@the hotel
සති අන්තයේ ටිකක් විනෝද වෙන්න හිතාගෙන කැලෑවක් මැද තිබුණ හොටෙල් එකකට ගිය පස්දෙනා ගියාට පස්සේ තම තමන්ට වෙන් කරපු කාමර වලට ගියේ ටිකක් රෙස්ට් කරන්න. එන ගමන් සිංදු කිය කිය දගල දගල නටපු පිස්සුවේ හැටියට දවසක් නිදා ගත්තත් මදි වෙයි කියලයි අරී නම් කිව්වේ..
මගදී park එකක් ලග නවත්තලා ටිකක් ඇවිදලා කෑමත් කාලා පොඩි උන් වගේ සෙල්ලමුත් කරලයි කට්ටිය ආයේ කාර් එකට නැග්ගේ..
හැබැයි ඒ ගෙවුන හැම තත්පරේම ජන්කුක් අරීට ලං වෙන්න උත්සහ කරද්දි අරී ජන්කුක්ගෙන් ඈත් වෙලා ඉන්න බැලුවා..
දන්නවද?
ඒක හරියට රබර් බෑන්ඩ් එකක්
ඇදලා ඈත් කරන්න හදනවා වගේ..
කොච්චර ඈත් කරත් ආයෙම හිටපු තැනට එන..
ඒත් දවසක් එයි
ඈත් වෙන්න ඈත් වෙන්න
ලගට ආපු ඒ දෙකොන
දරා ගන්නම බැරි වුණාම දෙකට මැදින් කැඩිලා යන..
අන්න එදාට කාටවත් ඒක අල්ලන්නවත් බැරි තරම් වේදනාකාරී වගේම
වේගවත් වෙන් වීමක් වෙයි..
ඉතින් ලමයෝ පරිස්සමෙන්!!!
හැමදාම මුහුද දකින එකේ වෙනසකටත් කියලා කැලෑවක් මැද නිවැඩු ගත කරන්න යෝජනා කරේ ජිමින්.. ඒ අදහසට කවුරුත් අකමැති නොවුණ නිසා lake එකකුත් තියන හොටෙල් එකක් බුක් කරේ දවස් දෙකක නිවාඩුව ගොඩක් විනෝදෙන් ගත කරන්න හිතා ගෙන..
ඇත්තටම කිව්වොත් ඉතින් මේ ගමනේ මූලික පරමාර්ථය වුණේ ජන්කුක්ට අරීව ලං කරන එක..
ගමන් මහන්සිය නිසා අරී කාර් එක නවත්තපු ගමන් කී එකත් ඉල්ලගෙන රූම් එකට රිංග ගත්තා.. ඒත් ඉතින් අර මොකද්දෝ කතාවක් වගේ ඇදට වැටෙන්න හිතා ගෙන කාමරේට ආපු කෙල්ල නැවතුනේ බැල්කනි එකේ.. ඈතින් පේන කැලෑව ගොඩක් ලස්සනට එතනට පෙනුනා.. ඉතින් අරීගේ ඇස් ඒ දිහාවට යොමු වුණේ නිරායාසයෙන්.
කෙල්ල විනාඩි ගානක් එකම ඉරියව්වෙන් ඒ ලස්සන දර්ශනේ දිහා බලන් හිටියා.. වෙනදා මුහුදේ හෝ හෝ හඩ , වාහනවල සද්දේ , එක්ක තනි වෙන අරී දැන් කුරුල්ලන්ගේ කීචි බීචි හඩත් එක්ක තනි වෙලා.. අරීට ඕනිම විදියේ සැනසීමක් හොයා ගන්න අලුත් තැනක් ලැබිලා..
ඇස් දෙකත් වහගෙන බැල්කනි එකේ වැටට අත් දෙක තියලා බර වෙලා හිටපු කෙල්ල කටහඩ අවදි කරේ අවසරයකින් තොරව ඇතුලට ආපු මින්ජිට කතා කරන්න ඕනි වුණ නිසා...
"දන්නවද මින්ජියා??? මේ උණුහුම විනීව අවුස්සනවා.."
මින්ජි දිහා නොබලම කෙල්ල කිව්වා..
"ම්ම්ම්.. කොහොමද ඒයි මේ මන්මයි කියලා දැන ගත්තේ... අනික ඉතින් විනීට එන්න ඕනි නම් එන්න දීපන්කෝ.. නැටුමක් දැක්කේ නෑ හෙන කාලෙකින්.."
"අනේ නිකම් හිටාන්.. මේකෙ ඉන්න එකෙක් දැක්කොත් ඒම ඔක්කොම ඉවරයි.. විසේසයෙන් අර බකුස්සා.."
අරී රවාගෙන කියනකොට මින්ජිට හිනා ගියේ කාටද ඒ බැන්නේ කියලත් නොදැන..
"ඒ කවුද බන් බකුස්සා. මොකෝ මේකේ හිටපු එකෙක් උඹට ඇහැක්වත් ගැහුවද??"
"පිස්සුද යකෝ. මං කිව්වේ ජන්කුක් ගැන. එයාට මාව සැකයි බන්... මගේ වැරදි තමා ඉතින්. "
"සැකයි?? මොකටද දැන් සැක?"
