Vmin ff collection 💗

By parkshinhay5427

2K 409 227

විමින් සිංහල 💛💞💚 More

day 02/14 💖
I can't do this 😩💔(part 1)
I can't do this 😩💔 (part 2)
I can't do this 😩💔 (part 3)
I can't do this 😩💔 (part 4)
I can't do this 😩💔 (part 5)
I can't do this 😩💔 (part 6)
I can't do this 😩💔 (final part)
Mr.park (part 1)
Mr.park (part 2)
Mr.park (part 3)
Mr.park (part 4)
My boy....😚💖 (part 1)
My boy....😚💖 (part 2)
My boy....😚💖 (part 3)
My boy....😚💖 (part 4)
My boy....😚💖 (part 5)
My boy....😚💖 (part 6)
My boy....😚💖 (part 7)
My boy....😚💖 ( Last part)

Mr.park (Last part)

126 23 31
By parkshinhay5427

"හෙලෝ බබා...මොකද මේ අවේලාවේ මාව මතක් වෙලා...සුභ ආරංචියක්වත්ද..."

"සුභ...?! සුභ තමයි..අන්න ටේහී ක්ලාස් එකේ ලමයෙක්ව හපලා..ටේමින් ක්ලාස් එකේ නෑලු...ජීහූ ක්ලාස් එකේ නිදිලූ......"

"ඉස් මයිල් ඉන් පෙයින් දිගට හරහට...
මන් දැන්ම එයාලගෙ ස්කෝලෙට ගිහින් බලන්නම්.."

"ම්...ඒ ගමන්ම ඇවිත් මාවත් ගන්න..මගේ ඇගට හරි නෑ..."

"හරි හරි බබා..මන් එනකන් පරිස්සමෙන් ඉන්න..."

"ඔයත් පරිස්සමෙන්..."

කෝල් එක කට්කරපු මන් නලල පිරිමැද ගෙන යන්තන් හිනාවුනේ ජිමින්ගේ දෙමා පියන් ජිමින් නිසා විදපු අත්දැකීම් මායි ජිමිනියි ලමයි තුන්දෙනෙක් නිසා දැන් විදින නිසයි...

"අප්පා වගේ නැතෑ ලමයි ටිකත්...."

ජිමිනිගේ ඔම්මාගේ කටට මසුරන් දාන්න වටිනවා...

ජිමිනි දගවුනේ එයා ආස සබ්ජෙක්ට් එක කරන්න නොදීපූ හින්දා කියලා මන් හිතුවත් දැන් තේරෙනවා ඒක එහෙම නෙමෙයි කියලා..

මොකද අපි අපේ ලමයිව ඕනීවට වඩා කොටු කරලා නෙමෙයි හදන්නේ..

කොහොමත් ජිමින් එක්ක එයාලව එහෙම හදන්න බෑ..

එයා කැමති නෑ එයාගේ හිත රිදෙව්ව මතකයන් එයාගේ ලමයි අත්විදිනවට..

මාත් කැමති නෑ මගේ ලමයි හිරකාරයෝ විදිහට අපි ලග ඉන්නවට..

ඒත් ඉතින් දගවැඩවල ලිමිට් එකක් තීන්න ඕනී...

ජිමිනිට ස්කූල් එකේ මිස්ටර් පාර්ක් කියලා නම හැදුනට පොඩි අයට නම වැටුනේ පුංචි පාත්ත පැටව් කියලා..

ඒක අහපු මුල් දවස්වලනම් ජිමින්ගේ මූන ඇබුල් උනා..

දැන්නම් ගානක් නෑ...

මේ ඉන්නේ අපේ ලොකු පුතා ටේමින්..
වයස අවුරුදු 11 යි...

අහිංසකයි රටක් වටී කියලා තමයි පිටට පේන්නේ...

රගපාන්න හොදට දන්නවා..පුංචි කාලේ ඉදන් සීනී බෝතලේට බහින මේ කොල්ලා අතේ මාට්ටු උනාම දත් ටික එලියේ දානවා.

දැන්නම් නන්ගිව හරි මල්ලිව හරි අල්ලනවා..

