මඟ බලමින් 👀

By amaaindu

16.3K 1.1K 95

" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුව... More

පළමු දිගහැරුම 👀
දෙවන දිගහැරුම 👀
තුන්වන දිගහැරුම 👀
සිව්වන දිගහැරුම 👀
පස්වන දිගහැරුම 👀
හයවන දිගහැරුම 👀
හත්වන දිගහැරුම 👀
අටවන දිගහැරුම 👀
නමවන දිගහැරුම 👀
දහවන දිගහැරුම 👀
එකොළොස්වන දිගහැරුම 👀
දොළොස්වන දිගහැරුම 👀
දහතුන්වන දිගහැරුම 👀
දාහතරවන දිගහැරුම 👀
පහළොස්වන දිගහැරුම 👀
දාසයවන දිගහැරුම 👀
දාහත්වන දිගහැරුම 👀
දහඅටවන දිගහැරුම 👀
දහනමවන දිගහැරුම 👀
විසිවන දිගහැරුම 👀
විසි එක්වන දිගහැරුම 👀
විසි දෙවන දිගහැරුම 👀
විසි තුන්වන දිගහැරුම 👀
විසි හතරවන දිගහැරුම 👀
විසි පස්වන දිගහැරුම 👀
විසි හයවන දිගහැරුම 👀
විසි හත්වන දිගහැරුම 👀
විසි අටවන දිගහැරුම
තිස්වන දිගහැරුම 👀
තිස් එක්වන දිගහැරුම 👀
තිස් දෙවන දිගහැරුම 👀

විසි නමවන දිගහැරුම 👀

539 37 1
By amaaindu

මඟ බලමින් 👀

විසි නමවන දිගහැරුම

දැනුනා ඇයට හොඳින්ම ඒ හදෙහි ඇති රිදුම...වේදනාව...නමුත් ඇගේ සිතට එක්වර දැනෙන මේ විශ්මය දරා ගත නොහැකි වුනා.. වසර විස්සක් පුරාවටම ඇය විදි , ඇය සෙවූ ඒ ස්පර්ශයන් ඒ සුවඳ ඔහුගේම බව කෙසේ නම් අදහන්නද???මුරණ්ඩු ලද බොළඳ වූ ඇය නොදැනුවත්වම කුඩා කාලයේ කල හිතුවක්කාරකමක් නිසා ඔහුගේ දිවියම ඈ වෙනුවෙන්ම පේ වූ බව කෙසේ නම් දරාගන්නද????

දරන්නට අපහසුයි ඇගේ පපුවට එක්වරම මේ දෙනෙන සතුට..මොලෙව සිටිනා වාසනාවන්තම තරුණිය ඈ බව දැනුනා ආහේලිට සධිල්ගේ ආදරය ඉදිරියේ….ඒ සෙනෙහසේ පර තෙරක් ඇයට නොතේරුනත් ඇය එය තේරුම් ගැනීමට උත්සාහයක්වත් දරන්න සිතුවේ නැත...ඇය බිය වුනා ඒ ආලය ගැන සිතන්න ගොස් ඇය දිනක උමතු වේ යැයි කියා...ඉඳින් ඇය සිත හදාගත්තා ඒ ආදරය ගැන නොසිතා මියෙන තුරම ඒ ආදරය විදින්නට ඒ උණුසුමේම ගුලිව ඔහුගේම පැටික්කී ලෙස….

ඇය ඔහුගේ දෙපා මුල වැද වැටුනේ දෑස් වලින් වෑස්සෙනා කඳුළු වලින්ම ඒ දෙපා දෝවන්නට මෙන්...

" අප්පත්තී තරහින්නේ ඉන්නේ නේද????දැනුත් මාව සෞරට හරි දේව් අයියට හරි දීලා යයි…බැන්නට ගැහුවට කමක් නෑ අප්පත්තී අඬ අඬ හරි ඉන්නම්….ඒත් ඔය හුස්ම වැටෙන තැනක මට ඉන්න දෙන්න..ඈත් කරන්න එපා අප්පත්තීහ්….."

