Into ur heart ♡~JJK/Completed~

By Koo2006

5K 1K 365

Into ur heART is an ART When I see you smile in the screen You're good at everything You're just perfect Feel... More

Intro
The art
Random moves
Her lips
Difference
Beach
Villain
Bullet
Cigarette
Make it right
Ultimate goal
Dope vibes
Doubt
Zinging in the rain
Jamais vu
Nothing like us
You're never really that far away
Stay alive
Misunderstanding
Heartbeat
Tattoo
Jealousy
Be mine
Sun & Moon
Lost pain
Little hope
Golden
Love maze
Tulips
One last promise

Limit

140 31 3
By Koo2006

සාලෙට වෙලා කතා කර කර හිටපු ටේ , මින්ජි , අරී වගේම ජන්කුක් එයාලගේ අතීතේ සමහර මතකයන් ගැන කිය කිය හිනා වෙවී හිටියා..

ඒ අතරේ එකපාරට දෙයක් මතක් වුණ අරී ජන්කුක්ගේ මූණ දිහා බලලා පවුට් එකක් දැම්මා..

"මොකෝ මේ.."

"ජුකියෝ... අනේ මගේ exam ඉවර වෙනකල් ඔය තුන් දෙනා මෙහේ නතර වෙන්නකෝ.."

ජන්කුක් දිහාට දැම්ම බැල්මම ටේ දිහාවටවත් දාන ගමන් අරී කිව්වා.. ජන්කුක් ඒකට විරුද්ධ වෙන්න කට ඇරියේ මෙහේ හිටියොත් අරීට පාඩම් කර ගන්න අවධානේ දෙන්න බැරි වෙයි කියලා හිතුන නිසා.. ඒත් අරී ඉක්මන් වුණා..

"අනේ ඔප්පා.. ඔයාවත් හා කියන්නකෝ.."

ජන්කුක්ගේ මූණේ ඉරියව් එක්ක බෑ කියන්න යන්නේ කියලා තේරුන නිසා අරී කිව්වා .

"ම්ම්.. ඔයා කියනවා නම් එන්නම් නංගා.. ඕක මහ වැඩක් ඈ.."

ටේ කෙල්ලගේ අදහසට කැමති වුණේ එහෙම වුණොත් එයාට මින්ජිත් එක්ක ගත කරන්න තව කාලයක් හම්බෙන නිසා..

"ඒකනේ.. අනේ.. ජන්කූ.. 🥺🥺"

"යා..හ් හරි හරි ඉන්නම්.. හැබැයි පාඩම් කරන්නත් ඕනි හරිද??"

ජන්කුක් ඇහිබැමකුත් උස්සලා එහෙම කියද්දි ටේගේ phone එක ring වුණා.. ටේ කෝල් එක answer කරලා ඉක්මණට කට් කරා..

"ජන්කුකා.. මම ජිමින්වත් එක්කම් එන්නම් එහෙනම්.. මේ ජිමිනා කතා කරේ.. house එකට ගිහින් බඩු වගයක් තියනවා ඒ ටිකත් අරන් එන්නම් මම"

ටේ එහෙම කියලා නැගිටිද්දි ජන්කුක් ටේට කතා කරා.

"හියොන්ග් ඔයාලා හවුස් එකට යනවා නම් මගේ රූම් එකේ තියන ලැප් එකයි painting රූම් එකේ තියන මගේ බඩු ටිකයි අරන්ම එනවද??"

"හා මම අරන් එන්නම්..."

"යන්නම් සුද්දි  .. "

එහෙම කියලා මින්ජිගේ කම්මුලට පෙක් එකක් දීලා ටේ එලියට දිව්වේ ජිමින්ව ගන්නත් තියන නිසා..

ටේ ගියාට පස්සේ මින්ජිත් නැගිටලා තමන්ගේ රූම් එකට ගියේ කෙල්ල මිශන් එකට ගිහින් ඇවිත් හිටපු නිසා දාඩියවලින් නෑවිලා වගේ හිටපු නිසා වොශ් එකක් දා ගන්න කියලා..

"බබා.. "

මින්ජි ගියාට පස්සේ ජන්කුක් අරීට කතා කලා..

"හ්ම්ම්?"

"ඇයි මට ඉන්න කිව්වේ.  ඔයා මම ඉද්දි පාඩම් කරන්නත් නෑ.. බලන්න මම ආපු වෙලේ ඉදලා හොදට තුරුල් වෙලා දොයිනේ.."

කෙල්ලගේ කොණ්ඩ කැරැල්ලක් කන පිටි පස්සේ රදවන ගමන් කොල්ලා කිව්වා.

"ජුකී... ඔයා ලග ඉන්නකොට හරි නිදහස්.. අනික මට අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ.  හිතේ බයට පොත් බැලුවට. "

"හ්ම්.. කමක් නෑ.  ඒත් තව පාඩම් කරන්න.. Final එකනේ මැණික.. "

ජන්කුක් කටත් උල් කරන් තමන් දිහා බලන් ඉන්න කෙල්ලගේ කම්මුල මිරිකන ගමන් කිව්වා..

කෙල්ලට යන්තමට හිනා රැල්ලක් ගියා..

පපුවට හේත්තු වෙලා හිටපු කෙල්ල ඇස් උස්සලා කොල්ලා දිහා බලනකොට කෙල්ලගේ අවධානේ ගියේ ජන්කුක්ගේ තොල් යට තිබුණ ලපේට..

ඔයා ඉස්සර වගේමයි මගේ ජුකි.  හැමදාම මම ලූනාගෙන් ඉල්ලුවේ එයා ලගට ගත්ත මගේ හා කුමාරයාව ගෙනත් දෙන්න කියලා.  දන්නවද ඔයා මම ලූනට බැන්න තරමක්.. ඒත් මම දැනන් හිටියේ නෑනේ.. ලූනා ඔයාව එයා ලගට අරන් නෑ කියලා.. !!