මෙයා හිතන් ඉන්නේ ජිමින් එයාගේ විතරයි කියලා..හහ්..😒🥲

චූටී කාලේ නිතරම ලෙඩ උන මෙයා ජිමින්ව පුලුවන් හැමවෙලේම එයා ලග තියාගත්තා..

ජිමින් ලග ඉද්දි මෙයාට ඇති ලෙඩක් නෑ..

මෙයා ගිය නර්සරි එකට නම්ජූන් සර්ගෙ දුව යූන්ජීත් ආවා..

මේ කොල්ලා ඒ කෙල්ලගේ කම්මුල් ඉබිනවලූ..

ඒක දැක්ක වෙන කොල්ලෙකුත් ඒ කෙල්ලගේ කම්මුල ඉබින්න අරන් ඒ පාර ටේමින් ඒ කොල්ලගේ කන හපලා...

ඒ කාලේ ඉදන් මැර සීන් එකේ හිටි මේයා ලොකුවෙද්දි නිහඩ ආඩම්බර නපුරු චරිතයක් වුනා..

යාලුවොන්ට පොඩ්ඩක්වත් කැමති නැති මෙයා හැම නිතරම එයාගේ ක්ලාස් එකෙන් පිට ඉන්නේ...

මෙයා චූටී චූටී සත්තුන්ට හරිම කැමතියි..

එයාලව අල්ලලා කාටහරි තෑගීදෙන්න තවත් කැමතියි...

දවසක් මෙයා ස්කූල් ග්‍රවුන්ඩ් එකේදි තඩි කුරුමිනියෙක් අල්ලන් පීරියඩ් එක මැද හරියෙදි ක්ලාස් එකට ගිහින්..

එවලේ ක්ලාස් ඒකේ ඉදිය මිස් ඇහුවලු මෙයා මෙච්චර වෙලා කොහෙද හිටියේ කියලා..

මෙයා පිට්ටනියේ කියලා කිව්වම එහෙට වෙලා මොකද කරේ කියලා ඇහුවාම මෙයාලව ඇල්ලුවා කියලා අත දිගෑරියාලූ..

එතකොට අර තඩි කුරුමිනියා පියාබන්න අරන්...

ක්ලාස් එකේ හිටිය මිස්ට උන් හිටි තැන් අමතක වෙලා කෑගහද්දි අර කුරුමිනියා මුලු පන්තිය පුරාම පියාබලා ටේමින්ට පේන්නම බැරි ලමයෙක්ගේ නහයේ වහලා.

ඒ ලමයා ඒ සතාට බයවෙලා කලන්තෙත් දාලා...😅🤧🤭🥲

අන්තිමට මාවයි ජිමින්වයි ස්කෝලෙට ගෙන්නුව ප්‍රින්සිපල් ටේමින් ගැන කියලා දිගම දිග ලෙක්චර් එකක් දුන්නා...

හනේ..ඉතින්..

අපිට සර් ලෙක්චර් එක දෙද්දි ඒක ඇතුලට ඇවිදන් ආ කැරපොත්තා දිහා බලන් හිටි නිසා මට සර් කිව්ව කිසිදෙයක් ඇහුනේ නෑ

ප්‍රින්සිපල් සර් කිව්ව හැමදේටම ඔලුව වැනුව අපි ටේමින්ව අරන් එලියට යද්දි ප්‍රින්සිපල් ඇතුලේ කෑගහන සද්දෙ අපිට ඇහුනා..

එදයින් පස්සේ ස්කූල් ඔෆිස් එකෙයි ක්ලාස් එකෙයි මෝටින් එකක් තියේ...😅

ටේමින් ඉගෙන ගන්න බෑ එයා ආස සත්තුන්ට කිව්වම මායි ජිමිනියි හිතුවා එයාව ඒ සයිඩ් එකෙන් ඉස්සරහට යවන්න..

ඉතින් දැන් අපේ ටේමින් සත්ත්ව විද්‍යාව පැත්තෙන් එයාගේ ඉගෙනීම් කටයුතු කරන් ඒ සයිඩ් එකටම වෙන්වුන ස්කූල් එක්ක ඉගෙන ගන්නවා..

