ශෙනාල්ගේ pov ❤️
යෙහාරව ඇරලවලා මම ආපහු ගෙවල් පැත්තට එන්න ආවා.....
එයා මගෙන් ඈතට යනවා බලන් ඉන්න එක අමාරු වැඩක්....
ඒත් ඉතිං යෙහාරව හැමදාම මගේ සාක්කුවෙ දාන් ඉන්නද......
එයත් එයාගෙ ජීවිතේ ගෙවන්න එපැයි..
මම ගෙදර එන අතරේ කෝල් එකක් ආවා.....යෙහාරවත්ද.... හදිස්සියක් ද දන්නෑ....
ආ...ඉන්සියාගෙන්......
මම එයාට ළගදි කතා කරා දෙතුන් පාරක්....ඒත් එයාට ඕනෙ වුණා වගේ මීට් වෙන්න බැරි වුණා තාමත්...
මම ඉතිං මට ලැබෙන හැම ෆ්‍රී වෙලාවක්ම යෙහාර එක්ක ඉන්නනෙ උත්සාහ කරන්නෙ.....
"හායි ඉන්සියා...."
"ඔයා ගෙදර එන ගමන්ද ශෙනාල් ?? මම මේ ගරාජ් කැෆේ එක ළග , මේ වෙලාව ෆ්‍රී , මෙකෝ කියන්නෙ??"
"හරි මං එන්නං....පැයක් විතර ඉන්න පුලුවන් අදනං...."
ඉන්සියා ගොඩක් දවසක ඉදලා මාව මුණ ගැහෙන්න බලන් ඉන්නෙ....එයා මගේ ඩොක්ටර් විදිහට හිටිය කාලේ සතිදෙකකට සැරයක් මීට් වුණාට දැන් එහෙම මුණ ගැහෙන්නෙ නෑනෙ...
මම කාර් එක පාක් එකට දාලා කැෆේ එක ඇතුලට යද්දි ඉන්සියා නැගිටලා මං ළගට ආවා...
ඉන්සියා සීරියස් කෙල්ලක් වුණත් හරිම ෆැෂනබල් , ලස්සන කෙල්ලෙක්.....
"අම්මෝ...මෙයාව මීට් වෙන්න තියෙන අමාරුවක් ..."
"අපි බිසී පීපල්ස්ලනෙ මිස් ඉන්සියා...කෝ ඉදගමු...මොනවද ඕඩර් කරන්නෙ...."
"ලෙමන් ජූස් හොදයි....කොහොමද ඉතිං ජීවිතේ...."
"ජීවිතේ නං අවුලක් නෑ ඉන්සියා....මේ දවස්වල වැඩ අඩුද??"
"එහෙමටම නෑ....දවස් කීපයක් නිවාඩු නිසා ෂොපින් ගියා අද...."
"ම්ම්...."
ෆෝන් එකට මැසේජ් එකක් ආවා...
"(◕ᴗ◕✿) mama gedara awa....awith wash dan awe...man kanna yanwa honde..."
"Ok..man yaluwek munagahenna awa..'
මම එයාට රිප්ලයි කරන අතරෙම ඉන්සියා එක්ක විස්තර කතා කරා..
"E kawda e..."
"Oya dannawa..."
"Ara eladena newe neda...kiyanawa ithin.."
හම්මේ...මේකගෙ සැර දැන්..
"Oyage yaluwa...inziya.."
"aaaa...akka nan kamak na..."
මම ෆෝන් එක දිහා බලන් හිනාවෙනවා දැකලද කොහෙද ඉන්සියා ඇහිබැමක් උස්සලා බැලුවා...
ඒත් මුකුත් ඇහුවෙ නෑ.....
"මේ දවස් ටිකේ හරිම අපහසු ගතියක් දැනෙනවා.....ළගදි ඉදන් මම ආයෙත් බෙහෙත් බොනවා...
ඉන්සියාගෙ මූණ ටිකක් දුක්බර වුණාද මන්දා...
"ඔයාට අවුලක් දැනුනොත් මට කියන්න ශෙනාල්...හරිද....ඔයාගෙ ඩොක්ටර් නූනට මට යාළුවෙක් විදිහට උදව් කරන්න පුලුවන්නෙ..."