"සැකද?? අංක එක.. විනී කියන්නේ මට.. අංක දෙක fire bird කියන්නෙත් මට.. "
අරී කටත් ඇද කර කර කියද්දේ මින්ජි කට ඇරන් බලන් හිටියා.
"ඇයි මැට්ටි එහෙම.. ඒ සැකේ නම් ටක්කෙටම හරි හැබැයි..🤭"
"හිනා වෙන්න එපා මින්ජියා.. ඒකමයි මටත් තියන බය.. අනේ මන්දා ඕයි.."
"අනේ හුනේ නෙමෙයි.. අරී පිස්සු ඔයාට නම්. කවදද මේවා ඉවරයක් වෙන්නේ ආ?"
"ගොඩක් ඉක්මණින්.. "
"අපෝ.. ඔයාගේ ගොඩක් ඉක්මණ දැන් අවුරුදු ගානක් තිස්සේ එනවනේ.. අම්මපා.. අරී ඔයාට දෙකක් අනින්නමයි හිතෙන්නේ මට 😒😒"
"අනේ ඇත්තට.. එතකොට යකූ මං බදින එකාට මොනාද ඉතුරු වෙන්නේ..😂😂😂"
මින්ජි රවාගෙන අරීට බනිද්දි අරී වල් කතාවක් කිව්වේ මින්ජිගෙන් ඩාන් ගාලා පිටට එකක් වදිද්දි ..
"ආයි...මොකද යකූ.. 😑😑"
"මොකද අහන්නේ. කියන්න පුලුවන් කුප්පම එක කියලා. ඇයි අහනවා මගෙන්..🤨😒"
"හිහී දන්නැද්ද ඩා..ම් වෙනවා.. ඩූම් වෙනවනේ..👉👈"
"අනේ මේ කට වහගනින්.. 😒 තවුසේ දැන් මෙතනට වෙලා දවසම භාවනා කරන්නද හිතන් ඉන්නේ කියපන් බලන්න??"
"නෑනෑ ඉතින්. "
"නැත්තම් යමු.. පහල කට්ටිය බලන් ඉන්නවා lake එක පැත්තේ රවුමක් දාන්න යන්න.."
"ම්ම්.. එහෙමද?? යමුකෝ. ඒත් මේ ඔයාට කියන්න දේකුත් තියනවා.."
"මොකද්ද??"
"මේ.. මං දන්නවා.. ඔයාලා මේ ගමන ප්ලෑන් කරේ මට ජන්කුක්ව ලන් කරන්නනේ. "
"මොකක්?? අරී ඔයා... අපි එහෙම.."
"මොකුත් කියන්න ඕනි නෑ. මං දන්නවා ඒක තමා හේතුව කියලා.. දැනටමත් ඔයාලා ඔක්කොම ටික ප්ලෑන් කරලා ඇති එයාව මාත් එක්ක තනි කරන්න.. නේද??"
බැල්කනි එකට පිට තියලා හිට ගත්ත අරී ටිකක් බරපතල විදියට අහද්දි මින්ජිට කෙල ගුලියක් ගිලුනේ අරී හරියටම ඒක කිව්ව නිසා.. මින්ජි අරී දිහා ඇසුත් ලොකු කරන්න බලන් හිටියේ කියන්න එන වචන පවා අමතක වෙද්දි..
"ඔයාට අමතක වෙලා මින්ජි.. මට හොරෙන් වැඩකට අත ගහන්න ඔයාට බෑ කියලා.. කමක් නෑ ඔයාලා එහෙම කරන්න ඇත්තේ ජන්කුක්ට උදව්වක් විදියටනේ. ඒත් ඒ වැඩ මේ දැන්ම නවත්තලා දැම්මොත් හොදයි.."
"මොකක්.. ඒවා කොහොමද??"
"කොහොමද කියන එක මගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. මම කිව්වේ නෑ ඕවා ප්ලෑන් කරන්න කියලා.. ඒ නිසා ඔයාලම විසද ගන්න.. ජන්කුක්ගේ පැත්තෙන් විතරක් නෙමෙයි මගේ පැත්තෙනුත් හිතලා බලන්න. ."
ටිකක් තරහෙන් එහෙම කියපු අරී කාමරෙන් එලියට ගියේ මින්ජි ගල් වෙලා වගේ එතනම තනි වෙද්දි .. මින්ජිට හිතා ගන්න බැරි වුණා අරී මේ වැඩේ දැන ගත්තේ කොහොමද කියලාවත්..
"ඇයි අරී මේ.. කෝ ඉස්සර හිටපු ඒ අරියානා.. එයාව ගේන්න තව කොච්චර කල් යයිද දෙයියනේ.."
අරී කාමරෙන් ගියාට පස්සේ මින්ජි මිමිනුවේ ඉස්සර හිටපු අහිංසක අරීව මතක් වෙලා..
කෙනෙක් වෙනස් වුනොත්
ආයෙම හිටපු තත්වෙට ගන්න කොච්චර
අමාරුද කියන එක නම්
මින්ජිට අමුතුවෙන් කියලා දෙන්න ඕනි නෑ..
අරී එලියට ගියාට පස්සේ මින්ජිත් කාමරෙන් එලියට ගිහින් පඩි පෙල බහිද්දි ඉබේටම එක තැන නැවතුනේ ෆෝන් එකකට පොර බදින අරීකුක් දෙන්නව දැකලා..
