Into ur heart ♡~JJK/Completed~

By Koo2006

5.1K 1K 366

Into ur heART is an ART When I see you smile in the screen You're good at everything You're just perfect Feel... More

Intro
The art
Random moves
Her lips
Difference
Beach
Villain
Bullet
Cigarette
Make it right
Ultimate goal
Dope vibes
Doubt
Zinging in the rain
Jamais vu
Limit
Nothing like us
You're never really that far away
Stay alive
Misunderstanding
Heartbeat
Tattoo
Jealousy
Sun & Moon
Lost pain
Little hope
Golden
Love maze
Tulips
One last promise

Be mine

151 30 21
By Koo2006

ජන්කුක් ලිවින් රූම් එක මැද්දේ අරීව සිප ගත්තේ හරියට හෙටක් නෑ වගේ.. කොල්ලට මිස් වුණා අරීගේ මේ පහස.. දවස් ගානක් කෙල්ලගෙන් ඈත් වෙලා හිටිය කොල්ලට ඕනි වුණේ අතීතෙට යන්න..

ජෝන් ඇතුලු බිස්නස්මන්ස්ලා මේ දෙන්නා දිහා කටවල් ඇරගෙන බලන් ඉන්නකොට එතනට එන්නේ මියුන්ගි.. මියුන්ගි නම් ජන්කුක්ගේ වැඩ ගැන දන්න නිසාම ඒක එච්චර ගනන් ගන්නේ නෑ..

"මහත්තයෝ.. මම හිතන්නේ ඔයාලා දැන් මෙතනින් ගියොත් හොදයි.. ඒ දෙන්නා ටිකක් තනියෙම හිටපු දෙන්.."

මියුන්ගි ජෝන් ලගට ගිහින් කියද්දි ජෝන් ඔලුව වනලා කට්ටියව එක්කන් එලියට ගියේ සොන්හිගේ අප්පා අරී දිහා කේන්තියෙන් බලන කොට.. ජෝන් මේක දැක්කේ නෑ.. ඒක දැක්කා නම් ඉස්සරහට වෙන දේවල් ගොඩක් එයාට තේරුම් ගන්න තිබුණා..

අරීකුක් විනාඩි ගානක් යනකල් ඈත් වුණේ නැති නිසා මියුන්ගි phone එක අරන් photo දෙක තුනක් ගහගත්තා..

මියුන්ගි ඔම්මා කෙනෙක්..
ඒ වගේම අරීකුක්ට විශ්වාස කරන්න පුලුවන් වුණ හොදම යාලුවා වුනෙත් මියූ ඔම්මම තමා..

වෙනම ලෝකෙක අතරමං වෙලා හිටපු අරීකුක්ට නම් වටපිටාව ගැන ගාණක්වත් තිබුණේ නෑ.. මියුන්ගි තමන්ට පිටි පස්සෙන් තිබුණ සෝෆා එකේ ඉදගත්ත බවක්වත් දෙන්නා දැක්කේ නෑ..

හුස්ම ගන්න අපහසු වුනාම ජන්කුක් අරීගේ තොල්වලින් ඈත් වෙලා අරීගේ නලලට තමන්ගේ නලල තියා ගත්තේ ඇස් දෙක පියා ගෙන.. දෙන්නගෙම ගැඹුරු හුස්ම ලිවින් රූම් එක පුරා පැතිරුනේ එ වෙලාවේ ලිවින් රූම් එක ගොඩක් නිශ්ශබ්ද වුණ නිසා..

"මැණික.."

ජන්කුක් අරීගේ කොණ්ඩ කැරැල්ලක් කන පිටපස්සේ රදවලා මහපට ඇගිල්ලෙන් කෙල්ලගේ කම්මුල අත ගාන ගමන් කතා කරා..

"ජන්කූ.. "

"මැණික.. අද මගේ වෙනවද ??"

ජන්කුක් ගැඹුරු හුස්ම අතරින් මත් වෙලා වගේ කෙල්ලගෙන් අහන කොට අරීගේ පියවිලා තිබුණ ඇස් ඉබේටම ඇරුනා..

"ජන්කූ.. ඔයා ඇත්තටම ද අහන්නේ ?? "

"ඔව් මැණික.. මම බොරු කියන්නේ ඇයි ??"

ජන්කුක් අරීගේ ඇස් දිහාම බලාගෙන කියනකොට හිනාවක් මූණේ රදවන් හිනා වුණ කෙල්ල ඇස් පියා ගත්තේ ජන්කුක්ට ආයෙම අරීගේ තොල්වල තමන්ගේ අණසක පතුරන්න අවසර දෙන ගමන්..

මන් දන්නවා මැණික !!
මම පොරොන්දු වුණා !!
මලක් වගේ පරිස්සම් කරනවා කියලා !!
ඒත් මට බයයි මගේ හිම බින්දුව !!
ඔයාව මට නැති වෙයි කියලා !!