ඇය ඔහුගේ උකුලේ හිස හොවා ගෙන ඉකි ගසමින් හඬන්න ගත්තේ ඔහුගේ කේන්තියේ තරම ඇය හොඳින්ම දන්නා නිසයි...ඔහු නැති දිවියක් ගැන ඇයට සිතන්නට වත් නොහැකි වෙද්දී ඇය සිතේ තෙරපෙනා වේදනාව නැති වන තුරුම හැඬුවා...නමුත් ඔහුගේ මුවින් ඇගේ සිත හදන්නට එකඳු සැනසිලිදායක වදනක් පිට වුනේ නැත...ඔහු ඇය දෙස බලා සිටියේ හිස් බැල්මකින් හැඟීම් දැනීම් නැති පුද්ගලයෙකු ලෙස…

ඒ ආදරය, ඒ සෙනෙහස අහිමි කර ගන්න ඇය බොහෝ සෙයින් බිය වුනා..සිත ශක්තිමත් කර ගත් ඇය දෑසේ රැදි කඳුළු පිටි අත්ලෙන් පිසදාගෙන ඔහු දෙසම බලා සිටියේ ඇගේ හැඬුම මදක් පාලනය වන තුරු….

" දන්නවද එදා මුලින්ම නලලට කිස් එක දීපු දවසේ හිතුනා මේ නම් මගේ සැන්ටා තමයි කියලා...ඒ ෂොක් එකට  එදා ෆේන්ට් වුනාට මට හුරු පර්ෆියුම් ස්මෙල් එක නැති හින්දා එයා නෙමෙයි වෙන්න ඇති කියලා හිත හදා ගත්තා...මට පි ස්සු කියලා ඔයත් හිතයි කියලයි මන් සද්ද නැතුව හිටියේ අප්පත්තීහ්…එදා හොස්පිට්ල් එකේ ඉද්දී සෞරත් මට විහිළු කලා මොන සැන්ටෙක්ද පි ස්සුද කියලා…..

සැන්ටාව හොයාගන්න මන් කොච්චර නිදාගන්නේ නැතුව ඉන්න හැදුවද????ඒත් හැමදාම මට නින්ද ගිහින් එයා එද්දී…මන් නැගිටිද්දී ඒ සුවද විතරයි මගේ ලග තිබුනේ……..ආයේ නම් දාලා යන්න එපා අප්පත්තීහ්……"

ඔහුගේ මේ වෙනස ඇගේ හද තවත් පාරවද්දී ඇගේ පපුවත් ඇදුම් කන්න ගත්තේ ඒ වේදනාව තවත් ඉවසා ගත නොහැකි තැන…

ඔහුගේ දෙපා මුල වැටී නොනවත්වාම  හඬනා ආහේලිව සධිල් හරහට ගෙන ඇයව ඔහුගේ උකුල මතින් හිඳුවා ඇයව ඔහුගේ තුරුලට ගත්තා..ඇගේ හැඬුම තවත් වැඩි වුනා මිසක් අඩු වූයේ නැත...ඔහුගේ ප්‍රේමණීය සෙනෙහෙබර වදනක් ඇගේ දෙසවන් අපේක්ෂා කලත් ඔහුගේ මුවින් එකඳු වදනක් පිට නොවෙද්දී ඇයට දැනුනේ ඇගේ හද දෙකඩ කරනවා වැනි වේදනාවක්..

ඇගේ බද වටා බැදි අතක් නිදහස් කර ඇගේ නිකට යටින් තබා ඇගේ මුහුණ ඔහු දෙසට හරවා ගත් සධිල් ඇගේ නලලත සිප ගද්දී ඇය සැනසුනත් ඒ මුවින් පිටවුනු බරැති සුසුම ඒ නලලතම නතර වෙද්දී ඇගේ හද නැවතත් ඇවිලුනේ අහේතුක බියකින්…

ඇගේ දෙතොල් පවා වෙව්ලා යද්දී සධිල් ඇගේ නිකට මත තිබූ අත ඇගේ දෙකකුල් හරහා යවා ඇයව සෝෆාව මතින් තබා විර්දේව්ට ඇමතුමක් ගත්තේ ඇය දෙස එකඳු බැල්මක් වත් නොහෙලායි…

" මන් යනවා මදූ...පැටික්කිව ගෙදර ගිහින් දාන්න….."

එපමණක් පැවසූ සධිල් ඇමතුම අවසන් කර දුරකථනයත් විසන්ධි කරමින් එය ඔහුගේ කලිසම් සාක්කුව තුලට දමා ගෙන පිටතට යාමට අඩියක් තියන්න හැඳුවත් ඔහු හුන් තැනම ගල් ගැසුනේ ආහේලිගේ දෑතම ඔහුගේ කොලරය මත නතර වෙද්දී….

