ශෙනාල්ගෙ pov❤️
රොවේනයයි මමයි කැෆේ එකෙන් එළියට එද්දි රෑ වෙලා...
අද නං අපි දෙන්නම කෙලින් , ෆෘට් ජූස් විතරයි බීවෙ...
රොවේනයා නං ඌගෙ එකත් බීලා මගේ එකත් බීලා තව එකකුත් අරන් බීවා...
මූට තියෙන්නෙ බඩක් නෙවේ, කළයක්..මම අච්චර දුකෙන් ඉදිද්දිත් මූ බීවනෙ..ගෙරි සුනඛයා..
"දැන් හරිනෙ නේද අවුල...උඹ නං ලොක්කා වගේ හිටියට වෙලාවකට බබෙක් වගේ බං, හොට්ට පෙරාගත්ත ගමන්මනෙ...ඒ වුණාට හිතන් ඉන්නෙ කොල්ලෙක්ව නඩත්තු කරන්න...
ඌට තමා උඹව නඩත්තු කරන්න වෙන්නෙ.. "
මං ඌගෙ පිටට පාරක් ගැහුවා..
"මට කතා හදන්න එපා යකෝ, මමනෙ උඹේ යාළුවා....හිටපංකො මම යෙහාරට උඹව අදුන්නලා දෙන්නෑ, උඹලා දෙන්න එකතු වෙලා මාව හූරගෙන කයි.."
කතාවෙන් කතාවෙන් අපි දෙන්නා කොත්තු දෙකකුත් අරන් ආවෙ ඌගෙ ඇනෙක්ස් එකට....
මම යෙහාරට කෝල් එකක් ගත්තා...
ආන්සර් කරේ නෑ....
ආයෙත් ගත්තා...
ඒත් ආන්සර් කරේ නෑ...
මූගෙ මුරණ්ඩුකම.....මොක වුණත් මමනෙ බොස්...
තුන්වෙනි පාරටත් ගද්දි ආන්සර් කරා...
"යෙහාර.....කෝල් එකක් ගත්තම ආන්සර් කර..."
"හෙලෝ....මේ කවුද ...."
ඒ කතා කරේ ගෑනු කටහඩක්.... යෙහාරගෙ ෆෝන් එකට කෙල්ලෙක් උත්තර දෙන්නෙ මොකද.....
"මේ යෙහාරගෙ ෆෝන් එක නෙවෙයිද..."
"ඔව් ඔව්.....මම එයාගෙ නංගි....කවුරු කතා කලා කියලද කියන්න ඕනේ.."
ඔන්න පෑදුණා පොටක්....
මුලින්ම නෑනව අල්ලගන්න ඕනෙ...
"අනේ...මේ නංගිද.....නංගිට මාව මතකද දන්නෑ...මම ඔයාගෙ අයියගෙ යාළුවෙක්නෙ...අර දළදා මාලිගාවෙදි හම්බවුණේ...."
"ආ.....ඔයා අර උස අයියා නේද....අයියා අම්මා එක්ක කඩේට ගියා..."
"ඔව් ඔව් නංගි , මම මේ පොඩි දෙයක් අහන්න කතා කරේ...එයා නැත්තං කමක් නෑ..යෙහාර හොදින් ඉන්නවා නේද...."
මම ඇහුවෙ සාමාන්‍ය යාළුවෙක් අහන මට්ටමට....
"ඔව් ඔව් අවුලක් නෑ , අයියා හොදින් ඉන්නවා....මං අයියට කියන්නංකො කතා කරා කියලා..."
"හ්ම්"
මං ෆෝන් එක තියන්න යද්දිම ආයෙ නංගි කතා කරා...
