SEPALIKA | COMPLETED

Av cHerRy_MinShi_

3.1M 330K 81.3K

රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලා... Mer

සේපාලිකා - හැදින්වීම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
66 කොටස
67 කොටස
68 කොටස
69 කොටස
70 කොටස
71 කොටස
72 කොටස
73 කොටස
74 කොටස
75 කොටස
76 කොටස
77 කොටස
78 කොටස
79 කොටස
80 කොටස
81 කොටස
82 කොටස
83 කොටස
84 කොටස
85 කොටස
86 කොටස
87 කොටස
88 කොටස
89 කොටස
90 කොටස
91 කොටස
92 කොටස
93 කොටස
94 කොටස
95 කොටස
96 කොටස
97 කොටස
98 කොටස
99 කොටස
100 කොටස
101 කොටස
102 කොටස
103 කොටස
104 කොටස
105 කොටස
106 කොටස
107 කොටස
108 කොටස
109 කොටස
110 කොටස
111 කොටස
112 කොටස
113 කොටස
114 කොටස
115 කොටස
116 කොටස
117 කොටස
118 කොටස
119 කොටස
120 කොටස
121 කොටස
122 කොටස
123 කොටස
124 කොටස
125 කොටස
126 කොටස
127 කොටස
128 කොටස
129 කොටස
130 කොටස
131 කොටස
132කොටස
133 කොටස
134 කොටස
135 කොටස
136 කොටස
137 කොටස
138 කොටස
139 කොටස
140 කොටස
141 කොටස
142 කොටස
143 කොටස
145 කොටස
146 කොටස
147 කොටස
148 කොටස
149 කොටස
150 කොටස
151 කොටස
152 කොටස
153 කොටස
154 කොටස
155 කොටස
156 කොටස
157 කොටස
158 කොටස
159 කොටස
160 කොටස
161 කොටස
162 කොටස
163 කොටස
164 කොටස
165 කොටස
166 කොටස
167 කොටස
168 කොටස
169 කොටස
170 කොටස
171 කොටස
172 කොටස
173 කොටස
174 කොටස
175 කොටස
176 කොටස
177 කොටස(අවසාන කොටස)
මගෙන් සටහනක්...
ANNOUNCEMENT!

144 කොටස

10.6K 1.5K 214
Av cHerRy_MinShi_

ජීවිතේ හැමදෙයක්ම වෙනස් වෙන්න යන්නෙ කොච්චර පොඩි වෙලාවක්ද කියන එක මට මගේ ජීවිතේ සමහර අත්දැකීම් වලින් දැනිලා තිබ්බත් ඒක තදින්ම දැනුනේ මේ පැය කීපෙදි.. මම ආයෙ ආයෙම හිතනවා බලාපොරොත්තු කඩ වෙන එක කොච්චර නරක දෙයක්ද කියලා.. ඒක කොච්චර වරදකාරී පසුතැවෙන හැගීමක්ද කියලා.. මට පහුවෙන හැම ගහ කොළක්ම.. හැමදේම මගේ හිතේ පාරගන්නෙ නෑ කියලා පරිස්සම් කරපු හැම අඟලක් ගානෙම මාව තුවාල කළා.. මෙච්චරකල් දුක දැනුණත් නොදැනෙන ගාණට මම ජීවත් වුණා.. ඒත් දැන් මට දැනෙනවා මම ඉන්නෙ පිච්චෙන හැගීමක.. මට ඒක හොඳටම දැනෙනවා..