" රිද්දුවා….අයි ක්නෝ දැට් ( මන් දන්නවා)..බට් ( ඒත් ) මේහ් පනිශ්මන්ට් එක (දඬුවම ) හොදටම වැඩී…අඬලා කකුල් දෙක ලඟ වැටිලා ඉල්ලුවා ඈත් කරන්න එපා කියලා….කිව්වනේ නේහ්…...උත්තර දෙනවාහ් මට…………"

සධිල් ගොළුවෙකු බිහිරෙකු මෙන් ඇය දෙසම ඔහුගේ දෑස් පටලාගෙන සිටිද්දී ඇය කෝපයෙන් වියරු වැටී මෙන් කෑගැසුවේ මහ හඬින්….

" යෙහ්…….."

ඔහු තනි වචනෙන් පිළිතුරු බදිද්දී ඇගේ මුවට නැගුනේ සියුම් මදහසක් වුනත් ඇය ඒ සිනහව සඟවාගෙන පෙර කෝපයෙන්ම කතා කරන්න ගත්තේ කොලරය තවත් තදින් අල්ලාගෙන…

" හොඳින් හරි නරකින් හරි තමුන් මගේම විතරයි….මේ ආහේලි සභීහා දේවසිංහගෙම විතරයි….මාව දාලා යන්න බෑහ්...යන්න දෙන්නෙත් නෑහ්....ඩෝන්ට් ඊවන් තින්ක් අබවුට් ඉට් අප්පත්තී ( ඒ ගැන හිතන්න වත් එපා..) ගොට් ඉට්?????"

" අයි ගොට් දැට්……."

ඔහු සිනහව තද කරගෙන පැවසුවේ ඔහුට නොදැනීම හෝ සිනහා ගිය හොත්  ඇය ඉන් තවත් කෝප ගන්නා බව දන්නා නිසයි...

" මට හරියට ඇහුනේ නෑහ්…..මොකද්ද කිව්වේ මිස්ටර් සධිල් සහ්දේව් ධීරවර්ධන…"

" තේරුණා පැටික්කිහ්……."

පැවසූ සධිල්ගේ කොපුල් වල ගැසෙද්දී ඇය ඔහුගේ කොලරය අතැර ඇඟිලි තුඩු වලින් ඉස්සී ඔහුගේ ගෙල වටා දෑත් යවද්දී ඔහු ඇගේ කකුල් අතුරින් දෑත් යවා ඇයව ඔසවා ගත්තේ ඇසක් වසා ඉඟි කරමින්…

ඇයත් ඔහුගේ බද වටා දෙකකුල් කතිරයක්ව සිටින දේ බැද ගත්තේ ඔහුට තවත් පහසුවන මෙන්….

" සද්දේ ය , කෝ…..කාගේ පවර්ස් අරන් ද  මේ කෑගහන්නේ ආ……"

" තුන් දෙනාගෙම පවර්ස් අරන් ඉන්නේ මන්….වැඩියෙන්ම තියෙන්නේ අප්පත්තිගේ පවර්ස් තමයි ඉතින්……"

ඇය අනවසරයෙන්ම ඔහුගේ දෙකොපුල් සිප ගත්තා රත් පැහැ වන්නම ඔහුගේ කේන්තිය පහව ගොස් ඇති බව වැටහෙද්දී…

" ආදරෙයිනේහ්……………"

ඒ ගෙල බැදි අතක් ඔහුගේ කොපුලක් මතින් තබා ඔහුගේ නලල මත දෙතොල් තැවරූ ආහේලි ඔහුගේ දොතොල් හා පැටළුනේ ඔහුගේ දෑස් පියවී යද්දී….

එක් වරම කාමරයේ මෙතෙක් වැසී තිබුනු දොර විවර වෙද්දී ආහේලි ඒ දොතොලින් මෑත්ව විවර වූ දොර දෙස බැලුවේ පැමිණියේ කවුරුද කියා දැනගැනීමටයී..විර්දේව් සධිල් දෙසත් ඔහුගේ දෑත් මත ඔහුගේ සිරුරෙහි එතී සිටිනා ආහේලි දෙසත් බැලුවේ විසල්ව ගිය දෙනෙතින්...විලියක් දැනුනත් ඇයට ඊටත් වඩා අවැසි වූයේ සධිල් සමඟ තව තප්පරයක් හෝ ප්‍රේමයෙන් වෙලී  ගත කිරීම පමණයි….

