Into ur heart ♡~JJK/Completed~

By Koo2006

5.1K 1K 366

Into ur heART is an ART When I see you smile in the screen You're good at everything You're just perfect Feel... More

Intro
The art
Random moves
Her lips
Difference
Beach
Villain
Bullet
Cigarette
Make it right
Ultimate goal
Dope vibes
Doubt
Zinging in the rain
Jamais vu
Limit
Nothing like us
You're never really that far away
Misunderstanding
Heartbeat
Tattoo
Jealousy
Be mine
Sun & Moon
Lost pain
Little hope
Golden
Love maze
Tulips
One last promise

Stay alive

111 33 11
By Koo2006

"තමුසෙට පිස්සුද අරී ??"

මින්ජිගේ කටහඩින් මුලු විලා එකම දෙදරලා යද්දි කම්මුලත් අල්ලගෙන අරී නැගිට්ටේ ඇස්වලින් කදුලු එලියට පනිද්දි..

"කොහෙද හිටියේ මෙච්චර දවස් ආ?? "

අරීගෙ කටින් එක වචනයක්වත් පිට වෙන්නේ නැති පාර මින්ජි කෙල්ලගේ උරහිස් දෙකන් අල්ලන් අඩ අඩ කෑගැහුවේ මේ සති දෙක පුරාවට මින්ජි සිඩ්නිවල අගලක් නෑර කෙල්ලව හොයපු නිසා..

"මින්ජි. ඕක නවත්තලා ඔතනින් අයින් වෙනවා.."

අරී මින්ජිට කෑගහද්දි අරීව අතෑරපු මින්ජි කටකොනේ හිනාවක් එක්ක කෙල්ලට කිණ්ඩියට හිනා වුණා..

"අතාරින්න ?? අතාරින්න කියලද කියන්නේ තමුසේ ආ .. හිතන්න එපා වෑන උන් වගේ අතාරින්න කිව්වාම අතෑරලා යන ජාතියේ එකෙක් කියලා. අනික තමුසේ කොහෙද හිටියේ අරී.. දන්නවද දන්නවද මම බය වුණ තරමක්.."

මින්ජි අතපය දිගෑර දිගෑර අරීට බනින්න ගත්තා..

"මින්ජි මම හොදින් ඉන්නවා පේනවානේ .. "

අරී අහක බලාගෙන කිව්වා..

"හොදින් ඉන්නවා ? අහ් තමුසේ හිතන්නේ මගේ ඇස් පොට්ටයි කියලද හලෝ.. බලනවා සති දෙකට වෙලා තියන දේ. තව ටික දවසක් යන කොට ඇටකටු ටිකත් එලියට පනී.. "

මින්ජි අරී දිහා බලලා කියනකොට අරී බිම බලා ගත්තා..

"මොනාද වුණේ කියනවා මට එදා ආ ??
තමුසේ ඇත්තටම ඒ වගේ ජරා කෙල්ලෙක්ද ??"

මින්ජි කිණ්ඩියට වගේ අහනකොට ඇස් දෙකත් රතු කර ගෙන අරී මින්ජි දිහා බැලුවා..

"මින්ජි.. තමුසෙත් හිතන්නේ මම ඒ වගේ වේ* ගෑනියක් කියලද ආ??

මගෙන් අහන්නේ මොනාද වුණේ කියලා .. කිව්වෙ නැද්ද අර මහ ලොකු මහත්වරු දෙන්නා..

මිනිහෙක්ගේ ඇගක් යටට යට වෙලා මම දුක් විදිද්දි එකෙක් ආවේ නෑ බේර ගන්න .

ආවත් අර ඉරිච්ච ඇදුම පිටින් මහ හෝටලයක් මැද්දේ මාව තනිකරලා ගියා..

අඩුම අඩුම මින්ජි ඔයාවත් හිටියද එදා ??

😭😭😭

මගේ ජීවිතේ සෙල්ලමකට අරන් ඔයාලා ඔක්කොම ඇයි ඇයි ?? ඇයි එහෙම කරේ ??"

අරී අඩ අඩ බිත්තිය දිගේ රූටලා බිම ඉදගෙන කකුල් අස්සේ මූණ හන්නගන්න ගමන් කියද්දි මින්ජි කෙල්ල ලගට නැමිලා අරීව බදා ගත්තා..

"අරී එදා වුණේ මොකද්ද කියලාවත් මම දන්නේ නෑ දෙයියනේ.. හදිස්සියක් කියලා ටේ මාවත් ඇදගෙන විලා එකට ආවේ.. අරී කොහෙද කියලා ඇහුවට එක්කෙනෙක්වත් උත්තරයක් දුන්නේ නෑ..

දවස් දෙකක් ඔහේ ගෙවිලා ගියා.. මම .. මම ඔයාට කොච්චර කෝල්ස් ගත්තද ?? අන්තිමට මට ඔයාගේ ෆෝන් එක අම්බුනේ පාටි එක තිබුණ හෝටලේ රූම් එකක තිබිලා.."

මින්ජි කියද්දි අරී ක්ෂණිකව ඔලුව ඉස්සුවා..

"මොකක් ??එතකොට මන් ලග තිබුණේ අර මිනිහගේ phone එකද ??"

අරී කියද්දි මින්ජි උරහිස් අකුලව්වා..

"මම දන්නෑ අරී. ඒත් ඔයාගේ phone එක තියෙන්නේ මන් ලග.. එදා පාටි එක දවසට පස්සේ දවසෙම ජන්කුක් කොරියාවට ගියා. මම දන්නෑ .. කොල්ලා ටේ එක්කවත් වචනයක් කතා කරේ නෑ.. "

"එයා.. එයා මොනා හිතන්න ඇද්ද මින්ජි.. මභ හිතා මතා නෙමෙයි එතන හිටියේ.. වොශ් රූම් එකට යන්න ගිය මාව කවුදෝ මිනිහෙක් රූම් එකකට ඇදන් ගියේ බලන් මින්ජි.. මම මම එහෙම ජරා කෙල්ලෙක් නෙමෙයි කියලා ඔයා දන්නවා නේද ??"

