානය වෙනස් වෙන්නෙ නෑ...එතකොට තමා හොදට ජීර්ණය වෙන්නෙ...

දවස ඉක්මනින් ගතවෙලා ගියා.....
කොහොමත් මගේ ජීවිතේ මම ජීවත්වෙන්නෙ එක දවස ගානේ හිතලා....

5.30 වෙනකොට සේසත් මෙතන....

අපි නිශ්ශබ්දව ගෙදර ආවා...සේසත් ආයෙ සිංදු දාන්න ට්‍රයි කරේ නෑ....

"සර්...."

මම බහිනකොටම සේසත් මට කතා කරා...

"මොකද ...මට මහන්සියි ....හෙට කියනවද.."

"මේක හදිස්සියි සර්..."

"හා හා කියනවකො..'

"සර්...මේ..ස."

සේසත්ගෙ අහිංසක මූණ මට වෙන කෙනෙක්ව මතක් කරවනවා...මට ඒකට තරහා යනවා....
ඒත් මේ එයා නෙවේ....

"තෙපරබාන්නෙ නැතුව කියනවා...සේසත් දන්නවනෙ මම කොච්චර බිසී මනුස්සයෙක්ද කියලා.."

"සර් මට මේ මාසෙ පඩියෙන් අඩුකරගන්න පොඩි ගාණක් දෙන්න පුලුවන්ද....මල්ලිට අසනීපයි..."

"මොකද්ද අසනීපෙ..."

"ආතරයිටිස් සර්...පොඩි කාලෙ ඉදලම තියෙනවා....එයාට...අලුත් බෙහෙතක් අරන් දෙන්න ඕනෙ "

"පොඩ්ඩක් ඉන්නවා...."

මම රුපියල් පන්දාහක් දුන්නා..

"පඩියෙන් අඩු කරගන්න ඕනෙ නෑ , ආයෙ ඕනෙ වුණොත් ඉල්ලන්න"

කොල්ලා අඩ අඩ පින්දීලා අරන් ගියා...

ඒත් මට හොදක් කලා කියලා දැනුනෙ නෑ....
මම මම ඉෂ්ට කරන්න ඕනෙ වගකීම් වලින් පැනලා යන එක ගැන දැනෙන වරදකාරී හැගීම පියවගන්න හදනවා වගෙයි මට දැනුනෙ...

හිමායා.....මගේ ළග නොහැදුණාට මගේ නංගි.....
මගේ අතේ එල්ලිලා සුදු අයියෙ කියපු කෙල්ල...
මාව එයාගෙම අයියා වගේ පිලිගත්ත කෙල්ල..

ඒත් එයා දිහා මට බලන්න බෑ ආයෙත්...එයාගෙ මූණ අස්සෙන් මගේ තාත්තව පෙනෙද්දි මට දැනෙන වෛරය නවත්තගන්න බෑ මට....

මාව එයාගෙ මස්සිනා කියලා පිලිගත්ත කෙල්ලව මගේ නංගි කියලා ඇයි මට පිලිගන්න බැරි....

මගේ ඔලුව රිදෙන්න ගන්නවා මේ දේවල් කල්පනා කරනකොට....

"හායි ශෙනාල්...."

දේවාන්‍ය සාලෙට වෙලා ඉදගෙන ටීවී බලනවා...මූ දැන් මාත් එක්ක හිනාත් වෙනවා...මම කොච්චර මග හැරියත් මාත් එක්ක කතා කරනවා.....

"මම උඩට යනවා....."

මම කෙටියෙන් කියලා පඩිපෙළ නගින්න පටන් ගත්තා....

"සමහර පඩිපෙළවල් වලින් ලිස්සලා වැටෙන්නම ඕනෙ රිදෙනවද බලන්න..."

එයා එහෙම කියලා හිනාවුණා...මම රවාගෙන එයා දිහා බලද්දි  කකුලකුත් උඩට අරගෙන නිකට කකුල් උඩ තියාගෙන හාවෙක් වගේ හිනාවෙනවා....

