𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎

By lazy-kitty

151K 26.1K 18.3K

𝑰'𝒎 𝒕𝒉𝒆 𝕯𝖊𝖛𝖎𝖑 𝒘𝒉𝒐'𝒔 𝒔𝒆𝒂𝒓𝒄𝒉𝒊𝒏𝒈 𝒇𝒐𝒓 𝒓𝒆𝒅𝒆𝒎𝒑𝒕𝒊𝒐𝒏.... 𝑩𝒖𝒕 𝒊𝒇 𝒚𝒐𝒖 𝒘𝒂�... More

Prologue...☠︎︎
ᑕᕼᗩᑭTᗴᖇ 1☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 2☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 3☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 4☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 5☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 6☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 7☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 8☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 9☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 10☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 11☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 12☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 13☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 14☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 15☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 16☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 17☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 18☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 19☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 20☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 21☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 22☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 23☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 24☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 25☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 26☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 27☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 28☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 29☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 30☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 31☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 32☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 33☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 34☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 35☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 36☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 37☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 38☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 39☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 40☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 41☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 42☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 43☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 44☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 45☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 46☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 47☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 48☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 49☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 50☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 51☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 52☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 53☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 54☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 55☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 56☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 57☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 58☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 59☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 60☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 61☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 62☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 63☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 64☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 65☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 67☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 68☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 69☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 70☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 71☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 72☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 73☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 74☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 75☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 76☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 77☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 78☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 79☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 80☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 81☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 82☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 83☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 84☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 85☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 86☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 87☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 88☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 89☠︎︎...
ᑕᕼᗩᑭTᗴᖇ 90☠︎︎...

ᑕᕼᗩᑭTᗴᖇ 66☠︎︎...

863 181 23
By lazy-kitty

ලුසිෆර්ව කූඩුව ඇතුලට තල්ලු කරල දාපු මින්හෝ පේන්නෙ නැතුව යනකම් බලන් හිටපු ලුසිෆර් තමන් ඇදන් ඉන්න ටීෂර්ට් එකෙන් පටි ඉරල අරගෙන ඇගිලි වටේට ඔතාගත්තෙ ලේ යන එක අඩු කරන්න ඕන නිසා...

මියුන්ග් දීල තිබුන වතුර බෝතලේ හොයාගත්ත ලුසිෆර් දැක්කෙ ඒක ඉවරවෙලා බව...බෝතලේ බිත්තියේ වැදෙන්න විසික් කරපු ලුසිෆර් බෙඩ්ෂීට් එක හදල කොට්ටෙන් ඔලුව තියාගත්තෙ වේදනාව නැතිවෙලා යන්න නිදාගන්න හිතාගෙන...

තුවාල වලට බෙහෙත් දාල ඉවර උන හිරකාරයොන්ව ආපහු එක්ක යන්න මියුන්ග් හොස්පිට්ල් එකට ආව...

" මෙයාලට බෙහෙත් දාල ඉවරද ඩොක්ට?"

" ඔව්...ආපහු එක්ක යන්න පුළුවන්...කිම්ට දැන් කොහොමද මියුන්ග්...අනිත් අය එයාට ලෙඩ දානවද දන්නෙ නෑ"

" මින්හෝ සර් කිම්ව එක්ක ගියා ඩොක්ට...මම රෑට ගිහින් එයාව බලල ඩොක්ටට විස්තර කරන්නම්"

" මමත් එන්නම් මියුන්ග්...මටත් එයාව බලන්න ඕන "

" ඒක එච්චර හොද වැඩක් කියල මම හිතන්නෙ නෑ ඩොක්ට"

" ඇයි ඒ?"

" මට තේරෙන විදියට මින්හෝ සර් ඩොක්ටව සැක කරනව වගේ"

" හ්ම්...මියුන්ග් මට එයාගෙ තත්වෙ පුලුවන් ඉක්මනට කියන්න...මම ඕන කරන බෙහෙත් ටික දෙන්නම් ඊලඟට "

" හරි ඩොක්ට"

අනිත් හිරකාරයො දෙන්නට මාංචු දාල එක්ක ගිය මියුන්ග් එයාලව කූඩු වලට දැන්මා...

" මීට පස්සෙ අනිත් උන්ට පාඩුවෙ ඉන්න දෙන්න...ආපහු උබලට ඔහොම දෙයක් උනොත් අපි බෙහෙත් කරන්න මහන්සි වෙන්නෙ නෑ"

නිදාගෙන හිටපු ලුසිෆර්ට ටික වෙලාවකින් ඇහැරුනේ ඇගට දැනෙන වේදනාවයි බඩගින්නයි නිසා...බිත්තියට හේත්තු වෙලා වාඩි උන ලුසිෆර් පොඩි වෙලාවකින් නැගිටල ගිහින් තමන් ෆවුන්ඩේෂන් එක හංගපු තැනින් ඒක එලියට ගත්තා...

කණ්ණාඩියෙන් මූණ බලපු ලුසිෆර් දැක්කෙ මේ දවස් ටිකට තමන් වෙනස් වෙලා තියෙන විදිය...කෙට්ටු වෙලා ඇස්යට කලුවෙලා තියෙන මූණෙ මහන්සි ගතිය හොදට පේනබව ලුසිෆර්ට තේරුනා...ඇගිලි තුවාල වෙලා උනත් ලාවට මතු වෙලා පේන ටැටූ එක උඩ අමාරුවෙන් ෆවුන්ඩේෂන් ගාපු ලුසිෆර් එතනම බිම තිබුන දූවිලි ටිකක් අරගෙන ඒවත් ඒ කම්මුලේම ගාගත්තෙ කම්මුල් දෙකේ වෙනසක් පේන්න දෙන්න බැරි නිසා...තිබුන විදියටම ෆවුන්ඩේෂන් එක හංගපු ලුසිෆර් ආපහු බිත්තියට හේත්තු වෙලා වාඩිවෙලා ඇගිලිවල ගෑවිලා තිබුන දූවිලි පිහිදැන්මා...

තමන්ගෙ තුවාල වෙලා තියෙන ඇගිලි දිහා බලන් හිටපු ලුසිෆර්ගෙ කල්පනාව නොදැනිම අතීතෙට ඇදිල ගියා...


අවුරුදු දොලහක විතර පොඩි ලමයෙක්ගෙ අත් දෙකට මාංචු දාල මේසෙට තියල තද කරගෙන අල්ලගෙන හිටපු ඒ මනුස්සය අතේ තිබුන මිටියෙන් පොඩි ලමයගෙ ඇගිලි වලට ගැහුවෙ පොඩි ලමය අඩන බවවත් ගනන් නොගෙන...

" ආපහු උබ මට පිටින් යනවද...කියන දෙයක් අහන්නෙ නැතුව තොට ඕන දේ කරන්න යනවද ආපහු?"

" නෑ නෑ අප්පා "

ආපහු පොඩේ ලමයගෙ ඇගිලි වලට ගහපු ඒ මනුස්සය පොඩි ලමය දිහා නපුරුවට බැලුවා...

" තොට මම කීපාරක් කියල තියෙද මට අප්පා කියල කියන්න එපා කියල"

" සමාවෙන්න සර් "

තව පාරක් ඒ පොඩි ඇගිලි වලට මිටියෙන් ගහපු ඒ මනුස්සය පොඩි ලමයගෙ අත් වලට දාල තිබුන මාංචු ගලවල දාල යන්න ගියේ ඒ පොඩි ලමයා එතනම බිම වාඩිවෙලා අඩද්දී...