ජන්කුක්ගේ කර උඩ නැගගෙන උඩට උස්සන් ඉන්න ජන්කුක්ගේ අතක තියන ෆෝන් එක ගන්න දගලන අරීව දැක්කාම මින්ජිට කටකොනේ හිනාවක් ගියා.
උඩදී පඩි ටෝක්ස් දීලා ආවට අරී නොදැනුවත්ව හරි කරන්නේ ජන්කුක්ට ලන් වෙන එක නෙමෙයිද කියලා අහන්න මින්ජිට ඕනි කරා..
ඇරත් අරී කියන්නේ එසේ මෙසේ කෙල්ලෙක් නෙමෙයි කියන එකත් මින්ජි හොදටම දන්නවා.. අරීට ඕනි නම් ජන්කුක්ගේ අතේ තිබුණ ඒ ෆෝන් එක තත්පර දෙකට තමන් ලගට ගන්න පුලුවන් කම තිබුණා.. ඒ තියෙද්දිත් පොඩි එකෙක් වගේ ජන්කුක් එක්ක හුරතල් වෙන අරීව දැක්කාම මින්ජිගේ හිත ඇතුලේ පොඩි සතුටකුත් ඇති වුණා..
වෙනසක් නොපෙන්නා පඩි පෙල බැහැගෙන ලොබි එකේ හිටපු හතර දෙනා ගාවට ගිය මින්ජි ජිමින්ට පිටට පාරක් ගැහූවා.
"ආව්.. ගොනී.. මොකද මට ගහන්නේ??"
ලොබි එකේ දාලා තිබුණ සෝෆා එකේ ඉදන් හිටපු ජිමින් කෑගැහුවා.
"යමු කියන්න අනේ තට්ටුවක් දැම්මේ.."
"මාර තට්ටුව හැබැයි..🙂"
"එහෙම තමා ඇයි සැකද??"
මින්ජිත් රවාගෙන කියද්දි ජිමින් වගේම ටේත් නැගිටලා තාමත් ෆෝන් එකට ඔට්ටු වෙන ඩබල ලගට ගිහින් බලන් හිටියේ තොපි ඕක නවත්තන්නේ කීයටද වගේ සීන් එකකින්..
"යාහ්.. ජන්කුක් ඕක මට දෙනවා හලෝ.. හොදින් කියන්නේ මං.. ඔප්පා කෝල් එකක් ගත්තා ඇයි දන් නෑ. දීපිය ඕක..💥"
ජන්කුක්ගේ ඔලුවටතා පාරක් දීලා කෑගහන අරී තාමත් ජන්කුක්ගේ කර උඩ දගලද්දි කොල්ලා මොකුත් නොවුන ගානට හිනා වෙවී කෙල්ලට ඇද කර කර හිටියා..
"අනේ මේ කුකා.. ඕක ඔය කෙල්ලට දීලා යමන්කෝ බන්.. කීයේ ඉදන්ද දැන් ඔය.."
බැරිම තැන ටේ කෑගැහුවා..
"හියොන්ග්.. මට මේ ෆෝන් එකේ ගැලරි එක ටිකක් බලන්න දෙන්න කියන්නකෝ.. එතකොට හරිනේ හුම්.."
ජන්කුක් ෆෝන් එක උදුරගත්තේ ඇයි කියලා කියනකොට අරීට හීන් දාඩිය දැම්මේ ගැලරිය දැක්කා නම් එහෙම කෙල්ලගේ ඔක්කොම රහස් ටික පත්තරේ දැම්මා වගේ තියන නිසා.. විනීගේ බැලේ නැටුම් , ගිනි කිරිල්ලිගේ sexy photos ඔය කියන එකී මෙකී නොකී හැම මගුලම ඒ ගැලරි එකේ තිබුණා..
අරී හැමදේම ගොඩක් සැලකිලිමත්ව කරා තමයි.. හැබැයි ඉතින් කෙල්ල ෆෝන් එකට හා ප්‍රහාරයක් එල්ල වෙයි කියලා හිතන්න නැතුව ඇති..
ලොක් එකත් ඇරලා තිබුණ ෆෝන් එකේ ගැලරියට ජන්කුක් යන්න කලින් කෙල්ල ජන්කුක්ගේ කර උඩින් බැහැලා කොල්ල ලගින් කකුලක් නමාගෙන හිටපු ටේගේ තට්ටම උඩින් කකුල තියලා උඩ පැනලා ෆෝන් එක අරන් සාක්කුවේ දාගත්තේ මින්ජි ඇරෙන්න අනිත් තුන් දෙනා කට බලියාගෙන ඒ දිහා බලන් ඉද්දි..
"මොකද ඔහොම බලන්නේ.. මම කිව්වනේ දෙන්න කියලා.."
ජන්කුක් දිහාවට හැරිලා විරිත්තපු කෙල්ල ටීශර්ට් එක හදන ගමන් එලියට ගියා..
මින්ජිත් අරී පස්සෙන් යද්දි උරහිස් අකුලපු ජිමිනුත් එයාලා පස්සෙන් ගියා.
"යකූ.. කුකා පරිස්සම් වෙයන් .. භයානකයි වගේ .. බලාන් මගේ කකුල හයියෝ .. සොරි කිව්වෙත් නෑ අයුතු ප්‍රයෝජනත් අරන්.."
