SEPALIKA | COMPLETED

By cHerRy_MinShi_

3.1M 333K 81.9K

රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලා... More

සේපාලිකා - හැදින්වීම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
66 කොටස
67 කොටස
68 කොටස
69 කොටස
70 කොටස
71 කොටස
72 කොටස
73 කොටස
74 කොටස
75 කොටස
76 කොටස
77 කොටස
78 කොටස
79 කොටස
80 කොටස
81 කොටස
82 කොටස
83 කොටස
84 කොටස
85 කොටස
86 කොටස
87 කොටස
88 කොටස
89 කොටස
90 කොටස
91 කොටස
92 කොටස
93 කොටස
94 කොටස
95 කොටස
96 කොටස
97 කොටස
98 කොටස
99 කොටස
100 කොටස
101 කොටස
102 කොටස
103 කොටස
104 කොටස
105 කොටස
106 කොටස
107 කොටස
108 කොටස
109 කොටස
110 කොටස
111 කොටස
112 කොටස
113 කොටස
114 කොටස
115 කොටස
116 කොටස
117 කොටස
118 කොටස
119 කොටස
120 කොටස
121 කොටස
122 කොටස
123 කොටස
124 කොටස
125 කොටස
126 කොටස
127 කොටස
128 කොටස
129 කොටස
130 කොටස
131 කොටස
132කොටස
133 කොටස
134 කොටස
135 කොටස
136 කොටස
137 කොටස
138 කොටස
139 කොටස
140 කොටස
141 කොටස
142 කොටස
143 කොටස
144 කොටස
145 කොටස
146 කොටස
147 කොටස
148 කොටස
149 කොටස
150 කොටස
152 කොටස
153 කොටස
154 කොටස
155 කොටස
156 කොටස
157 කොටස
158 කොටස
159 කොටස
160 කොටස
161 කොටස
162 කොටස
163 කොටස
164 කොටස
165 කොටස
166 කොටස
167 කොටස
168 කොටස
169 කොටස
170 කොටස
171 කොටස
172 කොටස
173 කොටස
174 කොටස
175 කොටස
176 කොටස
177 කොටස(අවසාන කොටස)
මගෙන් සටහනක්...
ANNOUNCEMENT!

151 කොටස

11.8K 1.5K 425
By cHerRy_MinShi_

මම උදේ නැගිටලා මූණ සෝදගෙන ට්‍රැක් කිට් එක ඇඳගත්තා.. ඊටපස්සෙ කියාරගෙයි රෙක්සිගෙයි බෙල්ට් දෙක අරගෙන සාලෙට එද්දි කියාරා මගේ පස්සෙන්ම ඇවිදගෙන ආවා.. එයාගෙ කකුල් දෙකනම් ගෙවෙනවා දැන් මෙච්චර පස්සෙන්ම ඇවිල්ලා.. මම පටිය උඩට කල්ලා රෙක්සිට පෙන්නුවම එයා පාඩුවෙ මං ගාවට ඇවිත් ඉඳගත්තා.. මම දෙන්නගෙම කරට බෙල්ට් එක දැම්මා.. දිව්වොත් එහෙම මොන දෙයියට කියන්නද මම.. 

ඊයෙ රෙක්සි බෙහෙත් විදින්න ගිහින් මාත් එක්ක තරහා වෙලා ඉන්නෙ.. ආපු වෙලේ ඉඳලම කතාකරන්නෙ නෑ.. මාව දැක්කම නැගිටලා යනවා.. මගෙත් හිත චුට්ටක් රිදුණා.. දැන් නම් යාළුවෙලාද කොහෙද.. ඉතින් මගෙ හොඳටයැ බෙහෙත් විදින්නෙ.. එයාගෙ හොඳටනෙ.. ඒක තේරෙන්නෙ නෑනෙ මේ යක්සනීට.. දත් ටික උල් කරගෙන බෙරිහන් දෙන්න විතරයි දන්නෙ..

" අපි යමු ළමයි.. අද අපිට නිවාඩුනෙ.. ගෙදරට වෙලා මොකද කරන්නෙ.."

*බුහ්*

" මොකක් හරි කරමු බං.. දැන් දුවලා එමු.."

