මඟ බලමින් 👀

Par amaaindu

16.2K 1.1K 95

" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුව... Plus

පළමු දිගහැරුම 👀
දෙවන දිගහැරුම 👀
තුන්වන දිගහැරුම 👀
සිව්වන දිගහැරුම 👀
පස්වන දිගහැරුම 👀
හයවන දිගහැරුම 👀
හත්වන දිගහැරුම 👀
අටවන දිගහැරුම 👀
නමවන දිගහැරුම 👀
දහවන දිගහැරුම 👀
එකොළොස්වන දිගහැරුම 👀
දොළොස්වන දිගහැරුම 👀
දහතුන්වන දිගහැරුම 👀
දාහතරවන දිගහැරුම 👀
පහළොස්වන දිගහැරුම 👀
දාසයවන දිගහැරුම 👀
දාහත්වන දිගහැරුම 👀
දහඅටවන දිගහැරුම 👀
දහනමවන දිගහැරුම 👀
විසිවන දිගහැරුම 👀
විසි එක්වන දිගහැරුම 👀
විසි දෙවන දිගහැරුම 👀
විසි තුන්වන දිගහැරුම 👀
විසි පස්වන දිගහැරුම 👀
විසි හයවන දිගහැරුම 👀
විසි හත්වන දිගහැරුම 👀
විසි අටවන දිගහැරුම
විසි නමවන දිගහැරුම 👀
තිස්වන දිගහැරුම 👀
තිස් එක්වන දිගහැරුම 👀
තිස් දෙවන දිගහැරුම 👀

විසි හතරවන දිගහැරුම 👀

390 29 3
Par amaaindu

මඟ බලමින් 👀

විසි හතරවන දිගහැරුම

" මොකද්ද කිව්වේ පැටික්කී???? මට හරියට ඇහුණේ නෑහ්…"

සධිල් ඔහුගේ නලල ඇගේ නලලෙහි වද්දමින් පවසන්නේ ඇයට හඬින්ම හුස්මක් ඉහලට ඇදෙද්දී….

" අ….ප්ප්…..ත්….තී….හ්"

ඇයට කෙළ පිඬක් ගිලුනා ඉන්පසු ඔහුගේ නාසය ඇගේ නාසය මතින් තැබූ විට..ඇගේ හද ගැස්ම පෙරටත් වඩා වැඩි වෙනවාත් සමඟම ඇය දැඩිව නොසන්සුන් වුනේ ඇගේ කලවා මත තිබුන ඔහුගේ අත ඇගේ කොපුලක් මතින් තබා ඒ දෑඟිලි ඇගේ දෙතොල් පුරා සීරුවට දඟ කරද්දී…

" අප්පත්ති තමා….මොන ගර්ල් ගැනද කිව්වේ දෝණී ආ……………."

ඔහු තියුණු දෑසින් ඇය දෙසම බලා සිටිද්දී ඇගේ දෑස් වල ඇති තිගැස්සම ඔහුට නොදැනුනා නොවේ..ඒ දෑස් වල ලියැවී ඇති වේදනාව ඔහුට හොඳින්ම වැටහුනත් ඇගේ මුවින් ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍ය වන්නේ ඒ සධිල්ගේ විදිහ නිසයි….

" අර ඉන්නේ කාර් එකේ……….."

ඇයට පැවසීමට හැකි වුනේ එපමණයි...තවමත් නොවියලුනු දෑස් වලට කදුළු පිරුනේ ඒ යුවතිය සධිල්ට ඇමතූ අයුරු සිහි වෙද්දී…ආහේලි ඇගේ කොපුලේ තිබූ ඔහුගේ අත ඉවත් කලේ විදුලියක වේගයෙන්….

" එයා මොකද ඉතින්….."

සධිල්ට කේන්තියෙන් විමසුවේ ඇගේ මේ ක්‍රියා කලාපයන් ඔහුට රුස්සන්නේ නැති තැන….

" බේබ් කිව්වේ……..ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද????ඇයි මාව මෙහෙම තියන් ඉන්නේ අප්පත්තී...ඇයිහ්????ඇයි මාව රිද්දන්නේ මෙහෙම???? යන්න එයා ලඟට……."