"මේ..අයියේ...මං මෙහෙම කියන එක හරිද දන්නෑ...ඔයා එයාගෙ ළග යාළුවෙක් නිසා කියන්නෙ මං....පහුගිය දවස් දෙකේම අයියා ඉන්නෙ මොකද්දෝ ලොකු දුකකින්...එයා අම්මයි මායි ඉස්සරහයි හිනාවෙලා ඉන්නවා...ඒත් එයා රෑට අඩනවා....මට අහන්නත් බෑ....එයා කැමති නෑ අපි එයාගෙ දුර්වලකම් දැනගන්නවට....එයත් කොල්ලෙක්නෙ...ඒත් මට එයා ගැන දුකයි...කෙල්ලෙක්ගෙ කේස් එකක්ද කියලත් හිතෙනවා...අයියා මොනාහරි දන්නවද ඒ ගැන"
නංගි එහෙම කියද්දි මට උත්තර නැතිවුණා....
ඒ අඩන්නෙ මං හින්දා කියලා කියන්න මට පුලුවන්ද...??
"පොඩි අවුල් ටිකක් නං වුණා....එයා එක්ක ඉන්න නංගි, මට ඔයාගෙ නම්බර් එකත් දෙන්න...හදිස්සියකට කතා කරන්නත් පුලුවන්නෙ..."
"ආ හරි අයියේ....මම මෙහෙම කීවා කියලා අපේ අයියට නං කියන්න එපා..මාව උස්සලා පොලේ ගහයි..."
"අම්මෝ ඔව්, එයාගෙ හැටි හොදටම දන්නවා...තියන්නං නංගි"
මම නංගිගෙ නම්බර් එකත් ඉල්ලගෙන ෆෝන් එක තිබ්බෙ හිත බර වෙලා යද්දි.....
දුක් වෙනකොට අඩුමගාණේ පිටට පෙනෙන්න දුක් වෙන මිනිස්සුන්ව සනසන්න පුලුවන්......
ඒත් පිටට පිළිමයක් වෙලා ඇතුලෙන් දුක්වෙන කෙනෙක්ව කොහොමද සනසන්නේ....
යෙහාරගෙයි මගෙයි කොච්චර වෙනස්කම් තිබුණත් එතනින් අපි එක වගේ....
අපි දෙන්නම දුක හංගගෙන පිටට වෙස්මූණක් දාගෙන ඉන්න මිනිස්සු..
හරියට කාටවත් ළං වෙන්න බැරිවෙන්න , බදාගන්න බැරිවෙන්න කටු විහිදගෙන ඉන්න පතොක් ගස් දෙකක් වගේ.....
ඒත් මට සිද්ධ වෙනවා එයාව බදාගන්න...කටු ඇනුනත් බදාගන්න...
මගේ වැරදි හරිගස්සන්න..
අනාගතේදි මොකක්වුණත් මගේ හැගීම් එයාට කියන්න....
මම ඕවා හිත හිතම රොවේන් එක්ක කාලා ගෙදර යන්න කාර් එකට නැග්ගා...රෑ දොලහ පහුවෙලා...
ඒත් ගෙදර යන්න ඕනේ...මොකද මට හෙටට ඕනෙ ෆයිල්ස් වගයක් තියෙන්නෙ ගෙදර....
දොලහ පහුවෙලා නිසා පාරේ බලු බල්ලෙක් නෑ.....
නුවර වෙන නගර වගේ නෙවේ.... මෙහේ නිශාචරයො ඉන්නෙ රෑ දොලහා පහුවෙනකං විතරයි......
මෙහේ හැමෝම රෑ වෙද්දි ගෙවල් වලට වැදිලා නිදියනවා මිස රාත්‍රී ජීවිතේට ලොකු සම්මාදමක් නෑ..
අතරින් පතර සූදු පොලවල්, වයින් ස්ටෝර්ස්, ෆුඩ්සිටීස් , ක්ලබ්ස් ඇරලා තිබුණට ඒ වටේ මිනිස්සු හිටියට වැඩිහරියක් පාළුයි...
මම ඒ නිසා වේගෙන් ඩ්‍රයිව් කරගෙන ඉක්මනට ගෙදර ආවා.....
මම බලාපොරොත්තු වුණේ ගේට් එක අරින්න ජේමිස් ඇහැරගෙන ඇති කියලා.....
ඒත් ගේට් එක ඇරියෙ තාත්තගෙ අලුත් PA ,
ඒ මනුස්සයව ගෙදරත් පදිංචි කරවගෙනද....