මම ගෙදර වහගෙන ගිහින් ගේට්ටුවත් ඇරගෙන එළීයට එද්දි ඉස්සරහ ගෙදර ආන්ටි බැල්කනි එකේ බෝගන්විලා පැල වලට වතුර දානවා.. ආන්ටි මාව දැකලා අත වැනුවා.. මේ ලේන් එකේ මනුස්සයො හිතාගෙන ඉන්නෙ මම ඇවිල්ලා මේ අනාදිමත් පොහොසත් කොල්ලෙක් ගෙදරින් අයින් වෙලා තනියම ඉන්න අරගෙන කියලා.. ඇයි මෙහෙට හැමතිස්සෙම වාහන එනවා.. හිටපුගමන් චමිරුවා බොඩිගාඩ්ලා හතරපහක් විතර පිරිවරාගෙන ඇවිත් තේ බීලා යනවා.. කියාන් අයියලා සෙනුකලා හැමෝම එනවා.. හෙන ලොකු බල්ලො දෙන්නෙක් ඉන්නවා.. තනි මටත් බී එම් ඩබ්ලිව් එකක් තියනවා.. මම කියන්නෙ ඒ ටික තියන හැමෝම පොහොසත් කියලා නෙමේ.. ඒත් මනුස්සයො මනින මිමි තියනවනෙ.. 

අපේ මාමගෙ දිවිහිමියෙන් තියාගෙන ඉඳපු වාහනේ.. අඩුමතරමෙ හීරෙන්නවත් දෙන්නෙ නෑ.. ළමයෙක් වගේ බලාගත්තෙ.. ඕකෙ යන හැමතිස්සෙම මට මතක් වෙනවා.. අන්තිමට මම පාරෙ ඇදේ යන්න හරි හෙන ඉලීගල් විදියට ලයිසන් එක හදවගත්තා.. 

මම මූණට වැටිලා දුවන පාරට ගැස්සෙන කොණ්ඩෙ අත් දෙකෙන්ම පිටිපස්සට කල්ලා හදාගෙන කලිසමේ සාක්කුව අස්සෙ දාගෙන ඉඳපු කියාරගෙයි රෙක්සිගෙයි බෙල්ට් දෙක අතේ පටලගත්තා.. මම මේක අල්ලගෙන ගියාට එයාලා දෙන්නා තමා මාව ඈදගෙන යන්නෙ.. ලබන සතියෙ මම කැම්පස් යනවා.. ගිය සතියෙ මැච් එකක් තිබුණා අපිට.. කොහොම හරි ඒකත් මම වින් කළා.. මම වින් කරනවා.. බෑන්ක් එකට සල්ලි වැටෙනවා.. සරලයි.. ඒවුණාට මම සැලරි එකටම නෙමේ ප්ලේ කරන්නෙ.. ඒක මගේ හිතට ලොකු නිදහසක් ගේනවා.. සැලරි එකෙන් මම මගේ ජීවත් වෙන වියදම හොයාගන්නවා.. නැත්නම් ගෙදරටම බරක් වෙලා ජීවත් වෙන්න වෙනවනෙ.. එහෙම ඉන්න එක මට පොඩි කාලෙ ඉඳලම මහා මදිකමක් වගේ දැනුණෙ.. හැබැයි දැන් මට ආත්ම තෘප්තිය කියන දේ දැනෙනවා.. 

මම මූණට හම්බෙන හැමෝ එක්කම හිනාවුණා.. කව්ද කියලා මම දන්නෙ නැතිවුණත් මගේ හිනාවක් ඒ මනුස්සයගෙ දවසෙ කොයිම හරි කෑල්ලක් හොඳ කරයි කියලා මම හිතුවා.. අනික උදේ පාන්දර එහෙම රවන්න හොඳ නෑ.. හෙට නත්තල් නිසා අද හැමතැනම පාරවල් පාළුයි.. වාහන මොකුත් නෑ.. දන්නෙම නැතුව නත්තලත් ඇවිල්ලා.. මගේ නේබර්ස්ලා හුඟක් කැතලික් අය නිසා හෙට මට කේක් හම්බෙන්න තියනවා.. ඒ ඇරෙන්න ඒ ලේන් එකේ මනුස්සයො හරි සමඟියි.. එහෙම තැනක ඉන්න ආස හිතෙනවා.. පෙරේදත් ආච්චි කෙනෙක්ගෙ බර්ත්ඩේ එක තිබිලා මම ක්ලබ් එකේ ඉඳලා ගෙදර ආවම මට පොඩි ස්වීට්ස් බාස්කට් එකක් හම්බුණා.. මම කවමදාවත් මෙහෙම මනුස්සයො හමුවෙලා තිබ්බෙ නෑ.. එයාලගෙ සමාජ පංතිය හරි වෙනස් නිසා හිතන පතන විදියත් වෙනස්.. මට නිතරම පරිස්සමින් ඉන්න කියනවා.. 

