SEPALIKA | COMPLETED

By cHerRy_MinShi_

3.1M 333K 81.9K

රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලා... More

සේපාලිකා - හැදින්වීම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
66 කොටස
67 කොටස
68 කොටස
69 කොටස
70 කොටස
71 කොටස
72 කොටස
73 කොටස
74 කොටස
75 කොටස
76 කොටස
77 කොටස
78 කොටස
79 කොටස
80 කොටස
81 කොටස
82 කොටස
83 කොටස
84 කොටස
85 කොටස
86 කොටස
87 කොටස
88 කොටස
89 කොටස
90 කොටස
91 කොටස
92 කොටස
93 කොටස
94 කොටස
95 කොටස
96 කොටස
97 කොටස
98 කොටස
99 කොටස
100 කොටස
101 කොටස
102 කොටස
103 කොටස
104 කොටස
105 කොටස
106 කොටස
107 කොටස
108 කොටස
109 කොටස
110 කොටස
111 කොටස
112 කොටස
113 කොටස
114 කොටස
115 කොටස
117 කොටස
118 කොටස
119 කොටස
120 කොටස
121 කොටස
122 කොටස
123 කොටස
124 කොටස
125 කොටස
126 කොටස
127 කොටස
128 කොටස
129 කොටස
130 කොටස
131 කොටස
132කොටස
133 කොටස
134 කොටස
135 කොටස
136 කොටස
137 කොටස
138 කොටස
139 කොටස
140 කොටස
141 කොටස
142 කොටස
143 කොටස
144 කොටස
145 කොටස
146 කොටස
147 කොටස
148 කොටස
149 කොටස
150 කොටස
151 කොටස
152 කොටස
153 කොටස
154 කොටස
155 කොටස
156 කොටස
157 කොටස
158 කොටස
159 කොටස
160 කොටස
161 කොටස
162 කොටස
163 කොටස
164 කොටස
165 කොටස
166 කොටස
167 කොටස
168 කොටස
169 කොටස
170 කොටස
171 කොටස
172 කොටස
173 කොටස
174 කොටස
175 කොටස
176 කොටස
177 කොටස(අවසාන කොටස)
මගෙන් සටහනක්...
ANNOUNCEMENT!

116 කොටස

14.7K 1.6K 687
By cHerRy_MinShi_

" චූටි සේ.. සේ.. සේ.. මෙහෙ එන්නකො.. චූටි..!!"

මම ඊයෙ රෑ දෙකේ ඉඳලා තුනහමාර විතර වෙනකල් මාමා එක්ක පච හල හල ඔන්චිලි පැදලා නිදාගන්න ගියා.. ආධ්‍ය අයියා මම ආයෙම එද්දිත් ගොරව ගොරව නිදි.. පස්සෙ මම ආධ්‍ය අයියගෙ අත අස්සට පැනලා හොඳට ඔලුවෙ ඉඳන් වහගෙන නිදාගත්තහම මාමා ඇවිල්ලා ලයිට් එකත් ඕෆ් කල්ලා මාමගෙ කාමරේට ගියා.. මම උණ හැදිලා නිසා කොහොමත් මම ආධ්‍ය අයියව මං ගාව තියාගන්න කලින්ම ඉල්ලලා තිබ්බෙ.. මාමා ඉතින් අවසානෙ කොහොම හරි අකමැත්තෙන් වුණත් මට ආධ්‍ය අයියව දෙන්න කැමති වුණා.. කවුද ඉතින් මාමගෙන් අවසර ලැබෙනකල් බලන් ඉන්නෙ අනික.. මට ඕන්නම් මම ආධ්‍ය අයියා ගාව තමා නිදාගන්නෙ.. එයාගෙ රෝසල් සුවඳට නින්ද යනවා.. 

මම කණ ගාව ඉඳන් මට සේ සේ කියන්නෙ කවුද බලන්න මූණ උඩ හරිය වෙනකල් වහගෙන තිබ්බ රෙද්ද පපුව ගාවට ඇදලා බලුවා.. බලද්දි ආධ්‍ය අයියා මේසෙ උඩ ගුලිය වගෙ ඉන්න සක්කිලි චූටියට එන්න කියලා කතාකරනවා..

මේ ලෝකෙ චූටිලා දෙන්නෙක්ට වසන්න බෑ..!! අනික ආධ්‍ය අයියා චූටි කියන්නෙ මට විතරනෙ... මගේ හිතේ අපේ ගෙදර ඉන්න සක්කිලි චූටියා කෙරෙහි මහා පරිමාණ ඉරිසියාවක් ගොඩ ගැහුණා.. 

" චූටි.. සෙයි..සෙයි.. මෙහෙ එන්නකො..පූස්.. කිටී.. බළලෝ.. Felis catus..!!"

ටිකකින් චූටි මූණ උස්සලා ආධ්‍ය අයියා දිහා බලලා තඩි ඈනුමක් ඇරලා ආයෙම නිදාගත්තහම ආධ්‍ය අයියට හිනාගියා..

" චූටි!!!!!! සේ.. සේ.. සෙයි.. ආ චූටි ගුඩ්මෝනින්.."

ආධ්‍ය අයියා පූසා දිහා බලාගෙන ඉඳලා මම ඇහැරිලා කියලා දැක්ක නිසා මට ගුඩ්මෝනින් කිව්වා.. දැන් මට චූටි කියන නමත් එක්කත් හරියට කේන්ති යාගෙන එන්නෙ.. 

" අනෙ මේ ඌ කිටී හරිද.. චූටි නෙමේ.. චූටිලා ඉන්නෙ මෙහෙ එක්කෙනයි.."

ආධ්‍ය අයියා මම කියපු එකට හයියෙන් හිනාවෙලා එයාගෙ අත උඩ තිබ්බ මගෙ ඔලුගෙඩිය කොට්ටෙ උඩට තියලා නැගිටලා මේසෙ උඩ හිටිය සක්කිලි පූසව අත් දෙකට අරගත්තා.. 