ඒකට ගිය මුල් කාලේ ටේහිට චූටිම චූටි ගෙම්බෙක් තෑගි කල ටේමින්ව ටේහි තදට හැපුව නිසා එයා ගෙදරදි ඒ වගේ දග වැඩ කරන්න දෙතුන් සැරයක් හිතුවා..

මොකද එයා කියන විදිහට කානුවෙන් අරන් ආව එයාගේ නන්ගියි මල්ලියිත් එයා වගේම මැර චරිත කියලා එයා දන්නවා..

ඉතින් දැන් එයා සාමකාමී චරිතයක්..

මේ ඉන්නේ අපේ දෙවෙනි පුතා ජීහූ...
වයස අවුරුදු 8 යි..

වෙනස්ම චරිතයක්...ගොඩක් වෙලාවට එයා එයාගේ පාඩුවේ ඉන්නේ...

ජිමින්ගේ උනුහුමට වඩා මගේ උනුහුම හොයන්නේ...

හැබැයි ජිමින් වගේ මෝස්තර කරන්න කැමතියි...

හරිම ලස්සන ආදරනීය දරුවෙක්...

මෙයාව යාලුවෙක් කරගන්න ගොඩක් ලමයි කැමතියි..ඒත් මෙයා හියුන්ගේ පාරේ අඩිතියමින් යාලුවෝ ප්‍රතික්ෂේප කලා..

මෙයාගේ ලෝකේ උනේ එයාගේ හියුන්ග්..
වගෙම පවුලේ අය...

ඔහෙව ගෙනාවේ කානුවෙන් කියලා ටේමින් කොච්චර කිව්වත් මේ කොල්ලා ටේමින්ට තමයි ගොඩක් ආදරේ...

ඒ දෙන්නා අතරේ තීන්නේ පුදුම බැදීමක්...

මේ ඉන්නේ අපේ ලොකු දූ ටේහී....
වයස අවුරුදු 5 යි...

මෙයත් ටේමින් වගේ අහිංසකයි රටක් වටී ටයිප් එක...

අද මෙයා තමයි ක්ලාස් එකේ ලමයෙක්ගේ අත හපලා තීන්නේ...හපන්න හේතුව දැන ගන්න වෙන්නේ ජිමිනිගෙන් තමා...

මෙයා හරිම හුරතල් ලමයෙක්...

ජිමිනිගේ තුන්වෙනි පන...මගේ කෙල්ල..
ඔප්පලගේ හුරතලී...

කොල්ලො දෙන්නත් හරී..මෙයත් හරී...

එයාලට නැති විසයක් මෙයාට තීන්නේ..
කියවන්න ගියා අන්ලිමිට්..හැමනිතරම පස්ස බිම ඇනගන්නවා...

ටිකක් අමුතු විදිහේ චරිතයක් නිසා යාලුවෝ මෙයාට එලීයන් කියලත් කියනවා...

මිනිස්සුන්ව සප්‍රයිස් කරන්න හරි කැමතියි.

ඒත් ගොඩක් වෙලාවට මෙයයි සප්‍රයිස් වෙන්නේ...

මෙයා ජිමින්ගේ බර්ත් ඩේ එකත් වෙනස් කලා..පව් අහිංසකී..

ඔප්පලාගේ බොරුවලට හොද හැටි ඇන්දිලා ජිමිනිව සප්‍රයිස් කරන්න ගියා...

අපේ ගෙදර ටියුබ් ලයිට් එක උන මෙයා ඉගෙන ගන්න හරි දක්ෂයි..

මෙයා ලොකුවෙලා ඩොක්ටර් කෙනෙක් වෙන්නලු ආස...

මටයි ජිමිනිටයි යන්න බැරි වුන හීනෙට අපේ කෙල්ල ඉගිල්ලෙයි වගේ...

අපේ වස්තු කැටේ....හතරවෙනි බබා ජියා...
වයස අවුරුදු 2 යි...

හරිම හුරතල් ආදරනීය...ලස්සන බබෙක්....

මුල් තුන්දෙනා වගේ මෙයත් අපේ පන ටික...

