පතොක් මල්🌵✔️

TaraNemeth9 által

73.5K 13.5K 2K

ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙ... Több

දෙවනි ඉඩෝරය🌵
තුන්වෙනි ඉඩෝරය🌵
හතරවෙනි ඉඩෝරය🌵
පස්වෙනි ඉඩෝරය🌵
හයවෙනි ඉඩෝරය🌵
හත්වෙනි ඉඩෝරය🌵
අටවෙනි ඉඩෝරය🌵
නව වෙනි ඉඩෝරය🌵
දහවෙනි ඉඩෝරය🌵
එකොලොස් වෙනි ඉඩෝරය🌵
දොලොස් වෙනි ඉඩෝරය🌵
දහතුන්වෙනි ඉඩෝරය🌵
දාහතරවෙනි ඉඩෝරය🌵
පහළොස්වෙනි ඉඩෝරය🌵
දාසයවෙනි ඉඩෝරය🌵
දාහත්වෙනි කොටස🌵
දහ අටවෙනි ඉඩෝරය🌵
දහනව වෙනි ඉඩෝරය🌵
විසිවෙනි ඉඩෝරය🌵
විසි එක්වෙනි ඉඩෝරය🌵
විසි දෙවෙනි ඉඩෝරය🌵
විසි තුන්වෙනි ඉඩෝරය🌵
විසි හතරවෙනි ඉඩෝරය🌵
විසි පස්වෙනි ඉඩෝරය🌵
විසි හයවෙනි ඉඩෝරය🌵
විසි හත්වෙනි ඉඩෝරය🌵
විසි අටවෙනි ඉඩෝරය🌵
විසි නවවෙනි ඉඩෝරය🌵
තිස්වෙනි ඉඩෝරය🌵
තිස් එක්වෙනි ඉඩෝරය🌵
තිස් දෙවෙනි ඉඩෝරය🌵
තිස් තුන්වෙනි ඉඩෝරය🌵
තිස් හතරවෙනි ඉඩෝරය🌵
තිස් පස්වෙනි ඉඩෝරය🌵
තිස් හයවෙනි ඉඩෝරය🌵
තිස් හත්වෙනි ඉඩෝරය🌵
තිස් අටවෙනි ඉඩෝරය🌵
තිස් නවවෙනි ඉඩෝරය🌵
හතලිස් වෙනි ඉඩෝරය🌵
හතලිස් එක්වෙනි ඉඩෝරය🌵
හතලිස් දෙවෙනි ඉඩෝරය🌵
හතලිස් තුන් වෙනි ඉඩෝරය🌵
හතලිස් හතරවෙනි ඉඩෝරය🌵
හතලිස් පස්වෙනි ඉඩෝරය🌵
හතලිස් හයවෙනි ඉඩෝරය🌵
හතලිස් හත්වෙනි ඉඩෝරය🌵
48.ඉඩෝරය නිමාවී උදා වූ වසන්තය🌸
පසුවදන ( author's note)

පලමුවෙනි ඉඩෝරය🌵

6.6K 449 73
TaraNemeth9 által

කාෂ්ටක ඉඩෝරයේ වේලුණු පොලෝ තලය උඩ.....
ග්‍රීෂ්මය දරනු නොහැකි ව රෝස මල් මියයත්.....
කටු පිරුණු නිසාවෙන් කිසිවෙකු ළං නොවුණු පතොක් මල්....
ඉඩෝරය දරාගෙන තවම පිබිදී
හිදිත් .....

එහෙව් පතොක් මලකට නුඹත්
පෙම් කලෝතින්....
කටු අතර රැදුණු ඒ අදිසි හදවත
පෙනෙත් .....
කටු ඇනී රිදුණමුත් එහද අත්හරින්නට...
නොහැකි ලෙස නුඹේ හද ඔහුට පේවී
හිදිත් .....

************************************

නුවර......
ප්‍රේමනීයම මතක පිරුණු ආදරණීය නගරයක්...
දළදා පහස ලබපු පූජනීය පින්බිමක්...
නුවර ජීවත් වෙන්නත් , ඒ නගරේ සුවද මොහොතක් හරි විදින්නත් හුගක් පින් කරලා තියෙන්න ඕනෙලු.......

එහෙම හිතුවොත්....
අවුල් වෙච්ච කෙස්ගස් තව අවුල් කරන නුවර හුලං විද විද නුවර වටේ හැමදාම ඇවිදගෙන යන මම කොයි තරම් පින්කාර වෙන්න ඕනෙද??..

ඉපදිච්ච දවසේ ඉදලම මගේ හුස්ම රැදිලා තිබ්බේ නුවරම වෙලත් මට මේ වෙනකං ඒ ප්‍රේමණීය සුවද අවුන්සයක්වත් දැනුනේ නැ කීවොත්???
මට නුවර ආදරණීය විදිහට කවදාවත් පෙනිලා නෑ....ප්‍රේමයේ මතක සටහන් වල තනිවෙන්න මට ප්‍රේමයක් තිබිලත් නෑ..
නුවර වැව නිකම්ම වැවක් වෙච්ච මම හැගීම් විරහිත කිසිම රොමැන්තික ගතියක් නැති මෝඩයෙක් වගේද???

මෝඩයා....බූරුවා.....පිස්සා......
උඹට මොනවද පුලුවන්....මැට්ටා......

ඔය වචන හැමෝගෙන්ම අහලා අහලාම මාව පදම් වෙලා....මගෙම අම්මගෙනුත්...ඉතිං දැන් ඔයත් මට මෝඩයා කීවා කියලා වෙනසක් නං වෙන්නෑ.....

