❌❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින් මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌
* * * * *
‘ අහ් අයියා...
රවුම් කඩේ ළග හිටගෙන ඉන්නම්..
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමි~න්...’
ශ්‍රී FM එකේ කෙල්ල උදේම කොල්ලෙක් දැකලා චුන් වෙලා කෑ ගහද්දි මන් අම්මා බැරි බැරි ගාතේ උස්සන් යන අච්චාරු බේසම ගත්තේ අම්මට අඩුම කුඩුම පොඩි දේවල් ගන්න දීලා.
මට හිටියේ මගේ අම්මා විතරයි. අප්පෙක් නැති මට මගේ අම්මා , අම්මා තාත්තා දෙන්නම වුණා. පල්ලිය වත්තට මෙහා තිබුණු රබර් වත්ත මැද තිබුණු පුංච් අඩි පාරෙන් අපේ පුංචි ගෙදරට යන්න පුළුවන් වුණා. අපි වගේ දුප්පත් එදා වේල අමාරුවෙන් හොයාගත්තු ආච්චි අම්මලා වගේම පවුල් කිහිපයක් ම පොඩි යට පැල් බැදගෙන එතන ජීවත් වුණා.
මම ගිත්ම ආවින් සිල්වා . තාත්තා ගේ වාසගමක් වත් දන්නේ නැති අම්මාගේ වාසගම විතරක් තිබුණු ආච්ච්රු කොල්ලෙක්. පල්ලියේ ෆාදස්ලා සිස්ටර්ලා අපිට නිතර නිතර ම අඩු පාඩු වෙන දේවල් දුන්නා. ඉපදුණු දවසේ ඉඳන් ම රබර් වත්තක් ඇතුලේ ඉන්න මට නම් මේ වත්ත මගේ වගේ දැනුනා. ඒ ඇයි කියන්න මන නොදන්නවා වුණත් මම මේ පරිසරය ට හරි ආදරෙයි.
“ අම්මා ඔහොම ඉන්න. මම කුඩේ ඉහලන්නම් ”
අච්චාරු බේසම මෙසේ උඩින් තියලා මම අම්මා ව අහකට කරලා කුඩේ ඉහළුවා. අද ඉරිදා දවසක් නිසා මම අම්මට දවසම වගේ උදව් කරන්න අම්මා එක්ක ඉන්නවා. අනිත් දවස් 5ම මම ස්කෝලෙ යන්නත් ඕනේ නේ. ඊටත් අම්මා කැමති නැ මම ඉරිදා ට වත් උදව්වට එනවට. එකට හේතුව මගේ පෙනුම. කොතැන ගියත් කැපිලා පේන සුදක් එක්ක ලොකු බෝල ඇස් දෙකක් , රෝස පාට තොල් දෙකක් වගේම ඊට යටින් අපල යවන්න වගේ උපන් ලපයක් තිබුණා. මගේ අම්මා කියන්නේ මන් ඉටි රූපයක් වගේ ලස්සනයි කියලා. මම ඉන්න දාට ගොඩක් අච්චාරු විකෙනෙන නිසා මම පුළුවන් හැම වෙලේම අම්මට උදව්ව ට එන්න ආවත් අම්මා එළවාගන්නව. එයා ට බයයි . මිනිස්සු මම දිහා බලන්නේ අමුතුව ටලු. මම ගැන නිතර ඇවිල්ලා එකෙක අය අහනවා ලු.
“ පුතා ඔයා ඉන්න ඕනේ නැ. මෙතන ආච්චිලා නැන්දලා ඉන්නවා නේ පුතා ගෙදර යන්න දැන්. ”
අම්මා ඇදගෙන උන්නු චීත්තෙන් අත පිහදාගෙන අමාරුවෙන් අත දීක් කරලා මගේ ඔලුව අත ගාලා කිව්වා. අම්ම මට වඩා කොටයි මාත් වැඩි උසක් නැ මගේ වයසේ කොල්ලො එක්ක බලද්දි මමත් කොටයි.
“ මම දවල් වෙලා යන්නම් කෝ අම්මා. ඒ වෙලේට දහම් පාසල් ඇරෙන නිසා වැඩ වැඩි නේ ”
මම අම්මට කිව්වේ අතේ බැදගෙන උන්නු පුංචි ඔරලොසුව දිහා බලලා.
12.30 සිංහල පූජාව ඉවර වෙනවත් එක්කම මිනිස්සු කාර් වලින් ඇවිල්ලා බැහැලා කරලා අච්චාරු ගද්දී මෙතන එකම කාල ගොට්ටයක් වෙලා තිබුණා.
