SEPALIKA | COMPLETED

By cHerRy_MinShi_

3.5M 350K 84.9K

රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලා... More

සේපාලිකා - හැදින්වීම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
66 කොටස
67 කොටස
68 කොටස
69 කොටස
70 කොටස
71 කොටස
72 කොටස
73 කොටස
74 කොටස
75 කොටස
76 කොටස
77 කොටස
78 කොටස
79 කොටස
80 කොටස
81 කොටස
82 කොටස
83 කොටස
84 කොටස
85 කොටස
86 කොටස
87 කොටස
88 කොටස
89 කොටස
90 කොටස
91 කොටස
92 කොටස
93 කොටස
95 කොටස
96 කොටස
97 කොටස
98 කොටස
99 කොටස
100 කොටස
101 කොටස
102 කොටස
103 කොටස
104 කොටස
105 කොටස
106 කොටස
107 කොටස
108 කොටස
109 කොටස
110 කොටස
111 කොටස
112 කොටස
113 කොටස
114 කොටස
115 කොටස
116 කොටස
117 කොටස
118 කොටස
119 කොටස
120 කොටස
121 කොටස
122 කොටස
123 කොටස
124 කොටස
125 කොටස
126 කොටස
127 කොටස
128 කොටස
129 කොටස
130 කොටස
131 කොටස
132කොටස
133 කොටස
134 කොටස
135 කොටස
136 කොටස
137 කොටස
138 කොටස
139 කොටස
140 කොටස
141 කොටස
142 කොටස
143 කොටස
144 කොටස
145 කොටස
146 කොටස
147 කොටස
148 කොටස
149 කොටස
150 කොටස
151 කොටස
152 කොටස
153 කොටස
154 කොටස
155 කොටස
156 කොටස
157 කොටස
158 කොටස
159 කොටස
160 කොටස
161 කොටස
162 කොටස
163 කොටස
164 කොටස
165 කොටස
166 කොටස
167 කොටස
168 කොටස
169 කොටස
170 කොටස
171 කොටස
172 කොටස
173 කොටස
174 කොටස
175 කොටස
176 කොටස
177 කොටස(අවසාන කොටස)
මගෙන් සටහනක්...
ANNOUNCEMENT!

94 කොටස

19.9K 1.7K 428
By cHerRy_MinShi_

මම හිටියේ ස්ටේජ් එකේ මෙහා කොනේ.. රධ්‍ය අයියා හිටියෙ එහා කොනේ.. ඉස්කෝලෙ ඩ්‍රාමා මැඩම්, ගයනිකා මැඩම්, ඊස්ටර්න් මියුසික් සර් තුන්දෙනාම ඕඩියන්ස් එකේ වාඩිවෙලා ඉන්නවා.. මම සුදුපාට ලේන්සුවත් නමලා අතේ දමාගෙන ස්ටේජ් එකේ තිර රෙද්ද අස්සෙන් සෙනුකයා පස්ස දික් කරගෙන කන්ඩක්ට් කරන හැටි බලාගෙන හිටියෙ.. ඔකෙස්ට්‍රා එකත් ඉන්ස්ටෘමන්ට්ස් තියාගෙන ස්ටේජ් එකේ පිටිපස්සෙන් ස්ටෙයාස් පහකට ඉඳගෙන ඉන්නවා.. ස්ටේජ් එක මැද්දෙ උස ස්ටූල් එකක් තිබ්බා.. 

" හරි.. ෂනෙරු මේ පැත්තෙන් එනවා.. රධ්‍ය, ෂනෙරු එනකොට තප්පර පහක් විතර පහුවෙලා එන්න ඕන.. හරිනෙ.."

මම අපේ ඩ්‍රාමා මිස්ට තම්බ්ස් අප් එකක් දුන්නා .. දැන් මේ අර සෙන්‍යොරීටා මෙව්ව එක ප්‍රැක්ටිස් වෙනවනේ.. ඒ අස්සෙ මට ඈනුමකුත් යන්න ඇවිල්ලා මම කට තද කරගෙන වහගත්තා.. නිදිත්මතයි..

" K.. One Two Three.."

මම කොන්ද කෙළින් තියාගෙන අර ලේන්සුවත් අතේ තියාගෙන ස්ටේජ් එක මැද්දට ඇවිදගෙන ඇවිදගෙන එද්දි රධ්‍ය අයියා එහාපැත්තෙ ඉඳන් ඇවිදගෙන එනවා.. මැද්දෙදි මම රධ්ය අයියගෙ ඇඟේ හැප්පෙනවා එතන ලේන්සුව වැටෙනවා.. ඒත් මම මගක් දුර ගිහින් නැවතුනාම රධ්‍ය අයියා ගිහින් ස්ටූල් එක උඩින් වාඩිවෙලා ගිටාර් එක අතට ගන්නවා.. මම එහෙමම ස්පොට් ලයිට් එක මැද්දෙ නැවතිලාම ඉන්නවා.. එහෙම තමයි පොතේ හැටියට වෙන්න තිබ්බෙ..

ඒත් සිද්ධ වුණේ..මම ඇවිදගෙන ආවා.. රධ්‍ය අයියත් ගමකට ගහන්න වගේ ඇවිදගෙන ආවා.. මගේ ඇඟේ හැප්පුනා.. මම එහෙමම පිටිපස්සට විසික් වෙලා ගිහින් ස්ටූල් එකේ ඉන්දවුනා.. ලේන්සුව කැලේ.. ගයනිකා මැඩම් සාරිපොටෙන් කට වහගත්තා..

" ඔය ලමයිනේ.. ගහගන්න වගේ යන්නෙ නෑ.. කට් කට් කට්.. ෂනෙරු.. රධ්‍ය.. මෙතන ඔයාලගෙ භාවයන් ප්‍රකාශ වෙන්න ඕන හොඳට.. සින්දුව ඇඟට ගන්න.. ෂනෙරුගෙන් පේන්න ඕන වෙහෙසකාරී චරිතයක්.. මහන්සි වුණු දුක හිතුණු පෙණූමක්.."

ඩ්‍රාමා මැඩම් දනි පනි ගාලා ස්ටේජ් එක මැද්දට දුවගෙන ඇවිත් අපි දෙන්නව පැත්තකින් තියලා මැඩම් රගපාන්න ගත්තා.. ඉතින් හත්දෙයියනේ අවුරුදු හතක් මේකයි මමයි ඉගනගත්තෙ මියුසික් විතරනෙ.. ස්ටේජ් ඩ්‍රාමා වල රඟපාන්න ඉගෙන ගත්තයැ.. මැඩමුත් මාර කතා තමයි කියන්නෙ.. අපි දෙන්නම පැත්තකට වෙලා මැඩම් රඟපාන දිහා බලාගෙන හිටියා.. මහන්සි නැත්නම් මහන්සි පෙණුමක් ගන්නෙ කොහොමද.. ඉස්කෝලෙ වටේ වටයක් දුවලා ආවනම් අන්න මහන්සි වෙන්න තිබ්බා..

" තේරුණාද.. අනිත් එක රධ්‍ය.. ඔයාගෙන් පේන්න ඕන හරිම සාමාන්‍ය පිරිමි ළමයෙක්ගෙ චරිතයක්.. සැහැල්ලුවෙන් ඉන්නවා වගේ.. ඔයා බිමට නැමිලා ලේන්සුව ඇහිඳගන්න පෝස් එක පාවා ප'ෆෙක්ට් වෙන්න ඕන.. තේරුණාද.."