ටේමින් ටේහී ජීහු තුන්දෙනා පට්ටෙටම ආදරෙයි මේයාට...

ඉතින් මේ තමයි මගේ පුන්චි පවුල...මගේ ආදරනීය විනෝදජනක ලස්සන ජීවිතේ...

"බබා මන් ආවා..ඔයා කොහෙද ඉන්නේ..."

"ඉන්න මන් එන්නම්.."

ෆෝන් එකේ අපේ මතක අවුස්සමින් හිටි මට ජිමින්ගේ ආ මැසේජ් එකට රිප්ලයි කල මන් පුටුවෙන් බෑග් එකත් අරන් නැගිටින්න ගියත් මට එකසැරේම කැරකිලි ගතියක් දැනුනා...

"මන් ස්ටාෆ් රූම් එක්කේ..එන්න පුලුවන්ද මාව ගන්න.."

"අහ්..ඉන්න මන් එන්නම්.."

ආයේ නැගිටින්න ගියත් කරකැවිලි ගතියක් එක්ක ඇගට අමාරු ගතියක් දැනුනු නිසා මන් අවදානමක් නොගෙන ජිමිනිට එන්න කිව්වා..

එයා එනකන් මේසෙට ඔලුව තියන් හිටි මන් මගේ බඩ පිරිමැද්දේ ජිමිනි කිව්වත් වගේ සුභ ආරංචියක්ද කියලා හිත හිතයි.

"බේබී...මොකද මේ..ඔයාට ගොඩක් අමාරුද..."

"ම්..ටිකක් විතර..."

"අපි යනගමන් ඩොක්ටර් කෙනෙක් මුන ගැහිලා යමූ..දැන් පරිස්සමට නැගිටින්න.."

මිනිත්තු කීපෙකින් මන් ලගට ආ ජිමිනි මගේ නලලටයි බෙල්ලටයි අත තියලා බලලා එහෙම කියද්දි මන් හෙමීට නැගිට්ටා...

ජිමිනි මගේ උදව්වට හිටි නිසා පුටුවෙන් නැගිටගත්තු මන් එයාගේ ඇගට වාරු වෙලා කාර් පාර්ක් එකට ගියා..

මේ වෙද්දි ස්කූල් බ්‍රේක් ටයිම් එක ඉවර නිසා හොදයි..නැත්තන් හැමෝගෙම ඇස් අපි ලග නතර වෙලා තියේවී...

"පපා වේ..."

"මුකුත් නෑ පැටියෝ....."

දුරතියා මාව දැක්ක ජීහූ කාර් එකෙන් බැහැලා දුවලා ඇවිත් මගේ අතේ එල්ලෙද්දි මූනට හිනාවක් ගත්තු මන් එහෙම කියද්දි ටේමින්,ටේහී දෙන්නම් අපි ලගට ආවා..

"අප්පා..පපාට මොකද වෙලා තීන්නේ..."

"දන්නේ නෑ...අපි යන ගමන් ඩොක්ටර් අංකල්ගෙන් අහමූ..."

ජිමිනි එයාගේ අතේ එල්ලුන් ටේමින්ට එහෙම කියද්දි ටේහී මාව හග් කරලා ජීහුගේ අතේ එල්ලුනා..

අපි කාර් එකට කිට්ටු කරද්දි මට නගින්න ඩෝර් එක ඇරියම ජිමිනි මාව ශීට් එකෙන් වාඩිකරවලා ශීට් බෙල්ට් එක දාද්දි ටේමින් නන්ගිවයි මල්ලිවයි කාර් එකට නග්ගන් එයත් නැගලා ඩෝර් එක වැහුවා..

ඒ යද්දී පැට්ව් තුන්දෙනාගේ හපන්කම් ගැන මන් ජිමිනිගෙන් ඇහුවත් ඒ ගැන අපි පස්සේ කතාකරමු දැන් ටිකක් නිදාගන්න කියලා එයා කිව්වා..

ඉතින් පැය භාගෙට විතර පස්සේ මන් ආයේ ඇස් ඇරියේ අපි ෆැමිලි ඩොක්ටර් මුන ගැහෙන්න ඇවිත් හිටි නිසයි..