කූඩුවේ දොර ඇරෙනව ඇහුන සද්දෙට කල්පනාවෙන් මිදුන ලුසිෆර් තමන්ට නොදැනිම ඇවිත් තිබුන කදුලු ඉක්මනට පිහිදගත්තා...

කූඩුව ඇතුලට ආපු මින්හෝ දිහා ලුසිෆර් බලන් ඉද්දී ලුසිෆර්ට නැගිටින්න කියල මින්හෝ අතින් කිව්වා...නැගිටින්නෙ නැතුව මින්හෝ දිහා බලාගෙන හිටපු ලුසිෆර් අහක බලාගත්ත...

" තෝ තව මොනවද බලන් ඉන්නෙ...එක පාරක් හොදින් කිව්වම නැගිටපන්"

නැගිටලා මින්හෝ දිහා ඕනවට එපාවට බලපු ලුසිෆර් ආපහු මින්හෝම කතා කරනකම් බලන් හිටිය...

" ඔය ජම්පර් එක ගලවපන්...උබට ඕක හොද වැඩී"

ඇගිලි එකට ලන් කරන්න අමාරු උනත් ඒ බව මින්හෝට පෙන්නන්නෙ නැතුව ජම්පර් එකේ ශිප් එක ඇරපු ලුසිෆර් ජම්පර් එක ගලවල දැන්මා...

තමන් ඇදන් ඉන්න ෂර්ට් එක දිහා බලල මින්හෝ හිනා වෙනව දැකපු ලුසිෆර් ඒකත් ගලවල දැන්මෙ කොහොමත් ඒක ඇදගෙන ඉන්න එක අපහසුවක් උන නිසා...

" උබ ෂර්ට් එකෙන් පටි ඉරුවද ඇගිලි ඔතාගන්න...හිගන්නෙක්ගෙ වගේ ඉරිල ගිය ෂර්ට් එකක් උබට හොදට ගැලපෙනව හැබැයි"

මින්හෝ දිහා දිගටම හිස් බැල්මෙන් බලන් හිටපු ලුසිෆර් කතා කරා...

" ඇයි ආවෙ?"

" උබ හිතුවද මම උබට සලකල ඉවරයි කියල...කලින් නැවැත්තුවේ මට මහන්සි දැනුන නිසා...තෝ කවුද කියල කියනකම්ම මම තොට වද දෙනව...ඒ නිසා ඉක්මනට ඇත්ත කියන එක උබට හොදයි "

මොකුත් නොකිය මින්හෝට තමන්ගෙ අත් වලට මංචු දාන්න දුන්න ලුසිෆර් මින්හෝ එක්ක බේස්මන්ට් එකට ගියා...

ලුසිෆර්ගෙ අත් වලින් මාංචු ගැලෙව්ව මින්හෝ ලුසිෆර්ට එහෙමම හිටගෙන ඉන්න දීලා අතට කසයක් ගත්තා...

" උබ අද මට උබේ ඇත්ත විස්තර කියනකම් මම මේක නවත්තන්නෙ නෑ...හිතුන වෙලාවක ඉක්මනට ඇත්ත කියපන් උබට තවත් ජීවත් වෙන්න ඕන නම්"

කස පාරක් පිට හරහා යද්දී හෙලවෙන්නෙ නැතුව ඇස් තදකරල පියාගෙන දරාගත්ත ලුසිෆර්ට තමන්ගෙ පිට ආපහු තුවාල වෙනව දැනුනා...

" දණගහගනින්"

බිම දණගහල වාඩි උන ලුසිෆර් වැදෙන හැම කසපාරම දරන් හිටියේ මින්හෝ නවත්තන්නෙ නැතුව දිගටම ලුසිෆර්ට කසේ අග කැඩේනකම්ම ගහද්දී...

කේන්ති ගිහින් කසේ පැත්තකට විසික් කරපු මින්හෝ එතන තිබුන වතුර බාල්දියකින් අත් හෝදගත්තෙ ලුසිෆර්ගෙ ලේ තමන්ගෙ අත් වලටත් ඉහිලා නිසා...තුවාලයක්වත් පේන්නෙ නැති වෙන්න ලේ වලින් වැහිල ඉන්න ලුසිෆර් දිහා බලපු මින්හෝ වතුර බකට් එක ලුසිෆර්ගෙ ඇගට හැලුවෙ එතන බිම ලේපාට වෙද්දී...

" තොට තාම ඇත්ත කියන්න අදහසක් නැද්ද...මැරිල යන්න ඔච්චරටම ආසද උබට...උබ මට ඇත්ත කියනකම් මම උබට හැමදාම මෙහෙම වද දෙනව...සමහරවිට වේදනාව ඉවසගන්න බැරුව උබ මැරේවි නැත්තම් තෝ දිගටම දුක් විද විද ඉදීවි මේක ඇතුලෙම"

ලුසිෆර්ගෙ කොණ්ඩෙන් ඇදල ලුසිෆර්ව නැගිට්ටුව මින්හෝ ලුසිෆර්ගෙ මූණට අත මිටමොලවලා පාරක් ගැහුවෙ ඇගට දැනෙන වේදනාවට ඇගේ බැලන්ස් එක තියාගන්න බැරි උන ලුසිෆර් විසික් වෙලා ගිහින් පැත්තක තිබුන රාක්කෙක වදිද්දී...

ලුසිෆර් ඒ රාක්කෙ ලගින් හෙලවෙන්නෙවත් නැතුව එහෙමම ඉන්න නිසා ලුසිෆර් දිහා හොදට බලපු මින්හෝ දැක්කෙ රාක්කෙ මුලට ලේ බින්දු වැටෙන විදිය...

තමන් රාක්කෙ වදිනවත් එක්කම රාක්කෙ තියල තිබුන පිහිය තමන්ගෙ බඩ පසාරු කරගෙන ඇතුලට යනව ලුසිෆර්ට දැනුන...පොඩි වෙලාවක් හෙලවෙන්නෙ නැතුව එහෙමම හිටපු ලුසිෆර් පිහිය ඇමිනිලා තියෙන තැනට අතක් තියාගෙන අනිත් අතින් හෙමීට පිහිය ඇදල අරගෙන තුවාලෙ අනිත් අතින් තද කරල වහගත්තා...

අනිත් අතින් පිහිය අල්ලගෙන ඉන්න ගමන් මින්හෝගෙ පැත්තට හැරිල රාක්කෙට හේත්තු උන ලුසිෆර් මින්හෝ දිහා බලල හිනා උනා...

කිසිම හැගීමක් නොතිබුන ඒ හිනාවෙ භයානකබව තේරුම්ගන්න මින්හෝට අමාරු උනේ නෑ...පස්සෙන් පස්සට යන ගමන් තමන්ගෙ ෆෝන් එක අතට ගත්ත මින්හෝ මියුන්ග්ට කෝල් කරා...

" මියුන්ග්...ඉක්මනට බේස්මන්ට් එකට එන්න...තව අය අරගෙන එන්න ඉක්මනට "

කෝල් එක කට් කරපු මින්හෝ ගන් එක ලුසිෆර්ගෙ පැත්තට ඒම් කරගෙන ලුසිෆර් දිහා බලන් හිටියා...

"බ්‍රිගේඩියර් මින්හෝ බය වෙලාද...බය වෙලා වගේනෙ.."