"ජන්කූ.. මම ආදරෙයි. "

ජන්කුක් කෙල්ලගේ තොල් වලට බර වෙන්න කලින් අරී කිව්වා..

"මමත් ආදරෙයි මැණික.. මට සමාවෙන්න.. කලින්ම මෙහෙම දෙයක් ඉල්ලුවාට.. ඒත් තවත් නම් ඉවසන්න බෑ "

ජන්කුක් අරීගේ තොල්වලට බර වුණේ කෙල්ලට උඩ පනින්න කියලා.. ජන්කුක් කියපු එක තේරුම් ගත්ත අරී උඩ පැනලා ජන්කුක්ගේ ඉණ වටේ කකුල් දෙක යැව්වේ සිප ගන්න අතරේම ජන්කුක් තමන්ගේ කාමරේට යද්දි..

ජන්කුක් වගේම අරීටත් සිහියක් තිබූණේ නෑ.. ඒ වෙලේ තමන්ගේ කටින් එලියට පැන්න හැම වචනෙම මියුන්ගි අහගෙන හිටියා කියලා.. ජන්කුක් කෙල්ලවත් අරන් උඩට යනකල් හිටපු මියුන්ගි සතුටට ලිවින් රූම් එක වටේම නටන්න ගත්තා..

මේ විනාඩි කීපයට දෙන්නගේ වෙඩින් එකත් මියුන්ගි ප්ලෑන් කරලා ඉවරයි ඉතින්..

කාමරේට ගිය ජන්කුක් අරීව ඇදෙන් තියලා තමන්ගේ ඇගේ තිබුණ කෝට් එක ගලවලා විසි කරලා කෙල්ලගේ ඇග උඩට ආවා.. අරීගේ අවසරය එක්ක ජන්කුක් අරීව තමන්ගෙම කර ගත්තේ ආදරයෙන් වෙලුන හදවත් දෙකක අයිතිකාරයෝ දෙන්නෙක් ආත්මෙන් වගේම ගතිනුත් එක්කෙනෙක් කරන ගමන්..

කෙදිරිලි අතරින් ඇදුන ඒ රැය උණුසුම් වගේම ආදරයෙන් පිරුන රාගික රැයක් වුණා දෙන්නම..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Meanwhile in garden

ජන්කුක් වගේම අරීත් ගියාට පස්සේ කතාවට වැටුන කට්ටිය ගිනිමැලේ ලගට යන්නේ සීතල එන්න එන්නම වැඩි වුණ නිසා.. සොන්හි විතරක් ගාර්ඩන් එකේ බෙන්ච් එකක තනි වෙද්දි අනිත් අය ගිනිමැලේ වටේ ඉදගත්තා..

"මේහ් ජිමිනා.. අද නම් ජන්කුකා එන් නැති වෙයි වගේ.."

බේක්හියොන්ග් කිව්වා..

"ඔව් ඈ.. අද නම් අරීව අතාරින් නැති වෙයි වගේ.. "

ජිමින් හිනා වෙවී කියද්දි එවුන්වෝ නැගිටලා සොන්හි ලගට ගියේ එවුන්වෝ දැක්කා කෙල්ල තනියම ඉන්න බව...

"හේයි.. සොන්හි.. මොකෝ තනියම.."

කෙල්ලට එහා පැත්තෙන් බෙන්ච් එකෙන් ඉදගන්න ගමන් එවුන්වෝ ඇහුවේ සොන්හි ආයාසයෙන් මූණට හිනාවක් ගනිද්දි..

"මොකුත් නෑ ඔප්පා.."

කෙල්ල ඇගිලි පටලගන්න ගමන් බිම බලා ගෙන කිව්වා..

"බොරු කියන්න එපා ඉතින්.. සොන්හියා මම දෙයක් කියන්නද ??"

"කියන්න ඔප්පා..."

"ඒ දෙන්නා අතරට යන්න එපා සොන්හියා.. ඔයාට ආදරේ කරන කෙනෙක්ට ඔය හදවත දෙන්න.. එයා ලස්සනට ඒක පරිස්සම් කරයි.. මට ඔයාව නොතේරෙනවා නෙමෙයි.. ඒත් ඒ දෙන්නාගේ ආදරේ කැඩුවොත් ඒක කවදා හරි ඔයාට රිටන් එක දෙයි.."

එවුන්වෝ අහස දිහා බලාගෙන කියද්දි සොන්හිට ඇඩුනා..

කෙල්ලගේ උරහිස් දෙක උඩ පහල යද්දි එවුන්වෝ කෙල්ලගේ උරහිස උඩින් අතක් දාලා කෙල්ලව ලගට කර ගත්තා..

"මන් ගැන වැරදියට හිතන්න එපා සොන්හි.. මට ඔයාව තේරුම් ගන්න පුලුවන්.. අඩන්න එපා දැන්.. ඔයා මාව හරියට අදුරන්නේ නෑ තමා.. ඒත් මම නරක කෙනෙක් නෙමෙයි.."