මම ඔලුව වැනුවා...
ඉන්සියා මං දිහා බලන් ඉන්න වෙලාව වැඩිද මන්දා....
අපෙ ජූස් දෙක ආවා.....ටික වෙලාවක් ඕපදූප ගැනත් කතා කරා...
"කෝ ඉතිං , ශෙනාල් මැරි කරන්න යනවා කීවට ගර්ල් ගැන මුකුත්ම කීවෙ නෑනෙ,එයාට නේද ඔය චැට් කරන්නෙ..."
"මම?? නුගාරාට...?? නෑ නෑ මේ වෙන යාළුවෙක්ට..."
මම යෙහාරව යාළුවෙක් විදිහට හදුන්වන්න කැමති නෑ....ඒත් දැන්මම මේ දේවල් එළිකරන්නත් බෑ.....
ඉන්සියායි මමයි ටික වෙලාවකින් කැෆේ එකෙන් පිටත් වුණා...
මම විනාඩි දහයකින් ගෙදර ආවා....
මම ගෙදර එනකොට දේවාන්‍ය ලැප් එකකුත් තියාගෙන සාලේ ඉන්නවා..
ඌ හිටියා කියලා මං හැංගෙන්නයෑ....
මොකද මේක ඌට ගිය ගෙදරයෑ..
මමත් සාලෙ ඉදගත්තා....
තාත්තගෙ හොරවැඩ ටිකක් මෙයාගෙන් අල්ලගන්න පුලුවන් වෙයිද?? එහෙම නැත්තං මෙයත් හැංගිලා වැඩ කරන්න දක්ෂ මාෆියා කල්ලියක කට්ට කෛරාටික වැඩකාරයෙක්ද?
"දේවාන්‍ය තාම වැඩ ඉවර නැද්ද..."
"දැන් ඉවරයි සර්, මේ පොඩි වැඩක්..මම සුමිත් සර් එනකං ඉන්නෙ පොඩි වැඩකට එළියට යන්න..."
"ඒක නෙවෙයි දේවාන්‍ය....ඔයා බටනලා පිඹින්න ඉගෙනගත්තෙ කාගෙන්ද...???"
ආ...මමමයි ඉගෙනගත්තෙ....
ඒක මාව සන්සුන් කරනවා.....ජීවිතේ සිද්ධ වෙන්නෙ අපි නොහිතන දේවල්...අපි විනෝදාංශයක් හොයාගත්තම ඒ හැම තිස්සෙම මතක් වෙන අදුරු මතක වලින් ඈත් වෙන්න පුලුවන්....
දේවාන්‍ය කීවෙ ඈත දුරක ඉදල කකා කරනවා වගේ හරි දුරස්ථ කටහඩකින්
.......
ඊට පස්සේ වචනයක්වත් නොකියා නිශ්ශබ්ද වුණා....
මේ මනුස්සයා ගුප්තයිනෙ...මොකුත් දැනගන්න අමාරුයි වගේ...
මම උඩට ගිහින් වොෂ් එකක් දාලා යෙහාරට කෝල් එකක් ගත්තා...
"අයියේ.....මම මේ ඔයාට ගන්න හැදු.
......එහාට යනවකො ෆෝන් එක උදුරන්නෙ..."
"යෙහාර..."
"සොරි අයියෙ...මේ අපේ ගෙදර යස්සනී ෆෝන් එක උදුරනවනෙ...අර ඔයා දුන්න පුහුල් දෝසි බෑග් එකම මට කෑල්ලක්වත් නොදී ගිලලා දැන් කතා කරන්න දෙන්නෙත් නෑ....'
වෙලාවකට මට යෙහාරයි හිමායායි ගැන ඉරිසියයි....ඔෆිස් ඉවරවෙලා එයා යන ගෙදරයි මම එන ගෙදරයි කොච්චර වෙනස්ද...
මම යන ගෙදර ඔය විදිහට හිනාවෙන්න රණ්ඩුවෙන්න මට හිමායා කෙනෙක් නෑනෙ.......
මේ වගේ හැමදාම තනියම තමා...
"හරි හරි ...දැන් කාලද ඉන්නෙ දෙන්නම....රණ්ඩු වෙන්න එපා..."
