මඟ බලමින් 👀
විසිවන දිගහැරුම
" සෞර අබී අක්කි එක්ක හිටියා කියලා මන් අඬන්නේ නෑ...එයා ලස්සන හින්දා එයාව ඕනේ වුනාට එයාව දකිද්දී විතරයි මතක් වෙන්නේ නැත්තම් මට එයාව ගාණක් වත් නෑ...එයාට මන් චූට්ටක් විතරයි බය...ඒකත් නැති කරගන්න ඕනේ ඉක්මනටම..අබී අක්කි කිව්වා මන් කට වහගෙන ඉද්දිලු සෞර මට බයින්න එන්නේ…..දේව් අයියා කිව්වා කොහිල කටු පිටින් ගිල්ලෝනවා කියලා සෞරට...හැබැයි දේව් අයියාට නම් මන් ආදරෙයි ගොඩාරියක්……"
ආහේලි ඔහුගේ සවන මත තිබුනු එක් අතක් මෑත් කර ඒ අතින් විර්දේව්ට ඇයට ප්‍රේම කරන ප්‍රමාණය අත දිගු කරමින් පෙන් වූයේ සධිල් දෑසින් පවා සිනහා සෙද්දී…
" අප්පත්ති ගැන නම් මට තාම තේරෙන්නේ නෑහ්…."
ඇය ඇගේ සිතැඟි විවෘත ලෙස ඔහු ඉදිරියේ පැවසුවේ ඇය ඔහුව ඇගේ සමීපතමයන් තරමටම විශ්වාස කල නිසාවෙන්…
පෙර දා රාත්‍රීයේ ආහේලි යේනුගේ උකුලේ හිස තබා ගෙන සෞර ,විර්දේව් වගේම සධිල්වත් සසඳා බැලුවේ යේනූ ඇයට ලබා දුන් උපදෙසුත් මතකයට නගා ගෙන..ඇගේ ජීවිතයේ සිය පියා හැරුණු කොට ඇයට පිරිමි පාර්ශවයෙන් සමීපව සිටියේ ඔවුන් තිදෙනා පමණයි…
" මොනවද පැටික්කිට මන් ගැන තේරෙන්නෙ නැත්තේ ආ?????"
සධිල් එක් වරම ඇය දෙසට මුහුණ හරවද්දී මෙතක් වේලා ඔහුගේ සවනක් මත තිබුනු ඇගේ දෑත් ඔහුගේ දොකොපුල් මතත් ඒ දෙතොල් ඔහුගේ නාසය මතත් රැඳුනේ ඇසිපිය සලන පමාවට….
ඇය හුන් අයුරින්ම ගල් ගැසී සිටියේ සධිල්ගේ තියුණූ කළුවන් දෑස් වල අතරමන් වෙමින්...අවට පරිසරය ගැන හෝ ඇයට කිසිදු තැකීමක් නැති වෙද්දී ඇයට අමතක වුනා ඔහුගේ නාසයෙන් දෙතොල් මෑත් කිරීමට පවා…හද ගැස්ම පිටතට ඇසෙන තරම් වුනත්, ඇගේ මුහුණ රතුව ගියත්, ඔහුගේ කොපුල් වල ගැසී තිබුනත්, ඇය පියවි සිහියට නම් ආවේ නැත...මෙතරම් සමීපව ඒ මුහුණ දුටු ප්‍රථම වතාව වෙද්දී ඇගේ හුස්ම පවා නතර වුනේ ඒ කඩවසම් රුව ඉදිරියේ…
ඔහුගේ දෑස් වල කළු ඉංගිරියාවෙන් ඇගේ දෑසම පෙනුනෙන් ආහේලිගේ දෑස් මොහොතකට පියව ගියේ ඇයටත් නොදැනීමයි…
" පැටික්කි…….."
සධිල් උගුරෙන් මෙන් පවසද්දී ඇය ඔහුගේ නාසයෙන් දොතොල් ඉවත් කලත් තවත් ඇගේ දෑත් ඒ දෙකොපුල් මතයි තිබුනේ….
" අප්පත්ති පොඩ්ඩයි……………"
ඇයට ඉබේටම මිමිණුනේ ඇගේ දෙනෙත් කලබලයෙන් ඒ මුහුණ පුරාම දුවද්දී...ඒ මුහුණේ අංශුවක් නෑරම ඇය හදවතින්ම විදගද්දී ඔහු ඇයට ඉඩ දී බලා සිටියේ ඇයටම ඇති වී ඔහුගෙන් මෑත් වන තුරු...