අරී හිතමින් ජන්කුක්ගේ අතක් අරන් තමන්ගේ අත පටලව ගත්තා..

"මැට්ටි .."

ජන්කුක් අරීට කතා කරේ බොරු තරහක් හිතට අරන්..

"ඕඕඕ.. මොකද මැට්ටෝ  "

"මේ මැට්ටි මට අර මනෝ වෛද්‍ය ගැන කතාව කියලා හිටියා නම්.."

".. ආ ඒක.. ඒකේ ඉතින් කියන්න දෙයක් නෑ ජුකී.. ඔම්මලා නැති වුණාට පස්සේ මම ගොඩක් අවුල් වුණා.. ඉතින් මගේ හිත හයිය කර ගන්න වගේම මම වගේ දුක් විදින අනිත් අයගේ හදවත් සුවපත් කරන්න හිතා ගෙන මම ඒ ගැන ඉගෙන ගන්න පටන් ගත්තා.  ඉතින් මම අද වෙනකොට ඒ වැඩේ ගොඩක් හොදට කර ගෙන යනවා  "

"හ්ම්.. ඒක තමා.. මට අමතක වුණානේ කියන්න.  ඔයා නිදා ගෙන ඉන්න කොට කෝල් එකක් ආවා.. එයාගේ දුවව ඔයාට මුණ ගස්සන්න ඕනි කිව්වා.. පස්සේ කෝල් එකක් අරන් බලන්න.."

"ආ.. ඒක තමා.. ගැම්මට කිව්වට එහෙම නේද ඒක දැන ගත්තේ.. මැට්ටා.."

අරී රවන ගමන් කියද්දි ජන්කුක් කෙල්ලගේ කම්මුල් දෙකම මිරිකුවේ කෙල්ල විනාඩියට දෙකට රතු වෙද්දි..

"ඌයි..  මැට්ටෝ... අතාරිනවා.. සිදෙනවා යකූ.."

අරී කෑ ගහන ගමන් සෝෆා එකේ තිබුණ කොට්ටයක් අරන් කොල්ලගේ ඔලුවට ගැහුවා.. එතකොටම අරීගේ කම්මුල අතෑරලා තමන්ට තුරුලු වෙලා හිටපු කෙල්ලට කිචි කවන්න ගත්තේ අරී මහ සද්දෙන් හිනා වෙවී ජන්කුක්ගෙන් ගැල වෙන්න දග ලද්දි..

"යා... හ් ක-කිචි මට.. ඒයි... න..වත්තනවා..."

අරීට කතා කර ගන්නත් බෑ..

"අනේ.. හුස්ම.. ගන්..න බෑ ... ඇති.. ඔය.."

කෙල්ල හිනාව අතරින් අමාරුවෙන් වචන ටිකක් අහුල ගෙන කියද්දි ජන්කුක් කිචි කවන එක නවත්තලා දැම්මේ අරී හිනා වෙලා හිනා වෙලා පණ නැතුව වගේ කොල්ලගේ ලැප් එක උඩට වැටෙද්දි..

"ඕමෝ.. මම දන් නෑනේ ඔයාගේ හිනාව ඔච්චර ලස්සනයි කියලා.."

ජන්කුක් හිනා වෙන ගමන් කිව්වා.

"අනේ ඇත්තට.. හාකෝ.. "

අරී එහෙම කියලා තමන්ගේ ඉන වටත දැවටිලා තිබුණ ජන්කුක්ගේ අත් දෙක ඈත් කරලා කාමරේට දිව්වේ ජන්කුක්ව ලිවින් රූම් එකේ තනි කරලා..

In car

ජිමින්ව සිඩ්නිවල තිබුණ park company branch එකෙන් ගත්ත ටේ ජිමින් එක්ක හවුස් එකට යන ගමන් හිටියේ..

"මේ අහපන්කෝ ජිමිනා.."

steering wheel එකට ඇගිල්ලකින් තට්ටු කර කර driving කර කර හිටපු ටේ ජිමින්ට කතා කරා..

"ඕ කියපන්.. මොකද්ද ?"

"මට අමුත්තක් දැනෙනවා බන්.. උඹට හිතෙන් නැද්ද අරී මොකක් හරි ලොකු දෙයක් හංගනවා කියලා.."

ටේ සීරියස් විදියට අහද්දි ජිමිනුත් ඔලුව වනලා ඒක අනුමත කරා..

ජිමින්- "ඇත්ත බන්.. එදා කෙල්ල කෑගහපු එකෙන් පස්සේ මටත් එහෙම හිතුනා.. මට ජන්ග් අන්කල්ගේ දුව මතක් වුණා බන්.."

"ඒක තමා යකෝ.. මට වෙලාවකට හිතෙනවා මේ ඉන්නේ එයාද කියලත් .. බලහන් කෙල්ලගෙත් ඔම්මා අප්පා නෑ.. "

ටේ ටිකක් කල්පනා බරව කිව්වා..

ජිමින්- "ඒත් බන් එදා අපි funarel එකට එනකොට ඒ පොඩි එකීගෙත් බොඩි එක තිබ්බා මතක නැද්ද උඹට??"

ටේ- "මට මතකයි බන්.. ඒ වුනාට මට නම් හිතෙන්නේ මෙතන මොකක් හරි ලොකු පටලැවිල්ලක් තියනවා කියලා.."

"අනේ මන්දා බන්.. අපිත් එතකොට පොඩිනේ.. මට ඒ කෙල්ලගේ නමවත් හරියට මතක නෑ.."

