SEPALIKA | COMPLETED

By cHerRy_MinShi_

3.1M 333K 81.9K

රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලා... More

සේපාලිකා - හැදින්වීම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
66 කොටස
67 කොටස
68 කොටස
69 කොටස
70 කොටස
71 කොටස
72 කොටස
73 කොටස
74 කොටස
75 කොටස
76 කොටස
77 කොටස
78 කොටස
79 කොටස
80 කොටස
81 කොටස
82 කොටස
83 කොටස
84 කොටස
85 කොටස
86 කොටස
87 කොටස
88 කොටස
89 කොටස
90 කොටස
91 කොටස
92 කොටස
93 කොටස
94 කොටස
95 කොටස
96 කොටස
97 කොටස
98 කොටස
99 කොටස
100 කොටස
101 කොටස
102 කොටස
103 කොටස
104 කොටස
105 කොටස
106 කොටස
107 කොටස
108 කොටස
109 කොටස
110 කොටස
111 කොටස
112 කොටස
113 කොටස
114 කොටස
115 කොටස
116 කොටස
117 කොටස
118 කොටස
119 කොටස
120 කොටස
121 කොටස
122 කොටස
123 කොටස
124 කොටස
125 කොටස
126 කොටස
127 කොටස
128 කොටස
129 කොටස
131 කොටස
132කොටස
133 කොටස
134 කොටස
135 කොටස
136 කොටස
137 කොටස
138 කොටස
139 කොටස
140 කොටස
141 කොටස
142 කොටස
143 කොටස
144 කොටස
145 කොටස
146 කොටස
147 කොටස
148 කොටස
149 කොටස
150 කොටස
151 කොටස
152 කොටස
153 කොටස
154 කොටස
155 කොටස
156 කොටස
157 කොටස
158 කොටස
159 කොටස
160 කොටස
161 කොටස
162 කොටස
163 කොටස
164 කොටස
165 කොටස
166 කොටස
167 කොටස
168 කොටස
169 කොටස
170 කොටස
171 කොටස
172 කොටස
173 කොටස
174 කොටස
175 කොටස
176 කොටස
177 කොටස(අවසාන කොටස)
මගෙන් සටහනක්...
ANNOUNCEMENT!

130 කොටස

14.4K 1.6K 432
By cHerRy_MinShi_

" අයි ලව් යූ ජැක්.."

" ඩෝන්ට් යූ ඩූ දැට්.. ඩෝන්ට් සේ යොර් ගුඩ්බායිස්.."

" ලිස්න් රෝස්.. යොර් ගොන ගෙට් අවුට් ඔෆ් හියර්.. ‍යොර් ගොන ගෝ ඕන් ඇන්ඩ් මේක් ලොට් ඔෆ් බේබීස් ඇන්ඩ් යොර් ගොන වොච් දෙම් ග්‍රෝ..!! ..අනේ මේ නටපන්.. මට බෑ මේක කරන්න.."

රධ්‍ය අයියා එකසැරේ බිමින් නැගිටලා ඇඳ උඩට ආවා.. මම බඩත් අල්ලගෙන හිනාවෙලා හිනාවෙලා ඇඳෙන් බිමට වැටුණා.. හෙනාතල් රධ්‍ය අයියා රඟපානවා.. හිච්චි ලියෝ.. 

අද හවස ප්‍රැක්ටිස් ඉවරවෙලා මායි රධ්‍ය අයියයි මූවි එක්ක බලන්න ගත්තා.. ඒ වුණාට ඒක කම්මැලී.. නින්ද යන්න වගේ ආපු නිසා අපි දෙන්නම රඟපාලා අපිම ෆිල්ම් පෙන්නගත්තා.. මම හිටියේ ලෑල්ල උඩ ඉඳන් ජැක්ගෙ අත්දෙක අල්ලගෙන ඉන්න රෝස්ගෙ කැරැක්ටරේට පණ පොවන ගමන්.. ලෑල්ල තමා ඇඳ.. බිම තමයි මූද.. රධ්‍ය අයියා හිටියෙ බිම.. මගෙ මූදු මංකොල්ලකාරයා..

" අපි එහෙනම් අර කාර් එකේ සීන් එක කරමු ඒයි.."

" මට බෑ..!!"

මම බිමින් නැගිටලා ඇඳ උඩට ආවා.. ඇවිත් රධ්‍ය අයියා ඉස්සරහින් ඉඳගත්තා..

" ඔයා අහලා තියද සාර සදිසි පෙති පේර නෙළන කළ.. වළගියදෝ මගෙ මේවරයා~ කියලා එකක්.."

" ඒ මොකක්ද.."

" මම දන්නෙත් නෑ ඒයි.. ඉස්කෝලෙ මල්ලිලා වගයක් නට නට ඉද්දි අපි ස්කූල් රවුන්ඩ් යන ගමන් ඇහුව මල්ලි මොකක්ද නටන්නෙ කියලා.. ඌ කිව්වා අයියෙ මේවර කවි කියනවා කියලා.."

" අපිත් ස්කූල් රවුන්ඩ්ස් යන දවසක දැක්කා හරිද.. මෙන්න මෙච්චර විතර කොට තාරාවෙක් තාලම්පොටක් ගගහා වන්නමක් කියනවා.."

