ඒ 2021 මැයි මාසෙ කාලෙයක් ,
පුරුදු විදිහට මන් බෑග් එකත් කරේ දාගෙන ක්ලාස් පාර දිගේ ඇවිදන් ගියේ අදත් තනියම.
රේල් පාර පැනපු ගමන් අපේ ක්ලාස් එකේ බැල්කනි එක පේන නිසා වෙනද පුරුද්දට මන් බැල්කනි එක දිහා බැලුවෙ සවී ඉන්නවද බලන්න.
වෙනදා වගේම අත වනනවා දැක්ක ගමන්.
සවී මගෙ පොඩි කාලෙ ඉදන් හොදම යාලුවා.
කාලෙ කියන්නෙ හරි අපූරු මායාවක් කියනවනෙ ඒ මායාවට අහුවුන ආත්ම කීපයක්නෙ අපි.ඉතින් අපිට වෙන දෙයක්වත් වුන දෙයක්වත් වෙනස් කරන්න බෑ.
මාත් ඉක්මනට පඩිපෙල නැගලා ක්ලාස් එකෙන් බෑග් එක තියලා බැල්කනි එකට ගියේ සවී එක්ක දවසෙ වුන දේවල් කියවන්න.
උරහිස ගාවට තියෙන කොන්ඩෙ පෝනියක් දාන් යන එක සවීට පේන්නම බැරි නිසා ආපු ගමන් කරන්නෙම මට කොන්ඩෙට බනින එක.මොනා කරන්නද අම්මලගෙ ආසාව නිසා මෙච්චරවත් තියන් හිටියෙ.
සවී එක්ක කියව කියව හිටපු මගෙ ඇස් එකපාරට නතර වුනේ කේන්තියෙන් රතුවුන බෝල ඇස් දෙකක් ගාව.බෝල ඇස් දෙක හරි කලබලයි හතර වටේම බල බල කාටහරි බනිනවා .මන් බෝලඇස් දිහා බලන් ඉන්නවා දැක්කා විතරයි මටත් රවලා ක්ලාස් එක ඇතුලට ගියේ පළවෙනිපාරට ඒ බෝල ඇස් ඉස්සරහ අමුතුම හැගීම් ගොඩක් හිතට ගලන් එද්දී .
දනහිසටත් පහලට දිග කොන්ඩෙත් කඩාගෙන එහෙ මෙහෙ ඇවිදින බෝල ඇස් දිහාවට මගෙ ඇස් දෙක නිතර යනවා සවීට පොඩ්ඩක් විතර තේරුම් යන්න ගද්දි වගේ සවී ටිකෙන් ටික මගෙන් ඈත් වෙන්න පටන් ගත්තා.මිනිස්සු හරි පුදුමාකාරයි.අපි නොදන්න ගොඩක් ගුප්ත හැගීම් ගොඩක් උන්ගෙ පපු කුහර අස්සෙ හංගගෙන ජීවත් වෙන්න උන් හරි දක්ශයි.
සවීට මාව තේරුම්ගන්න බැරිවුන එකට කවදාවත් මන් සවීට බැන්නෙ නැහැ.එයා මගෙන් ඈත් වෙන්න ඈත් වෙන්න මන් තනියෙම ඉන්න පුරුදු වුනා.ඒ වගේම බෝල ඇස් මගෙ මුලු කාලයම ආක්‍රමණය කරා.
දින සති මාස ගෙවිලා ගියා සවීට මන් යාලුවෙක් කියලාවත් කියන්න බැරි තරමට එයා මගෙන් ඈත් වුනා.එතකොට බෝල ඇස් තව තවත් මගේ හිතට ලං වුනා.