" මේකා මහ පුදුම ආඩම්බරයිනෙ.. අපේ ගෙදර ඉන්න දෙන්නා නම් උදේම ඇවිත් අපිවත් ඇහැරනවා.."

" ඒ බල්ලො අනේ.. මේ පූසොනෙ.. ඌ හිතාගෙන ඉන්නෙ ඔය, උගේ ගෙදර අපි නැවතිලා ඉන්නෙ කියලා.."

" ඒකනම් ඇත්ත තමා.. පොඩීගෙ කියාරායි රෙක්සියි නම් මීට වඩා හොඳයි.."

ආධ්‍ය අයියගෙ අත් දෙකේ ඉඳලා චූටියා දඟලලා දඟලලා බිමට පැනලා ජනේලෙන් එළීයට ගියා.. ආධ්‍ය අයියා ශර්ට් එකේ ගෑවිලා තිබ්බ පූස් බූල් ටික ගසලා ශර්ට් එක හදාගෙන මගේ නළලට අත තියලා බැලුවා..

" උණ අඩුනෙ.. කකුල රිදෙනවද තාම.."

" උණ ගතියනම් දැන් නෑ.. ඒත් කකුල පොඩ්ඩක් කැක්කුමයි.."

" හවස් වෙද්දි බලමු අඩුවේවිද කියලා.. කෝ නැගිටලා ඇඳුමක් දාගන්න චූටි.. යන් යන් නැගිටින්න.."

" මම නිදි අයියෙ.. අන්න හරේ අපේ මාමා කරපිංචා කඩනවා.. ගිහින් උදව් වෙන්න.. මම-"

ඒ එක්කම කාමරේ මේසෙ උඩ තිබ්බ මගේ ඇඳුම් ගොඩ මගේ දිහාට පියාඹලා එනවා දැක්ක නිසා මම ඔලුවෙ ඉඳලා රෙද්දෙන් පොරව ගත්තා.. ඇඳුම් ටික ආකාසෙන් මගේ ඇඳ පුරාම වැටිලා විසිරිලා ගියා.. මනමාලිගෙ මංගල යහනෙ දාස් මල් පෙති ඉහුවා වගේ.. ඔක්කොමත් හරි ආධ්‍ය අයියගෙ මූණ තමා බලන්න වටින්නෙ.. 

" චූටි!!! දෙනවා දෙකක් මම.."

මම හිනාවෙලා හිනාවෙලා බඩත් අල්ලගෙන එහෙමම වටයක් පෙරලෙන්න ගිහින් බොහ් ගාලා ඇඳ පාමුල රෙද්ද පැටලිලා වැටුණා.. ඒත් හිනායනවා.. අපේ මාමා වගේ නෙමේ ආධ්‍ය අයියට ඉඳලා හිටලා කේන්ති ගියාම හරියට රතු වෙනවා.. බෙල්ලෙ ඉඳලා මුළු මූණම.. කේන්තිම නෙමේ ලැජ්ජද කොහෙද..

මම බිම වැටිලත් දෙකට තුනට නැමිලා හිනාවෙද්දි ආධ්‍ය අයියා පුපුර පුපුර ගිනිගන්න හැටි දැක්කහම මට හුස්මගන්න බැරුව ඉද්දි එකසැරේට ඇඳවිට්ටමේ කකුල වැදුණා බැන්ඩේජ් කරපු හරියෙන්.. මට ඒ පාරනම් රධ්‍ය අයියා එන්න කලින්ම තරු පෙනුනා..

" ආආආආආආආආආආආආආආආආආඅව්!! වැදුණා.."

" මොකද මොකද උදේ පාන්දර මේ බෙරිහන් දෙන්-සුදුමහත්තයා!!!!!!!!!!! ඔය මොකද බිම දඟලන්නෙ.."

" චූටි ඇඳෙන් වැටුණා අනූ.."

" ආආආආආආආආආආආආආආ!! මගේ ඇඟ වටේ රෙද්ද ලිහනවකො මාමෙ.. මට නැගිටින්න බෑ.. ආච්චිඅම්මේ..!!! ආච්චිඅම්මේ..!!"

මාමා ආධ්‍ය අයියා එක්ක හිනාවෙවී මාව පාච්චල් කරන නිසා මම ආච්චිඅම්මට කතාකලා.. කොහෙද මේ අපේ බෝයිපෙන්ලා නැති නිසානෙ මේ සේරම දුක.. ළඟ හිටියානම් නැගිට්ටලා උම්මා එකකුත් දෙනවනෙ.. එහෙනම් මට කුක්-

" ඉඳපන් ඉඳපන්.. සාකි මේකව ඇදලා බිමට දැම්මද.."

" නෑ මේ චූටි.. ඕන්නැති කතා කියනවා අනූ.."

" මේ අයියෙ බොරු කියන්නෙපා හරිද.. බොරු මාමෙ.."

මාමා මාව ටිකකින් බිමින් ඇහිඳලා ඇඳෙන් තිබ්බා කේක් ගෙඩිය වගේ.. අනේ මේ ලබ්බ කපල් මේ කාමරේ අස්සෙ ගෙන්නගන්න හොඳ නෑ.. අද මට රධ්‍ය අයියව මතක් වෙනවා වැඩී.. රෑත් හීනෙන් පෙනුනා රධ්‍ය අයියා පැන පැන ලොකු තණකොළ පිට්ටනියක ඉඳන් මගේ දිහාවට දුවගෙන ඇවිත් මට අහසින් තරුවක් කඩලා දෙනවා.. මම සිහින ඵලාඵල දන්නෙ නැති නිසා තමා මේ සේරම.. තරුවක් කඩලා දුන්න එකෙන් අදහස් වෙන්නෙ.. මම තරුවක් වගේ එළීය දෙනවා කියලා වගේ එකක් වෙන්නැති.. තරුවක් නෙමේ හඳ එපෑ දෙන්න.. කමක් නෑ තරුවක් හරි දුන්නනෙ.. ඒක වටිනවා.. ඒකෙත් එළීය තියෙන්නෙ.. රධ්‍ය අයියා දෙනවනම් තරුවක් නෙමෙ කළුකුහරයක් හරි ගන්නවා ගුරුත්වාකර්ශනේ ගැන හිතන්නැතුව.. රධ්‍ය අයියා උදේට තේ බීලද දන්නෙත් නෑ..