මට හිතේ තරහයි.. දුකයි.. මට හිතන්නම සෑහෙන්න දේවල් තිබුණා.. මට හිතන්න බයයි.. මට කලන්තෙට වගේ.. දැන් නම් මට හිතෙනවා මොකටද කෑවෙ නැත්තෙ කියලා.. මගේ නොසැලකිල්ල නිසා හුගක් දේවල් වෙනවා කියලමයි මට දැනෙන්නෙ.. අඩියක් තියපු තැනම මහා පාතාළෙකට කඩන් වැටෙනවා කියන්නෙ.. ඒක සුළුපටු නෑ.. මම නැගිටගන්න ට්‍රයි කළා විතරයි.. පළවෙනි අඩියෙම මට හුඟක් දේවල් නැතිවුණා.. මම ඉස්සරහට යද්දි මට කොච්චර දේවල් නැතිවෙයිද මම දන්නෙ නෑ.. ආධ්‍ය අයියට සනීප වෙලාද ඩිස්චාර්ජ් වුණේ.. එයාලා නොකියා යන ගමනට බලෙන්ම ඩිස්චාර්ජ් වුණාද කියන්න දන්නෙ නෑ.. ආධ්‍ය අයියගෙ යාළුවො කවුද මම දන්නෙත් නෑ.. මාමගෙ යාළුවො මම අඳුරන්නෙත් නෑ.. අප්පච්චිගෙ අය කවුරුත් දන්නෙත් නෑ.. මම දන්න.. මම වැඩිපුරම දන්න කෙනත් ළඟින්ම ආශ්‍රය කලේ මම වෙලා.. මම මොකුත්ම නොදැනැන හිටියේ මගේ මොන නොසැලකිල්ලකටද මට හිතෙනවා..

ජීවිතේ හමුවීම් එක්ක වෙන්වීම් තියනවා කිව්වට.. මම බලාපොරොත්තු වුණු වෙන්වීම මේක නෙමේ.. 

මට අන්තිම වතාවක් දෙනවනම්.. එදා රධ්‍ය අයියා ගත්තෙ අන්තිම ෆෝන් කෝ එක කියලා දන්නවනම්.. එදා මාමට තුරුල් වුණේ අන්තිම වතාවට කියලා දන්නවනම්.. ආධ්‍ය අයියගෙ සිනිදු කම්මුලක් ඇල්ලුවෙ අන්තිම වතාවට කියලා දැනුණනම් මම ඒ ඔක්කොම ආපහු ගන්නවා.. මට ආයෙම ඒවා හරිගස්සන්න ඕන.. ආයෙම මාමට තුරුල් වෙලා මාමට ආදරෙයි කියන්න ඕන.. රධ්‍ය අයියට ආදරෙයි කියන්න ඕන.. මට අවස්ථාවක් ඕන.. ආයෙ හැමදේම ආපස්සට ගිහින් හරිගස්සන්න..

ඒත්.. මම කොහොමද එච්චර ආත්මාර්ථකාමී වෙන්නෙ.. 

අපේ මාමා හිටියෙ පිච්චි පිච්චි කියන්න මම දන්නවා.. රධ්‍ය අයියා හැමතිස්සෙම හිතේ මොකක් හරි හංගගෙන කතාකරන බව මම දැනගෙන හිටියා.. ඒත් මම බලාපොරොත්තු වුණා ඒවා මට එක වතාවක් හරි කියයි කියලා.. මට මෙච්චර වේදනාවක් දේවි කියලා මගේ හීනෙකවත් තිබ්බෙ නෑ.. ඇත්තමයි තිබ්බෙ නෑ..

'අපි ඉස්සරහට වෙන්න තියන දේවල් අමතක කලා දැනට අඬන්නැතුව ඉමුද..'

'ඒ කියන්නෙ ඉස්සරහට මොකුත් වේවිද..'

'ඉස්සරහට හුඟක් දේවල් වේවි..'

'එතකොට..??"

'එතකොට මම දුර ඉඳන් හරි ඔයා ගාවින් මෙහෙම ඉන්නවා..'

'ඒ කොහොමද..'

'එහෙම තමයි ඔයා බලන්නකො..'

'නොගිහින් ඉන්නකො අයියෙ.. මම කැමති නෑනෙ ඔයා යනවට..'