රධ්‍ය අයියා මාත් එක්ක කතානොකර ගෙවෙන හතවෙනි මාසෙ විතර.. හැමදාම කැලැන්ඩරේ දින කපන මට ඒක සෑහෙන්න දැනුණා.. එහෙමයි කියලා මම අඬන්නද.. හැමදාම අඬන්න බෑ.. මම මුලින්ම මට ආදරේ කරන්න පටන් ගන්න හිතුවා.. ආයෙ ජීවිතේ මුල ඉඳන්ම පටන්ගන්න.. හිතේ කොනක අතීතෙ තියනවා තමයි.. ඒත් මට උවමනා කැම්පස් යන්න කලින් අලුත් මාව එළීයට ගන්න.. මම මුලින්ම මගෙන් ආදරේ කරන්න පටන් අරගෙන ඒක ඉස්සරහට ගෙනියනවා කියලා හිතුවා.. 

රධ්‍ය අයියගෙ බර්ත්ඩේ එක පහුවුණා.. 

මම ඒකනිසා හිත හැදෙන්නත් එක්ක අපේ ඉන්ට්‍රැක් එකෙන් කැම්පේන් එකක් තියපු වැඩිහිටි නිවාසෙට ගියා.. මොකද මට හොඳටම උවමනාවක් තිබුණා මගේ බෑන්ක් එකේ එකතුවෙලා තිබුණූ සල්ලි වලින් කොටසක් ඩොනේට් කරන්න.. මට එහෙම මහා ලොකුවට නෑ තමයි.. ඒත් මට පුළුවන් තරමෙ දෙයක් දීලා හිත සතුටු කරගන්න ඕන වුණා.. 

එල්ඩර්ස් හවුස් එකේ සිස්ටර් හරිම හොඳයි.. මාත් එක්ක හුඟක් කතාකළා.. මම එවෙලෙ ඇහුවම එදා හමුවුණු සීයා ගැන, සිස්ටර් මගේ ඉස්සරහින් ගෙනැල්ලා තිබ්බෙ මරණ දැන්වීමක්..

සාමදානයේ සැතපේවා!!

මගේ හිත හුඟක් රිදුණා.. සීයා බලන්න මම එදායින් පස්සෙ ආවෙම නැහැ.. මම බලාපොරොත්තු වුණා සීයව හමුවෙලා ටිකක් වෙලා කතාකරන්න.. මොකද ඒ සීයා කතාකරන්න ප්‍රසන්න මනුස්සයෙක්.. ඉතින් අන්තිමේ මට වුණේ ඉටිපන්දම් දෙකතුනක් ගෙනිහින් චර්ච් එකේ පැත්තක තිබ්බ සෙමෙට්‍රි එකේ ලොකු කුරුසේ පහළින් ගහලා එන්න විතරයි.. ඒ දවස මට අද වගේ මතක් වෙනවා..

සීයා කිසිම සද්දයක් නැතුව පොළොව අස්සට වෙලා හිටියෙ එයාගෙ ආදරේම නෝනගෙ සොහොනට එහාපැත්තෙන්.. මම හිතින් මවාගත්තා එයාලා ආයෙම ඉපදිලානම් ඒ ආත්මෙදිත් ආදරේ කරයි කියලා.. එහෙනම් එයාලා තවම හමුවෙලා නැතුවත් ඇති.. සීයගෙ නම තිබුණු සිමෙන්ති කොත මම තුන් හතර පාරක්ම අතගෑවා.. ඒක සීතලම සීතලයි.. මැරිච්ච මිනිස්සු සියගානක් නිදාගෙන උන්නු තැන පණ ගැහුණේ මට විතරයි.. කොහොම වුණත් ඒ නිස්කලංක, මූසල පෙනුම මගේ හිතට පොඩි සැනසීමක් ගෙනාවා.. සීයගෙ මුද්ද තවම මගේ අතේ තියනවා.. අනිත් මුද්දත් එයා ගාව පරිස්සමට ඇති.. සීයයි සීයගෙ නෝනයි හුඟක් ආදරෙන් හිටියා වගේ.. අපිත් ඉස්සරහට එන කාලෙ එහෙම ඉන්න බලාපොරොත්තු වෙනවා.. ඒත් අපි දැන් හුඟක් මහන්සි වෙනවා.. මට හීන ගොඩක්  තියනවා සීයෙ.. එයාටත් හුඟක් හීන තියනවා.. හැමහීනයක්ම හැබෑ වෙලා ආයෙ අපේ පාරවල් එකට හමුවුණාම සමහරවිට මේ මුදු දෙක දිගටම දාන්න අපිට බැරිවේවි.. කොහොම වුණත් ඒවා පරිස්සමට අපි ගාව තියනවා.. 

