SEPALIKA | COMPLETED

De cHerRy_MinShi_

3.2M 338K 83.4K

රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලා... Mais

සේපාලිකා - හැදින්වීම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
66 කොටස
67 කොටස
68 කොටස
69 කොටස
70 කොටස
71 කොටස
72 කොටස
73 කොටස
74 කොටස
75 කොටස
76 කොටස
77 කොටස
78 කොටස
79 කොටස
80 කොටස
81 කොටස
82 කොටස
83 කොටස
84 කොටස
85 කොටස
86 කොටස
87 කොටස
88 කොටස
89 කොටස
90 කොටස
91 කොටස
92 කොටස
93 කොටස
94 කොටස
95 කොටස
96 කොටස
97 කොටස
98 කොටස
99 කොටස
100 කොටස
101 කොටස
102 කොටස
103 කොටස
104 කොටස
105 කොටස
106 කොටස
107 කොටස
108 කොටස
109 කොටස
110 කොටස
111 කොටස
112 කොටස
113 කොටස
114 කොටස
115 කොටස
116 කොටස
117 කොටස
118 කොටස
119 කොටස
120 කොටස
122 කොටස
123 කොටස
124 කොටස
125 කොටස
126 කොටස
127 කොටස
128 කොටස
129 කොටස
130 කොටස
131 කොටස
132කොටස
133 කොටස
134 කොටස
135 කොටස
136 කොටස
137 කොටස
138 කොටස
139 කොටස
140 කොටස
141 කොටස
142 කොටස
143 කොටස
144 කොටස
145 කොටස
146 කොටස
147 කොටස
148 කොටස
149 කොටස
150 කොටස
151 කොටස
152 කොටස
153 කොටස
154 කොටස
155 කොටස
156 කොටස
157 කොටස
158 කොටස
159 කොටස
160 කොටස
161 කොටස
162 කොටස
163 කොටස
164 කොටස
165 කොටස
166 කොටස
167 කොටස
168 කොටස
169 කොටස
170 කොටස
171 කොටස
172 කොටස
173 කොටස
174 කොටස
175 කොටස
176 කොටස
177 කොටස(අවසාන කොටස)
මගෙන් සටහනක්...
ANNOUNCEMENT!

121 කොටස

17.9K 1.6K 595
De cHerRy_MinShi_

" ගියා වගේ නෙමෙයි ළමයි.. පරිස්සමින්.. තේරුණානෙ.. රධ්‍ය පුතා මට ගිහින් කෝල් එකක් දෙන්න හොඳේ.."

" හරි අම්මා.."

" දැන් ආයෙ පුතාලා එන්නෙ හෙටද.. කමක් නෑ පොඩ්ඩක් ඇවිදලා කියලා එන එක.. කොළඹ ඉතින් ගිහින් පණ යනකල් නැහෙන එකනෙ කරන්නෙ.. රධ්‍ය පුතාටයි ආධ්‍ය පුතාටයි අවුරුද්දටත් ඉඳලාම යන්න තිබුණා.. අපරාදෙනෙ.."

" කොළඹ වැඩ වගයක් තියෙනවනෙ අත්තම්මෙ.. අත්තම්මා බලන්න අවුරුදු පහුවෙලා මම අනිවාරෙන් එනවා.."

" ආ පොඩී කොහොමත් අම්මා එක්ක ඉන්න ආසයි, පැණිරහ ගිලින්න පුළුවන් නෙ.."

" අයියෙ..!!"

" දැන් කොල්ලො උඹ ඉස්කෝලෙ උගන්නන්න යන්නෙ මොනවද.. ගණන් නේ.."

" ඔව් මාමෙ.."

" සුදුමහත්තයා..!!! මේ කොල්ලව බලාගෙන වත් හරියට හැදියන්.. ගල් ගෙම්බා වගේ ඉන්නවා උඩ පැන පැන.."

මාමා ගෙදර ඉස්සරහා ඉඳගෙන බෙරිහන් දුන්න පාර කාමරේ ඇඳුම් බෑග් එකට ඇඳුම් ගුලි කර කර ඔබ ඔබ හිටපු මාව උඩ ගිහින් බිම වැටුණා.. මේ වයසක මනුස්සයා මේ වයසට මෙහෙම කෑගහන එක හරිද මං අහන්නෙ.. නෑනෙ.. පපුවෙ අමාරුවක්කත් හැදුනොත් කසාදෙට කලින්.. මමද ආධ්‍ය අයියව බාරගන්නෙ.. හරි මෙහෙමයි බාරගන්න කැමතී තමා.. ඒත් ආධ්‍ය අයියා ඊටපස්සෙ මුළු ජීවිත කාලෙම මූණ ඤොරොක් කරගෙන ඉන්නවා මම බලන්නෙපෑ.. එහෙම හරියන්නෙ නෑ.. දේවදූතයා කඳුළු හැලුවහම ස්වර්ගයට එළීය වැටෙන්නෙ නෑ..

අනිකා.. මම යාලුවෙලා ඉන්න එකා.. ඊයෙ රෑ වෙනකල් කිය කිය හිටියේ වරද් හෙට ගිහින් හෙටම එමු.. එහෙම ඉන්න එක හරි නෑනෙ නේද.. යැයි යැයි කියලා.. ඊටපස්සෙ පාන්දර තුනට මල නිදිමරගාතෙ නැගිටලා හොටෙල් එකක් බුක් කල්ලා පාඩුවෙ නිදාගෙන ඉඳපු මාවත් නැගිට්ටවලා 'ඇඳුම් හදන්නකො තාර පැටියො අපි අද ඉඳලා හෙටම එමු.. කමක් නෑනෙ' කිව්වා.. මම ඒක ඇහුන්නෑ වගේ පුපට එළිය වැටෙනකල් නිදාගෙන.. ඇහැරුණේ නමයට විතර.. මම නැගිටිද්දි රධ්‍ය අයියා සපත්තුත් එළියෙන් තියලා ඇඳුනුත් මැදලා උදේටත් කාලා එළීයේ ඔංචිල්ලාවෙ ඉඳගෙන අපේ අම්මා එක්ක හෙන කයියක් දාගෙන ඉන්නවා.. මම නැගිටලා කාලා බීලා නාලා ඉවරවෙද්දි ඒකා ඇඳගෙන එළීයටත් ගිහිල්ලා ඉවරයි.. 

අපේ ගෙදර ඔක්කොම ඉස්තෝප්පුවට වෙලා සතුටු සාමීචියෙ යෙදෙනවා.. ආච්චිඅම්මා හාන්සිපුටුවෙ ඉඳගෙන රධ්‍ය අයියවත් කිට්ටුවෙන් වාඩි කරවන් කියවනවා.. අම්මා මල් පැළ වගයක් හිටවන්න පාත්ති හදනවා.. ආධ්‍ය අයියා ඔංචිල්ලාවෙ පැද්දෙනවා.. මාමා කොහොඹ ගහට හේත්තු වෙලා සක්කිලි චූටියව අතගානවා.. කොහොමත් අපේ ගෙදර අයනම් 'ලොකු අම්මලා ඇරෙන්න' මෙහෙම තමා.. උදේට කාලා බීලා ඉස්තෝප්පුවට වෙලා කියවනවා.. මම ඒ වෙලාවට ආච්චිගෙ කකුල් වල බෙහෙත් තෙල් එහෙම ගානවා.. නැත්නම් ආච්චි කියවන පත්තරේකට එබිලා හොල්මන් කතාවක් කියවනවා.. නවල් එකක් කියවනවා.. නැත්නම් ෆෝන් එක හරි ඔබනවා.. 

