Into ur heart β™‘~JJK/Completed~

Af Koo2006

5.1K 1K 366

Into ur heART is an ART When I see you smile in the screen You're good at everything You're just perfect Feel... Mere

Intro
The art
Random moves
Her lips
Difference
Beach
Villain
Bullet
Cigarette
Make it right
Ultimate goal
Dope vibes
Doubt
Zinging in the rain
Jamais vu
Limit
Nothing like us
You're never really that far away
Stay alive
Misunderstanding
Heartbeat
Tattoo
Jealousy
Be mine
Sun & Moon
Lost pain
Little hope
Golden
Love maze
Tulips

One last promise

334 41 59
Af Koo2006

"හියොන්ග් ඇත්ත කියන්න හියොන්ග්.. එයා එයා මාව දාලා ගියේ නෑ නේද ??"

ජන්කුක් ජින්ගේ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලගෙන අහද්දි ජින් අහක බලා ගත්තේ ජන්කුක්ට මූණ දෙන්න බැරි තැන..

"අප්පා.. මේ හියොන්ග් බොරු කියනවා අප්පා.. වොල් කියන්න ජින් මාමාට මමාට අපිව දාලා යන්න බෑ කියලා.."

ජෝන් , මියුන්ගි ඇස්වල කදුලු පුරෝන ජන්කුක් දිහා බලන් ඉද්දි වොල් පවා බය වෙලා ජන්කුක් දිහා බලන් හිටියේ කොල්ලා හැමෝදිහාටම හැරී හැරී අරී ජීවත් වෙනවා කියන්න කියලා..

කාගෙන්වත් උත්තරයක් නොලැබෙද්දි කැරකිල්ලක් හැදිලා ජන්කුක් ජින්ගේ ඇගට වැටෙන්නේ ජින් එතන හිටපු සේවකයෝ දෙන්නෙක්ට කතා කරලා කොල්ලව අල්ල ගද්දි..

"ජුවාන්.. මේ කොල්ලව රූම් 134ට ගිහින් දාන්න.. "

ජින් කියන කොටම වගේ අරීව තියාගත්ත trolly එක එලියට එන්නේ දිගා වෙලා හිටපු කෙල්ල ජන්කුක්ව වත්තම් කරන් ඉන්නවා දැකලා නැගිටිද්දි..

"ජින් ඔප්පා.. ජන්කූ.. ජන්කූ.. එයාට මොකද වුණේ. ??"

කෙල්ල කලබල වෙලා අහද්දි සීරියස් මූණෙන් හිටපු ජින් බඩත් අල්ලන් හිනා වෙන්න ගන්නේ ජෝන් , මියුන්ගි වගේම අරීත් වෙන දේ හිතා ගන්න බැරුව ජින් දිහා බලන් ඉද්දි..

"අයිගෝ අරීයා.. ඔයාගේ හස්බන්ඩ්ට මම පොඩි විහිලුවක් කරා.. මම හිතුවේ නෑ ඌ මෙච්චර බය වෙයි කියලා.."

"යා...හ් ඔප්පා.. ඔයා නරකයි අනේ.. බලන්නකෝ පව් එයා..😑😑"

"හරි හරි.. දැන් යන්නකෝ රූම් එකට.. අපි එයාව සප්රයිස් කරමු.."

ජින් එහෙම කියද්දි අරී අමාරුවෙන් ආයෙම ඇල වුණේ කෙල්ලව වගේම බබාලවත් රූම් එකට අරන් යද්දි..

විනාඩි කීපයකට පස්සේ ජන්කුක්ට සිහිය එන්නේ අරීගේ ඇදේ ඉස්සරහ තිබුණ පුටුවක ඉන්දවලා තියෙද්දි.. අරීගේ නම අසිහියෙන් කියන ගමන් කොල්ලා ඇස් අරින කොට අරී කොල්ලා ඉස්සරහ බබෙකුත් අත් අතරේ තියාගෙන ඉන්නේ..