තාත්තා නටන්න හදන සෙල්ලම මොකද්ද මේ පාර.....
මේ වගේ ශක්තිමත් , ගුප්ත මනුස්සයෙක් වැඩට ගත්තෙ අනිවාර්යෙන් ම බොඩිගාඩ් ඩියුටියටත් එක්ක......ඩයමන්ඩ් හෝල්ඩිංග්ස් එක ත්‍රීට් කලා කියලා තාත්තා කලින් කලබල වුණේ නෑ..ඒත් දැන් එයා බයෙන්....
තාත්තාගෙ පොඩි පොඩි නීති විරෝධී සයිඩ් බිස්නස් තිබ්බා...මෙච්චර කාලයක් හොර රහසේ කරන් ආවට දැන් ටික ටික ඒ ෆීල්ඩ් එකේ අය අතර තාත්තා ප්‍රසිද්ධයි.....
කෝකටත් පරිස්සමෙන් ඉන්න එක හොදයි...ඊයෙ මේ මනුස්සයා ආව ගමන් මට දැනුනා අමුත්තක්.....
මිනිහා ගේට් එක ඇරලා අමුතු තාලෙට හිනාවුණා......
දැන් නං ඇදන් හිටියෙ සාමාන්‍ය ඇදුමක්...
ඒකත් රතු ටීෂර්ට් එකට උඩින් කළු ජැකට් එක...කළු ට්‍රවුසර් එක...
මේ මනුස්සයා වැම්පයර් කෙනෙක් වගේ අදින්නෙ මොකද??
"සර් එන්න රෑ වෙනවා කියලා ජේමිස් කීවා , මම ඒ මනුස්සයව නිදියන්න යැව්වා , මම කොහොමත් ඇහැරලා හිටියෙ"
"හ්ම්....."
ගේට් එකෙන් ඇතුල් වෙනකොටම මට අර අමුත්ත දැනුනා...
මෙච්චර කාලයක් හැංගිලා තිබ්බ දෙයක් එළිවෙන්න යනවා වගේ ....
කවුද මේ කෙනා???
"දේවාන්‍ය, ඔයා කලින් කරපු ජොබ් එක මොකද්ද කීවෙ..."
මම ඇතුලට යනින් ගමන් ඇහුවා...
"කම්පැනියක වැඩ කරා, පඩි මදි හින්දා amusement park එකක මැජික් ට්‍රික් පෙන්නුවා..."
දේවාන්‍ය එයාගෙ සාක්කුවෙන් අර බටනලාව එළියට අරන් කරකවන්න පටන් ගත්තා...
ඒක මෙයාට අතෑරගන්න බැරි පුරුද්දක් වගේ..
"ආහ්....අපේ තාත්තා අලුතින්ම නාදුනන කෙනෙක් ගත්තු එක පුදුමයි..."
"ලොකු සර්ගෙ හොදම යාළුවෙක් තමා මාව recommend කලේ...."
"හ්ම්, මම උඩට යන්නං , දේවාන්‍යත් නිදාගන්න..."
"හරි සර්, ගුඩ්නයිට්.....සර් කලබල වෙන්න එපා...හැමදේම හොදින් වෙයි..."
මම උඩට යන ගමන් පහලින් කළු පාට අවතාරයක් වගේ පෙනුන දේවා දිහා බලන් හිටියා...
**************************************
"අම්මා....ඔයා දවස් ගාණක් මාව මග ඇරියනෙ.... "
"මමද ඔයාද ඉස්සෙල්ලා මග හැරියෙ???පහුගිය මාසෙම මාව ගණන් ගත්තෙ නෑ.....කවුදෝ කොල්ලෙක් ගැන හිත හිත හිටියා...දැන් ආයෙ මාව හොයන් එනකොට මම ගණන් උස්සනවා තමා....දුකෙන් ඉන්නකොට විතරනෙ මාව මතක් වෙන්නෙ...."
එයා බොරුවට රවනවා.....
"අයියෝ...මගේ හොද අම්මනෙ.....මට ඔයාව අමතක නෑ...මට වෙලාවක් තිබ්බෙ නෑනෙ..."
