මඟ බලමින් 👀

By amaaindu

16.3K 1.1K 95

" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුව... More

පළමු දිගහැරුම 👀
දෙවන දිගහැරුම 👀
තුන්වන දිගහැරුම 👀
සිව්වන දිගහැරුම 👀
පස්වන දිගහැරුම 👀
හයවන දිගහැරුම 👀
හත්වන දිගහැරුම 👀
අටවන දිගහැරුම 👀
නමවන දිගහැරුම 👀
දහවන දිගහැරුම 👀
එකොළොස්වන දිගහැරුම 👀
දොළොස්වන දිගහැරුම 👀
දහතුන්වන දිගහැරුම 👀
දාහතරවන දිගහැරුම 👀
පහළොස්වන දිගහැරුම 👀
දාසයවන දිගහැරුම 👀
දාහත්වන දිගහැරුම 👀
දහඅටවන දිගහැරුම 👀
දහනමවන දිගහැරුම 👀
විසිවන දිගහැරුම 👀
විසි එක්වන දිගහැරුම 👀
විසි දෙවන දිගහැරුම 👀
විසි තුන්වන දිගහැරුම 👀
විසි හතරවන දිගහැරුම 👀
විසි පස්වන දිගහැරුම 👀
විසි හත්වන දිගහැරුම 👀
විසි අටවන දිගහැරුම
විසි නමවන දිගහැරුම 👀
තිස්වන දිගහැරුම 👀
තිස් එක්වන දිගහැරුම 👀
තිස් දෙවන දිගහැරුම 👀

විසි හයවන දිගහැරුම 👀

379 31 2
By amaaindu

මඟ බලමින් 👀 

විසි හයවන දිගහැරුම

" මට මේ කියන මොනවත් තේරෙන්නේ නෑ දේව් අයියා…..ස්කෝලේ යන කාලේ කොල්ලෝ නම් පස්සෙන් ආවේ නෑ තමයි…..මන් හිතාගෙන හිටියේ මන් කැත හින්දා කියලා……."

විර්දේව් පාලනය කර ගත නොහැකි ලෙස මහ හඬින් හිනහා සෙද්දී ආහේලි ඔහුට දන්නා හොදම ලෙසින් රවන්න ගත්තේ ඇය ඔහුට සිනහාසෙන්නට තරම් දෙයක් නොපැවසූ නිසයි….

" අම්මෝහ් රපුන්සල් හිනස්සලම මරන්නද හදන්නේ ආහ්…...කැතයිලූ……..අනේහ් අම්මෝහ්….හොස්ටල් එකේ මිරස් (කණ්ණාඩි ) තිබුනේ නැද්ද බනී…..අනේ අම්මෝහ් මට බෑහ්…...සුදු මූණ...දිග කොණ්ඩේ..ඉඟ සුග ගත හැකි මිටින…..කාටද දෙයියනේ ආදරේ හිතෙන්නේ නැත්තේ????මෙච්චර අන් ගොලයක් කියලා දන්නවා නම් කෙලින්ම අපේ ගෙදර තියාගන්නේ හොස්ටල් වත් තියන්නේ නැතුව සුදු අයියා අන්ඩක් දෙකක් කඩුවත්….."

ඔහු හුස්ම අල්ලමින් සිනාසෙමින් පවසද්දී ආහේලි‍ගේ මුහුණ මෙන්ම දෙසවනුත් කෝපයෙන්ම රතු වුනා ඔහුගේ සිනහව නතර නොවනම තැන…

" රවලම නහරක් දෙකක් පුපුරයි ගෝර්ජස්…..හිනා වෙලා ඉන්න අනේ මේ මන් වගේ…..පේන්නේ නැද්ද අර සුදු අයියයි චූටි මල්ලියි….දෙන්නටම ගිණි පුක් ගාය…..වහා ගිනි ඇවිලෙන සුලුයි බනී පරිස්සමට ආහ්…...චූටි කැලේ ඔයාගේ අප්පත්ති එක්ක බලද්දී…."

විර්දේව් අහි බැමකුක් ඔසවමින් උඩ බලද්දී තමා ආහේලි දුටුවේ උඩු කය නිරුවත්ව කලිසම් සාක්කු දෙකෙහි දෑත් හොවා ගෙන උඩු මහලේ සිට ඔවුන් දෙදෙනා දෙස තරවටු බැල්මක් හෙලනා සධිල්ව...ඔහුගේ බැල්ම ගණනකට වත් නොගත් ආහේලි ඇසි පිය නොහෙලා බලා සිටියේ ව්‍යායාම කර මනාව සකසා ගෙන තිබූ ඔහුගේ කඩවසම් සිරුර දෙසයි…

" ක්ලෝස් යුවර් මවුන් බනී ( කට වහගන්න )....ඒකටත් කෑගහයි අර අර්ෂස්කාරයා…."