වැස්සක් වැහැලා පායලා වගේ දානෙ ගෙදර වැඩ ඉවරවෙලා අපේ ගෙදර අර තියන නිස්කලංක කම ආයෙම ඇවිත් තිබ්බා.. ආධ්‍ය අයියට එහෙම ඉන්න එක මැජික් වගේලු.. එයාලගෙ ගෙදර උදේට කාලා බීලා කාමරවලට ගිහින් වැඩක් බලාගන්නවා ඇරෙන්න මෙහෙම කතා කරන්න වෙලාවක් වෙන් වෙන්නෙම නැහැල්ලු.. රධ්‍ය අයියනම් කලින් ඇවිල්ලා අපේ ගෙදරයි ගමයි දන්නවා.. ඇයි කලින් ආපු සැරේ ඇවිද්දනෙ හැම අස්සකම.. වරද් ගඟට යමුද.. වරද් ජම්බු කඩන්න යමු.. වරද් ළිඳට යමු.. වරද් වෙලට යමු.. වරද් පන්සල් යමු.. වරද් සෝමසිරි මාමට කෑම එක දෙන්න යමු.. වරද්.. වරද්.. වරද්.. මගේ කන් පිරිලා තියෙන්නෙ මගේම නමින්.. වරද්..

" අනුරාග්.. චූටි ඉන්නෙ කැම්පස් යන්නනෙ.. උඩ පැන්නම මක් වෙනවද.."

" කොහොමත් ඔයාට චූටිට මොකක් හරි කිව්වොත් හරි අමාරුවනෙ.."

" අමාරුව නෙමේ.. ඇත්තනෙ කියන්නෙ.. ඔය වයසෙ ඕවා කරන්නැතුව.. ඔයාගෙ වයසට ඇවිල්ලා ඔව්වා කරන්න පුළුවන්ද.. නේද අම්මෙ.."

" අනේ හා.. මූ ඔය අර පොඩි එකාට එක එක ඒවා කිව්වට.. මූ ඔය වයසෙ නඩපු නාඩගම් දන්නෙ අපිනෙ.."

" අනේ අම්මෙ.. ඕක නවත්තගන්නකො.."

" ආධ්‍ය පුතාට කියන්න මේකා ඒ ලෙවෙල්ම දෙසැරයක් ලිව්වා.. අර ඉස්කෝලෙකට යවලා රස්තියාදු ගහලා ගහලා.. කොහෙද අපිත් ළඟ නෑනෙ.. ඔන්න යන්තම් දෙවෙනිපාර තේරිලා තමා විශ්වවිද්‍යාලෙට ගෑටුවෙ.. ඒ ගිහිල්ලත් උපාධිය අරගෙන ගියා හමුදාවක බඩගාන්න.. ගිහින් අවුරුදු දෙකක් විතර අන්තරස්දාන වෙලා ඉඳලා ආවා වෙඩි කාගෙන.. අම්මපා මූ වගේ වදයක් මේ කෙල්ලො දෙන්නා දුන්නෙ නෑ.. මම එපෑ මුන් දෙන සේරම ගින්දර උහුලන්න.."

" පොඩි අක්කෙ මේ අම්මට කියනවකො හැමෝම ඉස්සරහා ඔව්වා කියන්නෙපා කියලා.."

" මම මොනවා කියන්නද.. උඹ කරපුවානෙ කියන්නෙ.."

" අනේ රෙද්ද මම යනවා නාගන්න.."

" ඇයි දැන් උදේ නෑවා නේව උඹ.."

" වරද් පරක්කු වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!"

" පොඩ්ඩක් ඉන්න එනවා~"

මම එළීයට ඇවිත් බැක්පැක් එකයි අනිත් බෑග් එක රධ්‍ය අයියට දුන්නහම එයා ගිහින් ඒක වාහනෙන් දැම්මා.. මම ආච්චිඅම්මගෙ කර බදාගෙන ආච්චිගෙ කම්මුලට හාද්දක් දුන්නා.. 

" නිකන් ඉඳුකො සුදුමහත්තයා.."

" එහෙම බෑ ලස්සන කෙල්ලො දැක්කහම ඉඹින්න හිතෙනවා.. නෙහ්.."

ආධ්‍ය අයියා ඒකට හයියෙන් හිනාවුණා..

" අපි ගිහින් එන්නම් ආච්චිඅම්මා.."

" අත්තම්මෙ ගිහින් එන්නම්.."

රධ්‍ය අයියා අපේ ආච්චිඅම්මට වැන්දහම ආච්චි රධ්‍ය අයියගෙ කොන්ඩෙ අතගෑවා.. 

" පරිස්සමට හරිද.. ඉලන්දාරිනෙ.. මුරණ්ඩු වැඩ කරනවා නෙමේ.."

" පිස්සුද කෙල්ලෙ.. මේ සුදුමහත්තයව විශ්වාස කරන්නකො.."

" විශ්වාස කරන්න හරි එක්කෙනා.. දේව් මට ඉදල ගෙනැත් දෙන්නකො..!!"

අපේ අම්මා මල් බාල්දියත් උස්සගෙන අපි ඉන්න පැත්තට අවා.. රධ්‍ය අයියගෙ අම්මා හැමතිස්සෙම වගේ අපේ අම්මා එක්ක කතාකරන නිසා අපේ අම්මත් දැන් රධ්‍ය අයියට සලකන්නෙ එයාගෙ පුතාට වගේ තමයි.. ඉඳලා හිටලා පිටටත් තඩිබාගෙන යනවා මොකක් හරි ගොං වැඩක් කළොත්.. දැනටමත් ආධ්‍ය අයියයි රධ්‍ය අයියයි නම් අපේ පවුල එක්ක කිට්ටුයි.. හැමෝවම දන්නවා.. අනික එයාලා දෙන්නටම ගෙදර අය ආදරෙයි.. අපි ගෙදර අයට වැඳලා කියලා වාහනේට නැගලා එන්න ආවා.. ආධ්‍ය අයියලා හවස අම්මයි ආච්චියි එක්ක ගමනක් යනවලුනෙ.. රෑට එළීයෙන්ම කාලා ගෙදර එනවා කිව්වෙ.. අපි ගෙදර ආවා කියලා වැඩකුත් නෑ.. ගෙදර අය එන්න රෑ වෙනවනෙ.. 

" ඔයා ඔක්කොම ගත්තද.."

" ඔව්.. ඔයා කලින් කියන්න එපැයි යනවනම්.. ඇයි හදිසියෙම නවතින්න ඕන වුණේ.."

මම නැමිලා සපත්තුදෙක ගලවලා පැත්තකට දැම්මා..

" නිකම්.. වෙනසකටත් එක්ක.. හොඳ නැද්ද.."

" හොඳයි.. ඒත් ඉතින් ඒක පාන්දර තුනටද මතක් වුණේ.."

" ම්ම්.. ඒක දැක්කහම නැවතිලා බලන්න හිතුණා.. අපි නිතර මෙහේ එන්නෙ නෑනෙ.."

" මම කලින් ඔය කියන එක දැකලවත් නෑ.. කොහෙද තියෙන්නෙ.. හෙන ගාණක් වෙන්නැති නේද.."

" ටිකක් දුරට වෙන්න තියෙන්නෙ.. මේ වරද්.. ඇත්තද අර කුඹුරු ඔක්කොම ඔයාලගෙ අම්මගෙද.. ඉතින් එතකොට තාත්තා වන්දි එවන්න ඕන නෑනෙ.. ඒවගෙන් ඉන්කම් එකක් තියෙනවනෙ.."

