මඟ බලමින් 👀
විසි දෙවනි දිගහැරුම
" අනේහ් ඒ කවුද??? ඇයි අප්පත්තිගේ ෆෝන් එක වැඩ කරන්නේ නැත්තේ??? මාව බ්ලොක් කරලද????නැත්තම් ෆෝන් එක ඕෆ් කරලද???එයත් බැදලද සෞර වගේ...මන් මෙච්චර ඉගෙන ගත්තත් මේ වගේ මෝඩයෙක් වුනේ කොහොමද????එක සැරයක් දැකපු මනුස්සයෙක්ව විශ්වාස කරන්න තරම් මෝඩයෙක්ද???? සෞර කිව්වා හරි...මන් දන්නේ අඬන්න විතරයි….."
ඇය දුරකථන ඇද පාමුලට විසි කර කකුල් දෙක නමා ගෙන ඒ මත මුහුණ හොවාගෙන දෑතින්ම හිස බදා ගත්තේ ඇයව අමු අමුවේ පි ලි ස් සෙන්නාක් මෙන් දැනෙනා වේදනාවට…
ඇය ඇදෙන් බිමට බැස කණ්ණාඩිය වෙත ඇදුනේ අද දවස පුරාවටම හඬා ඇගේ දෑස් වල දැවිල්ලක් පවා ඇති වෙද්දී...කණ්නාඩියෙන් මුහුණ බලනා විට දුටුවේ වේදනාවටම විරූපව ගිය ඇගේ සුන්දර මුහුණ..
ආහේලිගේ උමතුවෙන් මෙන් ඇහෙනා සිනා හඬට යේනු මුළුතැන්ගෙහි සිට දිව ආවේ පා පැකිළෙමින්...යේනු පපුවට අතක් තබාගෙන කණ්ණාඩියෙන් පෙනෙනා ඇගේම රුවට සිනාසෙන ආහේලි දෙස බලා සිටියෙ බිරන්ත වූ දෑසින්…
" පැටික්කි මොකද මේහ්…..උඹට පිස්සු තද වෙලාද????මොකද උඹ මේ මහ රෑ හිනා වෙන්නේ හේලියෝ……"
යේනුගේ හඬින් ආහේලි ඇය දෙසට හැරෙද්දේ යෙනුට නොදැනීම අඩියක් ආපස්සට තැබුනේ ආහේලිගේ පුරුණු මුහුණ මේ ගෙවුනු පැය කිහිපයට වෙනස්ව ගොස් තියෙද්දී...ඒ දෑස් රතු වී තිබුනා...කොපුල් වල තවමත් පෙර ගැලූ කඳුළු වල වේදනාත්මක සටහන් ඉතිරි කර තියෙද්දී යෙනු ආහේලි දෙස බලා සිටියේ කර කියා ගත නොහැකිව අසරණ වූ දෑසින්…
" මන් මටම හිනා වෙන්නේ යේනු….මන් මේ තරම් ගොන් බඳින කණුවක් වුනේ කොහොමද කියලා බන් මන් කල්පනා කරන්නේ……"
යේනු දුටුවා ඇය තමා ඉදිරියේ කඳුළු පාලනය කරගන්න දරනා අසාර්ථක වෑයම….ඒ දෑස් දැනටමත් කඳුළින් පෙගී තියෙද්දී,ඒ වදන් පවා පැටලැවෙද්දී යේනුට දැනුනා ඇය කුමක් හෝ නිසා හිත තදින්ම රිදවාගෙන ඇති බව…
" අඬන්න ඕන නම් අඬ , පන් පැටික්කී….හිනා වෙන්න එපා….මට බය හිතෙනවා බන් ...මට සමාවෙයන් කෙල්ලේ උඹව මෙහෙම එක එකාට රිද්දන්න දීලා බලාගෙන ඉන්න වුනාට….."
යේනු පවසන්නේ තමා ගැනම උපන් කේන්තියෙන් වගේම කලකිරීමෙන්...ආහේලි යේනු අසලට පැමිණ ඇගේ උරහිසට හිස බර කරගත්තේ වේදනාවෙන් පුපුරා ගසනා දෙනෙත් වලට කඳුළු බර වැඩි වෙද්දී….