මට හිනා යනවා මුං දෙන්නගෙ රණ්ඩු දකිද්දි.....
"අර ඉතිං ඔයත් මං එක්ක කතා කරන්නැතුව මේකි ගැන අහනවා...යනවා යන්න නංගි...මේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ්....තමුසෙගෙ නෙවේ..."
යෙහාර ෆෝන් එකත් අරන් එළියට දුවනවද කොහෙද...
"ආ...දැන් හරි.....කියන්නකො අයියේ..."
"නිකං කතා කරේ...මට මගේ ඌරු පැටියා නැතුව හුස්ම ගන්නත් බෑනෙ.
"
"ඊව්.....හිරිගඩුත් පිපෙනවා ඔහොම කියද්දි....ඔයත් කාලා බීලද අයියේ...'
"මෙහේ නං පිපෙන්නෙ හිරිගඩු නෙවේ හතු......පිපුණ හතු කන්න ඔයාවත් හිටියනං ..."
"ආ ඔහේ අද රෑට උයලා තියෙන්නෙ හතුද...අපේ නං කැරටුයි පපඩනුයි සම්බෝලයි "
මූ නං ටියුබ් ලයිට් ද කොහෙද......මදෑ විහිලුවක් කරා....මූට තේරුණෙත් නෑ.
මූ ඇන්ටිරොමෑන්ටික් කියන්නෙ නිකංද.....
"ආ හරි හරි...හෙට එනකොට ටිකක් proffecional විදිහට එන්න.....මීටින් එකක් තියෙනවා...ඒක කියන්න කතාකලේ..."
"අයියෝ....මං ෂූස් දාන්න ආස නෑනෙ..."
"දැන් එතකොට කසාද බදින්න හිතන් ඉන්නෙත් සැන්ඩ්ල්ස් දාගෙනද..."
"නැත්තං...ඔයාට අවුලක් නෑනෙ නේද??"
මට මැවිලත් පෙනුනා යෙහාර කොටු කොටු රතු ෂර්ට් එකයි ඩෙනිමයි සැන්ඩ්ල්ස් දෙකයි දාලා මාව කසාද බදින හැටි....
"මට අවුලක් නෑ....අපි සරම් ඇදන් කසාද බදිමු එක්කො....එතකොට හරි..."
"ම්ම්...එහෙමත් හොදයි.....ඔක්කොටම කලින් අර එළදෙනව එලවන්න එපැයි....නැත්තං ඉතිං මට ඔයා ඒ එළදෙනව කසාද බැදලා උම්බෑ කියනවා බලන්න තමා වෙන්නේ....."
"එතකොට ඔයා මොකද කරන්නේ..."
මං යෙහාරගෙන් ඇහුවා....
"මම ඉතිං පැත්තකට වෙනවා...මං මොනවා කරන්නද....."
යෙහාරගෙ හිනාවෙවී හිටිය මූඩ් එක වෙනස් වෙලා එක පාරට සීරියස් වෙලා...
ඕකනෙ බැරි....එක මොහොතක නුගාරා ගැනයි හැමදේම ගැනයි විහිලුවෙන් කියලා ඊලග මොහොතෙ අවුල් ගන්නවා.....
"ඌරු පැටියෝ....මං ආදරේ ඔයාට විතරයි...හරිද....මං කවදාවත් නුගාරාව බදින්න යන්නෙ නෑ....මං පොරොන්දු වෙනවා හැමදේම හරිගස්සනවා කියලා...."
"හ්ම්...."
"කෝ දැන් හිනාවෙන්න.....රෑට කාලා නිදාගන්න...හෙට නං මම ඔයාව ගන්න එනවා....ඇදුම පොඩිවෙයිනෙ බස් වල ආවොත්...මං හයහමාරට එන්නං හරිද...."
"හරි...ගුඩ්නයිට් අයියේ, බුදු සරණයි.."
"ගුඩ්නයිට් පැටියෝ.."
මම කෝල් එක තිබ්බෙ මගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්...
මම පහළට ගිහින් කන ගමනුත් අර හොද මූඩ් එක තිබ්බා....තාත්තයි දේවාන්‍යයයි අර යනවා කීව දේවාලෙන් තාම ඇවිත් නෑ...
