SEPALIKA | COMPLETED

By cHerRy_MinShi_

3.1M 333K 81.9K

රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලා... More

සේපාලිකා - හැදින්වීම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
66 කොටස
67 කොටස
68 කොටස
69 කොටස
70 කොටස
71 කොටස
72 කොටස
73 කොටස
74 කොටස
75 කොටස
76 කොටස
77 කොටස
78 කොටස
79 කොටස
80 කොටස
81 කොටස
82 කොටස
83 කොටස
84 කොටස
85 කොටස
86 කොටස
87 කොටස
88 කොටස
89 කොටස
90 කොටස
91 කොටස
92 කොටස
93 කොටස
94 කොටස
95 කොටස
96 කොටස
97 කොටස
98 කොටස
99 කොටස
100 කොටස
101 කොටස
102 කොටස
103 කොටස
104 කොටස
105 කොටස
106 කොටස
107 කොටස
108 කොටස
109 කොටස
110 කොටස
111 කොටස
112 කොටස
113 කොටස
114 කොටස
115 කොටස
116 කොටස
117 කොටස
118 කොටස
119 කොටස
120 කොටස
121 කොටස
122 කොටස
123 කොටස
124 කොටස
125 කොටස
126 කොටස
127 කොටස
128 කොටස
129 කොටස
130 කොටස
131 කොටස
132කොටස
133 කොටස
134 කොටස
135 කොටස
136 කොටස
137 කොටස
138 කොටස
139 කොටස
140 කොටස
141 කොටස
142 කොටස
144 කොටස
145 කොටස
146 කොටස
147 කොටස
148 කොටස
149 කොටස
150 කොටස
151 කොටස
152 කොටස
153 කොටස
154 කොටස
155 කොටස
156 කොටස
157 කොටස
158 කොටස
159 කොටස
160 කොටස
161 කොටස
162 කොටස
163 කොටස
164 කොටස
165 කොටස
166 කොටස
167 කොටස
168 කොටස
169 කොටස
170 කොටස
171 කොටස
172 කොටස
173 කොටස
174 කොටස
175 කොටස
176 කොටස
177 කොටස(අවසාන කොටස)
මගෙන් සටහනක්...
ANNOUNCEMENT!

143 කොටස

10.6K 1.5K 345
By cHerRy_MinShi_

මම හිටියෙ කටුනායක එයාපෝට් එකේ.. මේ වෙනකල් කියාන් අයියා ඇරෙන්න මට මොකෙක්වත්ම කතාකළේ නෑ.. මම පුදුම විදියට අසරණ වෙලා හිටියෙ.. හවස ෆ්ලයිට් එක අල්ලගෙන කොහොම හරි මම එන්න ආවා.. ඊයෙ මැච් එක ගැන, මම දින්න එක ගැන තිබ්බ සතුට එහෙම්පිටින්ම හේදිලාම ගියා.. මට හිතාගන්න බෑ මම සතුටු වුණාද කියලවත්.. මට තාම කියාන් අයියගෙ කටහඬ ඇහෙනවා ඇහෙනවා වගේ..

" ෂනෙරු පුළුවන් ඉක්මනට එන්න බලපන්.. මෙහෙ මොකක් හරි අවුලක් වෙනවා.."

ඒ එක්කම මගේ අතින් ෆෝන් එක බිමට අතෑරුණා.. කෝච් මාව වාරුකරගත්තෙ නැත්නම් මම එහෙමම ඇදගෙන වැටෙනවා.. ඇත්තමයි මුළු ජීවිතාකාලෙම මෙච්චර මගේ හිත බයවෙලා නෑ.. කලබල වෙලා නෑ.. මගේ පපුව හිරිවැටීගෙන රිදෙනවා.. ඇස් වලින් කඳුළු ගලාගෙන යන්න ඔන්න මෙන්න තිබිලත් මම ඒවා වට්ටන්නෙ නැතුව හිර කරගෙනම එන්න ආවා.. කෝච් හොඳවෙලාවට කවුන්සිල් එකත් එක්ක කතාකල්ලා මට අද එන්න චාන්ස් එක අරගෙන දුන්නා.. 