ජිමින් දුකෙන් වගේ කිව්වේ ජන්ග් පවුල කියන්නේ ඉස්සර කිම් , පාර්ක් වගේම ජෝන් පවුලටත් ගොඩක් සමීප අය වුණ නිසා..

ජිමින්- "මටත් මතක නෑ බන්.. එහෙමයි කියලා දැන් අවුරුදු 5 -6කට කලින් නැති වුණ පොඩි එකෙක්ගේ නම කාගෙන් අහන්නද අපි ??"

ටේ" ඒකනේ බන්.. මම උඹට මේ ගැන කියන්න කලින් මින්ජිගෙන් අරී ගැන අහලා බැලුවට කෙල්ල මොකුත් කිව්වෙත් නෑ.. මින්ජිත් ඒක හංගන්න අරීට සප් එක දෙනවා  "

ජිමින්-"අනේ මන්දා බන්.. බලහන් ජන්ග් අන්කල්ලා නැති වෙලා දැන් අවුරුදු කීයක් ගිහින්ද?? ජන්කුක් තාම විදවනවා.."

ටේ- " කුකා ඔය විදියට ඉන්න එකත් හොදයි බන්  .. ඌට අර පොඩි එකීව මතක තිබුණා නම් එහෙම "

ජිමින්-"අපෝ ඇත්ත බන්.. ජන්ග් අන්කල්ලා නැති වෙන්න කලින් ජන්කුක්ට එහෙම දෙයක් වුණ එකත් හොදයි එක අතකින්.."

ටේ-"මට බය කවදා හරි ඕවා ඌට මතක් වුණ දවසට මොනා කරයිද කියලා.."

ජිමින්-" දැන් නම් මතක් වුණත් අවුලක් නෑ .. කුකා පිස්සුවෙන් වගේ අරීට ආදරේ කරන්නේ ..  පේනවනේ ඉතින් ඒක"

ටේ-" ඒකත් ඇත්ත හැබැයි.. "

ජිමින්-" ඒ වුණාට බන්.. ජෝන් අන්කල් වුනත් එදා වැරදි වැඩක් කරේ.. කුකා මෙහෙදී ඇක්සිඩන්ට් වුණේ අන්කල්ගේ වැරැද්දෙන්නේ.. ඒකට අර පොඩි එකීගෙනුත් කුකාව ඈත් කරලා හරියනවද මන් අහන්නේ.."

ටේ-" නෑ බන්.. අන්කල් බය වුණා. නංගිව ජන්කුක් ලගට අරන් ගියොත් මොනා හරි වෙයි කියලා.  මම හිතන්නේ ඩොක්ටර් මොනා හරි කියන්න ඇති.. මට මතකයි ජෝන් අන්කල් ඒ දවස් වල හරියට නංගිව මතක් කලා.. "

ජිමින්-" ඔව් ඔව්.. ජන්කුක්ව දකින වාරයක් ගානේ කෙල්ලව මතක් කරා අන්කල්.. පස්සේ අන්කල් පසුතැවෙන එක නතර කරේ ජන්ග් අන්කල්ලා නැති වුණාට පස්සේ.. "

ටේ-" ම්ම්.. අපිත් ඒ කාලේ හිච්චි වුනාට බන් යමක් අමක් තේරිලා නේ අපිටත්..🤣🤣"

මේ සීරියස් කතාව මැද්දේ ටේ හිනා වෙන්න ගත්තේ ජිමින් ඔලුවේ අතක් ගහ ගනිද්දි..

ජිමින්-" අඩෝ දැන්වත් ටිකක් සීරියස් වෙලා හිටපන් බන්.. "

ටේ-" හරි හරි.. "

ජිමින්-" ආ.. ජෝන් අන්කල් කියද්දි මතක් වුණේ.. අන්කලුත් මොකක් හරි ලොකු දෙයක් හංගනවා බන්.. මම දැක්කා ජෝන් අන්කල් දවස් ගානක් හොස්පිටල් එක පැත්තේ ඉන්නවා.."

ටේ-" ඔව් ඔව්.. මාත් දැක්කා දවස් දෙක තුනක්.  අපේ හියොන්ග්ව එහෙමත් හම්බෙන්න සතියකට දෙපාරක්වත් එනවා.. මම ඇහුවට හියොන්ග් වුනත් කරේ මගාරින එක තමා.."

ජිමින්-" අනේ මන්දා බන්.. බලහන් අපේ ජීවිත වල තනිකරම තියෙන්නේ පුරවන්න බැරි වුණ හිස් තැන්.. හොබී හියොන්ග්ට වෙච්ච දෙයක් නෑ.. අනේ මන්දා බන්.. ඒ දේවල් ගැන හිතද්දි ඔලුවත් කකියනවා.."

ටේ -" බය වෙන්න එපා බන්.. ගොඩක් ඉක්මණට ඔය හැම හිස් තැනක්ම පිරෙයි කියලා හිතෙනවා මට.."

ජිමින්-" එහෙම වුනොත් හොදයි."

කතාවෙන් කතාව ගේ ලගටම ආවට පස්සේ තමයි දෙන්නාගේ කතාව නැවතුනේ.. ඊට පස්සේ දෙන්නා ගෙදරට ගිහින් ඕනි කරන බඩු ටිකත් අර ගෙන කාර් එකට දැම්මා..

"ඔක්කොම හරි නේ.."

ජිමින් ටේගෙන් අහද්දි ජන්කුක්ගේ painting බඩු ටික මතක් වුණ ටේ ජිමින්වත් එක්කගෙනම room එකට දිව්වේ ඒ ටික අරන් ගියේ නැත්තම් විසුමක් වෙන් නැති නිසා..

ජන්කුක්ගේ painting room එක ගොඩක් වෙලාවට වහලා තියන නිසා ටේවත් ජිමින්වත් වැඩිය ඒ රූම් එකට ගියේ නෑ..