විර්දේව් ඇයට පමණක් ඇසෙන සේ දෙතොල් නොසොලවා උගුරෙන් මෙන් පවසද්දී ඇය මුව වසාගෙන මුළුතැන් ගෙය දෙසට පිට මැන්නේ ඒ හැඬි දෑඬි කඩවසම් රුව ඉදිරියේ ඇය නොසන්සුන් වෙද්දී…..එක හුස්මට වතුර වීදුරු කීයක් පානය කලාද කියන්න ඇයට මතකයක් තිබුනේ නැත…

" උඩ කෑල්ල දැකලා ඔහොම බිව්වා නම් රපුන්සල් යට කෑල්ල දැක්කා නම් ඔයා ළිඳම ඉහියිනේ…කෝකටත් ළිඳක් කපන්නේ නැතුව වතුර ගන්න නලයක් ගහන්න කියන්න ඕනේ සුදු අයියට…"

විර්දේව් දුර දිග නොබලා කිව් කතාවට ඇය එක හුස්මට බොමින් සිටි වතුර ඉස්පොල්ලේ ගොස් නහයෙන් කටින් වතුර එන විට ඇය කසින්න ගද්දී තමා ඔහුට වැටහුනේ ඔහු කල විහිළුව දුර දිග ගොස් ඇති බව...

කොපුල් මතින් කඳුළු බේරෙද්දී විර්දේව් ඇගේ පිටට තට්ටු කරමින් හිස අත ගාන්න ගත්තේ ඇය මෙලෙස වත් වේදනාවක් දරනවා ඔහුට බලන්න බැරි තැන….ආහේලිගේ වේදනාව ඉදිරියේ විර්දේව්ගේ මැලවී ගිය මුහුණ සධිල් දුටුවේ ටී ෂර්ටයක් කර වටා දමාගෙන ඔහු මුළුතැන්ගෙට එමින් සිටියදී….

" මන් කියන්නද මදූ…...දෝණීට ළමයෙක්වත් හදන්න දෙන්න එපා….තව නලෝපන්….ළමයත් ඔයාගේ බඩට ගත්තා නම් ලේසීනේ...පැටික්කිට කිසිම අමාරුවක් නෑ…පියරු බබා වගේ මන් බලාගන්නම්….අඩුම වැලි කැටයක් වත් පෑගෙන්න දෙන්නෙ නෑ…."

සධිල් පවසන්නේ වේදනාවෙන් ඇදුම් කන අතත් අල්ලාගෙන ආහේලිගේ කැස්ස නතර වුනත් තවමත් පිටට තට්ටු කරනා විර්දේව් දෙස බලා සිතට නැගෙනා කෝපය පාලනය කරගෙන…

" මට ගර්භාෂයක් තිබ්බා නම් මන් ඒක්ත් කරනවා….තිබ්බත් බෑහ්….වෙන මිනිහෙක් එක්ක ඉදලා දරුවෙක් හදාගත්තත් සුදු අයියා එක්ක ඉදලා නම් බෑ….."

" තමුන්ට අද මම…………"

සධිල් පැන්ට්‍රි එක මත තිබුනු තියුණු පිහියට අතට ගත්තේ මෙතෙක් වේලා ඔවුන් දෙදෙනාගේ රණ්ඩුව දෙස ගල් ගැසී බලා සිටි ආහේලී පවා බිය වෙද්දී….

" බය වෙන්න එපා අප්පත්තිගේ දෝණී...අතක් පයක් කඩලා හොල්පිට්ල් ඉන්න වුනත් මරන්න තරම් දරුණු නෑ මෙයා...කට විතරයි….නිකම්ම නිකම් මේහ් පුස්සක්…..."

ආහේලි බිය වූ බව තේරුම් ගිය සධිල් පිහිය ගත් තැනින්ම තබා විර්දේව් දෙසට හෙළුවේ ඔහුව දවා අළු කරන තරමේ බැල්මක්….

" ආහ් මේ එන්නේ අනිත් නැලවිලිකාරයා…"

හිස කසමින් එන සෞර දුටු සධිල් පැවසුවේ පෙර කේන්තියෙන්මයි….

" අනේහ් පල සුදු අයියේ...අපි නැලවිලිකාරයෝ නම් උඹ අර්ෂස්කාරයා…නැද්ද අප්පත්තිගේ දෝණී...…"

" මගේ අත රිදෙනවා මදු...නැත්තන් ඔහොම ලස්සන්ට හිනාවෙද්දී පේන දත් ටික බඩේ තමයි ඉතුරු වෙන්නේ….."