“ රුපියල් 600 මහත්තයා.”
ඉතුරු සල්ලි ටික දීලා හිනා වෙලා මම ආච්චාරු මල්ලත් දුන්නා.
“ එන්න එන්න මහත්තයා ! අච්චාරු ටිකක් කාලා බලලා අරගන්න...”
අපි ලගින් ගියපු මනුස්සයෙක් ට මම කියන ගමන් ඉස්සරහ බලද්දි මන් දැක්කේ මගේ වයසේ ම වගේ කියන්න පුළුවන් කොල්ලො තුන් දෙනෙක් වෙද්දී ඉස්සරහින් එන හීනි ඇස් අයිතිකාරයා දිහා නොදැනීම මගේ ඇස් ගැටුනා.
“ අහ් මල්ලි! අච්චාරු නැතුව වෙන දෙයක් නැද්ද කාලා බලන්න ?”
එතන උන්නු කොල්ලෙක් අමුතු හිනාවක් එක්ක කියද්දී මට අපහසුවක් දැනුනා.
“ අච්චාරු විතරයි මහත්තයා විකුනන්නේ !”
මම යාන්තම් හිනා වෙලා කියද්දී ඒ හීනි ඇස් කොල්ලා අහක බලාගෙන හිටියා.
“ බොරු නේ මල්ලි ! මෙච්චර රස ඔයාව පොඩ්ඩක් කාලා බලන්න දුන්නා නම් ”
ඒ කොල්ලා අමුතු විදියට තොල හපාගෙන හිනා වෙලා කියද්දී මට බය හිතුණා.මට ඒ වෙලේ හිතුනා අම්මා බය වෙන්නේ මොකටද කියලා.
“ මතීෂ ඔය හොඳටම ඇති! ”
ඒත් එක්කම මන ගැස්සිලා ඒ කටහඩ ආපු දිහා බලද්දී ඒ හීනි ඇස් තියන කොල්ලා අමුතු කේන්තියකින් එයාගේ යාළුවෝ දිහා බලන් හිටියේ එයාගේ යාළුවොත් මම වගේම ගැස්සිලා ඒ කොල්ලා දිහා බලද්දි.
“ අඩෝ මම විහිළුවක් කරේ. ඒ මල්ලි සොරි හොඳේ විහිළුවක් කරේ ! අපිට දිවුල් එකයි වෙරළු එකයි දෙන්න මල්ලි ”
ඒ කොල්ලා හිනා වෙලා කියද්දී මම එයාලා ඉල්ලපුව කප් වලට දාලා අඩුක් කරලා දුන්නේ දඩ බීඩියට. ඉස්සෙල්ලා හිත ගැස්සුණු නිසාද මන්දා මගේ හිත හෙන හයියෙන් කවදාවත් නැති විදියට ගැහෙන්න ගත්තා.
“ මෙන්න මහත්තයා රුපියල් 400 යි ගාන ”
මම අච්චාරු බෑග් එක දික් කරලා කියද්දී මෙච්චර වෙලා අහක බලං උන්නු හීනි ඇස් කොල්ලා මගේ දිහාවට සල්ලි දුන්නා.ඒ එක්කම ඒ ඇස් මගේ ඇස් එක්ක පළවෙනි පාරට පටලෙද්දී මට මහා අමුතු හැඟීමක් දැනුනා. මම දන්නේ නෑ ඒ මොකද්ද දැනෙන හැගීම කියලා.
ඒත් පුංචි වෙලාවකින් එයාගේ ඇස් මගේ ඇස් වලින් අහකට ගන්න ඇස් පිය ගහලා යන්තම් හිනා වෙලා ඒ කොල්ලා ගියේ මාව කන්තරෙක තනි කරලා වගේ හැඟීමක් එක්ක. ඒත් වැඩි වෙලා ඒ ගැන හිතන්න නොදී අක්කා කෙනෙක් ඇවිල්ලා අච්චාරු එකක් ඉල්ලද්දි මම එක කප් එකට දාන්න ගත්තා.
ඒත් අහම්බෙන් මම ඒ කොල්ලො ගිය පැත්ත බලද්දි ඒ වෙලේ ම ඒ ඇස් එක්ක දෙවෙනි පාරටත් මගේ ඇස් හම්බවුණා.
To be counted....
Hyyy...
දැන් තමා කතාව හරියටම පටන් ගන්නේ කතාව හොඳ අවධානයෙන් කියවන්න.
Geethi