ඇය ඉකිබිදිමින් වේදනාවෙන් කෑගසමින් අතෝරක් නැතිව හඬද්දී යේනුට ඇයව සනසන්න හැකියාවක් තිබුනේ නැත...යේනු ඇගේ පිට අත ගාන්න ගත්තේ එයින් හෝ ඇයට යම් හෝ සැනසීමක් දැනේවි යැයි සිතා…
" ඇයි කෙල්ලේ….බලපන් උඹට අඩනවා තියා කෙලින් ඉන්න වත් පණක් නෑ….උඹ කොච්චර ඇහුවත් අඬන්නේ ඇයි කියලා කියන්නෙත් නෑ…."
යේනු ආහේලිව වත්තම් කරගෙන ගොස් ඇදෙන් හාන්සි කලේ ඇය හඬාම හෙම්බත්ව සිදිද්දී...ඇය නොහඬනා නමුත් ඇයට තවමත් ඉකිගැසුනා…
" ටිකත් නිදා ගනින් කෙල්ලේ කිව්වම අහලා….."
ආහේලි යේනුගේ උකුල මතින් හිස තමා ගත්තත් නින්දක් නම් ඇය අසලට ආවේ නැත...ඇගේ දෙසවන් වල තවමත් දෝන්කාර දෙන්නේ ඇය නොදන්නා මුත් සධිල් දන්නා යුවතියගේ සෙනෙහෙබර ප්‍රේමණීය වදන්...ඒ වදන් සිහිවෙන වාරයක් පාසාම ඇගේ හද ගැඹුරේ ඇති තුවාලය පැසවන්නේ ඇගේ ලාමක සිතට ඉහිලිය නොහැකි තරම් වේදනාවකින්….
ඇගේ දුරකථනය නාද වෙනවා ඇසුනත් ඇය ඒ ගැන වගක් නැතුව යේනුගේ උකුලේ හිස තබා ගෙන සිටියා…
" ෆෝන් එක නේද හේලියෝ….පොඩ්ඩක් හිටපන් මේ රෑ මොකාද කියලා බලන්න….."
යේනු නැගිටින්න හැදුවත් ආහේලි ඇගේ හිස යේනුගේ උකුලට තද කර ගත්තේ ඇයට නැගිටීමට නොහැක වන ලෙසයි…
" පොඩි එකෙක් වෙන්නෙ නැතුව හිටපන් හේලී...ප්‍රශ්න වලින් පැනලා යන්නේ නැතුව උත්තර හොයපන්…."
යේනු තරවටු ස්වරයෙන් පවසමින් ආහේලිගේ හිස කොට්ටක් මත තබා ඇය ආහේලිගේ දුරකථනය අතට ගත්තත් ඇගේ මුහුණේ ඇදුනු බැරෑරුම් පෙනුම ආහේලි දුටුවා…
" ක….කවුද????"
ඇය ඉකිය අතරින් විමසන්නේ කුතුහලයෙන් වුනත් එක සිතින්ම පතන්නේ ඒ ඇමතුම සධිල්ගෙන් වෙන්න කියා...ඇය දන්නවා මේ වේදනාවට,මේ කඳුළු වලට එකම ඔසුව ඔහුම පමණක් කියා...ඒ පපුවේ හිස හොවා ගෙන හුස්ම හිර වෙනා තුරුම හඬන්න ඇයට අවැසි වුනත් එය සිහිනයක්ම වුනේ ඒ ඇමතුම සෞරගෙන් වෙද්දී….
" සෞර………"
" ඉන්නවා…."
" නෑ...නෑ...නිදි නෑ……"
" කාලා ඉන්නේ…."
" හ්ම්හ්….මන් කියන්නම්...කීයට එන්නේ…."
" පැය බාගක් හොදටම ඇති…."
සෞරගේ වදන් ආහේලිට නෑසුනත් යේනුගේ පිළිවදන් වලින් ඇයට ඔවුන් අතර වූ කතා බහට තමා සම්බන්ධ බව වැටහුනා...බරට හුස්මක් හෙලා ඇමතුම විසන්ධි කල යේනු,
" උඹට ඔෆිස් එකේ වැඩකට කැන්ඩි යන්න ලෑස්ති වෙන්න කියලා සෞර කියන්න කිව්වා..අබී අක්කිත් යනවලු...දවස් තුනක බිස්නස් ට්‍රිප් එකක් කියලා ඇති වෙන්න ඇඳුම් ගේන්න කිව්වා….."