ඇය පවසන්නේ ආවේගයෙන්….දුක හා කේන්තිය මුසුව දැනෙන හැඟීම ඇයව දැඬිව පීඩාවට පත් කරද්දී ඇයට දැනුනේ ඇගේ සියොලගම ගින්නකට හසුව දැවෙනවා වැනි වේදනාවක්….පුදුමයකට මෙන් ඇයට හැඬුනේ නැත...ඇයට ඇය ගැනම දැනුනේ ආත්මානුකම්පාවක් ඔහු ඉදිරියේ…

" තමුන්ට ඇහුනද මන් එයාට බේබ් කියනවා?????"

සධිල් ඇගේ දෑස් දෙසම බලාගෙන ප්‍රශ්ණ කරන්නේ කෝපය හැකිතාක් පාලනය කරමින්…ඇය හිස දෙපසට වනද්දී සධිල්ගේ කේන්තිය තවත් වැඩි වුනා…

" දෝණී මන් මුල ඉදලම කිව්වා මට ඔය ලැන්වේජ් ( භාෂාව )එක තේරෙන්නේ නැ කියලා...කට ඇරල කතා කරනවා...අර කලින් මෝඩකමට කෑගැහුවා වගේ….."

ඇගේ දෑස් කඳුළින් පිරී යන්නේ සධිල්ගේ තිබුණු පිහි තුඩු මෙන් හද තුවාල කරනා ඒ වදන් තවත් අසාගෙන සිටීමට බැරි තැන…

" ඇඬුවට කිසිම ප්‍රශ්නයක් නෑ මට….නලෝන හැටිත් මන් දන්නවා….මට කියනවා මන් අහපු ප්‍රශ්නෙට උත්තරේ…"

ඇගේ කඳුළු ඉදිරියේ ඔහුගේ හද සසල වුනත් දැනෙන කෝපය ඊටත් වඩා වැඩි වෙද්දී ඇගේ කඳුළු ගණනට නොගෙන විමසන්නේ ඇගේ බොද වූ දෑස් දෙසම බලාගෙන…..

" නෑහ් අප්පත්තීහ්……….."

" එහෙම මොන කෙහෙල් මලක්ද කලින් කිව්වේ????ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා කිව්වානේ...කෝ පෲෆ් (සාක්ෂි)....පෙන්නනවා දෝණී ඉතින්??????"

ආහේලි බිමට දෑස් බර කරගද්දී සධිල් ඇගේ නිකටින් ඔසවා නැවතත් ඇයව තමා දෙසට හරවා ගත්තේ තවත් ඔහුට ඒ කේන්තිය පාලනය කර ගැනීමට නොහැකි වෙද්දී….

" එයා බේබ් කියලා මිස් යූ කිව්වේ????? ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමෙයි නම් එහෙම කියන්නේ ඇයි…..අනික ඔයා හදිස්සියෙන් වැඩත් මඟ දාලා ආවේ ඒ ගර්ල්ව බලන්න නේද??? අනික මේ රෑ කෙල්ලෝ තනියම එළියට යන්නෙත් නෑනේ….අන්තිමට මාව බ්ලොක් කරලානේ...මන් කොච්චර කෝල්ස් ගත්තද????? මන් ගොඩක් ඇඬුවා………………ම්...ම්………….."

ඇය එක් අතකින් මුව වසා ගත්තේ තවත්  ඉකිය පාලනය කරගන්න බැරි තැන...පපුවත් වේදනාවටම ඇඳුම් කද්දී නිදහස්ව තිබූ අතින් පපුව මිරිකා ගත්තේ සධිල් දෙස අසරණ වූ දෑසින් බලමින්….

ඔහු අතකින් මුළු මුහුණම පොඩි කර ගත්තේ දැනෙන නොසන්සුන්කමටයි…ගැඹුරු හුස්මක් ගත් සධිල් ඇය දෙස බැලුවේ ප්‍රේමය උතුරනා දෑසින්...ඒ දෑස් වල ඇති බැල්මට ඇයට ඔහුගේ දෑසින් ඇගේ දෑස් මුදවා ගැනීමට නොහැකි ලෙස බැඳී තිබුනු හෙයෙන් ඔහුගේ කොපුල් වල ගැසුනේ මෙතෙත් සැඟවී තිබුනු ඒ සිනහවෙන් යලිත් ඒ කඩවසම් රුව බැබළෙද්දී…

" ඇයි එච්චර ඇඬුවේ දෝණී……."

ඒ මැළවුනු කොපුලක් පිරිමදිමින් ඔහු පවසද්දී ඒ පහසින් ඇයටත් නොදැනීමට ඇගේ දෑස් පියව ගියේ ඇසිල්ලකින්….