නමුත් ඔහු සිතු දේ වැරදි බව වැටහුනේ සැලකිය යුතු වේලාවක් ගියත් ඇය තවමත් ඔහුගේ කොපුල් වලින් ඇගේ දෑත් මුදා නොගත් නිසයි….
" ඕහ් මයි ගෝඩ් ( මගේ දෙයියනේහ් ) රපුන්සල්….සුදු අයියාහ්………….."
විර්දේව්ගේ පුදුමය පිරුණු හඬ ඇසෙද්දී තමා ආහේලි පියවි සිහියට ආවේ….ඇය එවිටත් දුටුවේ කැබින් එකේ සිටි සියළු දෙනාගේ දෑස් ඇය වෙතම අයා ගෙන ඇති අයුරු...ඇගේ දෑත් සැනින් ඒ දොකොපුල් මතින් බිමට රූටා වැටෙද්දී සධිල්ට සිනහව පාලනය කර ගත නොහැකිව කැබින් එකෙන් පිටතට යන්න හැදුවත් ආහේලි ඔහුගේ අතින් අල්ලා නතර කලේ ඇයට මෙතැන සිටිනා පිරිසට තනිව මුහුණ දීමට තරම් දෛර්‍යයක් නැති වෙද්දී…
" අනේහ් මාවත් එක්කගෙන යන්නකෝ අප්පත්තී….."
ඇය බිමට මුහුණ බර කරගෙන මුමුණන්නේ හැඬීමට ලන් වූ ස්වරයෙන්…
" කම් ( එන්න) දෝණී……"
සධිල් වේගයෙන් කැබින් එකෙන් ඇයත් සමඟ පිට වුනේ ඔහුටත් වෙනදා නැති අපහසුවක් සිය සහෝදරයන් දෙදෙනා ඉදිරියේ දැනෙද්දී…
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
සධිල් යටතේ ඇය පුහුණ වෙන්න පටන් ගෙන සතියක් පමණ ගත වුනත් සධිල්ගේ බැණුම් වලින්,තරවටු වලින් නම් ඇයට දිනපතාම අඩුවක් වුනේ නැත...පැයට දෙතුන් වරක් නම් ඔහුගෙන් බැනුමක් ඇයට නොවරදින්නේ ඇය කරනා අනුවණ ක්‍රියා හේතුවෙන්මයි…
මේ හේතුව නිසාම සධිල් ඇගේ මේසය ඔහුගේ කැබින් එක තුලට ගෙන ආවේ ඇගේ අකමැත්ත ගණන් නොගෙන...මේන්‍යාගේ මනසේ ආහේලි ගැන තිබුනේ එතරම් සුභවාදී ආකාල්පයක් නම් නොවේ...නමුත් ඇගේ අර ඇදීම කුමක්දැයි කියන්න ආහේලිට දැනුමක් නොතිබුනේ ඇය මේන්‍යාව සිය යෙහෙළියක් මෙන් සිතා ඇසුරු කල නිසයි..
" පැටික්කි….මිනිස්සු ඉස්සරහා ඕපන් වෙන්න එපා...මේක ඔෆිස් එකක් මිසක් සතුටු සාමිච්චියේ යෙදෙන තැනක් නෙමෙයි..ආය මට එක එකා එක්ක ඔෆිස් එකේ තැන් තැන් වල කියව කියව ඉදලා නම් අහුවෙන්න එපා...ගොට් ඉට් (තේරුණාද???) මේකේ රූල්ස් ( නීති ) තියනවා….ඒවා ඔයාට තියා මට වත් වෙනස් කරන්න බෑ….මේ ලාස්ට් වෝර්නින් (අවසාන් අනතුරු ඇඟවීම) එක..හොදට මතක තියා ගන්න මන් කියපු දේවල්….මිනිස්සු කවුද කියන්න එදත් මන් කියලා දුන්නට ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන නෑ වගේ….
මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කතා දෙකක් නෑ සැලරි එකත් නැතුව කෙලින්ම ගෙදර….හොදට මතක තියා ගන්න...මට සෙල්ලම් කරන්න වෙලාවක් නෑ බබා…."