දෙන්නා ඇතුලට යද්දි දෙන්නට හික් ගෑවුණේ මේ ගෙවුන මාස එකාමාර ඇතුලත කොල්ලා ඇදලා තියන චිත්‍ර කන්දරාව දැක්කට පස්සේ.. සමහර ඒවා පැක් කරලා තිබුණේ කොරියාවට යවන්න ..

ඒ අතරේ ටේ දැක්කේ එදා විනී ඇදන් හිටපු ඇදුම වගේ එකක් ජන්කුක් ඇදලා තියනවා..

"ඒයි ජිමිනා.. අර බලහන්කෝ.. එදා විනී ඇදන් හිටියේ ඔය වගේ එකක් නේ.. ඇයි දන්නෑ මූණ වහලා තියෙන්නේ??"

චිත්‍රයේ මූණ විතරක් රෙදි කඩකින් වහලා තිබුණ නිසා ටේ එතනට ගිහින් රෙදි කඩ අයින් කරාම කොල්ලා ඇත්තටම බය වුණ එකයි වුණේ..

"අඩෝ බන් ජිමිනා.. මේ මොකද්ද මේ කරලා තියෙන්නේ අරූ.. ලව් සික් හොදටම වැඩි වෙලාද කොහෙද??"

"ම්.. ඒක තමා ... කොල්ලගේ ආසාවනේ.. ඔන්න ඔහේ ඕක තියලා යමු බන්.. මට ඇද බදා ගෙන සැප නින්දක් දාන්න ඕනි.. මහන්සි හෙනට.."

ඩිම් වෙලා වගේ ටික වෙලාවක් ජන්කුක් ඇදපු විනීගේ සම්පූර්ණ රූපේ දිහා බලන් ඉදලා ජිමින් කියද්දි ටේ රෙදි කඩ තිබුණ විදියටම දාලා කොල්ලගේ බඩු ටිකත් එක්කහු කරන් කාර් එකට නැග්ගා..

ඇත්තටම
ටේ , ජිමින්
පුදුම වෙන්න තරම්
ජන්කුක් ඇදලා තිබුණේ මොනවා වෙන්න ඇතිද??

විනාඩි කීපයකට පස්සේ විලා එකට ආපු දෙන්නා ජන්කුක්ට බඩු ටික ගන්න කියලා කාමර වලට ගියේ වොශ් එකක් දාගෙන එන්න.. ජන්කුක් තමන්ගේ බඩු ටික විලා එකේ තමන්ටම වෙන් කරලා තිබුණ කාමරේට අරන් ගිහින් තියලා අරීගේ කාමරේට ගියා..

ඇතුලට ගියත් අරී කාමරේ නොහිටිද්දි වොශ් රූම් එකෙන් සද්දේ ඇහෙද්දි කොල්ලා ගිහින් අරීගේ ඇදෙන් ඉද ගත්තේ අරී එලියට එනකල් phone එකවත් ඔබන්න හිතා ගෙන..
.
.
.
.

විනාඩි කීපයකින් වොශ් රූම් එකේ දොර ඇරෙද්දි ජන්කුක් ඔලුව උස්සලා බැලුවේ .

හැබැයි බැලුවේ අපරාදේ කියලා
හිතෙන්න
කොල්ලට වැඩි වෙලාවක් ගියේ නෑ...

ඉටි රූපයක් වගේ
අරීගේ cream පාට ඇග වැහිලා තිබුණේ
ඇග වටේ ඔතාගෙන
හිටපු ටවල් එකෙන් විතරයි..
තාමත් වතුර බහින ගමන් තිබුණ
කෙල්ලගේ දිග කොණ්ඩේ අතරින්
කෙල්ලගේ බෙල්ල ඕනිවටත් වඩා
කැපිලා පෙනුනා..

ජන්කුක් ඉන්න බවක් නොදන්න
අරී ටවල් එක පිටින්ම
එලියට ආවේ සින්දුවකුත් මුමුණන ගමන්..

ඒත් එලියට ඇවිත් ඇද උඩ තමන් දිහා ඇස් දෙකත් ටීක් බෝල කර ගෙන බලන් ඉන්න ජන්කුක්ව දැක්කාම
කෙල්ලට වලක් කපා ගෙන
එතනම වැල ලෙන්න හිතුනේ දැනුන
ලැජ්ජාවට..

කෙල්ලගේ කම්මුල් වලට
ලේ පිරෙනවා වගේ දැනෙද්දි
තමන් දැනටමත් උපරිමේට රතු වෙලා ඉන්න බව
දැන දැන කෙල්ල ප්‍රාර්ථනා කරේ රතු වෙන්න එපා කියලා..

සීතල වතුරෙන් නාලා විනාඩි දහයකට වඩා
ගෙවිලා තිබුණ නැතත් 
කෙල්ලව ගිනි කබල වගේ රත් වෙලා..

එක පාරටම ජන්කුක් අහක බලා ගද්දි
තමා කෙල්ල හරි සිහියට ආවේ..

"ඔහ් අරී.. සොරි මම දැනන් හිටියේ නෑ.. ඉන්න මම එලියට යන්නම්."

කොල්ලා එහෙම කියලා ඇදෙන් නැගිටින්න යද්දිම අරී ජන්කුක්ව නැවැත්තුවා..

"ඕනි නෑ ජුකී.. ඔහොම ඉන්න ... මම ඇතුලට ගිහින් ඇදුමක් දාන් එන්න්ම්.. අඩියට දෙකට closet එක ලගට ගිය කෙල්ල ඇදුමක් තෝරද්දි ජන්කුක් window එකෙන් එලිය බලා ගෙනම හිටියා..