කොල්ලා සොන්හිගේ ඔලුව අත ගාලා කියද්දි කෙල්ල එවුන්වෝගේ පපුවට තුරුල් වුණා.. කෙල්ලට ඒ වෙලාවේ ඕනි කරේ දුක නැති වෙන කල් අඩන්න උරහිසක්.. ඒ වෙනුවට කෙල්ලට උණුසුම් පපු තුරුලක්ම හම්බෙද්දි කෙල්ල ඒක ප්‍රතික්ෂේප කරේ නෑ.

ආදරේ කරන්න ලමයෝ..
ඒත් ආදරේ බෙදන ඔයාගේ හදවත
පරිස්සම් කරන හොදම කෙනාට
ඒක දෙන්න අමතක කරන්න එපා..

ජන්කුක් සර්ව සම්පූර්ණ පිරිමියෙක්..
අරී ඉදිරියෙදී..
ඒත්
ඒ හිතත් අනිත් අය ඉදිරියෙදී
ආත්මාර්ථකාමී..
ඔයාලා හිතනවටත් වඩා..
අරීගේ හදවත පරිස්සම් කරන්න
කොල්ලා සොන්හිට රිද්දව්වේ දෙපාරක් නොහිතා..

සමහර විට ආදරේ කියන්නේ ඒකට වෙන්න ඇති..
හදවතක් වෙනුවෙන් ඇබ්බැහි වුනොත්
ආත්මයකට අසීමිතව ආදරය කරොත්
ඒ වෙනුවෙන් ජීවිතේ පවා කැප කරන්න පුලුවන් .
හරියට ජන්කුක් වගේ
හරියට අරී වගේ..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

@ 3.15 a.m

පාන්දර තුන වෙනකල් අරීකුක් ඇහැරලා.. දාඩිය පෙරන ජන්කුක් වගේම අරීත් හිටියේ ගොඩක් මහන්සියෙන්.

"Snowdrop..I love u... "

ජන්කුක් කෙල්ලගේ කන්පෙත්තකට මුමුණද්දි අරීට එහා පැත්තෙන් වැතිරිලා හිටපු ජන්කුක්ට කෙල්ල පෙක් එකක් දුන්නා..

"Love u more koo.."

අරීගේ කොණ්ඩේ දාඩිය නිසාම මූණට ඇලිලා..

"වොශ් එකක් දාගමු ද??"

ජන්කුක් කෙල්ලගේ කම්මුල පිරිමදින ගමන් අහද්දි කෙල්ල බෑ කියන්න ඔලුව වැනුවා..

"ජන්කූ.. මට මහන්සි අනේ. "

"කෝ එනවා මැටි අලේ..  "

ජන්කුක් කෙල්ලව බලෙන්ම අත් අතරට අරන් වොශ් රූම් එකට ගියා.. කෙල්ලවත් හොදලා ජන්කුක් එයාගේ ඇදුමක් කෙල්ලට අන්දලා එයාත් ඇදුමක් දාගෙන ඇදට ආවා..

අරී ජන්කුක්ගේ නිරුවත් පපුවට තුරුල් වෙද්දි ජන්කුක් අරීගේ ඉණ වටේ අත දාලා කෙල්ලව තව ටිකක් ලගට ගත්තා..

අරීට වගේම ජන්කුක්ටත්
ඒ ගොඩක් සුන්දර රැයක් වුණා..
අවුරුදු ගානක ආදරේ
තමන්ගම වුනාට දෙන්නම
හදවතින්ම සතුටු වුණා..
අරීට කෑගහලා මේ ගැන හැමෝටම කියන්න ඕනි කරා..
කෙල්ලට නටන්න ඕනි කරා .

ඒත් ඉතින් ඒ වෙලාවේ හැටියට ඒ හැමදේටම වඩා කෙල්ලට නිදා ගන්නයි ඕනි කරේ..

ජන්කුක් කෙල්ලව හොදටම මහන්සි කරලා වගේ..😉😉
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

තිර රෙදි අතරින් ජන්කුක්ගේ කාමරේට වැටුණ ඉර එලිය ජන්කුක්ගේ මූණට වැටෙද්දි කොල්ලට ඇහැරෙනවා.. වෙනදා නැති උසුණුමක් කොල්ලට දැනෙන කොටයි ජන්කුක්ට ඊයේ වුණ දේවල් මතක් වෙන්නේ..

කොල්ලගේ පපුව අස්සේ ගුලි වෙලා ඉන්න එයාගේ හිම බින්දුව අරීව දැක්කාම කොල්ලට හීනියට හිනාවක් යන්නේ එයා දැන් මගේ නේද කියලා මතක් වුණාම..

අරී තාමත් නිදි නිසා කොල්ලට අරීව ඇහැර වන්න හිතුනේ නෑ.. ඒත් කොල්ලා ඇදෙන් බැස්සෙත් නෑ.. කොල්ලා දැනන් හිටියා අරී නැගිටපු ගමන්ම කොල්ලව හොයන බව..

