SEPALIKA | COMPLETED

By cHerRy_MinShi_

3.5M 350K 85K

රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලා... More

සේපාලිකා - හැදින්වීම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
66 කොටස
67 කොටස
68 කොටස
69 කොටස
70 කොටස
71 කොටස
72 කොටස
73 කොටස
74 කොටස
75 කොටස
76 කොටස
77 කොටස
78 කොටස
79 කොටස
80 කොටස
81 කොටස
82 කොටස
83 කොටස
84 කොටස
85 කොටස
86 කොටස
87 කොටස
88 කොටස
89 කොටස
90 කොටස
91 කොටස
92 කොටස
94 කොටස
95 කොටස
96 කොටස
97 කොටස
98 කොටස
99 කොටස
100 කොටස
101 කොටස
102 කොටස
103 කොටස
104 කොටස
105 කොටස
106 කොටස
107 කොටස
108 කොටස
109 කොටස
110 කොටස
111 කොටස
112 කොටස
113 කොටස
114 කොටස
115 කොටස
116 කොටස
117 කොටස
118 කොටස
119 කොටස
120 කොටස
121 කොටස
122 කොටස
123 කොටස
124 කොටස
125 කොටස
126 කොටස
127 කොටස
128 කොටස
129 කොටස
130 කොටස
131 කොටස
132කොටස
133 කොටස
134 කොටස
135 කොටස
136 කොටස
137 කොටස
138 කොටස
139 කොටස
140 කොටස
141 කොටස
142 කොටස
143 කොටස
144 කොටස
145 කොටස
146 කොටස
147 කොටස
148 කොටස
149 කොටස
150 කොටස
151 කොටස
152 කොටස
153 කොටස
154 කොටස
155 කොටස
156 කොටස
157 කොටස
158 කොටස
159 කොටස
160 කොටස
161 කොටස
162 කොටස
163 කොටස
164 කොටස
165 කොටස
166 කොටස
167 කොටස
168 කොටස
169 කොටස
170 කොටස
171 කොටස
172 කොටස
173 කොටස
174 කොටස
175 කොටස
176 කොටස
177 කොටස(අවසාන කොටස)
මගෙන් සටහනක්...
ANNOUNCEMENT!

93 කොටස

17.3K 1.8K 294
By cHerRy_MinShi_

" මේ ඔයා යනවද~.."

"....."

" අයියෙ.. මේ නැගිටිනවකො ආපු වෙලේ ඉඳලා පතබෑවිලා ඉන්නෙ.."

මම මගේ කාමරේට ගිහින් ලයිට් එක ඕන් කරද්දි රධ්‍ය අයියා ඇදේ හරහට දපලා පිඹුරු තඩියා වගේ නිදි.. හවස ආපු වෙලේ ඉඳන් කෑවා නෑවා පස්ස උඩ දාගෙන නිදි එක විතරයි කරන්නෙ.. මම එතකල් ගේ අතුගාලා ඇදුම් සේදුවා.. ඊටපස්සෙ උයපු භාජන අස් කල්ලා දාලා නාගෙන නිදාගන්න ලෑස්ති වුනේ.. ඒ වුණාට රධ්‍ය අයියගෙ අප්පච්ච් හෙට එනවලුනෙ උදේම.. එයා ඊටකලින් ගෙදර යන්න ඕනනෙ..

මම ඇඳෙන් ඉඳගෙන රධ්‍ය අයියගෙ උරහිසෙන් හෙලෙව්වා..

" පොඩ්ඩක් අවදි වෙන්නකො ඒයි.."

" ම්ම්.. ම්ම් ."

" ඔයා අද ගෙදර යනවද.."

" හෙට හෙට.."

රධ්‍ය අයියා ආයෙම අතිත් පැත්තට පෙරළිලා මගේ කොට්ටෙත් බදාගෙන ඇස් දෙක පියාගත්තා.. මමත් කාමරේ ලයිට් එක ඕෆ් කල්ලා රධ්‍ය අයියගෙ ඇඟ උඩින් පැනලා බිත්තියෙ කොණට ඇවිත් කොට්ටෙන් ඔලුව තියාගත්තා..