එයා දරුණු පෙනුමයි...කෙට්ටු වුණත් ගොඩක් උසයි...ඒත් හිනාවෙනකොට ටිකක් අහිංසක පාටයි....ඒත් ඔය අමුතු කතාව තමා පේන්න බැරි....
තාත්තා එක්ක එයාගෙ කතාබහ සාමාන්‍යයයි...ඒත් මාත් එක්ක ඒ කතාබහ අමුතුයි....

හරියට එයා මං නොදන්න මොකක්හරි දන්නවා වගේ...මමත් නොදන්න දෙයක් මගෙන් දකිනවා වගේ....

උඩට ගිහින් ඇදුමක් මාරු කරන් ලැප් එක අරගෙන මම මේසෙ ළග ඉදගත්තා....

වැඩ කරන අතරෙ රොවේන් කතා කරා...ඉන්සියා කතා කරා....මම කෝල් දෙකෙන් එකක්වත් ආන්සර් කරේ නෑ...

රොවේන් මට මං මෝඩයෙක් කියලා බනින එකවත් ඉන්සියාගෙ මම ඔයත් එක්ක ඉන්නවා හෑල්ලවත් මට අද අහන්න බෑ කියලා හිතුණා...

මගේ සෞඛ්‍යය එච්චර හොද නෑ....ඒක මට තේරෙනවා....මට නරක හීන පෙනෙනවා....වෙලාවකට ඔලුව පැලෙන්න රිදෙනවා....සමහර වෙලාවට මම වත්තට යනවා...ඇයි ගියේ කියලා මට මතක නෑ.....

ඒත් රොවේන්ගෙ වචනවත්....ඉන්සියාගෙ බෙහෙත් වත් මට වැඩක් නෑ......
මගේ බෙහෙත එයා......
මාව සනසන්න පුලුවන් එයාට....

ඒත් මාව රිද්දන්නෙත් එයා....මං මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ...

මම වැඩේ ඉවර කරලා එලී බබා එක්ක වත්තට ගියා....එයා සෙල්ලම් කරනවා බලන් ඉන්න එක මට සැනසීමක්.....

ආපහු එනකොට තාත්තා පහළ ඉන්නවා ....එයා දැන් වැඩිය වැඩ කරන්නෙ නෑ....ඔෆිස් එකේ වැඩ මම බාරගත්තනෙ...
සමහර විට එයාගෙ සයිඩ් බිස්නස් බලනවා ඇති...
ඒත් මම ඒවට සම්බන්ධ වෙන්න කැමති නෑ...

ඒ නැතත් තාත්තගෙ මූණක් බලන එකත් මට අප්‍රසන්නයි...
මට සිද්ධ වෙච්ච හැමදේටම මූලික හේතුව එයා.....අම්මා, දිනූ විතරක් නෙවේ මට යෙහාරව නැතිවුණෙත් මෙයා නිසා....
ඉතිං මට තාත්තා ගැන තියෙන්නෙ ලොකු තරහක්....
ඒත් එයා මගේ තාත්තා නිසයි මම ඉවසන්නේ....

මම පහුගිය මාසෙම වගේ තාත්තව මග හැරියා...
මුණ ගැහුණත් වචනයක් දෙකක් කතා කරලා නිකං හිටියා.......

"පුතා...අදවත් රෑට කන්න පහලට එන්න..."

එයා මේසෙ ඉදගන්න ගමන් කීවා....
එයාගෙ පෙනුම සන්සුන්...එයා මං වගේ නෙවේ...බොහොම ඉක්මනට දේවල් අමතක කරන්න පුලුවන් කෙනෙක්...

නුගාරාගෙ සිද්ධිය නිසා ගෙදර ලොකු රණ්ඩුවක් වුණත් එයාට ඒක ගැන කරන්න දෙයක් නෑ කියලා තේරුණ පාර එයා නිශ්ශබ්ද වුණා......
එයා කෑ ගහන්නෙ රණ්ඩු වෙන්නෙ නෑ...ඒත් එයාට ඕන දේ ඉෂ්ට කරගන්න එයා දක්ෂයි....
නුගාරාගෙ සිද්ධියේදි මම නුගාරාටයි කෙවින් අංකල්ටයි කෙලින්ම කීව නිසා එයාට කරගන්න දෙයක් තිබ්බෙ නෑ..