" දන්නේ නෑ අප්පත්තීහ්……ෆෝන් එකත් ඕෆ්නේ..මන් හිතුවේ මාව දාලා ගියා කියලා…..දුක හිතුනා අප්පත්තී….මහ ගොඩාක්…..."

දෑතින්ම ඇගේ කොපුල මත තිබුනු ඔහුගේ අතේ වැලමිටට මදක් පහලට වෙන්න අල්ලාගෙන ඇය සිහින් හඬින් මුමුණද්දී ඔහුගේ මුහුණේ ඇදුනු සිනහව තවත් පුළුල් වුනේ ඒ පිය වී ගිය දෑස් වලින් පටන් ගෙන ඒ මුහුණේ අංශුවක් නෑරම ඔහුගේ දෑස් ගෙන යමින්….

" ඕපන් යුවර් අයිස් පැටික්කී...(ඇස් අරින්න )"

තරවටු හඬින් පවසමින් සධිල් ඔහුගේ කලිසම් සාක්කුවෙන් දුරකථනය ගෙන ඇය අත තැබුවේ කිසිත් නොකියායි…

" ඇයි මේක………"

ඇය කුතුහලය පිරුණු දෑසින් විමසන්නේ දුරකථනය දෙසත් ඔහු දෙසත් මාරුවෙන් මාරුවට බලමින්..

" චෙක් කරලා බලන්න……"

සධිල් එපමණක් පවසා නිහඬ වෙද්දී ඇය යටි තොලත් සපාගෙන දන්න ශිල්ප ක්‍රම සියල්ලක්ම දමා දුරකථනය ක්‍රියා කරවන්න හැදුවත් ඇයට කිසිවක්ම කර ගත නොහැකි වුනෙන් ඇය නැවතත් දුරකථන ඔහු වෙතට පෑවේ ඇයට එය ක්‍රියා කරවීමට නොහැකි වෙද්දී…

" මට එපා….චෙක් කරන්න කියලා කිව්වේ දෝණී……"

ඔහු පෙර සිටම දැන සිටියා ඇය මේ යුවතිය නිසා සිත් රිදවා ගන්නවා බව…සධිල් ආහේලිගේ මූහුණ දෙසවත් නොබලා වාහනයට නඟින්න තීරණය කරන්නේ  ඒ මැලවුනු මුහුණ දෙස බැලීමට නොහැකිව වුනත් ඇය මුල සිටම සියල්ලම පටලවා ගද්දී නම් සධිල්ට දැනුනේ ඇය ගැන කේන්තියක්.. පිටස්තර පුද්ගලයන් ඉදිරියේ ඔහුට ආහේලිව අපහසුතාවයට පත් කිරීමට කිසිදු අවශ්‍යතාවය නොතිබුනු නිසාත් ඔහු ඇය දෙසට එකඳු බැල්මක් හෝ නොහෙලීමට තීරණය කලේ….

ආදරය කියන්න වචනෙහි අර්ථය වත් හරි හැටි නොදන්නා ඇයට පිළිතුරු බදින්න තරම් හේතුවක් සධිල්ට තිබුනේ නැත...ඔහු නමට ලියවුනු ආදරය ඒ දෑස් වල දෝරේ ගැලුවත් සධිල් දැන සිටියා ආහේලී මේ හැඟීම තවමත් නොහඳුනා බව...එවෙලෙහිම ඇත්ත පවසන්න වුවමනා වුවත් ඇයට තව කාලයක් විදවන්න දෙන්න තීරණය කලේ සැබෑ ආදරය කුමක් දැයි කියා තේරුම් ගැනීමට ඇයට රුකුලක් වෙන්න වුනත් ආහේලී,

" ඔන් වෙන්නේ නෑ අප්පත්තීහ්….."

ඇය අසරණ වූ දෑසින් පවසද්දී ඔහුට තවත් ඇයව රිදවීමට නොහැකි වුනේ ඇගේ කඳුළු දකින වාරයක් පාසාම ඔහු මැරි මැරී ඉපදෙද්දී….

" බැට්‍රි ඩෙඩ් වෙලා ෆෝන් එක ඕෆ් වුනේ  බබා….නැතුව මන් ඔයාව බ්ලොක් කලේ නෑ…...මන් මොකටද ඔයාව බ්ලොක් කරන්නේ දෝණී..මට තේරෙන්නේ නැත්තේ ඇයි ඔයා එහෙම හිතුවෙවත් කියලා….."