අරීගේ කොණ්ඩෙත් එක්ක සෙල්ලම් කර කර අරී දිහා බලන් හිටපු කොල්ලාට දැනෙන සතුට කොහොම පිට කරන්නද කියලවත් හිතා ගන්න බෑ.. එච්චරට සතුටුයි ජන්කුක්ට..

ජන්කුක් කොණ්ඩේ ඇද්ද නිසාම කෙල්ල කෙදිරියක් පිට කරලා ඇස් හිමීට ඇරියේ ජන්කුක් කෙල්ල දිහා බලන් ඉද්දි..

"ගුම් මෝනින් snowdrop.."

ජන්කුක් හිනා වෙලා කෙල්ලගේ තොල්වලට පෙක් එකක් දුන්නා..

"ගුම් මෝනින්.. "

අරීටත් ඊයේ වුණ දේවල් එකින් එක මතක් වෙන කොට කෙල්ලගේ මූණ චෙරි ගෙඩියක් වගේ රතු වුණා.. කෙල්ල මූණ හන්ගන්න හිතා ගෙන කොල්ලගේ පපුව අස්සට රින්ගන්නේ ජන්කුක්ට ගිග්ල් එකක් පිට වෙද්දි..

"මොකෝ.. එක්කෙනෙක්ට ලැජ්ජා හිතිලා වගේ.."

කොල්ලා හිනා වෙවී අරීගේ මූණට එබෙන කොට කෙල්ල ජන්කුක්ගේ පපුවට පාරක් ගහනවා..

"යා..හ් ජන්කූ.. ඕක නවත්තන්නකෝ..😳"

"අනේ ඉතින්.. පුදුම ලැජ්ජාවක්නේ.. ඊයේ රෑ නම් ලැජ්ජාවක් තිබුණේ නෑ හැබැයි මගේ මැණිකට..🤭🤭🤭"

"😒😒😒 ඔව් ඉතින්.. ඒවා කරන කොට ලැජ්ජා වෙවී ඉන්න ගියොත් මොකුත් කර ගන්න බෑනේ.."

කෙල්ලත් ඉක්මණට කියලා ඇදෙන් බැස්සා..

"ඒයි.. ඔහොම ඉන්නවා.. කොහෙද යන්නේ. "

"කාමරේට යන්න ඕනි.. ඔම්මා එහෙම දැන ගත්තොත් ඉවරයි.."

කෙල්ල ජන්කුක්ට එහෙම කියපු පමාවට ජන්කුක්ගේ කාමරෙන් එලියට පැන ගත්තේ මියූ ඔම්මා හැමදේම දන්නවා කියලා නොදැන..

කාමරේට යන්න කියලා ආවත් කිචන් එකෙන් ආපු චිකන් සුප් සුවද නිසා කෙල්ල පහලට යනවා.. අරී යද්දි මියූ ඔම්මා සුප් එකක් හද හද ඉන්නවා.

"මියූ ඔම්මි.. ගුම් මෝනින්.."

කෙල්ල මියුන්ගි ලගට යන ගමන් කියනකොට මියුන්ගි අමුතු හිනාවක් දාලා කෙල්ල දිහා බලනවා..

"ගුම් මෝනින් ගුම් මෝනින්.. මහන්සි පාටයි වගේ..😌😏"

මියුන්ගි කියන කොට අරී අන්දුන් කුන්දුන් වෙලා වගේ මියුන්ගි දිහා බැලුවේ මොනා ගැනද කියන්නේ කියලා කෙල්ලට නොතේරුන නිසා..

"ඔම්මා ?? ඒ කිව්වේ ??"

කෙල්ල සුප් එක බලන ගමන් කිව්වා..

"ඒ කිව්වෙද ?? මෙහෙමනේ පැටියෝ.. ඔයා දන්නවද ජෝන් අන්කල් මාර හොට් හරිද ?? එයා එක්ක ඇදේ සෙල්ලම් කරනවා කියන්නේ ඉතින් ඊලග දවසේ ඇගට පණ නෑ.. පුතත් අප්පා වගේම ඇතිනේ.. ඒකයි කිව්වේ.."

මියුන්ගි හිනා වෙවී කියන කොට අරීට පොලොව පලාගෙන යන්න හිතුනා..

ඔම්මා දන්නවද ??

අරීගේ හිත කියද්දි කෙල්ලව රතු වුණා..

"ඔම්මා මම --"

"හාහා බොරු බෑ මාත් එක්ක.. මම දන්නවා හොදේ.. දෙන්නත් එක්ක මේ සුප් එක බොන්නකෝ.. මම ඔයාලාටමයි හැදුවේ.."

"අනික දූ... ඔය බෙල්ල දැක්කාම නම් කියන්න පුලුවන් මට ගොඩක් දේවල්.  කුකී හිතුවට වඩා දරුණුයිද කොහෙද ?😌🤣🤣"

"යා...හ් ඔම්මා.. නරකයි අනේ ඔයා.. හුම්.."