සධිල් දත් මිටි කමින් පැවසුවේ විර්දේව්ගේ කට අද ඔහුට නැවැත් වීමට නොහැකි වෙද්දී….විර්දේව්ත් සධිල්ගේ දකුණතම වේදනා දෙන බව දන්නා නිසාත් සධිල් හට ඔහුට කිසිදු අනතුරක් කිරීමට නොහැකි බව දන්නා නිසාත් විර්දේව් තවත් සධිල්ව අවුස්සන්න ගත්තේ ආහේලිව අහේතුවකට රිද වූ නිසයි….සෞරත් විර්දේව්ට හූ මිටි තබද්දී සධිල්ගේ කෝපය දෙගුණ තෙගුණ වුනේ තප්පර ගණනට...

" පොඩි එකීට බැනපුවට තමා මේ රිටර්න්…...හොඳ වැඩේ අර්ෂස්කාරයාට….."

සධිල් මතට මිට මොලවා ගෙන සොයුරන් දෙදෙනා ඉදිරියට එද්දී දෙදෙනාගේම ඉහින් කනින් දහඩිය දමන්න ගත්තේ ඔවුන් නොනවත්වාම සධිල්ව කිව් උපහාසාත්මය වදන් සිහිව….

" සොරි සුදු අයියා අදට විතරයි…..ආයේ මේ කටින් කෙළ බිදක් හෙලන්නේ නෑ මාගේ සුදු අයියට එරෙහිව….පාණාතිපාතා වේරමණී සිඛ්ඛා පදන් සමාදි යාමී…..චූටි දුවපන්…...බුදු කෑමක් අත ලඟ……."

දෙදෙනාම පසු පස නොබලා දුවන දෙස සධිල් හුන් තැනම සිට ගෙන බලා සිටියේ පිටතට පනින්න දගලනා සිනහව මුව තුල සඟවාගෙන...

" මේ අප්පත්ති හින්දා දේව් අයියාගෙන් කතාව අහගන්නත් බැරි වුනානේ….."

" මොනවද දෝණී කුටු කුටු ගාන්නේ ආහ්??????"

" මොකුත් නෑ….සිද්දාලේප ටිකක් ගාලා අත ගාන්නද???මගේ බෑග් එකේ එකක් තිබුනා….නැත්තම් බෙහෙත් ගේන්න යමුද අප්පත්ති???රිදෙනවා නේද????"

" ඩ්‍රිවින් පුළුවන්ද බබා????"

සධිල් විමසන්නේ විමතියෙන්...ඔහු හොඳින්ම දැන සිටියා ඇයට වාහන පැදවීම කල නොහැක්කක් බව...

" බෑහ්…….''

" එහෙනම් කවුද මාව බෙහෙත් ගේන්න එක්කගෙන යන්නේ????මට ඩ්‍රිව් කරන්න බෑනේ මෙහෙම…….."

" උගන්නවද මට?????"

ඇය ඔහුගේ මුහුණට එබී අසන්නේ ඇගේ සුසුම් ගොස් ඒ මුහුණ මත නතර වෙද්දී….

" ඕනේ නෑ…..ඔහොම ඉන්නවා දෝණී ඩ්‍රයිවින් ඉගෙන ගන්න ඕනේ නෑ……."

ඔහු බිය සඟවාගෙන ඇයට තරවටු හඬින් පවසද්දී ඇගේ කට කොනට සිනහවක් නැඟුනේ සමච්චලයට මෙන්….

" මහ ලොකුට සෞරටයි දේව් අයියටයි බැන්නේ මාව නලෝනවා කියලා..දැන් ඒ දන්නටම එහානේ ඔයා….."

" මොකක් කිව්වා??????"

සධිල්ගේ මුවින් ඉබේටම පිටවුනේ ඇය ඔහුගේ දෑස් දෙසම බලාගෙන කිව් කතාවට….

" කොකෙක්…..ඉදගන්න අනේ…..මන් බාම් එක අරන් එන්නම්…….."

විර්දේව්ගේ ශබ්දකෝෂය ඇගේ මුවින් පිට වෙධී ඇය සාලය හරහා දිව ගොස් පඬි නගින්න ගත්තේ විදුලියක වේගයෙන් ඔහු බැන වදීවි යැයි සිතා.….

" බිමට වැටෙනවකෝ දෝණී පුළුවන් නම්…..ඉතුරු අඩු ටිකත් කඩලා ඇඳටම කරලා තියනවා…දැට්ස් ඉට් (එච්චරයි)…"

ඇය වේගයෙන් දුවද්දී පවා ඒ හද අසාමාන්‍ය ලෙස ගැහෙන්නේ ඇයට සුළු හෝ අනතුරක් වේ යැයි බියෙන්….ඇය දත් විසිල්ලමින් නොපෙනී යන විට සධිල් ඇය පෙන් වූ පුටුවෙන් හිද ඇය එන තෙක් බලා සිටියේ වැලමිට සංදියෙන් එන  වේදනාව තවත් වැඩි වෙද්දී….

" කවුද ටැටූ ගහන්න කිව්වේහ් අප්පත්තී?????"