" අල්ලලා සාක්කුවෙ දාගන්න හිතුණා නේද.."

" උඹ ඒක කියන්නෙ ගස් උඩ නැගගෙනනෙ.. කොහෙ සාක්කුවෙ දාගන්නද.."

මම කොට්ටයක් අරන් ඒකෙන් රධ්‍ය අයියට ගැහුවා.. අපි අටේදි හිටිය පන්තිය ඇවිල්ලා.. ඒක වෙනම එකක්.. මාරම සාමකාමි ක්ලාස් එකක් විදියට තමා සෙක්ශන් එකේ ප්‍රසිද්ධ වෙලා තිබ්බෙ.. එක හේතුවක් සෙක්ශන් ෆස්ට් තර්ඩ් දෙන්නම හිටියෙ අපේ ක්ලාස් එකේ.. එහෙම දෙයක් ඇවිල්ලා අපේ ඉස්කෝලෙ වෙන්නෙ හෙන කලාතුරකින්.. අනික පන්තියෙ පනස් දෙනාගෙන් හතළීස් හයක්ම ප්‍රශංසනීය වාර්තා තියන උන්.. අපේ රිපෝට් එකේ ඔක්කොම සබ්ජෙක්ට්ස් වල ළකුණු එකතු කල්ලා ඇවරේජ් එකක් විදියට බැලුවහම සීයට හැත්ත පහට වැඩිනම් ප්‍රශංසනීයයි කියලා සීල් එකක් තියනවා.. අපි ඉතින් විභාගෙ කාලෙට පොතක් අරන් පිටිපස්සෙ ළකුණු ලිය ලිය විනාඩි පහෙන් පහට එකතුකරනවා.. මටත් වඩා සෙනුකයා තමා.. ඌට හොඳ අමාරුවක් තියෙන්නෙ අනිත් උන්ගෙ ළකුණු හොය හොය යන්න.. ඌ ඉතින් එකපාරක් සෙක්ශන් ෆස්ට් උනානෙ අටේදි..

ඉතින් අට වසරෙ ක්ලාස් එකේදි අපේ පන්තිය තිබ්බෙ ඊස්තටික් සබ්ජෙක්ට්ස් කලවම් පන්තියක් විදියට.. සෙක්ශන් එකටම එහෙම තියෙන්නෙ එකයි.. ඉඩ මදිවුණාම දාන්න.. අපේ ක්ලාස් එකේ හිටියා උඩරට නැටුම් කරන උන් ටිකකුයි, වෙස්ටර්න් මියුසික් කරන උන් බහුතරයයි, ඊස්ටර්න් මියුසික් කරන උනුයි, ආට් කරන උන් ටිකකුයි.. ආයෙ ඉතින් ඊස්තටික් පීරියඩ් දෙක කියන්නෙ.. ආතල් ලෝකයක් තමා.. එදාට කට්ටියක් වයලින් උස්සන් එනවා.. අපි රෙකෝඩර් අරගෙන එනවා.. සෙනුකයා ගිටාර් එකකුත් උස්සන් එනවා ඌට හවස ක්ලාස් තියන දවස් වලට.. අපි ඊස්තටික් ෆ්‍රී දවසක් සෙට් වුණාම පන්තියෙ බෙර ගගහා නටලා සිංදුකියලා සෙක්ශන් එක දෙක කරනවා.. අපේ පන්තියෙ මැඩම් හරීම හොඳයි.. හොඳයි කියන්නෙ.. අපිට කතාකරන්නෙ රත්තරං පුතාලා කියලා.. අම්මා කෙනෙක් වගේ.. මම අදටත් මගේ මුළු ජීවිතේම වැඩිපුරම ආදරේ මැඩම්.. චිත්‍රා මැඩම්.. අපිට ඉගැන්නුවෙ හෝම්සයන්ස්.. 

ඕකෙ නටලා තමා දවසක් ඔෆිස් එක ඉස්සරහා දණ ගහන් ඉන්න වුණේ.. ඊටපස්සෙ මැඩම් ඇවිල්ලා මාව බේරගෙන එක්කගෙන ගියා.. රධ්‍ය අයියට මල්සරා විද්දා..

අටවසර කියන්නෙ අදටත් මගේ ජීවිතේ මම ගත කරපු හොඳම ඉස්කෝලෙ කාලෙ.. 

ඔය දැන් රධ්‍ය අයියා කියන්නෙ අපි නැටුම් කරන උන්ට තාලෙ අල්ලලා දෙනවා නටන්න.. වෛරොඩි වන්නම කියලා එකක් තිබ්බෙ අටේ සෙට් එකට.. උන් ප්‍රැක්ටිකල් වලට ගහක් යට අල්ලන් නටනකොට මමයි යාළුවොයි බැම්මට වෙලා උන්ට කවි කියනවා.. මැදුම් තනි තිත- ජිං ගත ගො ගො.. අගය වඩන කවි වරුණා.. රඟය දැනෙයි කළ රචනා.. මට උරණා නොව මෙදිනා.. මහතුගෙ අවසර රැගෙන සමාවා..

දැක්කනෙ මට තාම මතකයි..

" ඒ කාලෙ මතක් වෙනවා.. අපි පොඩි කාලෙ.. හෙන ලස්සනයි නේද.."

" ම්ම්.."

