- Plot 23 -

Da Bulbz_D

869K 115K 39.8K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Altro

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 9 -

7.4K 1K 83
Da Bulbz_D

'' මං කොල්ලෙක් සුදු මාමේ.. මොන මගුලකටද මෙච්චර ෆේන්ට් වෙන්නේ ? '' ගවීෂ් ඇහුවේ සුදු මාමා එයාට දිපු ඇපල් ගෙඩියෙන් ලොකු කටක් කටේ ඔබාගෙන ගමන්.. මොන ලැජ්ජාවක්ද අර ආශක්‍යසිංහ කොල්ලාගේ අත උඩ ෆේන්ට් උනා කිව්වම !!!!..

'' අව්වේ ඉදියාද නැත්තන් බය වුනාද මොකකට හරි ?  ''

'' මං මොකටද බය වෙන්නේ ? '' ගවීෂ් රැව්වේ තව ඇපල් කටක් කටේ ඔබාගන්න ගමන්...

'' පරණ හීනෙමද ? '' සුදු මාමාගේ ප්‍රශ්නේට ඒ පාර ගවීෂ් ඇපල් ගෙඩිය පැත්තෙන් තිබ්බා...

'' ඒක හිනයක් නෙවේ !!!!  මං ඒක ඇත්තටම දැක්කා..'' ගවීෂ් තදින් කිව්වේ මෙතුල ගවීෂ්ගේ පිටට තට්ටුවක් දාද්දි...

'' එතකොට ඔයා පොඩිනේ ගවීෂ්.. ''

'' පොඩිමත් නැහැනේ සුදු මාමේ... අවුරුදු එකහාමාරක්.. අනික මේ... අපි සාමාන්‍ය මිනිස්සු නෙවේනේ ? '' ගවීෂ් තදින් ඇහුවේ මෙතුල නිශ්ශබ්ද වෙද්දි...

'' ඔයාට හිතෙන්නේ මොකක්ද දරුවො ? ''

'' සීයාට කතා කරනවද නැද්ද කියලා මං මේ හිතුවේ... සියා මේක තදින් හිතුවොත්...... '' ගවීෂ් නැවැත්තුවේ සුදු මාමා දිහා බලලා...

'' කරන දෙයක් හොදට හිතලා කරන්න ගවීෂ්... මොකද  - '' මෙතුල නැවැත්තුවේ දොර ඇරගෙන ඇතුලට ආපු මියුන් නිසා... ගවීෂ් රවලා අනිත් පැත්ත හැරුනේ මෙතුල මියුන් එක්ක හිනා වෙද්දි... මොකො යන්න කියන්නද මේක මියුන්ගේ කාමරේ නේ... මියුන් කිසි කතාවක් නැතුව මෙතුලගේ අතට එයා ගෙනාපු මොනවද මොනවද දෙනවා ගවීෂ් බලාගෙන ඉදියා..... 

'' ආහ් මෙන්න '' මියුන් ගෙනත් දිපු සබ්බ සකල මනාවම සුදු මාමා ඒ ගැම්මටම එයාට දික් කරනවා බලාගෙන ඉදපු ගවීෂ් සුදු මාමාට රැව්වේ ඒක දෙන්න වෙන වෙලාවක් තිබ්බේම නැද්ද කියලා හිත හිත... ෆ්ලේවර්ඩ් කෝන් ෆ්ලේක්ස් , චීස් , ටිපි ටිප් , චොක්ලට් බිස්කට් .. ම්ම්...ආහ් තව සන් ක්‍රෂ් කෑන් දෙකකුත් තියෙනවා..එක පාරක් ෆේන්ට් උනයි කියලා ලෙඩෙක් ගානට දාලා සලකන එක හරි වැරදියි හැබැයි... ගවීෂ් හිමින් සැරේ ඔළුව උස්සලා මියුන් දිහා බැලුවේ ලෙඩ වෙච්ච මනුස්සයෙක්ට ආස නැති ෆ්ලේවර්ස්වලින් සන් ක්‍රෂ් ගෙනාපු එකට ජාතිය අමතන්න හිතාගෙන..... අපොයි.. ඌ මෙහේ බලාගෙන ද ඉන්නේ... මියුන්ගේ ඇස් දෙකේ යන්තමින් සිතල නැති හිනාවක් ඇදෙනවා ගවීෂ් ආපහු පැයට අංශක බරගානකින් සුදු මාමා දිහාවට හැරුනා.... ඩග් ඩොග් ඩග් ඩොග් ඩග් ඩොග් ඩග්......