" ෆයිව් මිනිට්ස් ( විනාඩි පහයි ) දේව් අයියා……"

පැවසූ ආහේලි නැවතත් සධිල්ගේ දෙතොල් වලට බර වුනේ සධිල් පැවසීමට ගිය දෙයත් ඇගේ මුවින්ම වැසී යද්දී…

" මටත් නූල් බදින්න වෙයි වගේ මෙහෙම ගියොත්……"

තෝන්තුවෙන් මෙන් පවසමින් විර්දේව් හැකි උපරිම වේගයෙන් කාමරයෙන් පිට වූයේ සිහි මද ගතියකින්…

සධිල් ආහේලිව සිටි අයුරින්ම ගෙන සෝෆාවේ අසුන් ගත්තේ ඇයව තවත් ඔහුගේ වතට තෙරපවා ගෙන..කතිරයක මෙන් ඔහුගේ බඳ වටා එතුනු දෙකකුල් ආහේලී ඔහුගේ කකුල් දෙපසින් දණ ගසා සිටිනා මෙන් දමා ඔහුගේ උකුලෙන් හිඳ ගත්තේ ඒ ඉරියව්ව ඔහුට තව තවත් ලන් වීමට පහසු වෙද්දී….

ඇයට අන්දවා තිබූ ඔහුගේ කෝට් එකේ බොත්තම් ඔහු අතින්ම ගැලවී යද්දී ආහේලි ඇරඹූ සිපුමෙහි පෙරමුණ ඔහු අතට ගත්තේ කෝට් එක සම්පූර්ණයෙන්ම ඇගේ වතින් ගිලිහී යන විටයි...

ඔහුගේ දෙතොල් ඇගේ මුහුණ පුරාම දඟ කරද්දී ඇය ඔහුගේ ෂර්ට් එක දෑතින්ම මිටි කොට ගත්තා ඒ රළු ස්පර්ශයන්,ඒ දඟකාරකම් ඇගේ සුකුමල වතට දරන්නට බැරි තැන...ඔහුගේ ආවේගාත්මක සිපුම ඇගේ ගෙලත් පසු කර ලමැද පුරා විසිරී යද්දී ඇගේ හද ගැස්ම වේගවත් වුනා ඇයටත් නොදැනීම ඇගේ වත ඒ රළු පිරිමි ස්පර්ශයන් ඉල්ලද්දී…ඇගේ දෙපතුල දක්වා දිගු ගවුම ඇගේ දෙකලවා තෙක් කෙටිව තිබුනේ ඔහුගේ දඟකාරකම් හමුවේයි..

ඔහුගේ දෑඟිලි නොසන්සුන්ව ඇගේ වත පුරා දඟකරද්දී ඇගේ මුවින් අනුරාගී කෙදිරිලි පිට වුනේ ඒ ස්පර්ශයන් ඇගේ තුරුණු හැඟුම් පුබුදුවාලීමට තරම් ප්‍රභල වෙද්දී…ඔහුගේ අත ඇගේ ගවුමෙහි පිටු පස ෂිපර් එක මත නතර වෙද්දී ඔහු පියවි සිහියට ආවේ ඇගේ වතින් මෑත් වෙමින්…

හදවත පසෙකලා මොළයෙන් දෙන විධාන වලට කන් දුන් සධිල් ඇගේ සිත නොරිදෙනා සේ ඇයව හුන් අයුරින්ම ඔහුගේ වතින් ඔසවා සෝෆාවෙන් හිදවූයේ ඒ අඩවන්ව ගිය දෑස් සෙමින් විවර වෙද්දී…..

" සොරී දෝණීහ්…...මගේ හොඳ පැටික්කිනේ......"

ඇගේ මුවින් තවමත් පිටවෙනා සියුම් හතිය දුටු ඔහුගේ මුවට නැගුනේ දඟකාරී සිනහවක්...ඒ රතුව ගිය දෙතොල් ඔහුගේ දෙතොලින් තවත් වරක් නතු කර ගත්තේ ඒ ආරාධනාත්මක දෙතොල් දෙස රහත් වී මෙන් බලා සිටීමට නොහැකි වෙද්දී...ඔහු සෝෆාවෙන් නැගිට ඇයව ඔහුගේ දෑත් අතරට සිර කරගෙන ඇගේ වතට බරවෙමින් ඒ දෙතොල් මෘදුව සිප ගත්තේ ඒ මුවින් පිටවෙනා හතියත් ඔහුගේ දෙතොලින්ම වසමින්...