" මොනවද මූ කියන්නෙ.. අර කරපිංචා ජාතකේද.."

ආධ්‍ය අයියා මාමට ඔලුව වනලා මූණ ඇද කරගත්තා.. මාමට ආධ්‍ය අයියගෙ ඉසකුඩිච්චි මූණ දැකලා හිනාගියා..

" අනේ මගේ සුදුහාමිනේට ලැජ්ජ හිතුණද.. කෝ එන්න අප්පේ මූණ බලන්න.."

අපේ මාමා මහ මනමාල හිනාවක් දාගෙන ආධ්‍ය අයියගෙ අතට එකක් ගැහුවගම ආධ්‍ය අයියව තව ටිකක් රතුවෙලා රතුවෙලා පිපිරෙන්නම ආවා.. මේක හෙන ආතල් ඩ්‍රාමා එක හැබැයි..

" එයාට යන්න අනුරාග්.. මේ මොන විකාරයක්ද.."

" සුදුහාමිනේට කිරිකෝපි එකක් හදලා දෙන්නද.. එන්නකො යන්න.. කෝ.. එන්න එන්න.."

" ඒව් අනුරාග්!!.. අනේ මේ චූටි මේ මනුස්සයට යන්න කියන්නකො.. මේ අර අම්මත් ඉන්නවා.."

අපේ මාමා බලෙන්ම ආධ්‍ය අයියගෙ අතත් පටලගෙන කාමරෙන් එළීයට යන්න හැදුවහම ආධ්‍ය අයියා උළුවස්ස බදාගත්තා..

" අම්මා හිටියම මොකද.. මේවා කියලා තියෙන්නෙපැයි අපෙ හාමිනේ.. එන්නකො.. කිරි කෝපි හදලා දෙන්න.."

" අනේ අනුරාග්!!!!!"

මාමා ආධ්‍ය අයියගෙන් උලුවස්ස අතෑරවගෙන සාලෙට ඇදගෙන ගියා.. අද හවස ඉඳන් පිරිතට එළීයෙ කට්ටිය ලයිට් අදිනවා ජනේලෙන් පේනවා.. අල්ලපු ගෙදර රක්තපාත කිකිළිගෙ කටහඬත් මට ඒ අස්සෙ එහෙන් මෙහෙන් ඇහෙනවා වගේ.. ලොකු අම්මගෙ පොඩි පුත්තරයට කිකිළිව සෙට් කල්ලා දෙන්න බැරිද දන්නෙ නෑ.. එහෙම වුණොත් දෙයියනේ කියලා අභිශේක් පොඩි පකයට කලවම් පලා මැලුමක් කාගෙන ජීවත් වෙන්න පුළුවන්.. ඒත් මමනම් කියන්නෙ මොකක් වුණත් කිකිළි හොඳ එකී.. වෙලාවකට පව් කියලත් හිතෙනවා.. මූට දුන්නොත් නැන්දම්මා වෙන්නෙ දෙවුලිච්චි ලොකුඅම්මනෙ.. ඔහොම නැන්දම්මලා නම් ලැබෙන්න හොඳ නෑ.. අන්න මට වගේ නැන්දම්මෙක් හොයාගත්තනම් නිදහසේ වසන්න තිබ්බා.. ඒත් අපේ ලොකුඅම්මා ඕන නෑ.. කිකිළිගෙන් අහන්න ඕන ඇමති පුතෙක් වගේ හොඳ නැද්ද කියලා.. එහෙම වුණොත් අපේ චමිරුවට දෙන්න පුළුවන්..

ඒත් බෑනෙ..!!

චමිරුවට තරුවි ඉන්නවනෙ.. එහෙනම් චමිරුගෙ පස්සෙන් ආපු යොහාන්ට කිකිළී සෙට් කල්ලා දෙන්න බැරිද දන්නෑ.. නැත්නම් මාමට කතාකලා කිව්ව කෙල්ලට දෙනවා කිකිළිව.. කිකිළි ලෙස්ද දන්නෑ හැබැයි.. මහීශා.. ම්ම්.. එපා එපා ඒකිව දරාගන්න මේ කෙල්ලට බෑ.. පව්.. රක්තපාතෙ වුණත් කිකිළි-මනුස්ස දුවක්නෙ.. අනේ මේ නංගි.. උඹට කපුකම් කරන්න මට බෑ.. උඹම හොයාගනින් කවුරු හරි.. ඔය ඉන්නෙ ඕනතරම් කොල්ලො.. මගේ ඇඟේම එල්ලෙන්න ඉන්නෙ.. 

" සුදුමහත්තයා.. කොල්ලො වරෙන්කො එළීයට.. මේ තේක අල්ලන්න එළීයෙ වැඩ කරන මාමලාට.."

ආච්චි යන ගම දොර රෙද්ද මෑත් කරගෙන බෙරිහන් දුන්නු නිසා මම ඇඳ පුරා තිබ්බ ඇදුම් ටික නවලා හනික අල්මරියට ඔබලා ගිහින් මූණ හෝදගත්තා.. මම මූණ හෝදගන්න යද්දි අභිශේකයයි උගෙ අයියා අනුශ්කයයි ආච්චිට කහ වගයක් දමාගෙන අඹරනවා.. හොඳවැඩේ.. අඹරපන් කහ නෙමේ මිරිස්.. ආච්චිඅම්මා හොඳ වැඩී මුන්ට.. මම වගේනම් හොඳ නයි මිරිස් ටිකක් වේලලා දෙනවා අඹරන්න.. ඔය දෙකට්ටුව එහේ ඉන්ටනැශනල් ස්කූල් එකක ඉගනගත්තෙ.. අයියා නම් දැන් මයික්‍රොබයොලොජි ඩිග්‍රියක් කරනවා ප්‍රයිවට්.. අනිකා ලන්ඩන් ඕ ලෙවෙල් කරනවා.. 