'' ආයේ අසනිපද ? '' ගවීෂ්ගේ ඇස් ආයේ රතු පාට වෙනවා බලාගෙන ඉදපු මෙතුල ඇහුවේ ගවීෂ්ගේ නළලට අත තියලා බලලා...නෑ හැබැයි කොල්ලට උනකුත් නෑ.. මෙතුල හිතුවේ ගවීෂ් මෙච්චර වෙලා අතේ තිබ්බ ඉතිරි ඇපල් කැල්ලත් සම්පූර්ණයෙන්ම කටේ ඔබාගෙන ගිලින දිහා බලාගෙන...

'' මං ගියා.... මේක ඇතුළේ මහ ගස් ගදයි...  '' ඊළගට ගවීෂ් හිතුවක්කාරකමට ඇදෙන් බහිනවා මෙතුල බලාගෙන ඉදියා... එයාගේ කාමරේට ගිහින් දොරත් වහලා දාපු ගවීෂ් බැග් එකේ තිබ්බ ටිපි ටිප් පැකට් එක කැඩුවේ අහුරක්ම කටේ ඔබාගෙන ගන්න ගමන්.. ඒ අහුර ගිලින්න කලින් ඊළග අහුරත් කටේ ඔබාගත්ත ගවීෂ් ඇද ගාවම බිමින් වාඩිවුනා... ඇපලුයි ටිපි ටිපුයි... අවුලක්මත් නැ හැබැයි.. විනාඩි පහකින් ටිපි ටිප් පැකට් එක පැත්තකින් තියපු ගවීෂ් ආයේ නැගිට්ටේ එයාගේ මේසේ උඩ තිබ්බ වතුර බෝතලේත් අතට අරගෙන... මිනිහා යුද්ධේට යන්න වගේ වතුර බෝතලේ කරේ තියාගත්තා...  එහෙමම ගිහින් මියුන්ගේ කාමරේ දොරට තට්ටු කරපු ගවීෂ් බලන් ඉදියේ එයා දොර අරිනකං...

එකයි... දෙකයි.. තු - ...... මියුන් දොර ඇරියා.. දොර ඉස්සරහ හිටගෙන ඉදියේ ගවීෂ් කියලා දැක්ක මියුන් උරහිස් දෙක ඇකිළුවේ මුකුත්ම කියන්නේ නැතුව... ඇයි දැන් මෙතනින් කඩාගෙන ගියේ ගස් ගදයි ගාගෙන...ඔන්න ආයේම එකයි දෙකයි තුනයි... ගවීෂ් මියුන්වත් තල්ලු කරගෙනම කාමරේ ඇතුළට පැන්නේ තාමත් ඇතුළේ ඉදපු සුදු මාමාවත් නොදැක්ක ගානට... වතුර බෝතලේ කැප් එක කඩපු ගවීෂ් කිසිම ගානක් නැතුව මියුන්ගේ ඇදේ කෙළවරක ඉදන් අනිත් කෙළවරටම වතුර බෝතලය හැලුවේ මෙතුලයි මියුනුයි මුකුත් හිතාගන්නත් කලින්...