මම ගෙනිච්ච ඉටිපන්දම් තුන පහළීන් පත්තුකල්ලා ඒ දිහා බලාගෙන හිටියා.. සීයව දැකලා තිබුණේ එක වතාවක් වුණාට මට අද වගේ සීයගෙ හැම වචනයක්ම මතකයි.. සීයගෙ මූණෙ තිබුණූ රැළි දහස් ගානකට අස්සෙන් පීදුණු නිහතමානිකමයි, කරුණවන්ත පෙනුමයි මට හරි ලෙංගතුව දැනෙනවා.. මේ වගේ තැනකට එන්න හේතුව මම මොකක්ද දන්නෙ නෑ.. ඒත් සීයා කිසිම දවසක ආයෙම දුකින් ඉන්න එකක් නෑ.. මම සීයට හුඟක් ආදරෙයි.. 

ඉටිපන්දම් දිය වෙලා ඉටි පහළට වැක්කෙරිලා ගියා.. කෙනෙක් අපිව දාලා ජීවිතෙන් ගියාම ඉටිපන්දම් පත්තු කරන්නෙ ඒ කෙනාගෙ මතකය තවමත් අපි ඇතුළෙ ජීවමානව තියනවා කියලා කියන්නලු.. ඒ මතකයන් දීප්තිමත් කියලා කියන්නලු.. ඉතින් සීයත් මගේ මතකෙ ජීවමානව ඉන්නවා වගේම ඒ මතකය හුඟක් දීප්තිමත් එකක් තමයි..

හැබැයි මම සීයව බලන්න එන්න පරක්කු වුණා.. මම හිතනවා සීයා මමත් එක්ක තරහ නෑ කියලා.. 

" හොඳ ළමයි දෙන්නා මෙතනම ඉන්න ඕන හරිද.."

*බුහ්*

මම බ්‍රවුන් බීන්ස් එක ඉස්සරහින් කියාරයි රෙක්සියි තියලා ඇතුළට ගිහින් කෝපි දෙකක් අරගෙන ආවා.. දෙකක් ගත්තෙ.. ඒක හැමදාම පාර අතුගාන ආච්චිඅම්මට.. මට අමුතු ලෙඩක් තියනවා කොයි ආච්චිඅම්මව දැක්කත් මගේ ආච්චිඅම්මව මතක් වෙන.. අනික ඒ ආච්චි මාව දන්නවා.. මම දුවන්න එන දවසට ගෙදර මොනවහරි වැඩිපුර තිබ්බොත් ගෙනැත් ආච්චිට දෙනවා.. මට එහෙම මනුස්සයෙක් එක්ක කතාකරන්න ලැජ්ජ හිතෙන්නෙ නෑ.. එතනින් බිම බලාගෙන ආවොත්නම් හිතට හරි අමාරුයි.. මම මේ හෙන පොරක් කියනවා නෙමෙයි.. ඒත් අපි මනුස්සකම නැතිකරන්න ඕන නෑ.. සෝශල් මීඩියා වල ප්‍රසිද්ධ වෙන්න මනුස්සයොන්ට මනුස්සකම් පෙන්නන්න ඕන නෑ.. මම ආයෙම වටේ පාරෙන් දුවගෙන එනකොට ආච්චිඅම්මා අර ලොකු කරත්තෙ පැත්තකින් නතරකරලා බිම ගැට්ටෙ ඉඳගෙන මොනවහරි කනවා.. මාව එනවා දැකලා ආච්චිඅම්මා හුඟක් දන්න කෙනෙක් වගේ මාත් එක්ක හිනාවුණා.. මමත් ආච්චිඅම්මා එක්ක හිනාවුණා..

" ආච්චිඅම්මා කාලා නෙමෙයිද ආවෙ.."