" මොන පිස්සුද අනේ.. අපේ නෙමේ.. දෙයි අපේ ලොකුඅම්මා මෙන්න ගන්න කියලා.. අනික ආච්චි තාම දේපළ බෙදලා නෑ.. කොහොම ලියයිද දන්නෙ නෑ ඉතින්.."

" එහෙමද.. දැන් ඔයා අපේ ගෙදරට කැන්දගෙන එනකොට මොනවද ඩවුරි එක හම්බෙන්නෙ.. දැනගන්නෙපෑ.. අපේ අම්මා අහලා කියන්න කිව්වා.."

" හම්බෙන්නෙද.. හම්බෙනවා ඉතින් ලස්සන හැඩට ඉන්න කොල්ලෙකුයි.. ඒ කොල්ලා එක්ක ගෙදර පිරෙන්න සිරියාවයි..  හොඳ නැද්ද.."

" සිරියාවෙ හැමතිස්සෙම යුද්ධනෙ බබා.."

" අනේ මේ කටපියාගෙන ඉන්නවා.. ඒකනෙමේ අප්පච්චි දැන් අද ඔයා කොළඹ නාවහම බනින්නැද්ද.. ඔයාලා ඔක්කොම කිසි ගානක් නෑ වගේනෙ ඉන්නෙ අයියෙ.."

" බනීවි.. බනීවි නෙමේ Me and අයියා gonna die.."

රධ්‍ය අයියා බෙල්ල ගාවින් හරහට ඉරක් ඇඳලා පෙන්නුවා..

" ඉතින් ඔයාලට බය නැද්ද.. මටනම් කියද්දිත් අප්පච්චිගෙ මූණ මැවිලා පේනවා.."

" අපි මුලින් හොටෙල් එකට ගිහින් බෑග් තියලා යනවද.. නැත්නම් බීච් ගිහින් හවසට හොටෙල් එකට යනවද.. කෝකද හොඳ.."

" ඔයා ප්‍රශ්නෙ මඟාරින්න එපා.. මම ඕකට කලින් උත්තර දුන්නා.."

රධ්‍ය අයියා හුස්මක් අරගෙන පහළ දැම්මා.. 

" එහෙම බයක් නෑ.. මොකටද බය වෙන්නෙ.. එයාට ඕන ඕන විදියට අපේ ගෙදර කවුරුත් නටන්නෙ නෑ..??"

" ම්ම්.."

" ඉස්සර අපි මුරණ්ඩු වුණොත් අම්මා බැනුම් අහනවා අප්පච්චිගෙන්.. දැන් අම්මා බැනුම් අහන්නෙ නෑ.. අපි මුරණ්ඩු වෙනවා.. අම්මා මුරණ්ඩු වෙන්න උදවු කරනවා.."

" අනේ මන්දා ඕගොල්ලො.."

" දැන් අයියත් පොඩ්ඩක් ගැම්මට ඉන්න නිසා මම මේ බලාගෙන ඉන්නෙ කොළඹ ගිහින් battle එකක් පටන් ගන්න.."

" ඉතින්.."

" අප්පච්චි කොහොම ෆයිට් කරයිද දන්නෙ නෑ.. ෆිෆ්ටි ෆිෆ්ටි.. එක්කො අපි දිනනවා.. නැත්නම් අප්පච්චි දිනනවා.. හැබැයි අප්පච්චි එච්චර ලේසි මනුස්සයෙක් නෙමේ.. සමහරවිට අපි මේ දැනට කරන කියන දේවල් ගැන අපි නොදන්න විදියකට එයා අප්ඩේට් වෙලා ඉන්න පුළුවන්.."

" අනේ මේ මාව බයනොකර ඉන්නවා.. ඔයාලා කාටවත්ම බය නැතිවුණාට මටනම් බයයි.. මොනවා වේවිද කියලා.."

" වෙන්නෙද.. මාමයි අයියයි මැරි කලාට පස්සෙ වරද්ව රධ්‍ය මැරි කරනවා.."

" අනේ වාසනාවන්.. අපි දෙන්නා බැඳලා හදමු ඒයි ෆුට්බෝල් ටීම් එකක්.."

" එකක්..??  දෙක තුනක්වත් හදමු.."

" මරුනෙ ඒයි.. අයි ලව් ද ප්‍රොසෙස් ඇක්චුවලි.."

රධ්‍ය අයියා එකපාරම මං දිහා බලලා පොඩ්ඩක් රතුවෙලා ඉස්සරහා බලාගත්තා.. 

" උඹ කොහෙන් ගියත් නවතින්නෙ ඔතනින් තමා.."

" මේ දවස්වල නිවාඩු නිසා සෙනඟ ඇති නේද බීච් එකෙත්.."

" ඔව්.. අනික වීකෙන්ඩ් එකක්මනෙ සෙට් වුණේ.. ඔයාලගෙ ගෙදර ඇවිල්ලා ඉන්න එක මාරයි වරද්.. මමනම් කියන්නෙ මාස දෙකතුනකට සැරයක්වත් මෙහේ එන්න ඕන.."

" මෙහෙ නිදහස් නිසාද.."

" ඒකයි.. අත්තම්මා බලන්නයි.. අත්තම්මා කියන ඒවා අහගෙන ඉන්න හිතෙනවා.. අනික මෙහේ කම්මැලි හිතෙන්න කිසිම දෙයක් නෑනෙ.."

" ම්ම්.. ඔයාට ඕන්නම් අපිට එන්න පුළුවන්නෙ.. මාමත් දැන් දන්න නිසා.. ඒ අහන්නකො ඔයාට මතකද අර අපි ඇල්ලෙ ගිය දවසෙ ඔයා බැල්කනි එකේ දොර ඇරලා දාලා කියලා පහළට ආවෙ මාව හොයාගෙන.. අර අනේ මගේ ෆෝන් එක සෝෆා එක උඩ තිබ්බා කිව්වෙ.."

" ඔව්..??"

" මම අයියව බැල්කනි එකට දාලා දොර වහලනෙ පහළට ගිහින් තියෙන්නෙ.. එදා මාමා එහේ ඇවිල්ලා.. ආධ්‍ය අයියත් මාර ඩයල් එක තමා හරිද.."

" සිරාවට.. අයියද ඕවා කිව්වෙ.."

" ඔව් හරිද.. අයියගෙ ෆෝන් එක රීසෙට් කල්ල මාමගෙ නම්බර් එක නැතිවෙලා.. ඊටපස්සෙ මගේ ෆෝන් එකෙන් ඒක අරගන්න අපේ කාමරේට ඇවිල්ලා.."

" ඊටපස්සෙ.."

" ඊටපස්සෙ අයියා ෆෝන් එක අරගද්දි මට ඇහැරිලා තියෙන්නෙ.. එයා බැල්කනි එකට ගිහිල්ලා.. මම ඒකෙ දොර වහලා පහළට ගියානෙ.. ඊටපස්සෙ අයියා කොහොම හරි දොර ඇරගෙන පහළට එද්දි ඔයත් නැගිටලා ආවනෙ.. ඒ ටිකකින් තමා මාමා ඇවිල්ලා තියෙන්නෙ.."

" ඒකද.. අර-.. ආහා.. මට තේරුණා.. ඒව් වරද් අපේ අයියා.. මෙලෝ දෙයක් හරියට කරගන්න බෑ.."

" බැරිමත් නෑ.. ඔයාට මතකනෙ අයියගෙ ඇක්ටින්.."

" ඉස්කෝලෙ යන කාලෙ ඩ්‍රාමනෙ කලේ.. ඒකද දන්නෑ රඟපාන්න පුළුවන්.."

" වෙන්නැති නේද.. පස්සෙ අපි දෙන්නා මුල ඉඳලම දන්නවා කිව්වහම අයියා කිව්වා හොස්පිට්ල් එකේ හිටියෙ හරිද.. ජනේලෙන් පැනලා මැරෙනවා කිව්වා ලැජ්ජාවට.."