"බොරු කියන ලස්සන....ඒත් මං තරහා නෑ පුතේ....ඔයා සතුටින් ඉන්නවා කියන්නෙ ඔයාට මාව හොයන් එන්න හේතු නෑ...මං කැමතියි ඔයා හැමදාම සතුටින් ඉන්නවනං..."
"නෑ නෑ....ඔයා හැමදාම ඉන්නවා..."
මම එයාට හිනාවුණා....
"ඇයි දිනූට කතා කරන්නැත්තේ....දිනූ කොච්චර කල් බලන් ඉන්නවද...හිතෙන්නැද්ද එයාට කතා කරන්න කාලෙ හරි කියලා....."
"බෑ අම්මේ....මම එයාට වෛර කරනවා!!!...එයාට මාව දාලා නොයන්න තිබ්බා....එයා පොරොන්දුව කැඩුවා.....ඒත් ඒක මගේ වැරැද්ද.....
මං දන්නවා.....ඉන්න තිබ්බෙ එයා.....
යන්න තිබ්බෙ මං....."
"හරි හරි, ඒක ගැන හිතන්න එපා, පුතාට මහන්සි ඇති...නිදාගන්න දැන්..."
මම ඔලුව වනලා මගේ කාමරෙන් එහා පැත්තෙ තියන දොර දිහා බැලුවා...
ඒක වහලා.... අවුරුදු 16 ක්ම....මට ඒ දොර අරින්න බලාපොරොත්තුවක් නෑ...
මම ඇදුම් මාරු කරන් නිදාගත්තා....
හෙට මට ඌරු පැටියෙක්ව මෙච්චල් කරගෙන මගේ කරගන්න තියෙනවා...
**************************************
"යෙහාර , මේ මේසෙ අස් කරන්න...'
මම දොරෙන් එබිලා කිව්වා....
යෙහාර ඇතුලට ඇවිත් හැඩිවෙලා තිබ්බ මේසෙ දිහා බැලුවා.....
"ඊට පස්සේ මේ රූම් එක අතුගාලත් දාන්න ...හොදටම වැලි....කොහොමද ඇවිදින්නෙ..."
මම පුටුවේ ඉදගෙන හරිබරි ගැහුණා...
මගේ කටකොණින් ඇදුණ හිනාව යෙහාරට නොපෙනෙන්න මම හංගගත්තා.....එයාට මං කිට්ටුවට එන්න හේතු නැත්තං මම හේතු හදනවා...
එයාගෙ ඇස් තරහෙන් පිරුණා...ඒත් මූණ නං තාම හැගීම් විරහිතයි..
කොයි වෙලේ හරි පුපුරයිනෙ...
මම ෆෝන් එක දිහා බලන් ගේම් එකක් ගහන අතරේ යෙහාර මේසෙ අස් කරා..
දඩ දඩ ගාලා බඩු තියතිය මම හිතලම හැඩිකරපු මේසෙ එයා අස් කරනවා...
ගස්ස ගස්ස යනකොට ඌරු පැටියා හෙණ ලස්සනයි...
"හෙමීට හෙමීට යෙහාර..ඕවා කැඩෙයි...ඔය කාගෙ සල්ලි කියලද හිතන්නෙ..."
"සොරි...සර්!!!!"
ඒකත් කීවෙ ගහන්න වගේ.....
"දූවිලි වැදෙනවනෙ, ඒප්‍රන් එක දාගන්න..."
ඒ පාර නං මුළු මූණෙන්ම රැව්වා පොර....
ඒ ඒප්‍රන් එක සති දෙකකට කලින් විහිලුවට මම දුන්න තෑග්ගක්....
ඒක පසුබිමේ ඌරු පැටව් ඉන්න රෝස පාට ඒප්‍රන් එකක්...
ඒක දැම්මම යෙහාර ඇනිමියකින් එළියට පැනපු කියුට් හවුස්කීපර් කෙනෙක් වගේ.....
හරි ලස්සනයි.....
පස්සත් වන වන කබඩ් එක පිහිදානකොට හිතෙන්නම ගිහින් අත් වලින් අල්ලලා මිරිකලා ...