යේනුගේ වදන් ඇය අසා සිටියේ කිසිදු හැඟීමකින් තොරව...ඇය මෙවෙලේ සධිල්ව බලාපොරොත්තු වුනත් ඇය සුන්ව ගිය බලාපොරොත්තු මතින් කැබලි වලට විසිරුනු සිත එක් තැන් කිරීම පසෙකලා නාන කාමරයට වැදුනා…
ඇය හඬාම තඩිස්සිව ගිය මුහුණ වතුරින් සෝදාගත් විට ඇගේ මුහුණට මද එළියක් ආවත් ඒ බොර පාටව ඉදිමී ඇති දෑස් වලින් ඇය හැඬූ බව සැඟවිය නොහැකි වුනා…
" අප්පත්ති අර වැඩ ටිකත් නවත්තලා එන්න ඇත්තේ එහෙනම් අර මිස් යූ කියපු ගර්ල්ව සම්බෙන්න වෙන්න ඇති…එහෙම කියලා මට ඇයි මෙච්චර රිදෙන්නේ???මගේ දෙයක් උදුර ගත්තා වගේ මට තේරෙන්නේ....."
හද පාරවන වේදනාවන් නිමක් නැති තැන ඇය සීතලේම යලිත් ගත පමණක් පිරිසිදු කර ගත්තේ හිසේ කැක්කුමත් සමඟ නා ගත හොත් ඇයට තනිවම ඒ ශාරීරික වේදනාවත් විදවන්න වන නිසයි…
ඇය තුවායත් ගත පටලා ගෙන එන විට යේනු ඇගේ ගමන් බෑගය සූදානම් කරමිනුයි සිටියේ…
" දේව් අයියා එනවා කිව්වා හේලි තව පැය කාලකින් වගේ...ඉක්මනට ඇඳුමක් දාග , නින් මෙතන හිටි පිළිමේ වගේ බලාගෙන ඉන්නේ නැතුව…."
යේනුගේ නොනවතිනා තරවටුව නිසා ඇය කළු පැහැ ලෙගින් එකකට දණහිසටත් වඩා දිගු සුදු පැහැ ටොප් එකක් හැද ගත්තා..
" සත්තු වත්තට නෙමෙයි යන්නේ යකෝ...උඹ නිකම් සීබ්‍රා කෙනෙක් වගේනේ..ඔය ටොප් එක ගලෝලා වෙන එකක් ඇදගන්…."
ඇගෙන් විසුමක් නැති තැන ආහේලි නැවත අලුමාරිය අවුස්සන්න ගත්තේ අදින්න සුදුසු ඇදුමක් තෝරමින්….එක් වරම ඇගේ සිත ගියේ අහස් නිල් පැහැ ටොප් එකකටයි...කොලරය වටා සුදු පැහැයෙන් එම්බ්‍රොයිඩර් කර තිබුනු ඒ ටොප් එක ඇගේ ඇඳුම් අතුරින් ඇය වඩාත්ම ප්‍රිය කල ටොප් එකක්…
ඉක්මනින් එය ඇඟ ලා ගෙන කොණ්ඩය සම්පූර්ණයෙන් ඉදිරියට ගෙන කනට මදක් පහලින් බුරුලට ගොතන්න ගත්තේ සධිල් පැවසූ එල්සාව සිහිව...ඇය නොසිතාම පෙර දා සෞරගේ උපන්දින සාදය වෙනුවෙන් විර්දේව් සහ යේනු එක්ව ගෙනා රන් පැහැ මාලට පැලද ගත්තා…
එය රනින් නිමවූවක්ද රන් ආලේපිත මාලයක්ද යන්න ඇය නොදන්නා මුත් එතරම් මිලාධික ගෙල පලදනාවක් ඇයට ඔවුන් තිළිණ නොකරන බව සිතූ ආහේලි අදටත් තදින් විශ්වාස කලේ මෙය රන් ආලේපිත මාලයක් කියායි…
ඉදිරියෙන් බොත්තම් තිබූ ටොප් එකක් වූ හෙයින් ද මාලය ගෙලටම සිටින සේ දිගින් අඩු වූවක් වූ හෙයින්ද ටොප් එකේ කරින් හොඳින්ම පෙනෙනා ඒ මාලයෙන් ඇගේ හැඩැති සුන්දර වතට එක් කලේ තවත් සුන්දරත්වයක්...