මම පියාගෙන ඉඅපු ඇස් අග්ගිස්සෙන් මගේ මුළු හදවතේම තියන ගල් ගැහිච්ච දුකෙන් අංශු මාත්‍රයක් තරම් දියවෙලා පහළට රූටලා වැටුණා.. ඒවා උණුම උනුයි.. ඒසී එකේ හුළං නිසා සීතල වෙලා තිබ්බ මූණ කඳුළු බිංදුවක් නිසා යන්තම් උණු වුණා..  මතක හිත රිද්දනවා.. මගේ තුවාල වලට ලුණු දානවා වගේ.. ඔව් බෙහෙත් නෙමෙයි.. හරියට ලුණු දානවා වගේ.. මට ලොකු තනිකමක් එක්ක අසරණකමක්, පාළුවක්, හිතේ මහා මූසල කමක්දැනුනා..

පැය ගාණක ගමනකින් පස්සෙ මම හිටියේ අපේ ගෙදරට කිට්ටුවෙන්.. මාමා ගැන ගෙදරට කියන්නෙ මොනවද කියලා මට හිතාගන්න බෑ.. ආච්චිඅම්මගෙ මූණ බලාගෙන මට බොරු කියන්න හිත හදාගන්න බෑ.. ඒත් ආච්චිඅම්මා දැනගන්න ඕන.. මට මාමව ඕන කියලා දැනෙනවා.. අපි කිට්ටුවෙන් හිටියෙ පහුගිය පොඩි කාළෙ වුණත් මාමා දුර වැඩකරන කාලෙ මට අඩුම තරමෙ කතාකරනවා.. එයා පරිස්සමට ඉන්නවා කියලා මගේ හිත දන්නවා.. දැන් එහෙම දැනෙන්නෙ නෑ.. මට මගේ මාමව හුඟක්මතක් වෙනවා.. ඒ අඩුව සෑහෙන්න දැනෙනවා.. මාමගෙ කුණුහරප වචන වල නොකියා තියන හයිය මට මතක් වෙනවා.. හැමතිස්සෙම මගේ පැත්තෙන් හිටගන්න කෙනෙක් මට නැතිවෙලා වගේ දැනෙනවා..

" අඩෝ පොඩි කාලෙ ආවට මතක නෑ බං.. මේ හරියෙන් කොහේටද.."

මම කල්පනා වෙ ඉඳලා ගැස්සිලා ඇහැරුණා.. මම හිටියෙ කොනේම ශටර් එකට මූණ හේත්තු කරගෙන.. මගේ එහාපැත්තෙ චමිරුයි සෙනුකයි හිටියේ.. අම්මට කෝල් කල්ලා ගෙදර එනවා කිව්ව වේඑ ඉඳලා ආච්චිඅම්මා බලාගෙන ඉන්නෙ මම ගෙදරට අඩිය තියනකල්.. අද රිසාල්ට්ස් එනවා.. මම මාමට කියන්නනෙ හිටියෙ රිසාල්ට්ස් ආවහම.. ආධ්‍ය අයියා හැමතිස්සෙම කියෙව්වා.. එයාට ආසයි කිව්වා මම කැම්පස් යනවා දකින්න.. රධ්‍ය අයියට මඟ ඇරුණු හීනවලට මමවත් යන්න ඕන කිව්වා..

ඒවා වචනම විතරක් වුණාට මම හැමදේම මතකෙ තියාගත්තා.. ගතවුණු කාලෙ මම උවමනාවෙන්ම මතක තියාගත්තත්..

දැනට මට ඒවා ගැන පසුතැවීමක් තියනවා.. අපරාදෙ මතක තියාගත්තෙ කියලා හිතෙනවා..

" තව ඉස්සරහා ලොකු කඩයක් හම්බෙනවා.. එතනින් දකුණුපැත්තෙ පළවෙනි අතුරුපාර ඉවරවෙන ගෙදර.."

" ෂනෙරු.. ගෙදර අයට මේවා දැන්නුවා කියලා ඔයාට ඒකෙන් හොඳක් වෙන්නෙ නෑ.. පුළුවන් තරම් හොඳින් ඉන්න ට්‍රයි කරන්න.. මම දන්නවා අමාරුයි කියලා.."