" ඕහ් ෂිට්…….හු………………"

විර්දේව්ගේ මුවින් අසැබි වදනක් පිට වූයේ මහ හඬින්..ඔහුගේ නලල දොරේ තදින්ම වැදුනේ දුටු දසුනින් වූ කම්පනයටයි…

" ආහ්……අම්මාහ්….ඔළුවහ්………...වහ ෂොට් එකක් ගහලා වලකජ්ජ ගහන්න හිතිලා තියෙන්නේ මට දැන්……"

හිසත් දෑතින්ම අල්ලා ගත් විර්දේව් කාමරයෙන් පිට වුනේ පා පැකිලෙමින්…

විර්දේව්ගේ ආගමනයත් සමඟ ආහේලි විලියෙන් රතුව සධිල්ගේ පපුවෙහි මුහුණ හංගා ගත්තත් සධිල් නම් ඔහුව ගණනකට වත් ගත්තේ නැත..

ඔහු අතින් ගැලවුනු ආහේලිගේ පාවහන් මෙන්ම ඇය හැඳ සිටි කෝට් එකත් අතට ගත් සධිල් ඇගේ පාවහන් යුවල පලදවා කෝට් එකේ බොත්තම් සම්පූර්ණයෙන්ම පියවා දැමුවේ ඒ ලමැද පුරා ඔහුගේ දෑඟිලි වල සටහන් මෙන්ම ඇගේ ගෙල ද ඔහුගේ දසන් වලට හසුව රත් පැහැ ගැන් වී තියෙද්දී…

" ලිප්ස්ටික් නම් යූස් කරන්න තහනම් පැටික්කී...ගොට් ඉට්???? නැත්තම් මට ලිප්ස්ටික් වැඩිම ප්‍රමාණයක් කාපු මනුස්සයා විදිහට ඉතිහාස ගත වෙන්නත් පුළුවන් එහෙම වුනොත්…"

‍ඇයව නැගිටුවා ඔහු ඇගේ කර වටා අතක් යවමින් ආහේලිව ඔහුගේ තුරුලට ගෙන ඇගේ සවනට මිමිණුවේ ඇගේ දෙතොල් දෑසින් පෙන්වමින්…

ඔවුන් දෙදෙනා කාමරයෙන් පිටතට එන විට දුටුවේ තවමත් හිස දෑතින්ම බදාගෙන බිත්තියට පිට දී වේදනාවෙන් සිටිනා විර්දේව්වයි..

" සුදු අයියා….ඇත්තටම රිදෙනවා ඔළුව පැලුනද මන්දා….එක දෙක වෙලා පේන්නේ වැදුනු වැදිල්ලට….අර වහන්තරාව මෙහාට එනවා කියන්න ආවේ….තව ටිකෙන් මෝචරියේ තමා නතර වෙන්න වෙන්නේ……"

ඔහු සැබෑ වේදනාවෙන් පවසද්දී ආහේලිට දැනුනේ ඔහු ගැන වේදනාවක්...ඇගේ මුහුණු අඳුරු වෙනවා දුටු විර්දේව් අපහසුවෙන් වුවත් මුවට සිනහවක් නගා ගත්තේ ඇයව රිද වීමට බැරි තැන…

" හිනා වෙලා හිටු බනී….රිදෙන්නේ නෑ..ජස්ට් අ ජෝක්……"

" අත ගන්නවා මදූ පැත්තකට…."

සධිල් බලෙන්ම ඔහුගේ නලලත තිබූ අත ඉවත් කරද්දියි දුටුවේ දොරේ වැදුනු තැන දම් පැහැව තියෙනවා…

" තැල්ම තියෙනවා...චූටිත් එක්ක ගිහින් බෙහෙත් අරන් එනවා...මන් මෙතන මැනේජ් කරගන්නම්……"

විර්දේව්ව සෞර සමඟ පිටත් කල සධිල් ආහේලි සමඟ පැමිණියේ තේජනා හමුවටයි..

" සධිල් කොහෙද ගිහින් හිටියේ???"

තේජනා විමසන්නේ ආහේලි දෙසත් නොරුස්සනා බැල්මක් හෙලමින්..

