මඟ බලමින් 👀
අටවන දිගහැරුම
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
සෞරගේ හඬින් ඔහු අසල සිටි අබීශා පවා ගැස්සී ගියා...විර්දේව් ඔහු දෙසම බලා සිටියේ ඇහි බැමි රැලි කරමින්..සෞර මෙතරම් කෝපයෙන් කෑගසන්නේ කාට දැයි කියන්න ඔහුට වැටහුනේ අහේලිගේ කෙදිරිලි හඬත් සමඟයි…
" අයියාහ්….අපි ය….මු...කෝ...ස….ස...සෞරහ්….බ….බ…..බ...නින...වා...හ්…..බ….බ්..බ..යයි ම...ට...හ්"
" ගෝජස්…….."
විර්දේව්ට ඇගේ හඬ දෙසවන් වැකෙනවාත් සමඟම ඔහු ඇය දෙසට හැරුනේ මෙතක් වේලා ඔහුගේ කෝට් එක අල්ලා සිටි ඇගේ දෑත් අප්‍රාණිකව බිමට වැටෙද්දී…
" අඩන්න එපාහ්…."
ඔහු ඇගේ දෑස් වල රැදි කදුළු පිස දැම්මේ පරිස්සමින් ඒ මුහුනේ ගල්වා ඇති ආලේපන ඉවත්ව නොයන ලෙසින්..
" ඩෝන්ට් ක්‍රයි රපුන්සල්…..ප්ලීස් ස්ටොප් ආ ( කරුණාකරලා නතර කරන්න…)"
ඒ මුහුණට නැඹුරු වෙමින් පවසන විර්දේව්ගේ හඬේ ගැබ්ව ඇත්තේ පසුතැවිල්ලක්..ඒ දෑස් වලත් ඒ පසුතැවිල්ල ලියවී තිබුනා..ඔහු හදවතින්ම තැවුනා ඔහු නිසා ඇයට තම සහෝදරයාගෙන් මෙසේ බැනුම් ඇසීමට සිදු වූ නිසා…
" රපුන්සල් ඔයා දන්නවද??? මූ අපේ අම්මිගෙයි තාත්තිගෙයි බබෙක් නෙමෙයි...අම්මි මේකාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ නගර සභාවේ කුණු කන්දෙන්….."
ආහේලිට කඳුළු අතරින්ම සිනහා ගියේ ඔහු කිව් කතාවට…
" චූටයියාහ්….."
සෞරට සිය සහෝදරයා සමඟත් ඇති වුනේ දැඬි කේන්තියක්...සෞරගේ කෑගිසිල්ල කනකට වත් නොගත් විර්දේව්,
" මූගේ හැටි රපුන්සල්….මහ බූරුවෙක්…..කතා කරන්න දන්නේ නෑ...මන් ප්‍රොමිස් වෙනවා..අද කීයට ගෙදර ගියත් මුට කොහිල පාත්තියක්ම කව්වනවා කියලා….ප්ලීස් ඩෝන්ට් ක්‍රයි රපුන්සල්..ප්ලීස් ඩෝන්ට්…( කරුණාකරලා අඩන්න එපා...කරුණාකරලා එපා..)
ඇගේ මුහුණ සුන්දර සිනහවකින් විකසිත වුනේ සෞරගෙන් ඇය බේරාගැනීමට විර්දේව් සිටින නිසා..
" රියලි ගෝර්ජස්...අයි මීන් යුවර් ස්මයිල්…( ඇත්තටම ලස්සනයි...මන් කිව්වේ ඔයාගේ හිනාව…)
ඇය විලියෙන් රතු වුනේ ඔහු පවසන විට ඔහුගේ සුසුම් පවා ඇගේ මුහුණට වැටෙද්දී…
" රෝස වුනාමත් ලස්සනයි….."
ඇය තවත් රතු වුනා...දැනුනේ දැඬි කෝල බවක්...සෞර ඔවුන් දෙස බලා සිටිනා බවක් වත් ඇයට සිහි වුනේ නැත...
" නොන්සන්ස්….( විකාර ..)
පවසමින් සෞර අබීශාවත් ඇත හැර යාත්‍රාවේ උඩු මහලට යෑමට පඩි නගින්න ගත්තේ තවත් කේන්තියෙන් පුපුරමින්…
" ඒ බූරු වහන්සේ කියන කතා ගනන් ගන්න එපාහ්...ඕකාව පොඩි එකා හින්දා හුරතල් කරලා අම්මිම තමා වැඩේ අනාගත්තේ…"
ආහේලි හිස දෙපසට වැනුවේ සෞර මෙතැන නොමැති නිසා..ඔහු සිටියා නම් ඇයට නැවතත් බැන වදිනවා නොඅනුමානයි..
" ප්‍රින්සස්…මේ නංගිලා තුන් දෙනාව ටිකකට බලා ගන්නවද???මන් අර බූරුවව එක්කගෙන එන්නම්...ඌ හැසිරෙන්නේ හරියට අද උගේ බර්ත් ඩේ පාර්ටි එක නෙමෙයි වගේ…."