එහෙම කියල හිනා උන ලුසිෆර් අතේ තියෙන පිහිය මිටින් අල්ලගෙන කරකවන ගමන් මින්හෝ දිහා බලන් හිටියා...

" මේ තුවාල නිසා සමහරවිට අද මම මැරේවී...ඒත් ඊට කලින් අනිවාර්යයෙන්ම මම තෝව මරනව...තෝව දැන් මරනව මම"

එහෙම කියල ඉවර කරපු ලුසිෆර් අතේ තිබුන පිහිය මින්හෝ  පැත්තට විසික් කරේ පිහිය ලාවට මින්හෝගෙ බෙල්ලෙ ගෑවීගෙන ගිහින් බිත්තියේ වදිද්දී...

තමන්ගෙ බෙල්ල අල්ලගත්ත මින්හෝ අතට තෙත ගතියක් දැනෙද්දී අත ආපහු අරගෙන බැලුවා...අතේ ලේ ගෑවිල තියෙනව දැකපු මින්හෝ කලබල වෙනව ලුසිෆර් හිනා වෙනගමන් බලන් හිටියා...

" ඔය පොඩි හීරීම්පාරක් විතරයි...දැන් තමයි සෙල්ලම පටන් ගන්නෙ "

තව පිහියක් මින්හෝ පැත්තට විසික් කරපු ලුසිෆර් ඒ පිහිය මින්හෝගෙ අතේ ගැබුරු කැපුම් පාරක් ඇතිකරගෙන යන දිහා බලන් හිටියා...

තමන්ගෙ අත අල්ලගත්ත මින්හෝ තුවාලෙ දිහා බැලුව...ඉක්මනට ගන් එක ලුසිෆර්ගෙ පැත්තට ඒම් කරපු මින්හෝ ට්‍රිගර් එක තද කරා...ඒත් එක්කම පොඩ්ඩක් එහාට උන ලුසිෆර් බුලට් එක බිත්තියට වදින්න ඉඩ දුන්නා...

ගන් එකත් අතේ තියාගෙනම මින්හෝ ලුසිෆර් දිහා පුදුම වෙලා බලන් ඉද්දී හිනා උන ලුසිෆර් ඒත් එක්කම තව පිහියක් ගත්තා...

" මේව මට අලුත් දේවල් නෙවෙයි මින්හෝ"

ලුසිෆර් තමන්ගෙ පැත්තට එවපු පිහිය තමන්ට ආපහු තුවාලයක් කරේ නැති නිසා තද කරල පියාගත්ත ඇස් ඇරල ලුසිෆර් දිහා බලපු මින්හෝ දැක්කෙ තාමත් අර නපුරු හිනාව මූණෙ තියන් තමන් දිහා බලාගෙන ඉන්න ලුසිෆර්ව...ඒත් එක්කම තමන්ගෙ පිටිපස්සෙන් ක්‍රීක් කියල සද්දයක් ඇහෙද්දී පිටිපස්ස හැරිල බලපු මින්හෝ දැක්කෙ ලුසිෆර් විසික් කරපු පිහිය රාක්කෙ බිත්තියට සම්බන්ධ කරල තිබුන ඇණේට ගිහින් වැදිල බව...රාක්කෙ තමන්ගෙ පැත්තට ඇලවෙනව දැකපු මින්හෝ ඉක්මනට ඉස්සරහට දිව්වෙ තමන් දුවන්නෙ ලුසිෆර්ගෙ පැත්තට බව මතක නැතුව...

ලග තිබුන ලොකු යකඩ පොල්ලක් අතට ගත්ත ලුසිෆර් තමන්ගෙ පැත්තට දුවගෙන එන මින්හෝ දිහා බලන් හිටියා...පිටිපස්ස බලන ගමන් දුවන් එන මින්හෝට ටිකක් ලන් උන ලුසිෆර් යකඩ පොල්ලෙන් මින්හෝට ගැහුවෙ මින්හෝ එහෙමම පැත්තට විසික් වෙලා ගිහින් වැටෙද්දී...

ඉක්මනට නැගිටින්න හදපු මින්හෝට කකුලෙන් දැනෙන අධික වේදනාව බාදාවක් වෙද්දී මින්හෝ වැටුන විදියටම බිම ඉන්න ගමන් ගන් එක අතට ගත්තා...ඒත් එක්කම කකුලෙන් මින්හෝගෙ අතට ගහපු ලුසිෆර් ගන් එක එහාට විසික් කරේ මින්හෝට ආරක්ෂා වෙන්න තිබුන අන්තිම විදියත් නැති කරල...

" මෙච්චර දවස් මම උබට මට ගහන්න ඉඩ දීපු නිසයි උබට මට ගහන්න ලැබුනෙ...ඒ මෝඩවැඩේ මම ආපහු කරන්නෙ නෑ"

ඒත් ලුසිෆර් යකඩ පොල්ල උස්සනවත් එක්කම දොර ඇරුනෙ මින්හෝට බලාපොරොත්තුවක් එකතු කරලා...

" වෙඩි තියන්න කලින් ඕක බිමට දාල අත් උස්සන්න...දැන්ම"

ඒත් යකඩ පොල්ල පහත නොදා මින්හෝ දිහා බලාගෙන හිටපු ලුසිෆර් හෙමීට යකඩ පොල්ල පහතට දැන්මෙ තමන්ගෙ පිටිපස්සෙන් කීප දෙනෙක්ම ඉන්න බව තේරුන නිසා...

ඒත් හමුදාවෙ අයත් නොහිතපු විදියට ක්ෂනිකව ආපහු යකඩ පොල්ල උස්සපු ලුසිෆර් ඒකෙන් මින්හෝගෙ මූණට ගැහුවෙ මින්හෝ එහෙමම බිමට වැටෙද්දී...

අනිත් හමුදාවෙ අය ලුසිෆර්ට වෙඩි තියන්න හදන බව දැකපු මියුන්ග් ඉක්මනට ලුසිෆර්ව කවර් කරගත්තා...

" මෙයාට වෙඩිතියන්න එපා...මූව අපිට ගොඩක් වැදගත්...ඉක්මනට මින්හෝ සර්ව බලන්න "

එතන ප්‍රධානියා උන මියුන්ග්ට ඉහලින් යන්න බැරි නිසා අනිත් අය ගන් ආපහු සාක්කුවට දාගෙන මින්හෝට කිට්ටු වෙද්දී මියුන්ග් තාමත් මින්හෝ දිහා බලන් ඉන්න ලුසිෆර්ගෙ අතේ තියෙන යකඩ පොල්ල අරගෙන පැත්තකට දැන්මා...තමන්ගෙ ලේන්සුව අරගෙන ලුසිෆර්ගෙ තුවාලෙට තියපු මියුන්ග් ලුසිෆර්ගෙ අතක් තමන්ගෙ උරහිස වටෙන් යවලා ලුසිෆර්ව තමන්ගෙ ඇගට වාරු කරගෙන බේස්මන්ට් එකෙන් එලියට ආවෙ අනිත් අය නලල පැලිල ඉන්න මින්හෝව වාරු කරගෙන එලියට එද්දී...