ඒ ආච්චිට ප්‍රෙශර් තියනවා.. මාත් එක්ක කියලා තියනවා.. 

" නෑනෙ දරුවො.. අද වැඩට එන්න පරක්කු උනා පාන්දර ඇහැරුණේ නෑ.."

මම මගේ අතේ තිබ්බ කෝපි එක ආච්චිගෙ අතට දුන්නා.. ආච්චි ඒක පරිස්සමට අත් දෙකින්ම අල්ලගත්තා.. ආච්චිඅම්මා ඉන්නෙ බොරැල්ලෙ පොඩි කාමරයක් කුලියට අරගෙන.. මිනිබිරී එක්ක.. මිනිබිරී තාම ඉස්කෝලෙ යනවා.. මම අපේ ගෙදර තියෙන දේවල් ගෙනැත් දෙනවා කිව්වෙ.. හුඟක්ම මගේ ගාව තියන පොත්පත් ආච්චිට ගෙනැත් දෙනවා.. ඒ නංගිට ගිහින් දෙන්න.. මේ කාලෙ හැටියට පොතක් සල්ලි දීලම ගන්න හෙන ගාණක් යනවනෙ..

" ආ.. හෙන නත්තල්නෙ ආච්චිඅම්මෙ.."

" අපිට මොන නත්තල්ද පුතේ.."

මම ආච්චි ගාවින් බිම ඇනතියාගත්තා.. අද වහින්නද මන්දා.. වටපිටේ හරි කළුවරයි.. මේ කාලෙට කොහොමත් වහිනවනෙ..

" එහෙම කියන්න එපා ආච්චිඅම්මෙ.. නංගිත් එක්ක පල්ලි ගිහින් එන්න.. හිතටත් හොඳයිනෙ.. නත්තල මහා විසාලෙන් සමරන්න ඕන නෑ.. අපි තියන හැටියකට එපැයි සමරන්න.."

" ඒකනම් ඇත්ත.. පල්ලි යනවා කියලා මම හිතාගෙන උන්නෙ.."

" ඒක හොඳයි.. ආච්චිඅම්මා ගාව සල්ලි තියද.. ඉන්නකො.. මේක ආච්චිට නෙමේ නංගිට හරිද.."

මම වොලට් එකේ තිබ්බ පන්දාහෙ කොළයක් ආච්චිගෙ අතේ ගුලි කලා.. මං ගාව මට ඇතිවෙන්න තියනවනෙ.. 

" අනේ පුතේ.."

" මම කිව්වනෙ.. ආච්චිඅම්මට නෙමේ නංගිට.. ගෙදර අඩුපාඩු ටික අරගන්න.."

" පුතාට හුඟක් පින්.. ජේසු පිහිටයි දරුවෝ.."

" ආච්චිටත් ජේසු පිහිටයි.. මම ගිහින් එන්නම් හොඳේ.."

මම එකතැනක ඉන්න බැරි මගේ රෙක්සිවයි කියාරවයි අරගෙන ගෙදර ආවා.. මුන් දෙන්නා එක්ක දුවලා මටත් හොඳටම හති.. මම ඇවිල්ලා ජැකට් එක පන්නලා පැත්තකින් තියලා මොනවහරි හදාගන්න බැලුවා.. අම්මවත් මතක් වෙනවා.. ළඟදි ගෙදර යන්න ඕන.. කොණ්ඩෙත් කපාගන්න ඕන.. අපේ අම්මා කෑගහනවා කැම්පස් යන්න කලින් කොණ්ඩෙ කපාගන්න කියලා.. සෙනුකයා මෙහේ නෑ දැන්.. ඌ පේරාදෙණියෙ ගියා.. අන්තිමේ මගේකා කොහොමහරි පේරෙට ගියා.. ගැම්මක් තමා.. පිළිමතලාවෙ බෝඩිමක් අරගෙන නැවතිලා ඉන්නෙ.. මගේ පාපතර මිත්‍රයො එහෙමයි කියලා මාව දාලා යන්නෙ නෑ ඉතින්.. ආශිත් මාත් එක්කම කොළඹට සිලෙක්ට් වුණා.. මහීශා මොරටුවෙ මෙඩිකල් සිලෙක්ට් වුණේ.. සෙනුකයා දුරට ගිය නිසා පාළුවකුත් තියේ.. ඒත් ආශි ඉන්න නිසා ලොකු අවුලක් නෑ.. ඒ වුණාට ආශි කියන්නෙ වෙනම එකෙක්.. සෙනුක කියන්නෙ මගේ අනිත් බාගෙ වගේ එකා.. 