" මොඩර්න් එල්සා කෙනෙක් වගේ හේලියෝ උඹ නම්….ඇස් වහක් කට වහක් නම් වදින්න එපා අපේ පැටික්කිට…."
ඇගේ සුන්දරත්වයට යේනුගේ දෑස් අගට ගැලූ කදුළු බිදු පිස දැමුවේ ආහේලිට හොරෙන්….
විර්දේව්ගේ වාහනයේ හඬ ඇසෙද්දී යේනූ ආහේලිගේ බෑගය රැගෙන එද්දී ආහේලි සධිල්ම ඇයට මිලදී ගෙන දුන් කළු පැහැ අත් බෑගයකට ඇගේ දුරකථනයත් මුදල් පසුම්බියත් දමා ගෙන වාහනය අසලට ආවේ යේනුගේ මවගෙනුත් සමුගෙන…
" පරිස්සමට පැටික්කි….කෝල් කරපන් ගිය ගමන්….දේව් අයියේ පරිස්සමට කෙල්ලව බලාගන්න…."
යේනු ආයාචනාත්මකව විර්දේව්ට පවසද්දී ආහේලිය දැනුනේ යේනු ගැන දුකක්...තමාගේ සුභ සිද්ධියම සෑම මොහොතකම පතනා මෙවන් යෙහෙළියන් දෙදෙනෙකුගේ ඇසුර ලැබීමට ඇය කෙතරම් නම් වාසනාවන්ත ද කියා ඇයට දැනුනා…
" පණ වගේ පරිස්සම් කරනවා රපුන්සල්ව...ඒක ගැන බයක් තියාගන්න එපා නංගි…."
යේනුගේ බරැති සුසුම් හඬ ආහේලිට ඇසුනත් ඇය ආපසු නොහැරීම වාහනය ගොඩ වුනේ ඇය මහා පරිශ්‍රමයක් දරා නවත්වා ගත් කඳුළු යලිත් අලුත් වේ යැයි බියෙන්…
කළු දිගු ඩෙනිම් කලිසමකට අළු පැහැ ටී ෂර්ට් එකක් හැද සිටි විර්දේව් ඊට උඩින් කළු පැහැ ලෙදර් ජැකට්ටුවක් හැද කළු පැහැ නයිකි සපත්තු දෙකක් පැලද සිටියා...සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහත ඇය ඔහුව දුටු පළමු දිනයේම ඒ අතේ තිබූ බ්‍රේස්ලට් එකද අද එලෙසින්ම ඒ අතේ තියෙද්දී ඇගේ මතකය අතීතයට දිව යන්නේ ඇගේ මුවේ ඇය විදිනා වේදනාව පසෙකලා සිනහවක් ඇදෙද්දී….
විර්දේව් නිහඬවම වාහනය පාරට දමද්දී මවා ගත් සිනහවකින් යේනුව නොපෙනී යන තෙක්ම ආහේලි අත වනමින් ඇයට සමු දුන්නේ පිට පිටම බරැති සුසුම් හෙලෙද්දී…
" බනී ආ යූ ඕකේ ….( ඔයා හොදින්ද????)"
ඇගේ වෙනස ඇයව දුටු විටම හඳුනා ගත් විර්දේව් සිටියේ ඇයත් සමඟ කතා කිරීමට වේලාවක් පැමිණෙන තෙක්…
" ඔව් දේව් අයියා….කොහෙද අපි යන්නේ???"
ඇය කතාව වෙනතකට යොමු කිරීමට ඔහුගෙන් පෙරළා ප්‍රශ්නයක් විමසුවේ ඔහුට සැකයක් ඇති නොවෙනා ලෙසින්…
" බිස්නස් ට්‍රිප් එකක් බනී...හදිස්සියෙමයි යන්න වුනේ...සුදු අයියාගේ සෙකට්‍රි මේන්‍යා එහෙන් ජොයින් වෙන්නම් කිව්වා...එයාව චූටිගේ සෙකට්‍රි එක්ක යැව්වා කම්පැනි එකේ වෙහිකල් එකක…."
ඔහුගේ කතාව අවදානයෙන් අසා සිටි ආහේලි සිතේ තිබුනු එකම පැනය සධිල් කෝ කියායි…
" අප්පත්තියි සෞරයි කොහෙද දේව් අයියා……"
" අර ඉන්නේ……."