ඒත් එක දවසක් හයියෙන්ම වැස්සා.වැව උතුරලා පාරට වතුර දාලා තිබ්බ නිසා ක්ලාස් කලින් ඇරියෙ ළමයින්ට ඉක්මනට ගෙදර යන්න කියලා.හැමදාම කුඩේ ගෙදර දාලා එන මන් එදත් කුඩේ දාලා ඇවිත් තිබ්බෙ මගෙ වාසනාවටද අවාසනාවටද කියන්න මන් දන්නැහැ .බෑග් එකත් ඔලුවට උඩින් අල්ලගෙන කඩපෝලිම දිගේ ස්ටෑන්ඩ් එකට දුවන්න කියලා ක්ලාස් එකෙන් එලියට බහිද්දිම සුදුපාටින් නිල්පාටේ මල් ගියපු කුඩයක් ඔලුවට උඩින් ඇල්ලුවෙ වැස්සෙත් එක්තරා වුනු ඇග හිරිවට්ටන වෙනස්වීමක් විදිහට.
කුඩේ අල්ලපු කෙනා කවුදකියලා බැලුව මන් දැක්කෙ ඇගිලි තුඩු වලින් ඉස්සිලා කුඩයක් අල්ලන් ඉන්න බෝල ඇස් කෙල්ලව.
මෙච්චර ලගට දැකලා නොතිබුනු නිසාමද මන්දා මන් ටික වෙලාවක් යනකන් ඒ මූන දිහාම බලන් හිටියා.බෝල ඇස් ටිකක් චබීයි සුදුයි වැස්ස නිසා කම්මුල් රෝස පාටට හැරිලා දිග කොන්ඩෙ තැනින් තැනින් මුරණ්ඩු විදිහට මූන පුරා කොන්ඩ කෑලි වැටිලා ඒ අමුතුම ලස්සන මන් බෝල ඇස් දිහා බලාගෙනම වින්දා.
ටිකකින් බෝල ඇස් මගෙ මූන ඉස්සර අත එහාට මෙහාට අරන් ගියේ මාව පියවි ලෝකෙට ගන්න හිතලා වගේ.එහාට මෙහාට අරන් ගියපු අතින්ම මන් බෝල ඇස්ව ලගට ඇදල ගත්තෙ මගෙත් හැගීම් මටම කීකරු නොවුන නිසා.
එදා බෝල ඇස් මන් දිහා බලලා හිනාවුනා.හරි පරිස්සමට.ඒ හිනාව ඒ කතාව තනිකර මට ඇබ්බැහියක් වුනා.
එදා කුඩයක් නිසා හම්බුන අපි මාස ගානක් පුංචි පුංචි කතාබහ වලින් ලං වුනා.
බෝල ඇස් හරි අහින්සකයි.වගේම හරි මුරණ්ඩුයි.
ඒකටම වෙන්නැති මන් මෙච්චර ආදරෙ කරේ.
බෝල ඇස් එක්ක මගේ කතාව මාස ගානක් ඇදුනා.
ඉතින් එක දවසක් මන් බෝල ඇස් වලට මගෙ හැගීම් කිව්ව දවසක්.මන් හිතුවා වගේම බෝල ඇස් හරි ලස්සනට දිලිසුනා.
________________________________________🌼
"ඊටපස්සෙ මොකද වුනේ"
"හ්ම්ම්...ඒ කතාව මාස හත අටකට සීමා කරලා දාන්න කාලය තීරණය කරා."
"ඒ කියන්නෙ නැවත්තුවද දෙන්නම.."
"නැහැ..ඒත් ඔව්."
"මොකක්.."
"මට ඕනි වුනා නවත්තන්න."
"ඒත් ඇයි?"
"ඒක සුදු ඔයාටයි මටයි වගේ දුර යන්න පුළුවන් ආදර කතාවක් වෙන්නැහැ කවදාවත්.
ඉතින් මන් මගින් හැරුනා."
"එතකොට එයා. "
"එයා දැනන් හිටියා මේක කවදාවත් නොවෙන දෙයක් කියලා මාව අඩවන්න බැරිකමට මාව අල්ලගෙන හිටියා.කවදහරි එයා යනකන්."
"ඒ කියන්නෙ එයා ඔයාට ආදරේ කරේ දාලා යන්නද?"
"දන්නැහැ ."
"එතකොට එයා කෝ..?"
"එයා..එයා දැන් ගොඩක් දුර."
"ඒ කිව්වෙ?"
"එයා මෙහේ නෙවෙයි."