අරී ඉකි ගගහා කියද්දි මින්ජි කෙල්ලව නැගිට්ටවලා බදා ගත්තා.

"හැමදේම හරියයි අරී.. ඕක අමතක කරන්න.. ඔයාට ජන්කුක්ට වඩා හේද කෙනෙක් ලැබෙයි.."

මින්ජි කියද්දි මින්ජිගෙන් ඈත් වුණ අරී කදුලුත් පිහිදගෙන උඩ තට්ටුවේ තමන්ගේ කාමරේ දිහාට යන්න ගත්තා..

"ඔව්.. මේ හැමදේම හරි යයි.. මින්ජි.. මම හෙට දවල් flight එකෙන් කොරියාවට යනවා.. මෙච්චර කට්ටක් කෑවේ කන්ග්ගෙන් පලිගන්න.. මට බෑ අන්තිම මොහොතේ ඔක්කොම අතෑරලා දාන්න. "

පඩි පෙලේ බාගයක් නැගපු කෙල්ල නතර වෙලා කියද්දි මින්ජි පුදුමෙන් වගේ කෙල්ල දිහා බලන් හිටියා..

"ඒත් අරී ?? ඔයා ??"

"බය වෙන්න එපා .. හැමදේම ඉවරයි.. අද විලා එකට ආවේ සිඩ්නිව බය කරපු ගිනිකිරිල්ලිවත් සිඩ්නිව ලස්සන කරපු විනීවත් නෙමෙයි.. ඒ දෙන්නා මැරිලා ගිහින්.. ආයේ නොඑන්නම ගිහින්.. අද ආවේ නිකන්ම නිකන් අරී විතරයි.. මේ අරීත් ඉක්මණට මේ හැමදේම ඉවර කරලා යන්නම යනවා.. "

මින්ජි මොකුත් කියන්නත් කලින් අරී උඩට දිව්වේ ඇස්වලින් ගලන කදුලු මින්ජිට පේයි කියලා බයෙන් වගේ..

ජීවිතේ සමහර තැන් තියනවා
කෙනෙක්ව වෙනස් කරන්න පුලුවන් තරමට බලපෑම් කරන..
සිඩ්නි බය කරපු ගිනිකිරිල්ලිට තමන්ව ආරක්ෂා කර ගන්න බැරි වෙද්දි අරීගේ හිතේ ඇති වුණේ කලකිරීමක් විතරයි..

කෙල්ලට ඕනි කරා මේ නාට්‍යයේ තමන් රගපාපු හැම චරිතයක්ම නැති කරලා දාන්න...

ගිනි කිරිල්ලි
විනී
මනෝ වෛද්‍යරිය
Hacker
Software engineer
මේ කියන හැම චරිතේ වගේම
අරී කියන චරිතෙත් ලෝකෙන්ම ඈත් කරන්න අරීට ඕනි වුණා..

ඒත් මෙච්චර මහන්සි වෙලා
අන්තිම මොහොතේ අතාරින්න ඕනි වුණේ නෑ..
ඒ නිසයි කෙල්ල තීරණේ කලේ
ඔම්මලාට සාධාරණයක් ඉශ්ට කරන කල් අරී කියන චරිතේ මේ නාට්‍ය ඇතුලේ ජීවිත් වෙන්න ඕනි කියලා..

.
.
.
.
.
.
.
.
.

Two weeks ago
@ Jeon house

දවල් කෑම අරගෙන මියුන්ගි ලිවින් රූම් එකට වෙලා drama එකක් බල බල හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසා..
එකපාරටම ගෙදර දොරත් ඇරගෙන ඇතුලට ආවේ ජන්කුක්.. මියුන්ගි පුදුම වෙලා කොල්ලා දිහා බලන් හිටියේ තව සති දෙකකින් විතර එනවා කියපු කෙනා ඇයි මේ ගෙදර ඇවිත් තියෙන්නේ කියලා මියුන්ගිට හිතා ගන්න බැරි වුණා..

"කුකී. ඔයා ආවාද ??"

මියුන්ගි නැගිටලා කොල්ලා ලගට ගියා..

"ඇයි කුකී මේ.. ඇස් දෙක ඉදිමිදලත් එක්ක.. පොඩ්ඩක් ඉන්න ඔයා ඇඩුවද කුක් ??"

මියුන්ගි කොල්ලගේ මූණ අත් අතරට ගන්න ගමන් කොල්ලගෙන් ඇහුවේ ජන්කුක්ගේ මූණ පරවුණ මලක් වගේ වෙලා තිබුණ නිසා..

"අහ්.. ආනි ඔම්මා.. මම මොකට අඩන්නද ? හරියට නින්දක් තිබුණේ නෑ ඒක නිසා වෙන්න ඇති.. "

ජන්කුක් අහක බලා ගෙන කියද්දි මියුන්ගිට සැක හිතුනත් මොකුත් අහන්නේ නැතුව ඉන්න එක හොදයි කියලා හිතුනා..

ජන්කුක් මියුන්ගිව පිටිපස්සෙන් බදාගෙන ඔම්මගේ උරහිස උඩ නිකට තියා ගත්තේ මියුන්ගි කිචන් එකට යද්දි කොල්ලාත් ඒ පිටිපස්සෙන්ම යද්දි..

"කුකී.. ඔයා ඔම්මට බොරුත් කියන්න අරන් නේද දැන් ??"

මියුන්ගි ජන්කුක්ට හින්ට් එකක් ගැහුවේ කොල්ලගේ මූණේ අසරණ හිනාවක් ඇදෙද්දි..

ජන්කුක් මොනා කියන්නද එයා ඔම්මට !!

ඔම්මා මම කෙල්ලෙක්ට ආදරේ කරා .. ඒත් එයා මාව රවට්ටලා කියන්නද !!

ඔම්මා මගේ හදවත රිදෙනවා කියන්නද !!

ජන්කුක්ගේ පැත්තෙන් බලපුවාම කොල්ලා සාධාරණයි. !!