" ෂනෙරු අයියෙ.. මම ඔහේ හෙව්වා හැමතැනම.. නිදාගෙනෙයි හිටියේ.."

මම කුස්සියේ බැම්මට හේත්තු වෙලා අම්මා හදන තේ එක ගෙනියන්න රෙඩි පිට ඉද්දි මම ගැස්සිලා ගියේ නක පිරිපස්සෙන් පලපු ටකරමක් බෙරිහන් දීපු නිසා.. මේ ගෑණුන්ට පොඩ්ඩක් හිමින් කතාකරන්න බැරිද දන්නෑ.. හැමතිස්සෙම ගිරිය පලාගෙන කෑගහන්නෙ.. මම හිමිහිට පිටිපස්ස හැරුණහම අපේ අම්මට ලාවට හිනාගියා මම දැක්කා.. දෝණිත් හිනාවෙනවා මට.. මේ බේසික කිකිළි ලැජ්ජ කරනවා..

" ආ නංගි.."

" අයියා තේක ගෙනියනවන්ං මම මේක අල්ලන්නං.."

ඒකි ළඟ තිබ්බ හැලප භාජනේ බදාගත්තහම අම්මා තේ ටික වක්කල්ලා බන්දේසිය මගේ අතේ තිබ්බා.. 

" වට්ටන්නෑ සුදුමහත්තයා..!"

" හැරි හැරි ඇඤේ.. යැයි යැයි තමා.."

අම්මා තේ හැන්දෙන් මගේ ඔලුවට එකක් දුන්නහම මම ගොංපහේ හිනාවක් දාගෙන කුස්සියෙන් තේ අල්ලන්න එළියට ආවා.. කිකිළිත් අහස ඔලුවට කඩන් වැටුණා කියලා කලබල කළ කිකිළි වගේ උදේ නාලා වතුව බේරෙන කොණ්ඩෙ පද්ද පද්ද මගේ පස්සෙන් ඇදීගෙන එනවා.. මේකිට එක්කො මම වෙලාවක් අරන් පැහැදිලි කල්ලා දෙනවා නංගි මම ආස දිග කොණ්ඩ වලට නෙමෙයි කොට කොණ්ඩ වලට කියලා.. බෑ එක්කො.. ඊටපස්සෙ මේකි කොණ්ඩෙ කපාගනී.. එහෙනම් කියන්නෝන මම ආස ගවුම් වලට නෙමේ කලිසම් වලට කියලා.. ආ නෑ සරම් වලට කියනවා.. එක්කො කෙලින්ම කියනවා කොල්ලොන්ට කියලා.. 

මම එළියෙ වැඩ කර කර ඉඳපු අයට තේ අල්ලගෙන අල්ලගෙන යද්දි ඇහැ කොනෙන් දැක්කා සුදුහාමිනෙයි සුදුහාමිනේගෙ නාකි මනමාලයයි ඔංචිලි පදිනවා.. යකෝ!! මිදුලෙ හැමතැනම මිනිස්සු වැඩ කරනවා.. මුන් දෙන්නා වෙනම ආණ්ඩුවකද.. අපේ මාමගෙ පැණිය අනික.. කොහොඹ ගහට හේත්තුවකුත් දාගෙන ආධ්‍ය අයියා එක්ක පච හලනවා.. ආධ්‍ය අයියත් ඔංචිල්ලාවෙ වාඩිවෙලා කඹෙත් අතට අඹරගෙන හිනාවෙවී මාමා එක්ක කියවනවා.. පුදුමයි අපේ මාමා ඕක වෙන කෙනෙක්ට වාඩිවෙන්නවත් දුන්න එක.. ගෙදර ඔන්චිල්ලාව බැන්ඳෙ මට වුණාට ඒකෙ සමබර අයිතියට වඩා වැඩි කොටසක් අපේ මාමට අයිතිව තියෙනවා.. ඒකනිසා ඕකෙ ලේසියෙන් වාඩිවෙන්න කාටවත් බෑ.. දැන් ඒකෙන් මගේ අයිතිය දෙකට බෙදිලා රධ්‍ය අයියා හතරෙන් එකක් අයිති කරගත්තා.. මට ඔක්කොම පැත්තකින් තියලා ඔංචිල්ලාවෙ කඹේ අරගෙන ඒකෙන් තොණ්ඩුවක් හදාගන්න හිතෙනවා..

මම ඉවරවෙච්ච තේ බන්දේසියත් අරගෙන හිමින් සැරේ කපල් එක පැත්තට ඇවිදගෙන ගියා.. කිකිළි කොහෙ ගියාද දන්නෑ.. ආධ්‍ය අයියගෙ අතේ හැලපෙකුත් තියෙන්නෙ.. ඒකි හැලප අල්ලලා එක්කො යන්න ඇති ගෙට.. හොඳයි.. 

" මම හුඟ කාලෙකින් මේ කන්නෙ.. ඔයා කන්නැද්ද.."

" මම ඔව්වා කන්න ආස නෑ ළමයා.."

" ආ..?? ඒ මොකද ඒ.."

" ඔය පොල්පැණියි කුරක්කනුයි.. සැක්.. මේ කනවනම් ඕක කාපන්.."

ආධ්‍ය අයියා මාමට දෙකක් රවලා හැලපෙ කැන්ද කොලේ ගලවලා ගුලි කල්ලා මාමට දමලා ගැහුවා.. අන්න හරි එහෙම තමා ඉන්න ඕන.. වරද්ගෙ ආභාසෙ මගේ මස්සිනාට ඇවිල්ලා ඒකෙන් වරද්ගෙ මාමා පීඩා විඳිනවා..

" ආ චූටි.. ඔයා මේවා කනවද.."

" මම කෑවා අම්මගෙන් ඉල්ලගෙන.."

මම මාමට හේත්තුවක් දාගත්තහම මාමා මගේ කර වටේ අතක් දාගත්තා..

" ඌ කොහොමත් අම්මගෙන් ඉල්ලන් කන්න දන්නවා.."

" අනේ මේ මාමෙ..!!"