"එයාට දුක හිතුනද දන්නැහැ ."
"එයා මට බලාපොරොත්තු දුන්නා මාත් එක්ක එනවා කියලා.කාලෙත් එක්ක ඔක්කොම වෙනස් වුනා.මේ කාලෙ අපි හිතනවට වඩා හරි ගුප්තයි.මට ඕනි වුන්නැහැ මෙන්ටල් හොස්පිටල් එකකින් මේක කෙලවර වෙනවා දකින්න හිත හදන් ඒකයි නැවත්තුවෙ දෙන්නම."
"හ්ම්ම් මට තේරුම්ගන්න පුළුවන්."
"එයා ගොඩක් ආදරේ කරන්න ඇති නේද තාරු ඔයාට?"
"ඔව් කරන්න ඇති."
"එයා ඔක්කොම අමතක කරා මන් විදව විදව ජීවත් වුනා.වෙනස්ම චරිතයක් ආරූඪ කරගෙන."
"හ්ම්ම්."
හවස් වෙලත් එක්ක තාරුන්‍යාගෙ කතාව ඇහුවට පස්සෙ මගෙ හිතත් මොකක්දෝ ලොකු බයකින් වෙලිලා ගිහිල්ලා.
"තාරු.."
"හ්ම්ම්."
"ඔයා තවමත් ආදරෙයි ද?එයාට?"
"සමහර මතක තියෙනවා සුදූ අපි කොච්චර මරලා දාන්න හැදුවත් දිය යට දාපු රබර් බෝලයක් වගේ ආයෙ ආයෙ උඩ මතු වෙන.
හ්ම්ම් මාත් උත්සහ කරනවා."
"කමක්නැහැ ඔයා කාලෙ ගන්න.මට පුළුවන් බලන් ඉන්න."
"ඔයාට ඔය කතා ගැලපෙන්නැහැ සුදූ."
"මන් ආදරෙයි ගොඩක් ඒත් මගෙ හිත තාම පරණ මතක එක්ක ඇවිලෙනවා.ඒවා නිවාගන්න ඔයයි මට උදවු කරන්න ඕනි."
"අනිවාරෙන්ම මන් උදවු කරනවා."
"දන්නවද සුදූ මට හරි නිදහසක් දැනෙනවා දැන්.මගෙ හිත හදන්න අඩන කොට රුකුල් වෙන්න මගේම කෙනෙක් මාත් එක්කම ඉන්න ආදරයක් තියෙනවා කියලා දැනෙනවා මට."
අනේ තාරුන්‍යා පව් එක අතකට.අපි කොච්චර බැන්නත් මේ මනුස්සයා ඉදලා තියෙන්නෙ සෑහෙන්න ලොකු වේදනාවකින්නෙ.
මන් තාරුන්‍යාට පිටිපස්සෙන් ගිහින් බෑක් හග් කරගත්තෙ මට ඇත්තටම තාරුන්‍යා ගැන ලොකු ආදරයක් දැනුන නිසා.
"තාරු.."
"ම්ම්ම්.."
"මන් ආදරෙයි."
"මට උබට ආදරේ කිය කිය දෙන්න දෙයක් නෑ මොකද මන් තනිකරම උබට ඇබ්බැහි වෙලා.ඒක මොකා ආවත් නිමාවක් නැති ඇබ්බැහියක්."
"මන් ඔයාගෙ බෝල ඇස් තරම් ලස්සනත් එයා තරම් හුරතලුත් එයා තරම් අහින්සකත් නැතුව ඇති ඒත් මට පුළුවන් ඒ අඩුව පුරවන්න.මන් යන්නැහැ."
"කවුද කිව්වෙ මගෙ කෙල්ල ලස්සන නෑ කියලා ම්ම්.."
"කවුද කිව්වෙ මගෙ කෙල්ල හුරතල් නෑ කියලා.."