'' ඒයි..පිස්සුද තමුසේට ?  '' මියුන් කට අරින්නත් කලින් මියුන්ගේ වතුර බෝතලේත් කඩලා ගත්ත ගවීෂ් ඒකත් අර විදියටම හලාගෙන හලාගෙන ගිහින් බෝතලේත් අැද උඩටම විසි කරලා හෙන වීරකමක් කලා වගේ එහා පැත්ත හැරුනේ ගවීෂ්ට ගහන්න පැනපු මියුන්ව මෙතුල පිටිපස්සට ඇදලා ගනිද්දි...
ඇයි දැන් මං ඒම කලේ ? අදාළ නැනේ ..මට ඕන නිසා කළා.. ආවා මෙතන හිනා වෙන්න මාත් එක්ක... සුදු මාමා මියුන්ව අල්ලන් ඉන්න බව ෂුවර් එකටම දන්න නිසාම එයාගේ මිඩ්ල් ෆින්ග එකෙන් මියුන්ට සැලියුට් කරපු ගවීෂ් ආයේ මියුන්ගේ කාමරේ දොරත් දඩාස් ගාලා වහගෙනම එළියට ගියේ ට්‍රෝජන් යුද්ධේ දින්න ගානට....

'' මොන සමයමක්ද ? !!! '' මියුන් කේන්තිය පිට කලේ මෙතුල දිහා හැරිලා... ආශක්‍යසිංහ කෙනෙක් තියා කොහොම උනත් මෙතුලගේ මූණ දැක්කම බනින්න හිතෙන්නැති ගතියක් ඕන කෙනෙක්ට තියේ... එක අතකට එදා වලියෙන් පස්සේ ඇදේ ඉද්දි ක්‍රිෂ් අක්කට කෝල් කලෙත් මෙතුල නිසාම තමා මියුන් ආයේම කට පියාගෙන නිශ්ශබ්ද උනේ.. නැත්තන් මේ වෙනකොට ගවීෂ් වෙනුවට මියුන් , මෙතුලගේ බෙල්ල මිරිකලා කාමරෙන් එළියට ඇදලා දාලත් ඉවරයි...

'' මං ඇද මාරු කරවලා දෙන්නං.. '' මෙතුල කිව්වේ ගවීෂ්ගේ මෙලො තේරුමක් නැති වැඩවලට හිතින් බනින ගමන්... මේ මෝඩයත් කරන වැඩ..

'' ඕන නැ.. මට දැන් තනියම ඉන්න තියේ නං ඒක තරම් කරන්න පුලුවන් ලොකුම උදව්ව !!   ''  මියුන් වදින්න නොවදින්න කිව්වේ එයාට එලියට යන්නෙයි කියන එක කියලා මෙතුලට අමුතුවෙන් තේරුම් කරලා දෙන්න ඕනත් නැ.... ආයේ ඉතින් මේ දරුවාගේ මූණ බලන්නත් මොකක්ද වගේ... අාශක්‍යසිංහ කෙනෙක් කියලා නෑ , අහිංසකයි වගේ පෙනුනට මේ කොල්ලා හෙන දරුණුයි, ඒත් කෙලින් වැඩ කියලා මෙතුල තේරුම් අරගෙනයි තිබ්බේ...

'' සමාවෙන්න දරුවො කරදරයක් උනා නම්.. '' මෙතුල සන්සුන් කිව්වත් මියුන් මුකුත්ම කියන්නැතුව අනිත් පැත්ත හැරුනේ හිතුවක්කාරකමට කියලා මෙතුලට හොදටම තේරෙනවා.. දැන් පොඩි උන්ගේ හැටිමද මන්දා.. හොස්ස අගින් මැස්ස යන්න බැරි ඒ දවස්වල ගැනු ළමයින්ගේ.. දැන් මුන් හොදයි.. හොස්ස අගින් රැවුල් ගහක් ආවත් ඇති හුහ් හුහ් ගගා පුප්ප පුප්ප ඉන්නවා හතර වටේට .... මෙතුල හිතුවේ හිනා වෙලා , මියුන්ගේ කාමරේ දොර වහලා දාලා...

