මඟ බලමින් 👀

By amaaindu

16.2K 1.1K 95

" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුව... More

පළමු දිගහැරුම 👀
දෙවන දිගහැරුම 👀
තුන්වන දිගහැරුම 👀
සිව්වන දිගහැරුම 👀
පස්වන දිගහැරුම 👀
හයවන දිගහැරුම 👀
හත්වන දිගහැරුම 👀
අටවන දිගහැරුම 👀
නමවන දිගහැරුම 👀
දහවන දිගහැරුම 👀
එකොළොස්වන දිගහැරුම 👀
දොළොස්වන දිගහැරුම 👀
දහතුන්වන දිගහැරුම 👀
දාහතරවන දිගහැරුම 👀
පහළොස්වන දිගහැරුම 👀
දාසයවන දිගහැරුම 👀
දාහත්වන දිගහැරුම 👀
දහඅටවන දිගහැරුම 👀
දහනමවන දිගහැරුම 👀
විසිවන දිගහැරුම 👀
විසි එක්වන දිගහැරුම 👀
විසි දෙවන දිගහැරුම 👀
විසි තුන්වන දිගහැරුම 👀
විසි හතරවන දිගහැරුම 👀
විසි පස්වන දිගහැරුම 👀
විසි හයවන දිගහැරුම 👀
විසි හත්වන දිගහැරුම 👀
විසි නමවන දිගහැරුම 👀
තිස්වන දිගහැරුම 👀
තිස් එක්වන දිගහැරුම 👀
තිස් දෙවන දිගහැරුම 👀

විසි අටවන දිගහැරුම

427 37 4
By amaaindu

මඟ බලමින් 👀

විසි අටවන දිගහැරුම

ඇයගේ හද පිරුනේ කෙදිනකවත් නැති ආඩම්බරයකින්...ඔවුන් තිදෙනාගේම ආදරය රැකවරණය ඇය සතු එකම අවිය වෙද්දී ඇය ආපසු හැරී බැලුවේ ඇගේ පිටු පසින් සිටිනා සෞර මෙන්ම විර්දේව් දෙස...

" මොකද තමුසේ බය වෙලාද රපුන්සල්???? තමුසේ මට විතරක් බය වුනාම ඇති…..එක එක සිපයියන්ට බය වෙන්න ඕනේ නෑ…."

සෞර තරවටු ස්වරයකින් පැවසුවත් ඇයට පෙර මෙන් සෞර පිළිබඳව හිත් කොනකවත් බියක් ලියවී තිබුනේ නැත...ඇය ඔහුට දෑස් හීනි කර රවා බලද්දී විර්දේව් හඬ අවදි කලේ ඇයට හුරු පුරුදු ලෙන්ගතු ස්වරයෙන්….

" මේ බූරුවාටත් බය වෙන්න එපා බනී….පිස්සෙක් මූත් සුදු අයියා වගේම..අරිෂස්කාරයෝ...ෂික් විතරක්…..මන් වගේ නැව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්න රපුන්සල්…ආදරෙයිනේ පණටත් වඩා....."

සධිල් මෙන්ම සෞර විර්දේව් දෙසට කෝපාන්විත බැල්මක් එල්ල කලේ ඔහු එය නොදැක්කා සේ උඩ බිම බලද්දී….ආහේලි පිටතට පනින්න දගලනා සිනහව මුව තුලම අගුළුලා ගත්තා විර්දේව්ගේ වදන් ගැන හොඳින්ම දන්නා හෙයින්….

තුන් සොහොයුරන්ගේ වදන් ඇගේ දෑස් සතුටු කඳුලින් පොගවන්න සමත් වුනත් ආයාසයෙන් ඒ කඳුළු දෑස් වලම සඟවා ගත්තේ මේ වගේ සුභ වේලාවක කඳුළු අනවශ්‍ය නිසා….

සධිල්ගේ දෑතින් ප්‍රධාන දොරටුව හරහා බැඳි රතු පැහැ රිබන් පටිය කැපෙද්දී නිල වශයෙන් නව ශාඛාව විවෘත කිරීමේ නිවේදනය සෞර විසින් නිකුත් කලේ පැමිණි සියළු දෙනාගේම අත්පොලසන් මැද..