විර්දේව් අත දිගු කර පාරේ අයිනකට වෙන්න නවතා තිබූ නවීන පන්නයේ රෝල්ස් රොයිස් වර්ගයේ කාර් රථ දෙක පෙන්නුවා….
ආහේලිට හඬින්ම හුස්මක් ඉහලට ඇදුනේ ඇගේ දෑස් උමතුවෙන් මෙන් සෙවූ ඒ රුව මෙට්‍රොපොලිටන් නිල් පැහැ රෝල්ස් රොයිස් ෆැන්ටම් වර්ගයේ රථයට පිට දී දෑත් පපුව හරහා බැදගෙන සිටිද්දී..ඒ කාර් රථය මීට පෙර ඇය දැක ඇති බව සිහි වුනත් ඒ කොහෙන්ද කියා ඇයට මතකයක් තිබුනේ නැත...
කළු පැහැ දිගු ඩෙනිම් කලිසමක් හැද කළු පැහැම හූඩි එකක් ඇද විර්දේව්ට සමාන සුදු පැහැ නයිකි සපත්තු දෙකක් පැලද සිටි සධිල්ගෙන් දිස් වුනේ කඩවසම් දඟකාර යෞවනයෙකුගේ පෙනුමක්...ඒ කඩවසම් රුව ඉදිරියේ ආහේලිගේ හුස්ම නැවතුනේ ඇගේ මුව පවා විවර වෙද්දී…ආහේලි මේ ඔහුව සාමාන්‍ය ඇඳුමකින් දුටු ප්‍රථම අවස්ථාව වෙද්දී ඇය ඔහුගෙන් මොහොතකට හෝ දෑස් ඉවතට ගත්තේ නැත….
ඔහු විටෙක අත් ඔරලෝසුවෙන් වෙලාව බලමින් ඒ අතින්ම දුඹුරු පැහැ කොණ්ඩය උඩට හදාගන්න අයුරු ආහේලි බලා සිටියේ ඒ උණුසුමට ගුලිවෙන්න බල කරනා හැඟීම සිත තුලම සිර කරගනිමින්..
විර්දේව් සධිල්ගේ ඉදිරියෙන්ම ඔහුගේ රතු පැහැ ජගුවර් කාර් රථය නවතද්දී ඇය දුටුවේ සධිල්ට එහා පස සිටිනා යුවතියක්….ඇගේ හදවත කඩා යනවා මෙන් දැනුනත් ඇය අසීරුවෙන් වුවත් සිත දැඬි කරගත්තේ කදුළු වලට යලිත් ඇයව රිද්දන්න අවසර නොදී….
" බේබ් අපි දැන් වත් යමුද????"
" ලෙට්ස් ගෝ….( අපි යමු).."
සධිල් ආහේලි දෙස ඇස් කොනින් හෝ නොබලා ඒ යුවතියත් සමඟ වාහනයට නඟිනා අයුරු ආහේලි බලා සිටියේ හුස්ම හිර කරවනා තරම් වේදනාවෙන්..ඒ යුවතියගේ හඬ ඇයට දුරකථනයෙන් ඇසුනු හඩට සියයට සියයක්ම ගැලපෙද්දී ඇයට අද මෙන් අසරණකමක් මින් පෙර තිබුනේ නැත...
" මෙයා හින්දද අප්පත්ති මගේ කෝල් එක කට් කලේ???මන් කොච්චර කෝල් ගත්තද???"
ඇය තමාටම මුමුණා ගනිමින් දෑස් වලින් පිටතට එන්න දඟලනා කඳුළු දෑස් තුලම සිර කරගෙන හිත ඇතුළෙන් ඇති පදම් හඬා වැටුනේ ඇයව ඉන් වලකාලන්නට කිසිවෙක් නැති තැන…
" බනී……………"
විර්දේව්ගේ අතක් ඇගේ උරහිසක නතර වෙද්දී ආහේලි තිගැස්සී ඔහු දෙසට හැරුනේ කිසිදු සිනහවකින් තොරව…
" ඕහ් ගෝඩ්…(දෙයියනේ…) ඔයාගේ මූණත් එක්කම සුදුමැලි වෙලානේ රපුන්සල්….සුදු අයියා එක්ක ඉන්න ගර්ල් හින්දද අප්සට් වුනේ???"