නුවර සමහර විට අර කියනවත් වගේ ප්‍රේමණීය නගරයක් වෙන්න ඇති...
හැබැයි ඒ ආදරණීය මිනිස්සුන්ට....
ලොකු ලොකු මිනිස්සුන්ට...
හීන දකින මිනිස්සුන්ට....

ඒත් මං වගේ ඉපදිච්ච දවසෙ ඉදලා ජරා ගොඩවල් වල ලැගපු, හීන නැති
කර්කශ, රළු පුංචි මිනිහෙකුට නුවර කියන්නෙ තවත් එක නගරයක් විතරයි....

නුවර ලස්සන මට නොපෙනෙන්නෙ සමහර විට මම ජීවත් වෙන්නෙ ඒ ලස්සන නිසා හැමෝටම අමතක වෙච්ච අපායක් ඇතුලෙ නිසා වෙන්න ඇති...
ඒ අපාය තිබ්බෙ නුවර එක කොණක ...
පරණ පේරාදෙණිය පාරේ බස් එකක ගියොත් හෝල්ට් දෙකක් විතර එහා.....
ඔයාටත් පුලුවන් අපේ මාළිගා සංකීර්ණය බලන්න....මහපාරේ ඉදලම....

වහින කාලෙට උතුරන, පායන කාලෙට හිදිලම යන කුණු ඇළක් පාර අයිනෙන් ගලනවා....
කුණු ඇළට එහා පැත්තෙ තියෙනවා රේල් පාර........

කුණු ඇළ දිගේ හරහට තැනින් තැනින් ඇළ උඩින් තියෙන්නෙ අපේ මුඩුක්කු මාළිගා වලට යන පාලම්....

රේල් පාරෙන් එහා පැත්තේ තියෙනවා එක රැල්ලට තියෙන තහඩු හරි උළු හරි වහපු එක ළග ළග හදලා තියෙන පුංචි කොන්ක්‍රීට් ගෙවල්....ඒ තමා අපේ මාළිගා...

ගෙවල් ඉස්සරහා තියෙන රෙදි වැල්.....පාරට ගෙවල්වල ඇතුල් නොපෙනෙන්න දාලා තියෙන හුළගට වැනෙන චීත්ත ජනෙල් රෙදි........
ඒවා තමා අපේ මාලිගා වෙන් කරලා අදුනගන්න පුලුවන් පොදු සංකේත..

මෙහේ හුණ්ඩු වගේ ගෙවල් පණහක් විතර ඇති....ඒ හැම ගෙදරකම ඉන්නවා සැමන් පැටෙව්වා වගේ එක ගෙදරක හතර පහ ගාණේ....ගෙවල් තියෙන්නෙ එක ළග...
එක බිත්තියක් ඇතුලෙ කතා කරන ඒවා අනිත් බිත්තිය අස්සට ඇහෙනවා.
එන්න එන්න මිනිස්සු ප්‍රමාණේ වැඩිවෙනවා....ඒත් මෙහේ තිබ්බ ගාණමයි...
මෙහේ මිනිස්සු උපත් පාලනේ දන්නවා කියලයෑ....හැම අවුරුද්දකම එකා එකා විස්සක් තිහක් ඉපදෙනවා...

මේ හැම ගෙදරකම වෙන දේ හැම එකාම දන්නවා...
සිරිපාලයගෙ හොර ගෑනි කවුද ??තමාරා අක්කායි ජසින්තායි කෙහෙවලු පටලගත්තෙ මොකටද ??
ස්ටෙලා නංගිට අලුත ඉපදුණු බබාගෙ තාත්තා කවුද ??

ඔය හැමදේම මෙහේ ඉන්න අවුරුදු පහේ පොඩි එකා ඉදලා හැටේ ආච්චි වෙනකම්ම දන්නවා....ඇතුලේ රහස් නෑ...
ඉතිං හැමෝම පුරුදු වෙලා හැමදේම එළිපිට කරන්න...
ලැජ්ජා බය කියලා දෙයක් කාටවත් ගෑවිලාවත් නෑ....

"සුදුහුම්පොළ ද....??"

පොඩි එකෙක් ඉස්කෝලෙ දාන්න ගියාම විදුහල්පතිවරු මූණු ඇඹුල් කරන් අහනවා....
මොකද මෙහෙ පොඩි එකෙක් ඉස්කෝලෙ ඇතුලට එනවා කියන්නෙ අනිත් ළමයින්ගෙ දෙමාපියෝ ඉස්කෝල වර්ජනය කරන තරං ලොකු ප්‍රශ්නයක්.....

මුළු නුවරටම ඉන්න තරමක් හොරු මංකොල්ලකාරයො , කුඩු බිස්නස් ජයට කරන කුඩු මුදලාලාලා, කුඩ්ඩෝ ඔක්කොම වගේ ඉන්නෙ මෙහේ....

උංගෙ අම්මලා අප්පලා වගේම තමා දුවලා පුතාලාත්...
කුණුහරුපෙන් පටන් අරන් පිහි ඇනුමක් වෙලා වලියක් ඉවර කරන්න තරං සුදුහුම්පොළ පොඩි ඈයෝ නම් දරලා ඉන්නෙ...

සුදුහුම්පොළ මුඩුක්කුවේ කොල්ලෙක් කියලා නළලෙ කොටන් ආව නිසාද කොහෙද මීට අවුරුදු ගාණකට කලින් මං ගියපු ඉස්කෝලෙන් මට ලැබුණෙම කුඩම්මාගෙ සැලකිලි...