සධිල් පැමිණි සිටි ආරාධිත අමුත්තන් මෙන්ම සේවක මඩුල්ල අමතා කතාවක් පවත්වද්දී ආහේලිගේ දෑස් නම් තිබුනේ ඒ කඩවසම් ගාම්භීර පිරිමි රුව වෙතයි..ඒ වතින් දෑස් වෙනතකට ගත නොහැකිව ඇය දැහැනකට සම වැදී මෙන් ඔහු දෙසම බලා සිටියා ඇසි පිය පවා නොසලාම…

" උදේට කෑවේ නැද්ද බනී……"

සෞර ඇය වෙතට පැමිණ විමසුවේ ඇගේ අනෙක් පස සිටිනා විර්දේව්ටත් ඇසක් වසා ඉගි කරමින්...

" කෑවා…….."

" බඩගිනීද????"

" නෑ ඇයි????ඔයාට බඩගිනීද ????"

ඇය නුරුස්සනා හඬින් පැවසුවේ විර්දේව්ගේ මුවෙහි ඇඳුණු සිනහවත් ඇයට නොඇල්ලූ නිසයි...

" එදා මාව කන්න බලන්න හිටියා.. අද සුදායියාව කන්න බලන්න ඉන්නවා...හෙට චූටයි………………."

" එයාව දැකපු දෙවනි දවසේ මන් දේව් අයියා දිහත් කන්න වගෙ බලන් හිටියා….දැන් හරිනේහ්…………."

සෞර පවසන්න ගිය දේ සම්පූර්ණ කිරීමට ඉඩ නොදී ආහේලි නොනවත්වාම කියාගෙන ගියේ සෞරගේ මුවත් අඩක් විවර වෙද්දී….

" අහගත්තනේ නේද චූටි….මෙන්න මෙහාට වෙලා හිටපිය….බනීට සුදු අයියා දිහා බලාගෙන ආනාපාන සතිය වඩන්න දීලා……"

ඇය විලියෙන් රතුව ගියේ විර්දේව්ගේ වදන් හමුවේ…

" බනී නෙමෙයි ටයිගර් කියලා නම මාරු කරන්න ඕනේ….සුදායියා නයි කොච්චි කැව්වද ඊයේ දවසෙම……"

" නෑ…..කොච්චි නෙමෙයි චූටි…..සුපර් කිසස් වල පවර් එක ඒහ්……නිකම්ම කිස් නෙමෙයි අර අද උදේ වගේ ලිප්ස් ඉදිමිලා පොල් ගෙඩි වගේ  එන ටයිප් එකේ කිස්……."

සෞරත් විර්දේව්ත් නොනවත්වාම ඇයව විහිළුවට ගත්තේ ඇය මුහුණත් හකුළමින් සධිල් දෙස බැලුවේ ඔහුගේ පිළිසරණ පතමින්..සධිල් වේදිකාවේ සිටම දෑසින් ඇයි කියා විමසද්දී ඇය දෑත් වල දබරගිලි දිගු කර ඇගේ දෙපසින් සිටිනා සෞරවත් වි‍ර්දේව් වත් පෙන්වූයේ ඔහු ඔවුන් දෙදෙනාටම තරවටු බැල්මක් හෙලූ වනම දෙදෙනාම මීයට පිම්බාක් මෙන් නිහඬ වෙද්දී….

" ඇද්දහ්????????"