" ඔයාට මතකද ඉස්සර ලයිබ්‍රි පීරියඩ් එකේ අපි පොත් හංගලා එනවා.. දෙකයිනෙ ගන්න පුළුවන්.. අනිත් ලස්සන ඒවා කාටවත් හොයාගන්න බැරිවෙන්න හංගනවා.."

" මම මේ කල්පනා කරන්නෙ.. අපි නවයෙදි- මොකක්ද වුණේ කියලා.."

" ඒ මොකෝ.."

" මොකුත් නෑ.. මම පොඩි වැඩක් කියන්නම්.. හැබැයි උඹ මේක උඩදාගෙන ගිහින් සෙනුක මල්ලිගෙන් ඇහුවොත් නම් ආයෙ උඹට මොකුත් කියන්නෑ.."

මම හිමින් සැරේ රධ්‍ය අයියගෙ මූණට කිට්ටු වුණා.. රධ්‍ය අයියා පිටිපස්සට ගියා..

" මම අහන්නෙ නෑ.. පිස්සුද.. ඔයා මේ වරද්ව විශ්වාස කරන්න සුදුඅම්මියො.."

" සෙනුක මල්ලි ස්කවුච් කරන කාලෙ අයුකට ක්‍රශ් එකක් තිබ්බා.."

රධ්‍ය අයියගෙ නොහිතපු නැති වචන වලට මගේ හුස්ම හිරවෙලා නවතින්න ආවා.. 

" ටහික්කෙන්න..!! කවුරු..?? මගෙ සෙනුකයද.. මේ මගෙ යාළුවා.. සෙනුක වත්සල්ද.."

" ම්ම්.."

" අඩේ මම දන්නෑනෙ.. තව්සෙ කොහොමද ඕක දන්නෙ.."

" ඒ කාලෙ යම්කිසි සිද්ධි වගයක් වුණා.. මම දන්නෑ.."

" මට කියන්නෙ නෑ නෙහ්.. මම හොයාගන්නම්කො ඕකෙ අග මුල.. මෙච්චර බොක්කෙන් ඉඳලත් මේ පගයා මට කිව්වෙ නෑනෙ.. මම තමා ඌට හැම එකම කිව්වෙ.. අපරාදෙ තව්සෙට කැමති හිතුනහම නොකිය ඉන්න තිබ්බෙ.."

" ඒකත් ඌ දන්නවා බං.."

රධ්‍ය අයියා මගේ පිටට දබෝස් ගාලා පාරන් ගහලා හයියෙන් හිනාවුණා.. යකෝ!! සනෙරු.. උඹ රැවටිච්ච තරමක්..

" මුගෙ ආච්චිට.. සෙනුකයා.. බේසික පගා මට මොකුත් කිව්වෙ නෑ..!!!!"

" මගෙ තාරපැටියා රැවටිලා.."

" සැක් බං.. මගේ ජීවිතේම මුළාවක්ද කොහෙද.. ඒ වුණාට ඕකා අයුක අයියා එක්ක යාළුවුනාමත් මට කිව්වෙ නෑනෙ.."

" අනේ මේ උඹලගෙ යාළුප්‍රශ්න පස්සෙ විසඳගනින්.. දැන් හෙට මැච් එක නේද.. මොනවද මේ උඹයි මායි කරන්නෙ.."

"අපි ප්‍රේමයෙන් මුසපත් වෙලා ඉන්නෙ.. ශුඩුඅම්මියට කුක්කු ඕනත.."

මම ඇස්පිල්ලම් දෙකතුනක් ගහලා රධ්‍ය අයියා කිට්ටුවට ආවහම රධ්‍ය අයියා හෙන මනමාල මූණක් හදාගෙන මගේ දිහා බැලුවා.. 

" ඇත්තටද අහන්නෙ.."

" ඒ ඒ විහිලුවක්-ආව් අම්මාහ්.. මගෙ කොන්ද මනුස්සයො.. ශර්ට් එක.. අයියෙ.!!!!!!!!!!!!!"

රධ්‍ය අයියා, මගේ කියලා මම හිතාගෙන ඉන්නෙ එයැයිගෙ ශර්ට් එක අස්සෙට රිංගලා ශර්ට් කරෙන් අතක් උඩට කල්ලා මගේ කට තද කල්ලා අල්ලගත්තා.. වරදයා උඹ හැමදාම ඉල්ලගෙන කනවා.. 

මම කට වහගෙන ගිරේට අහුවෙච්ච මොකක්ද එක වගේ රධ්‍ය අයියගෙ බූවළු අඬු ටිකට මැදි වෙලා එහෙමම ඉද්දි නින්ද ගියා.. අද ප්‍රැක්ටිස් කල්ලා කල්ලා ඒ මහන්සියටත් එක්ක මම ආයෙ රෑ මැදදි ඇහැරුණේ නැතිම තරම්..

මේ පොළොස් කොටෝරුවා ඇඳේ නටන නැටිල්ලට කවද හරි අපි දෙන්නගෙන් එකෙක් මැරෙනවා.. එක්කො ඇඳ පොලු ටික ගලෝගෙන වැටෙනවා.. සමහරවෙලාවට රධ්‍ය අයියා මගේ ඇඟ උඩිනුත් පෙරළිලා එහාපැත්තට යනවා.. ඒකා ඉන්න හැම පොසිශන් එකටම මාව ඇදලා අරගෙන බදාගන්නවා.. ඒකත් මේ සාමාන්‍ය මනුස්සයෙක් බදාගන්නවා වගේ නෙමේ.. අර තඩි අත් අස්සට මාව චප්ප වෙලා යනවා.. මමත් නිදිමරගාතෙ ඉන්න නිසා හොඳයි.. අම්මපා මගේ ඇටකට්ටක්වත් කැඩුනොත් මේකගෙ ඇටකටු සේරම මම තලනවා.. 