"මම වැඩක් ඩැඩ්, ඔයා කන්න"

"පුතා....මම ඔයාව දකින්නෙ ගොඩක් අඩුවෙන්....මට කියලා ඉන්නෙත් එක පුතයිනෙ..."

එයා බත් බෙදාගන්න ගමන් කීවා....ඒකත් හරි සීරුවෙන්......
එයා හැමදාම යන්ත්‍රයක් වගේ....
මමත් කවදාහරි එයා වගේ හැගීම් දැනීම් නැතිරොබෝ කෙනෙක් වෙයිද...

"කාගෙ වැරැද්දෙන්ද...."

මම කෑගැහුවා.....මට පුපුරන්න විදිහක් හොය හොය හිටියෙ.......

"පුතා....මේ කතාව ඉවරයි...."

එයා යන්න හැරුණා....හැමදාම වගේ එයා පැනලා යනවා...
ඒත් එයාගෙ හැගීම් දැනීම් නැති මූණෙ හැගීම් පෙනෙනකොට මට දැනෙනවා මම දිනුවා වගේ....

"ඇයි ඇයි යන්නෙ...ඇත්තට මූණ දෙන්න බයද .....තමුන් අපේ පවුලත් විනාස කරලා තව පවුලක් විනාස කලා මදිද...."

තාත්තා ඒ පාර හැරිලා බැලුවා.....එයා බැලුවෙ පුදුමෙන්.........

"තව පවුලක්....??"

"ඇයි තාත්තා ළමයෙක් එක්ක අතෑරලා දාපු ගෑනිගෙ පවුල....ඒ මිනිස්සුන්ට මොනවද වුණේ කියලා හෙව්වද??"

තාත්තා අහක බලාගත්තා....මට තේරුණා....
එයා දන්නවා එයාට දරුවෙක් ඉන්නවා කියලා....

"ඔයා ඒක දන්නවා....එහෙම නේද??
ඇයි මෙච්චර කාලෙකට මට ඒක නොකීවෙ...."

තාත්තා ආයෙ හැරෙද්දි එයාගෙ මූණ පරණ විදිහටම ඇවිත්...

"මං දැනගෙන හිටියා ඒ දවස්වල...
ඒත් හෙව්වෙ නෑ....නාලිනී නැති වුනායින් පස්සෙ මට ඒ ගැන හොයන්න හිතුණේ නෑ...."

එයා කීවෙ මං දිහා කෙලින් බලාගෙන...
එයා කිව්වෙ ඇත්ත කියලා ඇස් වලින් පෙනුනා...

"ඩැඩ්...ඔයාට නිකමටවත් හිතුණෙ නැද්ද ඒ ඔයාගෙ වගකීම කියලා......ඔයාගෙ ලේ වලින් හැදුණ දරුවෙක් කොහෙහරි ඉන්නවා කියලා.."

"අපේ reputation එකට..."

"Fuck your reputation dad.....ඔයාට තිබ්බෙ ඒ දරුවව හොයාගන්න...අඩුමගාණේ උදව් කරන්න....ඔයා ඒ ගැන නිකමට හරි මට කියලා තිබ්බනං මම ඒ ළමයට හුරු වෙන්න තිබ්බා...."

"මං ඒ ගැන පසුතැවෙනවා පුතා..."

මම තාත්තගෙ වචන වලට පුදුම වුණා...ඒ තරමට ඒ වචන හැගීම් වලින් පිරිලා....

ඒත් තාත්තට එහා පැත්තෙ හිටිය දේවාන්‍ය බලන් හිටයෙ කට කොණක හිනාවක් එක්ක...

හරියට එයා මෙතන සිද්ධ වෙන දෙයින් විනෝදයක් ලබනවා වගේ...

"රණ්ඩුව ඉවර නං කමුද සර්......
සමහර වෙලාවට ඇත්ත එළිවෙන්න කල් යනවා...ඒ එළි වෙන ඇත්තත් සම්පූර්ණ ඇත්ත නොවෙන්න පුලුවන්...ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා ඒකට..."

