මඟ බලමින් 👀
දසවන දිගහැරුම
ආහේලි එක් වරම නැගිට ඇදෙන් බිමට පැන්නා..ඇයට ඇසුනේ සෞරව රෝහල් ගත කර ඇති බව පමණයි..
" යේනූ සෞරට…………."
ඇයට ඉකි ගැසුනේ මහ හඬින්...ඇය හුස්ම අල්ලමින් හඬන්න ගත්තේ යේනු ඇයව වැළඳ ගද්දී…
" හේලියො නවත්, තපන් ඔය ඇඬිල්ල...සෞරයා මැරිලා නෑ...උඹ අඬන්නේ ඌ මෙතන මැරිලා වගේනේ….."
ඇගේ හැඬීම තවත් වැඩි වුනා මිසක් අඩු වුනේ නැත..යේනු පවා බිය වුනේ ඇය කිසි දිනක මෙතරම් හඩනවා දැක නැති නිසයි…
" මැ .. මැ … රි කි….ක්...ය්..න...න...එ….පා…….ස්...ස…..ර්…."
ඇයට පිට පිටම හීල්ලෙද්දී ඇගේ මුවින් වදන් පිට වුනේ නැත….
"හේලී……...අම්මාහ්……………….පැටික්කි අඬන්න එපාහ්…..අනේහ් අම්මාහ්………………"
යේනුගේ කෑගිසිල්ලට කාමරයට දුව ආ ඇගේ මව දුටුවේ අපහසුවෙන් හුස්ම අහුලනා ආහෙලිවයි…
" දෙයියනේ දූ…….."
යේනුගේ මවට හඬින්ම කෑගැසුනේ ආහේලිගේ මුහුණ පවා සුදුමැලිව තියෙද්දී…
" යේනූ දරුවෝ දූව ඉන්දවන්න ඇඳෙන්….."
යේනූ ආහේලිව ඇද මතින් හිදුවා සිය මව දෙසට හැරුනේ දෑස්වල කඳුළු පුරවගෙන... ඇගේ මව ආහේලිගේ පපුව නොනවත්වාම අත ගාන්න ගත්තේ ආහේලි හුස්ම සමඟ පොර බදිද්දී…
" මොනවද දූට වුනේ යේනූ….මේ තරම් අඬන්න????"
සිය මවගේ ප්‍රශ්න කීරිම් හමුවේ යේනුට දැනුනා තමා කල වරදෙහි බරපතලකම…
එවිටම වාගේ ඇය අත තිබූ ඇගේ දුරකථනය නාද වුනේ නන්නාදුනනා අංකයකින්…
" හෙලෝ…………."
අනෙක් පස සිටි පුද්ගලයා ඇමතුම හා සම්බන්ධ වෙද්දිම යේනු,
" සෞර…………."
ඔහුගේ කට හඬ හදුනා ගත් යේනුට දැනුනේ වචනයෙන් විස්තර කල නොහැකි තරම් ස්තුටක්…
" හේලි අඬනවා….එයාට හුස්ම ගන්න අමාරුයි...පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?????"
සෞර ඉදිරියේ ඇය බැගෑපත් වුනේ ආහේලිව යතා තත්ත්වයට පත් කිරීමට අන් සරණක් නැති නිසයි….
" රපුන්සල්ට මොකද වුනේහ්????"
සෞරගේ කෝපාන්විත හඬින් යේනූ තිගැස්සී ගියා..ඇය ඔහුගෙන් මෙවන් කැළඹීමක්,කේන්තියක්,වේදනාවක් බලාපොරොත්තු වුනේ නැත…
" දීපන් ෆෝන් එක ඒකිට……"
යේනුට හැඬුනා….නමුත් වරද ඇය අතම වෙද්දී ඇයට ඇය ගැනම ඇති වුනේ නිම්හිම් නැති කේන්තියක් වෙද්දී ආහේලි විදවනවා ඇයට බලා සිටිය නොහැකි වුනා.. යේනු හා නමිනි අතරින් ලා බාලම වූ ආහේලිව ඔවුන් දෙදෙනාම කුඩා කල සිට බලා ගත්තේ එක කුස උපන් සහෝදරියක් ලෙසින්…
යේනු හඬමින්ම ආහේලිගේ කනෙන් දුරකථය තබා අතින් මුව වසා ගත්තේ මුවින් එළියන පනින්න හදනා ඉකිය පිටතට නෑසෙන්න...