එලී මගේ ඇගේ දැවටෙද්දි මම රෑට කාලා උඩට යන්න ගියා.....
පහල තිබුණ කාමරවලින් කෙලවරේම කාමරේ තමා දේවාන්‍යගෙ ....මම නොදැනීම මගේ කකුල් ඇදිලා ගියේ එහෙට....
ඒත් දොර ලොක් කරලා....
මම දොර අස්සෙන් එබිලා බැලුවත් කළු පාටට පෙනුනා හැර මුකුත් විශේෂ දෙයක් දැක්කෙ නෑ....
මම උඩට ගියා.........මේසෙ තිබ්බ ෆොටෝ එක ආයෙ බිම වැටිලා....
හොද වෙලාවට ඒකෙ ෆ්‍රේම් එක වීදුරු නෙවේ.....මම ආපහු ඒක උඩින් තිබ්බා...
තාත්තයි මමයි....මොකට මේ ෆොටෝ එක මේසෙ උඩ තියන් ඉන්නවද කියලා මමවත් දන්නෑ...
සමහර විට මම තනිවෙලා නෑ කියලා මටම ඒත්තු ගන්වන්න වෙන්න ඇති...
මම තනිවෙලා නෑ තමා....මට යෙහාර ඉන්නවනෙ.....
ඒත් මේ ගෙදර ඇතුලෙ පවුල ඇතුලෙ මම තනිවෙලා....
කාලයක් මම ඒ තනිකමට ආසා කලා.
හැංගිලා ඉන්න ඕනෙ වුණා.....මට අම්මා විතරක් ඇතිවුණා.....ඒත් මගේ ලෝකේ දැන් යෙහාර ඉන්නවා.....
මම අම්මගෙන් හෙව්ව උණුහුම මට යෙහාරගෙන් ලැබෙනවා.....
එයාගෙ හුරතල්කම විතරක් නෙවේ....යෙහාරගෙන් මට ආරක්ෂාවකුත් දැනෙනවා.....
එයාව තුරුල් කරගද්දි...එයාගෙ විකාර කතා අහන් ඉද්දි මට දැනෙනවා මගේ ජීවිතේ පිරිලා වගේ......
මට බෑ යෙහාරව නැති කරගන්න....
මම යෙහාර ගැන කල්පනා කර කර ඉන්න අතරෙම නුගාරාගෙන් කෝල් එකක් ආවා...මේ ගෑනි නං මැරෙන්නෑ..
"ඔව් කියන්න...."
"හෙට මම ෆ්‍රී ශෙනු අයියේ....මට ෂොපින් යන්න ඕනෙ...අපි යමුද...."
"ඔයා ෆ්‍රී වුණාට මම ෆ්‍රී නෑනෙ....හෙට මට මීටින් එකකුත් තියෙනවා....වෙන කවුරුහරි එක්ක යන්න...."
"අපේ ඩැඩ්ගෙ යාළුවෙක්ගෙ පුතෙක් ආවා ගිය සතියේ ඇමරිකා වල ඉදලා..එයා එක්ක යන්නද මම.."
ඔය එහෙම කියන්නෙ මං ඉරිසියා කරයි කියලා හිතලා...
ෂොපින් නෙවේ හනිමූන් ගියත් මට මොකද...
"ඉතිං එයත් එක්ක යන්න,මට වද දෙන්නැතුව...."
"අනේ ශෙනූ...."
"මට නිදාගන්න ඕනෙ,මං තියනවා..."
මම කෝල් එක කට් කරලා ෆෝන් එකේ වෝල් පේපරේ ඉන්න යෙහාර දිහා බැලුවා...
ඒ ෆොටෝ එක ගත්තේ එදා බෝධිය ළගට ගිය දවසෙ.....
එයා සුදු නෙළුම් මල් පොකුරක් අතේ තියාගෙන සුවද බලනවා......
ඇස් පියවෙලා...හරිම ශාන්ත පෙනුමයි....
මගේ කොල්ලා...
මම ෆොටෝ එකට කිස් එකක් දීලා නිදාගන්න ගියා....
**************************************
"අම්මා තාමත් අවුලෙන්නෙ...ඔයා මොකටද අර ගෑනිගෙ පුතාව හුරතල් කරන්න ගියේ...."