උදෑසනම කැබින් එකට ආ ගමන්ම ආහේලිට සධිල් බැන වැදුනේ අහේතුවකට වෙද්දී ඇගේ දෙකොපුල් පුරා කඳුළු ගලන්න ගත්තේ ඔහුගේ වදන් වලින් අගේ හද තුවාල වූ නිසයි…
" ඩෝන්ට් කෛයි දෝණි..( අඬන්න එපා) අඬන එක ප්‍රශ්න වලට උත්තර නෙමෙයි….හැමදාම මට එකම දේ රිපීට් කරන්න බෑ බබා….පොඩ්ඩක් තේරුම් ගන්න...මන් මොකද්ද කියන්නේ කියලා…."
ඔහු කෙදිනකවත් ඇයට රැකියාව හැරදා යන ලෙස පවසමින් බැන වැදී තිබුනේ නැත...ඇගේ දෙසවන් වල ඔහුගේ වදන් දෝන්කාර දෙද්දී ඇය හිද හුන් අසුනින් නැගිට්ටා…
" සිට් ඩවුන් දෝණි…..( ඉද ගන්නවා….)"
ඔහු දබරගිල්ලෙන් අසුන පෙන්වමින් පැවසුවේ රතුව ගිය දෑසින් වුනත් ඇය තවමත් සිට ගෙන සිටියේ ඇයට තමා ගැනම දැනෙනා අනුකම්පාවෙන්….
" මන් අස් වෙනවා සර්………."
කෝපය සහ වේදනාව මිශ්‍ර හැගීමකින් හද වෙලී යද්දී ඇය සිතාමතාම ඔහුට එලෙස ඇමතුවේ ඒ දෑස් දෙස එක එල්ලේ බලාගෙන…
" තමුන් හිතන දේවල් මෙතන කරන්න මේක අම්බලමක් නෙමෙයි මිස් ආහේලි සභීහා දේවසිංහ……….."
ඔහු පෙරටත් වඩා උච්ච ස්වරයෙන් පැවසුවේ ඔහුගේ දෑත් කිටි කිටියේ මෙලවෙද්දී…ඇය යටි තොල තදින් සපා ගත්තේ ඔහුගේ වදන් ඇය පණ පිටින් මරා දැමීමට තරම් ප්‍රභල වූ තැන..
" මන් කිව්වා මගේ යකා අවුස්සන්න එපා කියලා….කිව්වද???? නැද්ද ????"
ආහේලිව පඬ රැලක් මෙන් ඔහු දෙසට ඇදී ගියේ ඔහු ඇගේ අතකින් ඇද්ද වේගයට…
" අතාරින්න රිදෙනවා මට………"
ඇය හඬමින් පැවසුවත් සධිල්ගේ සිත ඒ කඳුළු ඉදිරියේ වත් උණු වූයේ නැත…
" උත්තරයක් දෙනවා මිස් ආහේලි මන් අහපු ප්‍රශ්නෙට?????"
ඇයට ඇගේ හුස්ම සිර වෙනවාක් මෙන් දැනුනේ ඔහු ඇයව දෙවනි වරටත් සිය නමින් ආමන්ත්‍රණය කරද්දී…
" එහෙම කියන්න එපාහ් අප්පත්තීහ්……"
ඇය කෑගසා ඉකිගසා හඬමින් ඔහුගේ පපුවට දෑත් මිට මොලවා පහර දෙන්න ගත්තේ ඔහුගේ හද පුළුස්සනා ඒ වදන් ඇයට තවත් දැරීමට බැරි තැන….ඇගේ දෑතම තනි අතින් අල්ලා ගත සධිල්,
" ඔයයි පටන් ගත්තේ දෝණී….මන් නෙමෙයි…..මුරන්ඩුකම ඕනවටත් වඩා...කියන දෙයක් තේරුම් ගන්න බෑ……"
ඔහු ඇගේ දෑත් අතැර පැවසුවේ පෙර කෝපයෙන්මයි….
" මට ගෙදර යන්න ඕනේ………."
ඇය පිටි අත්ලෙන් කඳුළු පිසිමින් පැවසුවේ ඔහුගේ දෑස් මඟහරිමින්…
" යන්න……….."