චමිරු ඉස්සරහා බලාගෙනම කිව්වා.. ඌටත් අහක යන කුණුගොඩක් ඇඟේ දාගෙන මම නිසා වදේ.. වෙන වෙලාවකනම් යාළුවෙක් එක්ක ගෙදර යන්න මම ආසයි.. ඒත් මේ වෙලාවෙ ඒකට කිසිම මුඩ් එකක් මං ගාව නෑ.. මතක් වෙද්දිත් ඒක විහිළුවක් වගේ..

" මම මොනවද බං මාමා ගැන කියන්නෙ.."

" ඒ ගැන හිතමු පස්සෙ.. දැනට මාමා ඉන්නවා කියමු.. එකසැරේට බෑ අම්මලත් ගෙදරනෙ බං.. අපි පොඩ්ඩක් වෙලාව එහෙ මෙහෙ වෙනකල් ඉමු.."

" ම්ම්.."

" ෂනෙරු කෑම කාලද ඉන්නෙ.."

මම ඔලුව වැනුවා.. මම නම් පුදුම කරුමෙකට මූණ දීලා තියෙන්නෙ.. මගේ හිතට මහන්සී වගේම මගේ ඇඟට.. කොච්චර මහන්සිද කියන්න.. හරිනම් මම මෙලහට කලන්තෙ දාලා ඇදගෙන වැටිලා.. දවස් තුනක් එකදිගට ප්‍රැක්ටිස් කලා.. මැච් එකකුත් ප්ලේ කල්ලා හරිනම් සතියක ටුවර් එකක් දුන්නෙ ඉතුරු දවස් දෙක රෙස්ට් එකේ ඉන්න.. මම අනිත්පැත්තටම දුවගෙන ආවා.. නින්දකුත් නෑ හරිහැටි.. කෑම බීමකුත් නෑ.. මට මං ගැනම මාර දුකක් දැනුණා.. හැමදාම මම මූණ දෙන ප්‍රශ්න එක්ක මම අසරණ වෙනවා.. 

" ගෙදර ගිහින් ඉස්සෙල්ලම කාලා ඉමු.. බෙහෙත් තියද.."

" නෑ.."

" ලෑස්තියක් වුණේ නෑනෙ බං.."

" මොනවද බෙහෙත් කියපන්.."

" ඕන නෑ චමිරු.."

" මම ඇහුව එකට උත්තර දීපන්..!"

" මේ ඉඳහන් මම කියන්නම්.. උඹ මූට කෑගහලා තව මගුලක් කරනවා.."

සෙනුකයා චමිරුගෙ ෆෝන් එක ඉල්ලගෙන මොනවද ටයිප් කල්ලා ආපහු දුන්නා..

" ඩැරන් මම ටෙක්ස්ට් කරපු බෙහෙත් ටික ඕන.. ඒ ටික අපිව ඩ්‍රොප් කළාට පස්සෙ ගෙනැත් දෙන්න.."

" නෝටඩ්.."

ඉස්සරහා ඉඳපු උස මහත ඩ්‍රයිවර් ෛඉස්සරහා මිරර් එකෙන් මං දිහා අමුතු වුදුයට බලලා චමිරු දිහාත් බලලා ආයෙම ඉස්සරහා බලාගත්තා..

" චමිරු උඹට අවුලක් නැද්ද ගෙදරින්.. මෙහෙම ආවට.."

" මම කිව්වා මමාට යාලුවෙක්ගෙ ගමේ යනවා කියලා.. එයා තාත්තට කියයි.."

" අහ්.."

අයුක අයියගෙ තාත්තගෙ සෙකට්‍රිනෙ චමිරුගෙ අම්මා.. මට ඒක අමතක වුණා..

අපේ ගෙදර මහීශලාගෙ අම්මගෙ කාර් එක පාක් කල්ලා.. ආච්චිඅම්මා එළීයෙ ඉස්තෝප්පුවෙ ඉඳගෙන හිටියෙ.. මගේ පපුව පිච්චිලා ගියා.. මම හැමදාම මේ රූපෙ කොච්චර බලාපොරොත්තු වෙනවද දන්නෙ මමම විතරයි.. මොහොතකට මට සතුටක් දැනුණා.. මං වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියන හැගීම මට දැනුණා..