" එහෙම කිව්වද.."

" ඔව්.. එයාට රිච්මන්ඩ් එකේ කොල්ලො ලස්සනයිලුනෙ.. මාර ලව් එක ඒක.."

" අයියා අපිට හොඳ වුණාට.. මාමට නම්.."

" දමලා ගහන්නෙ.. අතට අහුවෙන්නෙ මොකක්ද දමලා ගහනවා.. ඔයාට මතකද ට්‍රිප් එක ගිහින් ඇවිත් මම ඔයාලගෙ ගෙදර හිටියෙ.. එදා අයියා ස්ටෙත් එක ඩිස්පෙන්සරි එකේ දාලා ඇවිල්ලා ගන්න යන්න ඕන කිව්වනෙ.. රෑ මාමා හම්බෙන්න ගිහිල්ලා මාමා 'ඇපි මේක නැවැච්චමු ශාකි' කිව්වහම.. ආධ්‍ය අයියා වීදුරු ප්ලාස්ක් එකකින් මාමට දමලා ගහලා.."

" ඒකද අපි ගෙදර යද්දි මාමා බැන්ඩේජ් වෙලාගෙන හිටියෙ.."

" ඔව් අයියම බෙහෙතුත් දාලා.."

රධ්‍ය අයියා හයියෙන් හිනාවුණා..

" අයියා හෙන අමුතුයි හරිද.. ඔයාට කියන්න වරද් ඉඳලා හිටලා කේන්ති ගියාම එළවලු එහෙම කපන වේගෙට ඒවා උඩින් යනවා.. අඩුවෙන් කේන්ති යන්නෙ.. ගිය වෙලාවට.."

" මට තේරෙනවා.. පව් නේද අනුරාග් පුතා.."

" ඒගොල්ලො ලංකාවෙන් යයිද දන්නෙ නෑ වරද්.. මම හිතන්නෙ කතාවෙ හැටියට ඉන්න පාටක් නෑ වගේ.. මෙහේ ඉතින් ඉන්නත් බෑනෙ කොහොමත්.. දන්නවනෙ.. බබෙක් ඉන්න කාලෙට.."

" බබ්බු පෙන්නයි ඔයාලගෙ අප්පච්චියි අපේ අම්මලයි.. රට යන එක හොඳයි.."

රධ්‍ය අයියා වාහනේ උඩ සන්ගෲෆ් එකේ කවර් එක අතින් ඇදලා මෙහාට කලා.. එතකොට වාහනේ ඇතුළට ග්ලාස් එකෙන් එළිය වැටෙනවා හොඳට..

" ම්ම්.. කෝච් කතාකළාද.. ඔයාට මැච් එකක් එනවනෙ.."

" කතාකළා.. සරනේරු!!! ගමට වෙලා හිටියම මමද තමුන්ගෙ මැචස් වලට ප්ලේ කරන්නෙ.. කරුණාකල්ලා ලබන සතිය වෙද්දි කොළඹ ඉන්න ඕන ගෑවා.. මට මුකුත් කියන්න දුන්නෙත් නෑ ෆෝන් එක කට් කලා.."

" කෝච් ඔයාගෙ ෆෝන් එක දැක්කොත් ගුටි කන්න වේවි හරිද.."

" සේව් කල්ලා තියෙන විදියටද.. එහෙම තමා වේළුසුමනයා කියලා සේව් කල්ලා මම බැට්මින්ටන් රැකට් එකකුයි බෙට්ටකුයි දැම්මා.. ඒ මනුස්සයා මගේ නම හරියට කියනකල් මම ඒක වෙනස් කරන්නෙ නෑ..!!"

" තාර පැටියට කේන්ති ගිහිල්ලද.."

රධ්‍ය අයියා මගේ දිහා බලලා කම්මුලකින් හයියෙන් ඇදලා අතෑරියා..

" කේන්තී නෙමෙයි තරහයි.. ඔය වේළුසුමනයා හරියට මට අපහාස කරනවා.. අර තාන්වී අක්කා එක්කත් කිය කිය හිනාවෙනවා.."

" තාර පැටියා ඕවට කේන්ති ගන්න ඕන නෑ.. මේ මම ඔයාට ඇත්තම තාරවෙක් ගෙනැත් දෙන්නද.."

මම එකසැරේට හැරිලා රධ්‍ය අයියා දිහා බැලුවා.. කියන්න බෑ මේක මොකක් හරි කිව්වහම ඒක කරනවා.. තාරාවෙක් ගෙනැත් දුන්නොත් එහෙම මම ඇඳ යටද ඌව හදන්නෙ. මාමා පෙන්නයි මට තාරාවො..

" අර මොකටද.."

" තාරාවො ආස නැද්ද තමන්ගෙ අය ළඟ තියාගන්න.. ආසයිනෙ..??"

" නෑ මේ තාරාවා ළඟ තියාගන්නෙ පස්ස ලොකු සුදුඅම්මිලා විතරයි.."

රධ්‍ය අයියා එකසැරේම කාර් එක පාර අයිනට කල්ලා නවත්තලා මං දිහා බැලුවා.. මමත් ඇස් දෙක ලොකු කරගෙන රධ්‍ය අයියා දිහාම බලාගෙන හිටියා.. එකපාරට ආදරේ හිතිලා කිස් එකක් දෙන්නද දන්නෑ යන්නෙ.. මම හෙන ලැජ්ජ හිතුණු එකා වගේ ශර්ට් එකේ නූලක් කරක කරක අත් දෙක දිහාබලාගෙන ඉද්දි රධ්‍ය අයියා මං ගාවට කිට්ටු වෙලා කම්මුලට තට්ටුවක් දැම්මා.. ඒ එක්කම සීට් බෙල්ට් එක අන්ලොක් වෙලා ඒක සරාස් ගාලා ඇදිලා ගිහින් දොරේ වැදුණා.. 

" බැහැලා ඇවිත් වාහනේ ගන්න වරද්.. හැමදාම ගිල ගිල පැසෙන්ජර් සීට් එකේම ඉඳගෙන යනවා.. ඉඳහන් කොළඹ ගියාම උඹව අල්ලලා දානවා ලර්නස් එකකට.."

" අනේ මේ.. මොන මගුලක්ද මට බෑ.."

සැක්.. මම මොනවද හිතුවෙ..

" බැරි නෑ ගෙනියන්න දන්නවනෙ.. බහින්න බහින්න.. කෝ.."

රධ්‍ය අයියා කිසි හිතක් පපුවක් නැති එකා වගේ කාර් එකෙන් බැහැලා ඇවිත් මගේ පැත්තෙ දොර ඇරලා මාව අතින් ඇදලා නැගිටින්නෙ නැතිවුණාම උස්සලා බිමට දාලා ගිහින් පැසෙන්ජස් සීට් එකෙන් වාඩිවෙලා දොර වහගත්තා.. මූ යකෝ..!! හිටපන් වාහනේ අනිනවා පලු ගහක.. මට කරපු නින්දාවට.. මම අඩි හප්ප හප්ප ඇවිත් ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩිවුණා..

මේ මනුස්සයගෙ අඬු දිග නිසා මම සීට් එකෙන් වාඩි වුණාම ස්ටියරින් වීල් එක තියෙන්නෙ හත් ගව්වක් විතර දුර.. රධ්‍ය අයියා මං දිහා බලලා කටත් පුම්බගෙන ඉස්සරහා බලාගත්තා.. මම අත දිගෑරලා රධ්‍ය අයියගෙ පිට මැද්දට පාරක් ගැහුවා.. ආවා මෙතන හිනාවෙන්න පොල් කාවයියා..