මම ලැගේජ් එක අතට තදකරගෙන සෙනුකව හෙව්වා.. සෙනුක මාව ගන්න එනවා කිව්වා.. එතකොට.. එතකොට කොහෙද මගේ මාමා.. රධ්‍ය අයියා.. එයාලනෙ හරිනම් මාව ගන්න එන්නෙ.. මම එහෙමම පුටුවක් උඩින් වාඩිවෙලා මූණ අත් දෙකෙන් පිහිදගත්තා.. එයාපෝට් එකේ නිතර යන එනවුන්ස්මන්ට්ස් මට කරදරයි.. මම කලබල වෙලා.. මගේ අත පය වෙවුලනවා.. මොකද මට දැනෙනවා මොකක් හරි වෙලා කියලා.. මම අත් දෙක එකට ගුලි කරගෙන පපුවට තියලා තදකරගත්තා.. ඒ ගිනිගන්නවා වගේ දැනෙන පීඩනේ එක එක්ක මට පිස්සු හැදෙන්න එනවා.. මගේ අසරණකම දැනුණේ මට විතරයි.. මම පිපිරිලා යන්න පීඩනේක ඊයෙ ඉඳලා ඉන්නවා කියලා දැනුණේ මට විතරයි.. රධ්‍ය අයියගෙ ෆෝන් ඕෆ් ආන්සර් නොකරන හැම වතාවෙම දැනෙන හිස් හැගීම.. බලාපොරොත්තු නැතිවෙන හැගීම ඒ ඔක්කොම දැනුණෙ මට විතරයි.. 

මම දැක්කා දුර ඉඳන් මගේ පැත්තට දුවගෙන එන සෙනුකව.. මම ඉක්මනට නැගිට්ටා.. මට ඉක්මනට රධ්‍ය අයියව හම්බෙන්න ඕන.. ඔයා හොඳින්ද අහලා තුරුල් වෙන්න ඕන.. එයා හොඳින්ද.. හැමදේම හොඳින්ද අහන්න ඕන.. මේ වෙලේ මට ඕනම වුණේ ඒක විතරයි..

" ෂනෙරු.."

සෙනුක දුවගෙන ඇවිත් මාව බදාගත්තා.. මම මොකුත් නොකර එහෙමම බලාගෙන උන්නා..

" ඇ-ඇයි සෙනුක.. මොකද මේ.. අනේ මාව බය කරන්න එපා බං.."

" අපි දැන් ක්වාටස් එකට යන්න ඕන.."

ඒ එක්කම ඈතින් අපි දිහාට ඇවිදගෙන එන චමිරුව සෙනුකගෙ උරහිස අස්සෙන් මට පෙනුණා.. ඒ එක්කම මට ඇඬුණා..

" ක්-කෝ රධ්‍ය අයියා.. මාමා.. එයාලා කොහෙද.."

චමිරු ඇවිත් සෙනුකව එහාට කලා.. ඊටපස්සෙ මගේ ලැගේජ් එක ගත්තා..

" ඉස්සෙල්ලම ගෙදර යන්න ඕන.. එතකල් මොකුත්ම කියන්න බෑ ෂනෙරු.."

මම පිස්සුවෙන් වගේ ඔලුව උඩ පහළ කලා.. මට යන්න ඕන.. අපේ මාමා ගෙදර වෙන්න ඇති.. එයා ඉන්න ඕනනෙ.. මාමා සතිඅන්තෙ වැඩට යන්නෙ නෑ.. ආධ්‍ය අයියට කෑම හදනවා ඇති.. එයා ඉන්නවා මම දන්නවා..