කාර් එක දැකලා ආච්චිඅම්මා මිදුලට ආවා.. මම ඉක්මනට දොර ඇරගෙන ගිහින් ආච්චිඅම්මව තුරුල් කරගත්තා.. ආච්චිඅම්මා මගේ අත් දෙක මැද්දට පොඩි වුණා.. ඒ බෙහෙත් තෙල් සුවඳ.. හිනාව.. මට මේ ලෝකෙ හැමදේටම වඩා වටිනවා දැනෙන්නෙ මේ වෙලාවට තමා.. මගේ අම්මා නොවුණට, ලේ කිරි කල්ලා පෙව්වෙ නැතිවුණාට, මට අම්මා වුණේ මගේ ආච්චිඅම්මා.. ඒ ආදරේ කියලා විස්තර කරන්න මට වචන නෑ.. ආච්චිඅම්මා මුළු හිතේම තියන ආදරේ එකතුකල්ලා මට දුන්නා.. එතනින් එහාට එයා ගැන කියන්න තේරෙන්නෙ නෑ..

" සුදුමහත්තයා.. මයෙ කොල්ලා හොඳින් නේද.."

මම ආච්චිව තව ටිකක් තුරුල් කරගත්තා.. මගේ උගුර හිරවෙලා.. කටහඩ පොඩ්ඩක් හරි පිටවුණොත් ඇඬෙනවා මම දන්නවා.. දැනටම මගේ ඇස් වල කඳුළු පිරිලා..

" ආච්චිඅම්මේ මාව මතකද දන්නෑ.. අම්මෝ කාලෙකින්.."

සෙනුක කාර් එකෙන් බැස්සම චමිරුත් ටිකකින් ආවා.. කාර් එක හරවලා ආපහු ගියා..

" මේ පුතා..?? කෝ බලන්න මූණ ඉතින්.."

මම ආච්චිගෙන් එහාටවුණා.. ආච්චි සෙනුක ගාවට ගිහින් හොඳට මූණ දිහා බලාගෙන හිටියා..

" නිර්මලී දූගෙ පුතා නේද මේ.. මොකක්ද නම.. සෙනුර..සෙනුක පුතා..!!! දෙයියනේ කොල්ලො ලොකු වෙච්ච තරම්.."

සෙනුක ආච්චිඅම්මව බදාගත්තා.. ආච්චි හරි ආසයි මගේ යාළුවොන්ට.. සෙනුක අපි පොඩිකාලෙ එකම එක සැරයක් ගමේ ඇවිල්ලා තියෙනවා.. අපි නමය වසරෙදි..

" ආච්චිඅම්මනම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.."

" එතකොට මේ ඉලන්දාරියා කව්ද.. මම නම් දැකලා නෑ මීට කලින්.."

" ආච්චිඅම්මෙ මේ මගේ හොඳම යාලුවෙක්.. මම ආච්චිඅම්මට කිව්වෙ.. චමිරු.. මාත් එක්ක ඉස්කෝලෙ ඩිපියුටි වැඩ කරන්නෙ.."

චමිරු ආච්චිඅම්මා එක්ක හිනාවුණා.. ආච්චි චමිරුගෙ පිට අතගෑවා.. චමිරු ඒත් පුදුම වෙලා වගේ ආච්චිඅම්මා දිහා බලාගෙන හිටියෙ..

" ආ මම දන්නවා.. සුදුමහත්තයා ඉස්කෝලෙ විස්තර කියද්දි මට නිතර කියනවා.. කොහොමද පුතේ.."

චමිරු බයවෙලා මගේ දිහා බැලුවම සෙනුක චමිරුගෙ කකුල පෑගුවා.. එහෙම මගුලක් මම කිව්වෙ නෑ.. ගොං චමිරු..

" අහ්.. මම හොඳින් ඉන්නවා.. ආච්චිඅම්මෙ.."