" පාඩුවෙ ඉන්න අනුරාග්.. මේ චූටි.. කවුද අර ලස්සන කෙල්ල.. අර  හැලප දීලා ගියේ.. ඔයාට කැමතිලුද එයා.."

" මොන අර රක්ත-අල්ලපු ගෙදර නංගිද.."

" ඔව් අර රතු ගවුමක් ඇඳන් හිටියෙ.."

" ආ දන්නෑ අනේ.. මට ඔව්වා වැඩක් නෑ.. මට කෑල්ලක් ඉන්නවනෙ.."

" ඔව් නේද.."

" ඇයි උඹට සම්පූර්ණ එකක් හොයාගන්න බැරිවුණාද.."

" එයා සම්පූර්ණ කෑල්ලක්.. නෙහ් අයියෙ.."

" ම්ම්.. මම එච්චර ඒවනම් දන්නෙ නෑ ඉතින්.. වෙන්නැති.. චූටි කියන දෙයක් තමා.."

" මූ වගේ උන්ට කැමති වෙන කෙල්ලොත් ඉන්නවද බං.. දවසක ඔය බබරචක්කරේ හම්බුණාම අහනවා උඹට අහේනියද මූ වගේ ඇට්ටරයෙක්ම හොයාගත්තෙ කියලා.."

" අහලා..??"

" අහලා මොනව කරන්නද.. බන්දලා දෙනවා.. උඹ බැඳගත්තු බෙරේ  ගහපන්.."

ආධ්‍ය අයියා ඒකට මහා හයියෙන් හිනාවෙලා එකපාරක් පැද්දුණා..

" ඔව් චූටි.. බැඳගත්ත බෙරේ ගහන්න ඕන.. කියාන් මල්ලිත් කිව්වා දවසක්.."

මම මාමගෙ අතත් ගසලා බන්දේසියත් ආධ්‍ය අයියගෙ ඇඟේ ගහලා මල පැනලා ගෙන එන්න ආවා.. ඉඳපියකො කරන්න මම හොඳ වැඩක්.. අද රෑට පිරිත කියලා බලන්නෑ මාමයි ආධ්‍ය අයියයි නිදාගෙන ඉද්දි දානවා අලිවෙඩි.. මට කරන අපහස වලට.. එක්කො මුන් දෙන්නගෙ ළමයට නම දානවා පිරකංචා කියලා.. 

උදේ වරුවේ ඉඳලා හවස වෙනකල් මට කකුලෙ අමාරුව දෙපිටින් පලයන් කියලා අරහෙටයි මෙහෙටයි දුවලා පිරිතට උදවු වෙන්න වුණා.. ඒ අස්සෙ පෝසිලේන් පිඟන් සෙට් එකකුත් තනියම හෝදන්න වුණා එළියේ ටැප් එකෙන්.. මෙව්වා බිඳුනොත් එහෙම අපේ අම්මා මට ගහන්නෙ බූ හනස්සෙන් තමා.. අපේ අම්මගෙ ප්‍රාණයත් හරි පොසිලේන් සැට් එකත් හරි.. ඒකනිසා දිවි දෙවැනි කොට තමා පිඟන් හේදුවෙ.. ආධ්‍ය අයියා ආච්චිඅම්මට සෙට් වෙලා ආච්චිඅම්මා එක්ක දවල්ට කෑම හැදුවා.. අපේ ආච්චි අයියට හෙන ආදරේ නිසා අයියගෙන් එක එක ඒවා අහනවා.. කෑම හදන රහ ජාති කියලා දෙනවා.. අපි ගැන කියවනවා.. අයියගෙන් විස්තර අහනවා.. මට රධ්‍ය අයියා මතක් වුනා.. එයා දවසක් කිව්වා අපේ පවුලම මෙහෙම එකට ඉන්නවා බලන්න ආසයි කියලා.. එයාලගෙ අම්මත් හිටියනම් සම්පූර්නෙන්ම පවුල ඉන්නවා.. අප්පච්චි ඉතින් කැමති නෑනෙ.. 

ඔහොම ඉද්දි හොඳම ජවනිකාව ආධ්‍ය අයියා එයාගෙ ලොකු නෑනට සෙට් වුණා.. ආධ්‍ය අයියා ඩොක්ටර් කෙනෙක් වුණාට තියන නොලේජ් එකත් එක්ක ලොකුඅම්මට හැරෙන්නවත් බෑ.. අපේ ලොකුඅම්මා නම්බුව රැකගන්න එල්ල කරපු සියලු ප්‍රහාර වලට ආධ්‍ය අයියා සාර්ථක විදියට ප්‍රතිප්‍රහාර එල්ල කරන හැටි මමයි මාමයි කුස්සියෙ බැම්මට වෙලා අහගෙන හිටියා.. මෙන්න නෑනලා මස්සිනාලා.. ගැම්මක් තමා මගේ ආධ්‍ය අයියා.. ලොකු අම්මා කොර වෙලා ඇඹරිලා යන්නම හොඳට හින්ට් ගහලා උත්තර දුන්නා..

" චූටි.. කකුල අමාරුද ඔයාට.."

" මොනවා කරන්න යනවද කියලා දෙයියො තමා දන්නෙ.. ඔච්චර අමාරුවෙන්න.."

ලොකුඅම්මා බීම භාජනේ දිහා බලාගෙන කුටු කුටු ගගා කියද්දි ආධ්‍ය අයියට මලපැන්නා වගේ මම දැක්කා..

" ආන්ටි මොකක් හරි කිව්වද.."

" මොකුත් නෑ.. ඕක අඩුවෙලා යාවි.. නැටිල්ලට හදාගන්න අමාරු ඔව්වා.. අපි දන්නැද්ද.."

ලොකුඅම්මා භාජනේ දිහා බලාගෙනම ලාවට මැතිරුවා..

" ආන්ටිගෙ ෆැකලටි එක කොහෙද මෙහේ.."

" කරාපිටි.."

ආධ්‍ය අයියා ඒකට නෝන්ඩියට වගේ හිනාවුණා..

" ඔය ළමයා කොහේද.."