මම හිටියේ හෙන හිම ගොඩක ස්කූල් යුනිෆෝම් එකක් ඇඳගෙන.. බලන හතරවටේම හිම විතරයි.. මගේ කොණ්ඩෙත් හිම.. මගේ ඉස්සරහා හිටියෙ තඩි හිම වලහෙක්.. ඌ මාව කන්න මගේ පැත්තට ඇවිදගෙන එද්දි මම හිම ගොඩේ එරි එරි දිව්වා.. දුවලා දුවලා පස්සෙ තඩි හාවෙක් වැඑ හිම ගොඩේම ගුලක් හාරගෙන ඒක අස්සට රිංගගෙන යද්දි මාව පාතාලෙකට ඇදගෙන වැටුණා.. ඒක දිගටම තිබ්බෙ මනුස්සයොන්ගෙ ඇටසැකිලි.. මම හෙන පතුලටම ඇදගෙන වැටෙනවා.. අම්මටසිරි වෙන්න කළුවර වේගෙන එද්දි මට ඒ ගුහාව අස්සෙන් කටහඬක් දෝංකාර දෙනවා වගේ ඇහෙන්න ගත්තා.. 

" වරද්..!! පහමාරයි.. වේක් අප්.. වේක් අප්..!!!"

වරද්..?? රධ්‍ය අයියා කොහෙන්ද ගුහාවක් අස්සට ආවෙ.. මම මුගෙ ආහාර ජීර්න පද්ධතියේ ක්ශුද්‍ර ජීවියෙක් වෙලා ඉපදිලාවත්ද.. 

" වරද්!!!!"

එකසැරේට ගුහාවට භූමි කම්පාවක් ඇවිල්ලා මාව කැරකෙන්න ගත්තා.. ඊටපස්සෙ මගේ පස්ස දෙදරන්න  හොඳ පාරක් වැදුණහම මාව සුදුපාට බ්ලැන්කට් එකක් අස්සෙන් ලාවට ඇහැරුණා.. 

" නැගිටින්න වරද්.. රෙඩි වෙන්නෙ නැද්ද.."

මම අකුණක් ගැහුවා වගේ නැගිට්ටා.. හත්දෙයියනේ අද මැච් එක නේද පුතේ.. මම ඔලුවෙ ඉඳන් තිබ්බ බ්ලැන්ක්ට් එක අගමුල හොයාගන්න බැරුව ඒක හැමතැනම පටලගෙන බැරිමතැන ඒක අල්ලලා ගුලි කල්ලා විසික් කල්ලා රධ්‍ය අයියා කොහෙද කියලා බැලුවා..

" ගුඩ් මෝනින්.."

රධ්‍ය අයියා.. හෙන ලස්සන හිනාවක් දාලා මගේ අතින් දම්පාට ග්ලැඩියෝලි මල් පොකුරක් තිබ්බහම මම මොකුත් හිතාගන්න බැරුව ඒක දෝත බදලා අල්ලගෙන පපුවට තදකරගත්තා.. මල් පොකුරෙන් එන ස්වීට් ෆ්‍රෙශ් සුවඳ මට මූණ ගාවින්ම දැනුනා.. මම මල් ටික දිහා බලලා ඇස් දෙක ලොකු කරගෙන රධ්‍ය අයියා දිහා බැලුවහම එයා නැමිලා මගේ නළලින් හාද්දක් තිබ්බා.. උදේ පාන්දරම මට දැන් පිස්සු වගේ..

" ගිහින් වොශ් එකක් දාගන්න.. හය වෙද්දි යන්න ඕනනෙ.."

" ආ.. ඔව්.."

මම විකාරෙන් වගේ ඔලුව වනලා ඇඳෙන් නැගිටලා මල් එක කවුච් ස්ටූල් එක උඩින් තිබ්බා.. මගේ ඇස් වලට කඳුළු උනනවා මට තේරුණා.. අඬන්න දෙයක් නෙමේ වෙන්නැති.. ඒ වුණාට මගේ ඇහිපිහාටු තෙමාගෙන ඇස් වලින් පල්ලම් බැහැපු කඳුළු බිංදුවක් 'ටොක්' ගාලා ග්ලැඩි‍යෝලි කිණිත්තක මල් පෙත්තක් උඩට වැටුණා.. මම ඇස් දෙක පිහාගෙන රධ්‍ය අයියා ගාවට ගිහින් ඉස්සිලා එයාගෙ උරහිව වටේ අත් දෙක ඔතාගෙන බෙල්ල අස්සෙන් මූණ තියාගත්තා.. අනිත් හැමදවසකටම වඩා මට සතුටු හිතුණා.. මගේ නම ගහලා පොඩි විශ් ටැග් එකක් එක්ක හම්බෙන මල් පොකුරක්.. ඒකත් රධ්‍ය අයියගෙන්.. මම එහෙම දේවල්වලට සීමාවක් නැතුව ආදරෙයි..