" යමු ඇතුළට.. මහන්සිත් ඇතිනෙ.. සුදුමහත්තයා කෙට්ටු වෙලා.. කන්නෙ නැද්ද ඒපාර.. කෝ ඉතින් මේ ගෙදර එකා අම්මට කතාකරන්නෙ නෑනෙ.. මාමා හොඳින්ද කොල්ලො.. මම නරක හීනෙකුත් දැක්කා.."

මගේ බඩපපුව දාගෙන ගියා..

" අංකල් දේව් වැඩ ආච්චිඅම්මෙ.."

" ආ.. ඒකතමා.. කොහෙද මේ දරුවන්ට මේ වයසක අම්මව මතක් වෙන්නෙ නෑනෙ.. මම එපෑ ගින්දර උහුලන්න.."

මම අත ගුලිකරගෙන ඇඬෙන්නැතිවෙන්න හිටියා.. මාමෙ.. මොනවද දෙයියනේ මේ කලේ..

" අද අපේ රිසාල්ට්ස් එනවනෙ ආච්චිඅම්මෙ.."

" ඔය ළමයි නැහුන හැටියට හොඳ ප්‍රථිඵලයක් ලැබෙන්නම ඕන.."

" ආච්චිඅම්මා කියනවනම් ඉතින් ආයෙ මොනාද.. ගැම්මක් ආච්චිඅම්මෙ.. අඩෝ ෂනෙරු මේ පාරවත් ආච්චිව දීපන්කො."

අපේ ආච්චි රතුවෙලා හිනාවුණා..

" නිකන් ඉඳින්.."

" කෝ අම්මලා ආච්චිඅම්මෙ.."

ගෙදර මොකුත් සද්දයක් නැති නිසා මම ආච්චිඅම්මගෙන් ඇහුවා..

" අම්මලා පන්සල් ගියා සුදුමහත්තයෝ.. රෑවෙන්න ඒවි.. ආපු වෙලේ ඉඳලා කිචිබිචිය.. උඹලගෙ අම්මත් පාළුවෙන්නෙ හිටියෙ.."

" ඒකතමා.."

මම කාමරේට ඇවිත් එහෙමම පුටුවෙන් වාඩිවුණාම සෙනුක මාව අල්ලගත්තා.. මට කලන්තෙට වගේ.. හරි අමාරුයි ඇඟට..

" ෂනෙරුවා.."

" මගෙ පපුව රිදෙනවා බං.. ඔලුවත් කැක්කුමයි.. ගැස්ට්‍රයිටීස් වැඩිවෙලා.."

" ඉන්න ෂනෙරු ඩැරන් දැන් ඒවි.."

මම ඇස් දෙක පියාගෙන එහෙමම සෙනුකගෙ බඩට ඔලුව තියාගෙන හිටියා.. සෙනුක මගේ ඔලුව අතගෑවා.. මේ කාමරේ ඇස් දෙක පියාගත්තත මතකෙ දෝංකාර දෙනවා වගේ.. මට මාමා නැතුව ගෙදර පාළුයි.. මාමට මට කියන්න තිබ්බා.. හැමදාම හිතේ තියාගෙන විතරක් ඉන්නෙ නැතුව.. මාමා පිළිගන්නෙ නැත්තෙ ඇයි මමත් ලොකු ළමයෙක් කියලා.. මට මාමා ඕනනෙ..

ආයෙම මට ඉකි ගැහිලා ඇඬුනා.. චමිරු ඒ එක්කම එළියට ගියා..

" අනේ බං.. නාඬා ඉඳින්කො ආච්චිඅම්මා දැක්කොත් එහෙම.."

" අනේ මාමා කොහෙද සෙනුක.. මාමට කරදරයක්ද දන්නෙ නෑ.. අනේ මට බෑ දෙයියනේ.. මාමට කතාකරන්න කියපන්කො.. අනෙ..හ්හ්.."

මම සෙනුකගෙ බඩට මූණ තදකරගත්තා.. මගේ තාත්තා මාව දාලා ගියා හා සමානව මට දැනෙනවා.. 