"අරී.. අරී.."

"ජන්කූ.. මම හොදින් අනේ.. බය වෙන්න එපා "

කෙල්ල කියන කොට තමා ජන්කුක්ට ඇගට ලේ ටිකක් ඉනුවේ.. එතකොටම අරීගේ ඇද අයිනේ වාඩි වෙලා හිටපු වොල් හිනා වෙන්න ගත්තා..

"මොකද වොල් හිනාවෙන්නේ ??"

"මොනා වුණත් පපා නියමට බය වුණා මමා.. අපරාදේ මමා ඉන්න තිබ්බේ බලන්න ඒක.."

"වොල් හිනා වෙන එක නවත්තනවා.. ඔක්කොම එකතු වෙලා මාව බය කරලා මෙතන හිනා වෙන්නත් එනවා.."

ජන්කුක් වොල්ගේ කම්මුලක් මිරිකලා අරී අතේ හිටපු බබා ලගට ලන් වෙන්නේ කෙල්ල ජන්කුක්ට බබාව ගන්න කියද්දි..

"යා..හ් මැණික.. එයා ගොඩක් චූටියිනේ. "

ජන්කුක් පරිස්සමට බබාව අතට ගන්නකොට කෙල්ල හිනා වුණා..

"දේහ් ජන්කූ.. ඒ දෙන්නා ගොඩක් චූටි තමා.. 🥺🥺"

අරී කියනකොට දොරෙන් ඇතුල් වුණ නර්ස් කෙනෙක් තව බබෙක්ව ගෙනත් අරී අතට දෙන්නේ ජන්කුක් ඇස් දෙක ලොකු කරන් කට බලියාගෙන ඒ දිහා බලන් ඉද්දි..

"මමා.. ඒ දෙන්නා ගොඩක් කියුට් නේද ??"

වොල් කියද්දි ජන්කුක් අරී දිහා බැලුවා..

"Happy birthday Jungkoo.."

අරී අනිත් බබාව අතට අරන් නලලෙන් තොල් තියලා කියද්දි ජන්කුක්ගේ ඇස්වලින් කදුලු ගැලුවා..

"ඔන්න ජන්කූ.. ඔයාගේ birthday gift එක හරිද ?? "

"මැණික.. ඒත් කොහොමද මෙහෙම වුණේ ?? මම හිතන් හිටියේ "

"මම ජින් ඔප්පට කිව්වා ඔයාට කියන්න එපා කියලා.. "

අරී හිනා වෙලා කියද්දි ජන්කුක් නර්ස්ගේ උදව්වෙන් බබාලා දෙන්නම අත් අතරට ගත්තා..

"යා..හ් කලින් කියන්න එපැයි මෝඩී.. මම දැන් තව නමක් හොයන්න එපැයි අපේ අනිත් princessට.."

ජන්කුක් හිනා වෙවී කියන කොට අරී වගේම වොල් ජන්කුක් දිහා බලන් හිටියා..

"ජන්කූ.. නමකුත් හෙව්වද ඔයා 😑😑"

"දේහ්.. මම හිතන් හිටියේ නම් එයාට ජෝන් එවුන් ජී කියලා නම දාන්න.. "

"දේහ් .. පපා එහෙනම් අනිත් සෝස මලට අපි ජෝන් එවුන් ජූ කියලා නම දාමු.. "

වොල් උඩ පැන පැන කියනකොට අරීට හිනාවක් ගියා..

"ඕඕඕ.. ඒ නම හොදයි වගේ.. මගේ වොල් පැටියා දැන් ඉදන්ම ඔප්පා තනතුරට බැහැලා වගේ "

වොල්ව තුරුලු කරන් අරී කිව්වා..

"ඒම නැතුව බෑනේ මමා.. මම ඒ දෙන්නට ගොඩා...ක් ආදරෙයි.. "

"තන්ක්යූ මගේ මැණික.. මේ උපන් දින තෑග්ග නම් කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි මට.."