අවාසනාවකටද මන්දා මට හරියකට කරන්න පුලුවන් වුණේ අකුරු ලියාගන්න එකයි ගණන් ටිකක් හදාගන්න එකයි විතරයි......
එතනින් එහාට ඉගෙනගන්න මෙලෝ හැකියාවක් මට තිබ්බෙ නෑ...ඉගෙනගන්නත් බෑ....සිංදු කියන්න බෑ...චිත්‍ර අදින්නත් බෑ....
මලල ක්‍රීඩා වලට පොඩි හැකියාවක් තිබුණත් කවුද අපට සපත්තු අරන් දෙන්නෙ?? කවුද අපිව පුහුණු කරන්නේ??
මොකෙක්වත් නෑ..

සුදුහුම්පොළ පොඩි එකෙකුට මධ්‍යම රජයේ ලොකු ඉස්කෝලෙකට පය ගහනවා තියා හිතන්නත් බෑ...
නුවර කලාපෙන් පාලනය වෙච්චි පොඩි ඉස්කෝල කීපයක් විතරක් අපේ පොඩි උංව බාරගත්තා..

ඒත් ඉතිං අපේ උං බහුතරයක් දහයෙන් එකොලහෙන් එහාට ඉගෙනගන්නෑ..
මමත් බැරි බැරිගාතේ ඉස්කෝලෙ ගියා එකොලහ වසරට යනකම්ම....
ඊට පස්සේ දහ අටක් වෙනකං ඔහේ ටැග් ගැහි ගැහී උන්නා.....

ඒත් නංගි ලොකු ළමයෙක් වෙද්දි....ඒකිට හොද ඇදුමක් පැළදුමක් ඕන වෙද්දි රස්තියාදු ගමන ඉවර කරලා මම ජොබ් කට්ටක් කරන්න බැස්සා....ඒ මීට අවුරුදු තුනකට කලින්

සුදුහුම්පොළ අපිට කරන්න පුලුවන් හොදම, ලේසිම රස්සාව කුඩු අජිත් ළග වැඩ කරන එක...

ඒත් අම්මා ටොකු ඇන ඇන දොර පඩිය උඩ ඉදගෙන ඔලුවෙ පොල්තෙල් ගගා මට අවුරුදු තුනේ ඉදලා මතුරපු වචන වලට පින්සිද්ධ වෙන්න කුඩු විකුණන,බොන එකේ ආදීනව , අපිව විනාශ වෙන්නෙ කොහොමද කියන එක මම ඉගෙනගෙන තිබුණා..

මට මෝඩයා...බූරුවා ....පිස්සා කීවට මමත් යමක් කමක් දන්නවා..

"යෙහාරයෝ...මේක කාන්ති නැන්දට ගිහින් දීපං..."

අම්මා කෑ ගහද්දි අපේ ගෙදරත් එක්ක හෙල්ලෙනවා වගේ, එච්චරකට සද්දයි.....
අද ඉරිදා මං ගෙදර....ඒ කියන්නෙ අද තමා මම වැඩිපුරම බැනුම් අහන දවස.....

"කෝ ඉතිං , වර මෙහෙට...උඹෙත් කම්මැලිකම ...ඉරිදා විතරයි ගෙදර ඉන්නෙ...දවස් කීයක් කීවද අර වහලෙ හිල් ටික හදලා දාපං කියලා...උඹට කියන කට හොදයි මම බිම උලාගන්නවා...මේ ගෙදර කොල්ලෙක් හිටියා කියලා වැඩක්ද මං අහන්නෙ..."

අල්ලපු ගෙදර හිච්චි එකා අම්මා මට බනින එක අහන් ඉදලා හිනාවෙනවා..මම ඌට මැදගිල්ල උස්සලා රවලා නැගිට්ටෙ අම්මගෙ කෑ ගැහිල්ල හින්දමයි.

"මේ එනවා වදේ, ඔච්චර කෑ ගහන්න ඕනෙ යෑ...."

අම්මා මගේ අතට දුන්නේ ප්ලාස්ටික් පිගානකින් වහපු කෑම පිගානක්.

"හෑයියා අම්මේ, නංගි අතේ මේක යවන්න එපැයි....මට පුලුවන්ද කෙල්ලක් වගේ කෑම පිගන් උස්සන් යන්න"

"නංගි පාඩම් කරනවා , උඹ ගිහින් දීපං, කාන්තිට හිසේ කැක්කුමක් හැදිලා එළෝලුවක් එවන්නය කීවා,නොයවා පුලුවනෑ, මොකෝ උඹට ගිහින් දෙන්න බැරි, උඹ මහ ලොකු පිරිමියද, පලයං පලයං.."

"අනේ ඒකිගෙ පාඩං...ෆෝන් කට්ටට කොට කොට හිනාවෙනවා ඇති."

මම අම්මටත් රවලා කෑම පිගාන අතට අරං කාන්ති නැන්දගෙ ගෙදරට ගෑටුවා...

අම්මා දොර ලග ඉදගෙන නළලෙ දාඩිය පිස්සා...

අම්මා සෑහෙන්න මහන්සි වෙනවා අපිට කන්න ටිකක් හොයන්න, මායි අම්මයි දෙන්නම හම්බ කරන පඩියත් ගාණට වගේ කෑම බීම වලටයි නංගිගෙ ඉගෙනගන්න වැඩ වලටයි ඔක්කොටම ගියාම....
මං වගේ නෙවේ පොඩි එකී ඉගෙනගන්න දක්ෂයි, දැන් එකොලහ වසරේ...මේ පාර ඕලෙවල්...