මාව චෙක් කරපු ඩොක්ටර්ගේ මූනේ හිනා රැල්ලක් ඇදෙද්දි මගෙයි ජිමිනිගෙයි මූනේ ඉබේම වගේ හිනාවක් ඇදුනේ අපි ගෙස් කලා හරි කියලා හිත කිව්ව නිසයි...

"congratulation..mr.park"

ඉදන් හිටි පුටුවෙන් නැගිටපු ඩොක්ටර් ජිමින්ට අතට අතදීලා සුභ පතද්දි පැටව් ටික ඒ දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලලා ප්‍රශ්න කරන්න යද්දිම,

"ඔයාලට ගිෆ්ට් එකක් " කියලා ජිමින් එයාලා දිහාට හැරිලා කිව්වා...

ඉතින් පැට්ව් ටික සතුටින් උඩ පැනලා එයාලව හග් කරගෙන අපිට තුරුල් වුනේ ජියා පැටියා එන්න කලිනුත් අපි මෙහෙම කිව්ව නිසයි...

අවුරුදු තුනෙන් තුනට මේම සුභ ආරංචි අහලා ටේමින්ටනම් හුගක් පුරුදුයි...🤭

ඊලග අවුරුද්දේ මේ බබා එලියට ආවම එයයි ජියයි අතරේ පරතරෙත් අවුරුදු 3යි..

මයේ කොම්ලා දස්සයා...🙈💖

"ලව් යූ සෝ මච් පපා..."

මන් ලගට ආව පැටව් ටික මාව හග් කරන්  ඒම කියද්දි මන් ඒ තුන්දෙනාගේ නලලින් හාදුව ගානේ තියාගෙන ගිහින් ජිමිනි දිහාට හැරෙද්දි මෙන්න මෙයා මූන එල්ල ගෙන...

ඒක දැක්ක පැටව් ටික...

"ලව් යූ අ ලොට් අප්පා..."

කියලා එයාව තදින් හග්කලා..ඒ හග් එකට එකතු වුන මාත් පැට්ව් එක්කම ජිමිනිගෙන් කිස් එකක් අරගෙන එයාටත් කිස් එකක් දුන්නා..

"පුංචි පවුල රත්තරං කියන්නේ නිකන් නෙමේනේ..මාත් කුකී එක්ක ෆුට් බෝල් ටීම් එකක්ම හදනවා.."

අපේ ෆැමිලි ඩොක්ටර් ජන්ග් හේසෝක් බොරුවට කදුලු පිහ පිහ එහෙම කියද්දි හග් එකෙන් මිදුන ජිමිනි,

"ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆලයී.."

කියලා එයාගේ උරහිසට පුන්චි පාරක් ගැහුවා..

"දැන් ගෙදර අපි ගෙදර යමු වස්තුලා..."

හොබීගේ රූම් එකේ එව්වා මෙව්වා අතගාමින් හිටි පැටව් ටිකටයි මටයි ඇහෙන්න එහෙම කිව්ව ජිමිනි අපි කට්ටියව කාර් එකට නග්ගන් මගදි රෑකෑමත් අරන් ගෙදර පිටත් වුනා..

අපි ගෙදර එනකන් ජියාව බලාගත්තු ඔම්මා එක්ක කෑම කාලා එයා ගෙදර යද්දි අප්පටත් කෑම එකක් යැව්ව අපි වොෂ් දාගන්න රූම් වලට ගියා..

මුලින්ම වොෂ් දාගත්තු ජිමින් ජියාවත් අරගෙන අනික් බබාලා ගැන බලන්න යද්දි මාත් හොට් වෝටර් වලින් වොෂ් එකක් දාන් බැල්කනි එකට ගියා..

වටපිටාව කලු කරන් තරු අතරි හද අහසේ බැබලෙද්දි මන් ඒ රත්තරං පාට එලියෙන් දිලිසෙන ගස්කොලන් දිහා ආසාවෙන් බලන් හිටියා..

"මොකද මෙතනට වෙලා කරන්නේ..එලියේ සීතලයි.."