විටෙක ඇය දෙස බලමින් තවත් විටෙට අතෝරක් නැති පාර දෙස බලමින් ඔහු පවසද්දී ඇගේ දෑස් නම් තිබුනේ ඔහුගේ දෑස් වලමයි…

" ඔයාට ඇහුනු වචනෙට ඔච්චර ඇඩුවා නම් දෝණි මනුස්සයෙක් ඊට වඩා දෙයක් මන් ගැන කිව්ව නම් කොහොම හැසිරෙයිද කියල මන් කල්පනා කලේ…සමහර විට ඔයා ජීවිතෙන් නැති කරගෙන තියෙයි මේ වෙද්දී...."

ඔහු බැරෑරුම්ව පවසන්නේ ඇය ගැන සිත තුල ඇති බිය සඟවාගෙන…

" අපේ කනට ඇහෙන ඇස් දෙකට පේන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි පැටික්කී….ප්‍රශ්නේ උඩින් අත ගාලා ඉක්මනට තීරණ වලට එන්න එපා...හැම තිස්සෙම පුරුදු වෙන්න ගැඹුරෙන් දෙයක් හොයලා බලලා ඇත්ත නැත්ත තේරුම් ගන්න….ඔහොම ජීවත් වෙන්න අමාරුයි පැටික්කී….

මේ ලෝකේ මගේ ඔඩොක්කුවට වෙලා ඉන්නවා වගේ සුන්දර නෑ…..ඔයා තව කිසිම දෙයක් මේ සමාජේ ගැන දන්නේ නෑ….කෙ /ල්ලෝ රෑට එළියට යන්නේ නෑ කිව්වා නේද???? මේ කලම්බෝ බබා ඔයාගේ ගම නෙමෙයි….මගෙයි වැරැද්ද අවුරුදු පහක්…………………."

ඔහු කියන්න ගිය දේ සැනින් නතර කරගත්තේ ඇගේ දෑස් පුදුමයෙන් විසල් වෙද්දී….

" පැටික්කි මේ ඔයා හිතාගෙන ඉන්නවා වගේ සුරංගනා ලෝකයක් නෙමෙයි...අඬලා ප්‍රශ්ණ විසදගන්න පුළුවන් වුනා නම් ඒ කඳුළු වලින්ම මේ ලෝකේ මිනිස්සු ගිලිලා මේ වෙද්දී..ඒ තරම් අඬන්න ප්‍රශ්න තියනවා මිනිස්සුන්ට….තේරුණාද බබා………"

ඇය හිස උඩට පහතට කරද්දී සධිල්ට බරට සුසුමක් හෙළුනේ ඇයට කෙතරම් තේරුම් කරන්න හැඳුවත් එයින් පලක් නොවනා බව ඔහු ඉදුරාම දන්නා නිසයි…

" මට ඒ ගර්ල්ව මීට් වුනේ හදිස්සියේ...ඒත් මන් දුවගෙන ආවේ එයාව බලන්න නම් නෙමෙයි…….මගේ දෝණී පැටික්කිව බලන්න...ඒත් බබා ඔයාට ඒ ඇහුනු වචන ටිකක ඔයා කොච්චර රිද්දගෙනද ????? මට තේරෙන්නේ නැහැ දෝණී…..මොනවද මන් කරන්න ඕනේ කියලා….

ඔහු පවසන්නේ වේදනාවෙන් බව ඇයට හොඳින්ම දැනුනා…

" මගෙන් තව දැන ගන්න මොනවා හරි තියනවද පැටික්කි?????"

" අර ගර්ල් කවුද අප්පත්තී...ඇයි ඔයාට බේබ් කියන්නේ??? නම කියන්න පුළුවන්නේ????"

ඇගේ මුවින් ඉබේටම එළියට පැන්නේ ඇගේ සිතේ මෙතෙක් වෙලා කැකෑරුනු ගැටළුවයි...ඇය දෑස් කරකවමින් හිසත් ඔහු දෙසටම බර කරගෙන දෙතොල් නටවමින් පවසද්දී නම් සධිට ඔහුගේ හැඟීම් පාලනය කර ගැනීමට අසීරු වුනේ ඇගේ හුරතලයන් ඉදිරියේ ඔහුට හැඟීම් පාලනය කර ගැනීම මහත් වෙහෙසක් දරන්නට සැමදාම සිදු වූ නිසාවෙන්….

