කාළ ස්වේත |TK Nonfiction | Sl...

By O_viky333

3.2K 524 129

ඒ බෝල ඇස්~ වගකීම් පිරුණු මුරණ්ඩු ඇස්~ ඒ පණ්ඩිත නමුත් අඩන අහිංසකයාව මට ආපහු වතාවක් මතක් කලා~ ආයුක් ඉදුණිල් දීම... More

prologue
පළමුවන දිගහැරුම~
දෙවන දිගහැරුම~
තෙවැනි දිගහැරුම~
සිව්වැනි දිගහැරුම~
පස් වන දිගහැරුම~
හත්වන දිගහැරුම~
අටවන දිගහැරුම~
නවවන දිගහැරුම~
දසවන දිගහැරුම~
එකොලොස්වන දිගහැරුම~
දොළොස්වන දිගහැරුම
දහතුන්වන දිගහැරුම~
දාහතරවන දිගහැරුම~

හයවන දිගහැරුම

149 33 6
By O_viky333

"හෙලෝ ටේනූ රන්දෙව් පදිංචියට ඇවිත් තියෙන්නේ උබලගේ අපාර්ට්මන්ට් එකේ"

"මො...කක්ද?"

පැහැසරට කතා කරන්න නොදී උශානයා කෑ ගහනකොට මට හිල්ලුනා!! දෙයියෝ සාක්කි!! කරුම කියන්නේ මේවට යකෝ!! පස්සෙන් එන්නේ පස්සෙන්!!

"ටේනූ!! අපි මේ දැන්ම අපාර්ට්මන්ට් එකට එනගමන් පුළුවන් ඉක්මනින් උබ ගෙදරට ගිහින් දොර වහපන්!!"

"ඒත්-"

ඒත් මේත් කියන්නත් කලියෙන් උශානයා ෆෝන් එක කට් කලා!!මේ පිස්සෝත්තට පුදුම අමාරුවක්නේ මැණිකේ!! මේකා දැන් ඔය කීවේ එනගමන් වෙනකොට මම උන්නේ හූල්ල හූල්ල!!

ඇයි යකෝ උබලට දැනෙන්නෑ ඒ වේදනව!! බයයි තමයි දෙයියෝ මිනීමරුවෙක් ඒ!! ඒකත් මමම අල්ලලා දීපු මිනීමරුවා!! මට තර්ජනේ කරපු,පලිගන්නවා කියලා කෑගහපු, ඒ මිනිහා මගේ ගෙදර තියෙන මහල් නිවාසේම ගෙදරක් අරන්,ලෝයර් කෙනෙක් උන මට මිනිහා හැරෙන පැත්ත කියාගන්න පුළුවන් උනාට,අනේ අර පුංචිත්තං බෝල ඇස් මතක්  වෙලා නොදැනිම ආපහු මට හීල්ලුනා!!

අනේ මගෙ අහිංසකයා!!

ටේනුක් තමුසේට පිස්සුද අයිසේ ඒ පොඩි එකාට හොදට සල්ලිත් ඇති,අනික වටේටම එදා නඩුව දවසේ හිටපු ආරක්ශකයෝ ටිකත් මතකනේ!!

අනේ මේ ඉස්සෙල්ලා පලයන් ගෙට හුයන්නක් නොවී,නැත්තම් අර රන්දෙව්කාරයා උබේ බොටුව මිරිකලා ලේ බොයි!!

මම තිබ්බ හදිස්සියට අප්පච්චිටත් කෝලක් ගන්න ගමන් එහෙම්ම වේගෙන් දිව්වා,දුවන් ගියා තමයි හෙන පද කොල්ලෙක්ගේ ඇගේ වැදිලා මාව බිමටම පතබෑවුනා

"හෙලෝ මලී- අහ් ඔහ් මයි ගෝඩ් ඔයාට ප්‍රශ්නයක් නෑ නේද?"

ඒ ගොඩ්සිලයා බලපන්කෝ!! වට්ටලා අහනවා ඔයා හොදින්ද- ඒයි!! ඒ ඇස් ඒවා ඒවා හරියට ආයු- ටේනුක් හරි සිහියට වරෙන් මිනිහෝ මොන ඇස්ද!!ඒත් එක්කම ඒ කොල්ලා මාව අල්ලලා නැගිට්ටෙව්වා!!