ඔහ්.. ජන්කුක් ඒ ඔයාගෙ කෙල්ලනේ.. ටිකක් බැලුවට කමක් නෑ.. !!

ඒ වුනාට එයා තාම මගේම කියලා කියන්න බෑනේ.. මම කොහොමද එහෙම එයා දිහා බලන්නේ !!

බලන්න එ කෙල්ලගේ ලස්සන.. ටිකක් බැලුවට මොකුත් වෙන්නේ නෑ !!

බෑ බෑ.. ඒක හරින වැඩක් නෙමේ. !!

අරී ඇදුමක් අරන් වොෂ් රූම් එකට ගිහින් දොර වහගන්න සද්දේ ඇහෙන කල් ජන්කුක්ගේ දෙපැත්තක් කොල්ලගේ මනස ඇතුලේ පිස්සු නටන ගමන් හිටියේ..

අරී ඇතුලට ගියාට පස්සේ තමා
ජන්කුක් හරියට හුස්මක් ගත්තේ.
ඒ ජන්කුක්ගේ හැටි
තමන්ගෙම ආදරේ වුනත්
කොල්ලා කෙල්ලෙක්ට
ගරු කරන්නේ කොහොමද කියලා දැනන්
හිටියා..
ජන්කුක් කියන්නේ fiction වලම විතරක් අපිට හම්බ වෙන
අපි හීනවල විතරයක්ම මවා ගන්න
සර්ව සම්පූර්ණ පිරිමියෙක්..
ජන්කුක්ව මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි තරම් හොද ගතිගුණ කොල්ලා ලග තිබුණා..

හැබැයි ඒ
සර්ව සම්පූර්ණ පිරිමියා වුනත්
යක්ෂයෙක් කරන්න
බැරිකමක් නෑ කියන දේත්
මෙතනදී මතක් කරන්නම ඕනි !!

විනාඩි ගානකට පස්සේ අරී වොශ් රූම් එකෙන් ආවේ කෙල්ල සන්සුන් වුණාට පස්සේ.. දැන් විනාඩි කීපයකට කලින් තිබුණ දැඩි නිශ්ශබ්දතාවය වගේම අපහසුවත් ඒ වෙද්දි නැති වෙලා තිබුණා..

Over seized tshirt එකකට ෂෝට් එකක් ඇදලා ආපු අරී තෙත කොණ්ඩේ ටවල් එකේ ඔතාගෙන දාගෙන හිටියා..

"ජුකී.. මොකො එකපාරට ආවේ.."

"හිහී.. මොකුත් නෑ ඉතින්. ඔයාව මතක් වුණා .. ආවා.."

ජන්කුක් ඇක්ශන් දදා කියද්දි අරී හිනා වෙවී ලගට ඇවිත් ජන්කුක්ගේ කම්මුලට හාද්දක් දුන්නේ ඇති වුණ ක්ශනික සිතුවිල්ලට.

ජන්කුක් කෙල්ලට දත් තිස් දෙකම දාලා හිනා වෙද්දි අරී ජන්කුක්ගේ අතින් ඇදගෙන කාමරෙන් එලියට ආවා.

"කොහෙද මේ යන්නේ?"

"කිචන් එකට"

"ඒ මොකටද?? "

"කිචන් එකට යන්නේ උයන්න මෝඩයෝ."

"ආ... ඔයාට උයන්නත් පුලුවන්ද ?"

ජන්කුක් අහද්දි කෙල්ලට බකස් ගාලා හිනාවක් ගියා..

"ඒකවත් නොදැනද මට ආදරේ කරේ ... "

"ඔව් ඉතින්.  ආදරේ කරන්නේ හදවතට මිසක් උයන්න පුලුවන්ද බැරිද කියලා බලලා නෙමෙයිනේ බබා.."

"අනේ ඇත්තට.. "

"ඔව් එහෙම තමා.."

කිචන් එකටම ඇවිත් ජන්කුක්ව පුටුවකින් ඉන්දවලා කෙල්ල එලවලු ටිකක් අරන් හොදලා කපන්න ගත්තේ රෑට හොද කෑම ටිකක් හදන්න කියලා හිතා ගෙන..

.
.
.
.
.
.
.
.
.

After few days

අරී විලා එකට වෙලා පාඩම් කරේ ජන්කුක්ගෙන් බේරිලා ඉන්න බැරි කමට.. ඉතින් කෙල්ලත් ගෙවුන දවස් ටිකේ ජන්කුක්ට කියලා හොදට වැඩ කරව ගත්තා..

ජුකී මට අර පොත අරන් දෙන්න !!

ජුකී මම දැන් පැයක් පාඩම් කලා !!

දැන් ඇති අනේ !!

ජුකී මට වතුර එකක් !!

ජුකී මට මහන්සි !!

ජුකී මාව තුරුල් කර ගන්නකෝ !!

ඇත්තමයි එතකොට තව ටිකක් වෙලා පාඩම් කරනවා !!

ජුකී මට චොකලට් එකක් !!

ජුකී මාව දොයි කරන්නකෝ !!

ජුකී... කොහෙද ඔයා.. !!

ජුකී මගේ පොත් රාක්කේ තියන අර පොත අරන් දෙන්නකෝ !!

ජුකී ලයිට් එක දාන්නකෝ !!

ජුකී රස්නෙයි අනේ .. ඔය ජනෙල්ලේ අරින්නකෝ !!

ජුකී දැන් ඇති පාඩම් කලා.. ඇති නේද?? !!

ජුකී.. ඔයා හරි නරකයි !!

ගත වෙච්ච දවස් ගානට ජන්කුක්ගේ කන පිරිලා තිබුණේ ඔය වගේ වැකි වලින් තමා..