" මොකද තවුසෙ හිනාවෙන්නෙ.."

" හිනාවෙන්නෑ.. කවුද හිනාවුණේ.. ඔන්න ඕක ඉස්සරහට කරගන්නකො.."

" මට බෑ අනේ ඩ්‍රයිව් කරන්න.. මගේ කකුල කැඩිලා තියෙන්නෙත්.. මේ දැක්කනෙ.."

" කමක් නෑ කකුල මම අතගාන්නම්.. ඕක මහලොකු දෙයක්ද.. ඕක ඉස්සරහට අරන් ගානට හදාගන්නකො.. තාරාවොන්ගෙ කකුල් කොටයිනෙ.."

" 5'7 කියන්නෙ කොටද මනුස්සයෝ.. මගේ වටේපිටේ ඉන්න සේරම මට වඩා උස වුණා කියලා මම මක් කරන්නද.. අනික.. අනික.. මම තාරාවෙක් නෙමෙයි..!!!"

මාම් දඩාස් ගාලා සීට් එක ඉස්සරහට ඇදගත්ත පාර සීට් එක ගිහින් ස්ටියරින් වීල් එකට ඇලිලා මැද්දට මම හිරවෙලා පර්ශු ටික කුඩු වෙලා මාව මැරෙන්න ගියා.. නොදකින් හැම ලබ්බම වෙන්නෙ මගේ නොහොඳට තමා.. මම ආයෙම ඒක පිටිපස්සට කරගෙන මගේ ගානට සීට් එක හදාගෙන සීට් බෙල්ට් එක දාගත්තා..

" යමු.. පරක්කුයි අපි.. කෝ ගියර් එක ඩ්‍රයිව් දාන්න.."

" හැඤේ මම දන්නවා.. ගියර් එක ඩ්‍රයිව් දාගන්නැතුව කටේ දාගන්නද.."

" කටේ දාගන්න මොනවහරි ඕනද.. මගේ සපත්තුව දෙන්නම්.."

රධ්‍ය අයියා සපත්තුව පෙන්නලා අහද්දි මට දස වලත්ත කතාවක් මතක් වෙලා ඔලුව ගසාගෙන හරි සිහියට ඇවිත් වාහෙනේ හරවලා පාරට දැම්මා.. සෙනුකයා තමා මේවට වග කියන්න ඕන.. කොලු කතා බලලා ඇවිත් එව්වා මට කියනවා.. කියල මගේ මොලේ නරක් වේගෙන එන්නෙ මට පේන විදියට.. ඌට කියන්න ඕන අනිත් දවසෙ ඔව්වා බැලුවහම අයුක අයියා එක්ක කියපන් කියලා..

" ඒ වරද්..!! ඉරි දෙක කපන්නෙපා බං.. ඔය මොකද කරන්නෙ.."

" ඉතින් කවුරුත් නෑනෙ.. මට ඕන්නම් මම කපනවා.. ඇයි ගහන්නද.."

" එහෙම අපිට ඕන විදියට පාරෙ යන්න බෑ.. උඹ මාවත් හිරේ යවන්නද යන්නෙ.."

" ඔයාව හිරේට ගන්න යන්නෙ අනේ.. මෙහ් දැක්කනෙ මම ඕන්නම් කපනවා.."

මෙහේ පාරවල් වල එච්චර සෙනඟ නැති නිසා මගේ හිතට අමුතු ගටක් ඇවිත් ඇක්ස්ලේටර් එක හැටටම පාගලා ඉස්සරහින් ගියපු වාහන දෙක තුන ටේක් ඕෆ් කරගෙන පිඹගෙන යන්න ගත්තහම රධ්‍ය අයියා පැසෙන්ජර් සීට් එකේ උඩ කොක්කෙන් අල්ලගෙන අනිත් අතින් ස්ටියරින් වීල් එකේ පැත්තක් අල්ලගත්තා..

" ඒ මරුනෙ වරද්.. මේ බ්‍රේක් එකෙන් කකුල ගන්න මෙහාට.."

" ඒක ඉබේම යනවනෙ එතෙන්ට.."

" නෑ නෑ ඒක පැත්තකින් තියාගෙන තනි කකුලෙන් කන්ට්‍රෝල් කරන්න.. ඇක්ස්ලේටර් එකත් එක්ක ඕක පෑගුවොත් එහෙම.. අම්මගෙ වාහනේ හරිද.."

" මෙච්චර දවස් ඔයාගෙ වගේ රැඟුවෙ අම්මගෙ වාහනේද අයියෙ.. සිරාවට.."

" අම්මා ඩ්‍රයිව් කරන්නෙ නෑ එච්චර.. මගේ වගේ තමයි.."

" ඇයි ඒ අම්මා ඩ්‍රයිව් කරන්නෙ නැත්තෙ.."

රධ්‍ය අයියා ස්ටියරින් වීල් එකේ පැත්තකින් අල්ලලා වමට කපලා පැත්තකින් අල්ලගත්තා..

" එකවතාවක් අම්මව ඇක්සිඩන්ට් වුණාලු.. එතකොට අම්මා ප්‍රෙග්නට්.. ඒ බබා ඇබෝර්ට් වෙලා.. ඊටපස්සෙ කාලයක් බබාලා නැතුව ඉඳලා මාව හම්බුණේ.. ඒකයි අයියගෙයි මගෙයි ඒජ් ගැප් එක වැඩි.."

එකපාරට රධ්‍ය අයියා කිව්ව කතාවට මාව ගැස්සිලා ගියා.. මට කලින් කවුරුත් එහෙම කතාවක් කියලා නෑනෙ.. අම්මවත් කියලා නෑ.. අම්මා ඉඳලා හිටලා මට කතාකලත් සමහර වෙලාවට පැයක් විතර කතාකරනවා.. අම්මගෙ හුඟක් ප'සනල් දේවල් පවා මාත් එක්ක කියලා තියේ. ඒත් ඔහොම කතාවක් කවමදාවත් මම අහලා තිබුණෙ නෑ..

" ඔහ්.. I'm sorry.."

" That's okay.."

මට ඊටපස්සෙ මුකුත් කියන්න මතක් වුණේ නෑ.. මට අම්මා ගැන, අම්මගෙ ජීවිතේ ගැන දවසින් දවස දැනෙන දුක ඕනවටත් වඩා වැඩිවෙනවා.. අපේ අම්මට තාත්තා හිටියේ නෑ තමා.. ඒත් අපේ අම්මා, අසලි අම්මා තරම් දුක් විඳලා ඇති කියලනම් මම හිතන්නෙ නෑ.. අම්මා මාත් එක්ක කතාකරද්දි කියනවා එයා රධ්‍ය අයියා ලැබෙන්න ඉද්දිත් මාස හත හමාරක් වෙනකල්ම හොස්පිට්ල් වැඩ කලාලු.. ඒ කාලෙ යුද්ධෙ නිසා අම්මා නිතර දෙවේලෙ දකින්නෙ ලේ නාගත්තු මිනිස්සු විතරලු.. නර්ස්ලා කියනවලු අම්මට හොඳ නෑ බබෙක් ලැබෙන්න ඉද්දිත් වැඩ කරන්න, මෙහෙම නිතර දෙවේලෙ ලේම දකින්න.. කවදහරි ළමයට බලපායි කියලා.. ඒත් අම්මා ඒ ඔක්කොම ඉවසගෙන වැඩ කලාලු.. 

අම්මා කියනවා අම්මා මුළු ජීවිත කාලෙම මූණ දුන්නු භයානකම අත්දැකීම තමයි යුද්ධෙ කියලා..