රධ්‍ය අයියා මගේ ඉණ වටේ අත් යවලා මාව තුරුළු කරගත්තා..

" ඇයි කියනවකො මෙහෙම.. කරන්නෙ.."

" කොහොම..??"

මම තව ටිකක් රධ්‍ය අයියව තද කල්ලා බදාගත්තා.. 

" මොකුත් නෑ.."

මම රධ්‍ය අයියගෙ බෙල්ල ගාවින් හිමිහිට නොදැනෙන්න හාද්දක් තියලා රැක් එකේ තියන ටවල් එකත් අරගෙන බාත් රූම් එකට වැදුණා.. රධ්‍ය අයියා හිනාවෙවී මම යන දිහා බලාගෙන හිටියා..

*ක්ලික්*

මම දොර අගුල තද කල්ලා දොර ගාවම බිම වාඩිවුණා.. මගේ කම්මුල් ගිනිගන්නවා වගේ.. ඉස්සරහා තියන කණ්ණාඩියෙන් මාව රතුපාටට පේනවා.. සමහරවිට ආදරේ කල්ලා මට ඒක පිස්සුවක් වෙයිද මන්දා.. උදේ පාන්දරම මට හරිම සතුටක් දැනුණේ.. හැමතිස්සෙම වගේ නෙමේ.. ඉඳලා හිටලා වෙන සමහර සිද්ධි තියනවා.. ඒවා තදින්ම හිතට කාවදිනවා.. කාවදිනවා කියන්නෙ.. ජීවිතේට අමතක නොවෙන තැන්වල රැඳෙනවා.. මට පළවෙනියටම රධ්‍ය අයියා හාද්දක් දීපු දවසෙ රෑ මතක්වුණා..

ඇත්තට මගේ ජීවිතේ ලස්සන මතක කොච්චර එකතු වෙනවද..

මම නැගිටලා සින්ක් එක ගාවට ගිහින් මූණට වතුර දාගත්තා.. දවසක් රධ්‍ය අයියගෙ ඩයරි එකේ ලියලා තිබුණා..

' 🌼 හැමතිස්සෙම අවුලන්න බලාගෙන ඉන්න දුඹුරුපාට ඇස් මං ගාවදි සැනසීමෙන් ඉන්නවනම්.. ඇවිලෙන්නැතුව පරිස්සම් කරනවා..'

මේ මනුස්සයා මට තේරුම් ගන්න බෑ.. එහෙම කරන්න ගන්න වෙලාව අපරාදෙ.. පිටින් පේන, මම ආදරේ කරන චරිතෙ මට තේරුම් ගියාට එයාගෙ ඇතුළින් ඉන්න අමුතු ගුප්ත අඳුරුපාට චරිතෙ මට තේරුම් ගන්න බෑ.. එහෙම ඕනත් නැහැ.. මට තේරුම් යන ටික ඇති.. මම හිතන්නෙ එයත් කැමති නෑ ඒ ගැන කවුරුත් හොයනවනම්.. 

එයාට එයා වෙන්නත් ඉඩක් තියන්න ඕන..

මම ඉන්ඩෝ ස්ටේඩියම් එකට යද්දි කෝච් ඇවිත් හිටියෙ නෑ.. ඒකනිසා මමයි තව යාළුවො දෙතුන් දෙනෙකුයි චේන්ජින් රූම් එකට වෙලා කියව කියව හිටියා.. මම කිව්වෙ අශාන්.. ඌ හොඳ එකා.. බොක්කෙන්ම කතාකල්ලා හිනාවෙලා ඉන්නවා.. සමහර උන් නම් හිටියා මගේ වයසෙම මට වැඩිය අල්ලන්නැති.. දැක්කත් ඇඟේ වැදීගෙන යනවා.. රවනවා. හින්ට් පාස් කරනවා.. අනික මම ලොකු කාලයක් ට්‍රේන් වෙලා නැති නිසා මට කින්ඩියට හිනාවෙනවා.. 

මටනම් එහෙම අවුලක් නෑ ඉතින්..

ගියපාර මැච් එකේදිත් මට ඔහොමම වුණා.. ඒකෙදිනම් යාළුවෙක් හම්බුණෙත් නෑ.. කෝච් තමා ළගින් හිටියෙ.. කොහොමත් ස්පෝර්ට්ස් කරනවනම් අනිත් පැත්තෙන් හුඟක්ම කනෙක්ශන්ස් බලපානවා.. හුඟක් වෙලාවට සල්ලි තමා.. ඒකයි කෝච් හැම මැච් එකම ප්ලේ කරන්නෙ නැතුව හිතලා බලලා හොඳ මැච් එකක් විතරක් භාරගන්නෙ.. මේ මැච් එකටත් ස්පොන්සර් කරන නිසා මම ප්ලේ කරන ක්ලබ් එකට මම වින් කළොත් ගාණක් හම්බෙනවා.. මට කොහොමත් සැලරි එක වැටෙනවනෙ.. ඒ අමතරව තව ගාණක් වැටෙනවා.. 