තාත්තා කියන එකා ගැන නං කතා කරලා වැඩක් නෑ.... වැඩිපුර ඉන්නෙ කසිප්පු ගුබ්බෑයම් වල.....ගෙදර ආවොත් අම්මා බත් බෙදලා දෙනවා...
කාලා නිදියන් වැටිලා ඉදලා ආයෙ යනවා...
හිටියට වගතුවකුත් නෑ...කරදරේකුත් නෑ...

අම්මා නං කියනවා අඩුමගාණේ කුඩු ගහන්නෙ නෑනෙ...අපිට වද දෙන්නෙ නෑනෙ කියලා. ..
ඒ තාත්තගෙ නෝංජල් කම මිසක් කරුණාවන්ත කමක් නෙවේ කියලා මට නං තේරිලා හුගක් කල්

මම කාන්ති නැන්දාට කෑම පිගාන දීලා කොල්ලො එකතු වෙලා බෝල ගහන පිට්ටනිය පැත්තට ගියා...

කකුලෙ ගල් වැදෙනවා...ඒත් තියෙන එකම සෙරෙප්පු කුට්ටම සතියෙ දවස්වලට දාන්න පරිස්සම් කරගන්න එපැයි...පොඩි එකීගෙ උපන්දිනෙත් ළග එනවා...ඒකිට සපත්තු දෙකක් අරන් දෙන්න රුපියල් හාරදාහක් මම අරන් තිබ්බා...

"රිකී අයියේ.....වරෙන් වරෙන්...උඹව දැක්ක කල්..."

පොඩි කොල්ලො සෙට් එක මොක වුණත් මට හෙණ ලැදියි, උං ඔක්කොම දහ අටට අඩුඋං ...
උං හොදයි...
මගේ වයසෙ උං එක්කො කුඩුකාරයො නැත්තං බඩුකාරයෝ....
අවුරුදු විසි දෙකක් වෙද්දි නැහැදිලා ඉවරයි..
මාත් උංගෙං එකෙක් වෙන්න තිබ්බා අම්මා නොහිටියනං..

නමට විතරක් යෙහාර වෙච්ච මට නමෙන් කතා කරේ අම්මා විතරයි...
මුඩුක්කුවක් අස්සෙ ඉන්න මට යෙහාර
සත්මිදු වගේ පොෂ් නමක් දැම්මෙ මොන මංගල්ලෙකටද කියලා මටම නොහිතුණත් නෙවෙයි...

මම මෙහේ හැමෝටම රිකී...රිකී අයියා....රිකී මල්ලි...රිකියා...රිකී පුතා..

යෙහාර සත්මිදු ( රිකී)
අවුරුදු 22 යි.


"අඩෝ කොල්ලා ....උඹලත් ඉතිං අපි උඹලව බලන්න ආවොත් තමා, එන්න එපා ඒ පැත්තෙ.."

"එහෙම කියන්නෙපා රිකී අයියා, උඹලයි අම්මා අපිව දැක්ක තැන එළවනවනෙ පලයං ගෙවල් වලට පාඩං කරපං කියලා"

කොල්ලන්ට හිතවත්කමට පිටට තට්ටුවක් දෙකක් ගහලා මම ළග තිබ්බ පදුරකින් කෝට්ටක් කඩාගෙන දත් කූරු ගගාම යකඩ වැට උඩ ඉදගත්තා..

මේ දවස් වල හරියට පෑවිල්ල....හෙට අනිද්දාට වහියි....ඊට කලින් වහලෙ හදලා දාන්නත් ඕනෙ....

කොල්ලො ටික විකට් එකකට වලියක් අදිනවා...මම ටිකක් වෙලා ඉදලා උංටත් කතා කරන් ආයෙ ගියේ වහලෙ හදලා දාන්න ඕනෙ හින්දා....
නැත්තං කනක් ඇහිලා ඉන්න වෙන්නෑ මහරාණිගෙන්.....

මම බිත්තිය අයිනෙ වතුර ටැංකිය තියන්න හදලා තිබ්බ කොන්ක්‍රීට් කෑල්ලට නැගලා බැලුවා...
අපේ වහලෙ තිබ්බෙ උළු...
එහෙමෙහෙ වෙච්ච තැන් හතරක් විතර තිබ්බා, ඒ ටිකත් හදලා ආයෙ බැහැලා නාගන්න ගියා..

නාන්න කියලත් ඉතිං තිබ්බෙ ඉටිරෙද්දක් වට කරලා හදපු පොඩි කොටසක් විතරයි....
ෂවර් එකයි ටැප් එකයි බේසමයි ටවල් එක වනන්න බට කෑල්ලයි....සබන් කෑල්ල තියන්න ගහපු ලෑල්ලයි...
ඔච්චර තමා අපේ බාත්රූම්..

මම නාලා එද්දි අම්මා බත් බෙදනවා..

"පොලොස් කොහෙන්ද? මරුනෙ"

"පොලෙන් ගෙනාවෙ මං ඊයෙ එමින් ගමන්, සම්බලයක් හදලා ගත්තා, අද කරවල නං නෑ අද, තියෙන විදිහට කාපං "

අපේ අම්මට හොදටම පුලුවන් දේ...කටට රහට උයන එක.....සම්බෝලයයි බතයි වුණත් රාජ භෝජන වගේ එයා ඉව්වම....වැඩිය උයලා පිහලා නැතුවට මටත් තියෙනවලු අම්මගෙ අත්ගුණේ..ඉදහිට ඉව්වම අම්මම කියනවා....
ඒත් ඉතිං උයන්න ඉගෙනගෙන මම මක් කරන්නද?
හොටෙල් ස්කූල් වලට ගිහින් ඉගෙනගෙන චෙෆ්ලා වෙන්න අපට කෝ සල්ලි.....