නෑ නෑ එච්චර ඕනෙ නෑ....
"අස් කරලා ඉවරයි....තව මොනාහරි තියෙනවද ..සර්....'
සර් කෑල්ල බර කරලා තරහෙන් කියද්දි තව හුරතල්....
"දැනට ඉවරයි...ආයෙ හවසට....තුනට මාත් එක්ක ගමනක් යන්න තියෙනවා...."
"කොහෙද..."
",ප්‍රශ්න අහන්නෙ නැතුව කිව්වම දෙයක් අහනවා.."
මම තදට කතා කරාම යෙහාර යන්තමට ගැස්සුණත් ඒක පිටට පෙනුනේ නෑ...
එදා දවස මම ගත කරේ ඉවසීමක් නැතුව....
මට ඕනෙ යෙහාරට හැමදේම පැහැදිලි කරලා දෙන්න.....
මට සමාවෙන්න කියන්න.....
මම නුගාරාට කැමති නෑ කියන්න...
මට ඕනෙ නුගාරාව නෙවේ යෙහාරව කියලා කියන්න....
කවදාහරි කොහොමහරි එයාව මගේ කරගන්නවා කියන්න...
හවස තුන පහුවෙලත් යෙහාර නෑ...
එයා එන්න එපැයි.....
මමනෙ බොස්......
තුනයි හතලිස් පහ වෙනකොටත් යෙහාර නැති තැන මට කේන්ති ගියා.....
යෙහාර දුවගෙන එද්දි මම හිටියෙ එහෙට මෙහෙට ඇවිද ඇවිද....
"තුනට කියන්නෙ තුනට...තමුන්ට එන්න මෙච්චර පරක්කු වුණේ මොකද..."
"මම...වැඩකට අහුවුණා සර්...'
"නගිනවා.... පිටිපස්සෙන් නෙවේ ඉස්සරහින්..."
දැන් නං කීකරුව නැග්ගා...
මට ඕනෙ වුණ විදිහ නෙවෙයි මේ...
මට ඕනෙ වුණේ එයා කොච්චර රැව්වත් එයාව හිනස්සවන්න...
එයාට ආදරේ පෙන්නන්න...
ඒත් මේ කේන්තිය එක්ක මොනවත් කරගන්න බෑ....
යෙහාර ඉන්නෙ අහක බලාගෙන.....
හරියට ෂටර් එකෙන් එළියෙ පෙරහැරක් යනවා වගේ...
මට මං එක්කත් තරහයි....
යෙහාර එක්කත් තරහයි....
ලොකු දුරක් යන්න ඕනෙ වුණේ නෑ...
මට යන්න ඕනෙ වුණේ නිදහස් තැනකට...
මම kcc එක ඇතුලෙන් ඇවිදගෙන යද්දි යෙහාර පිටිපස්සෙන් ආවා....
මම බොරුවට බඩු ගන්න වගේ නැවතුණේ නෑ.....
උඩ රූෆ්ටොප් එකටම ගියා....
"සර්....මොකටද...."
"යංකො, ප්‍රශ්න අහන්න එපා..."
මම යෙහාරගෙ අතින් අල්ලන්න හැදුවත් එයා අත ගසලා දැම්මා......
"යෙහාර...."
"සර් මොනවද මේ කරන්නෙ....ඇයි අපි මෙහෙට ආවෙ....මේ වහලෙ උඩ මොනවද කරන්නෙ අපි...??"
"මට කියන්න දෙයක් තියෙනවා..."
"මොනවද සර් කියන්න තියෙන්නෙ.....
ඇත්තටම අපිට ඔෆිස් එකෙක් එළියට ඇවිත් කතා කරන්න තරං දෙයක් තියෙනවද...??
යෙහාර ඇහුවෙ අහක බලාගෙන...
අපි ඉන්නෙ තට්ටු පහක් විතර උඩ..
වාහන පහළින් යනවා පෙනෙන්නේ ගිනිපෙට්ටි වගේ....
මෙතන අද කවුරුත් නෑ වැඩිය....
"ඇත්තටම මගෙන් අහන්න මුකුත් නැද්ද යෙහාර..."