හැබැයි ජන්කුක්ට තිබුණා මේ ගැන හොයලා බලන්න..

දැක්ක දේ විශ්වාස කරන්න කලින්
ඇත්ත හොයලා බලන්න.. ඒත් නෑ ජන්කුක්ට ඒකට උවමනාවක් තිබුණේ නෑ..

ජන්කුක් ජීවිතේ පලවෙනි වතාවට තමන්ගේ ඔම්මටත් වඩා කෙල්ලෙක්ට ආදරය කරා .

ඉතින් ජන්කුක් හිතුවේ
අරීට එච්චර ආදරය දුන්න එක මෝඩකමක් කියලා !!

ඒත් කොල්ලා තේරුම් ගත්තා නම්
ඒක අවංක ආදරයක් කියලා !!

"නෑ ඔම්මා.. මම මොකටද බොරු කියන්නේ ?"

ජන්කුක් බොරු කියද්දි මතු වෙන එයාගේ හැසිරීම් මැඩපත්තවන්න උත්සහ කරන ගමන් කිව්වා..

"එහෙනම් මොකද වුණේ කියන්න මට "

ජන්කුක් පුටුවකින් ඉදගද්දි මියුන්ගි කොල්ලට බනානා මිල්ක් එකක් හදන්න ගත්තා..

"අහ්. ඔම්මා ඒක ලොකු දෙයකී නෙමෙයි.. කම්පණි එකේ පොඩි අවුලක්.. ඒක හරිගස්සන්න ඕනේ. "

"හරි හරි ඉතින්. ඇත්ත කියන්න හිතුන දවසක කියන්නකෝ කුකී. අමතක කරන්න එපා ඔයාගේ මියූ ඔම්මාට බොරු කරන එක ලේසි දෙයක් නෙමෙයි කියලා "

මියුන්ගි බනානා මිල්ක් එක කොල්ලගේ අතට දෙන ගමන් කියද්දි ජන්කුක් මොකුත් නොකියා හිටියේ ඒකට කියන්න ඕනි මොනාද කියලාවත් කොල්ලට තේරුම් ගන්න බැරි වුණ නිසා..

"ඔම්මා.. මම වොශ් එකක් දාන් එන්නම්.. මහන්සි "

කොල්ලා එක උගුරට බනානා මිල්ක් එක බීලා කාමරේට ගියේ බොරු කියලා තවත් ඔම්මා ඉස්සරහ ඉන්න හිත දුන්නේ නැති නිසා..

ජන්කුක්ගේ විඩාබර මූණ දිහා බලන් හිටපු මියුන්ගි ලොකු හුස්මක් පාත දැම්මා..

ඔම්මා කියන්නේ මේ ලෝකේ ඉන්න
හොදම සවන් දෙන්නිය
ඒ වගේම තමයි හොදම
තේරුම් ගන්නිය..

පුංචි කාලේ ඉදන් ජන්කුක්ව උස්මහත් කරපු මියුන්ගිට ජන්කුක්ගේ පොඩි වෙනස වුනත් ඉක්මණට තේරුම් ගන්න පුලුවන් වුණා..

ඔය විදියට කොරියාවට ආපු ජන්කුක් සති දෙක ගෙවලා ඉවර කර ගත්තේ බොහොම අමාරුවෙන්..

උදේ පාන්දර කම්පණි එකට යන කොල්ලා ගෙදර ආවේ මහ රෑ 12ත් පහු වෙලා..

ජෝන්ට වගේම මියුන්ගිටත් ජන්කුක්ගේ මේ අලුත් හැසිරීම ප්‍රශ්නයක් වුනත් එයාලට කොල්ලා එක්ක කතා කරන්නවත් වුණේ නෑ..

කොහොමත් නිහඩ චරිතයක් වුණ ජන්කුක්
වෙනදටත් වඩා නිහඩ වෙලා
අඩුම ටේ ජිමින් එක්කවත්
කොල්ලා වචනෙකට දෙකකට එහා කතා නොකරපු තරම්..
ටේ වගේම ජිමිනුත් කොල්ලගේ හිත හදන්න උත්සහ කරපු හැමවෙලේම වගේ
ජන්කුක් කරේ එයාලව මගෑරපු එක..

කම්පණි එකේ ඉහලම තට්ටුවක තිබුණ කැබින් එකට වෙලා කොල්ලා මුලු දවසම කරේ file check කරපු එකයි වගක් තුගක් නැතුව කොල්ලගේ ටේබල් එකට ඉස්සරහ බිත්තියේ ගහලා තිබුණ ජන්කුක්ගේ අතින්ම ඇදුන චිත්‍රේ දිහා බලන් ඉන්න එකයි තමයි..

කොල්ලා හිතු මතේට පින්සල පාවිච්චි කරත් වෙනදා වගේ සජීවි බවක් චිත්‍රවලට දෙන්න ජන්කුක්ගේ මලානික අත්වලට බැරි වුණා..

සතියක් ගෙවිලා යද්දිත් ජන්කුක්ගේ මූඩ් එක වෙනස් කරන්න කාටවත් බැරි වුණා..

කම්පණි එකම ජීවිතේ කර ගෙන වගේ ජන්කුක් කම්පණි එකෙම දවස ගෙවද්දි මියුන්ගි ගොඩක් බය වුණා..

මොකද මියුන්ගි දැනන් හිටියා ජන්කුක් ඉන්නේ ලොකු ප්‍රශ්නෙක බව...

මුකුත්ම නොකියා අදත් ජන්කුක් කම්පණි එකට පිටත් වුණේ මියුන්ගි අහපු දේ කොල්ලට නෑහුනා වගේ..

කොහොම හරි ජන්කුක් කැබින් එකේ සෝෆා එකට වෙලා ටැබ් එකෙන් මොකද්දෝ කුරුටු ගගා හිටියේ..

කොල්ලගේ කොණ්ඩෙත් කපුටු කූඩේ වගේ වෙලා තිබුණා..