මොනා නැතත් අලි මස් කාලා වගේ පත බොඩියක් නම් මිනිහට තිබ්බා!! මගේ තියෙන කොමලේ හින්දා මම බිම බැලුවට මම ඒ ඇස් දිහා හොරෙන් බැලුවා හැබැයි!!

"ඔහ්..ත්..තැන්ක්‍යූ"

මොන මගුලකටද මන්දා මට ගොතත් ගැහුනා කොහොමත් මට එහෙම වෙනවා!! මොකද මේ අවස්ථාවේ හැටියට මට එහෙම හරි කතා කරගන්න පුළුවන් උන එක ගැනත් මම එක අතකට සතුටු උනා!!

ඒ බෝල ඇස් දිහා මොන හේතුවකටද මන්දා එක එල්ලේ බලන් උන්න මම එහෙමම අනික් පැත්තට තැන්ක්‍යූ කියාගෙන දුවගෙන ගියේ අප්පච්චි එහා පැත්තේ ලයින් එක ආන්ස කරනකොට~

ඒත්

ඒ බෝල ඇස්~

වගකීම් පිරුණු මුරණ්ඩු ඇස්~

ඒ පණ්ඩිත නමුත් අඩන අහිංසකයාව මට ආපහු වතාවක් මතක් කලා~

ආයුක් ඉදුණිල් දීමන්ත දේදුනුපාය

එ මෝඩ පිස්සු කොල්ලව මතක් වෙද්දි මොකක්ද මන්දා නුපුරුදු හේතුවකට කීවෙනිපාරටද මන්දා ආපහු මට හිනා ගියා,දවාලේ උශාන් ඇවිල්ලා "ඔන්න ඔයාගේ හාදුවේ අයිතිකාරයා කතාකරනවා" කියන වෙලේ ඉදන් මන් උන්නේ මහා අමුතු හැගීමකින්,

මොකක් නමුත් හාදුවේ අයිතිකාරයා අපේ නංගි උන එක වෙනම කතාවක්,ඒකිත් තියෙන හොදම එකෙන් උශානටයට අලුත් නම්බර් එකකින් බයිට් දීලා,පව් පොඩි එකා හිතලා තියෙන්නේ මගේ කෑල්ල කියලා,අනේ!!

අනේ මන්දා අර වයසක මනුස්සයෙක්ගේ කන් ඇහෙන්නැති නඩුව නිසා මැරෙන්න කලියෙන් අර මිනිහගෙන් මම මැරුම් කයි කියලා හිතෙද්දියි පපුව හෝස් ගාලා යන්නේ,ඔක්කොටම කලින් වටේ ඉන්න බේසික පැටව් නිසා පපුව යන එක ගැන කල්පනා කරන්න ඕනි!!

ඒත්~

අර ගල් ගිලපු මනුස්සයා කොහොමද අර බෝල ඇස් තියෙන පොඩි එකා වෙන්නේ කියලා හිතන ගමන් මම මගේ ගෙදරට යන්න හැරුනේ

මේ තියෙන්නේ,හැඩත් නැති වැඩත් නැති ටේනුක් රවිහාරගේ දිව්‍ය විමානේ යසාගේට!!!

ඒත් කොහෙන්දෝ මන්දා ආපු ෆෝමලීන් සැරට ඇස් දෙක ලොකු උන මම වට පිට බලන්න කලියෙන්ම මේ ආව කෙනා මගේ මූනට තව ලෙන්සුවක් තද කලේ ටිකෙන් ටික මගේ ඔලුවේ බෙහෙත් සැරට කලන්තේ හැදීගෙන එන මැසේජ් එක එන්ටර් වෙනකොට!!

අනේ!! අසරණ මටම ඇයි මේ වේදනා!!

දැන් කෝ මග එන උශාන්ලා!!

උත්තෙනේ තොපි කොහෙ-------
.
.
.
.
.
.
.
.
.
.
.
කැත නැතුවම ප්‍රසිද්ධ පාසලක් ඉස්සරහින් සිග්නල් ලයිට් නොතකා වේගෙන් යන රථවාහනේ දිහා පොලිස් සැරයන්වරු බලන් ඉන්නේ කැත නැතුව විරිත්තගෙන!! ලංකාවේ නීතියනේ බන්.තව මොනවද.