ආහේලි ඔහු අසලින් හිද ගෙන සිද්දාලේප ගා ඒ අත සම්භාහනය කරමින් විමසන්නේ සධිල්ට වේදනාව අමතක වෙන්න ඔහුගේ අවදානය වෙනතකට යොමු කරන්න සිතාගෙන….

" අර බේබ් කිව්වේ ගර්ල්….අන්න එයා කිව්වේ….."

සධිල් ඇය දෙස ඇස් කොනින් බලා ඉදිරිය බලාගෙන පැවසුවත් ඇය එය නෑසු කන්ව ඔහුගේ අත සම්භාහනය කරද්දී නම් සධිල්ට දැනුනේ පුදුමයක්…

" පොතේ හැටියට නම් ෂවර් එක ඇරෙන්න වෙලා හරි…...ඒත්…………"

ඇය හිස ඔසවා සධිල් වෙත හෙලපු බැල්මට නම් ඔහුත් ගැස්සී ගියේ ඒ බැල්ම එතරමටම තියුණු වෙද්දී….

" යකඩයක් වුනත් තලන්න තලන්න තමා ශක්තිමත් වෙන්න අප්පත්තීහ්…..ඒ වගේ තමා මාත් අඬලා අඬලා අඬන්න කඳුළු නැති වුනාම…...ඊට පස්සේ…..ඊට පස්සෙ……"

" ඊට පස්සේ ආයෙමත් අඬනවනේ දෝණී ඔයා……."

ඇගේ දෑස් වලට පිරී ඇති කඳුළු දුටු සධිල් ඇගේ දෑස් අග රැඳි කඳුළු පිටි අත්ලෙන් පිස දමා ඇගේ පිට වටා දකුණත යවා ඇයව ඔහු තුරුලට ගත්තේ අතෙන් දැනෙන වේදනාවත් පසෙකලා…

" ජෝර්ක් එකක්නේ දෝණි කලේ...ටැටූ දෙක තුනක් ගැහුවේ මගේ ආසාවට….ෆුල් සූට් ඇන්දම මොනවත් පේන්නේ නැති වෙන විදියට තමා ඩිසයින් කලේ….දන්නවනේ මිනිස්සුන්ගේ කටවල්…..ටැටූ එකක් කලොත් මිහිහෙක් නම් රස්තුයාදුකාරයෙක් බේබද්දෙක් කියනවා….කෙල්ලෙක් නැත්තම් ගෑ . ණු කෙනෙක්ට නම් බ ඩු වක් කියනවා….මිනිස්සුගේ කටවල් වලින් ඕවා කොහොම කියවෙනවද මන්දා……"

ඇය ඔහුගේ උණුසුමේම දෑස් පියා ගත්තේ ඒ නිරුවත් පපුවෙන් වෙනදාටත් වඩා සුවදායක බවක් මිහිරියාවක් ඇගේ මුළු සිරුරටම දැනෙද්දී….

" පැටික්කී නිදාගන්න නම් එපා….මට උස්සගෙන යන්න බෑනේ අද……"

ඔහු නිදහස්ව තිබූ අතින් ඇගේ නාසය මිරිකන්න ගත්තේ ඇගේ නින්දට බාධා කරමින්….

" අප්පත්ති…..ඇත්තම කියනවද ඔයා මාව දන්නේ කවදා ඉදලද?????"

" දැන ගන්නම ඕනද??????"

අසද්දී ආහේලී හිස ඔසවා ඒ මුහුණ දෙස බැලුවේ හිස උඩට පහතට කර,

" ඔව්………..දේව් අයියා කිව්ව විදියට ලොකු කතාවක් තියනවා මන් නොදන්න….."

" අහපු දේට විතරක් උත්තර දෙන්නම් පැටික්කි හරිද…..අනිත්වාට උත්තර දෙන්නේ ඔය ඇස් වල ලියවිලා තියන දේ මෙතන්ට දැනුනට පස්සේ……."

ඇගේ වේගයෙන් ගැහෙනා ලමැද මතින් සධිල් අත තැබුවේ ආහේලිට හඬින්ම හුස්මක් ඉහලට ඇදෙද්දී….

" වැරදි වෙලාවක ආවේ….සොරීහ්…ඊළඟ කෑල්ලහ්……..තවත් රසවත් ම්ම්ම්ම්ම්ම්………"

පැවසූ විර්දේව් ඔක්කල්ලාවට සිනා සෙමින් පිටව යද්දී සධිල්ට දැනුන කේන්තියට ඔහු ආහේලිට රිදෙන තරම් තදින් ඇයව තුරුළු කර ගද්දී ඇයටත් ඒ උණුසුමෙන් මිදෙන්න බැරිව තව තවත් ඒ උණුසුමේම ගුලි වුනා විර්දේව් ඔවුන් දෙදෙනාව දුටු බව ගණනකට නොගෙනම….