ඒත් ජන්කුක්ගේ මූණේ හැන්ඩ්සම්කම නම් ටිකක්වත් අඩු වෙලා තිබුණේ නෑ.. දුකෙන් මැලවිලා හිටියත් ඒ හිටියේ ඕනිම ගෑනු හිතක් වශී කරන්න පුලුවන් ජන්කුක්ම තමයි !!

කැබින් එකට එකපාරම ආපු ටේ වගේම ජිමින් නිසා කොල්ලා ගැස්සිලා ගියා.. මීට කලින් ටේවත් ජිමින්වත් කොල්ලගේ කැබින් එකට ඇවිත් තිබුණේ නෑ..

ජන්කුක්ගේ ඇගට පනින්න හිතාගෙන දෙන්නා ඇතුලට ආවත් කටවල් බලියාගෙන දෙන්නම් බිත්තියේ ගහලා තිබුණ ලොකුම ලොකුම drawing එක දිහා බලන් හිටියා..

ඇත්තටම
ඒකේ හිටියේ ගෑනු ලමයෙක්
ස්වරූප තුනකින්..

දන්නවද?
අරීවයි ජන්කුක්ගේ පින්සලෙන් පණ ගන්වලා තිබුණේ..
ඉස්සරහින්ම ඇදලා තිබුණේ අරී කහපාට ගවුමක් ඇදන් ඉන්න කියුට් පින්තූරයක්.. ඒ වගේම අරීගේ පිටිපස්සෙන් විනීවත් ගිනි කිරිල්ලිවත් ඇදලා.

හිතන්නකෝ බැලේ නටන ගමන් ඉන්න අරී , වෙපන් එකක් අතේ තියන් ඉන්න අරී , ටේ ජිමින් දැකලා තියන අරීයේ එකම පින්තූරෙක ඉන්නකොට දෙන්නට කණට ගහලා අතෑරියා වගේ හැගීමක් දැනුනේ ...

අවුල් වෙලා තියන කොණ්ඩේ අතෙන්ම හදා ගන්න ගමන් ජන්කුක් නැගිටලා ටේ ගාවට ආවා..

"හියොන්ග් ??"

ජන්කුක් කතා කරද්දි තමයි ටේ වගේම ජිමිනුත් ගැස්සිලා හරි සිහියට ආවේ..

"කුකා. මොකද්ද බන් මේ ඇදලා තියෙන්නේ.. ?"

"ඇයි හියොන්ග් ඒක කැතයි ද??"

"කැතක් නෙමෙයි යකෝ. මොකද්ද මේකේ තේරුම.. තමුසේ ඒ කෙල්ලව දාලා ආවා නම් මොකද්දේ මේ චිත්‍රයක් බිත්තිය පුරා ගහගෙන කරන්නේ..?"

"හියොන්ග්.. මේකේ ඉන්නේ අරී..මම දන්න අරී.. හියොන්ග් දන්නවද තව ඕකට docter අරීවයි , hacker අරීවයිත් එකතු වෙන්න ඕනි "

"මොකක් ? බොට පිස්සුද යකෝ ?"

"නෑ ජිමිනි හියොන්ග්.. මට පිස්සු නෑ.. ඔයා අවුරුදු ගානක් මූණ බලන්න දගලපු විනී කියන්නේ අරීට , ඒ වගේම මින්ජි එදා කියපු fire bird කියන්නෙත් අරීට "

ජන්කුක් බිම බලන් කියනකොට කොල්ලගේ ඇස්වලින් කදුලු බින්දු දෙකක් බිමට වැටුනා..

"ඇයි බන් මෙහෙම විදවන්නේ.. අමතක කරලා දාපන්කෝ "

ටේ කිව්වේ කොල්ලව බදා ගෙන .

"මට මට.. තාම විශ්වාස කරන්න බෑ හියොන්ග්. මගේ කෙල්ල එහෙම කෙනෙක් නෙමෙයි.. මගේ හිත නිතරම කියනවා එතන මොකක් හරි ලොකු වැරැද්දක් තියනවා කියලා.. "

"තෝ දැන් කියන්නේ ඇස් දෙකටම දැකපු දේ විශ්වාස නොකර ඉන්න කියලද ??"

"මම දන් නෑ හියොන්ග්.. මට ඒ කෙල්ලව මතක් වෙනවා.. මට මට අඩුම කෑමක්වත් කන්න හිතෙන් නෑ. මම මැරිල් ගියා නම් මීට හොදයි .."

"කුකී .. මේ අහන්න .. ඔයාලා දෙන්නා එතන වුණ දේ දැක්කා වෙන්න පුලුවන්. ඒත් වුණේ මොකද්ද කියලා හරියටම දන්නේ නෑනේ.. අරීව ඔයාට විශ්වාස නැත්තම් ඒ ගැන හොයලා බලන්න.. උඹලා දෙන්නත් තිරිසන්නු වගේනේ එතන හැසිරිලා තියෙන්නේ. දන්නවද මේ සතියට මින්ජි මට කෝල් කර කර අඩපු තරමක්.. අරීව හොයා ගන්නවත් නෑලු බන්.. "

ජිමින් එහෙම කියද්දි ටේ ජන්කුක්ව ඈත් කරා ..

"හරි දැන් අපි ආවේ මේවා මතක් කරලා මූව අඩවන්න නෙමෙයිනේ.. මියූ ආන්ටි කිව්වා මේ කෑම එක දෙන්න කියලා.. "

ටේ එහෙම කියලා යන්න ගියේ ජිමිනුත් ජන්කුක්ගේ පිටට තට්ටුවක් දාලා යනකොට...

ජන්කුක් කෑම එකත් අරන් කැබින් එකේම තිබුණ රෙස්ට් රූම් එකට ගියා..

කන්න පිරියක් නොතිබුණත්
ඔම්මගේ අතින් හදපු කෑම
අහක දාන්න ජන්කුක්ට ලෝභ හිතුණා..

ඇත්තටම ජන්කුක්
ඇයි එදා අරීව එහෙම තනි කරේ කියන්න කොල්ලාවත් දන් නෑ..
ජන්කුක්ට ඕනි වුනත් ඒ වැරැද්ද හරි හස්සන්න ඕනි කියලා
දැන් ඒකට ගොඩක් පරක්කු වැඩි බව කොල්ලට තේරුනා ...