එයා පපඩමක් හපන ගමන් කීවා..

මම කන්නෙත් නැතුව උඩට ගියා.....
මම ගොඩ කාලෙකට කලින් හිමායා ගැන දැනගත්තනං සමහර විට එයාව පිළිගන්න තිබ්බා....මගේ අම්මගෙ නූනට එයා මගේ නංගි...

එහෙම වුණානං මම යෙහාරට ආදරේ  නොවෙන්න තිබුණා....එයාව හිමායගෙ අනිත් අයියා විදිහට පිලිගන්න තිබ්බා...
ඒත් ඇත්තටම එහෙම වෙයිද....
අපි මුණ ගැහුණ පලවෙනිම දවසෙදි මට එයාව ඕනෙ වුණා.......

ඒත් එයා හරිනං මගේ නොවෙන්න තිබ්බෙ....එයා දිනූගෙ වෙන්නයි තිබ්බෙ...

මම ලොකු හුස්මක් හෙලුවා....
මැරිලවත් තමුන් මට ඉන්න දෙන්නෑනෙ දිනූ...
ඒත් මම උඹටත් ආදරෙයි...එච්චර වෛර කරලත්...
උඹේ යෙෂ් ද....මගේ යෙහාර ද....

මම හිතින් හිතුවා.....
ඒත් හැලහොල්මනක් නෑ...

මම ඇදුම් මාරු කරලා anxiety වලට තියෙන බෙහෙත් පෙත්තකුත් බීලා ඇදට වැටුණා......

නින්ද යන්නෙ නෑ.....නින්ද ගියත් මට පරණ දේවල් මැවි මැවී පේනවා.....මම පුංචි කාලෙදි යෙහාරට බැනලා තල්ලු කරපු හැටි.....
අම්මයි දිනූයි මට නැතිවෙච්ච හැටි....

හොස්ටල් එකේ කණ්ණාඩිය අස්සෙන් මට ආයෙත් දිනූව මුණ ගැහුණ හැටි....
මම කණ්ණාඩිය දිහා බලන් අනිත් ළමයි මට බුම්මට්ටා කියලා විහිලු කෙරුවා කිව්වට අඩන හැටි...
දිනූ හැමදේම හරියයි කියලා එයාගෙ අහිංසක හිනාව එක්ක කියන හැටි..
ඒ කියනවා වගේම ඊලග දවසෙ ඒ ළමයි මං දිහා බලන්නෙවත් නෑ....බයවෙලා දුවපු හැටි...

මට අමතකත් වෙලා තිබ්බ ඒ මතක මගේ හීන අස්සෙන් ආයෙ ආයෙ පෙනෙනවා

මට සිද්ධ නොවුණු දේවල් මැවි මැවී පෙනෙද්දි තමා ගොඩක්ම අවුල් යන්නෙ...
ලේ ගොඩක වැටිලා ඉන්න දිනූයි මමයි යෙහාරට අපිව බේරගන්න කියලා කෑ ගහනවා......
ඒත් එයා අපි දෙන්නවම දාලා හැරිලා යනවා....එයා හිනාවෙවී ඈත ඉන්න කෙනෙක් ළගට යනවා.......
ඊලග දවසෙ ඒ හීනෙ ආයෙ පේනවා..එදාට එයා මං දිහා නොබලා දිනූ ළගට යනවා....දිනූගෙ අතේ අර රතු නූල ගැටගහනවා....
ඔයාට තමා මං ආදරේ ....ඔයාට තමා මේක දුන්නෙ...අරයට නෙවේ කියනවා.....
ඇයි දිනූ මැරිලා ශානු ඉතුරු වුණේ කියලා අහනවා...

මම කෑගහගෙන වේදනාවෙන් ඇහැරෙනවා.....
කොච්චර ඇඩුවත් ඒ දර්ශන හිතින් යවාගන්න මට බෑ...ඒවා ඇත්තම වගේ මගේ හිතේ රැදෙනවා...

රොවේන් ආයෙ කෝල් කරනවා...
වදේ නිසාම මම ආන්සර් කරනවා..