" මට ඌව මරාගන්න බැරි උනා මියුන්ග්...ඇයි උබල දැන්ම ආවෙ"

" මම තව පරක්කු උනා නම් අනිත් උන් එතනම ලෝඩ්ට වෙඩි තියල මරයි"

" කමක් නෑ...එතකොට මින්හෝ මැරිල ඉවරයි"

" එහෙම නෙවෙයි වෙන්න ඕන ලෝඩ්...මින්හෝ මැරෙන්න ඕන ලෝඩ් ජීවත් වෙන්න ඕන"

මියුන්ග්ට ආපහු උත්තරයක් නොදුන්න ලුසිෆර් අමාරුවෙන් පඩිපෙල නැග්ගා...පඩිපෙල නැගල ඉවර වෙද්දී දැනුන කරකැවිල්ල ගතියට ලුසිෆර් මියුන්ග්ගෙ ඇගට බර උනා...

" මට කලන්තෙ වගේ මියුන්ග් "

" ඔහොම ඉන්න ලෝඩ්...තව පොඩි දුරයි...ඇස් පියාගන්න නම් එපා ලෝඩ්"

මියුන්ග් පුලුවන් ඉක්මනට හොස්පිට්ල් එක ඇතුලට ආවෙ ඩොක්ට කියල කෑගහගෙනමයි...

" ඩොක්ට...ඩොක්ට හ්වාන්...ඩොක්ටට....

" ඇයි මියුන්ග්...අනේ කිම්...මොකක්ද උනේ මේ...කෝ ඉක්මනට ට්‍රෝලි එකෙන් හාන්සි කරන්න...ඔපරේෂන් රූම් එකට යමු...ඉක්මනට "

මියුන්ග් තව නර්ස් කෙනෙක් එක්ක ලුසිෆර් ඉන්න ට්‍රොලි එක තල්ලු කරගෙන එද්දී හ්වාන් ඉක්මනට ඔපරේෂන් එකට ඕන දේවල් ලෑස්ති කරා...ඒත් එක්කම හ්වාන් දැක්කෙ තුවාල වෙලා ආව මින්හෝව...

" ඔයා මින්හෝ සර් ගැන බලන්න "

නර්ස් කෙනෙක්ව මින්හෝ ලගට යවපු හ්වාන් මියුන්ග්ව ඔපරේෂන් රූම් එකෙන් එලියට යවල තව නර්ස්ල දෙන්නෙක් විතරක් තියාගෙන ඔපරේෂන් රූම් එකේ දොර වැහුව...

පොඩි වෙලාවක් ඔපරේෂන් රූම් එක ඉස්සරහ හිටපු මියුන්ග් නර්ස් කෙනෙක් බෙහෙත් දාන මින්හෝ ලගට ගියා...

මින්හෝගෙ නලලෙ තුවාලෙට මැහුම් පහක් විතර දාපු නර්ස් එතනට බැන්ඩේජ් එකක් තිබ්බා...

" තව සති දෙකකින් විතර මැහුම් කපන්න පුලුවන් මින්හෝ සර්...කකුල නම් තැල්මක් වගේ පේන්නෙ කෝකටත් x- ray එකක් අරගෙන බලමු...මම x-ray ගන්න තැන ලෑස්ති කරල එන්නම් සර්...පොඩි වෙලාවක් ඉන්න "

මින්හෝ දිහා බලපු මියුන්ග් කතා කරන්න ගත්තා...

" තැල්ලමක් ඇත්තෙ මින්හෝ සර්...නැත්තම් සර්ට මේ වෙනකම් ඇවිදගෙන එන්න බෑනෙ"

" හ්ම්...ඩොක්ට හ්වාන් තාම ඔපරේෂන් රූම් එකේද?"

" ඔව් ...තාම ඔපරේෂන් එක පටන්ගෙන විනාඩි පහලොවක් ගියෙත් නෑනෙ මින්හෝ සර්"

" හ්ම්...වෙලාවට ආවට තෑන්ක්ස් මියුන්ග්...මියුන්ග් තව පරක්කු උනා නම් මම නෑ...එකපාරටම ඒ මිනිහට මොකක් උනාද මන්දා..."

" එයා මෙච්චර දවස් මින්හෝ සර්ට එයාට ගහන්න ඉඩ දෙන්න ඇති කරන්න දෙයක් නැතිකමට...ඒ උනාට අද මින්හෝ සර් වෙනදට වඩා එයාට තුවාල කරපු නිසා එයාගෙ ඉවසීමේ සීමාව පනින්න ඇති"

" මියුන්ග් කතා කරන්නෙ නිකන් හොදට ඒ මිනිහ ගැන දන්නව වගේනෙ"

" අනේ නෑ සර්...මම මිනිස්සුන්ගෙ විදිය ගැන සර්ට කිව්වෙ...ඉවසීමෙ සීමාවක් තියෙනවනෙ හැමෝටම "

" හ්ම්"

ටිකකින් නර්ස් ඇවිත් මින්හෝව රෝදපුටුවක වාඩි කරවල x-ray රූම් එකට එක්ක යද්දී මියුන්ග්ත් ඒ පස්සෙන්ම ගියා...x-ray එක අරගෙන මියුන්ග් ආපහු මින්හෝව රෝදපුටුවෙ වාඩි කරගෙන එලියට ඇවිත් පොඩි වෙලාවක් යද්දී නර්ස් එලියට ආව...

" මෙන්න සර් x-ray එක...තැල්මක් තමයි තියෙන්නෙ...ඕකට බාම් වගයකුයි බෙහෙත් වගේකුයි ඩොක්ට ආවම දෙයි...මට දැනට පේන් කිලර්ස් විතරයි දෙන්න පුලුවන්"

" හ්ම්...ඔපරේෂන් එක ඉවර වෙන්න තව ගොඩක් වෙලා යයිද ?"

" ඒක නම් මම දන්නෙ නෑ මින්හෝ සර්...ලෙඩාගෙ තත්වෙ අනුව තමයි ඉතින්"

මින්හෝව එතන හිටපු තව හමුදා සෙබළු දෙන්නෙකුට බාර දුන්න මියුන්ග් හොස්පිට්ල් එකෙන් එලියට ඇවිත් කවුරුත්ම පේන්න නැති තැනකට ගියා...

ෆෝන් ස්ක්‍රීන් එකේ පේන ජන්ග්කුක්ගෙ නම්බර් එක දිහා බලපු මියුන්ග් හොද හුස්මක් අරගෙන නම්බර් එක ටච් කරා...

"හෙලෝ ජන්ග්කුක් සර්"

"කොහොමද මියුන්ග්...
ඇයි මේ වෙලාවෙ කෝල් කරේ?"

"මෙහේ තත්වෙ ටිකක් අවුල්
ජන්ග්කුක් සර්...සර්ලව කලබල
කරා කියල සර්ලටත් කරන්න දෙයක්
නැති බව දන්න නිසයි මම ඉවසල හිටියෙ...
ඒ උනාට අද තත්වෙ වෙනදටත් වඩා අවුල්
සර්....මට තවත් බලන් ඉන්න බෑ ඒකයි
මම සර්ට ගත්තෙ මේ"

"මොකක්ද උනේ කියන්නකෝ මියුන්ග්"

"මින්හෝ හැමදාම වගේ ලෝඩ්ට
හොදටම ගැහුව සර්...ලෝඩ් මෙච්චර
දවස් ඉවසගෙන හිටියා...ඒ උනාට අද
මින්හෝ ලෝඩ්ට පිහියකින් ඇනලද කොහෙද...

"හියුන්ග්ට කොහොමද...තුවාලෙ
ගොඩක් ගැබුරුද...