" පොඩි වැඩක හිටියේ..මදූ කිව්වා මාව හෙව්වා කියලා….වට්ස් ද මැටර්???(මොකද්ද ප්‍රශ්නේ??)"

" හොඳ පොඩි වැඩේ……"

ඇය සමච්චලයට සිනහාවෙමින් ආහේලි දෙස බලමින් පැවසුවේ සධිල්ගේ කෝපය අවුලාලාමිනුයි...

" යූ මයිඩ් යුවර් ඕන් බිස්නස් තේජනා....(ඔයා ඔයාගේ වැඩක් බලාගන්න) මගේ වැඩ වලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ කොහෙත්ම….ගොට් ඉට්???"

සධිල් අණ කලේ ඔහුගේ පෞද්ගලික දිවියට ඇගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් ඔහුට නොරුස්සනා හෙයින්..

" සොරි සධිල්……"

" ආය මට මතක් කරන්න තියන්න එපා...මේක ෆර්ස්ට් ඇන්ඩ් ලාස්ට් ටයිම් (ප්‍රථම සහ අවසන් වතාව).."

තේජනා සමඟ කතාව නවතා සධිල් හැරුනේ ඇය අසල සිටි මේන්‍යා වෙතට..

" මේන්‍යා බ්‍රාන්ච් එකේ ස්ටාෆ් එකේ  ඩීටේල්ස් වල ඉදන් හැම දෙයක්ම මට දැන්ම මේල් කරන්න...හෙට උදේට අපි පිටත් වෙනවා ආපහු කලම්බෝ...වෙහිකල් එක ෂාර්ප් නයින් වෙද්දී හොටෙල් එකට එනවා... තාරුකාටත් ඉන්ෆෝන් කරන්න…මට මොනවා හරි කියන්න තියනවා ද මේන්‍යා…."

පිටත් වීමට මත්තෙන් සධිල් මේන්‍යාගෙන් විමසුවේ ඇගේ මුහුණේ යම් වෙනසක් ඔහුට පෙනුනු නිසයි..

" නෑ සර්…...මන් ඩීටේල්ස් ටික දැන්ම මේල් කරන්නම්…."

" ෆයින් …..(හොදයි) දෝණි ලෙට්ස් ගෝ……"

ආහේලිගේ අතකින් අල්ලා ගත් සධිල් ශාඛාවෙන් පිටත්ව යන තෙක්ම තේජනා බලා සිටියේ දැවෙනා කෝපය ආයාසයෙන් පාලනය කර ගෙන…

" මේන්‍යා අර සධිල් පස්සෙන් නැට්ට වගේ එල්ලෙන එකී කවුද?????"

" මන් දන්නේත් නෑ මිස්…...සර්ලා තුන් දෙනාම ඒ කෙල්ල පස්සෙන්මයි ඉන්නේ….එයාලගේ නංගි කෙනෙක්ද කියලත් හිතෙනවා වෙලාවකට……"

" තමුසෙට මොලේ අමාරුවද මේන්‍යා...සධිල්ට කොහෙද නංගිලා…..අනික නංගිලාව ලිප් කිස් කරනවද?????සධිල් කැනඩා ඉද්දී කොච්චර කෙල්ලෝ පස්සෙන් ආවද???ඒත් මේ කෙල්ල කොහොමද??? සධිල් ලංකාවට ඇවිල්ලා එච්චර දවසකුත් නෑනේ..අනික එයාගෙ මල්ලිලා දෙන්නා කොහොමද??????මේවා කල්පනා කරලා මටත් පිස්සු වගේ…."

තේජනා කෙතරම් කල්පනා කලත් ඇයට ඇගේ පැනයට පිළිතුරක් ලැබුනේ නැත..මේන්‍යාටත් බැන වැදුනු ඈ ඇගේ කාර්‍යාලයට වැදී දොර වසා ගත්තේ ආහේලි ගැන බුර බුරා නැගෙනා කෝපයෙන්…

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

දිනෙන් දින ගෙවුනේ ආහේලිගේත් සධිල්ගේත් ප්‍රේමය සුන්දරව ගලා යද්දී..වෛද්‍ය වාර්ථා වලට අනුව අබීශා ගැබ් ගෙන නැති වුනත් ඔවුන්ගේ මංගල්‍ය හැකි ඉක්මනින් සූදානම් කෙරුනේ සධිල්ගේ අණ පරිදීයි..