" පැටික්කී මේ ටී එක අන්දවලා දෙන්න පුළුවන්ද????"

 " බැරි මොකද???? මට ටුවෙන්ටි ෆෝර් ඉයර්ස් නේහ්……"

ඔහුගේ තුරුලෙන් මෑත්ව ඔහුට ටී ෂර්ට් එක ඇන්ද වූ ආහේලිට කුස ගින්නක් දැනුන නිසා ඇය ඔහු දෙස බැලුවේ උයන පිහින දෙයක් වත් මෙම නිවසේ තියෙනා ස්ථානය ඇය නොදත් නිසයි….

" බඩගිනී නේද දෝණී…."

ඇය හිස සලද්දී තමා ඔහුට වේලාව බැලුනේ..එකොළහත්ව පසුව තිබෙනු දුටු ඔහු පුටුවෙන් නැගිට ගත්තේ ආහාරයට ගැනීමට දෙයක් රැගෙන ඒමට වුනත් ආහේලි ඔහුගේ වමතින් අල්ලා ඔහුව නතර කලා...ඔහු දෑස් වලින් ඇයි දැයි කියලා විමසද්දී ආහේලි,

" කොහෙද යන්නේ අප්පත්තී අතත් හොද නෑනේ????"

" කන්න දෙයක් ගේන්න දෝණී...උදේ අල්ලපු අඩව්වට මට වෙලාව වත් මතක තිබුනේ නෑ...හෙට උදේ නමයට ඕපනින් එක කැන්ඩි බ්‍රාන්ච් එකේ….ඒ වැඩ බලන්නත් ඕනේ…."

" සෞරටයි දේව් අයියාටයි පුළුවන්නේ ඒවා බලන්න….උයන්න මට පුළුවන්…...අර උයන්න දේවලුත් තියන්නේ….අතනට වෙලා ඉදගෙන ඉන්න පුළුවන්ද අප්පත්තී මන් උයලා ඉවර වෙනකල්….."

ආහේලී පැන්ට්‍රිය උඩට ඇගිල්ල දිගු කරද්දී සධිල් හිස වනා ඇයව පසු කරගෙන ගොස් පැන්ට්‍රිය මතින් හිද ගත්තේ ඇගේ සිතැඟි වැටහී…

සධිල් ඊයේ දින තුනකට සරිලනන් සේ ආහාර සඳහා අවශ්‍ය කරන කුළු බඩුවේ සිටම සියළුම ද්‍රව්‍ය මිලදී ගෙන තිබූ නිසා ඇයට උයන්නේ කුමක්ද කියා සිතමින් කාලය නාස්ති කිරීමට සිදු වූයේ නැත…

කඩියෙකු මෙන් මුළුතැන් ගෙය පුරාම දුවමින් විටෙක හති ලමින් සහල් සෝදා මුට්ටිය ලිප තබා මුට්ටිය අත ගා දොතොත් මුදුන් දී වදිනා ආහේලි දකිද්දි සධිල්ට නිතැතින්ම සිහි වූයේ ඔහුගේ ආදරණීය මෑණියන්….

සිය මෑණියන්ගේ ගති ගුණ ඇගෙන්ද ඔහු දකිද්දී ඔහුට සිතුනේ ඔහු මෙලොව සිටිනා වාසනාවන්තම පුරුෂයා කියා….

ඔහුට පිටුවා සිටින ඇගේ බද වටා දෑත් යවමින් ඒ ගෙල පාමුල සිප ගන්නට එන හැඟීම අසීරුවෙන් වුවත් ඔහු පාලනය කර ගත්තා තවමත් මේ ඊට වේලාව නොවන නිසා….හැඟීම් සමඟ ඉවසන්න බැරි තැනත් ඔහුට ඉවසන්න වුනේ ඇගේ මනස තවමත් ඔහුට අවශ්‍ය ලෙස සෑඳී නැති හෙයින්...ඔහුට අවශ්‍ය වූයේ ඇය සිය දෙපයින්ම නැගිටිනවා දකිනු වෙද්දී ඔහු හැඟීම් දැනීම් නැති රෝබෝ වරයෙකු මෙන් ඇය ඉදිරියේ පෙනී සිටීමට තීරණය කලේ එනිසයි…

" අප්පත්තී……"

ඇගේ දිගු කොණ්ඩය, පුළුල් උකුල,සිහින් දෙපා මත නොසන්සුන්ව දුවනා ඔහුගේ දෑස් ඇගෙ වතෙන් වෙනතකට ගෙන ගියේ ඇය ඔහු අමතද්දී…

" අලයි හාල්මැස්සොයි හොදි හදලා ගෝවා කොළ මැස්සුමකුයි හඳන්නද???? පපඩම් බදින්නම් නේහ්?????"