ඒ විතරක් නෙමෙයි
කොල්ලගේ එක පැත්තක් කිව්වේ

ජන්කුක් ඔයා ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්න.. එයා එයාගේ ජීවිතේ ඒ විදියට සතුටින් ගෙවන්ප කැමති නිසානේ එදා රූම් එකක් අස්සේ හිටියේ !!

ඉතින් ජන්කුක්ට දැනුනේ දෙලොවක් අතර අතරමං වෙලා වගේ !!

ඉක්මණට කෑම කාපු කොල්ලා ටැබ් එකත් අරගෙන ආයෙම පුටුවෙන් ඉදගත්තා..

කොල්ලා දැනන් හිටියේ නෑනේ කැබින් එකේ දොර ලගට වෙලා කොල්ලගේ මේ හැසිරීම් දිහාවට තව ඇස් දෙකක් එල්ල වෙලා තිබුණා කියලා..

විනාඩි ගානක් ගිහිල්ලත් කොල්ලගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති වෙනකොට දොර ලග හිටපු කෙනා ඇතුලට යන්නයි හැදුවේ..

ඒත් එක පාරටම කොණ්ඩෙත් පිටිපස්සට කරන ගමන් chair එකට බර වුණ ජන්කුක්ගේ පිය වුණ ඇස් දෙකෙන් රූටන කදුලු බින්දු දැකපු ඒ පුද්ගලයා ටිකක් ගැස්සුනා..

ඒත් ඉක්මණට ඇතුලට ගියේ ඒ ඇස්වල කදුලු තියනවට එයා වුනත් කැමති නැති නිසා..

"ඔප්පා... "

කැබින් එක ඇතුලට යන ගමන් ජන්කුක්ට ඒ කෙල්ල කතා කරනකොට ජන්කුක් ඇස් ඇරලා බැලුවේ කේන්තියෙන්...

"තමුසේ මොකද මේක අස්සේ කරන්නේ ?? මැනස් කියලා දෙයක් දන්නැද්ද හලෝ .. ඇතුලට එනකොට තට්ටු කරලා එන්න "

ජන්කුක්ගේ කට හඩට ගැස්සුන කෙල්ල ජන්කුක් දිහා ගල් වෙලා බලන් හිටියා..

ටික වෙලාවක් යනකොටයි ජන්කුක්ට තේරුනේ තමන් කරේ වැරැද්දක් කියලා.. ඒත් කොල්ලගේ හිත සමාව ඉල්ලන්න කවදත් නැතුව මුරණ්ඩු වෙලා..

ඉතින් කොල්ලා කට වහන් හිටියේ බලන් ඉදලා ඇති වෙලා යයිනේ කියලා වෙන්න ඇති...

ඒ කවුරු වෙන්න ඇතිද ??

ජන්කුක්ට දැකලා හුරු කමක් දැනුනත් නමක් නොදන්න ඒ කෙල්ල කාගේ කවුරු වෙන්න ඇත්ද??

.
.
.
.
.
.
.
.
.
.
.

Back to present

අරී විලා එකට ආවට පස්සේ ගෙවෙන දෙවනි දවස.. හැබැයේ කෙල්ල හිටියේ සිඩ්නිවල විලා එකේ නම් නෙමෙයි.. ඒ වෙනුවට කෙල්ල හිටියේ සෝල්වලින් ගත්ත අපාර්ට්මන්ට් එකක කිව්වොත් හරි..

උදේම ලෑස්ති වෙලා කෙල්ල files ටිකකුත් අරන් ටැක්සි එකකින් NIS Office එකට යන්නේ වැදගත් කාරනේකට..

ඔෆිස් කිට් එක ඇදලා හිටපු අරීව ගොඩක් හොට් විදියට පෙනුනේ..

කොහොම හරි හෙඩ්ගේ කැබින් එකට ගිහින් කෙල්ල තට්ටුවක් දැම්මා..

"Come in"

ඇතුලෙන් ටිකක් ගැඹුරු කට හඩක් ඇහෙද්දි කෙල්ල ඇතුලට ගියා...

"ඔහ්.. මේ අරී වෙන්න ඕනි මම හරිනේ ??"

හෙඩ් කියද්දි කෙල්ල ඔලුව වැනුවා..

"Yes sir.. මම ජන්ග් අරියානා. "

"ඔකේ.. මෙතනින් ඉදගන්නකෝ ඇවිත් "

ටේබල් එක ඉස්සරහ දාලා තිබූණ පුටුවක් පෙන්නලා හෙඩ් කියද්දි අරී ගිහින් එතනින් වාඩි වුණා..

"ඉතින් අරී.. අපි ඇත්තටම ඔයාට තෑන්ක්ස් කරන්න ඕනි කන්ඛ්ව අල්ලගන්න කරපු උදව් වලට.."

"ඒක සුලු දෙයක් සර්... මම ආවේ අන්තිම crime evidence ටිකත් දීලා යන්න.. මගේ ඔම්මයි අප්පයි ඇක්සිඩන් කරෙත් කන්ග් කියන්න ඕනි කරන ඔක්කොම සාක්ශි මෙතන තියනවා.."

"ම්ම්.. ගුඩ්. මේ වගේ තිරිසන්නුන්ට නම් ලැබෙන්නෝනි මරණ දඩුවමම තමා.. මට තියන බය මූට political පැත්තෙන් තියන connection වැඩි නිසා ඌව නිදහස් කරන්න කියලා බලපෑම් එයිද කියන එක.."

"ඔහ්.. එහෙම වුනොත් නම් අතින් ඔයාලට කරන්න දෙයක් නැති වෙයිනේ සර් .."

සන්සුන්ව කියනකොට හෙඩ් ටිකක් පුදුම වුණා.. මොකද අරීට ඕනි කරලා තිබුණ එකම දේ වුණේ කන්ග්ට වද දීලා වද දීලා මරලා දාන එක..