ටේ කටත් ඇද කරන් කියලා එලියට යද්දේ ජන්කුක් තෝන්තුවෙන් වගේ ටේ පිටිපස්සෙන් ගියා..
ටික වෙලාවක් යද්දි ජන්කුක් ආයෙම දුවලා ගිහින් ඉස්සරහින් යන අරීගේ කරට අත දාගත්තේ මින්ජි ශේප් එකේ එතනින් ලිස්සලා යද්දි..
"මොකෝහ් ඒ පාර?"
"නෑ මොකුත් නෑ .. මං මේ කල්පනා කරේ ඔය ෆෝන් එක අස්සේ නිධානයක්වත් තියනවද කියලා හිහී.."
ගොන් හිනාවක් දාලා ජන්කුක් කියද්දි අරී මහ හයියෙන් හිනා වුණා..
"ඔව්නේ ජන්කුක්.. මට අමතක වුණා කියන්න.. මේක මේ අවුරුදු පන්දාහක් පරණ නිධානයක් හංගලා තියන ගැජට් එකක්නේ..😂💥"
ජන්කුක්ට විරිත්තලා අරී කියද්දි කොල්ලා අරීගේ ඔලුවට ටොක්කක් ඇන්නා .
"ආයියා.. පිස්සුද යකූ??"
"නෑමේ හැටි.. දන්නැද්ද?"
"දන්නවා දන්නවා.. හා තෝන්තුවක් කියලා..🤣🤣"
"අනේ මේ.. එන්න එපා හරිද ඕවට නම්"
"එනවා ඇයි මොනා කරන්නද?"
අරී ජන්කුක්ගේ බඩට එකක් වැලමිටෙන් ඇනලා කියද්දි කොල්ලා දිව එලියට දාලා විරිත්තලා අහක බලා ගත්තේ අරී හිනා වෙද්දි..
හෝටලයට මීටර් 100ක් විතර දුරින් තියෙන ලේක් එක ගොඩක් ලස්සනයි.. වැව ඉවුරේ ඉදන් දණහිස ලගට වතුර පිරෙනකල් ගියාම තිබුණ ඔන්චිල්ලාවයි ඒකට මෙහා පැත්තෙන් වතුර මැදම හදලා තිබුණ ලී මේසෙයි බංකු දෙකයි දැක්කාම ඕනි කෙනෙක්ට එතනට යන්න හිතෙනවා..
ඔන්චිල්ලාව දැක්ක ගමන් කර වටේ එතිලා තිබුණ ජන්කුක්ගේ අත අයින් කරපු කෙල්ල 'ජබොග්' ගාලා වතුරට පැනලා ඔන්චිල්ලාව ලගට ගියේ පුදුම හදිස්සියකින්..
විනාඩි දෙකකට විතර පස්සේ ඉතුරු කට්ටියත් ඇවිල්ලා එතන තිබුණ ලී බංකුවෙන් වාඩි වුණේ අරී ඔන්චිල්ලාව පදින්න හෙන කට්ටක් කන අතරේ..
"අනේ. ජන්කූ.... පොඩි තල්ලුවක් දාකෝ..🥺🥺"
අරී අහිංසක විදියට පවුට් එකකුත් දාලා පොඩි එකෙක් වගේ කියද්දි ජන්කුක්ට හිනාවක් ගියා..
"මේ පිස්සි නම්.. ඔය පපී අයිස් වලට මං රැවටෙන් නෑ හොදේ.. උදව් ඕනි වුණාම විතරයි මාව මතක් වෙන්නේ.."
අමනාපෙන් වගේ කියලා ජන්කුක් අරී ලගට ගිහින් ඔන්චිල්ලාවට තල්ලුවක් දාලා ආයෙම බංකුවට ආවා..
කොල්ලා ඇවිත් ඉද ගත්තා විතරයි කට්ටියගෙම ෆෝන්ස්වලට එක පාර නොටිෆිකේශන්ස් ආවේ කට්ටියම මූණට මූණ බලා ගද්දි..
අරී පවා කලිසමේ සාක්කුවට අත දාලා ෆෝන් එක එලියට ගද්දි අනිත් අයත් බැලුවේ මොකද්ද කියලා..
"යෝහ්.. ජන්කුකා.. නොමිනේශන් ඇවිත්.. මේ පාර බිස්නස් පැත්තෙනුත් බලලා වගේ .."
ටේ කෑගැහුවා..
"ඒකනේ හියොන්ග්.. මට නම් යන්නම වෙයි වගේ."
"ම්ම්.. අපිට නම් එන්න වෙන් නෑ මේ පාර ඔන්න.."
ජිමින් කිව්වා..
"ඒ මොකෝ?? බෑ බෑ මට තනියම යන්න බෑ අනේ.."
"පිස්සු කෙලින්න එපා.. ගිය පාරත් උඹ තනියෙම ගියේ.. මේ පාරත් පල.. අනික මේ බිස්නස් වැඩ නිසා අපිට උඹ එක්ක ලෝකේ වටේ රවුම් ගහන්න වෙලාවක් නෑ යකෝව්.."
ටේ එහෙම කියද්දි මින්ජි ටේ දිහා බැලුවේ ඔය කියන තරම් කරන බිස්නස් වැඩ මොනාද අහන්න වගේ..
"හරි හරි ඉතින්.. මම මේ කියන්නේ. කොහොමත් ඕකට යන්නේ අප්පලා තමා.."