" අංකල් දේව් හොඳින් ඇති ෂනෙරු.. පොඩි ළමයෙක් නෙමේනෙ උඹලා අපි වගේ.. මාමා කොහොම හරි දරාගන්නවා.."

" ඒත්-හ්හ්.."

" මාමා කොහොම හරි අයියව සනීප කරාවි ෂනෙරු.. දරාගන්න වෙනවා.. උඹට ඕනම වෙලාවක අපි ඉන්නවනෙ.. තේරුණාද.. ඉවසපන්.. අනික උඹ ආදරේ කළේ බොරුකාරයෙක්ට නෙමේනෙ.."

" එයා හොඳින් ඉන්නවද සෙනුක.. රධ්‍ය අයියා හොඳින් නේද.. එයාට කරදරයක් නෑ නේද.. අනේ බං.. මට එදා කළේ අන්තිම වතාවට කියලා හිතුණෙ නෑ බං.. හෙන ගහන්න වගේ සේරම වෙද්දි මම කොහොමද සේරම ඉවසන් ඉන්නෙ.."

" රධ්‍ය අයියා ඉන්නෙ අප්පච්චි එක්ක වෙන්න ඕන.. මොකද දෙන්නම ගිහින් තියෙන්නෙ එකට.. ඒත් ආධ්‍ය අයියට මොකද වුණේ කියන්නයි දන්නෙ නැත්තෙ.. අපිට කොහේහරි කොනක් හම්බෙයි ෂනෙරු.. පොඩ්ඩක් ඉවසලා ඉඳපන්.. මම දන්නවා උඹේ හිතේ වේදනාව.. ඒත් මේ වෙලේ වැටිලා බෑ.. උබ දන්නවනෙ රධ්‍ය අයියා මොන ලෝකෙ හිටියත් උඹ ගැන අහස උසට බලාපොරොත්තු තියන් ඉන්නෙ.. එහෙම එකෙක්ගෙ හිත රිද්දන්න එපා බං.. අපි හැමෝම අසරණ වෙන වෙලාවල් එනවා.. රධ්‍ය අයියත් එහෙමයි.. ඌ සෑහෙන්න අසරණ වෙලා උගේ අයියගෙ අසනීපෙ නිසා.."

" ඇයි එයා හැමදේම තනියම හිතේ තියාගෙන හිටියෙ.. මම කව්ද එතකොට.. ඇයි-ඇයි බං කියන්න බැරිවුණේ.. මට කිව්වනම් මම එයාව නවත්තන්නෙ නෑ.. මම හුඟක් ආදරෙයි බං රධ්‍ය අයියට.."

" අයියට හේතු තියෙන්න ඇති ෂනෙරු.. අපි අපේ පැත්තෙන් විතරනෙ දකින්නෙ.."

මම මොකුත් නොකිය හිටියා.. මට දරාගන්න තිබ්බා ඒ වචනෙකින් හරි මගේ හිත රිද්දලා මාව ඇදලා දැම්ම මනුස්සයෙක් නම්.. ඒත්.. ඒත් එච්චර වචනෙකින්වත් මගේ හිත රිද්දුවෙ නැති කෙනෙක් මට නැතිවෙද්දි.. මට බෑ දරාගන්න.. කොච්චර කොහොම කිව්වත්.. මම කොහොමද හිත හදාගන්නෙ.. එහෙම බෑනෙ.. ඇයි අයියෙ ඔයාගෙ අප්පච්චි අපි හැමෝවම මෙහෙම අසරණ කළේ.. අසලි අම්මවත් කතාකළානම්.. එයත් ෆෝන් එක අයින්කල්ලම දාලද කොහෙද.. එකපාරට ජීවිතේට ඇවිත් මොනවද මේ කළේ.. 

" රධ්‍ය අයියත් උඹට ආදරෙයි බං.. මට වඩා උබනෙ ඒක දන්නෙ.. මොකක් හරි එයාට ලොකු බලපෑමක් තියෙන්න ඇති.. අනික අප්පච්චි උඹලා දෙන්නා ගැනත් දන්න නිසා මට ඌට මොකුත් කියන්න බෑ බං.. උඹ ඔහොම අඬනවට මම කැමතිනෑ.."