මගේ ඉනවටේ අත් යවන ගමන් මාව බැක්හග් කල ජිමිනි එහෙම කියද්දි මන් ඒ පපුවට බරවෙලා අහස දිහා බැලුවා...

"අද අහස කොච්චර ලස්සනද..."

"ම්...ඔයා තරමටම අද අහසත් ගොඩක් ලස්සනයි.."

"මට කිස් එකක් ඕනී.."

මගේ බෙල්ලෙන් පුන්චි හාදු තියමින් ඉන්න ජිමින්ට ඇහෙන්න මන් එහෙම කියද්දි,

"එකට දෙකක්ම දෙන්නම්කෝ මැනික.."

කියපු ජිමිනි හිටපු විදිහටම මගේ තොල් අල්ලගනිද්දි ටික ටික එයා පැත්තට හැරුනු මන් අන්තිමට ඒ බෙල්ල වටේ මගේ අත් පටල ගෙන අපේ හාදුවේ ගැබුර හෙව්වා..

එතැනින් නොනැවතුන මන් එයාගේ බෙල්ලේ පහලට පහලට චූටි චූටි හාදු තියන් ගියේ මන් එයාට කොයිතරම් ආදරෙයිද කියලා ඒ හාදුවලින් එයාට තේරුන් කරවලයි...

මට මගේ හැගීම් වචන වලින් කියන්න බැරි උනාම මන් කරන්නේ මේක තමයි..

ඒක ජිමිනිටත් දැන් පුරුදු ඇති...

"ම්හ්...මැනික..."

ජිමිනිගේ පුන්චි නිපල් එකක් මගේ තොල් වලට මැදිවෙලා උනුසුම් වෙද්දි ජිමිනි පුංචි පුංචි කෙදිරිලි පිටකරන්න ගත්තා..

ආයෙම ඒ තොල් අල්ලගත්තු මන් එයාගේ කමිසේ බොත්තන් ගලවමින් රූම් එකට ඇවිත් අපේ බෙඩ් එකේ වැතිරුනා...

මිනිත්තු කීපයක් පුරා ඒ නිරුවත් පපුවේ තොල්වලින් රටා මැව්ව මන් දැනුනු මහන්සිය නිසා ඒ පපුව උඩ ඔලුව තියන් ඇස් පියාගත්තා...

"මන් ජොබ් එකෙන් අයින් වෙන්න හිතුවා"

"ඒ මොකද..."

"දැන් ඇති කියලා හිතුනා....."

ජිමිනිගේ ඉනවටේ අතදාලා තව ටිකක් ඒ පපුවට තුරුලු උන මන් එහෙම කියද්දි ජිමිනි මගේ නලලින් ආදරනීය සිපුමක් සටහන් කලා....

නින්ද එනකන් එක එක මාතෘකා යටතේ ජිමිනි එක්ක කතාකල මන් පැටව් ටිකගේ වැඩ කිඩ ටිකත් අහන් ඇස් පියාගත්තේ සතුටු හිතින්...

හීන දැක්කට ඒ හීන හැබෑකරන් ලස්සනට පාටකරන් මෙහෙම සතුටින් ඉන්න පුලුවන් වේවී කියලා මන් හිතුවේ නෑ....

මන් ආදරෙයි මගේ මේ ලස්සන පවුලට..
විශේෂයෙන් මගේ ජීවිතේ ලස්සනට පාට කල මිස්ටර් පාර්ක්ට...💖

ඉවරයි....❤️❤️❤️

------------------------------------------------------------
මේක අපේ ස්කූල් ගෲප් එකට කෙමෙස්ට්‍රි සර් දාලා තිබ්බ කතාවක් වටේ මන් ගෙතුව කතාවක්...🙃💗

ජිමිනිගේ බර්ත් ඩේ එකට දැන්ම ගිෆ්ට් එක දුන්නා කියලා හිතාගන්න...😁💖

260+ vote...😃❤️

පරිස්සමෙන් ඉන්න..මං ආදරෙයි...🥰🫂💝

Continue Reading

You'll Also Like

1M 62.3K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
874K 19.9K 48
In wich a one night stand turns out to be a lot more than that.
191K 5.6K 71
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
694K 25.4K 100
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...