" ලෙට්ස් මේක් අ ස්මූති සූසී~~"

*බුහ්*

කියාරා කවුන්ටර් එක උඩට කකුල් දෙක තියලා මම උයන දිහා බලාගෙන හිටියා.. දෙන්ඩ තියෙන්නෙ මේකිට.. අහුවෙන හැම මගුලම කනවට.. මම කෙසෙල් වගයක් කපලා, ගස්ලබු වගේකුත් කපලා ඒක බ්ලෙන්ඩර් එකට දාලා ඔරේන්ජ් ජූස් වගේකුත් ඒකටම දැම්මා.. ඊටපස්සෙ ස්විච් ඕන් කල්ලා තියලා සැන්ඩ්විච් වගයක් එළීයෙන් තියාගෙන ඒක පෑන් එකට දාලා රත් කරගත්තා.. ඊටපස්සෙ බිත්තර දෙකක් බැදගත්තා.. කෑවා.. ඉවරයි.. ආශි ගෙනැල්ලා තියපු කේක් එකක් එහෙමම ෆ්‍රිජ් එකේ තියනවා.. මම තියන පෙරේතකමට ඒක කන්නෙ නැතුව තියාගෙන ඉන්නෙ.. හෙට රෑට කන්න.. සෙනුකයා නැතුව පාළුයි.. නැත්නම් ඌවත් කතාකරගෙන මූවි එකක්වත් බලන්න තිබ්බා.. කමක් නෑ ඉඩක් හම්බුණාම නුවර ගිහින් එනවා.. සෙනුකයගෙ බෝඩිමේ නැවතිලා දවසක් විතර ඉඳලා එන්න.. හෙට සමහරවිට චමිරු ඒවි මෙහේ.. ඌට එන්න වෙලාවක් කලාවක් නෑ.. එකසැරේ කඩාවදින්නෙ.. කොයි වෙලේ හරි ඕකා රෙක්සි ලව්වා හොඳ පාරක් හපාගන්නවා අම්මාපල්ලා.. ගොං හරකට කියලා තියනව කෝල් එකක් දීලා වරෙන් කියලා කියලා.. කොහෙද ඌට ඒවා මතක නෑ.. මගේ හොර අල්ලන්නලු එන්නෙ..

ඔව් මම මේක අස්සෙ අවයව ජාවාරම් කරනවනෙ..

උදේ කෑම කාලා ගෙදර අස් කල්ලා කියාරලාටත් කන්න දීලා මම නාගත්තා.. නාගෙන එළීයට එද්දි වහිනවා අම්මටසිරි වෙන්නම.. වටේම හොඳටම කළුවරයි.. අකුණූ ගහද්දි කියාරා බයයි.. රෙක්සිත් මගේ කාමරේ ඇඳ අස්සෙ රිංගගෙන ඉන්නෙ.. මම ඉතින් එයාලට කාමරේ ඉන්න ඇරලා පොතකුත් අරගෙන ජනෙල් පඩියෙන් ඉඳගත්තා.. දැන් එතන කොට්ට වගේකුත් තියනවා.. ගිය මාසෙ මම ෆෙයරි ලයිට්ස් වගයක් ගෙනැල්ලා  ගෙදර හැමතැනම එල්ලුවා.. සමහර දවස්වලට මට ගෙදර ඉන්න අමුතු බයක් හිතෙනවා.. ආශි කිව්වා ගෙදර කළුවරේ තියන්නෙ නැතුව ෆෙයරි ලයිට්ස් එල්ලන්න කියලා.. ඒවා කහපාටට පොඩියට ගෙදර තැනින් තැන තියනවා.. ජනෙල් පඩියෙ උඩ හරියෙනුත් මම එල්ලුවා.. දැන් ගෙදර ලයිට් ඕෆ් කළාට කමක් නෑ.. කහපාට පොඩි පොඩි ලයිට්ස් හැමතැනම පේන්න තියනවනෙ.. මම දැන් මේ ගෙදරට කැමතිම කැමතියි.. මම ආස විදියට හැමදේම තියනවා.. මගේ ජපන් රෝස පාත්තියෙත් මල් පිපිලා.. කුස්සියේ ජනේලෙ කිට්ටුවත් පැල හුඟක් තියනවා..