වද දෙන එක නම් දැනටමත් NIS එකෙන් හොදටම කරලා තිබුණා...

" අරී ඔයා කියන්නේ එහෙම වුනොත් කමක් නෑ කියලද ?"

"Ofc .. ගොඩින් බැරි නම් මඩින් හරි ඒ දේවල් වෙන්න ඕනි විදිය මම දන්නවා. අනික කොරියාවේ special sugent කෙනෙක් අතින් මිනියක්.මැරුණට අවුලක් නෑනේ.."

අරී කටකොනින් හිනා වෙන ගමන් කියද්දි හෙඩ් අරී දිහා බැලුවේ මේ මොනාද කියන්නේ අහන්න වගේ බැල්මකින්..

"ඔහ්.. ඒ ගැන හිතන්න එපා සර්.. මම මේ නිකන් කිව්වේ ඒක.. "

"නිකන් වෙන්න බෑ.. අරී මොකද්ද ඔයා හංගන්නේ ?"

"අනේ මොකුත් නෑ.. ඒත් සර් ඔයා දන්නවද ? මේ ඔයලගේ මෙයින් හැකර් කවුද කියලා.. මම කියන්නේ එයාගේ හරි නම ගමවත්??"

අරී අහද්දි හෙඩ් අන්දුන් කුන්දුන් වෙලා ගියේ ඇත්තටම කවුද කියලා එයා නොදැන හිටපු නිසා..

"මොකක්. අරී ඒ ඔයාද ??"

"ඔව්.. ඒත් ඒක මෙතනට අදාල නෑ.. මට කන්ග් එක්ක ටිකක් කතා කරන්න ඕනි.. "

අරී ස්ථීර හඩකින් කියද්දි nis හෙඩ් ඔලුව වනලා නැගිට්ටේ එයාම අරීව කන්ග් ලගට එක්කන් ගියා නම් හොදයි කියලා හිතුන නිසා..

"යමු අරී මාත් එක්ක.."

හෙඩ් අරීව එක්කන් යද්දි කෙල්ලත් පස්සෙන් ගියා..

අදුරු කොරිඩෝවක අයිනෙම තිබුණ කාමරේ තමයි කන්ග් හිටියේ.. පොලු වලින්ම ගුටි කාලා මුලු ඇගම ඉදිමිලා තිබුණා..

"කන්ග් ඔයාව හම්බෙන්න කෙනෙක් ඇවිල්ලා "

එහෙම කියලා හෙඩ් එතනින් අයින් වෙනකොට කන්ග් යක්සාවේස වෙලා වගේ කෑගහගෙන දොර ලගට ආවා..

"ඔහ්.. කොහොමද මාමේ ?? Long time noe see ?"

"කවුද කවුද තමුසේ ???"

නොපෙනෙන දොර එහා පැත්තේ ඉදන් කන්ග් කෑ ගහනකොට අරීට කට කොනේ හිනාවක් ගියා..

"අයියෝ .. මාමේ ඔයාට අරීව අමතකයි කියලා නම් කියන්න එපා.. ඔයාගේ එකම මල්ලිගේ චූටි දූ මම.."

කිණ්ඩියට වගේ එහෙම කියපු අරී නිහඩ වුණේ එහාපැත්තෙන් කන්ග්ගේ වියරු වැටුණ හඩ ඇහුන නිසා..

" තමුසේ තමුසේ කොහොමද ජීවත් වෙන්නේ.. එදා තමුසෙගේ මිනියත් එතන තිබුණා.. බොරු.. බොරුවක් ඒක "

"අයියෝ මාමේ.. ඉතින් ඔයා දැක්කද මගේ බොඩි එක තියනවා.. නෑනේ ??"

අරී කියද්දි කන්ග් යකඩ දොරට තඩි බාන්න ගත්තේ තරහෙන්..

"කමක්නෑ.. මම ඔයාව බලන්න ආසාවෙන් හිටියේ .. ඒත් බලන්න දෙන්න බෑ කිව්වනේ.. සතුටින් ඉන්න මාමේ.. මගේ ජීවිතේ අපායක් කරා වගේ මම ඔහේගේ ජීවිතේ අපායක් කරා.. මැරෙන්න එපා.. ඒත් ඔයාව මරවන්නම්.. "

එහෙම කියපු අරී එතනින් යන්න ගියේ entrance එක ලග හිටපු NIS headටත් ආචාර කරලා..

"තෑන්ක්ස් සර්.. "

"ඔහ් ඕකේ.. "

වචනෙන් දෙකෙන් කතාව ඉවර කරපු අරී ඊලග යන්නේ කන්ග් කම්පණි එකට..

ඒ වෙනකොටත් බන්කොලොත් වෙලා තිබුණ කම්පණි එක ආයේ ගොඩ ගන්න අරීට ඕනි කමක් තිබුණේ නෑ..

ඒ නිසාම කෙල්ල තීරණේ කරනවා කම්පණි එකේ වැඩ කරන හැමෝටම රස්සාවක් හොයලා දීලා කම්පණි එකේ properties ටික විකුණලා ආයෙම කොරියාවට යන්න..

ඉතින් ඒ වැඩ වලට කෙල්ලට තව සති දෙක තුනක්වත් කොරියාවේ ඉන්න වෙනවා. ඒ වගේම කන්ග් කම්පණි එකේ properties මිල දී ගන්න කැමති වුණ කිම් කම්පණි එක , ජෝන් කම්පණි එක වගේම JSK company එකත් එක්කත් කෙල්ලට මීටීන්ග්ස් ගොඩක් තියන්න වෙනවා කියලා කෙල්ල දැනන් හිටියා..

අකමැත්තෙන් වුනත් කෙල්ලට ආපහු ජන්කුක් ඉස්සරහට යන්න වෙන එකට නම් කෙල්ල ගොඩක් දුක් වුණා..