"නෑ සර්....සර් කවුද මං කවුද...."
මම යෙහාර ඉස්සරහට ගිහින් හිටගත්තා...
එයාගෙ උරහිසින් අල්ලගත්තා...
එයා මං දිහා බලන්න එච්චර උඩ බලන්න ඕනෙ නෑ...එයා මට වඩා අගල් හතරක් විතර කොට ඇති උපරිම...ඒත් එයා අහක බලන් මගේ ඇස් මග හැරියා...
"යෙහාරට කියන්න දෙයක් නැතත් මට කියන්න දෙයක් තියෙනවා,
මට සමාවෙන්න.....නුගාරා මං බදින්න ඉන්න කෙනා තමයි....ඒත් මට එයා ගැන හැගීමක් නෑ...මං එයාට කැමති නෑ...ඒක නිකම්ම ඩීල් එකක් විතරයි...'
යෙහාර පිටිපස්සට වුණේ මගේ අත් එයාගෙ උරහිසින් අතෑරෙන විදිහට...
"ඉතිං ඇයි මට කියන්නෙ...සර් මගේ කවුරුත් නෙවේනෙ...ඇයි සමාව ඉල්ලන්නේ...සමාව ඉල්ලන්න අපි දෙන්නා අතර මුකුත් දෙයක් තිබ්බෙ නෑනෙ...
"යෙහාර...ඇයි..."
යෙහාර කෙලින්ම මං දිහා බැලුවා...
ඒ ඇස් තියුණුයි...තදයි....මෙචිචර වෙලා තිබුණ බයාදු ගතිය නෑ...
එයා මාව බිත්තිය පැත්තට තල්ලු කරා...මම කලබල වුණු නිසා මටත් දෙයක් හිතාගන්න බැරිවුණා...
"හොදට අහගන්න සර්...සර්වත් මං වත් කියන්නෙ ගලපන්න පුලුවන් දෙන්නෙක් නෙවෙයි...සර්ගෙ ලෝකෙයි මගේ ලෝකෙයි කියන්නෙ...ස..ර්..මොකද...."
මම දන්නෙ නෑ මට ඒ වෙලාවෙ මොන වගේ ආවේගයක් ආවද කියලා...
මම යෙහාරගෙ ඉනෙන් අල්ලලා අපි දෙන්නගෙ තැන් මාරු කරා...
එයාව බිත්තියට හේත්තු කරලා මගේ ඇගෙන් එයාව තද කරගෙන එයාගෙ මූණ දිහා බැලුවා....
හැන්දෑවේ ඉර එළිය එයාගෙ මූණට වැටිලා....
එයාගෙ තද කළු පබළු ඇස් දිලිසෙනවා....එයාගෙ බෝල කම්මුල් අව්වට රතුවෙලා....
ලොකු ඇස් දෙක හිතාගන්න බැරි විදිහට බලන් ඉන්නවා....
එයාගෙ හැම වෙලේම රවන් ඉන්න තොල් රවුම් වෙලා.....රතු පාට වෙලා...
එයා ඒ වෙලාවෙ පෙනුනේ වෙනම ලෝකෙකින් ආව කෙනෙක් වගේ...
හරියට ග්‍රීක දේව කතාවක දෙවි කෙනෙක් වගේ.....
මම එයාගෙ මූණට පහත් වෙලා අවසර නැතුවම ඒ තෙත තොල් වලට මගේ තොල් පාත් කරා...
එයා උණුසුම්.....මම මීට කලින් හාදු දීලා ඇති....ඒත් මගේ මුළු ලෝකෙම අමතක වුණු පලවෙනි අවස්ථාව.....
ආදරේ කරන කෙනෙකුට හාදුවක් දෙනකොට ඒක වෙනස්...
එයා මුලින් ඔහේ හිටගෙන හිටියා....
ඒත් එක තත්පර අරික්කාලක මොහොතකට පස්සෙ එයාගෙ එක අතක් මගේ හිසකෙස් අල්ලගත්තා...
අනෙක් අත මගේ ෂර්ට් එක පොඩි වෙන තරං තදින් අල්ලගත්තා.....