"ලෝඩ් දැන් ඔපරේෂන් රූම් එකේ
ජන්ග්කුක් සර්...ප්‍රශ්නයක් වෙන එකක්
නෑ ඒ නිසා"

"හ්ම්...මින්හෝ මොකද කරන්නෙ,
ඔපරේෂන් එක කරන්න මිනිහ කැමති
උනාද ?"

" ඒක නම් අනේ මන්ද ජන්ග්කුක්
සර්...මින්හෝ මට කෝල් කරා ඉක්මනට කට්ටිය
අරගෙන එන්න කියල...මම යද්දී ලෝඩ් මින්හෝට
යකඩ පොල්ලකින් ගහන්න හදන ගමන්..
රැක් එකකුත් පෙරලිලා තිබුනා...
ලෝඩ් මින්හොගෙ කකුලට ගහල ඊලඟට අපි ඉද්දීම ඔලුවට
ගැහුව...ඒ උනාට මින්හෝගෙ නලලල පැලිල මින්හෝ බේරුනා...මම ඉක්මනට ලෝඩ්ව ඔපරේෂන් රූම් එකට එක්ක ගියා මින්හොගෙන් අහන්න ඉන්නෙ නැතුව...
ඒ නිසා අවුලක් නෑ"

" හියුන්ග් මින්හෝට ගැහුවට පස්සෙ
මින්හෝ හියුන්ග්ට පිහියෙන්
ඇන්නද?"

"නෑ ජන්ග්කුක් සර්...එතකොටත්
ලෝඩ්ට තුවාල වෙලා තිබුනෙ...
ඊට කලින් අනින්න ඇත්තෙ "

"හ්ම්...ඔපරේෂන් එක ඉවර උනාම මට
කෝල් කරන්න ආපහු...මට හියුන්ග්
එක්ක කතා කරන්න ඕන "

"හරි ජන්ග්කුක් සර් "

කෝල් එක කට් කරපු මියුන්ග් ආපහු හොස්පිට්ල් එක ඇතුලට ඇවිත් ඔපරේෂන් රූම් එක ඉස්සරහ තියෙන පුටුවක වාඩිවෙලා හිටියෙ ඔපරේෂන් එක ඉවර වෙනකම් අහකට යන්න හිතුනෙ නැති නිසා...

<>

හැමෝටම කූඩාරම ඇතුලට එන්න කියපු ජන්ග්කුක් වතුර උගුරක් බීල කතා කරන්න ගත්තා...ජන්ග්කුක්ගෙ ඇස් වලින් ජන්ග්කුක් අඩපු බව පේන්න තියෙන නිසා අනිත් අයත් මොනවත් අහන්නෙ නැතුව ජන්ග්කුක් කතා කරන්න පටන් ගන්නකම් බලන් හිටියා...

" මට මියුන්ග් කෝල් කරා දැන් ටිකකට කලින්...හියුන්ගෙ තත්වෙ අවුල්...අපි ඉක්මනට හියුන්ග්ව එතනින් එලියට ගන්න ඕන"

" මොකක්ද ටේයාට වෙලා තියෙන්නෙ ජන්ග්කුක්?"

" මින්හෝ හියුන්ග්ට පිහියෙන් ඇනලා ඊලඟට හියුන්ග් මින්හෝට යකඩ පොල්ලකින් ගහල...දැන් හියුන්ග් ඔපරේෂන් රූම් එකේලු ජින්"

" ආපහු මියුන්ග් කෝල් කරේ නැද්ද ජන්ග්කුකා?"

" තාම නෑ ජේ...මම කිව්ව ඔපරේෂන් එක ඉවර උනාම කෝල් කරන්න කියල...මට හියුන්ග් එක්ක කතා කරන්න ඕන"

" හ්ම්...ඒත් අපි කොහොමද තව ඉක්මනට උගම කපන්නෙ...මැෂින් පාවිච්චි කරන්නත් බෑ...කෑම්ප් එකට සද්දෙ ඇහෙයි...තව දවස් දෙකක් විතර යයි මේක හාරල ඉවර කරන්න "

" තව දවස් දෙකක් බලන්න බෑ ජිමිනා...අපි ඊට වඩා ඉක්මන් වෙන්න ඕන"

" ඔයා ලග වෙන අදහසක් තියෙන ජන්ග්කුක්...?"

" තියෙනව ...හැබැයි ඒක සාර්ථක වෙන්න තියෙන ඉඩ 50%ක් වගේ සුගා...ශාන් ගාඩ්ල එක්කනෙ ආවෙ...අපි උන්වත් ඉල්ලගමු...එතකොට 50%ට වඩා අපේ පැත්තට වාසිය වැඩියි...කට්ටිය වැඩි වෙන තරමට අපිට වාසියි"

" ඒ උනාට රිස්ක් එකක් තියන් කරන එක අවුල් නැද්ද...වැඩේ ගැස්සුනොත් අපි ඔක්කොම ඉවරයි"

" එහෙම හිතන්න එපා ජේ...වැඩේ සාර්ථක වෙයි...මොනව උනත් මට හියුන්ග්ට තවත් උන් එක්ක ඉන්න දෙන්න බෑ...මේක මුලින්ම කරන්න තිබුනෙ අපිට ...ඒත් ෆිෆ්ටි ෆිෆ්ටි චාන්ස් එකක් නිසයි මම මේ ගැන වැඩිය හිතුවෙ නැත්තෙ"

" දැන් මොකක්ද ප්ලෑන් එක ජන්ග්කුක්?"

" මෙහෙමයි හොබී....

<>

ඔපරේෂන් රූම් එකෙන් හ්වාන් එලියට එද්දීම හ්වාන් ලගට ගිය මියුන්ග් හ්වාන් දිහා බැලුවෙ මොකක්ද උනේ අහන්න වගේ..

" කිම්ගෙ තත්වෙ දැන් අවුලක් නෑ මියුන්ග්...ඒ උනාට එයාට තාම සිහිය නෑ...රෑ වෙද්දී එයාට සිහිය ඒවි බොහෝදුරට"

" හ්ම්...ඩොක්ට දැන් ගිහින් මින්හෝ සර්ව බලන්න...මින්හෝ සර් කීපපාරක්ම ඩොක්ට කෝ කියල ඇහුව මගෙන්"

"ඇතුලට ගිහින් කිම් ගැන අවධානෙන් ඉන්න...එයාට සිහිය ආවොත් මට කියන්න ඉක්මනට "

මියුන්ග්ව ඇතුලට යවපු හ්වාන් මින්හෝව බලන්න ආව...මින්හෝගෙ මූණ බලන්නෙ නැතුව කෙලින්ම කකුල බලපු හ්වාන් බාම් එකක් අරගෙන කකුලෙ ගාල මින්හෝට වතුර එකක් එක්ක බෙහෙත් පෙති වගයක් දුන්නා...

" ඇයි බබා කතා කරන්නෙ නැත්තෙ මම එක්ක?"

" ඕක බීල ඉන්න මුලින්ම "

බෙහෙත් ටික බීපු මින්හෝ වතුර වීදුරුව හ්වාන් අතට දුන්නා...

" සතියක් විතර යනකම් ඇවිදින්න අමාරු වෙයි...හොද වෙලාවට දණහිසට වැදිල නැත්තෙ"

" හ්ම්...අරූට කොහොමද...මැරෙයිද ඒකා?"

" නෑ නෑ රෑ වෙලා සිහිය ඒවි...ඔයා මොකටද එයාට පිහියෙන් ඇන්නෙ...අනික ඔයාගෙ බෙල්ලයි අතයි තුවාල උනේ කොහොමද?"