ඇය තොල් උල් කරමින් විමසද්දී සෞරත් විර්දේව්ත් මුහුණෙන් මුහුණ බලා මොහොතක් සිට ඇගේ අත් දෙකෙන් අල්ලාගෙන ඇයව ප්‍රධාන ශාලාවෙන් පිටතට රැගෙන ගියා...ඇය කෑගසන්න හැදුවත් එය කිරීමට නොහැකි වුනේ ඇගේ ගෞරවයත් සධිල්ගේ මෙන්ම සිය සේවා ස්ථානයේ නම්බුවත් ඇය එසේ කලහොත් කෙසෙලන බව දන්නා නිසයි...ආහේලී කෙතරම් උත්සාහ කලත් ඇයට ඔවුන්ගේ දෑත් වලින් සිය දෑත් මුදා ගැනීමට හැකියාව තිබුනේ නැත…

" නටන් නැතුව ඉන්නවා රපුන්සල්….සතුට සමරන්න එක්කගෙන ආවේහ්…හම ගහන්න නෙමෙයි මගුල...."

සෞර මද කේන්තියකින් පැවසුවේ ඇය කොයි වෙලාවක හෝ කලබලයක් කරාවි යැයි සිතා...

" ඇස් දෙක වහගන්නවා බනී…..ඇස් ඇරලා නම් අහුවෙන්න එපා හරිද????ඒක නෙමෙයි ඔය සරුවාලේ පැටලිලා බෙල්ල ගලෝ ගන්න නම් හදන්න එපා හරිද????"

ඇයට සිහි වුනේ සෞරව දුටු මුල්ම දිනය.එදත් මෙලෙසම ඇගේ දිගු ගවුමට ඔහු බැන වැදුනු ආකාරය සිහිපත්ව ඇයගේ මුව පුරා සිනහවක් නැගුනේ පෙර ඇය ඔහුට බියපත්ව වෙව්ලූ අයුරු සිහිව….

" දේව් අයියා මෙයාට කියන්න ඉස්සර බය වුනාට දැන් එහෙම නෑ කියලා……"

විර්දේව් හඩනගා සිනහා සෙද්දී සෞරත් ආහේලීත් ඒ සිනහවට හවුල් වුනේ ඉන්නා තැනත් අමතක වෙද්දී..

" හිනා වුනාට කාරි නෑ සුන්දරී...ඇස් නම් අරින්න එපා බනී ආ……"

විර්දේව් ඇය ගැන සැක සිතුනු නිසාවෙන්ම ඇගේ දෙනෙත් ඔහුගේ අනෙක් අතින් වැසුවේ ඇයට කිසිවක් නෝපෙනෙන බවට සියයට සියයක්ම තහවුරු කර ගැනීමට..

" ඕන්න දන් හරී…..නව් යූ කැන් ඕපන් යුවර් අයිස් ගෝර්ජස්….( දැන් ඔයාට ඇස් අරින්න පුළුවන්)"

විර්දේව් ඇගේ දෙතෙත් වැසුනු අත ඉවත් කරද්දී ඇය හිමින් දෑස් විවර කලේ නොසන්සුන්කම සහ කුතුහලය සම්මිශ්‍රව දැනෙනා හැඟීමෙන්….

" මේ කොහෙද??????"

ඇය විසල්ව ගිය දෑසින් බැලුවේ කිසිම බඩු බාහිරාදියක් නැති කාමයකට ඔවුන් දෙදෙනා ඇයව කැදව ගෙන පැමිණ සිටි නිසයි...එහි හරි මැදට වන්නට සෝෆාවක්  පමණක් තියෙද්දී සුදු විසල් බිත්තියක් අලලා මල්ටි මීඩියා ප්‍රොජෙක්ටර් එකක් දමා පසෙක ලැප්ටොප් පරිගණකයක් තිබෙනු දුටු ඇය සෞර දෙසත් විර්දේව් දෙසත් හෙළුවේ ප්‍රශ්නාර්ථ බැල්මක්…

" ප්‍රසන්ටේෂන් එකක් කරන්න ආවේ බනී…..මේක සවුන්ඩ් පෲෆ් ආ...මරලතෝනි තිබ්බත් මලාට ඇහෙන්නේ නෑ…."

ඇයට තවමත් මේ සිදු වන කිසිවත් වැටහුනේ නැත…

" තේරුනේ නෑ නේහ්…..ඉට්ස් ඕකේ…..ඉදගෙන බලාගෙන ඉන්නකෝ….මුල මැද අග ලාස්සනට ගලපන්නම්…."