එපමණක් පැවසූ ඔහු ඔහුගේ පුටුවෙන් හිඳ ගත්තේ ඇය දෙස ඇස් කොනින් හෝ නොබලායි...ඔහුගෙන් මෙතරම් වෙනසක්,මෙතරම් හිත් රිදවීමක් ඇය බලපොරොත්තු නොවෙද්දී ඇය පපුවත් තදින්ම මිරිකා ගත්තේ ඇයව කොහේවත් තනිව නොයවනා ඔහු අද ඇයට යන ලෙස පවසද්දී….
තවත් මෙතැන මොහොතක් වත් රැදෙන්න ඇයට සිත දුන්නේ නැත...ඇය ආ ආවේගයට ඇගේ බෑග් එකද කැබින් එකේ දමා පිටතට පැමිණියේ අරමුණු විරහිතව…
සධිල් මේසයට වැරෙන් පහරක් දී අතට අසු වූ කොණ්ඩය අතින් ඇද ගත්තේ ඔහුගේ කෝපය නිසා ආහේලි පිටව ගිය වේදනාව දරන්නට බැරි තැන…
ආහේලි වෙනසක් නොපෙන්වා කාර්‍යාලයෙන් පිටතට ආවේ ඇගේ ආත්ම ගරුත්වය ගැන සිතා..හඬාම ඇගේ හිස පුපුරන්නට මෙන් රිදෙන්න ආවත් ඇය කාර්‍යාලය දෙස ආපසු හැරී වත් බැලුවේ නැත….
ඇය කෙලවරක් නැති පාර දිගේ ඇවිදින්න ගත්තේ හිරු රශ්මිය වගේම ඒ චණ්ඩ සූර්‍ය තාපය නිසා වැඩි වන ඇගේ හිසේ කැක්කුම දරාගෙන..
එක් වරම ඇයගේ අත හැඬි දැඬි අතකට හසුව ඇයව ආපස්සට ඇදී යද්දී ආහේලී කාගේ හෝ පපුවක නතර වුනේ ඇය දැඬි සේ බිය වෙද්දී...නමුත් ඒ හද ගැස්ම ඔහුගේ කියන්න ඒ හුස්මක් පාසාම ඇයට දැනුනෙන් ඇගේ බිය පලා ගොස් ඇය හඬක් නොපිටවන සේ ඒ පපුවට දෙතොල් තද කර ඒ පපුවේම ඇය මෙතෙක් විදි වේදනාව දිය කර හැරියා…
ඔහුගේ එක අතක් ඇගේ බඳ වටා එතෙද්දී අනෙත් අත ගොස් නතර වුනේ ඇගේ හිස මතයි….ඇයට ඇති තරම් හැඬීමට ඉඩ දී ඔහු නිහඬ වුනේ ඒ කදුළු වල ඇති වේදනාව ඔහුගේ පපුවට ඇයටත් වඩා තදින් දැනෙද්දී...ඔහු මුවින් බැරැති සුසුමක් පිට කලේ මදක් හෝ ලය සැහැල්ලු කර ගන්න සිතා වුවුත් ඒ තාලයට ගැස්සෙන උරහිස් නිසා ඒ සැනසීම,සැහැල්ලුව ඔහුගෙන් පලා යන්නේ සුළඟටත් වඩා වේගයෙන්…
" ඇති දෝණී දැන් ආහ්…………"
ඒ හඬෙහි ඇති වේදනාව දැණුනු ආහේලි හිස ඔසවා බලද්දී දුටුවේ ඔහුගේ දැස් කෙවිනි අග රැදි කදුළු බිදුවකි...ඒ දෑස් බොර පාට වී තිබුනෙන් ඒ කඳුළුම බවට වුවමනාවට වඩා සාක්ෂි දරද්දී ඇගේ වෙව්ලන දෑඟිලි ගොස් නතර වුනේ ඒ කඳුළු රැදි නෙත මතයි…
ඔහු ඇගේ අත අල්ලා ගත්තේ සිනහා සෙමින් වුවත් ඒ දෑස් වල ලියවී ඇති වේදනාව තවමත් පහව ගොස් තිබුනේ නැත….
" අප්පත්තී………"
ඇයට කතා කරන්න නොදුන් සධිල්,
" පැටික්කී අපි ඇතුලට යමු ආ…..මට මීටින් එකක් තියනවා තව ටෙන් මිනිට්ස් වලින් වගේ….."