අප්පච්චිත් ගෙදර නැතුව, ආධ්‍ය අයියව පරිස්සමට බලාගෙන ඉස්කෝලෙ යවලා, රධ්‍ය අයියා හම්බෙන්නත් ඉඳලා, කාගෙවත් උදව්වක් නැතුව අම්මා තනියම හැම වැඩක්ම කළාලු.. මට හිතාගන්න බෑ ඕවා එක්ක බබෙකුත් ඇබෝර්ට් වුණාම ඒක අම්මට කොහොම දැනෙන්න ඇද්ද කියලා.. සමහරවිට අම්මා මට දවසක කියනවා කිව්ව කතාවෙ ඔය ඔක්කොම තියෙයි කියලා මම හිතනවා.. 

අම්මා කියනවා එච්චර අමාරුවෙන් හදපු ළමයින්ට හිතක් පපුවක් නැතුව ඒ ළමයින්ගෙම අප්පච්චි ගහනවා බනිනවා දකිනකොට අම්මට දරාගන්න බෑ කියලා.. අම්මා කෙනෙක්නෙ ළමයෙක් වදන එකේ අමාරුව දන්නෙ.. පිරිමින්ට කොහොමත් ඒවගෙ ගාණක් නැහැල්ලු.. ඉඳලා හිටලා එහෙමත් පිරිමියෙක් හම්බුණොත් මිසක්.. අම්මා කියන්නෙ දැන් අම්මට හැමදේකින්ම ඈත්වෙලා පාඩුවෙ ජීවත්වෙන්න ඕනලු.. මැරෙන්න කලින් වතාවක් හරි අම්මා ගැන හිතන්න ඕනලු.. අම්මා ආස කෑමක් කන්න.. අම්මා ආස ඇඳුමක් අඳින්න.. අම්මා ආස තැනක ඇවිදින්න යන්න.. හැමදාම තව කෙනෙක් වෙනුවෙන් ජීවත්වෙන එක අම්මා කියන්නෙ හරි අමාරුයිලු.. බැන්දහම දෙන්නා එක්කෙනෙක් වෙනවනෙ.. එතකොට එකිනෙක වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කිව්වත්.. අම්මා කියන්නෙ එහෙම හැඟීමක් අම්ම දැනුනෙ නැතිලු.. ඉතින් රධ්‍ය අයියත් දැන් ලොකු නිසා අම්මා හීමින් එයාලගෙන් ඈත්වෙලා, එයාලා ජීවිත හදාගෙන ඉස්සරහට යන හැටි බලාගෙන ඉන්න ඕනලු.. ඕවා තමා අම්මා මං එක්ක කියවන්නෙ..

" මෙහ් දැන් ඔයා ඉස්කෝලෙ උගන්නන්න ආවම අපි සෑර් කියන්න ඕනද.."

" ඒ මොකටද.."

" නෑ ඉතින් පොඩි උන් ඔයාට සෑර් හැඤේ එන්නකො මගේ පොතට තරුවක් දාලා දෙඤ්ඤකෝ කියනවනෙ.. අපිත් උදේට ඩියුටි යනවනෙ.. දැන් ඔයා මල්ලිකා මැඩම්ගෙ පන්තිය බලාගන්නවනෙ.."

" ඔව්.."

" එතකොට උදේට ග්‍රීට් කරද්දි ගුඩ් මෝනින් රධ්‍ය සර් හෑව් අ නයිස් ඩේ කියාගෙන යන්නෝනද.."

" ඔව් ඔව් කියාගෙන යන්න.. උඹලගෙ නල්ලමලේ ඩියුටිය මට බලාගන්න ඕනවෙලා තිබ්බෙ කොහොමත්.."

" බෑ මම ඇවිල්ලා ඔයාට සෙක්ශන් එක මැද්දෙ මෙන්න මෙහෙම කිස් එකක් දීලා කියනවා.. හෑව් අ පකින් නයිස් ඩේ මගෙ සුදුඅම්මියො.. පරිස්සමට ඉන්න රත්තරං.. මම දවල්ට උයාව උකුලේ තියාගෙන කවන්නම් කියලා.."

" ඔව් ඔව් එහෙම හරි කියලා-වරද්!!! ගුටි කනවා උඹ දැන් මගෙන්.."

රධ්‍ය අයියා මම දකුණට කපපු ස්ටියරින් වීල් එක මට බැන බැන වමට කැපුවා.. මේ මනුස්සයා මට නිදහසේ ඩ්‍රයිව් කරන්නවත් දෙන්නෑ..

" නීල නුවන් සනසන්නම්
රාධාවණී මා එන්නම්
වීණා සරින් නලවන්නම්
රාධාවනී මා එන්නම්..~"

" රාධාවණී නෙමේ සිග්නල් ලයිට් දාලා හරවනවා වරද්.. වැදුණනම් එහෙම පිටිපස්සෙන් ආපු මොකක හරි.."

" වැදුන්නෑ අනේ.. වැදෙන්න පාරෙ මොකුත් තියද.. මම ඩ්‍රයිව් කරනවනම් කට පියාගෙන ඉන්න.. හරිද.. ඔයානෙ මාව මෙතන ඉන්දුවෙ.."

රධ්‍ය අයියා මට කියලා තේරුමක් නෑ වගේ හට්ටි මූණක් හදාගෙන සීට් එකට හේත්තු වුණා.. මම යන්නෙ මට ඕන විදියට.. මේ කැලේ මොකෝ සිග්නල් ලයිට් දදා හරවන්න දාහක් වාහන යන්නෙ නෑනෙ..

" මියුරු හඬින් මා වෙත ළං 
ළං වෙන්නා
තුරුළු වෙලා මුව සිප ගන්නම් මා
නුරාගිනී ඒ
නේක අනන්ත වූ ගීසර
ගයන්නම්..~"

" ඒපාර උඹට මාව ගෑණියෙක් වගේ පේන්න ගත්තද.."

" දෙඅදර සඳ කැන් දහර ඉසින්නී
සොඳුරු සරාගී නෙත ලෙලවන්නී
රූබර රාධා මා මන බන්ඳා
හැරදා යනු බෑ මා ප්‍රිය රාධා..~"

"....."

" කෝ ඒයි මෙහෙ හැරෙන්නකො.."

මම මූණ හට්ටියක් වගේ කරගෙන අහක බලාගෙන යන රධ්‍ය අයියගෙ මූණ බලෙන්ම මගේ පැත්ත හරවගෙන තොල් වලින් හාද්දක් තිව්වා.. තියලා කලව උඩින් අතක් උඩට අරගෙන එද්දි රධ්‍ය අයියා මගේ අත අරගෙන එයාගෙ ඇඟිලි වල පටලගෙන උකුල උඩින් තියාගත්තා.. සැක් මේ මනුස්සයව වරදට පොළඹගන්න විදියක් නෑනෙ පොඩ්ඩක්වත්.. නමේ වස් කැපිලද මන්දා..

" මෙතනින් කොයි පැත්තට.. ඇසිස්ටන් අක්කේ පාර කියපන් මම දන්නෙත් නෑ.."

" ටර්න් ලෙෆ්ට් වරද්.. මේ මැප් එකේ පෙන්නන්නෙ "

" ඒත් මේ oak ray කියලා තියෙන්නෙ මේ පැත්තටනෙ.."

" කෝ..?? ආ.. බෝඩ් එක තියන පැත්තට යමු එහෙනම්.."

" ඇසිස්ටන් අක්කා වීඩ් ගැහුවද.. අනිවා මේ අක්කා කියන්නෙ මේකෙ පිටිපස්සෙ පාරෙ මොකක් හරි තමා.. පිස්සුනෙ.."