'' වට් හැපන්ඩ් මේපල් ? ''

'' ආහ් අවී... '' හැරෙන්නෙත් නැතුවම අවිනාශ්ගේ කටහඩ අදුරග්තත මෙතුල පුරුද්දටම වගේ ගිහින් අවිනාශ්ගේ ඇගට හේත්තු වුනා... ‍ඒ විනාඩියක් යන්නත් කලින් අවිනාශ්ගේ අත මෙතුල වටේ එතුනේත් ඒ පුරුද්දටම වගේ...

'' ඒ පාර මොකද වුනේ ? පහළටම සද්දේ ඇහුනා '' අවිනාශ් කිව්වේ මෙතුල හිනා වෙලා එයාවත් ඇදගෙන පඩිපෙළ බහිද්දි...

'' ඩ්‍රොමිඩියන් බෝයි ද කැගැහුවේ අර ? '' අවිනාශ් ආයේ ඇහුවේ පහළම තට්ටුවේ ඉදපු මිනිස්සුත් දෙදරන්නම මියුන්ගේ කටහඩ ඇහිලා තිබ්බ නිසා..

'' හ්ම්.. අපේ ගවියත් කරන වැඩනේ.. අර කොල්ලාගේ ඇදට වතුර හැලුවානේ.... '' ගවිෂ්ට කොච්චර හිතින් බැන බැන ඉදියත් ගවිෂ් කරපු දග වැඩ මෙතුල කියන්නේ එයා කරපු දග වැඩක් ගානට...

'' සිරියස්ලි ? නො වොරීස්... මං ඒකට මොනා හරි කරන්නම්.. ''

'' නෑ නෑ,. ඕම තියෙන්න දෙන්නකො අවී.. මොකක්ද වෙන්නේ කියලා තමයි මටත් බලාගන්න ඕන.. ''

'' ඒ මොකද මෙතු ?  ''

'' ගොනා අනින්න පැන්නට හැරෙන්නේ පොල් පැලේ කන්නද කියලාත් හිතෙනවා ඒකයි..... ''  මෙතුල හිනා වෙලා කිව්වේ කවුන්ට එක උඩට පැනලා වාඩි වෙන ගමන්.. ඒක ඉතින් එයාට පුරුදු තැන නේ... යන්තං හරි ඉතින් අවිනාශ් ගානට උස යන්න නං එයාට තියන එකම විකල්පය තමයි කවුන්ට එක උඩින් වාඩි වෙන එක...

'' අනේ මන්දන්නැ ඔයයි ඔයාගේ තේරවිලි කවියි..  පටලන්න පුලුවන් උපරිමේටම මාව පටලනවානේ......ම්ම්.. '' අවිනාශ් මිමිණුවේ මෙතුලට ළං වෙන ගමන්... ඒ ගොනත් හැරෙන්නේ පොල් පැලේ කන්නද කොහේ...

'' ආහ් දැන් පැටලිලාද ඉන්නේ එතකොට  ? ''අවිනාශ්ගේ තනි කළු කැප් එක ගලවලා හිමින් සැරේ කවුන්ට එක උඩින්ම තියලා මෙතුල ආපහු හැරුනේ අවිනාශ්ගේ ඇස් දෙකට කෙලින්ම එබෙන ගමන්... මෙතුල එහෙම බැලුවම අවිනාශ්ගේ මැජෙන්ටා පාට යොරෙල් ඇස් දෙක හරි ඉක්මනට පිරෙනවා.. එතකොට ඉතින් මෙතුලත් එයාගෙම ඇස් දෙකටත් වඩා වේගෙන් රතු වෙනවා... මෙතුල , එයාටම ලැජ්ජ හිතිලා බිම බලාගන්නකම් අවිනාශ්ගේ බැල්මේ නම් වෙනසක් නැ කෝමත්.. ගවීෂ් මෙතන ඉදියා නං මේකට කියන්නේ *මල සමයං*...