අරී අත් දෙකත් බැදගෙන පවුට් එකක් දාලා කිව්වේ දැන් බොරු කියලා වැඩක් නෑ කියලා දන්න නිසා..

"හරි හරි.. මම ආයේ මොකුත් නොකියා ඉන්නම්කෝ.. ආ.. මේ සුප් එක බොන්න දෙන්නත් එක්ක. මම හිතන්නේ කුකී එක්ක තව ටිකක් හිටියොත් හොදයි. යන්න යන්න.."

මියුන්ගි ලොකු බෝල් එකකට සුප් දාලා අරී අතට දීලා කෙල්ලව කිචන් එකෙන් එලෙව්වා.  කෙල්ලට මේ වෙන මොකුත් හිතා ගන්න බැරි වුනත් කෙල්ල සතුටු වුණා මියූ ඔම්මත් එයාලට ආශිර්වාද කරලා තේරෙන කොට..

ගිය පයින්ම අරී කාමරේට එනකොට ජන්කුක්ට කට කොනේ හිනාවක් ගියා..

"මොකෝ .. ඔය ටිකට මාව මිස් වුණාද බේබිගර්ල්  "

කොල්ලා කෙල්ලගෙන් ඇහුවේ කිණ්ඩියට..

"අනේ නෑ බකුස්සෝ.. ඔම්මා කිව්වනේ කුකී එක්ක සෙල්ලම් කරලා මහන්සි නිසා දෙන්න ම එකතු වෙලා මේ සුප් එක බොන්න කියලා."

කෙල්ල හිනා වෙවී කියනකොට ජන්කුක්ගේ ඇස් දෙක තඩිස් වුණා..

"මොකක් ?? අරී විහිලු කරන්න එපා😑😑"

"විහිලු නෙමේ කූ.. ඔම්මා දන්නවා මම හිතන්නේ.. "

"ඇත්තටමද ??"

ඇදේ ඇල වෙලා හිටපු ජන්කුක් headboard එකට හේත්තු වෙන ගමන් අහද්දි කෙල්ල සුප් එකත් අරන් ඇද අයිනෙන් වාඩි වුණා..

"හ්ම්.. ඔම්මා මට විහිලු කරත් එක්ක අනේ.. ලැජ්ජාවේ බෑ.."

"දැක්කනේ මගේ ඔම්මා කවදාවත් මම කියන දේකට එපා කියන් නෑ  "

"හා හා.. හොද විහිලුව.. ඔම්මා යාලුවෙක් වගේ ජන්කූ.. මගේ ඔම්මට පස්සේ මට හම්බුන හොදම ඔම්මා මියූ ඔම්මා.."

අරී සුප් හැන්දක් ජන්කුක්ට පොවන ගමන් කිව්වා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

After 4 days...

අරී ජන්කුක්ගේ වෙලා දවස් 4ක් හරි වේගෙන් ගෙවිලා ගියේ අරීකුක්ට තව තව ලස්සන අත්දැකීම් , කවදාවත් අමතක කරන්න බැරි මතකයන් ගොඩක් එයාලා එක්ක ඉතුරු කරලා..

හැමදාම නැගිටිනකොට ජන්කුක්ට තුරුල් වෙලා ඉන්න අරීගේ තොල්වල හාදුවක් තවරලා වැඩ පටන් ගන්න ජන්කුක්ට ගෙවන හැ තත්පරයම අරී ලග ඉන්නයි ඕනි වුණේ.. පොඩි පොඩි දේට පවා මරා ගන්න දෙන්නා ජෝන් හවුස් එකේ දෙවනත් කරේ හරියට පොඩි ලමයි දෙන්නෙක් වගේ..

මරා ගෙන ඊලග මොහොතේ මුලු මූණම හාදු වලින් තවරගන්න දෙන්නගේ කෝලම් වැඩ නිසා මුලු ගෙදරම හිනාවෙන් පිරිලා.. ජෝන් හවුස් එකේ සර්වන්ට්ස්ලා පවා දෙන්නගේ ආදරේට හදවතින්ම සුභ පැතුවේ මහන්සි වෙලා වැඩ කරන එයාලගේ පවා මූණූ හිනාවෙන් පුරවන්න අරීකුක්ට පුලුවන් වුණ නිසා..

වෙනදට කම්පණි එකේම ඉන්න ජන්කුක් මේ දවස් හතරෙම ගෙදර හිටියේ කම්පණි එකක් කියලා එකක් නෑ වගේ.. අරීගේ බල කිරීමට ජන්කුක් දවස් හතරකට පස්සේ වැඩට යන්න හිත හදා ගන්නවා.මොකද අරීටත් දැන් කම්පණි එකක් තියනවානේ..

බබා.. කොටට ඇදන් යන්න එපා !!