පැවසුවේ ඇයව සිය උණුසුමෙන් මෑත් කරමින්….ඇයට ඒ තුරුලෙන් මෑත් වීමට දැනුනේ ලෝභකමක් වගේම ඇය ගැනම කේන්තියක්...ඇගේ මුරණ්ඩුකම් නිසා ඔහු විදවූ අයුරු ඒ දෑස් පවසද්දී ඇගේ දෙනෙත් කඳුළින් පිරී ගියා..
ඉකිය මුව තුලම සඟවා ගෙන ඇය ඔහු පසු පසින් වැටුනේ ඒ අත තදින් අල්ලාගෙන..
" පැටික්කි රිලැක්ස් ( සංසුන් වෙන්න)...මගේ අත ඔච්චර හයියෙන් අල්ලගත්තොත් ඔයාටමයි රිදෙන්නේ….."
ඔහු ඇගේ අත රිදේවි යැයි සිතා පැවසූ දෙය ඇයට වැටහුනේ අන් ආකාරයට වෙද්දී ඔහුගේ අත හා බැඳුනු ඇගේ අත ඒ ග්‍රහණයෙන් ගිලිහී ගියේ ඇයට නොදැනීමයි...
" ඒ කිව්වේහ් අත අතාරින්නද????? ඒකද කියන්න හදන්නේ අප්පත්තී??? මාත් එක්ක තාම තරහින්ද ඉන්නේ???? ඕන තරම් බයින්න.. ගහන්න…..තරහා නැති වෙනකම්...ඒත් මේ අත අතෑරියොත් තමා පැටික්කිට රිදෙන්නේ…."
ඇය ඔහුගේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලා ගත්තේ ඒ ආවේගයෙන්...
" දෝණී මන් කිව්වේ…………………."
" මොකුත් කියන එපා…..දුක හිතෙනවා මට…..රිදෙනවා මට ගොඩක්….රිදෙනවා අප්පත්තී…..රිදෙනවාහ්……."
ඇගේ දෑත් වල ශක්තිය හීන වී ගොස් ඒ දෑත් ඔහුගේ පපුව මතින් පහලට රූරා වැටුනේ ඇය දැඩිව හෙම්බත් වී සිටිද්දී….ඇය තවමත් මේ දැනෙන හැඟීමට නමක් නොදන්නා නමුත් ඇගේ සතුට ඔහු ලඟ බව ඇයට දැනුනේ ඒ සිනහව ඉදිරියේ ඇගේ සිතට දැනෙන සැනසුමටයි…ඒ කඳුළු ඉදිරියේ ඇයට දෙනෙන හුස්ම හිර කරන වේදනාවටයි…
" පැටික්කි ප්ලීස්……"
ඒ මුහුණම සිප ගන්න එන හැඟීම ඔහු පාලනය කර ගත්තේ ආයාසයෙන් වගේම ඒ පපු උණුසුමේම ඇයව සනසන්න එන හැඟීමද ඔහු පාලනය කරගත්තේ ආයාසයෙන්….
ඇය හුස්මත් සමඟ පොර බදිමින් හඬද්දී ඔහුට ඇයව සනසන්න තේරුනේ නැත….මෙතෙක් කල් සඟවන්න හැදූ හැගීම් දිය යට එබූ රබර් බෝලයක් මෙන් මතු වෙද්දී සධිල්ගේ දෙතොල් ඇගේ නලලත මත රැදුනේ ඔවුන් සිටින්නේ දෙනෝදහසක් දෙනා යනෙනා මහ පාරේ බවද අමතක වෙමින්….
ඇගේ හැඬුම ඉබේටම නතර වෙද්දී ආහෙලිට පිට පිටම හඬින් හුස්ම ඉහලට ඇදුනා සධිල් පවා ඒ හඬින් බිය වෙද්දී…
" පැටික්කීහ්………………."
ඇයට සිහිසුන් වනවාත් සමඟම සධිල් ඇයව දෝතින් ගෙන හැකි උපරිම වේගයෙන් දුවන්න ගත්තේ උන්මත්තකයෙකු මෙන්…..
To be continued..... 💙
මගේ ප්‍රථම මුද්‍රිත නවකතාව "සිහිනයක් වගේ" දැන් ඔබට 20% වට්ටමක් සහිතව මිලදී ගත හැක.
ඔයාලගේ අදහසුත් එක්ක කතාවට ⭐ Vote එකක් දීලා ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා මැණිකලා .. ආදරෙයි 💙💙💙💙