කියමින් විර්දේව් ඇයව සෝෆාව මතින් හින්දවා ලැප්ටොප් පරිගණකය අසල තිබූ පුටුවෙන් හිද ගත්තා..

" මේ මන් නේද??????? එතකොට මේ මාව වඩාගෙන ඉන්නේහ්??????මගේ ෆොටෝ ඔයාලට කොහෙන්ද දේව් අයියාහ්...අනේ අද නම් මට මේ හැමදේම අකුරක් නෑරම දැන ගන්න ඕනේ……"

ආහේලිට දැනෙන පුදුමයටම කෑගැස්සුනේ ඇය කුඩා කල කවුරුන් හෝ පිරිමි ළමයෙකු ඇයව වඩා ගෙන ඇය ඒ ළමයාගේ කොපුලක් සිප ගන්නා අවස්ථාවක ගත් ජායාරූපයක් තිරය මත දිස් වෙද්දී..

" කාන්ට් යූ ගෙස් බනී????( හිතලා කියන්න බැරිද??)"

" බෑනේ…….."

ඇය හිස දෙපසට වනද්දී විර්දේව් සුසුමක් හෙලා දිගු කතාවකට මුල පිරුවේ සෞරටත් ඇය අසලින් හිදගන්නා ලෙසට අතින් සන් කරමින්….

" අවුරුදු විස්සක් ආපස්සට යනවා කියන්නේ නම් සෙල්ලමක් නෙමෙයි රපුන්සල්…..සේරම ටික අද කියලා ඉවර කරගන්න පුළුවන් වෙ‍යිද කියන එක තමා ප්‍රශ්නේ ඉතින්……."

" අනේහ් කියන්නකෝ….."

ඇය නොඉවසිල්ලෙන් විර්දේව් දෙසත් සෞර දෙසත් බලමින් අයැදුවේ කිසිවෙකු තවමත් ඇයට කිසිවක් නොපැවසූ නිසයි…

" මේ ෆොටෝ එක දකිද්දී ඔයාට මොනවා හරි මතක් වෙනවද බනී….."

" අනේහ් නෑහ් දේව් අයියා….අවුරුදු හතරක් පහක් වගේ ඇති පෙනුමෙන්...අනේහ් මට මොනවත් මතක් වෙන්නේ නෑනේ……''

" හරි හරි බනියෝ….නඬා හිටින්කෝ….ඕකනේ බැරි ඉතින්….තාම කෙල්ලෙක් වත් නැති මාව අසරණ කරන්ට එපා ඔහොම දෙයියෝහ්…….බයිලා නෙමෙයි කතාවට යන්කෝ…...හරියටම පොඩි කාලේ ඉදන්ම මනමාලකම ගහලා ඉන්න ඔයාට අවුරුදු හතරයි බනී මේ ෆොටෝ එක අපේ චූටී ගද්දී….එතකොට ඔයා උලා කන්නේ සුදු අයියාව……………"

" අප්පත්තීහ්………………."

ආහේලිට හඬින්ම හුස්මක් ඉහලට ඇදී හිද හුන් සෝෆාවෙනුන් නැගිටුනේ විර්දේව්ගේ වදන් විශ්වාස කිරීමට පවා නොහැකි වෙද්දී….

" ඉදගන්නවා බනී…………."

සෞර ඇගේ අතින් ඇද ඇයව සෝෆාවෙන් යලිත් හින්දෙව්වේ විර්දේව්ට කතාව පවසනා ලෙසට තොල් මුමුණමින්..ඇය මදක් සංසුන් වන තෙක් බලා සිටි විර්දේව් යලිත් කතාව ආරම්භ කලේ ඇය දෑතේ දෑඟිලි එකිනෙක පටලවා ගනිමින් නොඉවසිල්ලෙන් බලා සිටිද්දී….