"බල්ලෝ .....ඇයි මගේ කෝල් උස්සන්නැත්තෙ..."

"කෑගහන්නෙපා බං...මට මහන්සියි...නිදාගන්න යන්නෙ...හෙට වැඩ...."

"උඹ වැඩ කරනවා කරනවා ඉවරයක් නෑ...කොහෙහරි යං නිවාඩුවකට..."

"වෙලාවක් නෑ බං...."

"අඩුගාණේ ක්ලබ් එකටවත් යං.....රෑකට කාවහරි සෙට් කරගෙන උඹේ ඔය ස්ට්‍රෙස් එක යවපං..."

"මට එහෙම අමාරුවක් නෑ...උඹ දන්නවනෙ...."

"උඹ ඉස්සර එහෙමනෙ...."

"ඒත් දැන් වෙනස්...."

රෙවේන් බර හුස්මක් ගත්තා..

"උඹ අර කොල්ලට තාම ආදරෙයි...ඒක පිලිගනිං...."

"මට ඌගෙන් වැඩක් නෑ රොවේන්...පාඩුවේ ඉන්න දීපං..."

"එහෙනං උඹේ අර දොස්තර ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කියපං මට කෝල් කර කර උඹ කතා කරේ නෑ කියලා දුක කියන්න එපා කියලා..."

"මොන....ඉන්සියාද.....එයා මගේ ගර්ල් නෙවෙයි....එයා නිකං මට උදව් කරනවා විතරයි...මට අවුල් යන වෙලාවට බෙහෙත් බීවම හරියනවා..."

"උඹ ඔය බෙහෙත් වලට ඇඩික්ට් වෙලා නවතින්නෙ ඔහොම ගියොත්...අර කෙල්ල නං ඒයි ඒත් උඹව කවලා පොවලා නාවලා බලාගන්න...."

"අනේ පලයං බං යන්න..."

"මං කිව්වයි කියලා හිතාගන්න...උඹ ළං කරගන්න ඕනෙ වුන් ඈත් කරලා ඈත් කරන්න ඕනෙ වුන් ළං කරගෙන ළගදිම පසුතැවෙයි..."

"මගේ ඔලුව රිදෙනවා බං...මං තියන්නං...."

"උඹට කියලා වැඩක් නෑ...උඹ මෝඩයෙක්..ගොනෙක්..ගස් ගෙම්බෙක්....එච්චරයි මම දන්නෙ..."

රොවේනයට තරහා ගිහින් තිබ්බා..
රොවේන් ඉන්සියාට කැමති නෑ....ඇහුවට හේතුවකුත් නෑලු...
ඒත් ඌ කියන්නෙ ඉන්සියා මට කැමතියිලු...

විකාර....ඉන්සියා දොස්තර කෙනෙක්....සයිකොලොජිස්ට් කෙනෙක්....එයාට මං ගැන අනුකම්පා ඇති...මම නිකං එයාට ටෙස්ට් සබ්ජෙක්ට් එකක් වගේ ඇති...
හැමවෙලේම මාව සනසන්නෙ ඒකනෙ....

මම ඉන්සියාට ඒ විදිහට කැමැත්තක් නෑ...ඒත් එයා හොද යාළුවෙක්...සතියකට සැරයක් මම එයාට ඩිනර් එකක් ඇරන් දුන්නම ඉදහිට මල් ටිකක් ගිහින් දුන්නම ඇස් වලිනුත් හිනාවෙනවා...
කවුරුහරි මං නිසා සතුටු වුණානෙ කියලා මමත් සතුටුවෙනවා..

මං ඔෆිස් එකේ අයට වැඩිපුරම කරන්නෙ කෑගහන එක....පොඩි අතපසුවීමකටත් යකා නගිනවා...
ඉන්සියා තමයි හවසට මුණ ගැහුණම මාව කාම් ඩවුන් කරන්නෙ....
එයා ළග ඉන්න එකත් සැනසීමක් වගේ....ඒක යාළුකමක් විතරයි...මට ඒක හොදටම තේරෙනවා...