මෙහෙ විසිටින් ඇවිත් හිටිය ජර්මන් ටීම් එකත් අපිව අඳුනගත්තා.. අශානයා කියනවා ජර්මන් කෙල්ලොත් ලස්සනලු.. අනේ මන්දා ඌටනම් සිකුරු උච්ඡ වෙලාද කොහෙද.. ආපු වෙලේ ඉඳලා කෙල්ලෙක් ගැනම කියවනවා.. මූට බූට් එක තියපු නංගි කව්ද දන්නෙ නෑ.. පුළුවුඅන් වුණොත් මම හොයාගෙන ගිහින් කණට දෙකක් ගහලා එනවා.. මොකද උගෙ ඇඬියාව අහන් ඉන්න වුණේ මට.. අපේ මහීශා වගේ.. නෑ නෑ නෑ නෑ.. නැති බණේම තමා.. 

" සරනේරු!! හරියට මම කිව්ව ඒවා මතක තියාගන්න.. තේරුණානෙ.."

මගේ ෆස්ට් රවුන්ඩ් එකේදි කෝච් ඇවිත් මගෙ පිටට දෙකක් ගහලා කියද්දි මම දැක්කා ෆොන්ට් රෝ එකේ රධ්‍ය අයියා තව අයියා කෙනෙක් එක්ක කතාකර කර ඉන්නවා.. ස්ටේඩියම් එක පිරෙන්නම කට්ටිය හිටියා.. ඇනුවලි තියන මැච් එකක් නිසා බැඩ්මින්ටන් රිලේටඩ් අයට මේ මැච් ඉම්පෝටඩ් මැචෙකක්.. මමමගේ පුළුවන් උඅරිමෙන් ප්ලේ කළා.. කොහොමත් බැඩ්මින්ටන් කියන්නෙ මගේ ඇඟේ තියන අමුතු විසයක්.. එහෙම තමා ඉස්කෝලෙ කෝචා කියන්නෙ.. රැකට් එක අතට ගත්තම මට ඒක ඇඟට දැනෙනවා.. එහාපැත්තෙ වික්ටර් ඇක්සෙල්සන් හිටියත් කමක් නෑ වගේ ගැම්මක් එන්නෙ හිතට.. ඕනම දෙයක් ආසාවෙන් කරද්දි ඒකට ඇබ්බැහිවෙනවා කියන්නෙ.. ඉතින් මටත් බැඩ්මින්ටන් කියන්නෙ එහෙම ගේම් එකක්.. රැකට් එක ගත්තොත් වනාගෙන වනාගෙන යනවා..

" The Shaneru Udyoga player has been named as the most talented player of this year by winning the overall victory in the Golden Racquets annual badminton tournament.. 

We respectfully invite him on the stage to receive his medal.. It is surprising that he won the victory among the players who have participated in the Golden Rackets tournament so far.. There is no doubt that Shaneru will challenge us again in the future.."

අන්තිමේ ඉතින්.. කොහොම හරි මම රැකට් එක වැනුවා.. 

මෙඩ්ල් එක ගන්න ස්ටේජ් එකට හති දාගෙන නගිද්දි මම දැක්කා චේන්ජින් රූම් එකේදි මට කෝචොක් කරපු උන්ගෙ කටවල් ඇදවෙලා යනවා.. මම ස්ටේජ් එකට නගින්න කලින් පහළ ඉඳපු අශාන් මට ෆිස්ට් බම්ප් එකක් දීලා පොඩි හග් එකක් දුන්නා.. මගේ කම්මුල් වලට දාඩිය දාලා ඒවා ඇහිපිහාටුවලත් ගෑවිලා දිලිසෙනවා.. ටූනමන්ට් එකේ චීෆ් ගෙස්ට් මට මෙඩ්ල් එක දාලා හෑන්ඩ්ශේක් කළාට පස්සෙ ලස්සන අක්කෙක් ඇවිත් මට මයික් එකක් දීලා ගියා.. මම මයික් එක අතට අරගෙන ඉස්සෙල්ලම පොඩ්ඩක් හිනාවුණා.. හිනාවෙන්නෙපෑ මම සතුටින්නෙ ඉන්නෙ..

" How do you feel about your victory..?"

මම මයික් එක ඕන් කල්ලා තට්ටුවක් දැම්මා..

" Um.. To be honest, the most important thing for me was to participate in this competition today..

And I'm very happy with the victory I got today.. It was really unexpected.. but I believe I faced well for the competition..

First of all, I would like to thank my coach, Coach Edirimana.. Thank you sir..  Also, I would like to thank from the bottom of my heart the person who encouraged me to take the first steps in badminton life..

Thank you.."

මම ටිකක් ඔලුව පහත් කල්ලා ස්ටේජ් එකෙන් බැහැලා කෝච්ට හග් එකක් දුන්නා.. කෝචා එකපාරක් වැරැද්දුවටද කොහෙද මගේ පිටට බෝස් බෝස් ගාලා පාරවල් දෙකක් දීලා මාව එහාට කල්ලා මූනිච්ඡාවට හිනාවුණා.. ඉඳපන් තාන්වි අක්කට කියන්න.. වේළුසුමනයා.. මම මෙඩ්ල් එක ගලවගෙන චේන්ජින් රූම් එකට ගිහින් චේන්ජ් කරගත්තා.. හුඟක් අය මට විශ් කලා.. මම ෆීල්ඩ් එකට අලුත් නිසා අඳුරගත්තා.. මම හැමෝ එක්කම සාමාන්‍ය විදියට කතාකල්ලා එළීයට එද්දි රධ්‍ය අයියා කෝච් එක්ක පැත්තක කතාකරනවා.. ප්ලෙයර්ස්ලගෙ පේරන්ට්ස්ලා එහෙම ඇවිත් එතන සෙනඟ හුගක් හිටියා.. මම දුවගෙන ගිහින් රධ්‍ය අයියට හග් එකක් දුන්නහම කෝච් ලාවට හිනාවෙලා එහාට වුණා.. මම මෙඩ්ල් එක අරගෙන රධ්‍ය අයියගෙ අතේ තිබ්බා..