" උඹට තරම් මොලේ නෑනෙ මේකට.. ඔන්න ඕක හරවන්නකො.."

" මට වගේ මොළයක් තිබ්බනම් අක්කා මේ අනුන්ට පාර කිය කිය ඉන්නවද.. ඔයාටත් පිස්සුනෙ.. ඔයා ආඩම්බර වෙන්න ඒයි මං වගේ මොලේ ඇති කොල්ලෙක් ලැබුණු එක ගැන.. ආඩම්බරයි නේ.."

" ඩෝ එකේ වොලට් එක තියද වරද්.."

මේ මනුස්සයා මම කියන ඒවා සත පහකට ගනන් ගන්නැතුව දෙරේ තිබ්බ වොලට් එකක් මගෙන් ඉල්ලුවා.. 

" ඉස්සෙල්ලා කියන්න ආඩම්බරයි කියලා.."

රධ්‍ය අයියා මං දිහා හරිම මහන්සියෙන් බලාගෙන හිටියා..

" ඔව් ඔව් බර වැඩිවෙලා ඉන්නෙ.. දෙනවකො දැන්වත් වොලට් එක.."

මම රධ්‍ය අයියට දෙකක් රවලා ඩ් එකේ තිබ්බ වොලට් එක අරගෙන උකුළට දැම්මා.. බර වැඩිනම් නිදහස් කරගන්නෙපෑ.. වරෙන්කො අපේ ඉස්කෝලෙ උගන්නන්න.. මම ආයෙ මුළ ඉඳලා පලි ගන්නවා මේ සේරටම..

" උඹ හිතන ඒවා මට මෙහෙට ඇහෙනවා වගේ.."

මමත් ඌ කිව්ව එක ඇහුනෙ නෑ වගේ වාහනේ ඇතුලෙ තිබ්බ නමක් ගමක් දනැති ස්ලිපර්ස් දෙක දාගෙන වාහනෙන් බැස්සා.. ඇත්තටම ඒ හොටෙල් එක ලස්සනයි තමා.. මම ඒ වුණාට කලින් මෙහෙම හොටෙල් එකක් ගැන අහලා නෑ. සමහරවිට ළඟදි ඕපන් කරපු එකක් වෙන්නැති.. මම වාහනෙන් බැස්සහම රධ්‍ය අයියත් වාහනෙන් බැහැලා  මාවත් ඇදගෙන හොටෙල් එක පැත්තට ඇවිදගෙන ගියා.. මමත් සරුංගලේ වරල් සැලේ වගේ ඒ පස්සෙන්ම ඇදීගෙන ඇතුළට ගියා.. සිරාවට මේක මාර ලස්සනයි.. හැපීකව්වත් මාර තැන් තමා හොයාගන්නෙ.. මෙහෙනම් අද රෑට නැවතුණත් පාඩු නෑ..

ඊටපස්සෙ කවුන්ටර් එකෙන් බුක් කරපු කාමරේ කී එකත් ඉල්ලගෙන ලන්ච් එකත් සර්ව් කරන්න කියලා රධ්‍ය අයියයි මමයි අපිට හම්බෙලා තිබ්බ රූම් එකට ගියා.. ඒ හොටෙල් එක කොළ පාටයි.. හුඟක් ඕපන් වෙන්න හදලා තිබ්බෙ ග්ලාස් වලින්.. ඉතින් කර්ට්න් එකක් පොඩ්ඩක් මෙහාට කරාම එළියෙ ඔක්කොම පේනවා..

" වෝහ්.. මෙහේ මරුනෙ.."

" ඔයා කැමතිද.."

" ඔව්.. මාර ලස්සනයි නේද.."

මම ස්ලිපර්ස් දෙක ගලවලා බූල් කාපට් එක උඩින් පැන පැන ගිහින් ඇඳ මැද්දට පතබෑවුණා.. හනේ මේ ඇඳනම් රධ්‍ය අයියගෙ ගෙදර ඇඳටත් වඩා ශෝක්.. වැටුණගමන් නින්ද යනවා.. මම ඇඳේ වටයක් පෙරළිලා එළියෙ පේන දේවල් මොනවද කියලා හෙව්වා.. නිල්ම නිල් පාටට අහස පේනවා.. බිම කොළම කොළ පාටයි.. මට ඉස්සරහින් තියන ඒ සී එකෙන්, එන හුළං පාරවල් වලට මගේ මූණට වැටිලා තියෙන කොණ්ඩෙ ලාවට එහෙ මෙහෙ වෙනවා..  ටිකකින් රධ්‍ය අයියත් ඇවිත් මං ගාවින් හිටගෙන එළිය දිහා බලාගෙන හිටියා.. 

" පුළුවන් නම් මේ හොටෙල් එක අයිති කාටද කියලා ගෙස් කරන්න.."

" ඈ අපි දන්න කෙනෙක්ද.. මේ හොටෙල් එක..??"

" ම්ම්.."

කවුද බොලේ අපි දන්න එක්කෙනා.. මෙච්චර හොටෙල් එකක් ගහන්න තරම්.. මම කල්පනා කලා.. කල්පනා කල්ලා කල්ලා කල්ලා අන්තිමට.. පත්තුවුණා..!!

" සිංහවංශ ඇමතියගෙ.. මම හරිනෙ.."

" ම්ම්.. අයුක තමා මේක ගැන කිව්වෙ.. ඌට මොනවද ඩොකියුමන්ට්ස් වගයක් ඕන කියනවා. ඒක ගනන්ත් එක්ක තමා මෙහෙ ආවෙ.."

" එහෙමද.. මේක අයුක අයියගෙ නමට තියෙන එකක්ද.."

" පසුපැවරිල්ල යන්නෙ අයුකට හරි චමිරුට හරි.. අයුකට ඒක ක්ලියර් කරගන්න ඕනලු ලෝයර් එක්ක කතාකල්ලා.."

" කවුද ඔව්වා මෙහෙ ඉඳලා කරන්නෙ ඉතින්.."

" ඔයාගෙ යාළුවා තමයි.."

" අපේ සෙනුකයා..?? ටසිරි මූ යකෝ.."

අපේ සෙනුකයා දැන් කෙලින්ම අයුක අයියගෙ පවුලටම ඉන්වෝල් වෙලා ප්‍රශ්න විසඳවන.. මූ කිව්වෙවත් නෑනෙ එහෙම එකක් ගැන.. මකන්නෙපෑ සෙනුකයව.. සමහරවිට ප'සනල් දේවල් මොනාහරි ඇති.. ඒත් මේකා හෙන ෆෝවර්ඩ් නෙ.. මම හිතුවෙ තාම බයගුල්ලා වගේ ඇමතිපුතාගෙ බොඩිගාඩ් කෙනෙක් දැක්කත් වෙවුලනවා ඇති කියලා..

මම රධ්‍ය අයියගෙ අතකින් ඇදලා මගේ ඇඟ උඩට වට්ටගත්තා.. මේකා ටොන් ගානක් බරයිනෙ.. තා ටිකෙන් මගේ පණ යනවා බෝයිපෙන්ව ඇඟට වට්ටගෙන.. මා රධ්‍ය අයියගෙ බෙල්ල වටේ අත් දෙක ඔතාගෙන කම්මුලට හාද්දක් දුන්නා..

" වරද්..??"

" ම්ම්..??"

" ඇයි මේ.."

" I missed you.. I missed you so much.."