අනික අපි කොහෙන්ද ආවෙ කියලා දැනගත්තම කොහේ ගියත් අපි දිහා බලන්නෙ කුඩුකාරයො ගාණට දාලා.

එදා රෑ මහ හයියෙන් වැස්සා...හොද වෙලාවට වහලෙ තෙමෙන තැන් හැදුවෙ...
උළු වලට වතුර වැටෙද්දි ඇහෙන සද්දේ හරි සනීපයි...මට ඇහැරුණා...
මම පැදුරෙ ගුලිවෙලා ශීට් එක පොරෝගත්තා...

නංගි කාමරේ එහා කෙළවරේ දාපු පැදුරක නිදි....
ඔක්කොටම නිදියන්න එක කාමරයයි...නංගියි අම්මයි එක කෙළවරක...මම අනිත් කෙලවරේ....
මැදින් තිරයක් දාලා කාමරේ දෙකට බෙදලා නංගිට කෙල්ලෙක් විදිහට පෞද්ගලිකත්වයක් ඕනෙ නිසා..
තාත්තා හිටියොත් සාලෙ කෑල්ලෙ පැදුරක් දාලා ඇලවෙනවා....
අපිට ඇදන් නෑ..

නංගි නිදියන් ඉන්න පැත්තෙන් එලියක් එද්දි මම හැරිලා බැලුවා.....තිරේ අස්සෙන් එළිය පේනවා..

"නංගි, ෆෝන් එක තියලා නිදා ගනිං, හෙට ඉස්කෝලෙ නේද??"

"අයියෝ...මම මේ යාළුවෙක් එක්ක චැට් කරා අනේ..මේ ඉවරයි.."

"මේ උඹ මාව තම්බන්නැතුව හිටපං, එනවා මෙතන මට ලුණුමිරිස් අඹරන්න, කොල්ලො එක්ක කතා කරාට කමක් නෑ නංගි , හැබැයි උඹේ සීමාවල් දැනගනිං, ඉගෙනගෙන ඉවරවෙලා ඕන වන්නමක් නටපං "

මම බය නැතුව කෑ ගැහුවෙ අම්මා නැගිටලා එළියට ගියපු වෙලේ...
අම්මා පාඩම් කරපං කියළා බැන්නට කෑ ගැහුවට මේකි ගෙ මායම් දන්නෙ නෑ...තාම බබා කියලා හිතන් ඉන්නෙ....

මට බයයි ඒකිත් මෙහේ වත්තේ ගොඩක් කෙල්ලො වගේ කුඩුකාරයෙක්ට අහුවෙලා අඩු වයසින්ම බැදලා නන්නත්තාර වෙලා දරුවො අතින් කටින් එල්ලන් දුක් විදියි කියළා...
මට ඕනෙ ඒකි ඉගෙනගෙන රස්සාවක් කරලා ලස්සන සාරියක් ඇදලා ලස්සන වැදගත් නෝනෙක් වෙනවා බලන්න.....

හරියට ඉන්සියා අක්කා වගේ....

ඉන්සියා අක්කා කියන්නෙ මට මේ ඒරියා එක ඇතුලෙ ගෞරවයක් ඇතිවුණ පලවෙනි කෙල්ල.....

මෙතනින් එළියෙ පොෂ් කෙල්ලන්ට නං අපිව කොහොමත් කුණු මාළු කෑලි වගේ....

මෙහේ හිටිය කෙල්ලොත් වෙනම ජාතියක් වගේ....උන්ට හීන නෑ.. බලාපොරොත්තු නෑ....උං දන්නෙ ඇටෙන් පැත්තෙන් එළියට එනකොටම කා එක්ක හරි හැමිනිලා ළමයෙක් හදලා අඩ අඩ ගුටි කකා ඉන්න විතරයි

ඒත් ඉන්සියා අක්කා මෙහේ හිටිය අනිත් කෙල්ලො වගේ නෙවෙයි, හැමෝම කුණුහරුපෙන් කතා කරද්දි, අපිරිසිදුවට ඉදිද්දි එයා හරිම වෙනස්..
එයා පිරිසිදුයි....
එයා නිවාඩු දවසට මල් හදනවා...
මාව දැක්කම ඔලුව අතගානවා.....ඉගෙනගනිං මල්ලියේ කියනවා...

එයත් ඉගෙනගත්තා , දොස්තර කෙනෙක් වෙන්න තරමටම.....අදටත් ඉදහිට එනවා මෙහේ අයව බලලා යන්න...
අනික මගේ ජොබ් එක හොයලා දුන්නෙත් එයාමයි...

මෙලෝ දෙයක් ඉගෙනගෙන නැති කියවන්නයි ලියන්නයි විතරක් දන්න මාව මාස හයකට කලින් නුවර ටවුම මැද්දේ තිබුණ
JD Holdings වල ජොබකට සෙට් කරලා දුන්නෙ එයා.....

ඒක මහලොකු ජොබක් නෙවේ, ෆයිල් එහෙමෙහෙ ගෙනියන්න, තේ හදන එකා නැති දවසට තේ ගෙනියන්න , ඔෆිස් එකේ වැඩ බලන්න වගේ වැඩ තමා තිබ්බෙ,
කාර්යාල කාර්ය සහයක....
ඕක තමා ජොබ් එකේ නම...
කාර්යාල කීවට ඉතිං සමහර වෙලාවට පිරිසිදු කරන්නා...තේ හදන්නා...වෙලාවකට කාටහරි බොස් බැන්නම දුක්ගන්නාරාල...