" එදා මායි චූටි සුදු අයියායි අම්මියි තාත්තියි අපි හතර දෙනාම බදුල්ලට ආවා චූටිගේ බර්ත් ඩේ එකට හින්දා පොඩි ජොලියක් ගන්න සෙට් වෙලා...වැඩේ කියන්නේ අපි ජොලිය ගන්න සෙට් වෙලා පොඩ්ඩක් ටවුන් එක පැත්තේ කැරකෙද්දී කකුල් දෙක ගාවට දිග ඔලිව් ග්‍රීන් පාට පිම්බෙච්ච නෙට් ගවුමකුත් ඇදලා ගවුම පිටි පස්සට වෙන්න ලොකු බෝ එකකුත් ගහලා කොන්ඩෙත් පෝනි ටේල් එකක් දාලා ඒන්ජල්….. නෑ….. චූටි ප්‍රින්සස් කෙනෙකුත් අපි සෙට් එක ඉස්සරහට ආවා…

එදා ඉතින් පාර්ටිනේ චූටිගේ... අපි තුන් දෙනත් කිට මරලා එහෙම හිටියේ….කොහොමත් සුදු අයියා හැන්ඩියා ෆුල් සූට් එකට….මොකද්ද කියන්න තේරෙන්නේ නෑ….සුදු අයියාගේ උරුමෙද කරුමෙද මොකද්ද මන්දා එයාත් එදා ඇදගෙන හිටියේ ඔලිව් ග්‍රීන් ෆුල් සූට් එකක්….එදා චූටිගේ යොට් එකේ තිබුන බර්ත් ඩේ එකට ඇදගෙන ආවේ...අන්න ඒ වගේ එකක්……"

විටින් විට වේගවත් වන හදත් අතකින් මිරිකාගෙන විසල්ව ගිය දෑසින් විවරව ගිය මුවින් ආහේලිගේ විර්දේව්ගේ කතාව අසා සිටියේ ඇගේ දෙසවන් පවා අදහා ගත නොහැකි තැන…

" ඔයත් ඔයාගේ අම්මි තාත්ති එක්ක අපිව පාස් කරගෙන චිල්ඩ්රන් පාර්ක් එක පැත්තට යන්න හැදුවේ වුනාට එක පාරටම ඔයා අඬන්න ගත්තා සුදු අයියව පෙන්න පෙන්න අර ප්‍රින්ස්ව ඕනේ අප්පත්තී කියලා…...අපි සෙට් එක ෆුල් ෂොක් වෙලා හිටියේ….චූටි ඔක්කොටම වඩා බය වෙලා….ඌටත් අවුරුදු හතරක්නේ...ඌත් බනී වගේම  අඩන්න ගත්තොත් මෙතන එක කෙළියයිනේ….

ඔයාගේ අම්මිටයි තාත්තිටයි වැඩේ ලේසි වුනේ නෑ….ඔයා ඇඬුවා ඇඩිල්ලක් සුදු අයියව ඉල්ලලා දැන් වගේම හුස්ම අල්ල අල්ල බනී….මට පපුව හෝස් ගාලා යනවා ඒ ඇඬිල්ල මතක් වෙද්දී….අද වගේ මතකයි බනී ඔයා හොටු පෙර පෙර සුදු අයියාව ඉල්ලපු විදිහ…සුදු අයියාත් ටික වෙලාවක් මහසෝනා ගහලා වගේ ඉදලා එකපාරටම පැටික්කී කම් කියලා අත දික් කලා…..හද්ද බොලන් බනී ඔයා පැනපු ගමන් සුදු අයියාගේ කරේ එල්ලුනාහ්…... අප්පත්තීහ් කියලා බදාගෙන මුළු මූණම කිස් කරා සුදු අයියට හුස්ම ගන්න බැරි වෙන්නම…..

" මදූහ්…………………."

විර්දේව්ගේ කතාව නතර වුනේ සධිල්ගේ ආගමනයත් සමඟයි…ආහේලිට නම් ඇය සිහිනයක් තුල ජීවත් වෙනවා මෙන් දැනුනේ මේ සිදු වූ දේවල් තවමත් ඇයට දරා ගත නොහැකි වෙද්දී….

