මඟ බලමින් 👀
විසි එක්වන දිගහැරුම
" මේන්‍යා වතුර එකක් ගේනවාහ්……"
මේන්‍යා හුන් අසුනින් නැගිට්ටුනේ කාර්‍යාලය දෙදරන්න තරම් හඬින් සධිල් කෑගසද්දී..
" ස…...ස්...ර්…………."
ඇය ඔහු දෙසත් ආහේලි දෙසත් මාරුවෙන් මාරුවට බලද්දී සධිල්ගේ කෝපය තවත් වැඩි වුනේ ආහේලිට තවමත් සිහිය නැති නිසයි...
" සර් නෙමෙයි ඕයි වතුර එකක් ගේනවාහ්……."
මේන්‍යා ඇගේ මේසය මත තිබූ වතුර බෝතලය ගෙන ඔහු පසු පස පැමිණෙද්දී සධිල් ආහේලිව ඔහුගේ කැබින් එකේ දිගු සෝෆාවෙන් දිගා කර මේන්‍යා ගෙනා වතුර බෝතලයෙන් වතුර බිංදු කිහිපයක් ඉසුවා...ඔහුගේ දොතොල් පවා සුදු මැලිවී දෑඟිලි පවා වෙව්ලන්න ගත්තේ ඔහු බියපත්ව සිටි නිසයි….
" පැටික්කි ඕපන් යුවර් අයිස්….(ඇස් අරින්න…..)"
ඇයට තවමත් සිහිය නැති තැන ඔහු යලිත් වතුර ඉසුවේ ඔහුගේ හද ගැස්ම පවා වේගවත් වෙද්දී...කරන්න අවශ්‍ය කුමක්ද කියා වත් ඔහුට වැටහීමක් නැති වෙද්දී ඔහු ඇයව යලිත් දෝතට ගත්තේ රෝහල කරා ඇයව ගෙන යාමට වුනත් ඇගේ ඇසි පියන් හිමින් විවර වෙද්දී ඔහු සෝෆාවෙන් හිඳ ගත්තේ ඇයවත් සිය උකුල මතින් තබා ගෙන…
ඔහු ඇගේ කකුල් හරහා ගොස් තිබූ අත ඉවතට ගෙන ඇගේ මුහූණ පුරාම වතුරින් තෙත් කලේ ඇය තවමත් සුදුමැලිව ඇති නිසයි….
" දෝණී මාව පේනවද?????"
ඇය තවමත් දුර ඈතකට දෙනෙත් හොවා ගෙන සිටිද්දී ඔහු ඇයව සිය පපුවට තුරුළු කරගෙන ඒ නිකට යටින් අතක් තබා ඇයව තමා දෙසට හරවා ගත්තා…
" යූ කැන් ලීව් නව් මේන්‍යා…( ඔයාට දැන් යන්න පුළුවන්….)"
ඔහු ඇයට පිටත් වන ලෙස අණ කළේ ඇය තවමත් කැබින් එකේ රැදී සිටිද්දී…මේන්‍යා පිටව යන තෙක්ම ඇය දෙස බලා සිටි ඔහු ආහේලි දෙසට නෙත් යොමන්නේ නොඉවසිල්ලෙන්...ඇගේ දෙනෙත් ඔහු දෙසට බරව තියෙද්දී තමා සධිල්ට සැනසුමක් දැනුනේ…
" මාව ගොඩක් බය කලා පැටික්කි ඔයා අද…….."
ඔහු පවසන්නේ ඇගේ මුහුණ පුරාම ඔහුගේ දෑඟිලි ගෙනයමින්...ඒ හද ගැස්ම තවමත් නොසන්සුන් වුනේ ඇය මුවින් කිසිඳු වදනක් නොතෙපලූ නිසා…
" දෝණී ප්ලීස් ඔහොම ඉන්න එපා...මොනවා හරි කියන්න……"
ඔහු ඇයට පමණක් ඇසෙන සේ මෘදුව මුමුණන්නේ ඒ මුහුණට ඔහුගේ සුසුම් පවා වැටෙන තරම් ලන්ව…
" අ..ප්ප...ත්තී…………."
ඇයට කියාගන්න ලැබුනේ එපමණයි...සධිල් ඇයට රිදෙන තරම් තදින් ඇයව සිය තුරුළට ගත්තේ ඔහුගේ මුහුණේ සැනසිලිදායක මදහසක් ඇදෙද්දී….
" ආය මාව ඔහොම බය කරන්න එපා දෝණී…."