" ඔව් මැඩම්.."

යැයි මැඩම් තමා.. ඇවිදින්නෙත් මාච්පාස්ට් කරන්න වගේ.. අනික මොන මගුලක්ද හත්දෙයියනේ මේ ලේන්සුවෙ කතාව.. මං කියන්නෙ.. එහෙම එකක් ඕන නෑනෙ මේකට.. එතකොට මේක නිකම් බී එල් ඩ්‍රාමා එකක් වගේනෙ අර සෙනුකයා බලන.. කොහෙද ඊස්ටර්න් මියුසික් සර්ට ඕන වුණානෙ මේක හෙන ක්ලාසි යුනික් එකක් කරන්න.. දැන්නම් මේක දමලා මට යන්නත් හිතෙනවා.. ඒ වුණාට මේක දමලා ගියොත් මගේ ගැටපොලොස් කොට්ටෝරුවා වෙන එකෙක් එක්ක මේක පුරුදු වෙනවා.. එතකොට මට මල පනිනවා.. හරිනම් රධ්‍ය අයියා මට සලකන්න ඕන මීටවඩා.. මම එයා වෙනුවෙන් කන කට්ටට.. මොකෝ මම එයාට වද දෙනවා කියලද නෑනෙ.. අපි හොඳ වැඩි වුණා..

" හරි අප්.. ආයෙම තැන් වලට යන්න.. හරි අප් හරි අප්.."

මැඩම් ක්ලැප් කල්ලා ස්ටේජ් එකෙන් බැහැලා ගියා.. සෙනුකයා ඒ අස්සෙ මට කින්ඩියට හිනාවෙනවා.. මම ඌටත් ශේප් එකේ මැද ඇඟිල්ල දික් කරගෙන ආයෙම තිර රෙද්ද අස්සට රිංගගත්තා.. එකසැරේම ස්ටූල් එකට අදුරු කහපාට ස්පොට් ලයිට් එක වැටුණා.. ඒකට හේත්තු කල්ලා ගිටාර් එකක් තියලා තියෙනවා.. ඉස්සරහින් මයික් එකක් ස්ටෑන්ඩ් කල්ලා තියෙනවා..

" K.. One Two Three.."

මම ආයෙම කොන්ද කෙළින් තියාගෙන ලේන්සුව අතේ දමාගෙන බිම බලාගෙන ස්ටේජ් එක මැද්දට ඇවිදගෙන යද්දි මගේ කෙළින්ම හුඟාක් ඩිම් කරපු ස්පොට් ලයිට් එකක් වැදෙනවා.. මගේ ෆුට්ස්ටෙප්ස් විතරයි හැමතැනම ඇහෙන්නෙ.. අනිත් ඔක්කොම නිශ්ශබ්දයි.. මම ඇවිත් විනාඩි පහකින් විතර කලිසම් සාක්කු වලට අත් දෙකත් ඔබාගෙන සෙන්‍යොරීටා එකේ මියුසික් එක විසිල් කරගෙන රධ්‍ය අයියා ඇවිදගෙන එනවා.. ස්ටේජ් එකේ කතිරයක් ගහපු තැනදි එයා මගේ ඇගේ හැප්පුණාම ලේන්සුව බිමට වැටුනා.. මම එහෙමම ඇවිදගෙන ඇවිදගෙන ගිහින් මගක් දුරදි ලාවට හැරිලා රධ්‍ය අයියා දිහා බලනවා.. එතකොටත් එයා මං දිහා බලාගෙන ඉන්නෙ.. ඊටපස්සෙ නැමිලා බිම වැටුණු ලේන්සුව අතට අරගෙන ගිහින් ස්ටූල් එකේ ඉඳගෙන එක කකුලක් නමලා බාර් එකෙන් තියාගන්නවා..

" නො වෙයො ලා හොරාදෙ වෙර්තේයි ඔත්‍රා වෙස්.." 

" තෙ ගූස්තරීආ සලිර් කොන්මීගො..?"

ඩ්‍රාමා මැඩම් ක්ලැප් කරගෙන පුටුවෙන් නැගිට්ටා..

" අන්න හරි.. දැට්ස් ඉට් බෝයිස්.. ඒ විදියට තමයි.. තව ටිකක් ෂනෙරුගෙ කැරැක්ටර් එක බිල්ඩප් වෙන්න ඕන.. බට් අයි ලව් දිස්.."

එකපාරම ස්පොට්ස්ලයිට්ස් නිමිලා ස්ටේජ් එකේ ලයිට්ස් ඕන වුණා..

" දැන් ෂනෙරුගෙ ඩයලොග් එකෙන් පස්සෙ ඔයා ටක්ගාලා ගිහින් උඩ ඇදුම අයින් කල්ලා දාලා රෙඩ් ලොන්ග් ස්ලීව්ඩ් එකට මාරුවෙන්න ඕන.. තේරුණාද.. එතකොට ස්ටේජ් එකෙයි ඕඩියන්ස් එකෙයි ලයිට්ස් ඕෆ් වෙනවා.. ඔකෙස්ට්‍රා එකෙන් විනාඩි‍යක මියුසික් එකක් ප්ලේ වෙනවා.. රධ්‍ය ඔයාගෙ ලෙදර් ජැකට් එක ගලවලා ඔයා ගාවට එන කෙනාට දෙන්න ඕන.. දීලා ස්ලීව්ලස් ශර්ට් එක උඩට කල්ලා හදාගන්න ඕන.."

" කේ මැඩම්.."

" හොඳට මතක තියාගන්න.. විනාඩියයි ඔය දෙන්නටම තියෙන්නෙ.. විනාඩිය ඉවරවුණාම ස්ටේජ් එකේ ලයිස් ඕන් වෙනවා.. දෙන් ෂනෙරු සින්ග් කරන්න පටන්ගන්නවා.."

" හරි මැඩම්.."

" අපි සිඟින් පාට් එක කන්ටිනිව් කරමු.."

ගයනිකා මැඩම් බැරිමරගාතෙ නැගිටින්න හදද්දි ඊස්ටර්න් මියුසික් සර් මැඩම්ට වාඩිවෙන්න කියලා අපි ගාවට ආවා..

" ගයනිකා ඔතන ඉඳන් අඩුපාඩු කියන්න.. I will take care of it.."

ඊටපස්සෙ දිගටම තිබුණේ සිඟින් ප්‍රැක්ටිසස්.. මුලින්ම ගයනිකා මැඩම්ට අපි දෙන්නගෙ කටහඬවල් දෙක වෙනම අදුනගන්න පුලුවන් වෙන විදියට කියන්න පුරුදු කලා.. කොල්ලොම දෙන්නෙක් නිසා දෙකම එක වගේ වෙනවනෙ.. ඒත් රධ්‍ය අයියට හෙනටම හයිපිච් එකට සින්ග් කරන්න බෑ.. එයාගෙ කටහඬේ තියන්නෙ ගොරෝසු ගතියක්.. ගොරෝසු ඒත් පැහැදිලියි.. මගේ කටහඬ හයිපිච් යනවා, අරවගේ ගොරෝසු නෑ.. ඉතින් මම කැමීලායැ ඒ වගේම සිංදු කියන්න.. එහෙම කිව්වොත් එහෙම මෙතන ඉන්න උන්ගෙ කන් පැලිලා ගිහින් වෙන මගුලක් වෙනවා.. කැමීලගෙ සිංදුවක් වොලියුම් වැඩිකල්ලා ඇහුවොත් අන්තිම හරියට යද්දි කන්දෙක ලෙප්ට් වෙලා තියෙන්නත් පුලුවන්.. ඒ වුණාට මම ආසම එයාට..