එහෙ මෙහේ දඟකාර ලෙස දුවනා නා දළු වන් දෙතොල් ඇයට රිදෙන තරම් සිප ගන්න එන හැඟීම ඔහු අපහසුවෙන් පාලනය කර ගත්තේ මේ එයට නිසි වේලාව නොවනා නිසයි….

" මගේ යාළුවෙක් දෝණී….ඊයේ තමා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ මැනේජ්මන්ට් ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා..එයාව තමයි කැන්ඩි බ්‍රෑන්ච් එකේ හෙඩ් කරන්න මන් හිතාගෙන ඉන්නේ…එයාගේ එක්පීරියන්ස් (අත්දැකීම්) එක කම්පැනි එක පැත්තෙන් වටිනවා…..."

ඇයට ඔහුව සැක කල අයුරු මතක්ව දැනුනේ තමා ගැනම කේන්තියක්….නිකරුනේ විදවූ අයුරු සිහිව ඇය ගැනම ලැජ්ජාවක්…

" සොරි අප්පත්තීහ්……."

ඇය තොල් උල් කරමින් ඔහුගේ ගෙල වටා  දෑත් යවමින් ඔහුගේ පපුවට තුරුළු වෙද්දී ඔහු මෙතෙක් මහත් පරිශ්‍රමයක් දරා අසීරුවෙන් පාලනය කර ගෙන් හුන් හැඟීම් එකින් එක ඔහුගේ පාලනයෙන් ගිලිහිව ගියේ ඇසිල්ලකින්...ඒ පපුවෙහි හොවාගෙන හුන් ඇගේ පියකරු මුහුණ ඔහුගේ දෝතට ඇයට නොරිදෙනා ලෙස මැදි කර ගත්තේ ඇය වේගයෙන් හුස්ම ගද්දී...ඇගේ දෙකොපුල් වලට පවා ලේ පුරා තිබුනේ ඔහුට තවත් අනුබල දෙමින්…

ඔහුගේ දෑස් වල බැල්ම දරාගත නොහැකි තැන ඇගේ දෑස් හෙමින් පිය වුනේ ඔහු ඇගේ දෙතොල් වලට ටිකෙන් ටික ලන් වෙද්දී…..

එක් වරම ඔහු ඇගෙන් මෑත් වුනේ විර්දේව් නොනවත්වාම වාහනයේ නලාව නාද කරමින් ඔවුන්ගෙ වාහනයට ලන්ව එය පසු කරමින් වාහනය ඉදිරියට ගෙන ගිය නිසයි….

සධිල්ගේ මුවින් අසැබි වදනක් පිට වුනේ විර්දේව්ගේ ක්‍රියා නිසා ඇති වූ නොනිම් කෝපයෙන්...

" ආවා මෙතන කොස් කිරන්ඩ…..ඒවා කොහෙද මේ මදුත් එක්ක…මේ බනීටත් අම්මපා බෑනේ ටිකක් ගණන් උස්සන්න…තාම ඇරියස් එක ඉවර නෑ සුදු අයියාහ්.…..ඊළඟ කෑල්ල……..තවත් රසවත්………."

අන්තිම පේළිය හඬින් තාලයට ගයමින් විර්දේව් මුහුණට වැටී තිබුනු කොණ්ඩය යටි තොලත් කොනකින් සපා ගෙන ලතාවකට කන පිටිපසින් රදවා ගත්තේ පැසෙන්ජර් අසුනේ හුන් යුවතිය දෙසත් බලමින්... ඇය ඔහු දෙස බලා සිටියේ මුහුණ හකුලුවාගෙන අපුලකින් වෙද්දී විර්දේව්ට සැනසුම් සුසුමක් හෙළුනේ ඇගෙන් මින් ඉදිරියට ඔහුට කරදරයක් නොවනා නිසයි...

" මේ වහන්තරාව මොකට එක්කගෙන ආවද මන් දන්නේ නෑ...අනින්න හිතෙනවා මූනත්තහඩුව ෆ්ලැට් වෙලා යන්න….මන් වාහනේට නගිද්දී පැණි බේරුනාට මොකද දැන් නිකම් හුළං ගියපු බැලුමක් වගේ….ආවා මෙතන දකින දකින එ , කාගේ කරේ යන්න...වෙලාවට චූටි මල්ලී එන්ගේජ් වෙලා හරි හිටියේ...නැත්තම් ඌටත් සොරි ඩොට් කොම් තමා….."