ජන්කුක් දැනන් හිටියා අරීට මතකයි කියලා.. ඒත් කොල්ලා තව තව කෙල්ලට පාඩම් කරන්න කිව්වේ කෙල්ලට බැච්ටොප් වෙන්න ආසාවක් තියනවා කියලා කෙල්ල කියපු නිසා..

ඒ නිසා ජන්කුක් අරීගේ ලගින්ම ඉද ගෙන කෙල්ලට ගොඩක් උදව් කරා..

කොයි වෙලෙත් පොත පැත්තකට දාලා තමන්ගේ තුරුලට ගුලි වෙන්න එන කෙල්ලට ජන්කුක් දෙතුන් පාරක් බැන්නත් එක්ක..
.එතකොට ඉතින් කෙල්ලත් මොනාද මොනාද කුටු කුටු ගගා ආයේ පාඩම් කරන්න ගන්නවා..

ඉතින් ඔය විදියට දවස් එකින් එක ගෙවිලා ගියා. 

දවසෙන් භාගයක් පොත් එක්ක ගෙවපු අරී මහන්සිය නිසාම පවුට් එකක් දාගෙන තමන් පාඩම් කරන කාමරේම ඇදට වෙලා ලැප් එකෙන් කම්පණි එකේ files  වගයක් check කර කර හිටපු ජන්කුක්ගේ කරට නැග්ගා..

"මොකෝ මගේ කෙල්ලට මහන්සිද?"

ජන්කුක් අරීගෙන් ඇහුවේ උරහිස උඩින් නිකට තියාගෙන ඉන්න අරීගෙන්..

"ඔව්.. අපි ටිකක ලිවින් රූම් එකට යමුකෝ ජන්කූ   "

"යමු යමු.. "

ජන්කුක් ලැප් එකත් ඕෆ් කරලා කොන්ද උඩට බර වෙලා හිටපු කෙල්ලගේ කකුල් දෙකත් තමන්ගේ ඉන වටේ දාගෙන කෙල්ලවත් උස්සගෙනම ලිවින් රූම් එකට ඇවිත් අරීව සෝෆා එකෙන් ඉදවලා ඊට එහා පැත්තෙන් කොල්ලත් ඉද ගත්තා..

අරීගේ විඩාබර ගතිය නිසා කොල්ලා අරීව ලගට අරන් කෙල්ලගේ මූණ පුරාම පොඩි පොඩි හාදු තිබ්බේ කෙල්ල හිනා වෙවී ජන්කුක්ගේ මූණ දිහා බලන් ඉද්දි..

ඒ ආදරේ
අරීට ලොකු සැනසීමක් වුණා
ඇත්තටම
මේපල් ගහ යටවත්
හදේ එලියේ බැබලුන කෙල්ලගේ
බැල්කනි එකවත්
ගාර්ඩන් එකවත්
කෙල්ලට ඕනි කරේ නෑ තවදුරටත්
මොකද ඒ හැමතැනකින්ම
අරී ලබා ගත්ත සැනසීම
තත්පරයක් ඇතුලත ජන්කුක්
කෙල්ලට දුන්නා..
ඉතින් තව මොනාද කෙල්ලට ඕනි කරේ ?

ලිවින් රූම් එකට දෙන්නා ඇවිත් විනාඩි විස්සක් යන්නේ කලින්  විලා එකේ ඩෝ බෙල් එකේ සද්දේ ආවා..

"මම බලන්නම් ජුකී.. "

කෙල්ල නැගිටලා ගිහින් දොර අරිද්දි එතන හිටියේ නිකෝ.. ඒ වගේම කොල්ලට පිටිපස්සෙන් ටියාරත් හිටියා..

නිකෝව දැකලා ඇතුලට එන්න කියන්න හැදුවත් ටියාරව දැක්ක ගමන් ඒ වචන ටික කෙල්ල එහෙමම ගිල ගත්තා..

කෙල්ලට මතක් වුණේ එදා බීච් එකේදි ටියාරා කෑදර කමින් ජන්කුක් දිහා බලන් හිටපු විදිය . ඉතින් කෙල්ලට ඕනි වුණේ නෑ ජන්කුක්ව ආයේ ටියාරට පේන්නවත් තියන්න..

"ආ.. නිකෝ.. ඔයා තනියෙම නෙමෙයිනේ ඇවිත් තියෙන්නේ..මොකද්ද උවමනාව?? "

අරී ටිකක් අමනාපෙන් වගේ ඇහුවා..

"මම මේ පාඩමක් අහගන්න ආවේ අරී.. ටියාරටත් ඒක අහගන්න ඕනි කිව්ව නිසා එක්කන් ආවේ  .."

"නිකෝ.. මම ජූන් සර්ට පොරොන්දු වුණේ ඔයාට උගන්නනවා කියලා මිසක් මෙයාට කියලා දෙනවා කියලා නෙමෙයිනේ... ඔයාට ඒක අහගන්න ඕනි නම් තනියම එන්න.."

උස් හඩින්  ,කේන්තියෙන් කතා කරපු අරී දඩස් ගාලා දොර වැහුවේ ජන්කුක් පවා සද්දේ ඇහිලා එතනට එද්දි..

"කවුද බබා??"

ජන්කුක් දොර දිහත් බලලා කෙල්ලගේ මූණ දිහා බලලා අහද්දි අරී අහක බලාගෙන

"කවුරුත් නෑ ජුකී..."

කියලා කිව්වා ... එතකොටම වගේ ආයේ දොරේ බෙල් එක වදින්න පටන් ගත්තේ අරීට තරහටම අත් දෙක මිටි මෙලවෙද්දි....

"බබා.. කවුද ආවේ.. ආයේ දොරේ බෙල් එක වදිනවනේ.. "

ජන්කුක් එහෙම කියලා දොර අරින්න යද්දි දොරේ ලොක් එක කරකවපු කෙල්ල ඔලුව දෙපැත්තට වනලා එපා කිව්වත් කොල්ල අරී කියපු එක ඇහුවේ නෑ..