ජන්කුක් බබාලා දෙන්නව තියාගෙන පුටුවෙන් ඉද ගන්න ගමන් කිව්වා..

"මමා ???"

"ඇයි වොල් ?? "

"ඔයා... පපාට විතරක් මොකද උපන් දින තෑග්ගට යොදොන්සෙන්ලා දෙන්නෙක් දුන්නේ.. පපාට දුන්නා නම් මටත් ඕනි හුම්.."

වොල් පපුව හරහා අත් දෙකත් බැදගෙන කියද්දි අරීගේ මූණ දෙක වුණා..

"පපා.. මමාට කියන්න මටත් ඕනි කියලා.. මගේ උපන් දිනේට දොන්සෙන් කෙනෙක් ඕනි මට හුම්.."

වොල් ජන්කුක්ට තර්ජනය කරලා කියන කොට කොල්ලට කට කොනේ හිනාවක් ගියා..

"ආ.. ඉවසන්නකෝ වොල්.. ඔයාගේ මේ සෝස මල් දෙක ටිකක් ලොකු වුණාම මමායි පපායි ඔයාට දොන්සෙන් කෙනෙක් ගෙනත් දෙන්නම්.. "

ජන්කුක් වින්ක් කරලා කියද්දි වොල් ඇදෙන් බිමට පැනලා ජන්කුක්ගේ අත් අතර හිටපු එවුන්ජීයි එවුන්ජූ දිහාටයි යනවා..

"Snowdrop... බලන්නකෝ .. අපි දැන් කාටද නම් දාන්නේ ?? එයාලා දෙන්නා එකම විදියයි අනේ. 😑😑"

"පපා.. මේ බලන්නකෝ.. එක්කෙනෙක්ගේ තොල් යට ලපයක් තියනෝ.. අනෙත් කෙනාගේ පපුවේ.. හරියට මමායි පපායි වගේ.."

වොල් උඩ පැන පැන කියනකොට තමයි ජන්කුක් හරියටම ඒක දැක්කේ..

"ඔහ්.. හරිනේ.. එහෙම හරි වුණ එක හොදයි.. නැත්තම් දවසක දෙන්නව අදුන ගන්න බැරුව මාර කෙලියක් වෙන්නේ.. "

ජන්කුක් අරී දිහා බලලා කිව්වා..

ජන්කුක් අරී වොල් අලුත් පැටවු දෙන්නා එක්ක කාලය ගත කරද්දි ජෝන් වගේම මියුන්ගිත් ඇවිත් කතා කරලා වොල්ව එක්කන් ගියේ කොල්ලා නහයෙන් අඩද්දිමයි.. ආයෙ උදේ පාන්දරම එක්කන් එන පොරොන්දුව උඩ වොල් ගෙදර යන්නේ අරී ලග ජන්කුක් නැවතෙද්දි..

Morning

ජන්කුක්ගේ තුරුලේ නිදන් හිටපු අරී නැගිටින්නේ පොඩ්ඩෝ දෙන්නගේ ඇඩිල්ලට.. නර්ස් කෙනෙකුත් ඇවිත් අරීට උදව් කරද්දි කෙල්ල දෙන්නට කිරි දීලා ආයෙම අරීගේ ඇදට එහා පැත්තෙන් තිබුණ චූටි ඇදෙන් දෙන්නව තියනවා..

එතකොටම වොල් කෑගහගෙන දුවන් එන්නේ අරී ගැස්සිලා යද්දි..

"මමා.. පපා.. ගුඩ්මෝර්නින්.. මමා දන්නවද ?? හිම වැටෙන්න අරන් මමා.. ඔයා වගේම මේ සෝස මල් දෙකත් snowdrop දෙකක් වෙලා.. 🤭🤭🤭"

වොල් හිනා වෙවී හා පස්සත් වන වන එයාගේ යොදොන්සෙන්ලා දෙන්නා ලගට යද්දි අරී හිමීට ඇදෙන් බැහැලා ජනේල ලගට ගිහින් ජනෙල් රෙද්ද අයින් කරන්නේ ඒ ඇස්වල සතුටු කදුලු උතුරද්දි..