කාර් එක ඇතුලේ උන්න පිස්සු හෝන්තු දෙක නම් උන්නේ ඔය වෙන කිසිම මගුලක් ගැන හිතන්න පුළුවන් තත්වෙක නෙවෙයි!! ඇයි යකෝ මේ මිනිස්සුන්ට තේරෙන්නැත්තේ,ට්‍රැෆික් ලයිට් සෙට් කරලා කොහොමද හදිස්සියකට වේගෙන් යන්නේ,හැබැයි අමතක කරන්න එපා ඔය හෝන්තු දෙක ට්‍රැෆික් ලයිට් තියා උණබම්බු ලයිට්වත් ගනන් නොගෙන තමයි ඔය කඩාන බිදගෙන දුවන් යන්නේ කියලා!!

ආ නෑ සොරි ඩ්‍රයිව් කරන් යන්නේ!!

"යකෝ පැහැසර අඩියට කපපම් බල්ලෝ,අපේ එකා මැරෙන්නයි යන්නේ!!"

උශාන් මහා සද්දෙන් බෙරිහන් දෙනකොට උශාන්ගේ කියවිල්ල නිසා පාරත් අමතකුන පැහැසරට පාරමැද්දෙන්ම බ්‍රේක් වැදුනේ වටේ ඉන්න මිනිස්සු සීසීකඩ විසුරුණු සිතුවිලි වගේ විසිරිලා ගියේ එකපාරට ආපු පොලිස් කාරයෝ මහපාරේ වැඩදාන පිස්සු හෝන්තු දෙක අල්ලගන්නකොට!!

"මොකද මිනිහෝ කරේ!! පොලිසීයෙන් එනවා ඕක පාගලා යමන් උට්ටෝ!!"

"තරහා නැත්තම් දෙයක් කියන්නද??"

"මොකක්ද?!!"

"මට පාර අමතකුනා හලෝ"

"මොන උත්තක්ද කියන්නේ තෝ!!!"

උශාන් කෑගහන දිහා සාමකාමීව බලාගෙන ඉන්න පැහැසරගේ දත් ඇන්දම බඩට යන්න දෙන්න හිතුනත් උශාන් දත කාගෙන අහක බලාගත්තා,ඒත් එක්කම වගේ පොලිසීයෙන් ඇවිල්ලා පාරමැද හිටපු කාර් එකේ ජනේලෙට තට්ටුවක් දැම්මේ උශාන්ගේ මූන දෙක වෙද්දි!!

"ඔය මහත්තුරු මේ කොහෙද යන්නේ??"

ඇතුලේ ඉන්නේ ලෝයර්ස්ලා දෙන්නෙක් කියලා කාර් එකේ ගහලා තිබුනු ස්ටිකර් එක දැකපු පොලිස් නිළදාරීන්ට ඉස්මොලේ ගියේ ඇයි යකෝ මුනුත් නිතියට පටහැනි කියලා හිල්ලෙනකොට!!

"ආ හායි අංකල්,ඔයා නේද එදා නඩුවෙදි අර  මිස්ට රණසිංහගේ පැත්තේ හිටං හිටපු කෙනා,ඒක තමයි මම බැලුවේ කවුද මේ බඩතඩි කෙනා කියලා!!"

උශාන් කැත නැතුවම පොලිස් නිළධාරියට බඩතඩි කෙනා කියනකොට අර මනුස්සයාට නම් ඉවසීමක් කියන එක ගැන පොඩ්ඩක් මතක් කරන්න වෙනවා!!

"මොකක්!! බඩතඩි කෙනා,සර් මේ,පාරේ හරියට යනවද?? බලනවකෝ දැන් මෙතන පාර මැද හිටලා කරන වැඩ,මහත්තුරු නීතිය දන්න මිනිස්සු නේද??"

පැහැසරට එකපාරට අමතකුන පාර මතක් උනේ පොලිස් නිළදාරීන් දිහා බලලා විරිත්තන උශාන් දැක්කම,නෑ ඇත්තටම ඒ මනුස්සයාගේ කෑගැහිල්ල නිසාම නෙවෙද පැහැසරට පාර අමතකුනේ!!