ඒ හිස් මුදුණට විටින් විට දෙතොල් තද කර ඔහු මුමුණන්නේ බරැති සුසුම් හෙලමින්...ඇයට දැනුනා හොඳින්ම ඒ පපුවේ ගැස්ම වෙනදට වඩා වැඩි බව...ඒ මුහුණ පවා විරූපව ගොස් තිබුනේ ඇය ගැන සිතමින්ම බව තේරුණත් ඒ ඇයි දැයි කියන පැනයට තවම ඇයට පිළිතුරක් ලැබුනේ නැත…
කෙතරම් සිතත් සමඟ ඒ උණුසුමේම සිට තර්ක පිට තර්ක කලත් ඇයට අවසන ලැබුනේ ඉහිලිය නොහැකි තරම් හිසේ රදයක් පමණි…වේදනාවටම ඇගේ දෑස් පියවුනෙන් මේ කිසිත් නොදන්නා සධිල් යළිත් කලබල වුනා…
" ඇයි බබා…..කතා කරන්නකෝ ප්ලීස්…..ඔහොම කරන්න එපා දෝණී….රිද්දුව තමයි...ඇඬෙව්වා තමයි….ඒත් ඔහොම ඉද්දී කොහොමද මන් ඉවසන්නේ….ප්ලීස් දෝණී ඇස් ඇරලා බලන්නකෝ….."
ඇගේ කොපුලකට තට්ටු කරමින් සධිල් පවසුවත් ඇයට දෑස් විවර කිරීමවත් කළ නොහැකි වුනේ හිස ඒ තරමටම රිදෙනා නිසයි….
ඈ වේදනාව දරාගෙන දෑස් නොහැරම කතා කලේ ඔහුගේ ඒ දුක්මුසු වදන් ඇයට තව දුරටත් අසා සිටිය නොහැකි තැන…
" ඔළුව රිදෙනවා අප්පත්ති ගොඩක්……."
ඇය ඔහුගේ බඳ වටා දෑත් යවමින් තවත් තුරුළු වුනේ ඔහු නිහඬව ඇගේ කොණ්ඩයේ ගසා තිබුනු කොණ්ඩ කටුව ගලවා ඉවත් කරද්දී….ඔහු ඇයට පහසු ලෙස නිදන්නට දී ඇගේ ගෙල පිටු පසින් අත ගෙන ගොස් හිස් කබලට හොඳින් දැනෙන සේ හිස සම්භාහනය කරන්න ගත්තා.. දැනෙන සනීපයට ඒ මුවින් සිහින් කෙඳිරිලි පවා පිටවෙද්දී ඔහුගේ කොපුල් වල ගැසුනේ ඒ මුහුණේ ඇදුනු පුළුල් සිනහවට…
මද වේලාවකින් ඇගේ ලැම තාලයට උස් පහත් වෙද්දී ඇයට නින්ද ගොස් ඇති බව තේරුනත් ඇයව සිය තුරුළෙන් මෑත් කරන්න ඔහුට දැනුනේ දැඬි ලෝබකමක්…
" පැටික්කී…….මගේ දෝණිගේ නේද මේ අප්පත්තී…….."
ඔහු ඇගේ නලලත මෙන්ම කොපුලක්ද සිප ගත්තා….ඔහු පැවසූ කිසිවක් ඇයට නෑසුනේ ඇය මේ වන විටත් සුව නින්දක නිසයි…
සධිල් ඇයව ප්‍රවේශමට සිය වාහනයෙන් යේනුගේ නිවසට ගෙන ගොස් ඇගේ යහන මතින් තමා ඒ නලලතත් සිප ගෙන යලිත් කාර්‍යාලයට ගියේ යෙනුගෙන් මෙන්ම යේනුගේ මවගෙන්ද සමු ගෙන...
" අප්පත්තීහ්……………….."
කෑගැසූ ආහේලි ඔහු ගොස් ටික වේලාවකින් නින්දෙන් ඇහැරුනේ සධිල්ගේ උණුසුම නොදැනෙද්දී….ඒ හද ගැස්ම නෑසෙද්දී…
" මන් කිව්වානේ අම්මා ඇහැරෙනකම් ඉදලා යන්න කියන්න කියලා...කොහෙද අම්මා යන්න කිව්වනේ….දැන් මේකිව අම්මාම නලවගන්න...අඩ නින්දෙන් ඇහැරුනාම දවසම එලෝ විකාරෙන් හේලී ඉන්නේ….කිව්වට අහන්නේ නෑනේ….."