එතකොටම ජන්කුක් අරීව බැක් හග් කරනවා..

"Thankyou මගේ snowdrop...අද වගේ දවසකත් මගේ ජීවතේට වසන්තේ විතරක්ම අරන් ආවට.. 🥺"

අරීගේ බෙල්ලේ වෙට් කිස් එකත් තියලා ජන්කුක් කියනකොට අරී කොල්ලා දිහාට හැරිලා කොල්ලගේ උරහිස් වටේ අත් යවන්නේ ජන්කුක්ට අරීගේ තොල්වල පහස ලබන්න ඉඩ දීලා..

ජීවිතේ හරි ලස්සනයි නේද ලමයි..
සිසිරයේදිත්
ජන්කූගේ ජීවිතේ වසන්තයෙන්
පුරවන අරී
හැමදාම කොල්ලගේ
Snowdrop එක වුණා..
ඒක එදත්
අදත්
හෙටත් එහෙමම වෙයි..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

After 10 years

"මමා... මමා.. ඔයා කොහෙද මමා ??"

ඉස්කෝලේ ඇරිලා හති දාගෙන දුවගෙන ආපු අවුරුදු 16ක් වෙන වොල් කෑ ගහගෙන අරීව හොයන්න ගත්තේ කෙල්ල කිචන් එකේ ඉදන් ලිවින් රූම් එකට එද්දි..

"මොකද වොල් කෑගහන්නේ ?? ඇයි මේ හති දාන්නේ ?? මොකක් හරි නොසන්ඩාල වැඩක්වත් කරාද 😑😑😑"

"පිස්සුද මමා. ඔයාගේ මේ වොල් කොච්චය හොද බබෙක්ද ?? මමා පපා කොයි.. ?"

"ඇයි දැන් පපාව හොයන්නේ හදිස්සියේම ?? "

"Comeon මමා.. කියන්නකෝ.. "

අරීව බදා ගෙන කෙල්ලගේ කම්මුලට කිස් එකක් දීලා වොල් කියව්වා..

"ආන් උඩ හිටියා.. පේන්ටින් රූම් එකේ බලන්න. "

"ඔහ්. නියමයි.. මගේ වාසනාවට පපා ඔෆිස් ගිහින් නෑ.. එන්නම් මමා.. "

වොල් අරීව අතෑරලා උඩට දුවන් යද්දිම වගේ ඊලගට ගෙට ගොඩ වෙන්නේ ගෑනු ලමයෙක්..

වොල් දිහාත් බලලා අරී එවුන් ජී නැත්තම් ජීවූ දිහා බලන්නේ ඉණට අත් දෙකත් තියාගෙන..

"මොකෝ මේ කට්ටියම හති දදා ගෙට එන්නේ ?? ඒ පාර මොකද්ද කරේ ?? ජීවූ.. කොයි ජූහීයි නුල්ලුයි. ?? "

"ආහ්.. ඒ දෙන්නා එනවා මමා.. මට කියන්න අර මෝඩ හා ඔප්පා කොහෙටද ගියේ කියලා "

"ඇයි දැන් ඔප්පව හොයන්නේ ?? මොකද වුණේ ?? "

"වුණේද මමා.. බලන්නකෝ ඔප්පා අද කෙල්ලෙක්ව කිස් කරානේ හුම්.. මම මේ ඒක අහන්න දුවන් ආවේ .. කොහෙද ඉතින් ඒ හා තඩියා එක්ක මට දුවන්න පුලුවනෑ ?? "

කෙල්ල ඇගේ බර එක කකුලකට මාරු කරලා පපුව හරහා අත් බැදන් කියන කොට අරීට හුස්ම ගන්නත් අමතක වුණා..