මම අම්මට ඇහෙන්නැතිවෙන්න රහසින් බැන්නා , දිනූ බුම්මගත්තා.....
එයාගෙ වැඩේම බුම්මගෙන කදුළු පුරවගන්න එක....එතකොට මට දුක හිතෙනවනෙ...
"එයා පොඩිඑකෙක් ශානු....එයා මොනවද දන්නෙ....අනික මං බලාගෙන ඔයා කාර් එකට දුවලා චොක්ලට් හෙව්වා....ඔයාටත් දුක හිතුණනෙ එයා අඩද්දි නේද...."
"හරි ඉතිං....ඒ පොඩි එකා අඩද්දි වස කැතයි...ඇඩිල්ල නවත්තන්න ඕනෙ වුණේ....ඔයා ඉස්සර වුණේ ඇයි...එයා මගේනෙ...."
මම දිනූගෙන් උදුරලා ගත්ත පොඩි එකා දුන්න නූලෙ හැඩ බැලුවා...
දිනූ මොකටද මැදින් පැන්නේ...
එයාව ඇඩෙව්වෙ මම නං නලවන්න ඕනෙත් මමම තමා....
"ඉතිං ශානු ඔයානෙ එයාව ඇඩෙව්වෙ...අනික එයා දැන් හිතන් ඉන්නෙ එයාව නැලෙව්වෙ ඔයා කියලා...ඇයි අපි එක වගේ වුණේ..."
දිනූ එහෙම කියද්දි නං මට දුක හිතුණා...ඇයි දිනූට මාව එපාද??? නිකම්ම අඩන බබෙක් නිසා එයාට මාව එපාද?? කේන්ති යනවනෙ....
"ඒක තමා .....අපරාදෙ ඔයා හිටියෙ...ඔයා නොහිටියා නං එයා මගේ විතරනෙ....එයා එහෙනං මේ නූල බදින්නෙ මගේ අතේනෙ..."
"ඉන්නකො , ඊලග පාර හම්බුණාම මම කියනවා එයාට ආදරෙන් සැලකුවෙ ඔයා නෙවේ මං කියලා...ඔයා මහ නපුරෙක්...හැමදාම මාව රිද්දනවා...ඒත් එයාව නං රිද්දන්න මම ඉඩ තියන්නෑ...'
"ඒත් නූල තියෙන්නෙ මං ලගනෙ...එයාගෙ ප්‍රාර්ථනාව දැන් අයිති මට....ඔයා පැරදියි දිනූ...එයා මගේ...."
"ඒත්...ඒත්...මං.......ඇයි ඔයා මගේ දේවල් හැමදාම උදුරගන්නෙ...මං ඔයා වගේ නපුරු නැති නිසාද.....ඔයා මහ නපුරුයි ශානු...අපරාදෙ ඔයා මගේ නිවුන්නා වුණේ......"
දිනූ අඩන්න ගත්තා....
"දිනාල්...ශෙනාල්....පොඩ්ඩක් සද්ද නොකර අම්මට ටිකක් නිවීහැනහිල්ලෙ ඉන්න දෙන්න.....දැන් ගෙදර යමු...."
අමමා කාර් එක ස්ටාට් කරා...
මම හිටියෙ තරහෙන්....අපරාදෙ ඔයා මගේ නිවුන්නා වුණේ....අපරාදෙ ඔයා මගේ නිවුන්නා වුණේ...දිනූ ගෙ වචන මගේ ඔලුව වටේ කැරකෙන්න ගත්තා...
නිකම්ම පොඩි කොල්ලෙක් හින්දා මගේ අයියව නැති කරගන්නෙ ඇයි....
අපි වැව රවුමෙන් යනවා....
දිනූ එක පාරටම ෂීට් එක උඩ කකුල් තියලා ඉදගෙන ෂටර් එකෙන් එළියට එබුණා...
"යෙෂ්....යෙෂ්....මෙහේ...."
එයා එළිය බලන් කෑ ගහද්දි මමත් එබුණා...
අර එවලෙ හිටිය පොඩි එකා එළියෙ ඉන්නවා ටිකක් ඈතින්..එයාගෙ නම යෙෂ් ද??