එයත් අනිත් පැත්තට හාදුවට හවුල් වෙන්න පටන් ගත්තා....
එයා ළගින් මට දැනුනේ පෙපර්මින්ට් රසක්...එයාගෙ තෙත උණුසුම් තොල් අස්සෙ මම අතරමං වුණා....
කෙල්ලෙක්ගෙ තරම් සිනිදු නෑ, ටිකක් රළුයි...මට දැනෙනවා ළාවට වැවුණු රැවුල් කොට මගේ මූණට තදවෙනවා..
ඒත් ඒ හාදුව සර්ව සම්පූර්ණයි...වෙන වචනයක් කියන්න බෑ...
එයාගෙ ඇස් පියවිලා....ඒත් මගේ ඇස් පියවිලා නෑ...
මට ඕනෙ එයා දිහා බලන් ඉන්න...
.....නුවර මැද්දේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ රූෆ්ටොප් එක උඩ මෝඩ කොල්ලෙක් ඌරු පැටියෙක්ට කිස් එකක් දුන්නා......
මට හයියෙන් කෑ ගහලා නුවරටම ඇහෙන්න කියන්න හිතුණා......
සමහර විට තත්පරයක් වෙන්න ඇති..සමහර විට විනාඩියක්....සමහර විට ඊටත් වඩා....
යෙහාර එක පාරටම මාව තල්ලු කරලා ඈත් වෙනකම්ම මම ඒ හාදුව අස්සෙ අතරමං වෙලා හිටියා...
"මොන.....'
යෙහාර තල්ලු කරපු පාරට මාව විසිවෙලා ගිහින් අත්වැටේ වැදුණා....
මම කෑගහන්න ගියත් මාව නතර වුණේ එයාව දැකලා...
එයා ඇස් ලොකු කරන් මං දිහා බලන් ඉන්නවා...
ඒ ඇස් තරහෙන් පිරිලා කියලා හිතන් හිටියත් ඒ ඇස් පිරිලා තිබ්බෙ කදුළු වලින්....
"ඇයි සර්...ඇයි සර් මෙහෙම කරන්නෙ...සර්ව අමතක කරන්න හිත හදාගන්න හැදුවා විතරයි ඇයි ආයෙ මාව අතරමං කරන්නෙ.....මට ආයෙත් අඩන්න බෑ...ආයෙත්...ආයෙත්....මට බෑ අයිති නැති කෙනෙක්ට ආදරේ කරන්න..."
එයා හැදුවෙ හැරිලා දුවන්න, මං එයාගෙ අතකින් අල්ලගත්තා...
මාව දැනුනෙ නැද්ද යෙහාර....මාව දැනුනා නේද....යෙහාර..."
එයා මං දිහා හැරිලා බලද්දි මට දැනුනා එයාගෙ ඇස් මට උත්තර දෙනවා....
"ඔව් දෙයියනේ ඔව්....
මට සර්ව දැනෙන තරම මම විතරයි දන්නෙ...මේ මගේ පපුව තාම ගැහෙනවා....ඒත් සර්ලා වගේ ලොකු මිනිස්සුන්ට හීන දකින්න පුලුවන් වුණාට මට හීන දකින්න අයිතියක් නෑ සර්......
අපිට අපිව නැතිවෙලා ගිය දවසක සර් ට හිත හදාගන්න පුලුවන් වෙයි...මොකද සර්ට සල්ලි තියෙනවා, සර්ගෙ වගකීම ගන්න සර් වැටෙද්දි අල්ලගන්න පවුලක් තියෙනවා...
ඒත් මට ඉන්නෙ මගේ අම්මයි නංගියි විතරයි...මම තමයි ඒ දෙන්නව බලාගන්න ඕනේ...මට එයාලව අතරමං කරලා නිදහසේ මැරෙන්නවත් අයිතියක් නෑ සර්..."
යෙහාර මගේ අත අතෑරලා යන්න පටන් ගත්තා.....
"යෙහාර....යෙහාර...එක අවස්තාවක් දෙන්න...මම ඔප්පු කරලා පෙන්නන්නං...මම ඔයාව දාලා යන්නෙ නෑ....මම නුගාරාව බදින්නෙ නෑ....එකම එක අවස්තාවක් දෙන්න යෙහාර....."