විවහා උත්සවය පවුලේ හිත මිතුරන්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදුවන නිසා ඔවුන් ඒ සඳහා නිවස තෝරා ගත්තේ සියළු දෙනාටම එය පහසු වෙද්දී…

" දේව් අයියා….ඔයා වැඩකද?????"

" වැඩ වැඩ බනී…...ඔළුව උස්සගන්න බෑ….පොඩියට ගන්නේ කියලා ගෙදර ගත්තා...මැදැයි කොලා….තොරණ වගේ මෙහේ සරසණවා කෙලවරක් නෑ……"

විර්දේව් ඇයට පිළිතුරු දෙන්නේ දුරකථනයත් අපහසුවෙන් වැටෙන්න නොදී උරහිසට සිර කරගෙන පඩි පෙල මල් වලින් සරසමින්...

" අප්පත්තී ඉන්නවද දේව් අයියා?????"

ඇය මඟ බලමින් සිටි පැනට ඔහුට යොමු කලේ වි‍ර්දේව් මහ හඬින් සිනාසෙද්දී..

" ආ ….ආ…..ඒත් මන් බැලුවා මගේ දුක සැප විමසන්නේ කිමද කියා…..එයා වැඩ රපුන්සල්….කෝල් එකක් ගන්නකෝ අන්සර් කරයි……"

ඇයට ඉබේටම මුවින් සුසුමක් ගිලිහෙද්දී විර්දේව් අතින් කෘතිම මල් කළඹ බිමට ඇතැරුනා…

" මොකද ඒ පාර බනී……"

" අප්පත්ති ඔෆිස් ආවේ නෑ දැන් දවස් තුනක් දේව් අයියා...කෝල් කලාට ඒ මූණ බලන් නැතුව ඉන්න කොහොමද මන්…."

" හත්තිලව්වේ ඒකයි මේ සෝ සුසුම්…..ඔයාගේ යාළුවෙක් එක්ක රෙඩි වෙලා ඉන්නකෝ මන් සුදු අයියාගෙන් පර්මිෂන් අරන් විනාඩි දහයෙන් ඔතන….."

" අප්පත්ති එන්න දෙයිද දේව් අයියා…..එදා බැන්නනේ මාව ඔහේ එක්කගෙන එන්න එපා කියලා….."

ඇය හඬන්න ලන් වූ ස්වරයෙන් පැවසුවේ අතීතය සිහි කරමින්...

" ඒක නම් සැබැයි බනී…පොඩ්ඩක් ඉන්නටකෝ බලන්න ලයින් එකේ….."

ඇගේ හද ගැස්ම වේගවත් වූයේ දුරකථනයේ අනෙත් පසින් සධිල්ගේ හඬ ඇසෙද්දී…

" පැටික්කි මොකද මේ ආහ්…….''

" අනේහ් අප්පත්තී….එන්නම්කෝ….එපා කියන්න එපාහ්……."

ඇගේ දෙනෙත් කඳුළින් පිරුනේ සධිල්ගේ තරවටු හඬත් සමගයි..

" ඩෝන්ට් කෛ දෝණී….මදූව එවන්නම්..යාළුවාවත් රෙඩි කරගන්න පැටික්කි හරිද???අප්පත්තිට වැඩ වැඩී මේ දවස් ටිකේම…..ඒක හින්දා මට ඔයා ගැන බලන්න ටයිම් එක මදි වෙනවා….ඩෙකරේෂන්ස් වලට ආව පිරිමි අය ඉන්නවා...ඒකයි මන් එක්කගෙන ආවේ නැත්තේ….නැතුව ඔය ලිප්ස් දෙක කිස් කරන්නේ නැතුව ඔය මූණ බලන්නේ නැතුව ඉන්න පුළුවන් හින්දා නෙමෙයි දෝණී……."

ඇගේ මුහුණ විලියෙන් රතු වුනා සධිල්ගේ වදන් හමුවේ…

" චෙරීස් වෙන්න නෙමෙයි දෝණී….රෙඩි වෙන්නකෝ….මදු තව ටෙන් මිනිට්ස් වගේ වෙද්දී එයි…."

ඇය සතුටින් ඉපිල ගියේ ඒ මුහුණ නොදැක නිදි වැරූ දින සිහි වෙමින්..

" ආදරෙයි අප්පත්තිහ්….."

ඇය කෝළව පවසද්දී සධිල්ගේ දෙකොපුල් වල ගැසුනේ ඇගේ රතුව ගිය මුහුණ සිහි වී..