මම හීනෙන් වගේ බොඩිගාඩ් කෙනෙක් ළඟ හිටගෙන ඉඳපු වාහනේට නැග්ගා.. මගේ වටේ තියන දේවල් මට දැනෙන්නෙ නැතුව යනවා වගේ.. කැරකිල්ලක් එක්ක ඔලුවෙ කැක්කුමක් එනවා.. මම එහෙමම සීට් එකට ඔලුව තියාගත්තම සෙනුක මාව අල්ලගෙන උගේ උරට හේත්තු කරගත්තා.. වත්තලට යනකල්ම මම එහෙමම හිටියා.. 

පැය බාගෙකට විතර පස්සෙ මම බැක්පැක් එක අවුස්සලා ගත්ත යතුරත් අතේ ගුලිකරගෙන හිටියේ ක්වාටස් එකට යන තැනම ගේට්ටුව ගාව.. උඩතට්ටුවෙ අපි ඉඳපු ගෙදර දොර වහලා.. මගේ හිතේ බලාපොරොත්තු කඩවෙන එක කොච්චර නරක විදියට දැනෙනවද කියනවනම්.. මට උඩට යාගන්න පණ නැතිවුණා.. මම එහෙමම ගල් ගැහිලා වගේ බලාගෙන ඉද්දි චමිරු මගේ අතින් ඇදගෙන උඩට නැගගෙන ගියා.. මගෙ කකුල් නවතිනවා.. මම දන්නෙ නෑ මට ඇයි මේවා දැනෙන්නෙ කියලා.. මොකුත්ම දෙයක් හරිහැටි නොදැනත් මම උවමනාවටත් වඩා කලබල වෙලා.. 

" ෂනෙරු දොර අරින්න.. ඉක්මනට.."

මම යතුර දාන පැත්තත් වරද්දගෙන දෙතුන්පාරක්ම ට්‍රයි කල්ලා එහෙමම අත මිට මොළවලා දොරට ගැහුව පාර යතුරට අත තදවෙලා කැපිලා ගියා.. චමිරු මාව එහාට කලාම සෙනුක දොර ඇරියා.. 

ඒ එක්කම..

ඒ එක්කම මාව.. එතනම ඇදගෙන වැටුණා.. මගේ පපුව නවතින්න එනවා.. කෝ මගේ මාමා.. එයා එයා..

" ඕ ශිට්..!! සෙනුක ඉක්මනට ඇතුළට ගිහින් දොර වහගමු.."

චමිරු මාව වාරු කරගෙන ගෙට යද්දි මගේ කකුලට පෑගුණේ කෑලි කෑලි වලට කුඩුවෙලා ගිහින් තියන.. 

රධ්‍ය අයියගෙ ෆෝන් එක.. 

මම ඒ දිහා නොබලා සාලෙ බිත්තිවල තැනින් තැන තියන ලේ පැලම් ළඟට ඇවිදගෙන ගියා.. මුළු ගෙදරම පිස්සුවක් වෙලා.. හැමදේම කුඩුපට්ටම් වෙලා.. අල්මාරිවල තිබ්බ ඇඳුම් සාලෙ තැන තැන වැටිලා.. මම ඇස් අදහගන්න බැරුව එහෙමම ගල් ගැහිලා බලාගෙන හිටියා.. මොනවද මේ වෙලා තියෙන්නෙ.. මගේ මාමා.. කොහෙද එයා.. 

" සෙනුක කාමර බලන්න.. මොකුත් තියද.."

" නෑ.. අපි මොකද කරන්නෙ.."

" කියාන් අයියට ගනින්.."

මම චමිරුගෙ අතේ මැණික් කටුව ගාවින් තද කල්ලා අල්ලගත්තම චමිරු බයවෙලා මම දිහා බැලුවා.. ඒත් උගේ අත් පවා වෙවුලනවා මට දැනෙනවා.. මට දැනගන්න ඕන මෙච්චරයි.. මොකක්ද වුණේ කියලා විතරයි.. 