මින්ජිගේ රැවිල්ල දැක්ක පාර ටේ එයා කියපු එක නිවැරදි කරා.
"යා..හ්.. කමක් නෑ.. මං ගිහින් එන්නම්.. ඕනි නෑ ඔහේලව මට හුම්..😒😒😒"
ජන්කුක් කියද්දි අනිත් දෙන්නා මොකුත් නොකියා හිටියා..
"කවදද දැන් යන්නේ ඔයා?"
ජිමින් ඇහුවේ සමහර විට කොල්ලට ජන්කුක් එක්ක යන්න පුලුවන් වෙයි කියලා වැඩක් නැති වුණොත්..
"තව දවස් හයකින්නේ award show එක තියෙන්නේ.. මම තව දවස් හතරකින් යනවා.. මේ අප්පා මට tickets බුක් කරා කියලා msg එකකුත් දාලා. "
"අප්පේ.. ජෝන් අන්කල් මොනා වුනත් උඹ ගැන හිතනවා නේ බන්.."
ටේ එහෙම කියද්දි ජිමිනුත් ඔලුව වැනුවේ එක ඇත්ත කියන්න..
"ඔව් ඉතින්.. අප්පටත් යන්න වෙනවනේ.. ජෝන් කම්පණි එකත් තේරිලා .. අප්පා මටත් එක්ක ටිකට්ස් බුක් කරන්න ඇති.."
"හ්ම්ම්.. ඕනි එකක්.."
ටේ කියද්දි ජන්කුක් කට කොනේ හිනාවක් දැම්මා .
"ඒ වුනාට හියොන්ග්.. මං නම් කියන්නේ ඔයාලා මේ award show එක බලන්න හරි මාත් එක්ක ඇමරිකාවට ආවනම් තමා හොද.. නැත්තම් පසු තැවෙන්න වෙයි"
ජන්කුක් සන්සුන් විදියට එහෙම කියද්දි අරීත් ජන්කුක්ගේ කතාවට කන දාගෙන හිටියේ කෙල්ලටත් දැන් ඇමරිකා යන්න වෙන නිසා..
"ඇයි උඹ එහෙම කියන්නේ.. අපි ගියා කියලා මොනා බලන්නද බන්?"
ජිමින් අහද්දි ජන්කුක් ෆෝන් එකට ඇගිලි වලින් තට්ටු කර කර ඔලුව ඇල කර ගත්තා..
"ම්ම්ම්.. දැන්ම කිව්වොත් වටිනාකමක් නෑනේ.. ඇවිත්ම බලා ගත්තා නම් තමා හොද..😌😏😏"
"ඇහ්.. ඒකත් ඒමද?? කුකා කියන එකේ යන්නම හිතෙනෝ මටත් දැන් නම්.. මොකෝ කියන්නේ ජිමිනා??"
"ඒක තමා.. නෝමලී ජන්කුක් කවදාවත් යමු කියලා බල කරන්නේ නෑනේ.. කමක් නෑ මාත් එනවා.. කොහොමත් මට විනීව බලා ගන්නත් ඕනි ."
ජිමින් කියද්දි මින්ජි අරී දිහා බැලුවා.. මින්ජිගේ මූණේ තිබුණ පෙනුම හරියට..
දැන් සැපද?
අහන්න වගේ බැල්මක්..
මින්ජිට ගොන් හිනාවක් දාලා අරී බිම බලා ගත්තේ දැන් ජිමින් එක්ක ලොකු නාට්‍යයක් කරන්නත් වෙයි නේද කියලා හිතන ගමන්..
"ආආ... විනීත් එනවද?? මරු මරු.. ජන්කුක් ඔන්න මේ පාර නම් ඇද ගන්න මගුලක් ඇද ගනිම් ඈ?? මින්ජි ඔයා මොකද කියන්නේ.. පොඩි tour එකක් ගිහින් එමු?"
ටේ මින්ජිගෙන් අහද්දි කෙල්ල ටිකක් කල්පනා කරනවා වගේ ඉදලා හා කියලා කිව්වා.. කෙල්ලගේ ඔලුවේ වෙනම ප්ලෑනක් වැඩ කරේ..
"එතකොට අරී??"
ටේ අහද්දි බිම බලන් හිටපු කෙල්ල ඔලුව උස්සලා කට්ටිය දිහා බැලුවා.
"මට එන්න බැරි වෙයි ඔප්පා. යුනි එකේ වැඩ වැඩී මේ දවස්වල"
"ඒකත් එහෙමද?? එහෙනම් මින්ජිව එක්කන් ගියාට කමක් නෑනේ??"
ටේ ඇහුවා..
"කමක් නෑ ඔප්පා.. කොහොමත් මටත් විලා එකේ ඉන්න බැරි වෙයි. Research වගේකට එලියට යන්නත් තියනවා.."
අරී සීරියස් විදියට කියද්දි ජන්කුක්ගේ මූණ කලු වෙලා ගියා.. කොල්ලා හිතන් හිටියේ අරී එක්ක ඇමරිකාවෙත් රවුමක් දාන්න..