" ම්ම්.."

චමිරු කාමරේට ආවෙ අතේ පාර්සල් එකකුත් තියාගෙන.. ඊටපස්සෙ ඒකෙන් බෙහෙත් තෝරලා අරගෙන මේසෙ උඩ තිබ්බ වතුර ජොග්ගුව මගේ ළඟට ළං කළා..

" බෙහෙත් බොන්න.. ඊටපස්සෙ කෑම කාලා රෙස්ට් කරහන්.. උඹට මහන්සි පාටයි.."

" ම්ම්.."

" මම ස්ලීපින් පිල් එකකුත් දැම්මා.. කමක් නෑනෙ.."

මම වතුර එක අරගෙන බෙහෙත් අහුරම බිව්වා.. 

ආච්චිඅම්මා කෑම මේසෙට යවලා අපිට කන්න එන්න කිව්ව නිසා මම ගිහින් කෑම කාලා නාගෙන කාමරේට වෙලා හිටියා.. සෙනුකයි චමිරුයි මගේ කාමරේට එහා කාමරේ නැවතුණා.. අම්මලත් ඇවිල්ලා නිසා ගෙදර පිරිලා.. මම ඇවිත් එහෙමම ඇඳට වැටිලා ෆෑන් එක දාගත්තා.. කාමරේ ජනේලෙන් එන හුලග මගේ කකුල් වල වදිනවා.. ඒත් මගේ ඇස් හරි බරයි.. කවදාවත් නැති තරම් නිදිමතක් මට දැනෙද්දි මම ඇස් දෙක පියාගෙන ඒ තප්පරේම නින්දට වැටුණා.. 














ඩබල් අප්ඩේටු ගෙනාවෝ... 

එන්නාම්.. ලව් යූ.. ❤🌚

ප.ලි.

- මෙහි එන සියලු පුද්ගලයන් සහ ස්ථාන හුදෙක් කතුවරයාගෙ සිතුවිලි පදනම් කොටගෙන ලියැවූවකි..

- කථාංගයේ යම් යම් කොටස් උපුටා සමාජ මාධ්‍ය තුළ කතුවරයාගේ අවසරයකින් තොරව පළ කිරීමෙන් වළකින්න.. (ටික්ටොක් වීඩියෝස්/ස්ක්‍රීන්ශොට්ස්)

- කථාංගය පදනම් කොටගෙන විවිධ ආකාරයේ වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්න අවසර නෑ.. එවැනි අනවසර ක්‍රියාවල වගකීම කතුවරයා භාරගන්නෙත් නෑ.. 

Fortsett å les

You'll Also Like

438K 23K 51
အခြေအနေတစ်ခုကြောင့် လက်ထပ်ဖြစ်ခဲ့ကြတယ် အန်တီက ရိုးရဲ့ ဇနီးမယားပါပဲ... အေျခအေနတစ္ခုေၾကာင့္ လက္ထပ္ျဖစ္ခဲ့ၾကတယ္ အန္တီက ရိုးရဲ႕ ဇနီးမယားပါပဲ...
2.3K 517 20
"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජී...
2.2K 480 12
කාලය හරිම පුදුමාකාරයි කිව්වොත් ඔබ එකගද? ඔබට එකග වෙන්නම වෙනවා.මොකද එක වෙලාවකට කාලය ඉක්මනින් ගෙවෙනව නම් හිතිල ඇති.ඒ වගේම තව වෙලාවක කාලය මෙච්චර ඉක...
1.1K 222 24
ඔහෙලට කී සැරයක් මම ඒක තේරුම් කරන්න ඕනද? දන්නේ නැද්ද නන්ගි අපිට Tube Lights නේ කෙල්ලෙක් ගෙ බොරු කතාවක් හින්දා සමාජෙන් කොන්වෙච්ච අහිංසක යාළුවො දෙන්නෙක්...