" තමුසේ මාව ඔතෙන්ට ගෙන්න ගන්න හදන්න එපා රපුන්සල්….ගොට් ඉට්????( තේරුණාද???)"
ඇය. හුස්ම ඉහලට ගන්න දගලන ආකාරය ඔහුගේ දෑස් ඉදිරියේ මැවෙද්දී ඔහුගේ සිරුර දරදඬු වුනේ වේදනාව මුසු පාලනය කර ගත නොහැකි කෝපයකින් ගතම වෙලී යද්දී... සෞර බරට සුසුම් කිහිපයක්ම පිට පිටම හෙළුවා…
" තමුසෙට මාව ඇහෙන්නේ නැද්ද අයිසේ….සැරයක් කිව්වම කතා කරන , වාහ්…...හැබැයි මන් ඔතෙන්ට දැන් ආවොත් නම් තමුසේ මගෙන් කනවා අදහ්………….."
" ස්….ස්….සෞර…….."
ඔහුගේ හඬ ඇගේ දෙසවන් වලට මී පැණි වක්කරන්නාක් මෙන් මිහිරක් එක් කරද්දී ඇය ටිකෙක් ටික යතා තත්ත්වය පත් වුනා...ආහේලිගේ අතට දුරකථන දුන් යේනු කපා හෙලූ කඳක් මෙන් බිමට වැටුනේ දෝතින්ම සිය මුහුණ වසාගෙන….
" ස්..ස්..සෞර නෙමෙයි කෙලින්ම සෞර…..කතා කරනවා හරියට කිව්වම අහලා….නෑ ඊට කලින් කට වහගෙන හුස්ම ගන්නවාහ්….."
සෞරගේ කේන්තියේ අඩුවක් නැති වෙද්දී ඇය නිහඬව ගැඹුරු හුස්මක් ගෙන පිට කර මුව විවර කරන්න හදද්දීම,
" එක පාරක් නෙමෙයි...දහපාරක් හුස්ම ගන්නවාහ්…..මන් කවුන්ට් කරනවා...තමුසේ හිතුවක්කාර වැඩ කරලා මට කියලා ඔය රෝස පාට කම්මුල් තව ටිකක් රෝස කරගන්න හදන්න එපාහ් තේරුණාද???"
ඇය හිස සැළුවේ ඔහු හා දුරකථන සංවාදයක සිටිනා බව අමතක වී….
" අයිසේ මේක වීඩියෝ කෝල් එකක් නෙමෙයි තමුසේ මොකාද එකා වගේ ඔළුව වනන හැටි දකින්න….උත්තර දෙන , වාහ් මගේ ලේ ටික පුච්චලා දාන්නේ නැතුව…"
" ත්...ත්...තේරුණා……."
" ඕ . යි උගුඩුවෝ…..රපුන්සල් බය වෙනවා උඹ ගෝටයිම්බර වගේ තප්පුලද්දී….තමුන්ගේ ගෑනී එක්කත් පොරකන මිනිහනේ…..දීපන් මෙන්න මෙහාට ෆෝන් එක…."
විර්දේව් සෞරගේ දුරකථනය උදුරා ගත්තා...ආහේලි මේ සියල්ලම අසා සිටියේ හදම පාරන කඳුළු අතුරින්….
" ගෝජර්ස්….."
" දේව් අ...යියාහ්……"
" අඬන්න එපා රපුන්සල්…...ඩෝන්ට් ක්‍රියි ආ…( අඩන්න එපා )"
" දේව් අයියාහ්….ඔයාලා දෙන්නා හොදින් නේද????"