ඒත් මැරවැඩ, නැත්තං බරවැඩ විතරක් උරුම වෙලා තිබ්බ අපට ඒකත් මදෑ.....
අවුරුදු තුනක්ම මම ජොබකට කියලා කරේ තොග බඩු කඩේක වැඩ කරපු එකයි ටවුමේ කොත්තු කඩේක කොත්තු ගහපු එකයි විතරයි ....
ඉතිං මුට්ට කරගගහා ඉන්නවට වඩා මේ ජොබම මදෑ මට....

මම ඉන්සියා අක්කට හැමදාම ගරු කලේ එයාගෙ මුල අමතක නොකරන ගතියට...
අදටත් පාරෙදි දැක්කොත් රිකී මල්ලි කියලා කට පුරා කතා කරන්න එයාගෙ පැකිලීමක් නෑ...

මටම කියලා හීන නොතිබුණාට මගේ එකීත් ඒ වගේ ලොකු නෝනෙක් කරන එක තමයි මගේ එකම හීනෙ...
මේකිට ළගදි ඉදලා මනමාල පිස්සුව ගහලා....
ඒකමයි මට කේන්ති.....

කොහොමහරි මට නින්ද ගියා....
උදේ ඇහැරෙනකොටත් වහිනවා...

ඇදුමක් දාන් අම්මා කඩේකට දෙන්න හදපු ආප්පත් කාලා මම උදේ හයට විතර එළියට බැස්සා..
හය හමාර වෙනකොට යාගන්න ඕනෙ...

ළගදිම අපේ බොස්ගෙ පුතා එනවලු JD. Holdings එකේ වැඩ බාරගන්න......

ඔෆිස් එකේ මිස්ලා ටික නං මේ ටිකේම ලස්සනට ඇදන් ඇවිත් දතකට මැදන් ඉන්නෙ අලුතෙන් එන සර් කාරයව පිලිගන්න......කොයි වෙලේ එයිද කියලා බලාගෙන ඉන්නෙ කට්ටිය...
මටත් හොදට ඇදන් එන්නලු....
යකෝ මං මොකටද ඌව පිලිගන්න හොදට ඇදන් යන්නෙ....මම පිළිගැනීමේ නිළධාරී නෙවෙයිනෙ.....

අනික ඔය සෑර්ලා මේ අපිව ගණන් ගන්නවද ....ඉතිං අපි මොකටද උංව ගණන් ගන්නෙ??

ඔෆිස් එකේ මිස්ලාත් මුඩුක්කු කෙල්ලො නූනට සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුල් වල කෙල්ලො වැඩිහරියක්.....
එයාලාගෙ ආසාව ඉතිං අර ඉන්දියන් කතාවක වගේ නපුරු ලස්සන බොස්ගෙ හිතේ තමන්ව අතරමං වෙනවා දකින්න...

ඒත් ඔය සුරංගනා කුමාරවරු සාමාන්‍ය පවුල් වල කෙල්ලො ළග නැවතෙන්නෙ දවසකට නැත්තං එක රැයකට විතරයි.....
එයාලගෙ හදවත් නවතින්නේ එයාලගෙම ජාතියේ පොෂ් සුරංගනා කුමාරියෝ ළග විතරයි

සමාජේ එක්ක පදම් වෙච්චි අපි දන්න ඒ ඇත්ත මධ්‍යම පාන්තික කෙල්ලො දන්නෑ...
මොකද උං මහලොකු සැප නොවින්දට දුක් විදලත් නෑ...
ඉතිං එයාලා බොලදයි...ජීවත් වෙන්නෙ බොස් අතින් අල්ලං එක්කං ගිහින් සින්ඩරෙල්ලා කුමාරියක් කරා වගේ එයාලවත් කසාද බදියි කියලා හිතන ෆැන්ටසියක...

ඒත් ඕවා කියන්න මම කවුද??.....
මම නිකම්ම නිකං බූමාටු රිකියා..

ඔෆිස් එකේ අයත් මට රිකී කියලා කියන්නෙ...සමහර වෙලාවට බූමාටු රිකී කියන්නෙ මං රවන් ඉන්න හින්දලු...

මම රවාගෙන නෑ..ඒ මගේ හැටි...
මට හිනාවෙන්න හේතු නෑනෙ..

එදා උදෙත් හැමදාම වගේ අහුවෙන නුවර බස් එකක ෆුට්බෝඩ් එකේ එල්ලිලා විනාඩි පහළවෙන් ඇවිත් මාර්කට් එක ළග බැහැලා පලතුරු , ඇච්චාරු වෙලෙන්දෝ පහු කරන් ඇවිදන් ආවෙ ක්ලොක් ටවර් එක දිහාට
ඔෆිස් එක තියෙන්නෙ කච්චේරිය පාරේ.....
දිගටම මහපාරෙන් ඇවිදන් යනවට වඩා පහසුයි ක්ලොක් ටවර් එක ළග බිංගෙයින් ඇවිත් අලි මුඩුක්කුව මැද්දෙන් යන එක.....

ඕක තමා මගේ ඩේලි රූට් එක...

JD Holdings බිල්ඩිමේ පිටිපස්සේ දොර වැටෙන්නෙ අලි මුඩුක්කුවට..