කන්ග් කම්පණි එකට ගිය කෙල්ල ඉස්සෙල්ලාම staff meeting එකක් කැදවනවා.. කම්පණි එකේ මැනේජර් වුනත් කෙල්ලට බාධාවක් වෙන්න ගියේ නැත්තේ කන්ග් කම්පණි එකත් එක්ක නටපු නාඩගම් නිසා එයාලාත් ගොඩක් වෙහෙසට පත් වෙලා හිටපු නිසා..

@ Kang company

Staff meeting ඉවර වෙලා CEO cabin එකට ආපු අරී මැනේජර්ට කතා කරන්නේ කැබින් එකේ හැටි දැක්කාම කෙල්ලට වමනෙට ආපු නිසා.. වයින් බෝතල් , වොඩ්කා බෝතල් හිටන් හැමතැනම විසිරිලා මල් පොච්චි කුඩු කරලා කැබින් එක ආපායක් වෙලා තිබුණේ..

"මැඩම් මට එන්න කිව්වේ ?"

"බලනවා මේ කැබින් එකේ හැටි.. තමුසෙලාට මේකවත් අස් කරලා දාන්න සිහියක් නැද්ද ?"

අරී මැනේජර්ට බනින්න ගත්තේ කෙල්ලගේ ඉවසීමේ සීමාව උදේ ඉදන් පනිමින් තිබුණ නිසා.. කෙල්ලට ඕනේ කරේ කාපිටින් හරි ඒ තරහ පිට කරන්න..

"සමාවෙන්න මැඩම්.. ඒත් මේ කැබින් එකට සර් ඉද්දි ඇරෙන්න එන එක අපිට තහනම්.. ඉතින්. "

දොර ලග හිටපු මැනේජර් බයෙන් වගේ කිව්වේ මේ ටික වෙලාවට අරීගේ ඇතුලේ ඉන්න යක්සනීව එයා තේරුම් අරන් තිබුණ නිසා..

හොදට හොදයි..
නරකට නරකයි..

කිසිම ගැලවීමක් නෑ..

"හරි හරි. ගිහින් මේකට cleanersලා එවනවා. මේ හැම දේම පිලිවලකට තියෙන ඕනි.."

"හරි මැඩම්.."

මැනේජර් කෙල්ලට ආචාර කරලා යද්දි කෙල්ල කෝල් එකක් ගත්තේ මින්ජිට...

මොකද කෙල්ල එන්න කලින් පොරොන්දු වුණා අඩුම දවසට තුන්පාරක්වත් කෝල් කරනවා කියලා..ඉතින් ඒක කෙල්ලට කරන්න වුණා ..

.
.
.
.
.
.
.
.
.
.

@ JSK company

කඩිමුඩියේ කැබින් එකට ආපු ජන්කුක් ලැප් එක ඔන් කරලා file එකක් බලන්න ගත්තේ එයාගේ සෙල්ස්වලට තව තව ඉල්ලුම වැඩි වුණ නිසා.. කොල්ලට ඇත්තටම හිටියේ තාවකාලික සතුටක කිව්වොත් හරි..

පරක් තෙරක් නැතුව කම්පණි එකේ ජීවත් වුණ ජන්කුක්ගේ නිවහන කම්පණි එක වෙලා දැනටමත්..

ඒ නිසාම ජන්කුක්ගේ අප්පා කොල්ලා නොහිතූ වෙලාවක කැබින් එකට එන්නේ කොල්ලවත් පුදුම කරලා..

"කුකී "

කැබින් එකට එන ගමන්ම ජෝන් කුක්ට කතා කරා..

"අප්පා.. ඔයා මෙහේ ?"

ජන්කුක් ලැප් එකත් ඕෆ් කරලා දාල් නැගිට්ටා..

"ඔව්.. මට ඔයා එක්ක වැදගත් කාරණයක් කතා කරන්නත් තියනවා.. "

කැබින් එකේ තිබුණ සෝෆා එකෙන් ජෝන් ඉදගද්දි ජන්කුක් ජෝන්ට මූණලා ඉදගත්තා..

"කියන්න අප්පා.. මොකද්ද කාරණේ ?"

"ඔහ්.. ඒක ගැන පස්සේ කතා කරමුකෝ.. එක්කෙනෙක් දැන් සෑහෙන්ට බිසී වෙලා.. ඔම්මාගෙන් කණක් ඇහෙන්න නෑ මට කුකී ඔයාගේ වැඩ නිසා.. "

" අප්පා ඇයි මන් නිසා ??"

ඒකට හේතුව ජන්කුක් දැනන් හිටියත් නොදන්නවා වගේ ඇහුවා .

"පුතා ඔයා ගොඩක් වෙනස් වෙලා.. ඉස්සර වගේ කතාබහකුත් නෑ.. ඒක මටත් දැනුනා.. මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ ??"

"නෑ අප්පා. එහෙම මොකුත් නෑ .. "

"මන්දන්නෑ කුක්.. ඔයා දැන් කම්පණි එකෙත් ඉන්නවා වැඩි.. මේහ් ඒක නෙමෙයි මොකද්ද අර බිත්තියේ ගහලා තියෙන්නේ ?? කවුද ඒ ගර්ල් ?"

ජෝන් ඇහුවේ අහම්බෙන් වගේ ඇහැ ගැටුන අරීගේ පින්තූරේ නිසා..

"ඔහ්.. අප්පා ඒක මේ මම ඇදපු එකක්.. ආස හිතුණ නිසා එතන තිබ්බේ.. ? අප්පා මට තව විනාඩි විස්සකින් මීටින් එකක්.. අප්පා ආවේ ඇයි කියනවද ?"

ජන්කුක් අතේ තිබුණ ඔරලෝසුව බලන ගමන් කියද්දි ජෝන්ගේ මූණ දෙක වුණා..

ජෝන්ට නම් හිතුණේ ජන්කුක් කම්පණි එක මත්තෙම නැහෙනවා වැඩි කියලා..
ඒත් ජෝන් දැනන් හිටියේ නෑ
ජන්කුක් කම්පණි එකේම කාලේ ගත කරේ වැඩ එක්ක බිසී වෙලා අරීව මතක් වෙන එක නවත්ත ගන්න කියලා..