අන්තිමට පැය දෙකක් විතර ප්‍රැක්ටිස් කල්ලා මැඩම් බ්‍රේක් එකක් දීලා එළියට ගියා.. ඔකෙස්ට්‍රා එකේ ඉඳපු කට්ටියත් ඉන්ස්ටෘමන්ට්ස් ටික දමලා එළීයට ගියාම මම ස්ටේජ් එක මැද්දෙම බිම ඉඳගත්තා.. උගුරත් කකියනවා සිංදු කියලා.. සෙනුකයා මහ පගයා වගේ අර මොකක්ද කූර වන වන ඇවිත් මං ගාවින් ඉඳගත්තා..

" ඒ බං ෂනෙරුවා.. උඹලා දෙන්නා අර මුල්ම කෑල්ලෙ කුණුහර්පෙන් බැනගන්නවද බං.."

" මම දන්නෑ.. මගෙන් අහන්න එපා.. හනේ මට වතුර ටිකා~ක්.."

රධ්‍ය අයියා වතුර බිබී හිටපු බෝතලේ මගේ පැත්තට විසික් කරාම මම ඒක අල්ලගත්තා..

" රධ්‍ය අයියෙ.. කියන්නකො මොකක්ද මුලින් ඕගොල්ලො කියන්නෙ.."

" ¿Te gustaría salir conmigo? කියන්නෙ Will you go out with me? කියන එකට.. No veo la hora de verte otra vez කියන්නෙ I can't wait to see you again කියන එකට.."

" අම්මටසිරි එහෙමද.. එතකොට ඇයි ඕක ස්පැනිශ් වලින්ම කියන්නෙ.."

" ඉතින් යකෝ señorita කියන්නෙ ස්පැනිශ් වලින් බැඳපු නැති කෙල්ලොන්ට කියන නමනෙ.."

" ඒ කියන්නෙ.. අඩෝ උඹද දැන් මෙතන බැඳපු නැති කෙල්ල.. සැක් සනෙරු.."

" අනේ මේ.. මගෙන් කුණුහර්ප අහගන්නැතුව ඉඳහන්.. මට මේක කරන්න බෑ.. ලැජ්ජයි.."

" ඒ මොකෝ ලැජ්ජ.. මේ රධ්‍ය අයියත් කරන්නෙ හොඳට.."

" එහෙම තමා.. මට ලැජ්ජයි.."

" උඹට එහෙම ඒවා දැනෙනවද බං ඉතින්.."

" දැනෙනවා තමා.. ආ අන්න අයුක අයිය එනවා.."

" දෙයියනේ සුදුදෝණියා..!!!"

සෙනුකයා ස්ටේජ් එක මැද්දෙ ඉඳන් අත වැනුවහම අයුක අයියා ඒක ගනන් ගන්නෙ නැතුව හිමින් සැරේ පාඩුවෙ අපේ දිහාවට ඇවිදගෙන ඇවිත් රධ්‍ය අයියා ගාවින් ඉඳගත්තා.. ඊටපස්සෙන් සයෝන් අයියයි කියාන් අයියයිත් ආවා.. මේගොල්ලො මොකද මෙහේ..

" අම්මටසිරි සුදුඅප්පච්චියත් ඇවිල්ලා.. මොකෝ මෙහේ.."

" සුදුඅප්පච්චියා ආවෙ සුදුඅම්මියව බලලා යන්න.. කොහොමද රත්තරනෙ ඔයාට.. මගෙ සූකිරිබඩ්ඩ කෙට්ටු වෙලා.."

කියාන් අයියා රධ්‍ය අයියගෙ කම්මුල් දෙක අත් දෙකෙන් තලලා දාන්න ලෑස්තුවුණාම රධ්‍ය අයියා අත ගසලා මෙහාට වුණා..

" එහාට පලයන් කියාන්.."

" සුදුඅම්මියා නරක් වෙලා මේ මදාවි බෝඩරේ එක්ක ඉඳලා.."

" කවුද මදාවි බෝඩරේ.."

" උඹලගෙ වයසෙ ඉන්න සේරම උන් තමා.. උඹ.. මෙන්න මූ.. මගේ ගෑණී.. මගෙ ගෑණීගෙ ගෑනි.. සේරම.."

" කියාන් අයියා අත දික් කර කර කතාකරද්දි මම දැක්කා ඩයල් එක එක අතක නියපොතු ටික පාට පාටින් පාටකරගෙන ඉන්නවා.. මම සෙනිකව අත ඇදලා ගත්තා..

" අඩෝ කියාන් අයියෙ උඹ ඩ්‍රග් ක්වීන් කෙනෙක් වුණාද බං.. ඒ ඒ මෙන්න කියාන් අයියා කියුටෙක්ස් ගාගෙන ඇවිල්ලා.. ඊයා බං රෝස පාට දම්පාට.. මේ මොනෞත්තක්ද මේ.."

මම හැමෝටම කියන් අයියගෙ අත පෙන්නුවාම ඔක්කොම ඒකට එබිලා බැලුවා..

" අඩෝ කියාන් අයියෙ සිරාවට.. උබ අපිට හොරෙන් මොනවද කරන්නෙ මේ.."

" සෙනුකයා කටවහගනින්.. ගහප් උස්සලා පොලොවෙ.."

" බලන්නකො අයුක අයියෙ.."

සෙනුකයා හැම මගුලම කරගෙන අන්තිමටම කියන ජාතික උදාන වාක්‍ය 'බැලැඥ්ඥකො ඇයුක ඇයියේ.. ඇඥේ..'

" මෙහෙ දීපන් මගේ අත.. ආවා මෙතන ප#ක් බලන්න.."

" එහෙම එකක් බැලුවෙ නෑ අයියෙ.. බොරු කියන්නෙපා.."

" මේ රධ්‍ය මම මූව දැන් මරාගෙන කනවා හරිද.."

" ඇයි මරාගෙන කන්න උඹ මෝරෙක්ද.."

මම ඉඳගෙන හිටපු තැනින් ශේප් එකේ නැගිට්ටහම සේරම මගේ දිහා බලාගෙන හිටියා..

" අහකට පලයං වනචරයා~"

" පර ෂනෙරුවා.. ඉඳපන් උඹට මම.."

මම සයෝන් අයියගෙ කකුල් දෙක උඩින් පැනලා බැක්ස්ටේජ් එකට දුවගෙන ගිහින් එතන පඩිපෙළත් බැහැලා නවරඟහල වටෙන් ඇවිත් එතනින් ආයෙම දුවගෙන දුවගෙන ආපු පාර වයර් කෑල්ලක පැටලිලා බිම ඉඳගෙන හිටපු අයුක අයියගෙ ඇඟ උඩටම පතබෑවුණාම කියාන් අයියත් ඒකෙම පැටටලිලා මගේ ඇඟ උඩට කඩාගෙන වැටුණා.. ඒකනම් සිරාවටම තරු පෙණුනා.. අපරාදෙ රධ්‍ය අයියා පෙන්නනකල් හිටියෙ..

" අම්මෝ.. කොන්ද පගයො.. අහකට පලයන්.. අනේ රධ්‍ය අයියෙ.. මූව අහකට ගන්නවකෝ.."