"ම්ම්.. එහෙනම් ගමන ඕකේ.. මම කියනවා හොදේ තව ටිකට්ස් තුනක් බුක් කරන්න කියලා. "
ජන්කුක් කියද්දි ජිමින් ඔලුව වැනුවා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ටික වෙලාවක් පොඩි චැට් එකක් දාගෙන ඉදලා කොල්ලෝ තුන් දෙනා එතන තිබුණ ජූස් බාර් එකට යද්දේ අරී ඔන්චිල්ලාවෙන් බැහැලා මින්ජි ලගට ආවා..
"ඒයි මින්ජියා.. මටත් යන්න වෙනවා යකූ ඇමරිකා.. මන් දන්නෑ මේ සැරේ මොනවයින් මොනා වෙයිද කියලා"
අරී මින්ජිට මූණලා බංකුවෙන් ඉද ගත්තා.
"මොකුත් වෙන් නෑ බය වෙන්න එපා බන්.. ගිය පාරත් ගිහින් ආවේ යස අගේට"
"ගිය පාර ගියා තාමා.. ඒත් එතකොට ජන්කුක්ලව මම දැනන් හිටියේ නෑනේ"
"ඉතින්. මේ පාරත් දන්නෑ වගේ ඉන්න තියෙන්නේ..ගෝල් කම්ප්ලීට්.."
මින්ජි සැහැල්ලුවෙන් කියද්දි අරී රව ගත්තා..
"යකූ.. අවුරුදු ගානක් ගිහින් මේ මිනිස්සුන්ට විනීව , fire bird ව , අරීව එක්කෙනෙක් කියලා අදුන ගන්න බැරි වුණා.. ඒත් අර බකුස්සා. එයා අදුන ගත්තා.. හදිස්සියේවත් මම විනී වගේ ඔතනට ගිහින් මම අරී කියලා අදුන ගත්තොත් එහෙම.."
"අයියෝ.. එහෙම නොවෙන්න වැඩ බලා ගමු.. මාත් එනවනේ.. ශේප් එකක් දා ගන්න බැරි වෙන එකක් නෑ.."
"අනේ මන්දා අප්පා."
"ආන් අර තුන් දෙනා එනවා. "
"හ්ම්.. මේ මන් ටිකක් අරහෙට ගිහින් එන්නම්.. කෝල් එකක් ගන්න ඕනි"
ජන්කුක්ලා ජූස් 5කුත් අරන් එද්දි අරී නැගිටලා ගොඩට ගියේ ඉස්සෙල්ලා ඔෆිසර් මිස් කෝල් එකක් ගත්ත නිසා..
ජන්කුක්ගේ වැඩ නිසා කෙල්ලට කෝල් එක ආන්ස්වර් කර ගන්නත් බැරි වුණානේ..
📲......
"හේලෝ ඔෆිසර් මින්. "
"හෙලෝ අරී.. ඇයි කට් කරේ?"
"ආආ.. මේ එවෙලේ කට්ටිය ටිකක් වැඩි.. ඒ නිසා කට් කරේ.. ඇයි කෝල් කරේ හදිස්සියක්ද??"
"නෑනෑ.. මේ අලුත් details ටිකක් ආවා.. "
"මොනාද ඔෆිසර් මින්?"
"අපි කට්ටියව දාලා හොයලා බැලුවා.. දැන් තියෙන්නේ අපේ ultimate goal එක තමා.. ඒක සක්සස් කර ගන්න අරී ඔයාට කොරියාවට යන්නම වෙනවා.."
"ම්ම්.. මම දැනන් හිටියා. මේ හැමදේකම මුල කොරියාව තමා කියලා. ඕකේ ඔෆිසර් අපේ ප්ලෑන් ටික හදා ගමු.. මට ඒව ටික කාලක් ඉන්න වෙයි සිඩ්නිවල"
"ආයෙත් අහලා.. ඔයා නැතුව මේ පොලිස් ස්--"
"ආආආ ආආ ඕවා ඕනි නෑ.. කියන්න ගියනු දේ කියන්න.. ඔප්පා..."
අරී ඇදලා කියද්දි මින් හිනා වෙලා ආයෙම කතාවට බැස්සා..
"මම මේ කියන්න ගියේ එහේ දැනටමත් වැඩේ පත්තු වෙලා.. ඌ හොදටම බය වෙලාලු.. අපේ පැත්තට චාන්ස් එක වැඩි.. කම්පණි එක වැටෙද්දි ඌ තව තව illegal වැඩවලට අත ගහයි.. "
"ම්ම්.. අපිට තව strong plans හදන්න වෙනවා.. මොකද කොරියාව කියන්නේ අපේ අණට යටත් තැනක් නෙමෙයිනේ.. ඒ නිසා කරන හැමදේම ගොඩක් සැලකිල්ලෙන් කරන්න වෙයි අපිට.."
"ඔව් ඒක ඇත්ත.. මම තව ටිකක් හොයලා බලන්නම් අරී..ලෑස්ති වෙන්න කෙල්ලේ ඒක දැනටම පටන් අරන්.."
"දේහ්.. I know .. පුලුවන් නම් කොරියාගේ NIS headට පණිවිඩයක් යවන්න.. මොකද අපිට එහෙදී එයාලගේ උදව් නැතුව මොකුත් කරන්න බෑ"
"හරි මැඩම් මම කරන්නම්කෝ🤭"
"යාහ්.. ඔප්පේ.. මං කියලා තියනවා ඕම කතා කරන්න එපා කියලා.."