" මොකක්ද වුණේ!! කෝ මාමා රධ්‍ය අයියා.. කෝ මේ ගෙදර මිනිස්සු..!!! දෙයියනෙගෙ නාමෙට මට කියපල්ලා මොන හු#තක්ද මේ වෙන්නෙ කියලා.. උඹලා මට නොකියන්නෙ මොනවද කියපන්.. ආ සෙනුක!!"

" ෂනෙරු.. මේ අහපන්.."

" මට කියපන් මොකක්ද වුණේ කියලා.."

චමිරු මගේ ලේ ගලාගෙන ගිහින් බිමට වැටෙන අත උගේ අතට තදකරගත්තා.. මම එහෙමම බිත්තිය දිගේ රූට්ටගෙන බිම වැටුණා.. මගේ අතෙන් බේරෙන ලේ මුළු මූණ පුරාම මගේ අතින් ගෑවුණා.. ලේ වලින් එන මලකඩ සුවඳ, බිත්ති වල තියන ලේ පැල්ලම්.. බිම පොලොවෙ ගහලා තියන රධ්‍ය අයියගෙ ෆෝන් එක.. මොනවද දෙයියනේ මේ වෙන්නෙ..

" රධ්‍ය අයියලගෙ ගෙදර කවුරුත් නෑ ෂනෙරු.. අප්පච්චි ගෙදර නෑ.. එයාලා ගෙදරින් ගිහින් කියලා අරියා කිව්වෙ.. පෙරේදා උදේම පිටත් වෙලා.. මම දන්නෙත් නෑ මොනවද වෙන්නෙ කියලා.. උඹට මොකුත් අවුලක් තේරුණේ නැද්ද.."

මම සෙනුක දිහා මගේ ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියා.. නෑ නෑ.. එහෙම වෙන්නෙ කොහොමද.. එහෙම වෙන්න බෑනෙ.. එයා මට උදේ කතාකලා.. හොඳට ප්ලේ කරන්න කිව්වා.. එයා ඉන්නවනෙ.. නැති වෙන්න විදියක් නෑ.. එයා මට නොකිය කොහෙවත් යන්නෙ නෑ.. මම සෙනුකව විශ්වාස කරන්නෙ නෑ.. එයා නැත්තෙ නෑ..

" නෑ නෑ.. සෙනුක.. බොරු කියන්න එපා.. අනේ මේක හොඳ විහිළුවක් නෙමෙයි.."

චමිරු මාව බදලා පපුවට හේත්තු කරගත්තම මම උගේ ශර්ට් එකේ කට අතට තදකරගෙන ඉකි නොගහා ඉන්නම ට්‍රයි කළා.. මට තේරෙන්නෙ නෑ මොකක් කරන්නද කියලා.. රධ්‍ය අයියා අන්තිමට කතාකරපු වචන මට ඇහෙනවා වගේ.. එයා මගේ ඉස්සරහා ඉන්නවා වගේම මට දැනෙනවා..

" අයියයි මාමයි දෙන්නම හොස්පිට්ල් එකේ නෑ.. ආධ්‍ය අයියා ඩිස්චාර්ජ් වෙලා.. ඒත් රධ්‍ය අයියගෙ ෆෝන් එක මෙහේ තියෙන්නෙ..?? ආධ්‍ය අයියා ඩිස්චාර්ජ් වෙලා ආවට පස්සෙ.. ඒ කියන්නෙ රධ්‍ය අයියා මෙහේ ඇවිල්ලද.."

" ම-මම මොකුත්ම ද-දන්නෙ නෑහ්හ්.. දෙයියනේ.. මගේ මාමා කොහෙද.."

සෙනුක මං ගාවින්ම දණ ගහගත්තා.. 

" මේ දවස් දෙකට මොකක් හරි වෙලා තියනවා.."

" මාමා.. ගෙනැත් දෙන්න සෙනුක.. එයා මට නොකියා යන්න යන්නෙ නෑ.. මම දන්නවනෙ.. මම දන්නවා බං.."