මම අයුක අයියගෙ ඇඟ උඩින් නැගිටගන්න බැරුව දඟලනකොට රධ්‍ය අයියා මූණ හට්ටියක් කරගෙන නැගිටලා ඇවිත් කියාන් අයියගෙ පුපටත් දෙකක් පයින් ගහලා මාවත් උස්සලා නැගිට්ටුවා.. අයුක අයියා තාම බිම පතබෑවීගෙනම ඉන්නවා..

" අයුක.. උඹට අවුලක් නෑනෙ.."

" අම්මෝ කොන්දෙ පොට ගියා බං.."

අයුක අයියා පොලොව බදාගෙන ඉඳලා හිමින් සැරේ නැගිට්ටහම මම රධ්‍ය අයියගෙ පිටිපස්සෙන් හිටගෙන ශේප් එකේ සමාජෙන් වහන් වෙලා හිටියා.. ඒ එක්කම කියාන් අයියා දබෝස් ගාලා මගේ පිට මැද්දයි එහාපැත්තෙ ඉඳපු සෙනුකයගෙ පිට මැද්දටයි හොඳ පාරක් දමලා ඇරියා..

" ආව්.. මොකද තවුසෙ ගහන්නෙ.. පිස්සුද.. ආ.."

" සෙනුක අහකට පලයන්.."

" ඇයි ඇයි මොකද ගහගන්නද.. ආ වරෙන් බලන්න.."

සෙනුකයා කියාන් අයියගෙන් අරික්කාලක්වත් නෑ ශර්ට් එකේ අත් දෙකත් උස්සගෙන ගහගන්න ගියාම කියාන් අයියා සෙනුක ගාවටම පහත් වෙලා නලලට තට්ටුවක් දැම්මා..

" ඇයි ගහන්නද.."

" ගහනවා තමයි හලෝ.."

සෙනුකයා කැරකිලා කියාන් අයියගෙ බඩට පාරක් කකුලෙන් ගහන්න ගියාම කියාන් අයියා උගේ අණ්ඩ ටීක් බෝලයක් අල්ලගන්නවා වගේ එක අතකින් අල්ලගත්තා.. ඒ එක්කම සෙනුකයා බිමට ඇදගෙන වැටෙන්න කලින් අයුක අයියා පැනලා ඌව අල්ලගත්තා..

" මේ ඔයා මගේ යාළුවට අත තියන්නෙපා හරිද.. මම තවුසෙගෙ ඇට2ක තලලා දානවා.."

" අනේ මේ..ඉඳපන්.. තලයි ඇටේම.."

" තලනවා තමයි යකෝ.."

මම බිම තිබ්බ ගිටාර් එක ගන්න යද්දිම රධ්‍ය අයියා පැනලා ගිටාර් එක උස්සලා උඩට කල්ලා අල්ලගත්තා..

" වරද්..!!!"

" ඇයි මොකද ඔවා.."

" මේ ගිටාර් එකෙන් මූට ගැහුවම උඹයි මමයි ප්ලේ කරන්නෙ මොකෙන්ද.."

" ඇයි අපි ජූනියර් බෑන්ඩ් එකේ මෙලෝඩිකා ගැහුවෙ.. මෙලෝඩිකාවක් හොඳයිනෙ.."

රද්‍ය අයියා මට දෙකක් රවලා ගිහින් ගිටාර් එක පැත්තකින් තියලා ආවා..සැක් මට මැවිලා පේනවා රධ්‍ය අයියා ගැම්මට ඇවිදගෙන ස්ටේජ් එක මැද්දට ගිහින් මෙලෝඩිකාවකින් සෙන්‍යොරීටා ගහනවා.. හෙන අවුල් වගේ.. මම ඔලුව ගසලා හරි සිහියට එද්දි සෙනුකයා අයුක අයියගෙන් ගුටි කාලා මූන ඇද කරගෙන ඉන්නවා..

" අම්මෝ බං.. උඹලා පවුල් කන හැටි දැක්කහම මට හිතෙනවා සදා තනිකඩව ඉන්න.."

සයෝන් අයියා පැත්තකින් තිබ්බ ස්ප්‍රයිට් බෝතලයක් අරගෙන චිකිස් ගාලා ඒක කැඩුවා..

" ඒ මොකද අයියෙ.."

" නෑ නිකම්.. දන්නැද්ද.."

" කියනවකො කියාන් අයියෙ.. මොකද ඔවා නියපොතු පාට කරගෙන ඉන්නෙ.."

" ඉන්නෙද.. ඉන්නෙ උඹලගෙ වයසෙ මම කරගහගෙන ඉන්න එකී ඉන්නවනෙ.. ඊයෙ ගියා ශොපින් යන්න ඕන කියලා.. උඹට කියන්න බං.. අර ගැණූ උලන්නෙ අරහෙ මෙහෙ.. මොනවද.. කන්සීලරුයි ලිප්ස්ටිකුයි කියුටෙක්ස් ටිකයි සේරම ටෙස්ට් කරන්න ඒකි මාව විද්‍යාගාර මීයා කරගත්තා.. අපේ අම්මගෙ නේල් පොලිශ් රිමූ කරන එක හොයාගන්න බැරිවුණා උදේ එද්දි.. උඹලා හිතුවද මම ඩ්‍රග් ක්වීන් කෙනෙක් වුණා කියලා.. නොදකින්.."

" සැක්.. ඒකද මේ.. කවුද දන්නෙ.."

" මුන්ගෙ වයසෙ සේරම එකයි.. කටනම් තියෙනවා අරහෙම කරනවා මෙහෙම කරනවා කියලා.. කැරපොත්තෙක් දැක්කහම ලතෝනි තියාගෙන ගේවටේ දුවනවා.. අනේ බොලාගෙ කෙරුවාව.."

" එහෙම නෑ හරිද.. බලු කතා කියන්නෙපා.. නේද රධ්‍ය අයියෙ.. නේද කියනවකො.. නේ.."

" ම්ම්.."

" දැක්කනෙ.."

රධ්‍ය අයියා ටිකකින් ඔලුව දෙපැත්ත මසාජ් කරගන්නවා මම දැක්කා.. හැපීකව්වට මේ කියාන් පරයා තමා හිසරදේ හදවන්නෙ.. 

" එව්වා වැඩක් නෑ.. මොකෝ සාගා එකේ වැඩ.."

" කරගෙන යනවා.. තව දවස් ටිකයිනෙ.. ෂනෙරුලගෙ අයිටම් එක ලේට් නිසා ඒකෙ වැඩ තමා තියෙන්නෙ.."

" එහෙමද.. අඩෝ උඹලා සිංදුව කියපන් මමයි අයුකයයි සයෝනුයි ඇවිත් නටන්නද ඒකට.."

" ඊයා ඕයි.."

" මම සුදුදෝණියව අරගෙන මෙන්න මෙහෙම කරකලා උම්මා එකක් දෙන්නම්.."

කියාන් අයියා අයුක අයියව ඇදලා අරගෙන අත උඩට වට්ටගෙන මූණට පාත් වෙන්න ගියාම ඉරිසියාකාර සෙනුකයා කියාන් අයියගෙ බෙල්ලෙන් අල්ලගත්තා..

" අතෑරපන් මගේ මනුස්සයව.."

" ආ අනේ මේ.. නටපන් සෙනුක.. සුදුදෝණි උඹේ වෙන්න කලින් මගේ වුණේ.. අනික මගේ සුදුඅම්මියත්.."

" කියාන් කැහ්-අහකට වෙයන් බං.. මේ රධ්‍ය.."

" උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්වාහ්!!"

ඒ එක්කම කියාන් අයියා අයුක අයියගෙ බෙල්ලෙන්ම අල්ලන් හෙන තඩි උම්මා එකක් දුන්නා අයුක අයියට..