"අපි නීතිය දන්නවා!! ඒත් මේ වෙලාවේ නීතිය වැඩක් නෑ,ලොකු හදීස්සි-"

පැහැසර ඒ එක්කම වගේ වාහනේ ස්ටාට් කලේ උශාන් කෑගහගෙන ඇවිල්ලා පොලීසියේ අයගේ ඇගට පනින්න හදනකොට,අහිංසක පොලිස් නිලධාරීන් ටික වාහනේ ගිය වේගේ නිසා ආව හුලං පාටර මූනට වැටුන කොන්ඩේ පස්සට කරනගෙන රවාගෙන හිටියා

ඒත් ඉතින්,නිකමට හිතුවද පැහැසර ඇද්දුව ඇද්දිල්ලට කෑගහපු උශාන්ට මොකද උනේ කියලා!!

උශාන් වැටුනා නිකම් නෙවෙයි දත් ඇන්දත් බිම ඇනගෙන තමයි කොල්ලා වැටුනේ,මොනා නැත්තත් කොල්ලා ඔයින් බේරුනා මදැයි!!

"පැහැසරාආආආආ!!"

"ඇයි ඇයි බන්"

"හුයි හුයි නෙවෙයි යකෝ මගේ මූන,අනික කොහොමද උබට පාර මතක් උනේ ආපහු"

"ආ...උබේ කෑගැහිල්ලටම තමයි"

උශාන්ගේ රතු වෙලා පුපුරන්න ලංවෙලා තියෙන මූන දිහා බලන් හිනාවෙනගමන් පැහැසර කියනකොට උශාන් රවාගත්තා

"එතකොට අමතකුනේ ඇයි"

"ඒත් උබේ කෑගැහිල්ලටමයි!!"

"අනේ හුකාගනිම්"

ආපිට කුණුහරපෙකුත් කියාගෙනම උශාන් රවන්න ගත්තම පැහැසරට හයියෙන් හිනා ගියා,මේ කොල්ලට ඩිසිප්ලීන් නම් උගන්නන්නම වෙනවා!!

"උබත් වරෙම් උපත් පාලන කොක්කක් අරන්"

"එනවා මම කියන්නෑ තොට"

මොකුත්ම කියාගන්න බැරිකමට පැහැසරට රවපු උශාන් විරිත්තගෙන ඉස්සරහා බලාගත්තා
.
.
.
.
.
.
.
.
.

අරලිය මහල් නිවාසෙට රාස්සිගේ අව්ව වැටිලා දීප්තිමත් ගිනිබෝලයක් උන ඉර බැහැලා යනකොට ලේන් එකේ උඩම තට්ටුවේ උන්න නසරාණී කොල්ලා දැන් විනාඩි ගානක ඉදලා එහට්ටයි මෙහට්ටයි කැරකෙනවා!!

ඒ අස්සේ කොල්ලගේ හිතත් ඩප් ඩුප් ගානවා!!

ටික වෙලාවක් මේ දිහා බලන් උන්න කොල්ලගේ යාලුවා ඇවිල්ලා කොල්ලගේ උරහිසෙන් අතක් තියනකන් කොල්ලා දන්නෑ,ඒ තරමට පිස්සෙක් වගේ සාලේ එහට්ටයි මෙහට්ටයි ඉනේ අත තියං යන කොල්ලා දිහා බලන් ඉන්න කොල්ලගේ යාලුවාට දැන් වමනෙට වගේ ඒක දැකලම,

"අඩෝ අයූ!! සන්සුන් වෙයන් මචන් everything is okay now"

"මම මම....මම දන්නෑ....එයා තමයි මේ...එයාමයි...මට ශුවර්"

පිස්සුවෙන් කියවන ආයුක් දිහා බලන් ඉන්න රවීන් ටිකක් කල්පනා කරලා කොල්ලගේ පිටට තට්ටුවක් දාන ගමන් කොල්ලව බදාගත්තා,කලබල උන කෙනෙකුට හොදම බෙහෙත වැළදගැනීමක් කියනවනේ,ඉතින් ආයුක් සන්සුන් උනේම ගොඩක් වෙලාවට රවීන්ගේ වැළදගැනීමක් නිසා,ඒ තරමට කොල්ලෝ දෙන්නා බැදිලා,

වචනයෙන් පරිසමාප්ත අර්තයෙන්ම ඒ තමයි ඇත්තම යාලුකම,සහෝදර බැදීමක් වගේ යාලුකම් අපිට හම්බෙන්නෑ බන්!!