අබීශා අතින් ආහේලිගේ අත තබමින් විර්දේව් පවසද්දී ආහේලිගේ මුව බාගෙට විවර වුනා…
" අයියා….ඔයාහ් එදා ප්‍රින්සස්……"
" ඕහ්….අබීශා තමා මගේ ප්‍රින්සස්…..ගෝර්ජ්….ඔයාලා කොහෙවත් තනියම යන්න එපා..ප්‍රින්සස් එක්කම ඉන්න...මන් අර වාතේ එක්ක ගෙන සුටුස් ගාලා එනවා…."
ආහේලිගේ කොපුලකට තට්ටු කරමින් ඇගේ මිතුරියන් දෙසද බලා අවවාද කර පඩි දෙකෙන් දෙක නඟිමින් දිව යන විර්දේව් දෙස ඔවුන් සිව් දෙනාම බලා සිටියේ හඬින් සිනහාසෙමින්…
" හේලි නංගා….අද හරිම ලස්සනයි…."
අබීශාගේ අවංක සතුට ඇගේ ඈස් වලින්ම විද්‍යාමාන වෙද්දී ආහේලී,
" තැන්ක්‍යූ අබී අක්කි….මේ මගේ හොදම යාළුවෝ දෙන්නා….යේනූ නමිනි….."
ආහේලි ඇගේ යෙහෙලියන් දෙදෙනාද අබීශාට හදුන්වා දුන් අතර ඔහුන් සිව් දෙනාටම කුලු පග මිතුරියන් වීමට ගියේ ඉතාමත් සුළු කාලයකි..
" හේලී නංගා අපි මොනවා හරි බීලා ඉමුද??? කියවලම කට්ටියට මහන්සිත් ඇතිනේ…."
ආහේලි නම් සිටියේ උදෑසන පිපිණු මලක් මෙන් සුන්දරව...උපන් දින සාදයට පැමිණි සිටින සියලුම තරුණයින් ඇය දෙස බලා සිටිද්දී ඇය ඔවුන් නොදැක්කා සේ හැසිරුනේ නැතිනම් ඔවුන්ගෙන් ඇයට බේරුමක් නැති තැනයි…
" ඔයාලා වයින් බොනවද නංගිලා????"
එය ඇසුනු විගස ආහේලි කලබල වෙනවා දුටු යේනු ඇය මුව විවර කිරීමට පෙර ඉස්සර වුනා..
" අනේහ් නෑ අක්කී….ලෙමන් ජූස් එකක් වගේ තිබුනොත් හොදයි…."
සිනහ සුනු අබීශා වෙයිටර්වරයෙකුට කතා කර පැවසුවේ ඔවුන්ට ලෙමන් ජූස් තුනක් සහ වයින් වීදුරුවක් ගෙනෙන ලෙසයි…
" යෙකෝ හේලියෝ වයින් වලට මත් වෙන්නේ නෑ...නිකන් ගැහෙන්නේ නැතුව හිටපන්...අපි දෙන්නා ඉන්නවනේ…."
ආහේලිගේ වෙනස දුටු නමිනි ඇගේ අතක් තද කර අල්ලාගෙන පැවසුවේ අබීශා ඇමතුමක් ලබා ගන්නා අතර තුර…
" අනේහ්….අපි ගෙදර යමුකෝ නමිනි…"
ඇගේ මුහුණ හඬන්න ලන්ව තිබුනත් ඔවුන්ගේ කතාව එතැනින් අවසන් වුනේ අබීශා සමඟ වේටර්වරයාද පැමිණි නිසා..
ලෙමන් ජූස් වීරුදුරුව අතට ගත් ආහේලි බලා සිටියේ වයින් වීදුරුව තොල ගාන අබීශා දෙසයි…
" අබීශා සෞරව දැක්කද????"
" බලන්න මාහීර්ව දේව් එක්ක ඇති...තර්ඩ් හෝ ෆෝර්ත් ඩෙක් (තුන්වෙනි හෝ හතරවෙනි තට්ටුව ) එකේ බලන්න…."
" හරි මන් බලන්නම්….ආහේලී ආ යූ ඕකේ????( ඔයා හොදින්ද ???)"
ආහේලිව පසු කර යන්න ගිය මාහීර්ව නැවතුනේ ඇගේ මුහුණ දුටු විට ඇය යම් අපහසුතාවයකින් පෙළෙන බව ඔහුට වැටහුනු නිසා…
" ම...ම..මගෙන්ද ඇ..ඇ.හුවේ…"
" යර්ස්...මෙතන වෙන ආහේලි කෙනෙක් නෑනේ….."
" අයිම් ඕකේ……"
ඇය බිම බලාගෙන පවසද්දී ඔහු ඇය දෙස බලා සිටියේ බැරෑරුම් ස්වරූපයකින්…
" ආහේලී සෞරව කේන්ති ගස්සන වැඩ නම් කරන්න එපා...පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න...දන්නවනේ ඌ මූලග්ගින්නිකාරයෙක් කියලා…"
" තේ….තේ...රුණාහ්…."