"වණ අරණක කුඩා නිවස - ලෝරා ඉන්ග්ල්ස් වයිල්ඩර්"

නත්තල් කාලෙ වයිබ් එක හොඳටම ගේන පොතක් තමා මට හම්බුණේ.. මේ ළඟ පුස්තකාලයක් තියනවා.. මම ඒකෙ මෙම්බර්ශිප් ගත්තා.. සතියට පොත් දෙකක් ගෙදර උස්සන් ඇවිත් කියවනවා.. මේ ටිකේ ක්ලබ් යනවා ඇරෙන්න වෙන වැඩක් මට නෑනෙ.. මම ලෝරා එක්ක මගේ පාළුව බෙදාගත්තා..

උඩ අට්ටාලෙ කෑම අඩුක් කරන තැන ඉඳලා ලෝරා මේපල් පැණි සීනි හිම උඩට වක්කල්ලා ඒවා කන තැන වෙනකල්.. අම්මගෙ ලොකු බොස්තරොක්ක ගවුම ඇඳගෙන බාල්නටන තැන වෙනකල්.. ආච්චිඅම්මගෙ ගෙදර ගිණි උඳුනෙ රස්නෙ තැන වෙනකල් මම පැයගානක්ම හිටියෙ ඒ පොත ඇතුළෙ.. එළීය වහිනවාවත්, හයියෙන් අකුණූ ගහනවාවත් මට දැනුණෙ නෑ.. මම හිටියෙ ලෝරා එක්ක.. පොත අස්සෙ.. මේ පොත් මම හුඟ කාලෙකට කලින් කියවපු පොත්.. හරියටම මම හතේ අටේ කාලෙ කියවපුවා.. මම ඒ කාලෙ මතක් කරගන්න ආයෙම කියවනවා.. මාව අවුරුදු ගණන් පස්සට ඇදිලා යනවා.. මම ඒ මතක අස්සෙයි අකුරු අස්සෙන් ගිලිලා ගොඩ ඒගන්න බැරුවයි හිටියේ..

අන්තිමට පොත එහෙමම තියෙද්දි මට නින්ද ගියා ජනෙල් පඩිය උඩ.. ඒක පළල් නිසා නිදාගන්න වුණත් ඉඩ තියනවා.. නින්දෙන්ම මට දැනුණා කියාරයි රෙක්සියි ඇවිත් මගේ ගාවින් ගුලි වෙනවා.. එළීයෙ සීතලයි.. ජනෙල් වීදුරුවෙ වදින පොද පල්ලෙහාට ගලාගෙන වැටෙද්දි මම හිටියෙ නින්දෙ.. ඒ නින්ද මාව දුර ඈතකට ඇදගෙන ගියා.. මම පොඩි කාලෙ ජීවිතේ නින්දෙදි දැක්කා.. පොත් කියන්නෙ මැජික් එකක්.. මම දැක්කා පොඩි කාලෙ මම ලයිබ්‍රියෙ ඉඳලා පන්තියට දුවගෙන යනවා.. හොරෙන් පීරියඩ් වල පොත් කියවනවා.. සෙනුක එක්ක ඒවා කිය කිය හිනාවෙනවා.. මට සෙනුක නැතුව පාළුයි.. අපි දෙන්නා මෙහෙම දුරින් ඉඳලම නෑ.. අවුරුදු ගාණකින්.. මාව එන්න එන්නම තනි වෙනවා.. මගේ වටේ ඉන්න අය මගෙන් ඈත් වෙනවා.. මට ඒක තදින්ම දැනුණා.. පීටර්පෑන් එකේ වින්ඩි වගේ මම ලොකු වෙන්න ආස කළත්..

නෑ..!! මම කැමති නෑ ලොකුවෙන්න..

මගේ හිත ඇතුළෙ ජීවත්වෙන පොඩි ළමයා ලොකු වෙන්න කැමති නෑ.. වැස්සයි අකුණු සද්දෙයි මගේ හිතේ කඩාගෙන හැලෙන්න තියන වැහිවළාවකට පණ දෙනවා.. මම ආයෙම ඇහැරුණේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.. කොණ්ඩෙ තිබ්බ බූල් බෑන්ඩ් එක බිමට වැටිලා.. රෙක්සියි කියාරයි නිදි.. මම එහෙමම කොට්ටයක් පපුවට තුරුල් කරගෙන ජනේලෙ පැත්ත හැරුණා.. මට තනිකමක් දැනෙනවා.. මගේ වටේ ලොකු පාළුවක් කැරකෙනවා.. මම ඇත්තටම සතුටින් ඉන්න ජීවිතේ පැත්තකට කල්ලා තනි මාව වෙන් කරගත්තොත් මගේ ඇතුළෙ ඉන්න මනුස්සයා ඉන්නෙ බිඳිලා.. මට ආයෙම සතුටින් ඉන්න ඕන.. මම මගේ හිත ඉල්ලන සතුට කොහේද තිබ්බෙ..