ඒ එක්කම ගෙදර දොර ඇරගෙන ඇතුළට ආවෙ කියාන් අයියා.. කියාන් අයියා එක්ක ආශි, මහීශා දෙන්නම ඇවිල්ලා හිටියා.. ආශි දුවගෙන ඇවිත් අපි ගාවින් දණගහගත්තා.. කියාන් අයියා බයවෙලා වගේ ගෙදර දිහා බලාගෙන ඉඳලා බිම වැටිලා තියන ෆෝන් එක අතට ගත්තා.. ඒ එක්කම කියාන් අයියගෙ ඇස් දෙක ලොකු වුණා..

" ර-ධ්‍ය.."

මහීශා ගේ ඇතුළට ගිහින් මාමගෙ කාමරේට එබුණා..

" ෂනෙරු.. අහන්න.. මුලින්ම ඔයා සාමන්‍ය වෙන්නකො.. අපි මේක හොයන්න කලින් ඔයා හොඳින් ඉන්න ඕනනෙ.."

ආශි ඒකිගෙ බෑග් එකෙන් ගත්ත ලේන්සුවක් මගේ අතේ බැඳලා මගේ මූණ අත් දෙකින්ම අල්ලගත්තා.. මගේ ඇස් කෙවෙනිවට පිරිලා තිබ්බ කඳුළු පොදියක් ඒකිගෙ අත් දෙක උඩට වැටිලා ගලාගෙන ගියා.. 

" එයාලා.. කොහෙද බං.."

මහීශා ඒ එක්කම කොළ වගයක් අරගෙන කාමරෙන් එළීයට ආවා.. මම බයවෙලා ඒකි දිහා බැලුවා.. අනෙ මගෙ බලාපොරොත්තු කැඩිලා යන්න එපා..!! මහීශා ගිහින් ඒක කියාන් අයියගෙ අතට දුන්නම කියාන් අයියගෙ ඇස් දෙක ලොකු වුණා.. ඒ එක්කම මගේ දිහා බලලා ආයෙම කොළේ දිහා බැලුවා..

" ආශු.. Aplastic anemia* කියන්නෙ..?? ෂදිල් ඉශාක්‍ය.."

" ම්-මොකක්..!!??"

චමිරු කියාන් අයියගෙ අතේ තිබ්බ කොලේ ඇදලා ගත්තා.. කී එකත් ගත්තා..

" ඒප්ලස්ටික් ඇනීමියා?? එහෙම එකක් කාටද තියෙන්නෙ.. ආධ්‍ය අයියට..??"

ආශි අත් දෙකින්ම කට වහගත්තා.. මම නැගිටලා ගිහින් චමිරුගෙ අතේ තිබ්බ කොළේ ඇඳලා ගත්තා.. මට මේ නම හුරුපුරුදුවට ඇහෙන්නෙ.. ඒ කියන්නෙ.. අපේ මාමා මට කිසිදෙයක් නොකිව්වෙ.. 

" ක්-කොහෙද ආධ්‍ය අයියා.."

" ආධ්‍ය අයියට පෙරේදා රෑ අමාරුවුණා.. අයි සී යූ ඉද්දි මම රධ්‍ය වෙනුවට ගිහින් මාමා හම්බුණා.."

මම කියාන් අයියා දිහාම බලාගෙන හිටියා..

" ඊටපස්සෙ..??"

" මට මාමා හම්බුණා.. එයා හිටියෙ කලබලෙන්.. විශේශෙන් දෙයක් කතාකළේ නෑ.. රධ්‍ය පරිස්සමට ඉන්නවද ඇහුවා.."

" එතකොට රධ්‍ය අයියා මොකද ඔයාට කිව්වෙ.."

" රධ්‍ය මේ දවස් දෙකේ හොඳට කතාකළා.. හැබැයි මට තේරුණා අවුලක් තියනවා කියලා.. හදිස්සියෙම පෙරේදා රෙක්සිවයි කියාරයි අපේ ගෙදර ගෙනැත් දැම්මා.. ටික දවසකට බලාගන්න කියලා.."