" මම ඇන්නෙ නෑ...මම ඒකට ගහපු පාර ඌ ගිහින් පිහි තියල තිබුන රාක්කෙ වැදුන...එතකොට තමයි ඒකගෙ බඩේ පිහියක් ඇනුනෙ...ඊලඟට ඒකා එතන තිබුන පිහි අරගෙන මගේ පැත්තට විසික් කරා...ඒකෙන් තුවාල උනේ මට මේ...මම උට වෙඩි තිබ්බා...ඒ උනාට එයා පෝඩ්ඩක් එහාට වෙලා බුලට් එකෙන් බේරුනා...මොන ජාතියේ එකෙක්ද මන්දා...යකෙක් වගේ නිකන්..."

" දැන්වත් එයාට පාඩුවේ ඉන්න දෙන්න...ඊලග පාර ඒ මනුස්සය ඔයාව මරාවි"

" බබා බයද මාව නැති කරගන්න?"

හ්වාන් උත්තරයක් නොදී මින්හෝ දිහා බලාගෙන ඉද්දී මින්හෝ හ්වාන්ගෙ අතින් අල්ලගත්ත...

" බබාට අරූව වටිනවද මට වඩා...ඒකද මාව දැකදැකත් ඔපරේෂන් රූම් එකට රිංග ගත්තෙ...උට ආදරේ කරන්න කෙනෙක් ඉන්නව බබා...kJK කියල ඌ පපුවෙ ටැටූ කරගෙනත් හිටියෙ...ඉතින් එහෙම එකේ ඌ බබාට අවංකව ආදරේ කරයි කියල හිතනවද...ඉඩ දැබුන වෙලාවක පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඩොක්ට හ්වාන්"

මින්හෝ කවදාවත්ම නැතුව තමන්ට ඩොක්ට හ්වාන් කියල කතා කරද්දී ඒ වචන හ්වාන්ගෙ හිතට තදට දැනුන...ඒත් තවත් හිතන්නෙ නැතුව එතනින් එහාට ගියපු හ්වාන් තව ලෙඩ්ඩුන්ව බලන්න ගත්තෙ තමන්ගෙ අවධානය වෙනස් කරගන්න...

ලුසිෆර් ඉන්න ඇද ලගම තියෙන පුටුවට වෙලා දිගටම ලුසිෆර් දිහා බලාගෙන හිටපු මියුන්ග් පුටුවෙන් නැගිට්ටෙ ලුසිෆර් හෙමීට ඇස් අරිනව දැකපු නිසා...ඒත් එක්කම හ්වාන්ට කතා කරන්න හදපු මියුන්ග් ආපහු නැවතිලා ජන්ග්කුක්ට කෝල් කරේ ජන්ග්කුක් තමන්ට ලුසිෆර්ට සිහිය ආවම කෝල් කරන්න කියල කියපු නිසා...

" හෙලෝ ජ...

"හියුන්ග්ට සිහිය ආවද මියුන්ග්?"

"ලෝඩ් මේ දැන් ඇස් ඇරිය විතරයි
ජන්ග්කුක් සර්...මම ඒ ගමන්මයි
සර්ට කෝල් එක ගත්තෙ මේ...ඒ උනාට
සර් ලෝඩ්ට දැන්ම කතා කරන්න පුලුවන්
පාටක් නෑ"

" හ්ම්...මම මේ කියන දේවල් ටික
ඒ විදිහටම කරන්න හ්වාන්...

"මොනවද ජන්ග්කුක් සර්?"

ජන්ග්කුක් කියන දේට හොදට අවධානය දෙන ගමන් මියුන්ග් ලුසිෆර් දිහා බැලුවෙ ජන්ග්කුක් කියන තරම් දෙයක් කරන්න ලුසිෆර්ට මේ තත්වෙන් පුලුවන් වෙයිද කියල හිතන ගමන්...

" මින්හෝට මොනව කියන්න කියලද සර්
ලෝඩ්ට කියන්න ඕන?"

"මට මගේ ජීවිතේ ගැන විශ්වාසයක් නෑ,
මට මෙච්චර දෙයක් වෙලත් තාම මාව
එලියට ගන්න හැදුවෙ නැති Seojunට
ජීවත් වෙන්න දීල මට මැරෙන්න ඕන නෑ ...
කියල ඔය විදියටම කියන්න කියල හියුන්ග්ට කියන්න...
පුලුවන් තරම් කට්ටිය අඩු කරල එන්න මියුන්ග්...
පහොලවකට වඩා එක්ක එන්න එපා...එහෙම උනොත්
අපේ වැඩේ ගැස්සෙන්න ඉඩ වැඩී"

"හරි සර් මම ඒ විදියටම කරන්නම්...
ඒත් සර් අපි ලගට ආවම සර් දැනගන්නෙ
කොහොමද?"

" gps වලින් දැනගන්න පුලුවන් අපිට...
ඔයාල ඔහෙන් පිටත් වෙන්න දැන් පුලුවන් ඉක්මනට,
අපි රෙඩි දැනටම"

"හරි ජන්ග්කුක් සර්"

කෝල් එක කට් කරල ඇදට වෙලා තමන් දිහා අවධානෙන් බලන් ඉන්න ලුසිෆර් දිහා මියුන්ග් බැලුව...ලුසිෆර් තමන් එක්ක කතා කරන්න හදනව දැකපු මියුන්ග් ඉක්මනට ඇද ලගට ගිහින් ලුසිෆර්ට කතා කරන්න එපා කිව්ව...

" කතා කරන්න මහන්සි වෙන්න එපා ලෝඩ්...ඔහොමම ඉන්න මම ඩොක්ටට කතා කරනකම්"

ඇද ලග තිබුන බෙල් එක දෙපාරක් රින්ග් කරපු මියුන්ග් හ්වාන් එනකම් බලන් හිටියා...

ලෙඩෙක් බලන ගමන් හිටපු හ්වාන් බෙල් එක රින්ග් වෙනව ඇහුන නිසා ඒ ලෙඩාව තමන් ලග හිටපු නර්ස්ට බාර දීල ඉක්මනට ඔපරේෂන් රූම් එක පැත්තට ගියා...

ඔපරේෂන් රූම් එක ඇතුලට ආපු හ්වාන් දැක්කෙ තමන් දිහා බලන් ඉන්න ලුසිෆර්ව...ලුසිෆර් එක්ක ලස්සනට හිනා උන හ්වාන් ලුසිෆර්ගෙ හාට්බීට් එක චෙක් කරා...

" හාට්බීට් එක නෝමල්...කිම්ට වතුර තිබහ ඇති නේද...වතුර ගොඩක් බොන්න හොද නෑ දැන්ම...පොඩ්ඩක් බොමු හ්ම්..."

වතුර බෝතලේට බීම බටයක් දාපු හ්වාන් ඒකෙන් ලුසිෆර්ට වතුර ටිකක් බොන්න දුන්නා...

" ඔය ඇති...තව වතුර බොන්න එපා...තුවාලෙ හොද වෙන්න ඉතින් අඩුම මාසයක්වත් යයි...මුල් සති දෙක උපරිම පරිස්සම් වෙන්න...ඇදෙන් බහින්න එහෙම හදන්න එපා...අපි ඔයාව බලාගන්නම් හ්ම්"

හ්වාන් කියපු දේට ලාවට ඔලුව වනපු ලුසිෆර් ආපහු ඇස් පියාගත්තම ලුසිෆර්ගෙ ඔලුව අතගාපු හ්වාන් මියුන්ග් දිහා බැලුව...