සෙනුකයා එක්ක කතාකරන්නත් ඕන.. ඒත් ඒකට හොඳ වෙලාවක් හම්බෙන්නෙ නැහැනෙ.. අයුක අයියත් ලබන සතියෙ යනවා.. ඌ ඇත්තෙ හෙන අවුලෙන්.. ඒ වුණාට ඉස්කෝලෙ වැඩක් එක්ක බිසී නිසා කතාකරන්නවත් වෙලාවක් හම්බෙන්නෙ නෑනෙ.. ඉරිදා උදේ සෙනුකයගෙ ගෙදර යන්නත් හිතෙනවා.. උගේ තාත්තා ගෙදර නිසා ගියාට ඕවා කතාකරන්නත් බෑ.. ඔන්න ඔහේ එක්කො ඉරිදා යනවා.. ඉරිදට ප්‍රැක්ටිස් නෑනෙ.. උගේ තාත්තා මාව දන්න නිසා ලොකුවට ඇඟිලි ගහන්න එන එකක් නෑ අපි කතාකරන ඒවට..

මම ඉරිදා සෙනුකයගෙ ගෙදර යන්න හිතාගත්තා.. උගේ ගෙදර යන්න ඉතින් උගෙන් අහන්න ඕන නෑනෙ.. ඒ ගෙදර දොර ඕනවෙලාවක ඇරලා තියෙන්නෙ.. මම ගියාම සෙනුකයගෙ අම්මා වුණත් හොඳට කතාකල්ලා කෑම හදලා දෙනවා.. මම ඉස්සර එහෙ පාඩම් කරන්න යනවනෙ ඒ ලෙවෙල් වලට.. ඌ මෙහෙ එනවා..මම එහෙ යනවා.. උගේ ගෙදරයි මගේ ගෙදරයි වෙනස් නෑ..

ටිකකින් රධ්‍ය අයියා කොට්ටෙන් හරියට ඔලුව තියාගෙන මගේ පැත්ත හැරුණා.. මම හිටියේ බිත්තිය අයිනේ අත් දෙකත් බඩ උඩින් බැඳගෙන මල මිනිය වගේ වහල දිහා බලාගෙන..

"වරද්.."

" ඔයා ඇහැරුණාද.."

" ම්ම්.. දැන් වෙලාව කීයද.."

" නමයට කාලයි.. ඔයා අද යන්නෑනෙ.."

" උදේ ශේප් එකේ යනවා.. මම අයියට කිව්වා.."

" ඒ එහෙනම් කමක් නෑ.."

මම රධ්‍ය අයියා ගාවට කිට්ටු වුණාම රධ්‍ය අයියා මගේ පපුවට මූණ තියාගෙන අත් දෙකෙන්ම මාව හයියෙන් බදාගත්තා.. මම එයාගෙ කොණ්ඩෙ හිමිහිට අතගෑවා..  නාලා නිදාගෙන එයාගෙ කොණ්ඩෙ තාම තෙතයි..

" ඔයාගෙ කොණ්ඩෙ තෙතයි තාම.."

" වේලෙයි උදේ වෙද්දි.."

" ඔලුවෙ කැක්කුම හැදෙයි උදේ වෙනකල් ඉඳියොත්.."

මම මගේ අතින් රධ්‍ය අයියගෙ කොණ්ඩෙ එහෙට මෙහෙට ඇවිස්සුවා.. ෆෑන් එකට වේලෙයිනෙ එතකොට.. ඒ එක්කම රධ්‍ය අයියා මගේ පපුවට තව ටිකක් තුරුල් වුණා.. එයා එහෙම පපුවට තුරුල් වෙලා හුස්ම ගනිද්දි, උණුම උණු හුස්ම මගේ පපුවෙ වදිද්දි ඇඟ හිරිවැටිලා යනවා වගේ දැනෙනවා.. රධ්‍ය අයියා කකුලකුත් මගේ ඇඟ උඩින් දාගත්තා..

" අද අයුක අයියා දවල් කතාකලානෙ.."

" මම අහන්න හිටියෙ.. මොකද කිව්වෙ.."

" ඔයා කලින් ඉඳන් දැනගෙනද හිටියෙ චමිරු කියන්නෙ අයුක අයියගේ.."

" මම දැනගෙන හිටියෙ.. ඒකතමා ඔයාට කිව්වෙ චමිරු එක්ක වැඩිය කතාවට යන්න ඕන නෑ කියලා.."