යේනුගේ කෝපාන්විත හඬින් ඇගේ දෙසවන් පිරී යද්දී ඇයට වැටහුනා ඇය නිවසේ ඉන්නා බව...ඇය නැගිටින්න හැදුවත් හිසෙහි තවමත් බර ගතියක් දැනුනෙන් ඇය යලිත් හිස කොට්ටයට බර කර ගත්තා….
" පැටික්කී මේ අහපන් මන් ඔළුව අතගාන්නම් උඹ නිදාගනින් මයේ අම්මා ඈහ්…..උඹේ අප්පත්ති ආපහු ඔෆිස් ගියා….හවස් වෙලා කෝල් එකක් ගන්නම් කිව්වා.. "
යේනු පැවසුවේ ආහේලි දැන් ඇදෙන් බැස්සොත් ඇයව දවස පුරාම ප්‍රවේශම් කිරීමට ඇයට අම්මාගේ සහය ඇතුළුව තව කිහිප දෙනෙක්ගේද සහය පැතීමට සිදුවන නිසයි…
ඇය අඩ නින්දෙන් අවදි වුන හොත් ඇය දවස පුරාම තෝන්තුවෙන් මෙන් සිටිනා බව ඇගේ පවුලේ සමීපතමයන්ට මෙන්ම යේනුටත් නමිනිටත් නොරහසක් වුනත් පිටත සමාජයට එය එසේ වූයේ නැත...එවන් අවස්ථාවකදී ඇයව නන්නාදුනනා පුද්ගලයෙකුට වුවද ඇගේ කැමැත්තෙන්ම ඇයව ඕනෑම තැනකට රැගෙන යා හැකි වන්නේ ඇය නින්දත් නොනින්දත් අතර සිටිනා නිසයි….ඒ වගේම ඇයට කොහේ සිටියත් රාත්‍රී අට වන විට අධික නිදිමතක් දැනෙන්නේ එය ඇයට කුඩා කල සිටම ආ පුරුද්දක් වෙද්දී..
යේනූගේ දෑඟිලි වල පහසට වගේම ආහේලිගේ හිසේ කැක්කුම නිසාත් ඇයට යලිත් නින්ද ගියා..යේනුගේ සිතට දැනුනේ අසීමිත සැනසීමක් ඇය කිසිදු කලබලයකින් තොරවම නින්දට වැටීම ගැන…
ආහේලිට නැවත ඇහැරුනේ රාත්‍රී හතත් පසු වෙද්දී...ඒ වන විට ඇගේ හිසේ රදය අඩුව තිබුන හෙයින් ඇය ඇඟත් සෝදගෙන මුළුතැන්ගෙට පිවිසියේ මුළුතැන්ගෙයින් එන සුවඳට ලය පිරෙන්න හුස්ම ගනිමින්..ඉව අල්ලමින්…
" ආහ් ස්ලීපින් බියුටි නැගිට්ටද???කන්න කලින් මේ බෙහෙත් ටික බීලා හිටපන්…"
ආහේලි යේනුගේ වදන් නෑසූ කන්ව කෑම මේසයේ පුටුවක් ඇද හිදගත්තා…
" ආන්ටි ස්ට්‍රෝන්ග් ජින්ජර් ටී එකක් බොමුද බඩගිනී….."
" බඩගිනි නැතුව තියෙයිද තෝ උදේ ඉදන් මොන මගුලක් වත් කාලා නෑනේ…."
යේනු සිතින් සධිල්ටද බැන වැදුනේ ඔහු නිසා ඇය රෝගාතුරු වූ නිසයි..නමුත් එය ඇයට නොපැවසීමට යේනු පරිස්සම් වුනා ඇගෙන් නිරපරාදේ බැනුම් ඇසීමට සිදුවන තැන…
" ස්ට්‍රෝන්හ් ජින්ජර් ටී නෙමෙයි...කාපන් බත් දැන්….."
යේනුගේ රැවුම් ගෙරවුම් මැද ආහේලී යේනුගේ මව බෙදා දුන් බත් පතම කා ඇගේ කාමරයට වැදුනේ දුරකථනය නාද වෙද්දී…
නන්නාදුනනා අංකයක් වූ හෙයින් ඇය දෙගෙඩියාවෙන් යුතුව ඇමතුම හා සම්බන්ධව දුරකථනය කනෙන් තබා ගත්තේ අනෙක් පසින් කතා කරන තුරු නිහඬව සිට…
" පැටික්කි දැන් අඩුයි නේද??????"
" අප්පත්තීහ්……….."
ඇයට ඉහ වහා ගිය සතුටට හඬින්ම කෑගැසුනේ ඇය ඔහු කතා කරාවි යැයි බලාපොරොත්තු නොවූ නිසයි….