"හරි හරි අරී.. මේ සුබ පැතුම් අපේ විනීට"
"තැන්කූ.. තැන්කූ.."
"මේ මං එන්නම් මේ ගැන කතා කරන්න..🙂 මම මේ රිසෝට් එකේ ඉන්නේ"
"ආ. Enjoy කරන්න එහෙනම්.. මම තිබ්බා. "
"හරි ඔප්පා. "
සොෆට් විදියට කියලා අරී ආයෙම බංකුව ලගට ගිහින් මින්ජි ලගින් ඉද ගෙන ජූසා එක අතට ගත්තා..
"කවුද අරී කතා කරේ??"
ජන්කුක් රවා ගෙන ඇහුවේ කෙල්ල හිනා වෙවී කතා කර කර ඉන්නවා දැකපු නිසා..
"ආආ මේ.. මන් මැරි කරන්න ඉන්න කෙනා ජන්කුක්"
අරී ලාවට හිනා වෙලා කියද්දි මින්ජිට බිබී හිටපු ජූස් එකත් පිට උගුර ගියා..
ඒ පාර ටේ කෙල්ලගේ පිට අත ගානකොට අරී මින්ජිට ඇස් වලින් කිව්වේ කට වහන් හිටපන් කියලා...
ජන්කුක් ඇසුත් ලොකු කරන් අරී දිහා බලන් ඉද්දි අරී මොකුත් නොකියා හිටියේ එයා මේ දැන් කියපු කතාවේ පුදුම වෙන්න කිසිම දෙයක් නෑ වගේ.
"අරී. ඔය ඇත්තමද??"
ජන්කුක් බලාපොරොත්තු ඇතුව ඇහුවේ ඒක බොරුවක් වෙන්න කියලා දාස් වාරක් දෙවියන්ට කියන ගමන්..
"ඔව් ජන්කුක්. මං මොකටද බොරු කියන්නේ.."
ජන්කුක්ගේ ඇස් දිහාවත් නොබලා කියපු කෙල්ල එක හුස්මට ජූස් එකත් බීලා ආයේ ඔන්චිල්ලාවට ගියේ ජන්කුක් අරී දිහාම බලන් ඉද්දි..
ජන්කුක්ගේ හදවත වේගෙන් ගැහෙද්දි
අරීගේ හදවත ඊටත් වඩා වේගෙන් ගැහුනා..
මම කිව්වේ white lie එකක් කියලා
අරී හිත හදා ගන්න
දගලන කොට
අරී කිව්වේ ලොකු බොරුවක්
කියලා හිතලා ජන්කුක්
හිත හදාගන්න උත්සහ කරා..
ඇත්තටම ජන්කුක්ගේ හදවත
චරිත තුනක් වෙනුවන් ගැහෙන්න අරන්ද?
වෙලාවකට ජන්කුක්ම හිතුවා..
අපි බැදීම් හදා ගනී
ඒවා නිසා සතුටින් ඉදී
ඒත් දවසක ඒ බැදීම අපිට
රිද්දපුවාම අපිටම වැරැද්ද පටව ගනී..
ජන්කුක් වුනත් එහෙමයි
අරී ගැන හිතලා හිතලා හෙම්බත් වුණාම
ඇයි මම එදා වෙරලට ගියේ කියලා කොල්ලා කොල්ලටම බැන ගත්තා..
ඒක සාධාරණද??
ඒත් අරී??
ඊට හාත් පසම වෙනස් වුණා..
අරී මේ හැම දේකම වැරැද්ද පටවව්වේ
තමන්ගේ ජීවිතේ අපායක් කරපු ඒ මිනීමරුවට මිසක් තමන්ටවත් ජන්කුක්ටවත් නෙමෙයි .
මෙතන ඇත්ත කතාව වුණේ
අරීටත් ඕනි කරා
වෙන ආදරවන්තියෝ වගේ
ජන්කුක් එක්ක ආදරෙන් ඉන්න..
ඉතින් ඒ හැමදේකටම
බාධාවක් වුණේ
අරී ලෝකෙන් හංගන මේ රහස් නේද?
ඒ රහස් ඉපදුණේ එදා
ඔම්මා, අප්පා ,ඔප්පව තමන්ගෙන් ඒ නරුමයා උදුර ගත්ත නිසා නේද?
කියලයි අරී හිතුවේ..
ඉතින්
ඒ හිත
තව තවත්
පලිගැනීමේ වියරුව
වැඩි කර ගත්තා මිසක්
ජන්කුක් නිසා
ඒ දේවල් අතාරින්න පොඩ්ඩක්වත්
ලෑස්ති වුණේ නෑ..
හැමදේම සැලැස්මට අනුව වෙයි..
සමහර විට හැමදේම හරියයි..
එදාට මේ අරීගේ spring day එක මේ හදවත ආදරයෙන් පුරවයි..
කෙල්ල හිතුවේ එහෙම..
ඒත් අරී තේරුම් ගත්තා නම්
සමහර විට කියන එක
ස්ථීර දෙයක් නෙමෙයි..
ආත්ම දෙකක්
කවදාවත් විදවන්නේ නැතුව
ජීවත් වෙයි..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
@ South Korea
කන්ග් කම්පණි එකේ සේල්ස් අඩු වේගෙන ගිහින් කම්පණි එක අස්ථාවර තත්ත්වෙට ආවාම කන්ග් පිස්සෙක් වගේ හැසිරුනේ සමහර වෙලාවට ඔෆිස් රූම් එකේ තිබුණ බඩු පවා පොලොවේ ගහන ගමන් ඔෆිස් එකම දෙවනත් කර කර..