"මගෙ හිත ගැස්සෙන්න තරම් ඔයාගෙ තිබ්බෙ අමුතුම ලස්සනක් සුදූ ඒක මට කියන්න තේරෙන්නැහැ.හුරතල් නැත්තෙ කොහෙද පොඩ්ඩක් රැවුවත් උබ හුරතල් බන්.අහින්සක ..අහින්සක වෙන්න ඕනිමද කෙල්ලෙක්?නෑ බන් මන් ඒක උබෙන් බලාපොරොත්තු වෙන්නැහැ.මන් ඇබ්බැහි වුනේම ඔය කටපුරා හිනාවෙන හිනාවට."
"තාරු.. ..ඔයා මාව අඩවනවා.."
"අඩන්නෙ මොකටද?"
"නෑ ඉතින්.."
"තාරු..."
"හ්ම්ම්.."
"ඔයා ආයෙ ආවොත් බෝල ඇස් ගාවට යනවද?"
"ආවට තේරුමක් නෑ එයාට මගෙ හිතේ අගුල් වැටිලා ඉවරයි දැන්."
"මොකද.."
"මගෙ හදවත සිතූ නමට දලු දාලා ඉවරයි."
"අනේහ්..මගෙ වලස්පැටියා ආදරෙයි මන් ගොඩක් ..."
"ම්ම් මාත්.."
හෑ..ඇඩෙනවා අප්පා.අද කවදාවත් නැතුව තාරුන්‍යා සුදූ කියලත් කිව්වා සෑහෙන්න වතාවක්.හනේ බඩේ සමනල්ලු මෙරිකො රවුන්ඩ් ගහනවා.දැන් නම් අතාරින්න හිතෙන්නෙම නැහැ බදාගෙනම හෙට වෙනකන් ඉන්න හිතෙන්නෙ.
"අත ගන්නවා රෑ මෙතන මගුල් නටලා තමුසෙ ඊටපස්සෙ බඩ වුනොත් මන් එපැයි ඒකටත් කරගහන්න."
තූහ්...විතරක්..නොදකින්..
ඇත්තමයි මේ මිනිහා නම් සෙක් අපරාදෙ ..
මන් නෙ ගොනා සෙක් කිව්ව කුප්ප කතාව ආස ඇති මූට මාව බඩ කරලා ආතල් එකේ ඉන්න වනචර මිනිහා😒.
"යනවා යන්න වලත්තයා."
"ඇයි මොකද?"
"හැයි මොචජ ..."
"නගිනවා නගිනවා පරක්කු වෙනවා ඊටපස්සෙ දෝණියැන්දව හොයන් ආවොත් මාත් එක්කම යවයි ආයෙ නොඑන්නම."
"ඉතින් හොදයි නෙ."
"ආපෝ නෑ මට බෑ එළදෙනක් බලාගන්න."
"පලකො .."
මේ මිනිහා එක්ක බෑ අප්පා
"මන් කුලියට මොකෙක්හරි හොයාගන්නවා මට ආදරෙන් කතා කරන😒."
"ආ හොයාගනනින්."
"නෑ නෑ ඕන්නැහැ ."
"නෑ නෑ හොයාගනින්."
"අයියො හරි අප්පා යමු යමු දැන්."
"දැනගන්නවා සිතූ උබ මේ තාරුන්‍යාගෙ විතරයි වෙන උන් ගැන හිතලා වත් තිබ්බොත් ඌවත් මරලා තමුසෙවත් මරලා මාත් මැරෙනවා.අනික් උන් වගේ නෙවෙයි මන්."
ඉතින් එච්චරයි ..!
ආදරේ වුනත් කරක්ගහන්නෙම
අහිමි හිත් අස්සෙමයි...!
මන්ද අප්‍රකාශිතයි ආදරේ..!
හායි ළමයි ..♥️
අද චැප්ටර් එක අවුල්ද?
මුලින් තාරුන්‍යා ගෙ කතාව ඔය කියන්නෙ.
මේ චැප්ටර් එක ලියන්න තමයි වැඩිම වෙලාවක් ගියේ මේක ලියන්න ගිහින් මන් මටම රිද්දගත්තා.
ඉතින් මේ අකුරු නෙවෙයි.
හැගීම් ගොඩක එකතුවක්.
බායි.
LV YOU.
STAY SAFE.♥️
OUR STORY ♥️🌼