"....."

" තවුසෙ පර කොහිල කැස්වටුවා.. මොකක්ද ඒ කලේ.."

" සුදුදෝණියට තොත්තුවක් දුන්නා ඇයි උඹ මොකද.."

" කැහ්-උඹට පිස්සුද බං.. අහකට වෙයන්.. මේ රධ්‍ය මූට මොකද මේ වෙලා තියෙ-කැහ්-කැහ්"

" කියාන්!!!"

" සුදුඅම්මියටත් කිස් එකක් ඕනද.. අනේ~"

" හනේ ඕක නවත්තගනිල්ලා යකුනේ.. උඹලට පිස්සු තද වෙලාද.."

සයෝන් අයියා අයුක අයියව කියාන් පිඹුරු ග්‍රහනයෙන් ඇදලා මෙහාට ගත්තා.. ආවා මෙතන මූකලන් සූකරයා මගේ හැපීකව්වගෙ මූණ ඉඹින්න..

" මේ උඹලගෙ අප්පච්චිත් එනවනේ සාගා එකට.."

" ඈ මොකක්..??"

මම ඉක්මනටම රධ්‍ය අයියා දිහා හැරිලා බැලුවා..

" ඕල්බෝයිස්ලා එනවනේ ඉතින්.."

" ම්ම්.. ඒවි.."

රධ්‍ය අයියා ඕනවට එපාවට කියලා ස්ප්‍රයිට් බෝතලේ ඉල්ලගෙන ඒක බිව්වා.. මොකක්ද යකෝ ඒ කිව්වෙ.. රධ්‍ය අයියලගෙ අප්පච්චි සාගා එනවද.. මම දන්නෙත් නෑ.. රධ්‍ය අයියා කිව්වෙත් නෑ..

" ෂනෙරු උඹ මාමණ්ඩිව ටෝක් කරහන් එදාට ගිහින්.."

" ඒ කොහොමද.."

" අප්පච්චි ගාවට ගිහින් කියහන් එදා කිව්ව රැප් එක.."

" අනේ මේ.."

මම කියන් අයියට රවලා අනිත් අය කියවන දේවල් අහගෙන හිටියා.. අප්පච්චි කියද්දිත් බය හිතෙනවා.. එයා මොනවහරි මම හම්බුණාම කියයිද දන්නෙ නෑ.. මම එහෙ නිතර යනව එනවත්නෙ.. අම්මා හොඳයි වුණාට.. අප්පච්චි..

මම ඇඳුමෙ නූලක් ඇදලා අරගෙන ඒක ඇඟිලිවල පටලැන අනිත් අය හිනාවෙන කතාකරන දිහා බලාගෙන හිටියා.. අනේ දැන්නම් බය හිතෙනවා.. මට බෑ මේක කරන්න.. මම ගයනිකා මැඩම්ට කියලා අයින් වෙනවා.. 

රධ්‍ය අයියා මං දිහා ටිකක් බලාගෙන ඉඳලා මගේ අතක එයාගෙ ඇඟිලි පටලගෙන අත හයියෙන් තද කල්ලා අල්ලලා අතෑරියා.. මම එයාදිහා ඔලුව උස්සලා බැලුවා..

" Don't even think about it.."

" ම්ම්.."

බ්‍රේක් එක ඉවරවෙලා ආයෙම හෝල් එකට මැඩම්ලා ආවහම සයෝන් අයියලා එළියට ගියා.. වයිස් ප්‍රින්සිපල්ස්ලා දෙන්නෙකුත් ඇවිත් හිටියේ හවස ප්‍රැක්ටිසස් බලන්න.. ආයෙම ලන්ච් එක බ්‍රේක් එකක් දුන්නායින් පස්සෙ රෑ අට වෙනකල්ම අපිට ඉස්කෝලෙ ඉන්න වුණා.. කොස්ටියුම්ස් හදන්නයි අනිත් වැඩ වලටයි.. එහෙම ඉඳලා ඉස්කෝලෙන් එළියට එද්දිත් හුංගක් රෑ වෙලා.. කියාන් අයියලා එතකොටත් ගෙදර ගිහින්.. අයුක අයියත් සෙනුක එක්ක යනකල් ඉඳලා මමයි රධ්‍ය අයියයි බයික් එක ගාවට ආවා..

" ඔයා දවල් ඉඳන් අවුලෙන් ඉන්නෙ ඇයි වරද්.."

" ආ..?? මම.. නෑ.."

" බොරු කියපන්.. මට නැතුව වෙන එකෙක්ට.."

රධ්‍ය අයියා හෙල්මට් එක අරගෙන මගේ ඔලුවට දාලා ක්ලිප් එක තද කලා..

" මට බය හිතෙනවා.."

" බය වෙන්න ඕන වැරැද්දක් කල්ලනම් නෙ.. ඔයා මොකක්ද කරපු වරද.."

" මන්දා.. මට තේරෙන්නෙ නෑ.."

මම රධ්‍ය අයියගෙ උරහිසෙන් අල්ලගෙන බයික් එකට නැග්ගා..

" අපි කොහේහරි යන්නද යන්නෙ.."

" ම්ම්.."

" එතකොට ගෙදර..??"

"....."

රධ්‍ය අයියා මොකුත් නොකියා බයික් එක ස්ටාට් කරගෙන යන්න පටන්ගත්තා.. මම එයාගෙ ජැකට් එකෙන් තද කල්ලා අල්ලගත්තා.. මට ඇඬෙන්න එනවා.. එයා මම නිසා පවුලෙ හැමෝම එක්ක ප්‍රශ්න දාගෙන අන්තිමේ මොකක් හරි ලොකු දෙයක් වේවි කියලා හැමතිස්සෙම මගේ හිත කියනවා.. මම රධ්‍ය අයියගෙ පිටට මූණ තියාගෙන ඇස් දෙකේ අගිස්සෙ පිරිලා තියෙන කදුලු වේලිලා යනකල් බලාගෙන හිටියා.. ඒත් කඳුලු වේලිලා යන්නැතුව අලුත් වෙලා ඇස් අගිස්සෙ පිරිලා පහළට කඩාගෙන වැටිලා කම්මුල් දිගේ ගලාගෙන යනවා.. ඉඳලා හිටලා වුණත් හිතට බයක් දැනෙද්දි ඇඬෙනවා.. මම ඇස් දෙක පියාගෙන  මොකුත්ම දේවල් දිහා නොබලා හිටියා.. හුළං පාරවල් ඇවිත් මගේ මූණෙ වැදීගෙන යනවා.. විනාඩි විස්සකින් විතර රධ්‍ය අයියා බයික් එක නතර කල්ලා මම එයාගෙ බඩ මැද්දෙන් අල්ලගෙන ඉඳපු අත උඩින් අත තියාගත්තා..

" වරද්.. බහින්න.."

මම රධ්‍ය අයියගෙ උරහිසින් අල්ලගෙන බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගලවගත්තම එයත් බැස්සා.. බැහැලා මගේ මූණට වැටිලා තියන කොණ්ඩෙ ඔක්කොම පිටිපස්සට කල්ලා අල්ලගෙන මගේ මූණට එබුණා.. 

" මෙහෙ බලන්න.."

මම ඒත් බිම බලාගෙනම හිටියා.. දැන් මේ මනුස්සයා දිහා බැලුවොත් ඇඬෙනවනෙ.. එයා මාව උස්සලා බයික් එකෙන් ඉන්දුවා..