කොල්ලට ඒ මූණ දකින වාරයක් වාරයක් පාසා මේ දැන් නැගිටලා කෙල්ලගේ තුරුලට දුවන්න හිතෙනවා..

ඒත් අරීට තව කොල්ලෙක් ඉන්නවා නම් ??

ඇත්තටම කොල්ලගේ මොලේ කොල්ලගේ හදවත සරදමට ලක් කරා..

"අහ්.. කුකී. දැන් සතියකට උඩදී ඔයාව හම්බෙන්න ආව ගර්ල්ව එලව ගත්තේ ඇයි ??"

"අප්පා කා ගැනද ඔයා කියන්නේ ?"

"කුකී ඔයා මොන සිහියෙන්ද ඉන්නේ පුතා.. ඔයා ඒ කෙල්ලට බැනලත් එක්ක "

ජෝන් , ජන්කුක් දිහා රවලා බලන ගමන් කිව්වා ..

"ඔහ් අප්පා. මට මේ කැබින් එකට මාව හම්බෙන්න එන හැමෝම ගැන මතක තියා ගන්න වෙලාවක් නෑ. පේනවනේ මේ කම්පණි එකේ වැඩ කන්දරාවයි.. මම ඒ හැම එකක්ම බලා ගන්න ඕනේ.. අනික මට හොදටම ශුවර් අප්පා ඔය කියන විදියේ කෙල්ලෙක් මාව හම්බවෙන්න ආවාත් එයා appoinment එකක් නොදා එන්නත් ඇත්තේ .. ඉතින් I can't waste my time on her "

ජන්කුක් උරහිස් අකුලන ගමන් කියද්දි ජෝන් කලකිරිමෙන් හුස්මක් පිට කරා..

"ඕකේ.. ඒත් ජන්කුක් ඒ කෙල්ල වෙනුවෙන් ඔයා ඉස්සරහට කාලය වැය කරන්න ඕනි.. ඒක තමා අන්තිම තීරණේ .."

"මොකක් ?? අප්පා ඔයා විහිලු කරන එක නවත්තන්න. "

"කුක් මම විහිලුවක් නෙමෙයි කරේ.. ඒ කෙල්ලව තමා ඔයා මැරි කරන්න ඕනි.."

ජෝන් ස්ථීරවම කියද්දි ජන්කුක්ට ඉබේටම නැගිට්ටුනේ..

"අප්පා මට ඔයා එක්ක මේ කෙල්ලෙක් නිසා නම් කොහොමත් රණ්ඩු කරන්න ඕනි නෑ.  ආයේ ඔය ගැන මාත් එක්ක කතා නොකර ඉන්න තරමට හොදයි.."

ජන්කුක් අහක බලා ගෙන කට ඇතුලේ දිව තරපන ගමන් කියද්දි ජෝන් පුදුමෙන් කොල්ලා දිහා බලන් හිටියේ මෙතෙක් කාලෙකට ජන්කුක් ජෝන් ඉස්සරහ ඔය තරම් කේන්තියෙන් හැසිරිලා නැති නිසා..

ජෝන්ගේ මූණවත් නොබලා ජන්කුක් කැබින් එකෙන් එලියට ගියේ තමන්ගේ අප්පට අරී නමින් ගලන කදුලු පෙන්නන්න කොල්ලා බය වුණ නිසා..

ජන්කුක් දොර ඇරන් එලියට යද්දි ජෝන් ආයෙම කටහඩ අවදි කරා..

"ජන්කුක් ඒ කෙල්ල ආයෙ ඔයාව හම්බෙන්න ආවොත් බැනලා එලව ගන්නේ එහෙම නෑ.. එයාගේ නම සොන්හි "

ජෝන් කිව්වත් මොකුත් නෑහුන ගානට elevator එක ලගට ගිය කොල්ලා නැවතුනේ කම්පණි එකේ ටෙරස් එක උඩ..

ඇත්තටම කොල්ලට දැනුනේ මහ අමුතු හැගීම් ගොන්නක්..
කොල්ලට ඕනි වුණේ මේ වෙලේ අරී එක්ක තනි වෙන්න..
හදිස්සි වෙලා ගත්ත තීරණේ ගැන කොල්ලා පසු තැවුනා..
ඒත්
අරී දැන් මගේ නෙමෙයි කියන අදහස
හෑමවෙලේම වගේ මනස පුරා දුව පැන්නේ කොල්ලගේ හදවතේ පිහි තුඩකින් සියුම් රටා අදිනවා වගේ වේදනාවක් දැනෙද්දි..
.
.
.
.
.
.
.
.
.
.

To be continued...

මේ
රැවටීමත් වෛරයත් අතර
මුලා වූ
වේදනාවෙන් හදවත
හඩන
දුක්කිත කාලයක
අදුරු
දසුන
.
.
.
.
.
.
.
Into ur heart

මට පාලුයි මැණික.. මම ඒ දැක්ක දේවල් බොරුවක් කියලා කියන්න ඇවිත් මට.. ඒ හැමදේම බොරුවක් කියලා ආයෙම මගේ තොල්වලට පුංචි හාදුවක් දෙන්න..මම ඒ අනාගතය වෙනුවෙන් තාමත් හීන දකිනවා..🥺🥺🥺💔

_________________________________________

ශක බුම්..
සොන්හි කරලියට එන්නයි යම්නේ..
ජන්කුක් සොන්හිගෙද ?
අරීගෙද ??

කියාගෙන යමු බලන්න..😌

Continue Reading

You'll Also Like

130K 1.1K 42
(COMPLETED) When Percy Jackson the most popular guy in the school with a dark past starts hanging out with Nerdy Annabeth one random day after a scie...
1M 56.9K 36
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
35.9K 5.7K 30
No specific description... Stay tuned with the story. I'll let you know everything 😜
71.3K 2.6K 9
(සිංහල ff) " be my kitten ! " " what...the " i want to be ur sugar daddy..thats it !! " " hell...nooooooooooooo!!!! " " you have 10 seconds barbie do...