"ජුකී.  මම කිව්වනේ දැන් එපා කියලා  "

අරී ආයෙම කිව්වා..

"ඒත් බබා.. මොකක් හරි උවමනාවක්ද දන්නේ නෑනේ.. "

ජන්කුක් අහන්නම නැති පාර කෙල්ල ජන්කුක්ගේ ටීශර්ට් එකෙන් ඇදලා කොල්ලගේ තොල් උඩින් තොල් තිබ්බේ ඇත්තටම ජන්කුක් මුරණ්ඩු කොල්ලෙක් කියලා දන්න නිසා..

එහෙම නැත්තම් ඉතින්
අච්චර හිත රිද්දවද්දි
අරීටම කොල්ලා ආදරේ කරයිද??

ඒ වගේ ම කෙල්ලට ඕනි වුණේ නෑ ටියාරා ජන්කුක්ව දැකලා කොල්ලගේ ඇගේ එල්ලෙනවා බලන්න වගේම ටියාරව හැමදාම විලා එකට ගෙන්න ගන්න..

ඒ නිසාම කෙල්ල ජන්කුක්ගේ අවධානේ තමන්ට ගන්න පුලුවන් හොදම වැඩේ කරා..

ජන්කුක්ගේ තොල් සිප ගන්න ගමන් කෙල්ල කකුල් දෙක කොල්ලගේ ඉන වටේ ඔතා ගත්තේ ජන්කුක් කෙල්ලවත් අරන් කාමරේට යද්දි.හ ඇත්තටම කෙල්ල ජන්කුක්ව කිස් කරන්න ගත්තේ ජන්කුක් දොර අරින එක නවත්තන්න හිතාගෙන වුනත් අරීට ඒ පහස ලැබෙද්දි මේ ලෝකෙම අමතක වෙලා ගියා..

කාමරේට යනකල්වත් සිප ගන්න එක නවත්තන්න දෙන්නටම ඕනි වුණේ නෑ.. විලා එකේ ජන්කුක්ට වෙන් කරපු තනි කලු පාටින් හැමදේම ඩිසයින් කරලා තිබුණ කාමරේට ඇවිත් අරීව ඇද උඩින් තියපු ජන්කුක් අරීගේ නලලට හාද්දක් දීලා ආයේ තොල්වලට බර වුණේ මත් වෙලා තිබුණ අරීගේ අලු පාට ඇස් දෙක දිහා බලා ගෙනමයි..

ජන්කුක් තොල් අතරේ සෙල්ලම් කරන්න ගද්දි කෙල්ලගේ ඇස් හිමිට පියවිලා ගියේ කෙල්ලගේ ඇගිලි අතරේ ජන්කුක්ගේ ටීශර්ට් එක පොඩි වෙන කොට..

පුන්චි කිස් එකකින් පටන් ගත්ත හාදුව දෙන්නගෙම පාලනෙන් පැනලා ගොඩක් දුර ගියේ හැගීම් එකින් එක ඇවිස්සෙද්දි..

තොල් වලින් අයින් වෙලා අරීගේ ඇග උඩ හිටපු ජන්කුක් අරීගේ jawline එකටත් ඊට පස්සේ බෙල්ලටත් තමන්ගේ තොල් අරන් ගියේ
අවුරුදු 25ක් වෙලත් පලවෙනි පාරට
කෙල්ලෙක්ගේ හමේ තමන්ගේ කියලා කියන්න පුලුවන් සලකුණු ජන්කුක් අතින් මාර්ක් වෙද්දි..

එතකොට අරී..
පලවෙනි පාරට ඒ පහස විදින කෙල්ලෙක්..
ඉතින් දෙන්නටම ඒක අලුත් වගේම
සුන්දර අත්දැකීමක් වුණා.
එහෙම දෙයක් නවත්තන්නේ
කවුද ?

ජන්කුක්ගේ අතින් කෙල්ලගේ බෙල්ලේ තැන් කීපයක හිකීස් මතු වෙද්දි කෙල්ලට ඉබේම වගේ moans පිට වුණා.. ඒ සද්දෙන් ජන්කුක්ව තව ටිකක් අප් වුණා .

ඒත් එක පාරටම තමන් කර කර හිටපු වැඩේ නවත්තලා කොල්ලා අරීගෙන් අයින් වුණේ කෙල්ල ඇයි අහන්න වගේ කොල්ලා දිහා බලද්දි..

"අරී.. මෙතනින් යන්න.."

ජන්කුක් ටිකක් සැරෙන් කියද්දි අරී පුදුම වුණා වගේම කෙල්ලගේ ඇස්වලට කදුලු ආවා.. ඒ හඩ එච්චරටම කෙල්ලව බය කරලා 

"ජ්- ජුකී.."

වෙව්ලන කටහඩින් කෙල්ල කතා කරද්දි තමා අහක බලා ගත්ත කොල්ල් අරී දිහා බැලුවේ.. අරීගේ ඇස්වල ලාවට වගේ තිබුණ කදුලු පටලේ දැක්කාම ඉක්මණට ජන්කුක් කෙල්ල ලගට ගිහින් එතනින් ඉදගෙන කෙල්ලගේ කම්මුලක් මහපට ඇගිල්ලෙන් පිරිමදින්න ගත්තා..

"බබා.. දැන් ඇති .. ඔයා යන්නකෝ.. "

"ජුකී.. ඒත් ඇයි.."

අරී මත් වෙලා වගේ ඇහුවා..