මොකද මං එයාට ආදරේ කරානං දැනෙන විදිහ කොහොමද කියන්න මම දන්නවනෙ....මගේ පපුවේ ගල් පුරෝපු ඒ හිඩැස....
ඒ හිඩැස ඇති කරපු කෙනා....ඒ හිනාව..ඒ කතාව...ඒ ස්පර්ශය....මාව බදාගෙන මගේ පපුවට තුරුල් වෙන ඒ චූටි ඔලුව...ඒ චූටි ඇගට නොගැලපෙන තරං ලොකු එයාගෙ උණුසුම් අත් දෙක...

මතක් වෙන මතක් වෙන ගාණට මාව රිද්දන ඒ මතක අයිති මගේ යෙහාරට විතරයි...
ඒ හැගීම ඉන්සියා වෙනුවෙන් දැනෙන්නෙ නෑ.....

ඔය දේවල් හිත හිත මම නිදාගත්තා...

***************************************

උදේ ඇහැරෙද්දි මට මහන්සියි...ඔලුවත් රිදෙනවා....නිකං ඇග තලලා දාලා වගේ......නිකං කරාතෙ ටූනමන්ට් එකකට ගිහින් ඇවිත් නිදාගත්තා වගේ..

මම නැගිටලා මේසෙ ළගට ගියා....උදේ කිරි එක කෝ....ඒක ගෙනත් තියෙන්න ඕනෙ මේ වෙනකොට....

කාටහරි බනින්න හිතං  මම පහලට යන්න යනකොටම දොරට කවුදෝ තට්ටු කරන්න ගත්තා....ඒක යකාගෙ තට්ටු කෙරිල්ලක්නෙ...දොර ගැලවෙන්න වගේ තඩිබානවා...

මම දොර ඇරියා...

"මොකද ඕයි උදේ පාන්දර තට්ටු..."

ඒ හිටියෙ ගෙදර වැඩට ඉන්න කෙනෙක්...සිරිසේන

"අනේ පොඩි මහත්තයා...ලොකු මහත්තයා...."

"ඇයි මොකද වුණේ....අසනීප වැඩි වෙලාද..."

මං කලබල වෙලා ඇහුවා...කොච්චර රණ්ඩු වුණත් ඒ මගේ තාත්තනෙ...

"ලොකු මහත්තයා පඩිපෙලෙන් වැටිලා.....දේවාන්‍ය මහත්තයා තමයි හොයාගත්තෙ..."

මම පහලට දුවන්න හැදුවත් සිරිසේන මාව නැවැත්තුවා...

"ලොකු මහත්තයාව හොස්පිට්ල් අරන් ගියා..."

"මොකක්...මෙච්චර දෙයක් වෙනකන් එකෙක් මට කතා කරේ නැද්ද...."

මම කෑගහද්දි සිරිසේන ඇකිලුණා..

"පොඩි මහත්තයට...ක..කතා කලා...දොරට තට්ටු කරාට උත්තර දන්නෙ නෑ...නි...නින්ද ගිහින් ඉන්න ඇත්තෙ කියලා හිතුවා...දේවාන්‍ය සර් හිටිය නිසා අපි ආයෙ කතා නොකර හිටියා....සර්ට...ලොකු අමාරුවක් නෑලු.."

සිරිසේනට බැනලා පලක් නෑ.....
තාත්තට ලොකු අවුලක් නෑ කියද්දි තමා මට සහනයක් දැනුනෙ...
මම කාමරේට ගිහින් ඉක්මනට වොෂ් එකක් දාලා ඇදුමක් ඇදගෙන පහලට ආවා.....

මම දොර දිහාට යන්න හදද්දි මේසෙ උඩ ලියුමක්......
රතු තීන්තෙන් ලිපිනෙ ලියපු...

මම යන එක  නවත්තලා ලියුම කැඩුවා...

සිදු වූ සියල්ල කිසිවෙකු නොදනී....
දන්නා හතුරා සැනසුම විදතී...
බැටළු හම් පෙරූ මරුවෙක් සැගවී..
සාරය උරමින් තව තව සැපෙනී...