" අහ්..??"

" ඔව්.. මොකක් වුණත් රධ්‍ය හැමදේම ගැන දැනගෙන ඉඳලා කල් තියා වැඩ කල්ලා වගේ.. මම ඊයෙ ඉස්කෝලෙට ගියාම ඌ කලින්ම අස්වීමෙ ලියුමක් දීලා.. අප්පච්චි ගැන කෑම්ප් එකෙන් දැනගන්න විදියකුත් නෑ.. අපේ කවුරුත් නෑනෙ බං.. අපි කොහොමද අප්පච්චි ගැන විස්තරයක් හොයාගන්නෙ.."

චමිරු ටිකක් වෙලා සාක්කුවට අත් දෙක ඔබාගෙන කල්පනා කරනවා මම දැක්කා.. මගේ ඔලුව එකම පටලැවිලක් වෙලා..

" මම හොයාගන්නම්.. රධ්‍ය අයියගෙ අප්පච්චි ගැන හොයාගන්න විදියක් මම දන්නවා.. අපි බලමු.."

" අනේ චමිරු.. මොකක් හරි කරපන්කො බං.. මට මගේ මාමව හම්බෙන්න ඕන..මම ආච්චිඅම්මට, අපේ ගෙදරට මොනවද දෙයියනේ කියන්නෙ.. මම එද්දි හැමදේම නැතිවෙලා කියන්නද.."

මම චමිරුගෙ අත් දෙක එකතුකල්ලා මගේ අත් දෙකින් තද කරගත්තා.. මගේ අසරණකම කියාගන්න වචන නැති තරම්.. 

" ෂනෙරු.. උඹට මෙහෙ ඉන්න බෑනෙ මෙහෙම.. අපේ ගෙදර අයාන් ඇවිල්ලා බං උඹව එහෙ ගෙනියන්න විදියක් නෑ.. දන්නවනෙ උගේ අමුතු අසහනේ ගැන.. සෙනුක මල්ලි.. ෂනෙරුව තියාගන්න පුළුවන් අවුලක් නෑනෙ.."

" ඒකට අවුලක් නෑ.. ෂනෙරු යමන් අපේ ගෙදර.."

මම අසිහියෙන් එහෙමම ඔලුව වැනුවා..

" අද රෑට අපේ රිසාල්ට්ස් අවුට් වෙනවා.. ෂනෙරු ඔයා ගමේ ගියානම් මොකද.. මම කියන්නෙ මේ වෙලේ සෙනුකලාගෙ ගෙදර යන එක අවුලක් නෑ.. ඒත් අපි පොඩ්ඩක් එයාගෙ තත්වෙන් හිතලා බලමුකො.. ෂනෙරු අපි ගමේ යමු.. අම්මා ගාවට.."

" ම්ම්.."

ආශි නැගිටලා මගේ කාමරේට ගිහින් ඒක අවුස්සනවා ඇහුණා..කියාන් අයියා මූණ අත් දෙකින් වහගෙන එහෙමම සෙටියෙ කොනකින් ඉඳගත්තා.. මේ ගෙදර තව එක විනාඩියක්වත් හිටියොත් මගේ ඔලුවෙ මැවෙන පරණ දේවල් එක්ක මට පිස්සු හැදේවි කියලා මට හිතුණෙ.. මට හදිසියෙම මගේ ආච්චිඅම්මව මතක් වුණා.. ආච්චිඅම්මගෙ ගාවට යන්න ඕන.. ගිහින් හැමදේම කියන්න ඕන කියලා හිතුණා.. මගේ ආච්චි මාව තේරුම් ගනී කියලා මොහොතකට හිතුණා.. මනුස්සයෙක් අසරණ වෙන්නම ඕන ඒ බර හිතට දැනෙන්නෙ.. අපි හොයන්නෙ ඔලුවෙ පිරිලා තියන මහා විසාල දේවල් ගොඩ කාටහරි කියලා ඒක බෙදාගන්න.. නිදහස් වෙන්න.. මට එකපාරම මගෙ ආච්චිඅම්මව මතක් වුණා..