ඇය හා කතා කරන්නේ විර්දේව් නිසා ඇය නොපැකිලිව කතා කරන්න ගත්තා..
" ඔව් රපුන්සල්….වී ආ ෆයින්…( අපි හොදින්..)"
ඇයට පෙර දැනුනු සැනසීමට වඩා සිය දහස් ගුණයක සැනසීමක් සැහැල්ලුවක් දැනුනේ ඔවුන් දෙදෙනාම සුවෙන් බව දැනගත් තැන...
" ඔයාලා කොහෙද ඉන්නේහ්???"
ඇය පෙරලා ප්‍රශ්න කලේ යේනූ කිව් කතාව තවමත් ඇගේ සිතට වද නිසා.....
" හොල්පිට්ල් රපුන්සල්……"
ඇගේ කඳුළු නැවතත් අලුත් වුනා පෙර දැනුනු සැනසීම සුළගේ ගසා ගෙන යද්දී…
" අනේ බනී අඬන්න එපා...ප්ලීස් ස්ටොප් ඉට්..( කරුණාකරලා අඬන්න එපා…)ඊයේ රෑ ජොලියට වගේ අපේ සෙට් එකත් එක්ක පොඩි ෆයිට් එකක් ගියා….දන්නැද්ද ඉතින් කොල්ලෝ වුනාම පොඩ්ඩක් සප්පායම් වුනාම……"
සිදුව ඇති දෙය වැටහෙද්දී ආහේලිට සිතුනේ ඇය මෙතෙත් වේලා හෙලපු කදුළු අපරාදේ කියා…ඇයගේ මුහුණ කෝපයටම තවත් රත්පැහැ වුනේ ඇය යේනුව මෙන්ම ඇගේ මවත් බිය ගැන් වූ නිසා...
" ඩෝන් ගියාද බනීද??? හා පැටියා ගොරවන්නත් දන්නවද????"
විර්දේව් පවසන්නේ ඇය දෙස බලා සිටියාක් මෙන්…
" තියන්න දේව් අයියා ෆෝන් එක…...බීල බීලා විකාර කරලා හොස්පිට්ල් කියලා අපිවත් බය කරා…."
ඇගේ කේන්තිය ඇය පවසන වචනයක් පාසාම තැවරී තියෙද්දී විර්දේව් නම් හඬ නගාම සිනා සුනා…
" රතුම රතු වෙලා ඇති නේහ්….මන් ඇඩ්‍රස් එවන්නම්...එනවද මාවයි චූටි මල්ලිවයි බලන්න……"
අද ඇය බදුල්ල බලා පිටත් වන නිසා ඇයට වරක් හෝ සෞරගේ මුහුණ දැකීමට දැඬි ආශාවක් දැනුනා…
" හා……"
එපමණක් පැවසූ ඇය ඇමතුම විසන්ධි කලේ තවමත් ඔවුන් දෙදෙනාම ගැන සිතෙහි ඇති කෝපය පහව ගොස් නැති නිසා…
ටිකකින් කෙටි පණිවිඩයක් එද්දී ආහේලි තවමත් බිම හිදගෙන සිටිය යේනුට ඇගේ දුරකථන දී ඇයව නැගිට්ටවා බාත් රූම් එකට වැදී කණ්ණාඩියෙන් සිය රතු වී ඉදිමී ගිය දෑස් දෙස බලා සිටියේ වේදනාවෙන්...සෞර ගැන වගේම විර්දේව් ගැන ඇති කේන්තිය තවත් වැඩි වෙද්දී ඇය රාත්‍රී ඇදුම පිටින්ම වතුර මල යටට ගොස් කෙතරම් වේලාවක් කල්පනාවෙම නිග්ම සිටියාද කියන්න ඇයට මතකයක් තිබුනේ නැත…
" හේලියෝ මොකද කරන්නේ??? උඹ දැන් පැයක් තිස්සේ බාත් රූම් එකේ…."