"මෙයාව හොදට බලාගන්න මියුන්ග්...මම මින්හෝ සර්ව බලන්න යනව"

මියුන්ග් එක්ක හිනාවෙලා කාමරෙන් එලියට ආපු හ්වාන්ට ආපහු කල්පනා උනේ මින්හෝ කියපු දේ...කිම් තමන්ට එහෙම දෙයක් කිව්වෙ නෑ නේද කියල මතක් උනත් මේ වෙලාවෙ කිම්ගෙන් ඒ ගැන අහන්න බැරි නිසා කල්පනා කරන ගමන්ම වාට්ටුවට ගියපු හ්වාන් මින්හෝ ලග නැවතුනා...

" මියුන්ග්..."

ජන්ග්කුක් තමන්ට කියපු දේ ලුසිෆර්ට කියන්න පටන් ගන්න විදියක් ගැන හිත හිත හිටපු මියුන්ග් ලුසිෆර්ගෙ දුර්වල කටහඩින් කල්පනාවෙන් මිදුනා...

" ඇයි ලෝඩ්...ගොඩක් අමාරුද...මම ඩොක්ටට කතා කරන්න ද?"

" එපා...මියුන්ග් කලින් කූ එක්ක කතා කරාද?"

" ඔව් ලෝඩ්"

" ඒ ඇයි...කූට එහේ කරදරයක්ද?"

" ජන්ග්කුක් සර්ල තාම මෙහේ ඉන්නෙ ලෝඩ්...එයාල තාම සර්ව දාල ගියේ නෑ...

" මොකක්...

" කලබල වෙන්න එපා ලෝඩ්...මුලින්ම මම කියන දේ අහල ඉන්න...ජන්ග්කුක් සර් මට කිව්ව ලෝඩ්ව එක්ක එන්න කියල...මේකයි සර්ගෙ ප්ලෑන් එක...

-
-
-
-
-
-

".....ඔහොම දෙයක් මම මින්හෝට කියන්නම ඕනද?"

" ඔව් ලෝඩ්...නැත්තම් ප්ලෑන් එක අවුල් යයි...සර් දැන් ඉන්න තත්වෙ එක්ක මින්හෝ අනිවාර්යයෙන්ම ඒක විශ්වාස කරයි"

" ඒ උනාට මට බයයි කූ ගැන...

" ලෝඩ්ව දාල මෙහෙන් යනවට වඩා ලෝඩ් එක්කම මැරෙන්න කැමති වේවි ජන්ග්කුක් සර් ...ලෝඩ් කරපු දේ ගැන වැරැද්දක් ලෝඩ හිතන්න එපා...ඒ ගැන පසුතැවෙන්න එපා ලෝඩ්"

" මොකක් ගැනද ?"

" ලෝඩ් මින්හෝට අහුවුන එක ගැන ..

" ඒ ගැන පසුතැවෙන්නෙ මොකටද මියුන්ග්...මම දන්නව මම අහුවුනේ නැත්තම් මාව බේරගන්න ප්ලෑන් කරන්න අද මගේ කූ නැති බව...මගේ උන්ව පරිස්සම් කරගන්න අහුවුන එක මට දුකක් නෙවෙයි...මට සතුටුයි එයාල පරිස්සමට ඉන්න එක ගැන...ඒ උනාට කූ මෙච්චර දවස් සද්ද නැතුව හිටිය එකට දුකයි මට...ඒකට නම් ම....කැහ් කැහ්...

" ලෝඩ් එක දිගට කතා කරා වැඩියි...ආආ වතුර උගුරක් බීල ඉන්න "

ලුසිෆර්ට වතුර උගුරක් පොවපු මියුන්ග් පුටුවෙන් නැගිට්ට...

" මම එහෙනම් මින්හෝට කතා කරගෙන එන්නම් ලෝඩ්..."

" හ්ම් "

මියුන්ග් කාමරෙන් එලියට ගියාම ලුසිෆර්ට මතක් උනේ ජන්ග්කුක්...

" මගෙ හිතුවක්කාර වස්තුව "

තමන්ටම ඇහෙන්න කියාගත්ත ලුසිෆර් මින්හෝ එනකම් බලන් හිටියා...

හ්වාන්ගෙ අතින් අල්ලගෙන කතා කරනගමන් හිටපු මින්හෝ ලගට ඉක්මනට ආපු මියුන්ග් නිසා මින්හෝ හ්වාන් එක්ක කතා කරන එක නවත්තල මියුන්ග් දිහා බැලුව...

" ඇයි මියුන්ග්?"

" සර් අරයට සිහිය ආව"

" මම දන්නව...මට හ්වාන් කිව්ව දැන්"

" එයාට සර්ට Seojun ගැන දෙයක් කියන්න තියෙලු"

" මොකක්...ඇත්තටම ද...ඌ ආපහු කියාවිද දන්නෙ නෑ මම මෙච්චර දවස් ඇත්ත කිව්වෙ උබ විශ්වාස කරේ නෑ කියල"

" නෑ නෑ සර්...එයාට එයාගෙ ජීවිතේ ගැන විශ්වාස නැති නිසා ඒ ගැන සර්ට කියන්න ඕනමලු...මට පෙනුනෙ නිකන් මිනිහට Seojun එක්ක දැන් කේන්තියක් තියෙනව වගේ"

" එහෙනම් අපේ වැඩේ සාර්ථකයි...යමු ඒ රූම් එකට"

" බබා ඔයාට දැන්ම කකුල බිම තියන එක එච්චර හොද නෑ"

" මේ වැඩේ ඉවර උනාට පස්සෙ මම ඕන තරම් දවස් ඇදට වෙලා ඉන්නම් බබා...ඒ උනාට දැන් නම් බෑ හොදද"

ඇදෙන් බිමට බැහැපු මින්හෝ අඩි දෙක තුනක් අමාරුවෙන් ඇවිදල ඊලඟට කකුලෙ වේදනාව ගනන් ගන්නෙ නැතුව ටිකක් ඉක්මනට ඇවිදගෙන ගියේ Seojun ගැන ආරන්චිය දැනගන්න තිබුන ඕනකමට...

කාමරේට ආපු මින්හෝ ඇස් ඇරගෙන වහල දිහා බලන් ඉන්න ලුසිෆර් දිහා බලාගෙනම එතන තිබුන පුටුවෙන් වාඩි උනා...

" උබට මට දෙයක් කියන්න තියෙනව කියල මියුන්ග් කිව්ව...මේ පාර නම් උබට ඇත්තටම මොනව හරි කියන්න තිබුනොත් හොදයි"

" මට දේවල් තවත් හංගල තේරුමක් නෑ ...Seojunව බේරගන්න මම මෙච්චර කැප කිරීමක් කරලත් මාව මෙතන මැරෙන්න ඇරල ඒ මිනිහ නිදහසේ ඉන්නව ඇති...මට උගෙන් මගේ ජීවිතේ නැති කරනවට පිලිගන්න ඕන"

" හ්ම්...උබට තේරුන එක හොදයි මොනව කරත් තව වැඩි දවසක් මම උබට හුස්ම ගන්න ඉඩ දෙන්නෙ නැති බව"

" කෑම්ප් එකට ලගම තියෙන කැලේ මැදට වෙන්න වගේ අතෑරල දාපු පොඩි ගෙයක් තියෙනව...මේ වෙලාවෙ Seojun එතන ඉන්නෙ"

" තෑන්ක්ස්...