" මම කලම්බු.. ඒ දවස්වල අයිලන්ඩ් ෆෝර්ත්.. ආන්ටිලා දන්නෙ නම් නැතුවැති.. මගේ මල්ලි මැත්ස් කලේ.. එයා අයිලන්ඩ් ලෙවන්ත්.."

ලොකුඅම්මගෙ ඇස් දෙක උඩයනවා මම දැක්කා.. ඇතිද දන්නෑ අහගත්තා..

" කොහොමද ඒ කාලෙ වැඩකටයුතු එහෙම.."

" ම්ම්.. විශේශ දෙයක් නෑ ආන්ටි.. ආ!! එකපාරක් මම කැම්පස් එකේදි ලියපු ආටිකල් එකක් ප්‍රොෆෙසර් කෙනෙක් The Lancet මැගසින් එකට දැම්මා.. මම ෆෝත් ඉයර් එකේ ඉද්දි.."

" The Lancet එකට..??"

" ඔව් ඒශියන් කන්ට්‍රි එකකට මුලින්ම තිබ්බේ මගේ ආටිකල් එකක්.. බ්‍රේන් එක ගැන මම තනියම ඇනලයිස් කරපු පොඩි ප්‍රොජෙක්ට් එකක්.."

" ම්ම්.. හොඳයිනෙ.. ඔය ළමයගෙ අම්මත් ඩොක්ටර් කෙනෙක් කිව්වා නේද.."

" ඔව් ආන්ටි.. දැන් කන්සාල්ටන්ට් ස්ටඩීස් යන්නෙ.."

ලොකුඅම්මා මූණිච්චාවට හිනාවේගෙන කුස්සියෙන් යන්න ගියාම අපේ මාමත් ආධ්‍ය අයියගෙ පස්සට දෙකක් දීගෙන ඇහැක් ගහලා කුස්සියෙන් යන්න ගියා.. යකෝ මම මේ නිතර දෙවේලෙ බදාගෙන ඉන්නෙ පට්ට බුලට් එකක්නෙ බලන් යද්දි.. කියලවත් නෑ කලින්.. මම හිමින්සැරේ නැගිටලා ආධ්‍ය අයියා ගාවට කිට්ටු වුණා.. මොලෙන් ටිකක් ඉල්ලගන්න වගේ බැරිද දන්නෙ නෑ මගේ බුද්ධිමත් මස්සිනාගෙන්.. අපේ මාමත් ඉඳලා ඉඳලා හොඳම ජාතියෙන් අමුතුම එකෙක් හොයාගෙන තියෙනවා.. ඒ එක්කම ගිය මාමා ආයෙම ආවා..

" ඒ සාකි.. මරු ඈ.."

ආධ්‍ය අයියා ලාවට හිනාවෙලා මගේ අතින් බීම වීදුරුවක් තිබ්බා..

" ආධ්‍ය අයියා මාරයිනෙ මාමෙ.."

" කාගෙත.. මගේ තමා ඉතින්.."

මාමා බොරුවට ශර්ට් එකේ කොලර් එක උස්සගත්තා..

" අයියා ඒ කාලෙ හැමදාම බැච් ටොප් ද.."

" හැමදාම නෑ චූටි.. ම්ම්.. ඉඳලා හිටලා වෙනවා.. මට වඩා දක්ශ අය හිටියා.."

" එහෙම වෙන්න බෑනෙ.. අයියා නෙමේද දක්ශම.."

" මට ඒ දවස්වල සෑහෙන්න ඔලුවේ හොයන්න දේවල් ගොඩගැහිලා සබ්ජෙක්ට් එකට පාඩම් කරගන්න වෙන්නෑ.. ඔය මම වෙනම කරපු පොඩි ප්‍රොජෙක්ට්ස් වලට එහෙම අවෝර්ඩ්ස් හම්බෙලා තියෙනවා.. ඒ ඇරෙන්න.. විශේශයක් නෑ ඉතින්.."

" මුගෙ බොරුව බං.. මූ තමා හැමපාරම බැච් ටොප්.. දෙන්නෙ බොට බොරු කිව්වොත්.."

මාමා ආධ්‍ය අයියගෙ අතට පාරක් ගැහුවම ආධ්‍ය අයියා හිනාවුණා..

" එකපාරක් වුණේ නෑ.. ඒ ඇරෙන්න වෙලා තියෙනවා.."

" මරුනෙ.. වෝහ්!!!!!!!! ඒ මාමෙ මට දෙන්නකො අයියව.. බැරිද.. එක ගෙයි කන්න වගේ.."

" නිකන් ඉඳහන්. අනික මේකා බැච් එකේ ටොප් වුනොත් තමා කොහොමත්.. නැතුව බලද්-"

" අනූ!!!!!!!!!!!"

ආධ්‍ය අයියා මාමට කකුලෙන් ගහලා කුස්සියෙන් කෑම කාමරේට තල්ලු කල්ලා එලෙව්වා..

හවස් වෙද්දි අපේ ගෙදරට කට්ටිය එන්න ගත්තා.. ගමේම උදවිය තමා.. රෑ පිරිත නිසා.. මමත් නාලා කකුලත් ඔතාගෙන සුදු ශර්ට් එකකට සුදු කලිසමක් ඇඳගත්තා.. ගෙදර අනිත් අයත් ලෑස්තිවෙලා හිටියේ.. අනික කකුල තෙමුව නිසා කැක්කුම වැඩිවුණාද මන්දා.. කැක්කුම අල්ලලා ආයෙම උණ වගේ ඇවිල්ලා තිබ්බෙ.. උණ කියනෙ ඊයෙ වගේ සහලෝලා උණ නෙමේ.. ලාවට ඇඟ රස්නෙ ගතියක් තිබ්බෙ.. නෑව නිසා නිදිමතකුත් හිමින්සැරේ ලෝඩ් වෙලා ඇස් පියවෙන්න එනවා.. 