" ෂනෙරු.. මම මගේ ඩ්‍රයිවර් දෙන්නම්.. ඔයා  ගමේ යන්න.. මම කියන්නෙ පස්සෙ නෙමේ.. මේ දැන්ම යන්න ඕන.."

චමිරු මගේ ඔලුව අතගාලා කිව්වම මම ඌ දිහා බලාගෙන ඉඳලා ආයෙම බිම බලාගත්තා.. ආශි ගෝස් එකකට සේලයින් වක්කල්ලා මගේ අත පිහිදාලා ක්‍රීම් එකක් ගාලා ඒක ප්ලාස්ටර් කළා.. 

" ෂනෙරු යනවනම් මමත් යනවා.. අපේ අම්මත් ඉන්නෙ එහෙනෙ.."

" උඹලට මම නිසා කරදරයි බං.."

" අනේ මේ හු#න කතා කියන්න එපා.. අපි යමු.. උඹලගෙ ගෙදර ඇඳුම් තියද.. ශේප් නෙ.. යමං.."

සෙනුකයා නැගිට්ටා.. මාවත් නැගිට්ටුවගත්තා..

" මහීශා පුළුවන් නම් ගෙදර අස් කරන්න ඉඳහන්.. මේ ලේ පැල්ලම් දැක්කොත් මිනී මරලා කියලා හිතයි.. මේවා අස්කල්ලා දාලා අපිත් යමු.. මම මෙහෙ ඉඳන් කරන්න පුළුවන් දේවල් ටික කරන්නම්.. චමිරු මල්ලි.. මුන් දෙන්නව පරිස්සමට එක්කන් පලයන්.."

" අනේ මම ආච්චිඅම්මට කොහොමද දෙයියනේ කියන්නෙ.."

" අපි කොහොම හරි කියමු.. දැන් යමු.. උඹ මෙහෙ ඉඳලා තව අවුල් වෙනවා.."

සෙනුක මාවත් එක්කන් පහළට එද්දි ආශියි මහීශායි කියාන් අයියයි උඩ නතරවුණා.. ආච්චිට මම හැමදේම කිව්වොත් තේරුම් ගනීවිද.. ආච්චිට මට බොරුවක් කියන්න හිත හදාගන්න බෑ..  අපේ අම්මට කිව්වොත් නම් කොහොමත් තේරුම් ගන්නෙ නෑ.. අඩුම තරමේ මාමා මට කිසිම දෙයක් කල් තියා කියලවත් තිබ්බෙ නෑ..

" එතකොට රධ්‍ය අයියා කොහෙද බං.. "

" අපි හරිම විස්තරයක් දන්නෙ නෑ බං.. මේ දවස්ටිකේ මොන මොනාහරි වුණා.. ඒත් හරි විස්තරේ මෙන්න මේකයි කියන්න අපි දන්නෙත් නෑ.."

" ම්ම්.."

" සෙනුක එහෙනම් ඔයාලා යන්න.. මොකුත් උවමනාවක් වුණොත් මට කෝල් එකක් දෙන්න අනිවාරෙන්.. හරිද.."

චමිරු වාහනේ දොර ඇරියහම මම ඇතුළින් ඉඳගත්තා..

" උඹට එන්න බැරිවෙයිද අපිත් එක්ක යන්න.."

" සෙනුක..??"

" උඹලගෙ අම්මට කියහන් යාළුවෙක්ගෙ ගෙදර යනවා කියලා.. අපේ අම්මලත් එහේ ඉන්නෙ.. වරෙන්.."

" මම එන එක හොඳ මදි සෙනුක.. මම අනික ෂනෙරුව ලොකුවට-"

" උඹත් වරෙන්, ගෙදර අවුලක් නැත්නම්.. ඒකට කමක් නෑ.."