" මට හුඟක් සතුටුයි වරද්.."

රධ්‍ය අයියා මෙඩ්ල් එක අතේ ගුලි කරගෙන කියද්දි එයාගෙ වචන තුන හතරෙ තිබ්බ අව්‍යාජ ගතිය.. ඒ හැගීම මට ඕනවටත් වඩා දැණුනා.. ඒක මම මීටකලින් දැකලා තියනවා.. ස්පෝර්ට්ස් මීට් එකේදි අපේ හවුස් එක වින් කලාම එයා මට විශ් කලේ.. ඒ වගේ.. මට දැන් මෙතනම රධ්‍ය අයියට හෙන ලොකු හාද්දක් දෙන්න හිතෙනවා..

" මගෙ වරද් කියන්න.."

රධ්‍ය අයියගෙ මූණ ලාවට රෝසපාට වුනත් එයා මගේ කන ගාවට හිමිහිට පහත් වුණා..

 " මගෙ වරද්..!!"

මම රධ්‍ය අයියගෙ පපුවට පාරක් ගහලා මෙහාට වුණා..

*cough* *cough*

ඒ එක්කම මම පිටිපස්ස හැරුණහම කෝචා හෙන මනමාල හිනාවකුත් දාගෙන අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා.. මමත් කෝච්ට රිප්ලයි පැණි හිනාවක් දැම්මහම කෝච් රවාගත්තා.. අපේ වේළු අංකලේ නැත්නම් ඉතින් මේකට එන්න වෙන්නෙ නෑනෙ.. තව තව දරුඵල ලබෙන්නෝනි වේළුසුමනයාට.. ඒස්වාහ පුහ්ඃ..

" හවස පාටි එකක් ඇරේන්ජ් කල්ලා තියනවා.. කැමතිනම් ඔය දෙන්නා ජොයින් වෙන්න.. Excuse me.."

කෝචා රධ්‍ය අයියගෙ පිටට තට්ටුවක් දාලා අමුතුවට හිනාවෙලා එතනින් යන්න ගියා..

" අපි හොටෙල් එකට යමු.."

රධ්‍ය අයියා මාව ඉස්සර කරගෙන පාකින් ලොට් එකට ගියා.. අපි හොටෙල් එකට එද්දි හතරහමාර වෙලා.. මෙහෙට හැමතිස්සෙම වහිනවනෙ යකෝ.. දැනුත් හෙන චුරු චුරු වැස්සක් වහින්න අරගෙන තිබ්බෙ.. ඒකනිසා බැල්කනියෙ දොර අරින්න විදියකුත් නෑ.. මම නම් ඔය ඇරේන්ජ් කරපු පාටියට යන්නෙ නෑ කියලා හිතාගෙන හිටියෙ.. මොකද ගියාම කරන්නෙ සේරම එක්ක බීගෙන පිස්සු කෙළීන එක විතරයි.. කෝචා මම බෝතලයක් දිහා බැලුවොත් හරි මට රැකට් එකෙන්ම ගහලා මරලා දාවි.. ඒකා කැමති නෑ හැමෝ එක්ක හිනාවෙලා කතාකරන්න යනවට.. හැමතිස්සෙම කියන්නෙ පාඩුවෙ ඉන්න කියලා.. 

මම කාමරේට ඇවිල්ලා සපත්තු දෙක පන්නලා පැත්තකින් තියලා ග්ලැඩියෝලි මල් පොතුර අතට අරගෙන ඒක දෙපැත්තට වැනුවා.. උදේ කලබලේ යන්න ගිහිල්ලා මල් එකවත් බලන්න වුණේ නෑනෙ.. දම්පාට ග්ලැඩියෝලි වලින් කියන්නෙ මොකක්ද දන්නෙ නෑ.. ඒකට මොකක් හරි තේරුම ඇති.. නැත්නම් රධ්‍ය අයියා ඒකම ගේන්නෙ නෑනෙ.. ග්ලැඩියෝලි වගේ රධ්‍ය අයියට ඇවිදින මලක් හම්බෙලා තියෙන්නෙ.. ඒකම කොච්චර දෙයක්ද.. 

මම රධ්‍ය අයියා කාමරේට එනකල් ඉඳලා මල් පොකුරත් අතේ තියාගෙනම ඉස්සිල්ලා එයාගෙ තොල් වලින් හාද්දක් තිව්වහම රධ්‍ය අය්‍යා මාව එහෙමම බිත්තියට තියලා මගේ ඉණෙන් අල්ලලා ඇඟට තද කරගත්තා.. මම එක අතකින් මල් පොකුර බදාගෙන අතින් අතින් රධ්‍ය අයියගෙ කොලර් එකෙන් අල්ලලා එයා මං ගාවට ඇදලා ගත්තා.. මම පොඩ්ඩක් උස මදිනෙ..