එයා දිනූට අත වනනවා....මට ආයෙත් තරහා ගියා...
එයා මං කියලා හිතන් දිනූට අත වනන්නෙ ඇයි....එයා අත වනන්න ඕනෙ මටනෙ...
අපරාදෙ දිනූ කියලා කෙනෙක් හිටියෙ...
ඒ පොඩි එකාගෙ අම්මා තාමත් බිම බලන්.....එයත් ඒ පොඩි එකා වගේද දන්නෑ...
මම එයාගෙ බඩ දිහා බැලුවා...ඒ බඩ ලොකුයි....ඒ ඉන්නෙ අපේ තාත්තගෙ බබෙක්ද??
එතකොට අර පොඩි එක්කෙනාටයි මටයි නංගියෙක්ව බෙදාගන්න වෙනවද???
එයා මගේ...දිනූගෙ නෙවේ මගේ...
"පුතේ...පුතේ...බ්‍රේක් එක වැඩ කරන්නෑ......දෙයියනේ..."
අම්මා කෑ ගහනවා ඇහෙද්දි මම අම්මා දිහා බලනවත් එක්කම කාර් එක වේගෙන් ඇදිලා ගියා.....
එතකොටම හැමදේම අදුරු වෙද්දි හයියෙන් කෑ ගැහීමක් ඇහුණා...
මම දාඩිය පෙරාගෙන ඇදේ ඉදගත්තා...
මාව වෙව්ලනවා...මට ඇඩෙනවා....
හරියට අද ඊයෙ වුණු දෙයක් වගේ...
දිනූ අන්තිමට මට කියපු වචන ...
මං අන්තිමට දිනූ ගැන හිතපු වචන..
ඒ ප්‍රාර්ථනා නූල මං දිනූගෙන් බලෙන් ගත්ත හැටි...
එදා ජීවත් වෙන්න තිබුණේ දිනූද??
අර පොඩි එකා දිනූට ප්‍රාර්ථනා නූල දුන්නෙ ඒ නිසාද???
නැත්තං දිනූ උදුරගත්තෙ මට හම්බවෙන්න තිබුණු දෙයක්ද???
ඇයි මට ඒ පොඩි එකා සම්බන්ධ සිද්ධිය හීනෙන් පෙනුනේ.....
ඇයි ඒ පාර එහා පැත්තේ හිටිය ඒ ගෑනු කෙනාව මමකොහෙදි හරි දැකලා තියෙනවා වගේ හිතෙන්නෙ...
ඒ හම්බවෙන්න හිටිය දරුවා හමිබවුණාද???
කොහේ හරි තැනක මට තාම ඉස්කෝලෙ යන නංගියෙක් හරි මල්ලියෙක් හරි ඉන්නවද??
එයා ඉපදුණා නං දැන් අවුරුදු 16 ක් විතර වෙන්න ඕනෙ.....
තාත්තා එයා ගැන හෙව්වෙ නැද්ද??
මම ඒ පවුලට වෛර කරා......මගේ පවුල බින්ද ඒ ගෑනිටත් මම වෛර කරා...ඒත් ඇත්තටම වගකියන්න ඕනෙ තාත්තා නෙවෙයිද??
ඒත් කොහේහරි මගේ තාත්තගෙ ලේ වලින් හැදුණ දරුවෙක් ඉන්නවා ඇති ....
ඒ දරුවගෙ අනිත් අයියා....අර පොඩි එකා...
එයත් දැන් ලොකු ඇති.....
දිනූ මට වෛර කරනවා ඇත්ද???
එයාට ලැබෙන්න තිබ්බ ජීවිතේ උදුරගත්තට..??
එයා හිටියනං අර පොඩි එකාව හොයන්න තිබ්බද???
අවුරුදු දොලහෙ මට ඒපොඩි එකාව ඕනෙ කියලා හිතුණත් තව දුරටත් මට එයාව ඕනෙ කියලා හැගුණේ නෑ...
මට මගේ එකා ඉන්නවනෙ......කොහෙවත් ඉන්න කොල්ලො මොකටද...
මම යෙහාරට කෝල් එකක් ගත්තා...
"ගුඩ්මෝනිං..."