නමට මුඩුක්කුව කීවට මේකනං මුඩුක්කුවක් නෙවේ...නිකං ඕනම බඩුවක් ගන්න තියෙන පිටකොටුව වගේ තැනක්.
ගොඩනැගිලි මැද්දෙන් එහෙට මෙහෙට යන්න තියෙන වංකගිරි වගේ පාරවල් අයිනේ හදපු තාවකාලික කඩ තමා තියෙන්නෙ.....
බඩු ගන්න එන මිනිස්සු අස්සෙ මං වගේ ෂෝර්ට් කට් වලින් නුවර මැද්දෙන් ඇවිදන් යන මිනිස්සුත් ඉන්නවා

එක පාරක් 1950 ගණන් වල පෙරහැර කාලෙක අලියෙක් කුලප්පුවෙලා පාරවල් දිගේ දුවද්දි ඌට වෙඩි තිබ්බලු.....ඌ වෙඩි වැදිලා මැරිලා වැටුණ පාර තමාලු මේක..
ඒකලු අලි මුඩුක්කුව කියන්නෙ....

ඇදුමෙ පැලදුමේ මහන ගොතන බඩුවේ ඉදලා පිත්තල බඩු, හිරමන තල,යකඩ බඩු , කෑම බීම , පොත්පත් හැම ජාතියක්ම මෙතන තියෙනවා..

හොදටම වහිනවා...
හතර අතේ වතුර ගලනවා...
කුඩයක් අස්සෙ ඉන්න මාවත් තෙමෙනවා......
පාරෙත් මඩ වලවල් හැදිලා...උදේම නිසා සෙනගත් අඩුයි...
ඔය අස්සෙ මම වේගෙන් ඇවිදන් ගියා...

එක පාරටම කාණුවක් අස්සෙන් මට සද්දයක් ඇහෙනවා.....මේ වැස්ස අස්සෙත්....සර සර සද්දයක් එක්ක මොකෙක් හරි කෑගහනවා.....

මට පරක්කුත් වෙලා...
ඒත් සද්දෙ මොකද්ද කියලා නොබලා බෑනෙ...

මම කුඩේත් අල්ලගෙනම කාණුව අස්සට නැවුණා.....
මඩ පාට වෙච්ච බළල් පැටියෙක් ඒක අස්සෙ ඉදන් කෑ ගහනවා....

කාණුවේ වතුර පිරිලා.....
ආව වතුරෙන් වැහිලා ඔලුව විතරයි එළියෙ..
තව ටික වෙලාවක් ගියානං ගහගෙන යනවා වැහි වතුරට..
එහෙම වුණානං ඉතිං කොහේහරි කුණු ඇළකට වැටිලා මැරිලා යන්න තිබ්බා...

මම බළල් පැටියව එක අතින් උස්සලා ගත්තා....ඌ ඥාව් ඥාව් කියලා කෑ ගැහුවෙ බයවෙලා...

"දගලන්නැතුව හිටපං පොඩි එකෝ..."

මූ සම්බෝලයෙක්ද කොහෙද...
හැබැයි මඩ පාටවෙලා...මම මගේ කරේ තිබ්බ පරණ සයිඩ් බෑග් එක ඇරලා හතරට නවලා තිබ්බ කොළ පාට ලේන්සුව අරන් සීතලේ ගැහි ගැහි හිටිය බළල් පැටියව එතුවා........

මම ළග කඩේකින් කිරි පැකට් එකකුත් ගත්තෙ මූට දෙන්න හිතන්...

"පොඩ්ඩක් හිටපං ඉවසලා....මම ඇතුලට ගිහින් කිරි එක දෙන්නංකො හොදේ...."

මම බය බිරාන්ත වෙලා හිටිය බළල් පැටියගෙ ඔලුව අතගෑවා...

මූත් මං වගේ අතරමං වුණ එකෙක්නෙ.....අපි අපිම අපි ගැන බැලුවොත් හැර ඔය සත්ත්ව අයිතිවාසිකම් ගැන කියවන පොෂ් නෝනලා මහත්තුරු බලයි කියලද...

මම පහළ පොඩි ගේට්ටුව ඇරගෙන JD Holdings වලට අයිති ඉඩමට ඇතුල් වුණා...මෙතන පහල ඉන්නෙ එක සිකියුරිටි කෙනෙක් විතරයි....මෙතනින් මමයි තව සේවකයෝ කීපදෙනෙකුයි හැර වෙන කවුරුත් එන්නෙ නෑ..
එයාට හිනාවකුත් දාලා මම කාර් පාක් එක හරියෙන් ඇවිදගෙන ගියේ පැති දොරෙන් ඇතුලට යන්න හිතන්.....
කවුරුත් හිටියෙ නෑ...කාර් විතරයි තිබුණෙ..

මම එවලෙ සුදු පාට කාර් එකක් ළගින් ඇවිදන් යන ගමන් හිටියෙ.....
එක පාරටම ඒ කාර් එකෙන් දඩාස් ගාලා දොර ඇරන් කවුදෝ එළියට ඇවිත් දොර වැහුවෙත් කාර් එක ගැලවිලා යන තරං හයියෙන්......

මාවත් ගැස්සිලා ගියා
මගේ අතේ හිටිය පූස් පැටියත් ඒ සද්දෙට බය වුණා...ඌ බය වෙලා බිමට පැනලා දුවලා ගිහින් නැග්ගෙත් ඒ කාර් එක උඩටමයි...

"මොනවද මනුස්සයෝ කරන්නෙ...ඔච්චර සද්ද කරන්න ඕනෙද??? කාර් එකේ දොල ගැලවෙනවා තව පොඩ්ඩෙන්..."

ඒ මනුස්සයා මගේ කටහඩ ඇහිලා මං දිහා බැලුවෙ කාර් එක උඩ ඉන්න පූසා දිහාත් බලලා...