යේනු කෑගසමින් බාත් රූම් එකේ දොර ගැලවෙන තරම් හඬින් දොරට ගසද්දී තමා ඇය පියවි සිහියට ආවේ …
" නානවා බන්….විනාඩි පහෙන් එනවා…."
" දොර ගලවන්න කලින් වරෙන් එළියට….මෙතන අඬලා අඬලා දැන් නාලා හරියනවද???? අසනීපයක් වත් හැදෙයි යකෝ….වර එළියට….අද යන්නෙත් තනියම...උඹ හින්දා කොයි වෙලේ හරි මායි නමිනියයි පොක් ගාලා පුපුරලා යනවා හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලා….."
යේනු උපරිම කේන්තියෙන් සිටිනා බව දැනෙද්දී ආහේලි ඉක්මනින් පිරිසිදුව කාමරයට පැමිණියේ තෙත ඇඳුම පිටින්මයි...ඇයට බාත් රූම් එකට ගියත් ඇද ගැනීමට ඇදුමක් හෝ තුවාය හෝ රැගෙන ගියේ නැත…
" හේලියෝ තෝ නම් මන් වෙලාවක මකලා ආය හදනවා…….ඇදුම් මාරු කරගනින් සීතල අල්ලන්න කලින්…"
යේනු බාත් රූම් එකට ගියේ ඇය වෙත තුවාය වීසි කරමින්..
ආහේලි තෙත කොණ්ඩය වේලා ගෙන එය ගොඩක් හිර නොවන සේ බුරුලට ගොතා ගෙන දණහිසට මදක් පහලට වෙන්න කෙටි අත් තිබූ ගවුමක් හැද ගත්තා…
" උඹ ලෑස්ති වෙලා ඉවරද ????"
" ඔව් යේනූ...අපි යන්ද??? නමිනි ????"
" ඒ , කිට අද වැඩ කිව්වා...ඒකි එන්නේ නෑ...යමන් ….මන් කැබ් එකකට කෝල් කරා….බස් වල ගාටන්න බෑ...උඹව අද යවන්නත් ඕනේ...නැත්තම් උඹේ අප්පත්තිගෙන් මට ආයෙත් පස්ස රත් වෙන්න වේ වැල් ප්‍රහාරයක් තමා…"
ඇයට වේදනාවක් දැනුනේ ඇගේ මිතුරියන් හැර දා ඇයට නැවතත් තනි වෙන්න සිදුවන නිසයි…
" හැමදේම හොද විදියට වෙයි පැටික්කි...උඹ අඩද්දී මටයි නමිනියටයිත් රිදෙනවා හේලියෝ...හිනා වෙලා හිට , පන් කෙල්ලේ…."
ඇයව රිදවන්න බැරි හෙයින් ආහේලී දුක පසෙකලා සිනහසෙද්දී යේනු ආහේලිගේ දෙකොපුල් මිරිකා ඇගේ අතකින් අල්ලාගෙන විත් ඔවුන්ගේ ගේට්ටුව ඉදිරිපිට නවතා තිබූ කැබ් රථයට ගොඩ වුනා...විනාඩි පහළවක පමණ ගමනකින් පසු කැබ් රථය නතර වුනේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිටයි…
සෞරත් විර්දේව්ත් එකම කාමරයක නවතා තිබූ නිසා ඔවුන් දෙදෙනාට සහෝදරයන් දෙදෙනා සිටි කාමරය සොයා ගැනීමට අපහසු වුනේ නැත…
ආහේලිගේ හද ගැස්ම වැඩි වෙන්න ගත්තේ ඔවුන් විර්දේව් එවා තිබුනු කෙටි පණිවිඩියේ සදහන් කාමර අංකට ගසා තිබුනු දොර ළඟින් සිට ගත් විට..