විර්දේව් තනිව මුමුණමින් වාහනය පදවන්න ගත්තේ පැති කණ්නාඩියෙන් සධිල්ගේ වාහනය දෙසත් බලමින්….

විර්දේව්ට තනිව බනිමින් සධිල් ආහෙලිව ඔහුගේ උකුලට ගත් ආකාරයටම පැසෙන්ජර් අසුනින් තබා එන්ජිම පන ගන්වා ගත්තත් ආහේලි තවමත් වූ කිසිවක් සිතා ගත නොහැකිව විවර වූ මුවින් බලා සිටිද්දී සධිල්ට නම් ඇගේ හුරතලයන් ජීවිත කාලයක් වුවත් බලා සිටිය හැකි වුනත් ඔවුන් දැනටමත් ප්‍රමාද වී ඇති නිසා ඔහු ඇගේ වතට බරවී ඇගේ ආසන පටිය දමා ඒ නලලත් මෘදුව සිප ගත්තේ ඇයට නැවත්තත් මහ හඬින් සුසුමක් ඉහලට ඇදෙද්දී…

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

ඔවුන් දින තුන නවාතැන් ගැනීමට සූදානම් කරගෙන සිටියේ ධීරවර්ධන මහතා එනම් ඔවුන්ගේ පියාගේ නුවර පිහිටි දෙමහල් නිවසක් වෙද්දී ඔවුන් පැමිණෙන විට පාන්දර දෙකත් පසුව තිබුන නිසාත් ආහේලි සුව නින්දක සිටි නිසාත් සධිල් ඇයව හරහට ගෙන දෙවනි මහලේ කාමරයකින් නිදි කරවා මේ විසල් කාමරයේ ඔහු ඇයව තනිව දමා යාමට අකමැති වුනේ මේ ඇය නොදන්නා ස්ථානයක් වූ නිසයි…

ඇයට පොරෝනය ගෙල දක්වා පොරවා ඇගේ කොපුල් දෙකත් නලලත් සිප ගත් සධිල් ලැප්ටොප් පරිගණකය දමා ගෙන සුව පහසු අසුනකට බර වුනේ තවත් පුටුවකින් දෙකකුල් තබාගෙන….

" සුදායියාහ්………බනී නැනේ….අනේ මන් හැම රූම් එකකම බලුවා..…."

සෞරගේ කෑගැසීමට ඔහු උකුල මත තිබූ ලැප්ටොප් පරිගණකයත් මේසය මතින් තබා ඉක්මනින් අගුල් දමා තිබූ දොර විවර කලේ ආහේලි අවදි වේ යැයි බියෙන්…

" දෝණී නිදි අයිසේ….චූටි තමුන්ගේ කෑගැහිල්ලට බබා ඇහැරුනා නම් මන්  ඉතුරු හරියත් බලාගන්නම්….."

" මන් බය වුනා…...දැනුයි ලේ ටිකක් ඉනුවේ……."

සෞර පපුවත් අල්ලගෙන පවසද්දී සධිල්ගේ කේන්තිය දෙගුණ වුනේ සෞරගේ හඬ පෙරටත් වඩා උච්ච වූ නිසයි...

" මේ වගේ මැටි වස්සෙක් මගේ මල්ලි වුනානේ…...තමුන් මගේ මල්ලි නොවුනා මන් ඇත්තමයි මෙව් වෙද්දී චූටි තමුන් අයි සී යූ ඉන්නේ…….දැන් ගිහින් නිදා ගන්නවා…...නැත්තම් මාත් එක්ක නිදා ගන්න ලෑස්ති වෙනවා ප්‍රින්සස්ව දෝණි ලඟ ඉදිකරවලා….."

" ප්‍රින්සස් එක්ක ඉන්න හම්බෙන්නෙත් දවස් තුනයි මොකද්ද සුදුඅයියාහ් දුක නැද්ද????"

ඔහුගේ මුහුණ සැනින් අඳුරුව ගියේ සධිල් යමක් පැවසුව හොත් එය අනිවාර්යයෙන්ම කරනා බව දන්න හෙයින්..

" පහට ගනින්න කලින් මෙතනින් ගියේ නැත්තම් මන් කියපු ටික ඒ විදිහටම වෙයි ආ………….ඕකේ දෙන් වන්,ටූ,ත්‍රි…………."