රධ්‍ය අයියා මගේ ඇස් දිහා මාරුවෙන් මාරුවට බලාගෙන ඉඳලා ලාවට හිනාවුණා.. එයාගෙ එකට ගෑවෙන ඇහිබැම, දිග ඇස් පිහාටු ඒ බැල්ම.. මම හුඟක් ආසාවෙන් මතක තියාගෙන ඉන්නවා.. මම හුඟ කාලෙකට පස්සෙ අද ආයෙම එයාගෙ ඇස් ආදරෙන් පිරිලා ඉතිරිලා ගිහින් තියෙනවා දැක්කා.. මට පොඩිම පොඩි අදහසක්වත් නෑ මම පහුගිය කාලෙ ගෙව්වෙ කොහොමද කියලා.. ඒක හුඟක් අමාරුවුණා කියලා විතරක් මම දන්නවා.. ඇත්තටම.. මට එයාව හුඟක් මතක් වුණා..

"I also missed these strange brown eyes that took my very soul from me.."

රධ්‍ය අයියා මගේ ඇහිපිය වලට යටින් හිමිහිට හාද්දක් තිබ්බා.. තියලා මං දිහා හරි බර බැල්මකින් බලාගෙන හිටියා.. ඒ ඇස් වල තියන ආදරේ හිතෙන බැල්මට මාව ඉබේම රතුවෙනවා මට දැනෙනවා.. 

" If you blush like that, we won't go to the beach today.."

රධ්‍ය අයියා කට කොනකින් හිනාවෙලා එහෙම කිව්වහම මට හිනා ගියා.. 

" Why don't we go..??"

" ඒක දන්නෑ.. නිකන් ඉඳහන්.. අර මාමා කිව්වා වගේ උඹ මායං වෙනවා.. බලන් යද්දි අපි තමා පරිස්සම් වෙන්න ඕන.." 

" යාළුවෙලා ඉන්න එකා ඉස්සරහා මායං වෙන්නැතුව.. ඔයා මාර කතානෙ කියම්ම්ම්හ්-ම්ම්!! අයියෙ..!!"

මා රධ්‍ය අයියගෙ පපුවට පාරක් ගහලා එයාව එහාට තල්ලු කරන්න හැදුවත් එයා පොඩ්ඩම පොඩ්ඩක්වත් එහාට ගියේ නෑ.. ඒ වෙනුවට මගේ ඉණ වටේ එක අතක් යවලා මාව එයාගෙ ඇඟට තද කරගෙන මගේ තොල් වලට පහත් වෙලා පොඩි පෙක් එකක් තිබ්බා.. මගේ අතක් ඉබේම එයාගෙ ශර්ට් එක ගුලි කරගත්තා..

" I love to hear the way you say 'අයියෙ' when you turn on.. It's so seductive.."

ඒ එක්කම රධ්‍ය අය්‍යගෙ එක සීතල අතක් මගේ ශර්ට් එක යටින් උඩට ඇදගෙන එනවා මට දැනුණා.. මම ඒ නිසා එහෙටයි මෙහෙටයි ඇඹරුණා..

" Arh..!! don't squeeze my chest hard.. it hurts because of youඅහ්.."

මම කියන්න ගිය එකත් මට අමතක වෙලා යන තරමට රධ්‍ය අයියා මගේ තොල් කිස් කරන්න පටන්ගත්තා.. හරියට දනක මාස හතරකට කලින් දවසෙ වගේ.. මගේ එක අතක් ඇඳට තියලා තද කරගෙන එයා මගේ ඇඟට තව තෙරපුණා.. ඒ විනාඩි ගානට අපි දෙන්නා අතට උපරිම ටෙන්ශන් එකක් තිබ්බා.. හුස්ම ගන්නවත් සිහියක් නැතුව එයා මගේ තොල් උරාබිව්වා.. මම ඒකට අකමැති වුණේ නෑ.. ඒ නිසාම මගේ අත් එයාගෙ කර වටේ එතිලා තිබ්බා.. සැරින් සැරේ එයාව සීරුවා.. ඊයෙ මගේ බෙල්ල ගාව තිබ්බ රතුපාට කැලල අද වෙද්දි ලා දම්පාට වෙලා තිබුන නිසා රධ්‍ය අයියා එතනින් පොඩි හාද්දන් තියලා මගේ ශර්ට් එක උඩට උස්සලා පපුවට පහත් වුණා..

" අ-අහ්.. හහ්.."

මගේ අතට රධ්‍ය අයියගෙ කොන්ඩෙ අහුරක් ගුලි වුණත් එයා කරගෙන යන වැඩේ පොඩ්ඩක්වත් නැවැත්තුවෙ නෑ.. එයා මගේ දිහා ඇස් යටින් බලද්දි මම ඒ ඇස් මඟෑරලා උඩ අතට හරවගත්තා.. මගේ ඇස් පියවෙන්න එනවා.. සැරින් සැරේ.. වෙලාවකට ඒවා උඩ අතට දිගෑරෙනවා..

" අහ්-අයියෙ-අ-හ්ම්.."

*****ding dong****

" එක්ස්කියුස් මී සර්.. ලන්ච් සර්ව් කරන්න පුළු-"

රධ්‍ය අයියා 'ඕ ශිට්' කියාගෙන මගෙන් එහාට වෙලා ශර්ට් එකත් පහලට දාගෙන දොර අරින ගියාම මම කොට්ටයක් අස්සට මූණ ඔබාගත්තා.. එක්කො බීච් යන එක හොඳයි..!




















oak ray

මම ආවා ලමයිනේ.. ඕතරීට නිදිමතයි අයියෝ.. ආයෙ ඉක්මනටම අප්ඩේටුවක් අරන් එන්නම් හොඳේ.. මට බඩ්ඩක් හම්බුණා.. ඒ ටික ඊළඟ චැප්පේ දාන්නම් හරිද..

මේ දවස්වල ඕතරීගෙ ජංගම දුකේ කොල්ලො වැහි වැහැලා.. පුදුමාකාර දළඹුවො ටිකක් තමා සංගම් හදාගෙන රධ්‍ය සොයන මෙහෙයුම දියත් කල්ලා තියෙන්නෙ.. #බයත්_හිතෙනවාබොලව්

එන්නාම්.. ලව් යූ.. 🌚❤

Radhya - 6' 
Waradh - 5' 7 

ප.ලි.

- මෙහි එන සියලු පුද්ගලයන් සහ ස්ථාන හුදෙක් කතුවරයාගෙ සිතුවිලි පදනම් කොටගෙන ලියැවූවකි..

- කථාංගයේ යම් යම් කොටස් උපුටා සමාජ මාධ්‍ය තුළ කතුවරයාගේ අවසරයකින් තොරව පළ කිරීමෙන් වළකින්න.. (ටික්ටොක් වීඩියෝස්/ස්ක්‍රීන්ශොට්ස්)

- කථාංගය පදනම් කොටගෙන විවිධ ආකාරයේ වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්න අවසර නෑ.. එවැනි අනවසර ක්‍රියාවල වගකීම කතුවරයා භාරගන්නෙත් නෑ.. 

Continue lendo

Você também vai gostar

9.9K 3.2K 34
ගැහැනියක් කියන්නේ කවුද? ගණිකාවක් කියන්නේ කවුද? පිරිමින්ගේ සෙල්ලම් බඩු ද? ගැහැණියකගේ දුක, වේදනාව කාටවත් වැදගත් නැද්ද? නැ.... මන් මට ඕනේ ජිවිතේ ජිවත්...
668 232 8
මම කතරේ පිපාසිතව දිය පොදක් සොයමින් හුන් මුවැත්තියක්මි.. නුඹ.. දුර ඈතක සිට ඔච්චම් කරන මිරිඟු දියකි..
1.6M 67.3K 78
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
2.3K 950 48
එකම Apartment එකේ පිස්සු වැඩ කරන සෙට් එකක් Description இல்லை