ආහේලි යේනුගේ අත තද කර අල්ලා ගත්තේ සෞර මෙවර කුමන අඩව්වක් අල්ලාවි දෝ කියා බියෙන්…
ඔවුන් ඇතුලට යන විටත් සෞර නිවසට යාමට සුදානම් වෙලයි සිටියේ..
ඇගේ මුහුණ වේදනාවෙන් හැකිලී ගියා සෞරගෙත් විර්දේව්ගෙත් මුහුණු දකිද්දී..විර්දේව්ගේ දකුණු ඇස ලග නිල් පැහැ වී තිබුනු අතර සෞරගේ හකු පෙදෙස ඉදිමී තිබුනා….
" ගුඩ් මෝර්නින් ගෝර්ජස්……"
විර්දේව් ඇය දුටු සැනින් පැවසුවත් ඇය නම් සිටියේ කේන්තියෙන්...ඔහු ඇගේ කේන්තිය ගැන දැන දැනම ඇයව තව ටිකක් අවුස්සන්න සිතුවා..
" දැන් නම් අර ෆ්‍රෝසන් මූවි එකේ එල්සාගේ ට්වින් වගේ….."
සෞර දෙසත් විර්දේව් දෙසත් මාරුවෙන් මාරුවට ආහේලි රවන්න ගද්දී සෞර,
" තමුසේ කාටද රවන්න තියාගත්තේ ආ?????"
ආහේලි සැනින් බිම බලා ගත්තේ සෞර ඇයට තවත් කුමක් හෝ කියා බැන වදින්න සූදානම් වෙද්දී..
" ඇස් දෙකයි කටයි කඩලා දානවා ආය රවන්න හැදුවොත් නම්...ගොට් ඉට්??? ( තේරුනාද???)"
" තේ...ත්තේරුනා…"
ආහේලි හිස ඔසවා පිළිතුරු දුන්නේ නැතිනම් නම් ඇයට එයටත් බැනුම් ඇසීමට සිදුවන නිසා…
" අයියේ ඔයාලා දැන් යන්නද හදන්නේ…"
යෙනු හඬ අවදි කලේ ඔවුන් අතර තිබූ නිහැඬියාව බිදිමින්..
" ඔව් නංගි…..ඩිස්චාර්ජ් කරලා තියෙන්නේ...ඔය දෙන්නා මිස් වෙයි කියලා හිටියේ…."
" ආ...අපි යන්නම් අයියේ එහෙනම්...හේලිව අද ගෙදර යවන්නත් ඕනේ...තව වෙලා ගියොත් පරක්කු වෙනවා…."
යේනු පවසද්දී විර්දේව්ගෙත් සෞරගේ නෙතු ගියේ ආහේලි දෙසට..
" රපුන්සල්ගේ ගෙවල් කොහෙද?????"
" බදුල්ලේ අයියේ…"
විර්දේව් පැනය ඉදිරිපත් කලේ ආහේලිට වුනාට පිළිතුරු ලැබුනේ නමිනිගෙන්...
" චූටි මල්ලි...උඹ හෙට බදුල්ලේ යනවා කිව්වා නේද….රපුන්සල් වත් එක්ක ගෙන යන්න...ආය මොකටද බස් වලයි කෝච්චි වලයි රස්තියාදු වෙන්නේ ශෝක් ඩ්‍රයිවර් කෙනෙක් තියාගෙන….නේද රපුන්සල්…."
විර්දේව් ඇයට ඇසක් වසා ඉඟි කරද්දී සෞර රෝහලේ උළු හෙලවෙන තරම් කෝපයෙන් කෑගැසුවා…
" චූටයියාහ්……"
To be continued..... 💙
මගේ ප්‍රථම මුද්‍රිත නවකතාව "සිහිනයක් වගේ" දැන් ඔබට 20% වට්ටමක් සහිතව මිලදී ගත හැක.
ඔයාලගේ අදහසුත් එක්ක කතාවට ⭐ Vote එකක් දීලා ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා මැණිකලා .. ආදරෙයි 💙💙💙💙