කම්පණි එකේ රහස් ඔක්කෝම එකින් එක එලියට යද්දි කන්ග් වියරුවෙන් වගේ මේ රහස් පිටට දෙන එකාව හෙව්වත් කන්ග්ට පොඩිම පොඩි හෝඩුවාවක්වත් හොයා ගන්න බැරි වුණා..
සල්ලිත් ටික ටික කම්පණි එකෙන් අතුරුදහන් වුණේ කන්ග්ටත් හොරෙන්.. කම්පණි එක ආයේ තිබුණ තත්ත්වෙට ගන්න ඕනි කරන සල්ලි හොයා ගන්න විදියක් නොතිබ්බ නිසා කන්ග් තීරණේ කරා තමන්ට ජෝන් කම්පණි එකේ තිබුණ shares විකුණලා දාන්න..
හැබැයි
ඒ වෙනකොට කොටසක මිල
හිතා ගන්නවත් බැරි තරම්
පහල වැටිලා තිබුණේ
හැමෝම කතා වෙන
කොරියාවේ ඉදි වුණ
අලුත් කම්පණි එක වුණ
JSK company එක නිසා..
කරන්නම දෙයක් නැති තැන කොරියාවේ කොටසකට උපරිම මිල කියපු මේ කම්පණි එකත් එක්ක කන්ග්ට ගනුදෙනු කරන්න සිද්ද වුණා..
හැමෝම මේ කම්පණි එක කන්ග්ගේ කියලා හිතන් හිටියත් මේකේ අයිති කාරයා කන්ග්ටත් තාමත් රහසක්ම විතරක් වුණා..
කැබින් එකේ වීදුරුවෙන් සෝල් නගරය දිහා බලාගෙන හිටපු කන්ග් ගොඩක් කේන්තියෙන් වගේම වියරුවෙන් වගේ හිටියේ..
කැබින් එක ඇතුලට ආපු කන්ග්ගේ private secretary ඇවිත් කතා කලේ JSK එකට යන්න වෙලාව හරි කියන්න..
"තමුසේ යනවා.. මම එන්නම්.."
කන්ග් ගැඹුරු හඩකින් කියද්දි employee කැබින් එකෙන් එලියට ගියා..
Shares වල documents ටිකත් අරගෙන කන්ග් පුටු ඇන්දේ දාලා තිබුණ කෝට් එකත් දාගෙන කම්පණි එකෙන් එලියට ගියා..
විනාඩි කීපකින් JSK කම්පණි එක ඉස්සරහ නවත්තපු කාර් එකෙන් බැස්ස කන්ග් තමන්ටම මෝඩයෙක් කියලා බැනගත්තේ මේ building එක ඉදි වෙන කාලේ මේ ගැන කිසිම දෙයක් හොයලා බලපු නැති නිසා..
කවුද හිතුවේ
ඒක තමන්ට අභියෝගයක් වෙයි කියලා..
අමුතුම විදියට බිල්ඩින් එක ඩිසයින් කරලා තිබුණා වගේම කම්පණි එක ඇතුලේ employeesලා වැඩ කරන දිහා බැලුවාම කන්ග්ට පුදුම ඉරිසියාවක් ඇති වුණේ තමන්ගේ කම්පණි එක මේකත් එක්ක බලද්දි මොකද්ද කියලා හිතුන නිසා..
නව තාක්ෂණය උපරිමේට පාවිච්චි වෙන දිහා කන්ග් බලන් හිටියේ මේ දැන් තමන් ඉස්සරහ මිරකල් එකක් වුණා වගේ..
"Excuse me sir.."
රෙස්පිටේශන් අහද්දි කන්ග් හරි ලෝකෙට ආවේ..
"Oh yes.. I'm CEO of kang group"
"Oo okay sir.. come with me.. Our CEO is waiting for the meeting"
කන්ග් ඒ ගෑනු කෙනා පස්සේ ගිහින් මීටින් රූම් එකට යද්දි කන්ග් පුදුමෙන් පුදුමෙට පත් වූණේ CEO chair එකේ ඉදන් හිටපු කෙනා දැකලා..
"ඔයා????"
කන්ග්ට කෑ ගැහුනේ මීටින් රූම් එකේ හිටපු අය පිස්සු මනුස්සයෙක් දිහා බලනවා වගේ කන්ග් දිහා බලද්දි...
.
.
.
.
.
.
.
.
To be continued...
මේ
ආදරය කලාවක්
කල
කලාවට ආදරය
කල
නොහදුනන හදවතක් ලග
නැවතුනු
දඩබ්බර ආදරයේ
සිතුවම
.
.
.
.
.
.
.
.
Into ur heart
අහංකාරකම වෙන්නත් ඇති
මුරණ්ඩුකම වෙන්නත් ඇති
ලොකුකම වෙන්නත් ඇති...
ඒත් ඔයාගෙන් ලැබෙන හැම ප්‍රතික්ෂේප කිරීමක්ම මාව තව තවත් ඔයාට ඇබ්බැහි කරනවා බබාහ්...😌😌😏
_________________________________________