චමිරු පුදුම වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියා..

" ඒකනෙ.. යමන් යමන්.." 

සෙනුකයා චමිරුවත් වාහනේ ඇතුළටම තල්ලු කළා.. ඊටපස්සෙ ඌත් නැගලා දොර වහගත්තා.. චමිරු හිටියේ කරකලා අතෑරියා වගේ..

" ගෙරද ගාවින් නවත්තහන් මම අපේ පියාණන්ට කරුණු පැහැදිලි කල්ලා අවසර අරගෙන ඇඳුම් ටිකකුත් උස්සන් එන්නම්.. හරිද.."

" ම්ම්.."

මම සීට් එකට ඔලුව තියාගෙන හිටියා.. චමිරු මගේ කකුකට තටුවක් දැම්මා හැමදේම හොඳින් වෙයි කියන්න වගේ.. ඒත් මටනම් කිසිම දෙයක් හොඳට වෙනවා කියාඅ පෙනුණෙ නෑ.. කලින් වතාවෙ මට කියලා ගිය එක මට එච්චර රිදුණනම්..,

මේ වතාවෙ නොකියම ගියාම මට කොච්චර රිදෙයිද කියලා එයාට පොඩ්ඩක්වත් අදහසක් තිබ්බෙ නැද්ද කියලා මගෙ හිත කියනවා.. ආයෙමත් මම ජීවිතේ තනිවෙයිද කියලා මට බය හිතුණා.. මට හුඟක් බය හිතෙනවා අයියෙ.. මොන ලෝකෙද මටත් කියන්නෙ නැතුව ගියේ..
















*What is aplastic anemia?

What it is

Despite its name, aplastic anemia, or bone marrow failure, is more than anemia. Aplastic anemia is a rare but serious blood condition that occurs when your bone marrow cannot make enough new blood cells for your body to work normally. It can develop quickly or slowly, and it can be mild or serious. At this time, there is no way to prevent aplastic anemia.


රන්වන්පාටයි සමනලයා.. දළඹුවොන්ගෙ පණ අරන් ගියා..
ආයෙත් ඒවිද ඒ සමනලයා.. අපහට දුක් දෙන්නා..~

විශ්වාස කරන්න මේ මින්සිකාව..  හැමදේම හොඳින් වෙනවා.. ආච්චිඅම්මා හැමදේම තේරුම් ගනීවිද..??

එන්නාම්.. ලව් යූ.. 🌚❤

ප.ලි.

- මෙහි එන සියලු පුද්ගලයන් සහ ස්ථාන හුදෙක් කතුවරයාගෙ සිතුවිලි පදනම් කොටගෙන ලියැවූවකි..

- කථාංගයේ යම් යම් කොටස් උපුටා සමාජ මාධ්‍ය තුළ කතුවරයාගේ අවසරයකින් තොරව පළ කිරීමෙන් වළකින්න.. (ටික්ටොක් වීඩියෝස්/ස්ක්‍රීන්ශොට්ස්)

- කථාංගය පදනම් කොටගෙන විවිධ ආකාරයේ වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්න අවසර නෑ.. එවැනි අනවසර ක්‍රියාවල වගකීම කතුවරයා භාරගන්නෙත් නෑ.. 

Continue Reading

You'll Also Like

6.4K 1.2K 98
"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලි...
1.5M 61.5K 72
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
1.2K 322 7
එකම අම්මාගෙ බඩවැල කඩාගෙන.. එකම මොහොතෙ ඉපදුණ දෙන්නාගෙන් එක්කෙනෙක්.. අනිත් කෙනාට ද්‍රෝහි වෙන්නෙ කොහොමද...?? ~මේ මහා මේඝ වර්ෂාවට අපි නොතෙමී ඉන්න තිබුණා...
1.6K 536 6
In the middle of the road, in the moment you want to give up, Shout out louder... So What!