" මටත් එන්න ඕන ඔයාල එක්ක...ඌ මැරෙන්න කලින් මාව දකින්න ඕන...ඊලඟට මාවත් එතනම මරල දාන්න...මට ඕන එකම දේ ඌ මැරෙන්න කලින් මාව දකින එක විතරයි"

" එතන තව කීදෙනෙක් විතර ඉන්නවද"

" Seojun එක්ක තව පහක් ඉන්නව "

" එච්චරද?"

" අනිත් උන් ඔක්කොම පැන ගත්ත...තව උන් කොහේ හරි ඇති...Seojunට විශ්වාසවන්තම හයයි හිටියෙ...මම මෙතන...ඉතින් තව පහයි ඉතුරු"

" යමු අපි...උබ අපිට පාර පෙන්නන්න ඕන"

" කොහෙ යන්නද...මැහුම් දාල පැය කීයද ගියේ...දැන්ම ඇදෙන් බහින්න හිතන්නවත් එපා"

" එයාව අපි එක්ක අරගෙන යන එක අනිවාර්යයි හ්වාන්...

" ඒ උනාට...

" කරන්න දෙයක් නෑ...මට මූව එක්ක යන්න වෙනව"

" මෙච්චර බරපතල තුවාල තියෙන ලෙඩෙක් මැරෙන්නෙ නැතුව ඔය ගමන ඉවර වෙනකම් තියාගන්න පුලුවන් වෙයි කියල ඔයාට හිතෙනවද මින්හෝ ?"

" මම ඒව ගැන දන්නෙ නෑ"

" මමත් එනව...

" මොකක්...ඒක කරන්න බෑ...

" බෑ නෙවෙයි මම අනිවාර්යයෙන්ම එනව...නැත්තම් ඔයාල ඔය ගමන ගිහින් ඉවර වෙද්දී මේ මනුස්සය මැරිල ඉදීවි"

" මට එතන ඔයාව පරිස්සම් කරන්න අමාරුයි බබා"

" මට මාව බලාගන්න පුලුවන්...මටත් ගන් එකක් දෙන්න එතකොට හරි...නැත්තම් මම මෙයාව එක්ක යන්න දෙන්නෙ නෑ මෙතනින්...බරපතල ලෙඩෙක්ව එලියට එක්ක ගියා කියල මම නිවුස් වලට දෙනව නැත්තම්...

හ්වාන් එක්ක තර්ක කරල දිනන්න බැරි බව දන්න නිසාම මින්හෝ හා කිව්වත් හ්වාන් ගැන බයක් මින්හෝගෙ හිතේ ඇති උනා... එතන හය දෙනෙක් විතරක් ඉන්න නිසා මින්හෝ හ්වාන්ට එයාල ලග ආරක්ෂාව තියෙනව කියල හිතල හ්වාන්ව එතනට එක්ක යන්න හිතාගත්ත...

මින්හෝ කාමරෙන් එලියට යද්දී ලුසිෆර්ට සම්බන්ධ කරල තියෙන සේලයින් එක, එක අතකට ගත්ත හ්වාන් ලුසිෆර්ට ඇදෙන් බහින්න උදව් කරේ මියුන්ග්ත් එක පැත්තකින් ලුසිෆර්ව අල්ලගෙන ඉදිද්දී...

" ඔයා එන්න එපා හ්වාන්...ඔයා එන එක එච්චර හොද වැඩක් නෙවෙයි"

" කිම් ඔයාට ඔහොම යන එක හොද නෑ"

" මට මේව එච්චර අමාරු වැඩ නෙවෙයි...ඔයා තාම මම ගැන හරියට දන්නෙ නැති නිසයි ඔහොම කතා කරන්නෙ හ්වාන්...කියන දේ අහල ඉන්න...

" මට බෑ...මම නැතුව ඔයා ගියොත් මට බයයි මින්හෝ ආපහු ඔයාව එක්කගෙන මේ කෑම්ප් එකට එයිද කියල...ඒකත් පණ පිටින් එක්ක එයිද කියන එක බයයි...මම ඔයා ගැන හරියට දන්නෙ නැතුව ඇති...ඒ උනාට මම මින්හෝව හොදට දන්නව...ඒකයි මට ඔයා එක්ක එන්න ඕන...මට ඔයාව නැති කරගන්න ඕන නෑ කිම්...තේරුම්ගන්න පොඩ්ඩක් "

ලුසිෆර් තව මොනව හරි කියන්න ගියත් ලුසිෆර් එතනින් නැවැත්තුවේ මියුන්ග් ලුසිෆර්ගෙ අත ටිකක් තදට අල්ලල තවත් මොකුත් කියන්න එපා කියල ලුසිෆර්ට කියපු නිසා...

" හ්ම්...යමු එහෙනම්"

තුවාලෙට එක අතක් තියාගත්ත ලුසිෆර් මියුන්ග්ගෙ උදව්වෙන් ඉස්සරහට ගියේ හ්වාන් සේලයින් බෝතලේ අල්ලගෙන එද්දී...ලුසිෆර් ඒක තමන්ගෙ අතට ගන්න හැදුවට හ්වාන් ඒකට ඉඩ දුන්නෙ නෑ...

කෑම්ප් එකෙන් එලියෙ තිබුන ජිප් එකෙන් එකකට ලුසිෆර්ව නග්ගපු මියුන්ග් ලුසිෆර්ට වාඩි වෙන්න උදව් කරල ආපහු ජිප් එකෙන් බැහැල මින්හෝ ලගට ගියා...

" කී දෙනෙක් අපි එක්ක යනවද මින්හෝ සර්?"

" දොලහක් විතරක් ඇති කියල හිතුවෙ මියුන්ග්...මෙන්න මේකත් අරගෙන ජිප් එකට නගින්න"

මියුන්ග් අතට මැෂින් ගන් එකක් දීපු මින්හෝ තමනුත් එකක් අරගෙන ලුසිෆර් ඉන්න ජීප් එකට ගොඩ උනේ මියුන්ග්ත් ලුසිෆර් ලගින්ම වාඩි වෙද්දී...


<><><><><><><><><><><><><>

මේ කොටසෙ වචන 6631ක් මම ටයිප් කරා...

දිග වැඩි නිසා ඔයාලට කියවන්න කම්මැලි හිතෙයි කියල මම කොටස් දෙකකට කැඩුව මේක...ඉතුරු ටික 67 කොටසෙ ඇති...

😴😺

Continue Reading

You'll Also Like

1.1K 112 2
"I did everything out of love, only to unknowingly become the villain.🥀" Taekook සිංහල Fanfiction Bottom Kook Top Tae Warning ⚠️ • SMUT 18+ parts...
24.5K 3.4K 34
'ඕයි තමුසෙගේ ඔය කකුල් දෙක පල්ලෙහා දානවා 😑😒 ' ඔව් ඔයාලා බලනවා ඇති ඒ කව්ද බුරුවෙvක් වගේ කෑගැහුවේ කියලා...... ඒ තමයි මගේ අයියා ඇත්තටම කිව්වොත් එකා මගේ...
1.1M 38K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
34.5K 330 30
These are a few medieval torture methods I fell upon. Hope you enjoy this discovery of mine~