අයියෝ ජන්කූ.. මම ඔෆිස් කිට් එකට අදින්නේ trouser එක අනේ.. කී පාරක් කියන්නද ? !!

බබා.. වෙන කොල්ලෝ දිහා එහෙම බලන්න එපා හරිද ?? !!

හරි.. හරි බලන් නෑ !!

බබා මේ.. පරිස්සමට ඉන්න හොදද ?? !!

හරි අයියෝ.. මාව කවුරුත් උස්සන් යන්න එන්නේ නෑ !!

කියන්න බෑනේ බබා.. !!

ජන්කූ.. ඔයා දැන් මගෙන් ගුටි කන්නයි යන්නේ ඔය !!

ආදරේට කියන්නේ බබා.. මොකද්ද අනේ !!

යා..හ් ඕක නවත්තන්න.. මම පරිස්සම් වෙන්නම්. !!

ඒ වුණාට මට ඔයාව ශුවර් නෑ.. පණ්ඩිත වැඩමනේ කරන්න යන්නේ !!

ඔය ඉතින්.. දැන් ඇති කිවවා නේද ?? !!

එහෙම බෑනේ.. ඔයාව පරිස්සම් කරන්න ඕනි හූම් !!

හාකෝ.. මම එපා කිව්වේ නෑනේ !!

ආ.. මේ බෙල්ල වැහෙන්න ඇදන් යන්න එපා බබා. !!

ඒ ඇයි ? !!

එතකොට මිනිස්සු දැන ගනීනේ ඔයාව මාක් කරලා තියෙන්නේ.. අයිතිකාරයෙක් ඉන්නවා කියලා !!

ජෝන් ජන්කුක්.... මම දැන් ඔය කටට ප්ලාස්ටර් එකක් අලවනවා. !!

හහ් මම තමා හරි නම් වද වෙන්න ඕනි.  දකින දකින එකී ඇස් ගහන එකාව පරිස්සම් කරන්න. !!

හරි ඉතින් මමත් එපා කිව්වේ නෑනේ ඔයාට හුම්..!!

ජන්කූ.. ඔතනින් මාව දාලා යනවා... !!

කාර් එකේ එද්දි දෙන්නා වලි ඉතින්.. තව ටිකෙන් ජන්කුක් අරීවත් JSK එකෙන්ම බස්සනවා..

කෙල්ල ශීට්බෙල්ට් එක ගලවලා බහින්න යද්දි කෙල්ල දිහාට නැඹුරු වුණ ජන්කුක් අරීගේ තොල්වල හාදුවක් තිබ්බා..

අරී මූණත් රතු කරන් බහිද්දි ජන්කුක්ට ගිග්ල් එකක් පිට වුණේ ඉබේටම වගේ..

ඔයා අහිංසකයි මැණික !!
පොඩි දේටත් රතු වෙන ඔයා කොහොම ඒ දවස්වල දරුණු වෙලා හිටියද කියලා නම් හිතා ගන්න බෑ !!

ජන්කුක් අරීව Drop කරලා යන්න ගියේ අරී කම්පණි එක ඇතුලටත් යනකල් ඉදලා..

ජන්කුක් හැමදාම ඔහොම අරී පස්සෙන් හිටියා නම්
ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුණා 😉!!

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"හෙලො ජිමින් ඔප්පා.. මම අරී "

"ආ කියන්න අරී.. මොකෝ හදිස්සියේම ??"

"ඔප්පා මම මේ කතා කරේ නම් official වැඩකට.. කම්පණි එකේ.."

"ඔව් කියන්න අරී.. "

"ඔප්පා මම කැමති PJM කම්පණි එකත් එක්ක Agreement එකක් sign කරන්න.. අපි ටිකක් ඒ ගැන කතා කරමුද ?? හැබැයි ඔප්පා කැමති නම් විතරයි.."

"ඔහ්.. නියමයිනේ අරී.. ඒක මොනා වුනත් නැගලම යයි හැබැයි. මම ඩේට් එකක් කියන්නද ??"

"හරි ඔප්පා.. මගේ sheduel එක නම් free... "

"ම්ම්.. එහෙනම් අනිද්දට පුලුවන්ද ?? මම එදාට තමා free වෙන්නේ "

"හරි ඔප්පා.. එහෙම කරමු.."

"9ට එන්න එහෙනම් .. අපි මීටින් එකක් තියලම පටන් ගමු.."

"හරි ඔප්පා.. ඔප්පා වැඩකද ??"

"ඔව් අරීයෝ.. file කන්දකට යට වෙලා ඉන්නේ මේ.. 😂😂"

"Same situation ඔප්පා.. මම තියන්නම් එහෙනම්.. බායි.."

"ඕකේ බායි.."