හවස හාමුදුරුවරු වඩිනවෙලාවෙ මම ආධ්‍ය අයියගෙ අස්සට වෙලා සාලෙ කොනක හිටගෙන හිටියා.. සාලෙ බඩු අස් කල්ලා ආසන පනවලා සුදුරෙදි දාලා තිබුනෙ.. ඉස්සරහා ස්ටූල් එකක් වතුර අරවා මේවා තියලා.. හාමුදුවරු වැඩම කලාට පස්සෙත් හුඟක් කට්ටිය ගෙදරට ආවා ගියා.. අපේ ගෙදර කොහොමත් මේක වෙනවා.. සීයගෙ දානෙ නිසා.. පහුගිය අවුරුදු දෙක තුන කරගන්න විදියක් තිබුනෙ නෑ ආච්චිඅම්මට වැඩ වැඩිවෙලා කුඹුරුවල..

පිරිත පටන්ගත්තහම මාමා, අයියලා, මල්ලිලා, කිකිලිලා ඔක්කොම හිටියෙ සාලෙ.. මමත් ඒ එක්කම වාඩිවෙලා පිරිත් අහගෙන හිටියේ.. අම්මලා ඉතින් කුස්සියේමයි.. එන්න වෙලාවක් නෑ එළියට.. හෙට දවල්දානෙට දේවල් ලෑස්තිකරනවා.. මම උදවු කරන්න ගියාමත් වැඩ දෙක කරනවා කියලා බනින නිසා රෑ දහය හමාරට විතර මම ගෙදරින් පොඩ්ඩක් වෙනම තියෙන මගේ කාමරේට වැදිලා ඇඳේ හරහට හාන්සි වුණා.. ඇඟට මහන්සියට වැටුණගමන් මලා වගේ ඇස්පියවෙනවා.. අන්තිමට මට කොහොම හරි නින්ද ගියා..

මම හිටියේ ලොකූ නින්දක.. ඒත් ගෙදර පිරිත් කියන සද්දෙ මට ඇහෙනවා හොඳට.. කාමරේමයි කාමරේ ඉස්සරහා පොඩි කෑල්ලයි දෙකම කළුවරයි.. මම ඉන්න තැනට ජනේලෙන් එළීයේ දාපු ලයිට් එකක එළීයක් තිබ්බා මිසක්.. වෙන කිසිම එළීයක් තිබ්බෙ නෑ.. මොකද ලයිට් දැම්මහම එනවා හැමෝම ඒගොල්ලොන්ගෙ නින්ද ගිය ළමයි මගේ ඇඳේ නිදි කරවන්න.. මම කැමති නෑ ඒකට.. 

ආයෙම නිකම් මම හීනෙන් වගේ ඇහැරෙද්දිත් කාමරේ කලුවරයි.. එළීයේ මොකෙක්වත් නෑ.. ගේ ඇතුලේ සද්ද බද්ද නම් ඇහෙනවා මට ලාවට වගේ.. කාමරේ පොඩ්ඩක් වෙනම තියෙන නිසා මට ඒවා දොර වැහුවහම ඇහෙන්නෙ නෑ.. ඒ හීනෙන් වගේ ඇහැරුණු නින්දට ආයෙම මට ඇස් පියවිලා නින්ද ගියා.. ඇඟත් තාම රස්නෙට දැනෙන නිසා පුදුම තෙහෙටුවක් දැනෙනවා..

" මම බයේ හිටියෙ.. පරක්කු වුණානෙ.."
" උණ ගැනිලා.. "
"ම්ම්.."

මම ආයෙම පොඩ්ඩක් ඇහැ ඇරෙද්දි කාමරේ ගාවින් කටහඬක් ඇහුණා.. කාගෙද දන්නෙත් නෑ.. පාන්දර ආටානාටිය කියනවා මට ඇහෙනවා.. ඒක කියන විදියට මට පොඩිකාලෙ ඉඳලා බයයි.. අර සැර කරලා වගේ හාමුදුරුවරු ඒක කියන තාලෙට අමුතු බයක් හිතේ ඇතිවෙනවා.. අනික ආටානාටිය කියද්දි කාමරවල තනියම ඉන්නත් එපා කියලා කියන්නෙ.. මම විතරයි මේ පැත්තට ඉන්නෙත්.. මට එක සැරේ බයහිතුනු නිසා ඇඳ රෙද්ද අරගෙන ඔලුවෙ ඉඳන් පොරවගත්තා.. ආටානාටිය දේශනා කරන්නෙ යක්කු පෙරේතයො ගෙවල් වල ඉන්නවානම් ඒ බැල්මවල් අයින් කරන්න කියලා මම අහලා තියෙනවා.. එකසැරේට ගමේ කනත්තයි, හොල්මන් ටීවී සීරීසුයි, සෙනුකයයි මහීශායි කියපු හොල්මන් කතායි ඔක්කොම මතක් වෙලා මට පිස්සු හැදෙන්න ආවා.. ඒ එක්කම මගේ කාමරේ පැත්තෙන් අඩි සද්දයක් ඇහිලා දොර අගුල කැරකෙනවා ඇහුණා.. ටහුක්කන්න යකෝ හොල්මනක්ද මේ.. මැරිච්ච සීයා කාමරේට ඇවිල්ලා.. මගෙ දෙයියනේ!!!

ඉතිපිසෝ භගවා අරහං සම්ම්ම්-සම්ම්

මට ඒ විනාඩියට දොර අගුල වැහිලා අඩි සද්දෙ මගේ දිහාවට එද්දි අත පය කකුල් දරදඬු කරගෙන මැරිච්ච එකා වගේම හිටියා.. ඒ අස්සෙ නිතර දෙවේලෙ කියපු ඉතිපිසෝ ගාථාවත් අමතක වෙලා.. ආච්චිඅම්මෙ සීයට කාමරේ වැරදිලා තමා මේ නම්.. මගේ ඇඳේ පැත්තක් බරවෙනවා මට දැනුණා.. මගේ පපුව දැන් නම් එළීයටම පනිනවා මම දන්නවා.. ඊටපස්සෙ ඔලුවෙ ඉඳන් වහගෙන උන්නු රෙද්ද පහළට වෙලා මගේ තොල් වලින් තෙතට මොකක් හරි වැදෙනවා දැනුණා.. ඒ එක්කම මම අතට ක්ශනිකව අහුවෙච්ච කොට්ටෙ උස්සලා මාව මහ කළුවරේ ඉඹින්න ආපු එකාගෙ මූණට දලා ඇරලා ඌව පයින් පාගගෙන ඇඳේ එහාපැත්තට තට්ටු කල්ලා මූණට කොට්ටෙ තදකලා.. කුපාඩියා.. කවුද යකෝ මාව ඉඹින්න ආවෙ පිරිත් ගෙදර අස්සෙ.. මම කෝකටත් ෆෝන් එකේ ටෝච් එක ඕන් කරගත්තා.. 