"මොකක් ?? ඒ නම් අනිවාර්යෙන් ටේගේ දූව වෙන්න ඇති.. "

"හෑ.. මමා කොහොමද හරියටම කිව්වේ ?? "

"අපෝ.. මට හිතුනා.. එයාගේ snowdrop එක බ්යොල් දූ.. පපා වගේම නැතෑ පුතත්.. ඔන්න පපාව හොයන් ගියා.. දැන් මෙලහට ඕක කිය කිය දෙන්නා එක්ක කැකිරි පලනවා ඇති.. බ්යොල් දූ මොකුත් කිව්වේ නැද්ද ඉතින් ,?"

"එයා මොනා කියන්නද අනේ ?? ඉස්කෝලේ සිහින කුමාරයාගෙන් කිස් එකක් ගන්න කවුද අකමැති .. බ්යොල් ඔන්නි කොහොමත් ඔප්පට ආදරෙයිනේ. "

"හා.. ඒකනේ.. ඕක ගැන අහන්න එපා.. එයාම කියයි ඕක. කෝ අනිත් දෙන්නා තාම නෑනේ ?"

අරී දොර දිහා බලලා කියද්දිම තව දෙන්නෙක් දොරෙන් ඇතුලු වුණා..

"ඔය එන්නේ කියනකොටම.."

අරී එහෙම කියලා එවුන් ජූ නැත්තම් ජූහීගේ අතින් අල්ලන් එන අවුරුදු 6ක පොඩ්ඩෙක්ව වඩා ගන්නවා..

"මගේ නුල් පැටියට මහන්සිද ?? "

කොල්ලගේ කම්මුලක් ඉබලා අරී අහන කොට නුල් ඔලුව හෙල්ලුවා..

"මමා.. අද ජූහී නූනා මට icecream අරන් දුන්නා.. "

කොල්ලා හිනා වෙවී කියද්දි අරී ජූහීගේ ඔලුව අත ගෑවා..

"හරි හරි.. කට්ටියම දැන් ගිහින් වොෂ් දාන් පහලට එන්න.. කෑම කන්න ඕනිනේ. ජූහී.. දොන්සෙන්වත් වොශ් කරන්න හරිද ??"

"හරි මමා.."

නුල්ගේ අතත් අල්ලන් ජූහී වගේම ජීවූත් උඩට යන කොට අරී කිචන් එකට ගියේ කෑම මේසේ ලෑස්ති කරන්න..

ජෝන් මියොන්ග් වොල් (bright moon )

ජන්කුක්ගේ කපාපු පලුවක් කිව්වොත් හරි.. අරීගේ පපුවේ ලපේ , ජන්කුක්ගේ තොල් යට ලපේ වගේම බෙල්ලේ තියන ලපෙත් වොල්ට එහෙමම පිහිටලා තිබුණා..දැනට අවුරුදු 16ක් වෙන වොල් කියන්නේ ජෝන් පවුලේ වැඩිමලා..

ජෝන් එවුන් ජී
(Eun ji means kindness , mercy or charity with wisdome , intelligent )

කෙල්ලට ආදරේට ජීවූ කියලා කතා කරද්දි කෙල්ල අරීට ගොඩක් සමාන වුණා.. අරීගේ අලු පාට ඇස් දෙක , කෙල්ලගේ පපුවේ තිබුණ ලපේ ජීවූට හිමි වෙලා තියෙද්දි එවුන් ජූට වඩා කෙල්ල විනාඩි දහයක් වැඩිමල් ... කෙල්ලගේ පපුවේ තියන ලපෙන් තමයි දෙන්නගෙන් ජීවූ කවුද කියලා ගොඩක් අය අදුන ගත්තේ..

ජෝන් එවුන් ජූ
(Eun-Ju means grace, silver, or flourish combined with pearl, pillar, or state.)

එවුන්ජීගේ යොදොන්සෙන් තමා මේ.. එයාව නම් අදුන ගත්තේ තොල යට තිබුණ ලපෙන්.. කෙල්ලටත් තිබුණේ අරීගේ වගේ අලු පාට ඇස් දෙකක්.. ආදරේට කවුරුත් එවුන්ජූට කතා කලේ ජූහී කියලා..