" මේන්‍යා මේ ඩොකියුමන්ට්ස් මේල් එකක් දාන්න දැන්ම….."
" අප්පත්ති….."
" ඕ දෝණී….ගිව් මී අ මිනිට් ( විනාඩියක් දෙන්න )"
සධිල් අද අධික ලෙස කාර්‍යා බහුල වුනේ අද ඔහුගේ කාලසටහන තනිකරම ආහේලි අසනීප වූ නිසා කනපිට හැරෙද්දී….ඔහු රාජකාරියක නියැලෙමින් ඇය හා කතා කරද්දී ආහේලි ඒ හුස්මට හොදින් කන් දී අසාගෙන සිටියා…
" පැටික්කි දොයිය බබාද ආ?????"
සධිල් ලේඛන කිසිපයකට අත්සන් තබමින් සිට විමසුවේ ඇගෙන් හඬක් නැති තැන….
" නෑ අප්පත්තී….."
" සද්ද නැතුව මොකද කරන්නේ ????"
ඇයට ඇසුනා ඔහු කුමක හෝ පිටු පෙරල හඬ...ඒ හඬ ඈතින් ඇසුනත් ඇයට ලන්ව ඇසෙනේ ඔහුගේ සුසුම් වල හඬ වෙද්දී ඇය ඒ හඬට බෙහෙවින්ම ආසා කලේ අහේතුවකට...
" අහගෙන ඉන්නවා…"
" මොනවද දෝණී……"
සධිල් විමසන්නේ කුතුහලයෙන්...
" හුස්ම ගන්න සද්දේ….."
" කාගෙද???"
" අප්පත්තිගේ……"
අතින් ගිලිහී වැටෙන්න ගිය දුරකථනය අල්ලා ගත්තත් ඔහුගේ අනෙක් අත තිබුනු පෑන බිමට වැටෙන්න නොදී අල්ලා ගැනීමට ඔහුට අපොහොසත් වුනේ ඇගේ වදන් ඉදිරියේ...
" මේන්‍යා මන් දැන් යනවා මේ ටික හෙට බලමු……"
හදිස්සියෙන් මෙන් පැවසූ සධිල් ඔහුගේ පුටුව වටා දමා තිබූ අළු පැහැ කෝට් එක දමා ගෙන ඉක්මන් ගමනින් රථ ගාලට පැමිණියේ ආහේලිගේ ඇමතුම විසන්ධි නොකරයි….
" අප්පත්ති කොහෙද දුවගෙන යන්නේ????"
මෙතෙක් වේලා සන්සුන්ව තිබූ ඔහුගේ හුස්ම වේගවත් වෙද්දී ඇයට දැනුනා ඔහු ඇවිදිනවා හෝ දුවනවා කියන්න….
" දිව්වේ නෑ දෝණී….හයියෙන් ඇවිදිනවා ටිකක්….."
ඔහු හති ලමින් පවසන්නේ ස්වයංක්‍රීයව ඔහුගේ වාහනයේ දොර ගුළු දුර සිටම හරිමින්…
" කොහේ යන්නද හදිස්සිය ඉතින්….."
ඇගේ හඬෙහි ගැබ්ව ඇති ඊර්ෂ්‍යාව ඔහුට දැනුනෙන් ඔහුගේ කට කොනකට සිනහවක් නැගුනේ ඇගේ රතුව ගිය මුහුණේ ඔහුගේ දෑස් ඉදිරියේ මැවී පෙනෙද්දී….
" සධිල්…. බේබ් අයි මිස් යූ……."
ආහේලිට හඬින්ම හුස්මක් ඉහලට ඇදුනේ ඇයට ඇසුනු වදන් විශ්වාස කිරීමට නොහැකි තැන..සධිල්ගේ පසෙන් ඇසුනු තරුණියකගේ ප්‍රේමණීය හඬත් සමඟම ඇමතුම විසන්ධි වුනේ ආහේලිව තවත් කලබල කරමින්...ඇය පිට පිටම ඇමතුම් ගත්තත් ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිත කර තියෙද්දී ඇයට දැනුනේ ලය පැලෙන තරම් වේදනාවක්….
To be continued..... 💙
මගේ ප්‍රථම මුද්‍රිත නවකතාව "සිහිනයක් වගේ" දැන් ඔබට 20% වට්ටමක් සහිතව මිලදී ගත හැක.
ඔයාලගේ අදහසුත් එක්ක කතාවට ⭐ Vote එකක් දීලා ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා මැණිකලා .. ආදරෙයි 💙💙💙💙