සුදු කාර් එකේ මඩ පාට පූස් අඩි...
හොදවැඩේ මූට...

"මොකද ?? අනික තමුන් කවුද?? මෙතන මොනවද කරන්නෙ???"

ඒ මනුස්සයා ඇහුවෙ සැරෙන්.......
හරියට මෙතන මූට ලියලා දීලා වගේ..
ඇද පැලදගෙන හිටිය හැටියට නං සල්ලි තියන පෝසත් පොරක් වගේ...
Vip කස්ටමර් කෙනෙක්ද කොහෙද?

මට මොකද ....ඌ මාව දන්නෑනෙ...
මං ගණන් ගනී ඔය පුස් නාම්බන්ව...කටවල් විතරයි...

"මං කවුරු වුණාම තමුසෙට මොකද අයිසේ...මම දන්න එකම දේ තමුසෙ මේ පූසාව බය කරා....ඌ දැන් බයවෙලා දුවලා මට අල්ලගන්න බැරිවුණොත් තමුන්ට වග කියන්න වෙයි..."

මං ඉස්සරහා හිටිය පොෂ් පොරගෙ කට ඇරුණා..

"තමුසෙ මට කෑ ගහන්නෙ මේ පූසෙක් හින්දද??තමුන් දන්නවද මම කවුද කියලා..."

මම ඌව ගණන් නොගෙනම පහු කරන් ගිහින් පූස් පැටියව හිමීට මගේ අතට අරන් තුරුල් කරගත්තා....
පැටියා එක සිය ගාණට බයවෙලා...

ඔක්කොම මේ පොෂ් මහත්තයා හින්දා.....

"තමුන් එලිසබෙත්ගෙ නංගිගෙ පුතා වුණත් මට කමක් නෑ....මේ පොඩි එකාව බය කරානෙ....තමුසෙ වගේ උං එක්ක කතා කරලා වැඩක් නෑ....මට වැඩ තියෙනවා...මං යනවා..."

මම රවලා පොෂ් පොරව පහු කරන් ගියා..ඌ මං දිහා බැලුවෙ පිස්සුද කියලා හිතලා වගේ......
මට මොකෝ....මගේ කවුරුත් යෑ...

මම ඇතුලට ගිහින් අයිනෙ තිබ්බ පරණ පොඩි ස්ටෝ රූම් එකක් ඇතුලට ගියා.....
ඒක ඇතුලේ තිබ්බා මතකයි පරණ අඩු කැඩිච්ච කෝප්ප වගේකුයි ඉරි තලපු පීරිසි වගේකුයි.

පරණ පීරිසියක් හොයන් එක අතකින් ඒක පිහිදාලා කිරි පැකට් එක කඩලා මම පිරිසියට ටිකක් දැම්මෙ බිම ඉදගෙන පූස් පැටියව උකුල උඩ තියාගෙන...

දැන් නං බය කොහෙද ගිහින් නෑ...සැපට තුරුල්වෙලා ඉන්නවා...

මම ඌව අරන් කිරි පීරිසිය ළග තිබ්බා..

"දැන් බීපං ඉතිං...."

පූස් පැටියා කිරි බොන්න ගත්තේ හත් අවුරුද්දකින් මුකුත් කාලා බීලා නැති ගාණට....
ඇත්තටම ඌ බඩගින්නෙ ඉන්න ඇත්තේ...

මට එක පාරටම දොර පැත්තෙන් සද්දයක් ආවත් බලනකොට කවුරුත් නෑ...

මම ඉතිරි කිරි ටිකත් පීරිසියට දාලා බළල් පැටියගෙ ඔලුවත් අතගාලා ලේන්සුව කාමරේ කොණක පූස් පැටියට ඇදක් වගේ වෙන්න දාලා එළියට ඇවිත් දොර වැහුවෙ වැඩ පටන් ගන්න වෙලාව ආව නිසා.....
දවල්ට ඇවිත් බලනකං මෙයා මෙතන ඉදීනෙ...

මම වොෂ් රූම් එකකට ගිහින් අත් හෝදගෙන ඇතුලට යන ගමන් හිතුවා..

මතුසම්බන්ධයි.......

Author's note

නුවර කියන්නෙ ලස්සන නගරයක්, ඒත් සර්ව සම්පූර්ණ නෑ...
නුවර අවලස්සන ජීවිත ගත කරන මිනිස්සු ගොඩක් ඉන්නවා...
මේ නුවර ලස්සන විදින ගමන්ම ඒ අසරණ ජීවිත අස්සටත් එබිලා බලන කතාවක් ....

*සිදුවීම් , ප්‍රදේශ ඇත්ත වුණත්,
චරිත, සිදුවීම් සම්පූර්ණයෙන් ම මන:කල්පිතයි.
ඒ නිසා ප්‍රදේශවලට අපහාසයක් කරා කියලා හිතන්න එපා

Olvasás folytatása

You'll Also Like

99K 3.1K 35
After finally her life ending. She thought that her misery would end, but how wrong she was. When she realized, she was already born and given the na...
22.5K 737 24
Freya Njoddotir grew up in the Asgardian Palace, her childhood was peaceful and she thought that nothing could go wrong but then one fateful night, a...
The Yellow Umbrella M. által

Ifjúsági irodalom

18.1K 319 25
Jake Morrow has a new crush. Okay, well he's had a crush on the same girl for three years. But now, after years and years of waiting, the mysterious...
4.8K 480 12
සම්මතයත් අසම්මතයත් අතර දෝලනය වන ඔවුන්ගේ ආදර කතාවයි මේ.... 💚❤️