ජෝන් හානුල්
(Haneul means sky , heaven )

හානුල් කියන්නේ මීට අවුරුදු හයකට කලින් ජෝන් පවුලට එකතු වුණ හා පැටියා.. කියාපු අතක් නෑ එයා නම් ජන්කුක්ගෙයි අරීගෙයි හොද සම්මිශ්‍රණයක්.. අරීගේ අලු පාට ඇස් , ජන්කුක්ගේ තොල යට ලපේ , ඒ වගේම තමා අරීගේ හිනාව කොල්ලට ලැබිලා තිබුණා..

කිම් බ්යොල්
(Byoel means stars.. )

මේ ඉන්නේ ටේගෙයි මින්ජිගෙයි දෙවනි දුව. වොල්ට වඩා අවුරුදු තුනකින් බාලයි.

රෑ අහසේ හද පායලා තියන විදිය අරී බැල්කනි එකේ වැටට හේත්තු වෙලා බලන් හිටියේ ගොඩක් ආසාවෙන්.. ඉස්සර මේ හද එලියේ අරී විනී වුණ හැටි කෙල්ලට තාමත් මතක් වෙනවා..

වොශ් එකක් දාගෙන එලියට ආපු ජන්කුක් අරීගේ ඉණ වටේ අත් යවලා කෙල්ලගේ උරහිසට නිකට තියා ගත්තේ අරීගේ තොල් අතරේ හීනි හිනාවක් ඇදෙනකොට..

"හද ලස්සනයි නේද මැණික ?? "

අරීගේ බෙල්ල අස්සේ මූණ තියලා ජන්කුක් අහද්දි කෙල්ලට ගිග්ල් එකක් පිට වුණා..

"ඔව් ජන්කූ.. හද වෙනදාටත් වඩා ලස්සනයි.. ඒ වුණාට වැඩියෙන්ම ලස්සන හද හාවා තමා.. "

"අනේ ඇත්තද ?? "

අරීව තමන්ගේ පැත්තට හරව ගන්න ගමන් ජන්කුක් අහද්දි කෙල්ල ඔලුව උඩ පහල කරේ ඔව් කියන්න..

"Snowdrop... පොරොන්දුවක් දෙනවද ??"

ජන්කුක් හද දිහා බලලා ආයෙම කෙල්ල දිහා බලලා අහද්දි අරී ඇස් දෙකෙන් හා කිව්වා..

"මේ ආත්මේ වගේම ඉපදෙන හැම ආත්මෙකම මගේම වෙනවා කියලා.. "

"දේහ් මගේ ජන්කූ.. මම හැමදාම ඔයාගේ.. "

ජන්කුක් අරීගේ තොල් අල්ලගත්තේ හරි ආදරෙන්.. ලස්සන ලස්සන මතක ගොඩක් එක්ක ඒ ජීවිත ගලා ගෙන ගියේ විදපු දුක් වේදනා හැම එකක්ම නැති වෙලා යන්න ඉඩ ඇරලා..

හුස්ම ගන්න අපහසු වෙනකොට ජන්කුක් අරීගේ තොල් වලින් ඈත් වෙලා නලලට නලල තියා ගන්නවා..

"I love this kind of promises Jungkoo "

"Yes my Snowdrop.. This is our One last promise for next soul.. "

ජන්කුක් හිනා වෙද්දි නුල් කෑගහගෙන කාමරේට එන්නේ වොල්ගේ බනානා මිල්ක් එක හොර කම් කරා කියලා වොල් නුල්ගේ පස්සෙන් පන්නද්දි..