අනතුරු හගවමි කල් යනු නොරිසී...
ලෙයට ලෙයක් පලි ගන්නට රිසි වී...
මරුවාගේ මරණය මා විදිමී.....
ආරම්භය පමණක් මා ගතිමී....

මම ගල්වෙලා නතර වුණා.....
මේක අනතුරත් නෙවෙයිද.....තාත්තාව කවුරුහරි තල්ලු කරාද.....

මම පඩිපෙළ ළගට දිව්වා... කවුරුහරි පඩිපෙල පහළ හෝදලා....ලේ තියෙන්න ඇති...

මම උඩට නැගලා හැමතැනම දිව්වා...
බැල්කනිය ළග ජනේලෙ ඇරලා....කාටහරි ගෙට ඇවිත් තාත්තව තල්ලු කරන්න තරං ඉඩ තියෙනවා......
පොලිසියට කියන එක වඩා හොදයි...

මම පොලිසියට කතා කරා....ඒත් ලියුම පෙන්නන එක හිත අදිමදි කලා...
මෙතන තියන දේ මොකක් වුණත් ඒක රහසක් විදිහට තියාගන්න ඕනෙ කියන හැගීම මට තිබ්බා...

අම්මගෙයි දිනූගෙයි මරණෙ ගැනද මේ කියන්නෙ???
ඒත් අපිට කවුරුත් නෑදෑයෝ නෑ පලිගන්න තරං...
ඒත් ඒක අනතුරක්.....
තාත්තාගෙ අනියම් සම්බන්ධෙ නිසා එයාව වැරදිකාරයෙක් වගේ දැනුනත් අනතුර කරේ එයා නෙවෙයිනෙ...

මම ඒ ගැන විස්තර හොයලා බැලුවා අර පරණ ලියුම් නිසාම....

ඒත් මට මුකුත් විස්තරයක් ලැබුණේ නෑ...ඒක මිනීමැරුමක් නෙවේ....

ඒත් මේ කවුද?? තාත්තගෙ බිස්නස් තරහා කාරයෙක්ද....එයා ගොඩක් හොර බිස්නස් කරන නිසා තරහාකාරයෝ ඉන්නවා ඇති...

මට ඒකටත් තරහා ගියේ තාත්තා එක්ක...
එයාගෙ මේ ප්‍රතිපත්තියක් නැති හැසිරීම් නිසා එයාම අමාරුවේ වැටෙනවා....

මම හොස්පිට්ල් එකට යන්න කාර් එකට නැග්ගා...අද සේසත්ට එන්න එපා කීවා...

රොවේනයත් එයි හොස්පිට්ල් එකට...
තාත්තා හොදින් හිටියොත් හොදයි..

මතුසම්බන්ධයි~

Continue Reading

You'll Also Like

36.1K 4.3K 21
" ඔව් ඉතින් තොට මං මොකක් හරි කිව්වම තමයි දහසක් හේතු මතක් වෙන්නෙ..!! " " දැන් මොකක්ද කියන්නෙ !? " " අන්න දැක්කනෙ..! මේ ටිකකට කලින් කිව්ව දේ දැන් මතක න...
1.7K 200 10
මට මතක් උනේ ඒ නපුරු ඇස් දෙක... අදටත් දන්නෙ නෑ ඇයි එයා මට මෙච්චර නපුරු කියලා... ඒත් ඒ නපුරු ඇස් දැනටම මාව පිස්සෙක් කරලා ඉවරයි... ඒ ඇස් දෙක නම් මට කවදා...
1.7K 198 14
බලා හිදිමි මම මතු භවයක හෝ "පසු වදන" ලියන්නට ඔබ එතැයි කියා...... _අහස් සේහස්ය බණ්ඩාර _
17.9K 498 25
Dream centric shorts ! ╮(^▽^)╭ _______________________________________ | |★]ᴛʜɪꜱ ɪꜱ ᴊᴜꜱᴛ ᴍᴇ ᴡʀɪᴛɪɴɢ ʟɪᴛᴛʟᴇ ꜱᴛᴏʀɪᴇꜱ | ʙᴇᴄᴀᴜꜱᴇ...