" ආච්චි-අම්මෙ-හ්හ්.."

මම කොට්ටෙ අස්සෙ මූණ ඔබාගෙන ඇඬුවා.. හිතේ තිබ්බ වැහිවළාකුළ කඩන් වැටෙන්න අරගෙන.. මගේ ඇස් අග්ගිස්සෙන් පහළට රූට්ටගෙන වැටුණා.. මගේ පපුව හුඟක් රිදෙනවා.. මම දරාගෙනම ඉන්න ඕනද.. තාම පටන්ගත්තා විතරනෙ.. මම ඉවසන්න ඕන තමයි..

" ඔයා අඬන්නෙ නෑ ෂනෙරු.."

මම තව ටිකක් කොට්ටෙ අස්සට තුරුල් වුණාම රෙක්සි ඔලුව උස්සලා මගේ දිහා බැලුවා.. මම අත දික් කළාම එයා කියාරගෙ ඇඟ උඩින් පැනගෙන මගේ ගාවින් ගුළී වුණා.. මම එයාගෙ ඔලුව අතගෑවා.. රෙක්සිටත් එයා නැතුව පාලුයිනෙ.. මටත් පාළුයි තමා.. අපි ඉක්මනට එයාට එන්න කියමු.. 

*බුහ්*

රෙක්සි අහස දිහා බලාගෙන බිරුවා.. දැන් මොකක් හරි බලන්න තියෙනවනම් හොඳයි.. එළීයෙ කළුවරයි ගේ ඇතුළෙ තියන ෆෙයරි ලයිසුයි ලස්සනට මැච් වුණා.. මම කාමරේට ගිහින් බ්ලැන්කට් එක උස්සන් ඇවිත් මට හම්බුණූ ස්වීට්ස් බාස්කට් එකත් ළඟට අරගෙන ටීවී එක දාගත්තා.. සෙනුකයා බලන්නම කියලා වද දීපු ඩ්‍රාමා එකක් තියේ.. මම බලන්න හිතාගෙන හිටියෙ..

" චෙරි බ්ලොසම් ආෆ්ටර් වින්ටර් "















නරක සමනලී ආවෝ..~ මට බඩ්ඩක් හම්බුණානෙ.. 

මෙන්න මෙහෙම කොණ්ඩයක් තියන

මෙන්න මේ වගේ වරදයෙක් ලස්සනයි කියලා හිතුණා.. අර ඉම්නෙ සක්කිලි චූටියා කියලා හිතමු.. 

මට පිස්සු හලෝ..

එන්නාම්.. ලව් යූ..🌚❤

ප.ලි.

- මෙහි එන සියලු පුද්ගලයන් සහ ස්ථාන හුදෙක් කතුවරයාගෙ සිතුවිලි පදනම් කොටගෙන ලියැවූවකි..

- කථාංගයේ යම් යම් කොටස් උපුටා සමාජ මාධ්‍ය තුළ කතුවරයාගේ අවසරයකින් තොරව පළ කිරීමෙන් වළකින්න.. (ටික්ටොක් වීඩියෝස්/ස්ක්‍රීන්ශොට්ස්)

- කථාංගය පදනම් කොටගෙන විවිධ ආකාරයේ වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්න අවසර නෑ.. එවැනි අනවසර ක්‍රියාවල වගකීම කතුවරයා භාරගන්නෙත් නෑ.. 

Continue Reading

You'll Also Like

2.4K 525 20
"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජී...
6.4K 1.2K 98
"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලි...
2.2K 480 12
කාලය හරිම පුදුමාකාරයි කිව්වොත් ඔබ එකගද? ඔබට එකග වෙන්නම වෙනවා.මොකද එක වෙලාවකට කාලය ඉක්මනින් ගෙවෙනව නම් හිතිල ඇති.ඒ වගේම තව වෙලාවක කාලය මෙච්චර ඉක...