" කෝ බලන්නකො.."

" ම්ම්..??"

" මොකුත් වෙලත් නැතුව බොරුවට අඬනවනෙ.."

" එහෙම නෑ.. මට බය හිතුණා.."

" බය හිතෙන්න ඕන මම ඔයා ගාව නැත්තම් නෙ.. දැන් ඉන්නවනෙ.."

" ඒ වුණාට ඔයා යනවනෙහ්.."

මම ඇස් වලට ඕන්නැති විදියට උනන උණුම උණු කඳුලු ශර්ට් එකේ කරෙන් පිහිදාගත්තා.. ඒ වුනාට මට ඉකි ගැහිලා ඇඬෙනවා.. මොන මගුලක්ද මට ඇඬෙන්නෙ.. මම ඉකි ගැහෙන්නැතිවෙන්න තොල් පටවල් තදකල්ලා පියාගෙන හිටියා.. රධ්‍ය අයියා මාව හිමින් සැරේ පපුවට හේත්තු කරගත්තා.. මම ඔහේ එයාගෙ පපුවට හේත්තු වෙලා හිටියා..

" අඬන්න එපා වරද්.."

" ම-ම හිතලා අඬන්නෙ නෑ.."

" මම ඉක්මනට එනවනෙ.."

" ඒ වුණාට.. ඒ වුණාට.. ඔයාට- තේරෙන්නෑ අයියෙ.."

මම රධ්‍ය අයියගෙ ශර්ට් එක තද කල්ලා අල්ලගෙන මිට මොළවලා එයාගෙ පපුවට පාරක් ගැහුවගම එයා ගැස්සුනා.. අපි හිටියේ මවුන්ට් ලැවිනියා වල Barracuda එකේ ඉස්සරහා තියන පාකින් ලොට් එකේ.. ඒ හරියෙ එච්චර ලයිට්ස් මොකුත් නෑ.. ඇතුළේ ඇකොස්ටික් මියුසික් ප්ලේ වෙනවා ඇහෙනවා.. මනුස්සයෝ මේ වෙලාවෙ හරි නිදහසින් එහේ මෙහේ ඇවිදිනවා හිනාවෙනවා කතාකරනවා මම දැක්කා.. කවුරුත්ම අපි දෙන්නෙක් ඉන්නවා කියලවත් ඒ දිහා විශේශෙන්වත් බැලුවෙ නෑ.. රෑ නමයත් පහුවෙලා තිබ්බත් සෙනඟ සෑහෙන්න හිටියා..

" මොනවද මට තේරෙන්නැත්තෙ.."

" මම දන්නෑ.."

මම රධ්‍ය අයියගෙ ශර්ට් එකෙන්ම මූන පුරාම තිබ්බ කඳුලු පිහාගත්තා..

" අපි ඉස්සරහට වෙන්න තියන දේවල් අමතක කල්ලා දැනට අඬන්නැතුව ඉමුද.."

" ඒ කියන්නෙ ඉස්සරහට මොකුත් වේවිද.."

රධ්‍ය අයියා මගේ මූන දෙපැත්තෙන් අල්ලගෙන මගේ මූන ගාවට කිට්ටු වුණා..

" ඉස්සරහට හුඟක් දේවල් වේවි.."

" එතකොට..??"

" එතකොටත් මම දුර ඉඳන් හරි ඔයා ගාවින් මෙහෙම ඉන්නවා.."

" ඒ කොහොමද.."

" එහෙම තමයි.. ඉන්නවා.. ඔයා බලන්නකො.."

" නොගිහින් ඉන්නකො අයියෙ.. මම කැමති නෑනෙ ඔයා යනවට.."

මම අත් දෙකෙන්ම මගේ ඇස් වලට උනන කඳුලු පිහාගත්තා.. රධ්‍ය අයියට කියන්න මොකුත්ම නැතුව මං දිහා උත්තරයක් නැතුව බලාගෙන හිටියා.. ඇයි මම එයාගෙන උත්තර නැති ප්‍රශ්න අහන්නෙ.. මට සැරින් සැරේ මොනවා වෙනවද වෙලාවකට හිතාගන්න බෑ..

" ගිහින් ඉක්මනට එන්න.. මට පිසික්ස් වලට එස් එකක් තියෙයිද දන්නෙ නෑ.."

රධ්‍ය අයියා ටිකකින් ලාවට හිනාවුණා..

" අඬු කඩනවා එහෙම තිබ්බොත්.."

මම බයික් එකෙන් බැහැලා සපත්තුවෙ ලිහිලා තිබ්බ ලේස් එක ගැටගහගත්තා..

" අපි යමු..??"

" Barracuda යනවද The station යනවද.."

මම රේල් පාරෙන් එහාපැත්තෙ තිබ්බ ස්ටේශන් එක දිහා බලාගෙන හිටියා.. දෙකටම යන්නෙ ඉතින් කන්නනෙ.. 

" අනේ මන්දා.. ඔයා කියන්න.."

" ඔයා කියන්න.. කොහෙද යන්න ඕන කියලා.."

මම එහායින් තියන ස්ටේශන් එක දිහා බලාගෙන හිටියා.. රේල් පාර පැනලා ගල් ගොඩේ ඒකට යන්න බෑ වගේ හිතුණා..

" Barracuda යමු.."

රධ්‍ය අයියා මගේ කොණ්ඩෙ අවුල් කල්ලා අතකින් අල්ලගත්තා..

" ඔයා එහෙට ගිහින් අඬන්නැත්තන් යමු.."

මම රධ්‍ය අයියගෙ අතේ නියපොතු හිටින්න පාරක් තදකලා.. අපි ගිහින් ටේබල් එකකින් ඉඳගත්තා.. අවුරුදු විසි ගනන් වල විතර පිරිමි ළමයි දෙන්නෙක් ස්ටේජ් එකක් වගේ තියන තැන ගිටාර් එකක් ප්ලේ කර කර සින්දුවක් කියනවා.. සින්දුව කියන කොල්ලගෙ අතේ පත්තුවෙන සිගරට් එකක් තිබ්බා.. කොන්ඩෙ කර්ලි ඇස් දෙකට වැටෙන විදියට හදලා තිබ්බෙ.. ගිටාර් එක ප්ලේ කරන කොල්ලගෙ ගිටාර් එකේ පැත්තකින් සිල්වර් හාට් එකක් තියන ටැග් එකක් එල්ලලා තිබුණා..

I'm out of my head, out of my mind, oh, I
If you let me, I'll be
Out of my dress and into your arms tonight
Yeah, I'm lost without it
Feels like I'm always waitin'
I need you to come get me
Out of my head, and into your arms tonight, tonight..

" ඔයා බීච් යන්න හෙන ආසයි නේද.."

" ම්ම්.. කොහොමද කිව්වෙ.."

" නිකමට හිතුණා.. මමත් ආසයි.."

" නිදහස් .. මම ඔයා එක්ක මෙහෙ එන්න හිතාගෙන හිටියේ.."

" ඒ මොකද.."

" විශේශයක් නෑ.. I am a lover who likes to go everywhere with my boyfriend.."

රධ්‍ය අයියා ඒක කිව්වෙ හරියට ලොකු වැදගත් දෙයක් පැහැදිලි කල්ලා දෙන්න වගේ.. 

" I am also a lover who loves to go wherever my boyfriend takes me.."

" That means a 'perfect match'.."

රධ්‍ය අයියා හිනාවෙලා පුටුවට හේත්තු වුණා..

" ඔයාට කියන්න වරද්.."