ඒත්..

මට කුපාඩියා ගාවින්.. කලින් දැනිලා තියෙන ලෙමන් සුවඳක් දැනෙනවා වගේ.. මගේ ඔලුවට එකසැරේ පත්තු නොවුණට ටිකකින් ටාර් ගාලා එළියක් පත්තු වෙලා, එළිය පත්තු වුණු පාරට කලන්තෙට ඇවිත් පපුව හිරවෙලා මැරෙන්න ගියා.. මම කොට්ටෙට මූණ තදවෙලා දඟලන එකාගෙ කොට්ටෙ අයින් කල්ලා මූණට ටෝච් එක ගැහුවා.. ඒ ගහපු ගමන්-

" ඕක අහකට ගන්නවා වරද්!!!!!!!!"

මම එකසැරේ ටෝච් එක ඇඳ උඩට අතෑරලා ගිහින් කාමරේ ස්විච් එක ඕන් කලා.. යකෝ මේකා.. මේ පොල් කාවයියා.. ගැටපොලොස් කොට්ටෝරුවා.. මට එනවා කියලා මොනෞත්තක්ද කෝල් එකක්වත් දුන්නැත්තෙ.. තා ඩිංගෙන් මම පණ යනවා සීයට වැරදිලා මාව හොයාගෙන ඇවිල්ලා කියලා..

" රධ්‍ය අයියේ!!!!!!!!!!!!!!!!!!!!!!!!!හ්.. තවුසෙ.. බූරුවා.. මෝඩ හැලපයා.. එනවා.. කියලා.. මට.. කෝල්.. එකක්වත්.. ගත්තෙ.. නෑ.. තවුසෙව.. මම.. අද.. මරලා.. දානවා.."

මම අතට අහුවෙච්ච කොට්ටෙන් අහුවෙන අහුවෙන අතට ඇඳ උඩ වැටිලා ඉන්න රධ්‍ය අයියගෙ මූණ මැද්දෑවට දමලා ඇරියා..

" ආව් බං.. ඕක නවත්තපිය.. වරද්.. ආ-ආ-ආව්.."

රධ්‍ය අයියා එකසැරේම නැගිටලා, මගේ අත් දෙකෙන් අල්ලලා, මාව උස්සලා, ඇඳ මැද්දට අතෑරියා.. තා ඩිංගෙන් ඇඳේ පොලු ටික ගැලවිලා බිම වැටෙනවා.. 

" ආහ්ව්.. අයියෙ.. කීයටද ආවෙ.. මගුල.. කෝල් එකක්වත් ගන්න බැරිද.. කවද්ද ගෙදර ගිහ්-ම්ම්හ්"

මට කියන්න ගියපු වාක්‍ය ටික හරියට කියාගන්න හම්බුණෙත් නෑ රධ්‍ය අයියා මගේ අත් දෙක ඇඳට තියලා තද කරගෙන තොල් වලට පහත් වුණා..


















එයා ආවා.. මංදාරම් කතාවේ...~

අම්මියෝ මම යාලුවෙලා හිටපු මනුස්සයා දුර ගිහින් ආවා වගේ දැනෙම්නෙ..
හැපි හැපි හැපි.. ලල් ලල් ලල් ලල් ලා ලා..

ඔන්න උබර්ලගෙ රධ්‍ය අයියා එක්කන් ආවා.. දෙයියනේ ගේනකල් මේ ඕතර් කලවැම්දට සිවිලිමේ ඉන්න දුන්නෑනෙ.. දෙනවා පුපට දෙක්ක.. හරිත..

එන්නාම්.. ලව් යූ.. 🌚❤

ප.ලි.

- මෙහි එන සියලු පුද්ගලයන් සහ ස්ථාන හුදෙක් කතුවරයාගෙ සිතුවිලි පදනම් කොටගෙන ලියැවූවකි..

- කථාංගයේ යම් යම් කොටස් උපුටා සමාජ මාධ්‍ය තුළ කතුවරයාගේ අවසරයකින් තොරව පළ කිරීමෙන් වළකින්න.. (ටික්ටොක් වීඩියෝස්/ස්ක්‍රීන්ශොට්ස්)

- කථාංගය පදනම් කොටගෙන විවිධ ආකාරයේ වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්න අවසර නෑ.. එවැනි අනවසර ක්‍රියාවල වගකීම කතුවරයා භාරගන්නෙත් නෑ.. 
















Continue Reading

You'll Also Like

2.4K 472 8
Lovers Who Share One Soul [ සිංහල] || My First Minsung ff || Bl romance || Sinhala || Short Chapters 2022 - 02- 05 ❌ Only fan fiction Imaginati...
1.1K 246 24
ඔහෙලට කී සැරයක් මම ඒක තේරුම් කරන්න ඕනද? දන්නේ නැද්ද නන්ගි අපිට Tube Lights නේ කෙල්ලෙක් ගෙ බොරු කතාවක් හින්දා සමාජෙන් කොන්වෙච්ච අහිංසක යාළුවො දෙන්නෙක්...
445K 23.2K 51
အခြေအနေတစ်ခုကြောင့် လက်ထပ်ဖြစ်ခဲ့ကြတယ် အန်တီက ရိုးရဲ့ ဇနီးမယားပါပဲ... အေျခအေနတစ္ခုေၾကာင့္ လက္ထပ္ျဖစ္ခဲ့ၾကတယ္ အန္တီက ရိုးရဲ႕ ဇနီးမယားပါပဲ...