"අහන්න මැණික.. ඔයා ලස්සනයි.. ඕනිවටත් වඩා. හ්ම්? ඒත් මේ ලස්සන එදා රෑට මට පෙන්නන්න ඉතුරු කර ගන්න.. මගේ වෙන කල් මම ඔයාව මලක් වගේ පරිස්සම් කරන්න ඕනි.. තේරුනාද?? ඔය රෝස මල දැන්ම පොඩි කරලා දාන්න ඕනි නෑ මට.. කෝ දැන් යන්න.. ඔන්න තව ටිකක් වෙලා හිටියොත් නම් මට දැන් කියපුවා අමතක වෙයි හරිද??"

ජන්කුක් කෙල්ලගේ තොල් වලට පෙක් එකක් දීලා කියද්දි බරපතලකම තේරුන අරී ඔලුව වනලා ඉක්මණට කාමරෙන් එලියට ගියා..

කෙල්ල යනකල් හිටපු ජන්කුක් වොශ් රූම් එකට ගියේ තමන්ටම බැන ගෙන..

අහ්.. ඇත්තටම ඔයාටත් දැන්ම නැගිටින්න ඕනි වුණාද !!

ජන්කුක් කලිසම දිහා බලාගෙන කිව්වා..

ජන්කුක් !!
කෝටිපතියෙක් !!
කලාකරුවෙක් !!
අවුරුදු 25ක තරුණයෙක් !!
ඒත් විශවාස කරනවද ?
ජිවත් වුණ කාලෙටම ඔහොම වුම පලවෙනි වතාව ඒ කියලා !!
මුලු දවසම රැයක් දවාලක් නැතුව
බිසී වුණ ජන්කුක්ට ඇත්තටම ඔය දේවල් ගැන හිතන්න කාලයක්වත් තිබුණේ නෑ !!

නිරුවතින් කෙල්ලෙක් දැක්කත් ජන්කුක්ට ඒවා දිහා බලන්න ඕනි කරෙත් නෑ !!
රාගය වෙනුවට ජන්කුක් තුල ඇතිවුණේ පිලිකුලක් !!
ඉතින් එහෙම කොල්ලෝ නැද්ද මේ ලෝකේ !!
නෑ ඉන්නවා.. ඒත් බොහොම සුලුතරයක් !!

ඒ සුලුතරේ අතරේ ජන්කුක් කියන්නේ උඩින්ම ඉන්න කෙනෙක් !!

ජන්කුක් තමන්ගේ හැගීම් නිදහස් කර ගන්න වොශ් රූම් එකට යනකොට අරී තමන්ගේ කාමරේට ගියේ ගිනි කබලක් වෙලා.

කෙල්ලට තේරුනා කරන්න ගිය ගොන් වැඩේ..
තව ඩින්ගෙන් කෙල්ලට ඔම්මා කෙනෙක් වෙන්න වැඩ සිද්ද වෙනවා..

ඔලුවත් අවුල් කර ගෙන කෙල්ල තමන්ටභ බැන ගන්න ගමන් කාමරේට ගිහින් කලිසම් සාක්කුවේ තිබුණ phone එක ගත්තේ වෙලාව බලන්න.. එතකොටයි කෙල්ල දැක්කේ නිකෝගෙන් මිස් කෝල්ස් 3ම තියනවා..

ඒත් කෝල් බැක් කරන්න
මූඩ් එකක් නොතිබ්බ නිසාම
Phone එක ඇද උඩට විසික් කරලා
එරමිණිය ගොතාගෙන කෙල්ල
ඇද උඩ වාඩි වුණා..

ජන්ග් අරියානා..
තමන් මොනාද ඒ කරන්න ගියේ..
අයියෝ දැන් කෝමද මම ඒ බකුස්සට මූණ දෙන්නේ..
ලැජ්ජාවේ බෑ !!
හරි ඉතින් එයත් වග කියන්න ඕනි ඒවට !!
හා නැද්ද..
ඒත් ඉතින්.. යා..හ් මට
නම් මොනා වුනාද කියලත් මතක නෑ අප්පා.
අරී.. keep your limit ..  වෙඩින් එක වෙනකල් ඉවසන්න මයේ අම්මා.. ඊට පස්සේ මොන limitද ??

කෙල්ල ඇදේ ඉදගෙනත් කරේ ඕක ගැන කල්පනා කරපු..

එතකොට මින්ගෙන් කෝල් එකක් ආවේ කෙල්ලගේ අවධානේ කෝල් එකට යද්දි..

.
.
.
.
.
.
.
.
.
.
.

To be continued....

මේ
ආදරයට අලුත්
නිර්වචනයන් එක්
කල
කලාවෙන් ආදරය
දිනූ
ආත්මය වෙලා ගත්
පුදුමාකාර
ෆැන්ටසිය
.
.
.
.
.
.
.
.
Into ur heart

ඇබ්බැහියක් මැණික ඔයා...මේ අවුරුදු 25ට මම වින්ද හොදම ඇබ්බැහිය.. ඒත් මතක තියා ගන්න මැණික.. මේ ඇබ්බැහිය කවදාවත් නැති කරන්න බැරි බව.. ඒ නිසා මගෙන් ඈතට යන්න හිතන්නවත් එපා..

_________________________________________

Continue Reading

You'll Also Like

7K 758 9
"I'm waiting for you for two years, to tell the trueth that what happened to us" "Who are you?" "Please don't kill me, I"ll beg you" 🚫DON'T COPY MY...
16.3K 481 34
Flora,Selene,Cole, Asher and Jason are the Obtainers. They can each possess an Element and one of them is a Silver. Or are a few of them Silvers? An...
2K 310 140
Fu Li era un yaoguai del campo que nunca había visto el mundo. Tras entrar en la ciudad, su mayor sueño era convertirse en funcionario y dejar su nom...
6.5K 384 15
What if our Moran belongs to joint families and they had an arranged marriage? The story is about how they will try to support and understand each ot...