" ම්ම්.."

" මම වෙලාවකට හිතනවා That I can take even the biggest risk in this world for your lovely smile.."

රධ්‍ය අයියා අමුතු හිනාවක් කට කොනේ තියාගෙන එහෙම කියද්දි මම එයා දිහා නොබලා අපිට උඩින් එල්ලලා තිබුනු පොඩි පොඩි කහ පාට ලයිට් බල්බ්ස් ලයින් එක දිහා බලාගෙන හිටියා.. මගේ කම්මුල් වලට ලේ පිරෙනවා වගේ දැනෙනවා..

" It's getting better when you're blushing.."

" ඕක නවත්තගන්න.."

" ඇයි මම නවත්තන්නෙ.. මම කරන්නෙ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ව අගය කරන එක.."

" ඇයි හදිසියෙම..??"

" ඒක මෙහෙමයි.."

රධ්‍ය අයියා හෙන ලොකු කතාවක් කියන්න වගේ අත් දෙකේ ඇඟිලි එකට බැඳගෙන මේසේ ඉස්සරහට නැමුණා.. මම එයා දිහා බලාගෙනම හිටියා..

" මට වෙලාවකට හිතෙනවා කතාකරන්න ඕන කියලා.. අර මම ඔයා ෆ්ලෙමින්ග් ජූන් වගේ කිව්ව දවසෙ.. අපි මූවි ඩේට් එකකට ගියේ.. අන්න එදා වගේ.. එකපාරටම හිතෙනවා.. කතාකරනවා.."

" ආ ඔව්.. එදානම් ඔයා සෑහෙන්න කතාකළා.."

" ඒකනෙ.. අදත් එහෙම දවසක් කියලා හිතාගන්න.."

" ම්ම්.. හරි.."

" මට දැන් හිතෙනවා ටයිම් ට්‍රැවල් කල්ලා මම ඒ ලෙවෙල්ස් කරද්දි හිටපු කොල්ලා ගාවට ගිහින් කියලා එන්න.. Bro, you don't need to worry.. In two years, your ඩයරියේ ඉන්න මල will be your boyfriend කියලා.."

මට ඒකට හිනා ගියා.. රධ්‍ය අයියා මෙහෙම සැහැල්ලුවෙන් කතාකරන්නෙ ඉඳලා හිටලා නිසා මම ආසයි ඒකට කරදර කරන්නෙ නැතුව අහගෙන ඉන්න.. මම දකින්න ආසම කැරැක්ටර් එක, එයා මෙහෙම නිදහසේ ඉද්දි මං ගාවට එනවා.. ඒ එක්කම වේටර් කෙනෙක් ඇවිත් cranberry juice jug එකක් තියලා ග්ලාසස් දෙකකට ඒකෙන් ටිකක් වක් කල්ලා ගියා..

" ඩයරියේ ඉන්න මල ගැන දැනට මොකෝ හිතන්නෙ.."

" That is the only precious thing that I love yesterday, today and tomorrow.. මේ වරද්.."

මම cranberry ග්ලාස් එකෙන් උගුරක් බිව්වහම ඒකෙ තිබ්බ අමුතු තිත්ත සැර ගතියට උගුර ලාවට දැවිල්ල අල්ලනවා වගේ දැනුනා..

" ම්ම්.."

" නිකමට හිතන්න ඔයා මගෙයි අපේ අයියගෙයි ලයිෆ් එකට ආවෙ නැත්නම් අපේ අයියා තාම ඔයාගෙ මාමව හොයාගන්න බැරුව දුක් වෙවී ඉන්නවා.. මට වෙලාවකට සතුටු හිතෙනවා අපේ අයියා මාරම සැහැල්ලුවෙන් ඉද්දි.. එයා අන්තිමට ඔහොම මනමාල හිනාවක් දාගෙන හිටියේ දැන් අවුරුදු ගානකට කලින් නෙ.."

" ආධ්‍ය අයියා හරි-.. අනේ මන්දා.. එයා මාරයි නේද.. කවදහරි එයා හොඳම හොඳ තාත්තා කෙනෙක් වේවි.."

" මටත් හිතෙනවා.."

" දැනටම එයා ඔයාව බලාගන්න විදිය.. එතකොට අපේ මාමා ගැන හොයලා බලන විදිය.. මෙහ්.. ඒකනෙමේ.. එයාලා බබෙක් හදාගනී නේද.."

" ඔව් සමහරවිට.."

" එතකොට මම අන්කල් කෙනෙක්.."

" නෑනෙ අයියා කෙනෙක්.."

" ඒ කිව්වෙ.."

" ඉතින් ඔයාගෙ මාමගෙ බබා.. අයියා නෙමෙයිද.."

" ඉතින් අපේ මාමා යාළුවෙලා ඉන්නෙ ඔයගෙ අයියා එක්කනෙ.. මම යාලුවෙලා ඉන්නෙ ඔයා එක්ක.. ඒ ඔයාගෙ අයියා නිසා මගෙත් අයියා.. එතකොට අයියගෙ පුතා අංකල්.."

රධ්‍ය අයියා ඔලුව කසාගෙන cranberry ග්ලාස් එක වටයක් කැරකුවා..

" මට ඇත්තටම මේ නෑදෑ සම්බන්ධෙට වඩා ඉක්මනට අවකලනෙ තේරුණා.. කමක් නෑ.."

ඊටපස්සෙ ආයෙම වේටර් කෙනෙක් ඇවිල්ලා හෙන ප්ලේට්ස් ගොඩක් මේසෙන් තියලා යන ගියා.. මම ඒ කෑම මොනවද කියලා හරියටම අඳුනගන්න ට්‍රයි කලා.. රධ්‍ය අයියා හෙන ගොඩක් කනවනෙ.. හැමදාම කොහේහරි ගියොත් කෑම ලොට් එකක් ඕඩර් කල්ලා මේසෙ පුරෝගන්නවා.. ඊටපස්සෙ ඒක ඉවරවෙනකල්ම කකා කියව කියව ඉන්නවා.. ඒක කොහෙහරි ගියාමත් එහෙමයි.. අපේ ගෙදර ආවහමත් එහෙමයි.. 

" ඔයාට මතකද අර දවසක් ඔයා අපේ ගෙදර ඇවිල්ලා අපි දෙන්නා cuttlefish devil එකක් හැදුවා.."

" ආ ඔව්.. ඒක මාරයි නේද අනේ.."

" ඔව්.. අර මොකක්ද බබා ඔයා කෑම රස වුණාම කියන වචනෙ.. ආ Heavenly~ සිරාවටම ඒක මරු.."

" අපි ආයෙ දවසක කෑමක් හදමු.."

" ම්ම්.. ටිකක් කොම්ප්ලිකේටඩ් රෙසපි එකක් ට්‍රයි කල්ලා බලමු.."

" හා.."

" ඔයා එක්ක මම ඉන්න හැමතිස්සෙම මට හිතෙනවා වරද්.. 'That's what love is, dude'.. අර කියන්නෙ හරිම කෙනා ජීවිතේට ආවහම ඒක මාරයි, මාරම විදියට දැනෙනවා කියලා.. අන්න එහෙම.. Like Everytime.. මම මටම කියාගන්නවා මගේ චොයිසස් කොච්චර හොඳද කියලා.."

" I lo~ve you.."

" I love you mo~re.."

රධ්‍ය අයියා මගේ ප්ලේට් එකට කෑම බෙදලා එයාගෙ ප්ලේට් එකටත් බෙදාගත්තා..