'' කැන් අයි කිස් යු මේපල් ? '' අවිනාශ්ගේ ගැඹුරු කටහඩට මෙතුල යන්තං බිම බලාගෙන හිනාවෙලා ඔළුව වනනවා -- නෙවේ හැමදාම වගේ ඉබේම වැනෙනවා... පිනි ජම්බු ගෙඩියක් යන්තං යන්තං රෝස පාට වෙනකොට කන්න හිතෙන්නැත්තන් ඒකත් ප්‍රශ්නයක් නේහ්..

මෙතුලට අවිනාශ්ව මුලින්ම හම්බුවෙන්නේ විලේජ් එකේ ගග ගාවදි...  හරියටම කියනවා නං සවින්ද , මෙතුලගේ චූටි අය්යා එයාව ටයිඩ්‍රැක්ස් එකට එකට එක්කගෙන ආපු දවසක...අවුරුදු ගානකට කලින් මර්ඩර් එකක් නිසා නැති වුන මෙතුලගේ අක්කාගේ මෙමෝරියල් එකට ආපු වෙලාවක තමයි මෙතුල අවිනාශ්ව අදුරගන්නේ... හැමතිස්සේම දාන කැප් හෝ ලෙදර් හැට් එක , ඒක ගැලෙව්වම නළලට වැටෙන ටිකක් දිගට තිබුණ කොන්ඩේ , තද ටෑන් ස්කින් එකට ගැළපෙන්න ඇදපු අමුතුම විදියේ ඇදුම් නිසාමදො මන්දා , අවිනාශ්ට කොහොමත් තිබ්බේ කැපිලා පේන පෙනුමක්... සමහර විට මෙතුල මුලින්ම අවිනාශ් එක්ක කතා කරන්න ඇත්තේ අවිනාශ්ගේ අම්මාගෙන් එයාට උරුම උන අමුතුම ස්කින් ටෝන් එක නිසා වෙන්න ඇති... නැත්තන් සමහර විට ඒ දවස්වල කටේ තිබුණ, දැන් නං දැක්කත් අහක බලන් යන සිගරට් එකට ජාතිය අමතන්නද කොහේ... එතනින් පටන් ගත්ත කතාව අහෙන් මෙහෙන් කොහෙන් කෝම ගිහින්ද කියන්න හරියට දන්නේ නැති උනත් අද මේ තැනට ඇවිත් තියෙන්නේ ගගක් ගලනවා වගේම තමයි... හැම තිස්සේම වෙනස් වෙවි , නැවුම් වෙවී , පිරිසිදුව...........

කෝම වෙයිද දන්නැති අනාගතයකුත් එක්ක......

.
.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~


Continua a leggere

Ti piacerà anche

2.1K 514 20
jikook ff Gift story 😚 මේක වෙනස් විදියේ කතාවක් , මේකේ ඉදිරිය තීරණය කරන්නේ මම නෙමේ. එහෙනම් ?? කියවලා බලන්නකෝ...... එනම් Let's go.....
238K 25.9K 87
ဒီနေ့ ငါအချစ်တွေကိုလျစ်လျူရှုတယ်ပေါ့ နောက်နေ့ကျ ငါသူ့ကိုကန်ထုတ်ပစ်ဦးမယ် ဒီေန႔ ငါအခ်စ္ေတြကိုလ်စ္လ်ဴရႈတယ္ေပါ့ ေနာက္ေန႔က် ငါသူ႔ကိုကန္ထုတ္ပစ္ဦးမယ္... #...
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
708 65 8
Original Name: Princess Wei Yang/Concubine's daughter is Poisonous Original Author : Qin Jian Genre : Drama, Mature, Josei, Romance This is not my ow...