" අපි ඕන දෙයක් කනවා දෝණී….ඔයා කන ඒවා බලලා හදන්නකෝ…..මන් අල ටික සුද්ද කරන්නද????"

ඔහු පැන්ට්‍රි එකෙන් බසින්න තැත් කරද්දී ඇය ඔහු වෙතල හෙළුවේ තරවටු බැල්මක්….

" අත වැඩි වෙයි….මට පුළුවන්….මන් කරගන්නම්….ඔහොම ඉදගෙන ඉන්න උදව්ව හොදටම ඇති….."

ඇය ගෙතූ කොණ්ඩය ලිහා දමා ගෙඩියක් වෙන්න මුදුනට කර බැදගෙන දෑත් යලිත්  හොදින් සබන් ගා සෝදාගෙන පළමුව අල හාල් මැස්සන් ටික සුද්ද කර එයට අවශ්‍ය ලූණු මිරිස් තුන පහ දපා අනෙක් ලිපෙන් තබා බංකු හිරමණයේ හිඳ ගෙන පොල් ගන්න ගත්තා…

ඇගේ උඩු කයම බිමට බර තිබෙන නිසා ඔහුගේ දෙපා පාමුල පොල් ගානා යුවතියගේ පිරුණු ලැම ඔහුට හොදින් දිස් වෙද්දී ඔහුට දැනුනේ ඔහුගේ ඇඟම ගිහියම් වන බවක්…

" දොලොවත් අතර මා තනි වෙලා ආ ආ ආ…...අතේ තියන දේ කටට දාගන්න පින නෑ කියන්නේ ඕකට නේහ් චූටීහ්….."

විර්දේව් දුටුවා සධිල්ගේ දෑස් ඇගේ වතට හැරී ඇති බව...ආහේලිට ඔහු පැවසූ දෙයක් නොවැටහුනු නිසා ඇය නිහඬව පොල් ගාන්න ගත්තේ ඉක්මනින් උයා අවසන් කරන්න සිතාගෙන...

" පැටික්කි නැගිටිනවාහ්………"

" මට බෑහ්……"

ඇය මුරණ්ඩු ස්වරයෙන් පවසද්දී සධිල්ගේ කේන්තිය තවත් වැඩි වුනා..

" කිව්වම අහලා නැගිටිනවා දෝණී….මදූ පොල් ගාලා දෙයි……"

ඔහුගේ හඬ පෙරට වඩා උච්ච වෙද්දී ආහේලි නැගිට පොල් බෑය විර්දේව් අතට දී ගෝවා කොළ මැල්ලුම ලියන්න ගත්තා…

" ප්‍රින්සස් කෝ……."

සධිල් සෞරගෙන් තදින් විමසුවේ ආහේලි තනිව උයනා නිසයි…

" ඔලුව කැරකෙනවා කියලා නිදි සුදායියා.….."

" තව මොනවා කැරකෙ‍යිද දන්නේ නෑ චූටී ඉස්සරහට….බඩකුත් උස්සගෙනම පෝරු මස්තකාරූඪ වෙන්නද කල්පනාව….."

ආහේලිගේ අත තිබූ පිහිය කපන ලෑල්ල මතට වැටුනේ අද උදේ සිදු වූ සිදුවීම මතක්ව...

" මෙතනින් එහාට දෙන්නට මෑනේජ් කරගන්න පුළුවන්නේ නේද??? දෝණී එන්න මාත් එක්ක…….."

ඇගේ වෙව්ලනා අතැගිලි වලින් මැල්ලුම් ලිවීම කල නොහැක්කක් වෙද්දී සධිල් පැන්‍ට්‍රි එකෙන් බැස ඇය අත තිබූ මැල්ලුම් මිටිය කපන ලෑල්ල මත තබා සෞර හා විර්දේව් දෙස බලා පැවසුවේ දෑස් වලින් ඔවුන් දෙදෙනාට ඇගේ වෙව්ලන දෑඟිලි පෙන්වමින්…

" අප්පත්තීහ් මන් උයන්නම්කෝ අනේහ්.………"

ඇයගේ ආසාව දෑස් වලම ලියව තිබුනත් මුවහත් පිහිය ඇය අත තැබීමට තරම් ඔහු අඥානයෙක් වූයේ නැත...

" දෙනවකෝ මන් කපන්නම් මැල්ලුම පේන්නේ නැති වෙන්නම…."

කියූ සෞර ඇගේ උරහිස් මතින් දෑත් තබා ඇයව ලිප ලඟට තල්ලු කර මැල්ලුම ලියන්න ගත්තේ පසෙක විර්දේව් පොල් ගාද්දී….

" අප්පත්තී අබී අක්කිට සුප් එකක් හදන්නද?????"

" කන්න බෑ කියන්වද චූටි ප්‍රින්සස්….."