කම්පණි එකේ CEO chair එකේ කැරකි කැරකි කෝල් එකක හිටපු කෙල්ල ආයෙම ටේබල් එක උඩ තිබුණ file වලට ඇස් යොමු කරේ දවස් හතරක වැඩ ගොඩ ගැහිලා නිසා. කෙල්ල ඉතින් file කන්ද දකින වාරයක් ගානේ හරිම ආදරෙන් ජන්කූව මතක් කරන එකත් නොකලම නෙමෙයි..

After 2 hours..

"Tok tok tok "

"Come in.."

කැබින් එකේ දොරට තට්ටු කරන සද්දෙට ඔලුව උස්සලා බලපු අරී කතා කලා..

"ජන්කූ.. ඔයා මොනාද මෙහේ කරන්නේ.. ?"

කලිසම් සාක්කුවකට අතක් දාගෙන අරී ලගට එන කොල්ලා දිහා පුදුමෙන් බලලා අරී ඇහුවා..

ඒකට උත්තරයක් නොදීම පුටුවෙන් නැගිටපු අරීව බදා ගත්ත ජන්කුක් අරීගේ බෙල්ල අස්සේ මූණ තියා ගත්තා..

"ඔයාව ගොඩක් මිස් වුණා.. ඉතින් මන් ආවා.."

කොල්ලා කියද්දි අරී හිනා වෙවී ජන්කුක්ගේ කෙස් අතරින් ඇගිලි යැව්වා....

"ජන්කූ.. තාම පැය හතරක්වත් ගියේ නෑනේ.. "

" ඒ වුණාට අනේ. මතක් වුණානේ ඔයාව.."

අරීගේ මූණට එබිලා ජන්කුක් කියද්දි ජන්කුක්ගේ නහය උඩින් තොල් තියලා අරී ජන්කුක්ට පෙක් එකක් දුන්නා..

"දෙයියනේ.. ජන්කූ.... ඔහොම බලන්න එපා.. කියුට් වැඩි අප්පා.. මට හව් හව් ගාලා හපන්න හිතෙනෝ.. "

කෙල්ල හිනා වෙවී කියද්දි ජන්කුක් පවුට් එක එක අස්සෙන්ම හිනා වුණා..

"ආ..ව්ස්.. 😚😚 "

කෙල්ලගේ මූණ පුරා තොල් අරන් යන ගමන් ජන්කුක් කියව්වා..

"ජන්කූ.. ඔයා lunch ගත්තද ??"

"නෑනේ මැණික.. ඔයා කෑවද ??"

"තාම නෑ.. අපි කමුද ?? මට බඩගිනි අයියෝ."

අරී කියද්දි ජන්කුක් කෙල්ලවත් ඇදන් කැබින් එකෙන් එලියට ගියේ කම්පණි එකේ තිබුණ කැන්ටින් එකට යන්න..

කාලා ඉවර වෙලා අරීකුක් කැබින් එකට එනවා..

"ජන්කූ.. ඔයා දැන් යන්න අනේ.. මට මේ file කන්දරාව දකිද්දි හරීයට ඔයාව මතක් වෙනවා.. 😑😑"

"ඒ මොකද මාව මතක් වෙන්නේ?"

"මතක් වෙන්නේද ?? ඔයා නිසා තමා මෙච්චර වැඩ ගොඩ ගැහුනේ.. මගේ ඔලුවත් කකියනවා 😒😒 "

"ඔයාට විතරක් නෙමෙයි.. මටත් වැඩ ගොඩ ගැහිලා තමයි.. හුම් ඔය වගේ හතර ගුණයක් විතර වැඩ තියනවා මට.."

ජන්කුක් කෙල්ලට විරිත්තලා කියද්දි අරී ජන්කුක්ගේ කනින් අල්ලගත්තේ කොල්ලා කෑ ගහන කොට..

"ආ...ව් මෝඩියේ.. රිදෙනවා.."

"රිදෙන්න තමා ඇල්ලුවේ. එච්චර වැඩ තියා ගෙන මොකටද මෙහේ ආවේ.. ජන්කූ මම නිසා ඒවා අතපසු කර ගන්න එපා .. එහෙම වුනොත් නම් මම යනවා යන්න ආයේ නොඑන්නම.."

අරී රවාගෙන කියද්දි ජන්කුක් කෙල්ලව ටේබල් එකට තද කරගෙන අරීගේ මූණට එබුනා..

"ඒ වගේ දෙයක් කරන්න නම් හිතන්නවත් එපා snowdrop. එහෙම වුනොත් ජන්කුක් කියලා කෙනෙකුත් නැති වෙයි.."

"ඔයාට බෑ එහෙම කරන්න ජන්කු.. ඔයා මට පොරොන්දු වුණා මම නැති දවසක daffodil මලක් වෙනවා කියලා.. ඒක ඔයා අමතක කරොත් මේ අරී කවදාවත් ඔයාගේ වෙන් නැති වෙයි.."

අරී අහක බලා ගෙන කියද්දි ජන්කුක් එක අතකින් කෙල්ලගේ නිකටින් අල්ලලා අරීගේ මූණ තමන්ගේ පැත්තට හරව ගත්තා..