" ඔහොම මට බය වෙන්න එපෝ…..බබෙක් ගෝනි බිල්ලෙක්ට බය වෙලා වගේනේ ඔයා කතා කරන්නේ...රිලැක්ස් එකේ ඉන්න...බට් සෞරව අවුස්සන්න එපා…."
මාහිර්වත් විර්දේව් ලෙස පඩි දෙකෙන් දෙක නගිමින් දුවන්න ගත්තේ සිව් දෙනාටම දෑස් වලින් කඳුළු පනින තුරුම සිනහා යද්දී…
" පොඩි ළමයි වගේ මෙයාලා හැසිරෙන්නේ…."
වයින් වීදුරුව හිස් කරමින් අබීශා ආහේලි දෙසට හැරී,
" හේලී නංගා අපි යමුද බර්ත් ඩේ කේක් එක තියන තැනට….එතන පොඩි ඩෙකරේෂන්ස් වගයක් තව කරන්න තියනවා…."
" යමු අබී අක්කී……"
ආහේලිගේ අත අල්ලගෙන උපන් දින කේක් එක තිබෙන තැනට අබීශා ආවේ ඇගේ මිතුරියන් දෙදෙනාද කැටුවයි..
" මේ රිබන් ටික දාන්න ඕනේ නංගිලා...පොඩි හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද???"
" අයියෝහ් ඕක මොකද්ද අක්කේ….පොඩ්ඩක් ඉන්න…."
කියමින් යේනු අබීශා සමඟ රිබන් එල්ලන්න ගත්තා…
" හේලීයෝ ඔය සෙලො ටේප් එකෙන් කෑල්ලක් කපලා දෙන්න….."
ආහේලි පුටුවක් මත තිබුනු සොලෝ ටේප් එක දිග හරින්න සෙලෝ ටේප් එකට නිය තබාගෙන වටේම ගෙන ගියත් එය දිග හරින පැත්ත ඇයට සොයා ගැනීමට පුළුවන් වුනේ නැත…
" නමිනි……."
කියමින් ආහේලි බිම බලාගෙන නමිනි ලඟට යන්න හදද්දී ඇය ගොස් නතර වුනේ ඇය අසලින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ විසල් පපුවකයි…
ඇය බිය වුනු පාර ඇයට හුස්ම ගැනීමට පවා අමතක වෙද්දී ඇය විදුලියක වේගයෙන් ඔහුගෙන් මෑත් වෙමින් හිස ඔසවා බැලූ ආහේලිට එතැන තිබූ අඩ අදුර නිසා ඔහුගේ මුහුණ හරි හැටි පෙනුනේ නැත...නමුත් ඔහුගේ ඒ තියුණු කළු දෑස් ඇගේ හදෙහි අමුතු හිරියක් ඇති කරන්න සමත් වුනේ ඇයට ඔහුගේ දෑස් වලින් ඇගේ දෑස් මුදවා ගැනීමට අමතක වෙද්දී...ඇය පියවි සිහියට ආ වහාම,
" සො..රි….."
එම වරද ඇය අතම වෙද්දී ඇය ඇසෙන නෑසෙන ගනනට ඔහුට පැවසුවා ඔහු ඇයට බැන වදී යැයි බියෙන්..
" ඉට්ස් ඕකේ……( ඒකට කමක් නෑ…)"
කියමින් ඔහු ඇය පසු කරගෙන ඇවිදින්න ගත්තේ බර අඩි තබමින්...ඇය ඔහු නොපෙනී යන තෙක්ම බලා සිටියේ ඇයි කියන්න ඇය දන්නේ නැත..
" ඒහ් වොයිස් එකක්……."
" කාගෙද හේලියෝ…..මොන වොයිස්ද???"
නමිනි ඇය අසලටම පැමිණෙනවා ආහේලි දුටුවේ නැත්තේ ඇය තවමත් ඔහු ගිය දෙස බලා සිටි නිසයි…
" අරහ්……….."
ඇය ඔහු ගිය දෙසට අත දිගු කර පෙන්වූවත් ඒ වන විටත් ඔහු නෝපෙනී ගොස් අවසන්..
" මොකුත් නෑ නමිනියො….මේක ගලවගන්න බෑ…"
නමිනි අත සෙලෝ ටේප් එක තැබූ ඇය නැවතත් හැරී බැලුවේ ඔහු ගිය දෙසයි…
" එයත් ඇදලා හිටියේ මගේ ගවුමේ පාටම ඔලිව් ග්‍රීන් ෆුල් සූට් එකක් නේද???"
ආහේලි ඇයටම මුමුණා ගත්තේ ඇගේ දෑස් වලට වැරදුනා දෝ කියා සිතමින්..
" මට විතරද මේ පාට අදින්න පුළුවන්...මාත් විකාර හිතලා නිකම් කලබල වෙනවා.."
To be continued..... 💙
මගේ ප්‍රථම මුද්‍රිත නවකතාව "සිහිනයක් වගේ" දැන් ඔබට 20% වට්ටමක් සහිතව මිලදී ගත හැක.
ඔයාලගේ අදහසුත් එක්ක කතාවට ⭐ Vote එකක් දීලා ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න