ඇයට පිළිතුරු දීමට පෙර සෞරගෙන් සධිල් විමසද්දී සෞර හිස උඩට පහතට වැනුවේ ඔව් කියන්න..

" චෙකප් එකක් කලාද???"

ඔහු නැත කියන්න හිස දෙපසට වනද්දී නම් සධිල්ට දැනුනේ ඔහුට සිහිසුන් වන තුරු පහර දෙන්න වුනත් ආහේලි බියපත් වූ දෑසින් සධිල් දෙසම බලා සිටිද්දී ඔහු මවා ගත් සිනහවකින් සියොලගම වෙව්ලනා කෝපය පාලනය කර ගෙන,

" බිස්නස් ෆීල්ඩ් එකේ අවුරුදු දොළහක් හිටපු මන් වත් ඔය වගේ දරුණු රිස්ක් එකක් නම් කීයටවත් ගන්නේ නෑ…ලෑස්ති වෙනවාහ් කලම්බෝ ගියපු ගමන් වෙඩින් එක ගන්න….."

ඒ සුභාරංචිය දෙසවන් වැකුණු විගස ආහේලිගේ දෑස් වලින් සතුටටම කඳුළු ගලද්දී ඇයට අවශ්‍ය වුනේ සධිල්ගේ උණුසුමේ ගුලි වෙන්න වුනත් සෞර මෙන්ම විර්දේව්ත් සිටිනා නිසා ඇය ඇගේ පාඩුවේ අල හොද්ද හැදි ගාන්න ගත්තා…

සෞරගේත් විර්දේව්ගේත් සහය ඇතිව ඉක්මනින් උයා අබීශා වෙනුවෙන් සුප් එකක්ද සාදා මුළුතැන් ගෙයත් ආහේලිගේ කුඩා දෑතින්ම් පිරිසුදු වෙද්දී සධිල් ඇය දෙසම බලා සිටියේ ඒ වතින් දෑස් වෙනතට ගැනීම කල නොහැක්කක් වෙද්දී…

ඔහු බොහෝ වේලාවක සිට බලා සිටියේ ඇය මුහුණට වැටී ඇති කෙස් රොදකට පිඹිමින් එය මුහුණින් ඉවත් කර ගැනීමට අසාර්ථක උත්සාහයක් දරමින් සින්ක් එක සෝදන ආකාරයයි…

ඔවුන් දෙදෙනා හැර කිසිවෙකුත් මුළුතැන්ගෙහි සිටියේ නැත...ඇයට නෑසෙන්න පැන්ට්‍රි එකෙන් බැස ඇගේ පිටුපසින් සිට ගත් සධිල් සින්ක් එකේ බැම්මට දෑත් තද කර ආහේලිව ඔහුගේ දෑත් අතරට සිර කරගෙන ඇගේ ගෙල පාමුලින් නිකට තබා ගත්තේ ඇය ගැස්සී යද්දී…

" අප්..පත්තීහ්……….."

" දෝණීහ්………….මට කියන්න දෙයක් නැද්ද????"

" තියනවා……………"

ඇගේ දෙතොල් පවා වෙව්ලනා ආකාරය දැනී සධිල්ගේ කොපුල් වල ගැසුනත් ඔහුට පිටු පා සිටි නිසා ඇය ඒ ආඩම්බරකාර මදහස දුටුවේ නැත….

" දැන්ම කියන්න බැරිද?????"

" දැන්ම???????"

" බැරි නම් කමක් නෑ දෝණී………."

ඔහු ඇගේ ගෙල පාමුලෙන් හිස මෑත් කරද්දී  ආහේලී ඔහු දෙසට හැරුනේ කලබලයෙන්...ඇය බිය වුනේ පෙර පැවසූ ලෙසම ඔහු ඇයව හැර දා යාවි කියා….

" ම්..ම..න්….."

" මන් මොකද්ද පැටික්කී…….."

ඔහුගේ සුසුම් ඇගේ මුහුණ මතටම වැටෙද්දී ඒ සුසුමින්ම ඇගේ හද සසලව යන්නේ සිත එක් තැන් කර ගත නොහැකි ලෙස…

" මට කාටවත් මෙහෙම දැනිලා නෑ….කා ගැන වත් මේ විදියට ලෝභ හිතිලා නෑ….කා ගැන වත් මේ තරම් හිතලා අඬලා නෑ…ඒ මූණ දකින්නේ නැතුව හුස්ම හිරවෙනවා මගේ….දාලා යන්න හදද්දී බෙල්ල මිරිකනවා වගේ දැනෙන්නේ…..ඒ තරමට මන් අතරමං වුනා මේ සති ගාණට…..මෙතෙන්ට හම්බුනු කිස් එකට මට මාවම අමතක වෙනවා අප්පත්තී…"

ඇය තම නලලට ඇඟිල්ලක් තබා පෙන්වද්දී සධිල්ගේ දෑස් තරු මෙන් දිදුලනවා ඇය දුටුවා…

" වෙලාවකට යේනූ අහනවා මන් නලල අත ගගා හිනාවෙද්දී මට පි  . ස්සුද කියලා….…මන් දවස් දෙකක් යනකම් එතන වොෂ් කලෙත් නෑහ්.……"

ඇය විලියෙන් රතු වෙද්දී සධිල් ඇය වෙත හෙළුවේ ආදරණීය තරවටු බැල්මක්….