" රොමෝර්ට් එක මගේ අතට දීල දෙන්නම එළියට…….."

එය අණකට හා සමාන අයැදුමක් වෙද්දී මල්ටි මීඩියා ප්‍රොජෙට්ක්ටරයේ දුරස්ථ පාලකය සධිල් අත තබා සෞරත් විර්දේව් පිටතට ගියේ දොරත් වසාගෙනයි…සධිල් ආහේලිගේ කර වටා අතක් යවමින් ඇයව සිය පපුවට තුරුළු කර ගත්තා ඇගේ හද ගැස්ම පෙරටත් වඩා වේගවත් වෙද්දී….

" අප්...පත්තී……."

සධිල් අගේ හිස් මුදුන සිප ගත්තේ ඇයට රිදෙනා තරම් තදින්….ඒ සිපුම ප්‍රමාණවත් වුනා ඒ නොසන්සුන් හද සන්සුන් කිරීමට…

" මගේ පැටික්කීහ්…….."

ඒ පපුවෙන් හිස මෑත් නොකරම දෑස් පමණක් ඔසවා සධිල්ගේ දෑස් දෙසම මොහොතක්  බලා සිට ආහේලි,

" අප්පත්තී මට මේ මොකුත් තේරෙන්නේ නෑ...දේව් අයියා ඇත්තද අර කිව්වේහ්??? මන් ඔයාව ඕනේ කියලා ඇඩුවලුද චූටි කාලේ…."

සධිල් කිසිත් නොපවසා හිස උඩට පහතට කලේ ඔව් කියන්න….

" මට ඔය ලැන්වේජ් එක තේරෙන්නේ නෑ අප්පත්තී………"

ඒ ආඩම්බරකාර මුහුනේ දෑස් සිහින් වී කොපුල් වල ගැසුනේ ඔහුගේ වදන් වලින්ම ඇය ඔහුටම පහර දෙද්දී…

" මදූ කියපු කතාව නම් ඇත්ත දෝණී...ඔයා අඩන එක නතර කලේම නෑ මන් වඩා ගන්නකම්...දුක හිතුනා ඉතින් මගේ දිහාට අත් දෙක දික් කරගෙන මගේ පැටික්කී අඬද්දී...මේ චීක්ස් ( කොපුල්) ඇන්ඩ් දිස් කියුට් ලිට්ල් නෝස් ( පුංචි හුරුබුහුටි නාසය) ජම්බු පාට වෙලා තිබුනේ බබා……"

පවසමින් සධිල් ඇගේ දෙකොපුල් මෙන්ම නාසය මෘදුව පිරිමදිමින් ඒ මත දොතොල් ගෙන යද්දී ආහේලිගේ දෑස් පියවුනේ ඒ ස්පර්ශයන් හදවතින්ම විදගනිමින්…

" මේ මගේ ප්‍රින්ස්…...කියලා මගේ මූණම කිස් කලා...දැන් මෙහෙම චෙරීස් වගේ රතු වුනාට බටු කාලේ මාර ෆෝර්වර්ඩ්…."

සධිල් ඇසල් වසමින් ඒ මුහුණට බරව මුමුණද්දී ඇය ඔහුගේ පපුවේ මුහුණ හංගා ගත්තේ ඒ දෑස් දෙස බලා සිටීමට බැරි තරමේ විලියකින් හද වෙලී යද්දී…

" අප්පත්ති කොහොමද එදා මට පැටික්කි කිව්වේ?????"

සිතේ නැගුනු විසල්ම ගැටළුව ඇය ඔහුට ඉදිරිපත් කලේ තිරය මත දිස් වෙන ඔවුන් දෙදෙනාගේ සේයා රුව දෙසම දෑස් දල්වාගෙන..