එයා ආන්සර් කරද්දි මම කීවා...
"ගුම්මෝනිං...ආ.......හ්.....උදේ පාන්දර මොකත...දැන් ඇහැරියේ....'
"නිදිකුම්බරයා නැගිටිනවා....තව පැයකින් මං එනවා....ලෑස්ති වෙලා ඉන්නවා හොදද...."
"හ්ම්.....හරි හරි අප්පා ....."
මමත් හීනෙ අමතක කරලා දාලා යන්න ලෑස්ති වුණා...උදේට යෙහාර මාත් එක්ක යන්නෙ ඉතිං මේ වගේ දවසක විතරයි...
ආඩම්බරේනෙ....උදව්වක් ඉල්ලන්න කැමති නෑ....
මම කැමතියි අද වගේ දවස් වලට....
යෙහාර එක්ක යන දවසට...
මම යමින් ගමන් චිප්ස් පැකට් එකකුත් ගත්තා.....
පේරාදෙණිය හරියට කිට්ටු වෙනකොටම කෝල් එකක් ආවා....
පුදුමයි...දැන්මම ලෑස්ති වෙලා ආවා...
මම ආන්සර් කරා...
"යෙහාර...දැන්මම ආව..
"සුදු අයියේ...අනේ....ඉ...ඉක්මනට..."
ඒ කතා කරේ යෙහාර නෙවේ....නංගි...
එයා හති දදා කතා කරන්නෙ, මොකකට හරි හොදටම බයවෙලා වගේ....
"නංගි මොකද වුණේ...ඇයි මේ බයවෙලා..."
"අරගොල්ලො අයියට ගහනවා...අනේ සුදු අයියේ....ඉක්මනට එන්න....එයාලා අයියව මරයි...."
කාර් එක තව පොඩ්ඩෙන් කොහේහරි හැප්පෙනවා....
"කවුද ගහන්නේ....ඉන්න මම එනවා ඉක්මනට....ඔයා යන්න එපා....ඔහොමම ඉන්න......"
"අනේ...මගේ වැරැද්ද.....එයාලා මං පස්සෙ ආවෙ...අනේ....."
නංගි හෝ ගාලා අඩනවා...මම එයාට එහෙමම ලයින් එකේ ඉන්න කියලා කාර් එක පාරේ අයිනෙ නතර කරලා යෙහාරලගෙ ගෙවල් පැත්තට දිව්වා....
නංගි පාර අයිනෙ හිටන් ඉන්නවා ස්කූල් යුනිෆෝම් එකෙන් අඩ අඩ
කවුරුත් පැත්තවත් බලන්නෑ ....
මේ ඉන්නෙ මොන ජාතියේ මිනිස්සුද...
පොඩි එකෙක් අඩද්දි අහක බලන් යන්නෙ...
"නංගි කෝ...කොහෙද යෙහාර..."
"අර අරහේ.....එයාලා අයියව අරහෙට ඇදන් ගියා...මං ආවොත් ....මං ආවොත් .....අනේ අයියෙ යංකො...එයාලා ළග පිහියක් තියෙනවා..."
"නංගි පාරේ කාර් එක තියෙනවා, ඒක ඇතුලට ගිහින් ඉන්න....
මං නංගිට යතුර විසි කරලා එයා කීව පැත්තට දිව්වා....
මම යද්දි පස් හය දෙනෙක් වටවෙලා ඉන්නවා දැක්කා ...
"පුලුවන් නං මරපං යකෝ....තොපිලා වගේ බයගුලු හැත්තක්....පස් දෙනෙක් එකතු වෙලා එකෙක්ට නෙලන්න උඹලට ලැජ්ජා නැද්ද...."
"තොගෙ කට වැඩියි පොඩි එකෝ......
තෝව මෙච්චර ලැජ්ජා කරලත් කට වැහෙන්නැති හැටි විතරක්...උඹට මෙහෙම සලකලා මදි......"
"උඹලා මොක්කුද යකෝ....කැරි පොන්නයො පොඩි කෙල්ලෙක්ව ඇදන් යන්න කීවෙ උඹලගෙ අර මහලොකු අජිත්ද..?? එන්න කියපං ඌට....උඹලට මගේ නංගිගෙ කෙස් ගහකට අත තියන්න දෙන්නෑ මං ඉන්නකං...."