"දේහ්.. මම පොරොන්දු වුණා.. ඒත් ඒක රකින්න නම් ඔයා නැති වෙන්න එපැයි..මම කියන්නේ එහෙම කරන්න එපා කියලා.. "

"මන් දන්නෑ.. කොහොම වුනත් ඔයා ඒ පොරොන්දුව රකින්න ඕනි එච්චරයි.."

අරී ජන්කුක්ගේ ඇස් දෙක දිහා බලා ගෙන කියනකොට ජන්කුක් කෙල්ලව ඉනෙන් උස්සලා ටේබල් එක උඩින් ඉන්දව්වා..

ජන්කුක්ට ඕනි වුණේ අරීව සිප ගන්න.. ඉතින් කොල්ලා අරීගේ තොල් අල්ලගත්තේ හරි ඉක්මණට වුනත් කැබින් එකේ දොර ඇරුනේ හිතුනේවත් නැති විදියට..

"නූනා.... බලනවකෝ.. මාර වැඩක්නේ වෙලා තියෙන්නේ..."

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

@ somewhere

"හෙලෝ බොස්.. "

හොටෙල් රූම් එකක දොරත් ඇරගෙන ඇතුලට ආපු මුලු ඇගම කලු ඇදුමකින් ආවරණය කර ගත්ත මනුස්සයෙක් මාස්ක් එකක් දාන් රූම් එක ඇතුලේ සෝෆා එකේ ඉදන් හිටපු මනුස්සයට කතා කලා..

"ඔහ්.. උබ ආවා එහෙනම්."

"එන්නැතුව පුලුවන්ද ඉතින් බොස්ගේ වැඩකට.. ඉතින් බොසා.. මොකද්ද මගෙන් වෙන්න ඕනි.."

"කෙල්ලෙක්ව උස්සන්න ඕනි.."

"ඕ...හ් මේ පාර නම් interesting වැඩක් වගේ සෙට් වෙන්නේ.."

"Maybe.. මම කියන කෙල්ලව උස්සලා පුලුවන් තරම් වද දීපන්.. හැබැයි ඒකිව rape කරන්න බෑ..  Got it ??"

"Oh come on... ලොක්කා.. ඒකත් කරලම දැම්මා නම් තමා හොද "

"No no no... ඒක නම් කරන්න හිතන්නවත් එපා.. මට ඕනි ඒකිගේ මුලු ඇගෙම කැපුම් පාරවල් තියනවා දකින්න විතරයි.. මූණ වීරූපි කරපන්..  ඊට පස්සේ මරලා දාපන්.. එච්චරයි.."

"හරි හරි.. බොස් කියනවා නම් එහෙම වෙයි.."

"මම කෙල්ලගේ ඩීටෙයිල්ස් ටික send කරන්නම්.. වැඩේ මම කියපු විදියටම වෙන්න ඕනි right ??"

"ඕකේ බොස්.. අපේ ගාන හරියට ලැබෙනවා නම් වැඩෙත් ඒ විදියටම වෙයි.."

කලු ඇදගත්ත මනුස්සයා එහෙම කියලා රූම් එකෙන් පිට වෙලා යන්නේ එතන ඉදපු අනිත් කෙනා පිස්සෙක් වගේ හිනා වෙද්දි...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
To be continued...

මේ
ආදරයෙන් ජීවිතය
දිනූ
හුදෙක් ආදරෙන්ම
ජීවිතය සෙවූ
කලා ලොවේ
අවංක හදවත්වල
කතාව
.
.
.
.
.
.
.
.
.

Into ur heart

Your eyes are like the ocean; I could swim in them all day.

ආදරය කරන්න පුලුවන් මගේ කූ.. ඒත් මම කරපු වැරදිවලට කවදා හරි මට දඩුවම් ලැබෙයි කියලා මට බයයි.. 🙂🙂

_________________________________________

කොහොමද කප්කේක්ස්..

සමා වෙන්න අප්ඩේට් පරක්කු වුණාට..
ඕතරී හොදින් නෙමෙයි.. කතාව ලියන්නවත් මට හිතක් නෑ ලමයි.. 😔😔

කමෙන්ට් කරන් යන්න.. පුලුවන් ඉක්මණට කතාව දෙන්නම්.. 🙂

Continue Reading

You'll Also Like

9.7K 191 8
{Formerly You+Me=Love} When two friends have always been on the verge to flirty with each other that their friends would tell them to get a room. Bu...
7K 758 9
"I'm waiting for you for two years, to tell the trueth that what happened to us" "Who are you?" "Please don't kill me, I"ll beg you" 🚫DON'T COPY MY...
2.5K 82 14
"HE CANNOT DO THIS TO ME, MY ARHAAN CANNOT DO THIS TO ME." Sumaira was not able to breathe, she could feel her heart break. She couldn't help...
658K 14.7K 42
In wich a one night stand turns out to be a lot more than that.