සෞර ඔහුගේ කාමරයට වැදී දොර වසා ගත්තේ සධිල් හඬ නොපිටවෙනා ලෙස සිනහා සෙද්දී…..

ආහේලි අවදි වන විට උදෑසන අටත් පසුව තිබුනා...ඇය කාමරය පුරාම දෑස් ගෙන යද්දී දුටුවේ සධිල්ට පුටුවෙම නින්ද ගොස් ඇති ආකාරයයි……ඇය ඔහුව දැඬිව විශ්වාස කරද්දී ඇයට ඔහු ගැන අල්පමාත්‍රික වත් සැකයක් දැනුනේ නැත…

කාමරයේ සුන්දරත්වය දෑසින් විදගෙන ඇගමැලි කඩමින් ආහේලි ඇදෙන් බැස ඇය පෙරවූ පොරෝනයම සධිල්ට පොරවා ක්ෂණිකව ආ සිතුවිල්ලකට ඔහුගේ නලල සිප ගත්තේ ඔහුගේ කොපුල් නින්දෙන්ම වල ගැසෙද්දී….

ඇයට දැනුනේ මහා හපන්කමක් කලාක් මෙන්...ඇගෙ කොපුල් විලියෙන්ම රතු වෙද්දී ඇය කොපුල් දෑතින්ම වසා ගෙන විසල් කණ්ණාඩියෙන් පෙනෙනා ඇගේ රුව දෙස මොහොතක් බලා සිට හඬ නොනැගෙන්න කාමරයේ දොර හැරගෙන පිටතට පැමිණියත් නිවෙසෙහි කිසිවෙකු ඉන්නා බවක් ඇය දුටුවේ නැත...සධිල් ඇයව නින්දෙන්ම නිවසට ගෙනා නිසා ඇය සිතුවේ ඔවුන් දෙදෙනා පමණක් මෙහි සිටිනවා කියා…..

නිවසේ අසිරිය හදවතින්ම විදිමින් ඇය ඔවුන්ගේ කාමරය පසු කර කෙටි දුරක් ගොස් එතැන තිබූ කාමරයක වසා තිබුනු දොර විවර කලේ කුතුහලයෙන්….

ඇය දුටුවේ එහි ඇද පාමුල වැටී තිබුනු කාන්තා මෙන්ම පිරිමි ඇඳුම් කිහිපයක්….ඇය එසැනින් යහන මතට දෑස් යොමුකරද්දී ඇගේ දෑස් නිලංකාරව ගියේ සෞරත් ඔහුට තුරුළුව නිදනා අබීශාවත් දුටු තැන….ඇද පාමුල තිබූ වස්ත්‍ර ඔවුන්ගේ බව ඇයට වැටහෙන්න ගියේ තප්පරයටත් වඩා අඩු කාලයක්…

දෙදෙනාගේම නග්න සිරුරු උරහිස දක්වා පොරෝනයෙන් ආවරණයව තිබුනත් ආහේලි මහ හඬින් කෑගැසමින් දෝතින්ම මුහුණ වසාගෙන කාමරයෙන් එළියට දිව්වේ සෞරත් අබීශාත් තිගැස්සී අවදි වෙද්දී….

" සෞර ඔයා ඩෝ එක ලොක් කලේ නැද්ද????????"

අබීශාගේ හඬ ආහේලිගේ කෑගැසීමට වඩා හඬින් ඇසෙද්දී සධිල්ට උඩ ගොස් ඇහැරුනේ ඔහු ගැඹුරු නින්දකට වැටී සිටි නිසයි….

To be continued..... 💙

මගේ ප්‍රථම මුද්‍රිත නවකතාව "සිහිනයක් වගේ" දැන් ඔබට 20% වට්ටමක් සහිතව මිලදී ගත හැක.

ඔයාලගේ අදහසුත් එක්ක කතාවට ⭐ Vote එකක් දීලා ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න

Continuer la Lecture

Vous Aimerez Aussi

669K 26K 74
Lilly found an egg on a hiking trip. Nothing abnormal on that, right? Except the egg was four times bigger than supposedly the biggest egg in the wor...
3.4M 143K 60
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
1.6M 95.8K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
612K 17.8K 23
Beau HATES Oliver Fowler. But Oliver doesn't hate Beau.. quite the opposite actually. Oliver is the univeristies 'Golden Boy', adored and admired by...