මම කෑ ගහගෙන ළං වෙනවත් එක්කම තඩි පොල්ලක් යෙහාරගෙ කකුලට වැදුණා......
එයා කෑ ගහන් බිමට පාත් වෙද්දි චණ්ඩි ටික මාව දැක්කා...
උං මගේ ටයිකෝට් දාපු ඇදුමට බයවෙලාද කොහෙද දුවද්දි මං යෙහාර ළගට ගියා....
එයා කකුලත් බදාගෙන කෑ ගහනවා...
යෙහාර සුදු ෂර්ට් එකක් ඇදලා...ට්‍රවුසර් එකක් ඇදලා මං කීව නිසා සපත්තුත් දාලා...
සුදු ෂර්ට් එක උං ඉරලා....අතක් හිරිලා ලේ ගලනවා......
"යෙහාර...."
මං එයා ලගට දුවන් යද්දි යෙහාර පුදුමෙන් වගේ ඇස් ලොකු කරන් මං දිහා බැළුවා...
"යෙහාර...යෙහාර....හොදින්ද..?? ඔලුවට පාරක් වැදුණද...කෝ...."
ඔච්චර වෙලා අර මිනිස්සු ඉස්සරහා කෑ ගහපු එකා දැන් කට වහගෙන....
"යෙහාර....."
මං කෑ ගහපු පාර කොල්ලා ගැස්සුණා....
"අයියේ....රිදෙනවනෙ.....අනේ....නංගි කෝ...උං නංගිව අල්ලගනියි...ගිහින් එයාව බලන්න....."
"නංගි පරිස්සමෙන් ඉන්නවා...කෝ කකුලට මොකද වුණේ....ඇයි ඒ මිනිස්සු ඔයාලගෙ පස්සෙන් එන්නෙ..."
යෙහාර උත්තර දුන්නෙ නෑ....උත්තර පස්සෙ බැරියෑ....
"නැගිටින්න පුලුවන්ද...."
එයාට නැගිටගන්න බෑ...
"කකුල හොලවන්න හොද නෑ.....ඒත් කරන්න දෙයක් නෑ....විනාඩියකටවත් උඹව මෙතන තියන්න බෑ..."
මම යෙහාර වේදනාවෙන් කෑ ගහද්දිම එයාව උරහිසෙනුයි දණහිස් වලිනුයි අල්ලලා ඉස්සුවා.....
මාව තාම යන්තමට ගැහෙනවා....
මං බයවුණා අරුන් වට කරන් හිටපු හැටියට....යෙහාර පණ පිටින් ඉන්නවා දැක්කම හිතට ආවෙ ලොකු සහනයක්....
යෙහාර කියන මුකුත් ගණන් ගන්නැතුව එයාවත්උස්සගෙන මම කාර් එක ලගට යන්න ගියා..
"අම්මට...අම්මට දැන්ම කියන්න එපා අයියේ..."
එයා එහෙම කියලා මගේ උරහිසෙන් මූණ තියාගෙන හයියෙන් හුස්ම ගත්තා....
මං හිතනවට වඩා කතාවක් මෙතන තියෙනවා වගේ..
මොනවද මගෙන් හංගන්නෙ...
මට යමින් ගමන් හිතුනා....
බෙහෙත් දාගෙනම යංකො....
ඊට පස්සේ ප්‍රශ්න කරන්න බැරියෑ...
"අ..අයියේ....මීටින් එක...ඔයා යන්න...මම ඉන්නං...."
මේකා තව කියවනවා පණ්ඩිතකමට...
"කටවහගෙන ඉදපං....මොන අහවල් මීටින්ද උඹට තුවාල වෙලා තියෙද්දි, මගුලක් කතා කරනවා...යං..."
මූගෙ ආඩම්බරකම එපාවෙන්නෙ මෙහෙම වෙලාවට තමා...
මම ඌගෙ කොල්ලා වෙලත් පිට එකෙක්ට වගේ සලකන්නෙ...
මම කේන්තියෙන් ගිහින් එයාව කාර් එක ඇතුලෙන් තිබ්බා.....
මතුසම්බන්ධයි~