" Such a gentleman.."

" Anything for you.."

එයයි මමයි හුඟ වෙලාවක් හිනාවෙවී කතාකර කර කෑම කෑවා.. එතන හුඟක් හිටියේ ෆොරින් අය.. ඒ ඇරෙන්න ලොකල් කපල්ස් ගොඩක් හිටියා.. සීෆුඩ් ඇන්ඩ් ග්‍රිල් රෙස්ටොරන්ට් එකක් නිසා ඒකෙ මෙනූ එකේ තිබ්බෙ ඔක්කොම වගේ සීෆුඩ් විතරමයි.. එළිමහනෙ වගේ හදලා තිබුණු තැනක් නිසා එතන වැල්ල තිබ්බෙ.. බිම.. රධ්‍ය අයියා මම ඉස්සරහට කලා තියාගෙන ඉඳපු කකුල් දෙකට දෙපැත්තෙන් එයාගෙ කකුල් දෙක තියාගෙන හිටියා.. සමහරවෙලාවකට මගේ සුළඟිල්ලෙන් අල්ලගන්නවා.. නැත්නම් අත තද කල්ලා අල්ලගන්නවා.. මම එයා කියන විකාර කතාවලට හිනාවෙවී, ඒ ඔක්කොම අහගෙන හිටියා.. කලින් ඇඬුවෙ මමමද කියලා මට හිතාගන්න බෑ.. ඇඬුවෙ ඇයිද කියලත් මට අමතක වෙන තරමට මම හිටියේ සතුටින්.. මාරම නිදහසේ.. කාලා බීලා අපි ගෙදර එන්න එළිඅය ආවහම රධ්‍ය අයියා මාව උස්සලා බයික් එක උඩින් ඉන්දලා හුගාක් වෙලා මාව කිස් කලා.. සෑහෙන්න වෙලාවක්.. ඒ වෙලේ කවුරුත් එතනින් ගියේවත් හිටියෙවත් නෑ.. මහා සද්දෙන් අපිට ළඟින් ට්‍රේන් එකක් ගියත් ඒ සද්දෙවත් ඇහෙන්නැතිවෙන්න මම අර මත් වෙන හැඟීමේ ගිලිලා හිටියා.. එයාගෙ ලොකු උනුහුම් අත් මගේ ඉණ වටේ පැටලිලා තියන විදිය.. එයා මගේ තොල් වලට කිට්ටු වෙන විදිය.. ඒ හුස්ම ඇවිත් මගේ මූණෙ වදින විදිය.. මගේ තොල් උඩම එයාගෙ තොල් තියාගෙන ආදරෙයි කියන විදිය.. මම ඒවට කොච්චර ආදරේ කරනවද කියන්න මට අදහසක් නෑ.. මූදු හුළග අපි දෙන්නගෙ අතරෙ තිබ්බ පුංචිම ඉඩෙන් පවා ගලාගෙන ගියා.. 

අවසානෙ අපි ගෙදර එද්දි රෑ එකොළහමාරයි.. මම බයික් එකෙන් බැහැලා ෆෝන් එක එළියට ගත්තා..

" පරිස්සමින් ඉන්න.. මම ගිහින් කතාකරන්නම්.. හෙට හවස ප්‍රැක්ටිස් ඉවරවෙලා ඉස්කෝලෙට එන්න.."

" ඔයත් පරිස්සමින් යන්න.. අප්පච්චි බනින එකක් නැද්ද රෑ වුණා වැඩියි කියලා.."

" කවුද දැන් ගෙදර යන්නෙ.. මම අයියා නයිට් කරන ඩිස්පැන්සරි එකට ගිහින් එයාගෙ රූම් එකෙන් වොශ් එකක් දාගෙන නිදාගැනලා හෙට උදේ ගෙදර යනවා.."

" ඒ මොකද.."

" අයියා නැතුව ගෙදර ඉන්න බෑ.."

" අයියව මතක් කලා කියන්න.. මම යන්නම්.."

මම යන්නත් ඇවිලල හැරිලා රධ්‍ය අයියගෙ නළලින් හාද්දක් තිබ්බා.. රධ්‍ය අයියා මගේ ඇග වටේ අතක් දාගෙන මාව එයාට තුරුල් කරගත්තා..

" ආදරෙයි.."

රධ්‍ය අයියා රහසින් මගෙ කනට කල්ලා කියද්දි මම එයාගෙන් එහාට වෙලා බැක්පැක් එකත් කරේ දාගෙන ගෙදරට දුවගෙන ආවා.. ආයෙමමගේ බඩේ සමනල්ලු දාස්ගානක් තටු ගහලා පියාඹන්න පටන් අරගෙන.. 

























දළඹු ළමයින්ට කියන්න බඩ්ඩක් ගෙනාවෝ.. නුදුරු අනාගතයේ අනුසාකි කතාව බලාපොරොත්තු වෙන්න.. එයාලට මොකද වුණේ කියලත් දැනගමු.. හාත..

But if you like causing trouble up in hotel rooms
And if you like having secret little rendezvous
If you like to do the things you know that we shouldn't do
Then baby, I'm perfect
Baby, I'm perfect for you
And if you like midnight driving with the windows down
And if you like going places we can't even pronounce
If you like to do whatever you've been dreaming about
Then baby, you're perfect
Baby, you're perfect
So let's start right now

- perfect  by One Direction - 

අහලා බලන්ඩෝ~

එන්නාම්.. ලව් යූ.. 

🌚❤

ප.ලි.

- මෙහි එන සියලු පුද්ගලයන් සහ ස්ථාන හුදෙක් කතුවරයාගෙ සිතුවිලි පදනම් කොටගෙන ලියැවූවකි..

- කථාංගයේ යම් යම් කොටස් උපුටා සමාජ මාධ්‍ය තුළ කතුවරයාගේ අවසරයකින් තොරව පළ කිරීමෙන් වළකින්න.. (ටික්ටොක් වීඩියෝස්/ස්ක්‍රීන්ශොට්ස්)

- කථාංගය පදනම් කොටගෙන විවිධ ආකාරයේ වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්න අවසර නෑ.. එවැනි අනවසර ක්‍රියාවල වගකීම කතුවරයා භාරගන්නෙත් නෑ.. 





Continue Reading

You'll Also Like

2.2K 516 20
jikook ff Gift story 😚 මේක වෙනස් විදියේ කතාවක් , මේකේ ඉදිරිය තීරණය කරන්නේ මම නෙමේ. එහෙනම් ?? කියවලා බලන්නකෝ...... එනම් Let's go.....
16.2K 4.5K 22
මේ මොන කෙහෙල් මලක්ද කියලා කියන්න මම දන්නෑ. මේක මොන කෙහෙල් මලක්ද කියලා දැනගන්න ඕන නම් ඔය කෙහෙල් මල් ෆෝන් එකෙන් මේ කෙහෙල් මල කියවන්න. කියවලා කෙහෙල් මල්...
1K 243 30
අඳුරු මගේ ලොව එලිය කෙරූ සඳ ඔබ නමුත් ඔබේ ලොව අඳුරු කෙරූ රකුසෙකි මම යලිත් එක් වතාවක් මගේ ලොව එලිය කරන්නට හැකිනම් යලි එන්න මගේ රෝස මල - 𝑲𝑻𝑯 -
62K 9.3K 114
COMPLETED ✔️ Chinese Title - 如果月亮不抱你 English Title - If The Moon Won't Hold You Original Author - 六盲星 Status in COO - 71+3 Extras Start Date - 01.04...