" ඔයාගේ තාත්ති ඔයාට පැටික්කි කියලා කතා කලේ එදා ඔයාව කන්ට්‍රෝල් කරගන්න….ඒත් තාත්තිට කන්ට්‍රෝල් කරගන්න බැරි වුනා දෝණී...ඔයා පොඩීනේ ඉතින්...ෆෝ ඉයර්ස්….මෙන්න මෙච්චරක් විතර ඇති…"

ඔහු ඇගේ හිසට ඔහුගේ නිකට තද කරගෙන ඇගේ කර වටා බැදි අතත් ඇගේ කොපුල මත තිබූ අනෙක් අතත් එකට එක් කරමින් පුංචි ආහේලිගේ උස පෙන්වද්දී ඇය තව තවත් ඒ පපු උණුසුමේම ගුලි වුනා…

" මන් ඉතින් ඔයාගේ නේම් එකක්වත් දන්නේ නෑනේ….ඒකයි පැටික්කි කිව්වේ….."

ඔහුගේ බද වටා රැදී ඇගේ අතක් ගෙන සිප ගත් සධිල් ඇගේ මහපට ඇගිල්ල ඇයට නොරිදෙනා ලෙස සපා,සැපූ තැනත් සිප ගත්තා නොරිදෙන්න සැපුවත් ඒ සුදු පැහැ අත රතු පැහැයට හැරී තියෙද්දී…

" ඔයාගේ වයස කීයද අප්පත්තී….සෞරට නම් මගේ වයසනේ…."

" මට දැන් තර්ටී...මදූට ටුවෙන්ටි නයින් දෝණී…..නාකීනේ මන්….අයිම් සික්ස් ඉයර්ස් ඕල්ඩර් දෑන් යු….( මන් ඔයාට වඩා අවුරුදු හයක් වැඩිමල්…."

" පි ස් සූ…..නාකි අය දැකලා නෑ අප්පත්ති ඔයා….."

ඇය ඔහුගේ අතක් කොනිති ගසමින් පැවසුවේ තරවටු හඬින්….

" ඒත් ඉතින් දෝණිට වඩා මන් නාකිනේ……"

ඔහු ඇගේ තරවටුව ගණනට නොගෙන පවසන්නේ ඇයව තව ටිකක් අවුස්සන්න සිතා…

" ඉතින්…..මට මොකද??? නාකී වුනත් මගේනේ…..එන්න එපා අප්පත්තී ඕවා කියාගෙන...හොද වැඩක් කරනවා….."

" හොද වැඩ තමා පැටික්කි කරන්න ඕනේ…නෝර්ටි වැඩ කරන්න හොද නෑනේ….."

ඇයට කේන්ති ගොස් ඇති බව දන්නා නිසාම ඔහු ඇගේ නාසය මිරිකමින් ඇගේ හිස් මුදුන සිප ගත්තේ ඒ කේන්තිය නිවාලන්නට මෙන්…

" අපේ ඇනිවසරි එක කවද්ද කියලා දන්නවද දෝණී……"

" ඇ…..නි…..ව…..ස…..රී…...හ්……"

ඇය විසල්ව ගිය දෑසින් ඔහු දෙස බලා සිටියේ ඇයට කුමක් පවසන්න දෝ කියා නොහැඟෙද්දී…

" අගෝස්තු 16………………."

ඇයට දැනුනේ කම්පනයක්….ඇයට හඬින්ම හුස්මක් ඉහලට ඇඳුනා...ඇය පපුවත් අල්ලාගෙනම ඔහුගේ තුරුලෙන් මෑත්ව නැගී සිටියේ ඇගේ දෙපා පවා අඩපණව යද්දී…සධිල්ට දැනුනේ වචනයෙන් විස්තර කල නොහැකි බියක්...විටෙක ඔහුට සිතුනා ඔහු මේ සියල්ල හෙලි කිරීමට ඉක්මන් වූවා වැඩි දෝ කියා….