එයාගෙ තොල් සීතලට මගේ තොල් එක්ක පැටලෙද්දි මට අර මත් වෙන ගතිය දැනුනා.. රධ්‍ය අයියා මගේ කකුලක් උස්සලා ඉණෙන තියාගෙන මාව උස්සලා ගත්තා.. අරගෙන මාව එහෙමම ගිහින් ඇඳ උඩට අතෑරලා මගේ ඇඟ උඩට ඇවිත් මාව ඇග්‍රෙසිව් විදියට කිස් කලා.. මම එයාගෙන් ගැලවෙන්න ට්‍රයි කලෙත් නෑ.. මගේ ඇගිලි එයාගෙ පිට දිගේ කීපසැරයක්ම උඩ පල්ලෙහා ගියා.. පැය බාගෙකින් විතර රධ්‍ය අයියා මගෙන් එහාට වුණාම මගේ ඇඟේ ලා රතු පාට පැල්ලම් නැති තැනක් තිබ්බෙ නෑ.. එයා කැමති විදියකට මම එයාගෙ අත් මැද්දෙ හෙම්බත් වෙලා වගේ හිටියා..

" Someone's boyfriend is feeling happy today.. Anything my lord..??"

" Can this knight let the Lord breathe a little..? මට-හ්හ්  හුස්ම ගන්නත් බෑ.."

රධ්‍ය අයියා මගේ අතක් අරගෙන පිට අල්ලට හාද්දක් දුන්නා.. එයා හිටියේ හුඟක් සතුටින් කියලා විතරක් මට තේරුණා.. ඇත්තටම එයා මේකෙන් මෙච්චරට සතුටු වෙනවැති කියලා මම හිතුවෙ නෑ.. මට දැනුණ සතුට දෙගුණ වෙලා දැනුනහම මගේ කම්මුල් රතුපාට වෙලා පිපිරෙන ආවා.. රධ්‍ය අයියට කට කොනෙන් හිනාගියා..

" ඕක නවත්තගනින්.."




















මගේ ලස්සන ළමයෝ.. මේ අකුරු වලට මම හුඟාක් ආදරෙයි අනේ.. ලස්සනම ලස්සනයි..

මට හුඟාක් හුඟාක් හුඟාක් සතුටුයි මේක කියවද්දි.. ඇත්තටම හුඟක් ස්තූතියි අක්කා..

මම ආදරෙයි..❤

කොහොමද ළමයිනේ.. (ඔතරී අපි පා~වෙන ලෝකෙ අහන ගමන්)
සනෙරු පුතා දිනුවලු.. එයැයිට ඔය කැලෑමක් හරි දීගෙන යන්ට අනේ.. මට තමා ඉන්න හොඳම රීඩර්ස්ලා ඉන්නෙ.. ඔයාලගෙන් ලැබෙන ඇඩ්වයිසස්.. එතකොට කමෙන්ට්ස්.. වෝට්ස්.. කවර්ස්.. ලස්සනම ලස්සන කවි.. ඔයාලට මැවෙන රූප.. මේ හැමදේකට මම හුඟාක් ආදරෙයි.. 😘🌼

එන්නාම්.. ලව් යූ.. 🌚❤

The purple gladiolus flower represents grandeur, grace, beauty, and glamour...

ප.ලි.

- මෙහි එන සියලු පුද්ගලයන් සහ ස්ථාන හුදෙක් කතුවරයාගෙ සිතුවිලි පදනම් කොටගෙන ලියැවූවකි..

- කථාංගයේ යම් යම් කොටස් උපුටා සමාජ මාධ්‍ය තුළ කතුවරයාගේ අවසරයකින් තොරව පළ කිරීමෙන් වළකින්න.. (ටික්ටොක් වීඩියෝස්/ස්ක්‍රීන්ශොට්ස්)

- කථාංගය පදනම් කොටගෙන විවිධ ආකාරයේ වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්න අවසර නෑ.. එවැනි අනවසර ක්‍රියාවල වගකීම කතුවරයා භාරගන්නෙත් නෑ.. 

Continue Reading

You'll Also Like

446K 23.3K 51
အခြေအနေတစ်ခုကြောင့် လက်ထပ်ဖြစ်ခဲ့ကြတယ် အန်တီက ရိုးရဲ့ ဇနီးမယားပါပဲ... အေျခအေနတစ္ခုေၾကာင့္ လက္ထပ္ျဖစ္ခဲ့ၾကတယ္ အန္တီက ရိုးရဲ႕ ဇနီးမယားပါပဲ...
142K 18.8K 31
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ
1.2K 322 7
එකම අම්මාගෙ බඩවැල කඩාගෙන.. එකම මොහොතෙ ඉපදුණ දෙන්නාගෙන් එක්කෙනෙක්.. අනිත් කෙනාට ද්‍රෝහි වෙන්නෙ කොහොමද...?? ~මේ මහා මේඝ වර්ෂාවට අපි නොතෙමී ඉන්න තිබුණා...
3.1K 601 16
අයිරීසියානු වචන සම්මුතිය තවත් එක කවි පොතක් විතරමයි! Lan_Kimra #1 in poetry