මම එයා පස්සෙන් දිව්වා...එයා නැවතුණේ නෑ...
මම අතාරින්නෙ නෑ යෙහාර....
ඔයා මගේ වෙනකම්ම මම ඔයා ළගින්ම ඉන්නවා....කොයිවෙලේ හරි ඔයාට මාව දැනෙනකම්ම මම ඔයා එක්ක ඉන්නවා...
මම යෙහාර නැතුව පහළට ගියා....
එයා ගිහින්....
එයාගෙ බෑග් එක කාර් එකේ...
මම කාර් එකට නැගලා ඩ්‍රයිව් කරන්න ගද්දිම මැසේජ් එකක් ආවා....
"Mama gedara yanawa..saruth parissamen gedara yanna.."
මේ වෙලාවෙ හැටියට මට මේ මැසේජ් එකත් ඇති..
යෙහාර මට ආදරෙයි....
එයාගෙ හිතේ මං වෙනුවෙන් තැනක් තියෙනවා.....
මම එයාව කොහොමහරි දිනාගන්නවා....
එයා දැනටම මගේ.....
මම මගේ හාදුවෙන් එයාගෙ අයිතිය ලියාගෙන ඉවරයි.....
මම රොවේන්ට කෝල් කරා..
"බොසා කොහොමද වැඩේ...."
"එහෙටත් නෑ මෙහෙටත් නෑ බං...කොල්ලා කැමතියි...ඒත් එයා බයයි...ඒක සාධාරණයි....යෙහාර මෝඩ ,බොලද කොල්ලෙක් නෙවෙයි, ආදරේට වහල් වෙන ලේසියෙන් රවට්ටගන්න පුලුවන් කොල්ලෙකුත් නෙවෙයි....ඌ මට ආදරේ කර කර මැරෙනකං කැමැත්ත නොදී ඉන්න ජතියේ එකෙක්..."
මම බර හුස්මක් එක්ක කීවා..
"උඹ කවදාවත් ඔය ජාතියේ කෙනෙක්ව අතෑරගන්න එපා බං....බලන් ඉන්න තරං වටිනවා....
ඌ තාම පොඩී...ඌව බලාගනිං ළග තියාගෙන....අයිතිවෙනවනං අයිතිවෙයි , ඒ නැතත් උඹට සතුටු වෙන්න පුලුවන් ඌ වෙනුවෙන් උඹට පුලුවන් හැමදේම කරාම...."
මම රොවේන් එක්ක කතා කරලා ෆෝන් එක තිබ්බා...
අර සිංහල පොතක තිබ්බා වගේ....
ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරනට
ලෝභ සිතින් තොර පිදුම මනා වේ
පෙරලා ලබනට නොසිතා බිඳකුත්....
ආදරේ කරන්න නං අයිති වෙන්නම ඕනෙද...
මං ආත්මාර්ථකාමියි තමා...මම නපුරුයි තමා...
ඒත් මං ඌට ආදරෙයි...
පණටත් වඩා ආදරෙයි...
කවදා කොහොම ඇතිවුණාද දන්නෙ නෑ..
ඒත් මම අතාරින්නෙ නං නෑ...
සංසාරෙන් පතාගෙන එන දෛවයේ රතු නූලෙන් සුළැගිලි එකට බැදුණ ආදරයක් මැදකට ගිහින් හරි මට යෙහාරව උදුරගන්න සිද්ද වුණත් මම ඒකට පැකිලෙන්නෙ නෑ..
එයා මගේ නොවුණත් හැමදාටම එයාගෙ ආත්මය මගේ........
එයාව රකින්න ....ආරක්ෂා කරන්න
හිනස්සවන්න...අඩවන්න....
ඒ හැමදේම කරන්න පුලුවන් මට විතරයි.....
ආදරය කියන්නෙ දෛවයම නෙවේ..
ආදරය තේරීමක්...
මගේ තේරීම හැමදාටම යෙහාර...
මතුසම්බන්ධයි~