"ජන්කූ.. එයාලා නම් කවදාවත් හැදෙන් නෑ.. ඇත්තමයි.. මදි අඩු පාඩුවට ඔයත් යන්නකෝ.. බනානා මිල්ක් එකට රණ්ඩු වෙන්න.. හොද වෙලාවට මගේ කෙල්ලෝ දෙන්නා චොකලට් මිල්ක් වලට ආස මම වගේ.. නැත්තම් මට ගේ ඉස්සරහ බනානා මිල්ක් factory එකක් තමා හදන්න වෙන්නේ "

ජන්කුක්ගෙන් ඈත් වෙලා අරී තොල් උල් කර කර පපාටයි පුතාලා දෙන්නටයි බනින්න ගත්තේ වෙනදා වගේම අවුරුද්දේ එක්කෝටි පනස්හය ලක්ශ විසි දහස් තිස් එක් වෙනි වතාටත් බනානා මිල්ක් නිසා ගේ දෙවනත් කරන කොල්ලෝ දෙන්නා දිහා බලා ගෙන..

අරී..
එදා
බැලේ නර්ථන ශිල්පිනියක්
Software engineer කෙනෙක්
මානසික වෛද්‍යවරියක්

ඒත්
අද ??
එයා ආදරණීය ඔම්මා කෙනෙක්
ආදරණීය බිරිදක්

ජන්කුක්
එදා
කලාකරුවෙක්
ව්‍යාපාරිකයෙක්
වෙනකොට
අද
ආදරණීය අප්පා කෙනෙක්
ආදරණීය සැමියෙක් වෙලා..

ජීවිතේ හැටි එහෙමයි
ජීවිතේ සාර්ථකත්වය
සතුට සල්ලි වලටම විතරක් සීමා වෙන්නේ නෑ..

අද ජන්කුක් වගේම අරීගේ එකම සතුට වුණේ එයාලගේ පුංචි පවුල..

ජීවිතේ හැමදාම සිසිරෙට
විතරක් සීමා නොකර
වසන්තයටත් ජීවිතේ ඉඩක් වෙන් කරන්න
සතුට අපි හැමෝගෙම ඇතුලේ තියනවා
ඒක හොයා ගන්න
අපිට උදව්වක් ඕනි වෙයි..
හරිම කෙනාගෙන්..

දෛවය ලියවුණේ
ජන්කුක්ව අරීගේ කරන්න
අරීව ජන්කුක්ගේ කරන්න..

ඉතින් ඒ එයාලගේ ජීවිතේ අවසානය නෙමෙයි..
හුදෙක් ආරම්භයම වෙයි..

අරී..ඔයා මගේ ජීවතේම වුණා මැණික.. ස්තූතියි මාව ආදරෙන් පිරෙව්වට.. !!

-ජන්කුක්-

ජන්කූ.. ඔයා මගේ පණ මගේ ජන්කූ.. ස්තුතියි. මන් වෙනුවෙන් බලන් හිටියට.. ඒ ආදරේ හැම ආත්මෙම ඔයාවම හොයන් එයි .. !!

-අරී-

-THE END-

All day long Manny
I sort through pure sadness
I find evidence and I piece together stories
But none of my stories end well
They all end here
And the moral of every story
Is the same
We may have years
We may have hours
But sooner or later
We push up flowers

And we'll meet again
In our next soul
I promise you my snowdrop
Because it's my one last promise❤️🥺

කතාව කොහොමද ලමායි..
අදින් කතාව ඉවරයි..

කමෙන්ට් කරන්න

අලුත් කතාවක් ඕනි නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න..

.

Fortsæt med at læse

You'll Also Like

130K 1.1K 42
(COMPLETED) When Percy Jackson the most popular guy in the school with a dark past starts hanging out with Nerdy Annabeth one random day after a scie...
36.1K 6.3K 19
NIS ...first of all dont copy my story. it will be a slightly different story .... if the story goes aside jk is the main role .... only his name has...
2.3M 118K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader β”• 𝐈𝐧 𝐰𝐑𝐒𝐜𝐑, (y/n) dies and for some strange reason, reincarnates as a ...
1M 56.1K 36
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...