ඇගේ සිතැගි වැටහී මෙන් විර්දේව් විමසද්දී ආහේලි කලබලයෙන්ම හිස දෙපසට වැනුවේ නැත කියන්න…
ඇය ඒ යුවතිය ගැන කිසිවක් නොඅසද්දී විර්දේව්ට ආහේලි ගැන පුදුමයක් ඇති වුනත් ඔහු ඇගෙන් ඒ ගැන හාරාවුස්සන්න නොගියේ එය ඔහුට අදාල කාර්‍යායක් නොවූ නිසයි...
" අනේ මන්දා බනී…..ඔයා අද නම් හොදටම වෙනස්….සුදු අයියා මට කිව්වා අද උදේ වුන දේවල්….ඒක හින්දා තාම ෂොක් එකෙන්ද ඔයා ඉන්නේ????"
ඇයට දැනුනේ සැනසීමක්.. ගෙල ලඟට එන තෙක්ම විර්දේව් ඉදිරියේ සිරව සිටි ඇගේ ගැලවීමට මාර්ගයත් ඔහුම පාදා දෙද්දී ආහේලි හිස සලමින් ඔහු කිව් කතාව අනුමත කලා…
" වැඩිය හිතන්න එපා රපුන්සල්….අද අපි සුපිරි ජොලියක් ගමු ආහ්……"
විර්දේව් සිනහා වෙමින් පවසද්දී ඇයත් සිනාසුනේ ඔහුගේ සිනහවට හවුල්ව.. මෙතෙක් වේලා අබීශා හා පිටත රැදී සිටි සෞර වාහනයට නැග්ගේ විර්දේව් වාහනයේ නලාව වරක් නාද කරද්දී….
සෞර ඇද සිටියේ සුදු පැහැ දිගු කලිසමකට සධිල්ගේ පැහැම කළු හූඩි එකක් වුනත් ඒවා එකිනෙකට වෙනස් මෝස්තරයකින් නිපදවා තිබුනා..විර්දේව් මෙන් කළු පැහැ නයිකි සපත්තු දෙකක්ද පැලද සිටි නිසාම ඔවුන් තිදෙනාම සහෝදරයන් බව බලනා ඕනෑම කෙනෙකුට දුර තියාම පැවසීමට හැකි වුනා ඒ කඩවසම් මෙන්ම ගාම්භීර පෙනුම් දකින්නන්ගේ නෙත් සිත් පැහැර ගැනිමට සමත් වෙද්දී…
විර්දේව්ගේ කාර් රථය සෞරගේ ඩාක් එමරල්ඩ් පැහැ රෝල්ස් රොයිස් ගෝස්ට් වර්ගයේ කාර් රථය පසු කරද්දී විර්දේව් එය පසු පසම ධාවනය කරන්න ගත්තේ සාමාන්‍ය වේගයකින්…
ආහේලි විටෙන් විට පිටු පස බැලුවේ ඔවුන්ගේ රථයට පිටු පසින් පැමිණෙනා සධිල්ගේ වාහනය දෙසයි...වාහන තුන එක පෙලට ලන්ව ගමන් කරන නිසා හැරී බැලූ විට ඇයට සධිල්ව මෙන්ම පැසෙන්ජර් අසුනේ හුන් යුවතියද හොදින්ම පෙනුනා…
" බනී අපි මෙහෙම කරමුද???ඔයාගේ බෙල්ලේ අද පොට ගියොත් මට ජීවිතාන්තය දක්වා හොස්පිට්ල් ඉන්න වෙන්නේ...හොදම වැඩේ මන් කාර් එක අනිත් පැත්ත හරවන්නම්..ඊට පස්සේ රිවස් එකේ යමු...එතකොට ඔයාගේ පොට යන්නෙත් නෑ...මගේ අතක් පයක් කැඩෙන්නෙත් නෑ….ඔයාට නිදහසේ බලන්න ඕනේ පැත්ත බලාගෙන යන්නත් පුළුවන්….හාද????"
To be continued..... 💙
මගේ ප්‍රථම මුද්‍රිත නවකතාව "සිහිනයක් වගේ" දැන් ඔබට 20% වට්ටමක් සහිතව මිලදී ගත හැක.
ඔයාලගේ අදහසුත් එක්ක කතාවට ⭐ Vote එකක් දීලා ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න