" මගේ සැන්ටා……….මගේ……..ඇයි අප්පත්තීහ්…..ඇයිහ්…..අවුරුදු විස්සක් මේ කෙල්ල වෙනුවෙන්…...දෙයියන්නේහ්…..මන් වෙනුවෙන්…….ඒ තරම් කැප කිරීමක්….ඒ තරම් ආදරයක් දුන්නේ කොහොමද අප්පත්තී…..නොදන්නකමට පොඩි කාලේ ඉල්ලුවටහ්…...ඇයි මන් වෙනුවෙන්ම ඔය ආදරේ පරිස්සම් කරගත්තේහ්????? නිකම නිකම් වචනෙකටහ්…………"

ඇය පියවි සිහියට ආ වහාම එක හුස්මට කියවාගෙන ගියේ දෑසින් ගල් කැට තරමේ කඳුළු බිදු වැටෙද්දී...

" ෂටප් පැටික්කී….තමුන් තව එක වචනයක් කියන්න එපාහ්….කට වහගනවා...එදා අඬ අඬ මාව ඉල්ලද්දී හිතක් පපුවක් නැති එ . කෙක් වගේ තමුන්ට අඬන්න දීලා දාලා යන්න ගියා නම්………."

කියන්න ගිය දේ නවතා ඔහු දෑතින් හිස කේස් පිටු පස්සට වෙන්නට ඇද ගත්තේ සියොළගම දැවෙනා කේන්තිය පාලනය කර ගැනීමට නොහැකි තැන…

" තමුන්ට මතකද හුස්ම අල්ල අල්ල මාව ඉල්ලලා අඬපු විදිහ...නෑහ්….තමුන්ට මතක නෑ….හැබැයි මට…..මට එහෙම නෑ….මට ඒ හැමදේම අද වගේ මතකයි….මේ අද වගේ…..ඒ වගේම තමා මගේ ආදරෙත්...‍තමුන්ගේ කඳුළු හින්දා එදා ආදරේ ගැන මේ ලෝකේ දෙයක් දන්නේ නැති මගේ හුස්ම හිර වුනා…අදත් එහෙමයි….මේ අවුරුදු විස්ස පුරාවටම එහෙමයි….ඉස්සරහට වෙනසක් වෙන්නෙත් නෑ…

හිතට මොකද්ද වුනා ඒ කඳුළු ඉස්සරහා...මන් බය වුනා….ඒ පොඩි හිතට ඒ තරම් දෙයක් වුනා එදා…..
තමුන් වෙනුවෙන් කරපු කැපකිරීම් තමුන්ට හිතාගන්න වත් බැරි වෙයි….වෙන කෙල්ලෝ නැතුව නෙමෙයි තමන්ගේ හිතේ ඉන්න  මල නැතුව මල් වට්ටියක් ලැබුනත් වැඩක් නැති හින්දා දෝණී ඒහ්…..තේරෙනවද තමුන් දැන් කියපු වචන හින්දා මගේ හිත කොච්චර රිදුනද ???? රිදෙනවද කියන්න…."

To be continued..... 💙

මගේ ප්‍රථම මුද්‍රිත නවකතාව "සිහිනයක් වගේ " දැන් ඔබට 20% වට්ටමක් සහිතව මිලදී ගත හැක.

ඔයාලගේ අදහසුත් එක්ක කතාවට ⭐ Vote එකක් දීලා ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා මැණිකලා .. ආදරෙයි 💙💙 

























Continue Reading

You'll Also Like

3.8M 114K 116
Dr. River Johnson didn't know the consequences of sleeping with the Capo of the Sicilian Mafia. She didn't even remember his name or face. But then t...
180K 36.4K 54
Becca Belfort i Haze Connors, choć przez swoich znajomych zmuszani do spędzania razem czasu całą paczką, od dawna się nie znoszą. Dogryzają sobie prz...
1.8M 139K 63
"ရှင်သန်ခြင်းနဲ့သေဆုံးခြင်းကြား အလွှာပါးပါးလေးကိုဖြတ်ကျော်ခါနီးမှာမှ ငါမောင့်ကိုစွန့်လွှတ်တတ်ဖို့ သင်ယူနိုင်ခဲ့တယ်၊ လူတွေက သံသရာမှာ ရေစက်ရယ်၊ဝဋ်ကြွေး...
238K 28.7K 23
People meet by accident, People fall in love by accident, But people surely don't become someone's baby daddy accidentally, or do they? What started...