ජීවිතේ එකම දවසක හරි එහෙම එකෙක් හම්බෙනවා කියලා උබ කාටත් වැඩිය වාසනාවන්තයි!!

එත් එක්කම සෝෆා එකේ උන්න කොල්ලා එහාට මෙහාට ඇබරෙන්න ගත්තේ මෙතන තුන්වෙනි පාර්ශවයකුත් ඉන්නවා කියලා ඔප්පු වෙනකොට,දුඹුරුපාට කීකරු කොණ්ඩයක් තිබුණු කොල්ලාගේ පළල් උරහිස් එක්කම සිහින් තොල්පෙති,සරාගී පිය උන ඇස් දෙක,අතේ ඉල්ලිපිලා තිබුණු නහර,ගානට මස්කල්ස් කට් උන අත්,දේහදාරි පපුව,ඒ ඔක්කොමත් එක්ක හුස්මක් ගන්නකොට ඉහලපහල යන ඒ පපුව දිහා ආයුක් බලන් උන්නේ කටත් අතෙන් වහගෙන!!

"කවදාවත් ඒක වෙන්න බෑ!!"

"ඇයි දැන් උබ කියන්නේ බෑ කියලද??? මේ ලංකාව පගෝ!! මේ ඉන්නේ ලංකාවේ,උබ කියන්නා වගේ ඌත් නුවර උබත් නුවර උට්ටෝ!!,ඉතින් මේක වෙන්න බැරි නෑ"

ආයුක් හිතුවට කටෙන් ඒක වෙන්න බෑ කියද්දි ආයුක්ගේ බෙල්ල උඩින් එබුන රවීන් විරිත්තනකොට ආයුක් රවීන්ටත් එරෙව්වා!!

මේ දරුවගේ දුක තේරෙන්නේ නෑනේ කාටවත් හුම්!

ඒ එක්කම සෝෆා එකේ වැටිලා ඉන්න කොල්ලගේ සාක්කුවේ තිබුනු ෆෝන් එක රින්ග් උනේ ආයුක් හරි සිහියට ඇවිල්ලා කොල්ලගේ ෆෝන් එක අරන් කෝල් එක ආන්ස කරනකොට~

"හෙලෝ??"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"හෙලෝ ටේනූ අපි මේ උබේ ගෙදර ඉස්සරහා ඉන්නේ!! උබ කොහෙද??"

"හෙලෝ රවිහාර....කතාකරපන් බල්ලෝ බයනොක-"

beep beep

_________________

ලිට්ල් හේයි ලිට්ල් හෝම්

කොහොමද

මම දවස් තුනක ඉදං මේක ටයිප් කරන්නේ ඒයිලා!!

after long time no,

exam ඉවරයි එයීලා!! ඒත් මට කම්මැලී!! මේ ටිකේම මම ගෙදර,ඒ ඉදලාත් ටයිප් කරලා නෑ!!

නරක සමනැලයෙක් නේත ළමයි මම!!

විකීතට හරීයට වැඩ අප්පා!!

රහසක් කියන්නද?

                මිනිස්සුන්ට අනුකම්පා කරන්න හැබැයි සල්ලි දෙන්නෙපා,
                                  මොකද ආය හම්බෙන්නෑ😂

ආයේ එන්නම් හත්වෙනි දිගහැරුම එක්ක!!

2023.11.15

Continue Reading

You'll Also Like

49.6K 1.9K 20
Story about a married couple who's life was so toxic to live in. ⚠️ !!!𝗔𝗧𝗧𝗘𝗡𝗧𝗜𝗢𝗡!!!⚠️ ♡ This story is going to contain domēstic abu$e, so r...
34.8K 4.6K 48
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
10.9K 293 2
ဒီတစ်ပုဒ်လေးကတော့ မွေးပြီးစားတာပဲဖြစ်ပါတယ် 21+အပြာစာပေ ဒွိလိင်စာပေမလို့ ကလေးများဖတ်ပြီးအတုယူရန်မသင့်တော်ပါ
114K 599 12
တက္ကသိုလ်တတ်နေကြတဲ့ အဆောင်နေ ကျောင်းသားတွေရဲ့ Sex ဖြစ်တဲ့ပုံစံကို စိတ်ကူးယဥ်ပြီးရေးသားထားတဲ့ ဝတ္ထုရှည်(ဇာတ်လမ်းတွဲ)လေးပါ