" ලව් යූ ටූ මයි පැටික්කී….."

ඇමතුම අවසන් කල ආහේලී යේනුවත් ඉක්මනින් ගමනට සූදානම් කරගත්තා..ඔවුන් සූදානම්ව එළියට පැමිණෙද්දී විර්දේව්ගේ රතු පැහැ ජගුවර් රථය ඔවුන්ගේ ගේට්ටුව අසල නතර කල හෙයින් ඔවුන් තවත් ප්‍රමාද නොවූ වාහනයට නැග විනාඩි දහයක පමණ ගමනාන්තයෙන් පසු විර්දේව් සිය නිවසට වාහනය හැර වූයේ ආහේලිගේ හද ගැස්ම පිටතට ඇසෙනා තරම් වෙද්දී….

කළු කොට කලිසමට කළු පැහැම කොට අත් සහිත ටී ෂර්ට් එකක් හැද බාටා දෙකක් දමා දෑත් කලිසම් සාක්කු දෙකෙහි හුවා ගෙන ඇය එන තුරු පෙර මග බලනා සධිල්ව දුටු ආහේලිට උන්හිටි තැන් අමතකව ගියා ඒ දඟකාර කඩවසම් හැඩි දැඩි රුව ඉදිරියේ...ඒ උණුසුමේ තුරුළු වන්නට එන හැඟීම අපහසුවෙන් මුත් පාලනය කර ගත්තෙ සධිල්ගේ දෙමව්පියන් පවා නිවසේ සිටිනා නිසයි…

විර්දේව්ගේ වාහනා දුටු සධිල්ගේ කොපුල් වල ගැසෙනු ඈත තියාම දුටු ආහේලි ඔහුගේ මුහුණේ වෙනස් වන සෑම ඉරියව්වක්ම විද ගත්තේ හදවතින්…

ආහේලී වාහයෙන් බසිනවත් සමඟම ඇය වෙතට ආ සධිල් ඇගේ අතකින් අල්ලා ගෙන තරිප්පු පෙල නගින්න ගත්තේ ඇය වුනු දෙයක් සිතා ගත නොහැකිව ඔහු පසු පස ඉබේටම ඇදෙද්දී…

පෙරදා විර්දේව් ඇයව රැගෙන ආ තෙවනි මහලයේ කාමරයට සධිල් ඇයව රැගෙන විත් දොර අගුල දමා ඇයව දොරටු හේත්තු කර ඇගේ දෑත් ඔහුගේ දෑත් හා පටලා ගත්තේ තප්පරයකටත් වඩා අඩු කාලයකින්....ඇය විසල්ව ගිය දෑසින් ඔහු දෙසම බලා සිටිද්දී වචනයක් වත් කතා නොකල සධිල් ඇගේ දෑත් ආහේලිගේ හිසට උඩින් ඉහලට ඔසවා ඔහුගේ එක් අතකින් ඇගේ දෑතම අල්ලා ගෙන දොරට සිර කර ගත්තා...ඔහුගේ නිදහස්ව තිබු අනෙක් අත ඇගේ බද වටා එතුනේ ඇයට සෙලවීමටවත් නොහැකි වන ලෙසයි….

" අප්ප්……………………"

To be continued..... 💙

මගේ ප්‍රථම මුද්‍රිත නවකතාව "සිහිනයක් වගේ " දැන් ඔබට 20% වට්ටමක් සහිතව මිලදී ගත හැක.

ඔයාලගේ අදහසුත් එක්ක කතාවට ⭐ Vote එකක් දීලා ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා මැණිකලා .. ආදරෙයි 💙💙















Continue Reading

You'll Also Like

3.1M 253K 95
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
245K 29.4K 23
People meet by accident, People fall in love by accident, But people surely don't become someone's baby daddy accidentally, or do they? What started...
314K 25.4K 15
MY Creditor Side Story ပါ။ Parallel Universe သဘောမျိုးပြန်ပြီး Creation လုပ်ထားတာမို့ main story နဲ့ မသက်ဆိုင်ပဲ အရင် character ကို ရသအသစ် တစ်မျိုးနဲ...
186K 37.7K 56
Becca Belfort i Haze Connors, choć przez swoich znajomych zmuszani do spędzania razem czasu całą paczką, od dawna się nie znoszą. Dogryzają sobie prz...