" ඒ ෆීලින් ( හැඟීම) එකට නමක් දෙන්න පුළුවන්ද පැටික්කිට?????"

ඇය ඔහු හා අන් කවරදාකටත් වඩා දොඬමළු වෙද්දී ඔහු හැඟීම් ආයාසයෙන් පාලනය කර ගත්තේ ඇයට කතා කිරීමට ඉඩ දී…..

" මන් දන්නවා….නෑ මට දැනෙනවා….මහ ගොඩක් අප්පත්ති…...මෙතෙන්ට දැනෙනවා….."

ඇය පපුවට දෑතම තද කරමින් පවසා සධිල්ගේ ගෙල වටා ඇගේ දෑත් බැඳුනේ නිරායාසයෙන්….

" ආදරෙයි අප්පත්තීහ්……….."

ඒ අකුරු හතර ඇගේ මුවින් පිට වෙද්දී සධිල්ගේ මුවෙහි ඇදුනේ පුළුල් මදහසක්….ඒ සොදුරු මදහස නිසා වල ගැසුනු කොපුලුත් සිහින්ව ගිය දෑසත් ඇගේ නමටම ඇය අද ලියාගත්තේ ඔහුගෙන් පිළිතුරක් හෝ ලැබෙන තෙක් නොඉවසා….

සධිල්ට තවත් බැරි වුනා ඉවසන්න මොහොතක් වත් ඒ නා දළු වන් දෙතොල් ඉදිරියේ රහත් වී මෙන් සිට….මෙතෙක් කල් ආයාසයෙන් සගවාගෙන හුන් හැඟීම් එකින් එක ඒ බැමි වලින් මිදී නිදහස් වෙද්දී සධිල්ගේ එක් අතක් ඇගේ බද වටා ගොස් ඇයව ඔහුගේ තුරුලට ගෙන අනෙක් අත ඇගේ කොපුලක් මතට ගියේ ඇය අඩවන් වූ දෑසින් ඔහු දෙස බලා සිටිද්දී..

මෘදුව ඇගේ නලලත සිපගත් ඔහු ඇගේ දෙකොපුල්,නාසය සිපගෙන මොහොතක් බලා සිටියා ඒ පිය වූ දෙනෙත් දෙස...ඇගේ මෙන්ම ඔහුගේත් හද ගැස්ම පිටතට ඇසෙන තරම් වෙද්දී සධිල් සෙමින් ඒ දොතොල් ඔහුගේ දෙතොලින් නතු කර ගත්තේ ඇයට නොරිදෙනා තරම් සෙමින්...මල් පෙත්තක් සිප ගන්නවා මෙන් මෘදුව…

ඒ දෙතොල් පහසින් ඔහුගේ ගතම සැනසී නැලවී යද්දී ඒ දෙතොලින් මිදෙන්න පවා ඔහුට නොහැකි වුනා...ඔහු ලෝභ වුනා...ඇගේ සිතත් ඒ දෙතොල් පහසින් මත්ව ඒ දෙතොලින් මෑත් නොවීම තව තවත් ඒ පපුවටම තුරුළු වුනේ පුරුදුකාරියක මෙන්….

ඔවුන්ගේ ලොවෙහි ඔවුන් දෙදෙනා තනි වෙද්දී කෙතෙරම් වේලාවක් ඒ සිපුම දිගු වුනාද කියන්න දෙදෙනාටම වගක් වුයේ නැත….

" බේබ්…………………"

To be continued..... 💙

මගේ ප්‍රථම මුද්‍රිත නවකතාව "සිහිනයක් වගේ " දැන් ඔබට 20% වට්ටමක් සහිතව මිලදී ගත හැක.

ඔයාලගේ අදහසුත් එක්ක කතාවට ⭐ Vote එකක් දීලා ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා මැණිකලා .. ආදරෙයි 💙💙💙💙



















Continue Reading

You'll Also Like

427K 23.8K 17
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
243K 29.3K 23
People meet by accident, People fall in love by accident, But people surely don't become someone's baby daddy accidentally, or do they? What started...
1.6M 73.8K 76
မာဗာရစ် + ခွန်းညီလွန်းရန် ( 8.9.2023)
253K 19.3K 39
- Keya x Shivansh Keya Mathur (25yrs old) one of the most youngest and leading wedding planners of India. Shivansh Singh Rawat (27yrs old) the rulin...