" මම ඉතින් ඒ ගොබ්බ පරෙයියා එක්ක කතාකරන්නෑනෙ කොහොමත්.. දැක්කහම මට කේන්ති යනවා.. සැක්.. මේ දැනුත් මට උගේ බම්බු මූණ මැවුණා.."

" මවාගන්න එපා.."

රධ්‍ය අයියා හිනාවෙලා මගේ පපුව මැද්දෙන් මූණ අහකට අරගෙන අරගෙන කොට්ටෙන් ඔලුව තියාගත්තා..

" රණ්ඩුවලට පැටලෙන්න යන්න එපා.. තේරුණානෙ.. අනිත් එක.. අයාන්.. ඌ ආයෙම මොනවහරි කියාගෙන ආවොත් කියාන්ට කියන්න.. ඕන්නම් අත දිගෑරලා දෙන්න කනට.. එක එකාට බයේ ජීවත් වෙන්න ඕන නෑ.. ඔයාට තේරෙනවනෙ.. ඔයාගෙ හිත ඇතුළෙ තියන 'අනේ මම මෙහෙම කළොත් අනිත් කෙනාගෙ හිත රිදෙයිනෙ' කියන හෙන පරාර්ථකාමී ෆීලින්ග්ස් පොඩ්ඩක් අඩු කරගන්න වරද්.."

" ඒ ඇයි එහෙම කියන්නෙ.."

රධ්‍ය අයියා මගේ කම්මුලකට අත තියාගෙන මගේ දිහා බලාගෙන හිටියා..

" එහෙම ජීවත් වෙන්න උඹයි මමයි ඉන්නෙ සුරංගනා ලෝකෙක නෙමෙයිනෙ.. ඔයා ලොකුයි.. දැන් අවුරුදු විස්සක් වෙනවා තේරෙනවනෙ.. හැමෝම වෙනස් වෙද්දි ඒ එක්කම ඔයත් වෙනස් වෙන්න.."

" ම්ම්.. ඒ වුණාට ඔයා වෙනස්වෙන්න එපා.."

" මම වෙනස් වෙන්නෙ නෑ.."

මම රධ්‍ය අයියා මගෙ කම්මුලෙන් තියාගෙන ඉඳපු අත අරගෙන මගේ ඇඟිලිවල පටලගත්තා.. 

" හදිසියෙ මම එදා ට්‍රේන් එකෙන් වැටුණනම් එහෙම.."

" වැටුණනම් ඉතින් මොනව කරන්නද.. මැරෙන්න තමයි වෙන්නෙ.. එදානම් මම උඹට අම්මපා දෙනවා නුගේගොඩ ටවුන් එක මැද්දෙම කනට වරද්.. මොන සිහියෙන්ද ඉන්නෙ.."

" සිහියෙන් තමා අනෙ හිටියෙ.. මගුල.. මගේ අත ලිස්සුවා.."

" ලිස්සුවා..?? ලිස්සුවා තමයි.. යකෝ එදා මම උබව අල්ලගත්තෙ නැත්නම් උඹේ මිනිය තමා ගෙදරට ගේන්න වෙන්නෙ.."

" හරි හරි අනේ ආයෙම ඉතින් ට්‍රේන් එකේ ගියේ නෑනෙ..මට බනින්නෙ.."

" බැනලා මදි.. උඩ දාගෙන ෆුට්බෝඩ් යන්න.. ඔක්කොම කල්ලා ඉවරවෙලා ඇම්බැට්ට මූණක් හදාගෙන හිටිය හැටි විතරක්.. උබත් එකයි උඹේ යාලුවා.. අන්න ඌත් එකයි.."

" එක වෙන්නෙ කොහොමද ඒයි.. දෙකයි දෙකයි.. එයයි මමයි දෙන්නෙක්නෙ.. එයා එක්ක එක්කෙනෙක් වෙන්න ගියොත් අයුක අයියා මාව උස්සලා පොලේ ගහයි.."

" උඹට ඉතින් කියලා වැඩක් තියද.. හැම එකම විහිලුවට ගන්නවා..'"

" එහෙම නෙමේ ඉතින්.. මම ඇත්තනෙ කිව්වෙ.. ඕන්නම් අපි දෙන්නා එක්කෙනෙක් වෙමු.."

"....."

" කොහොමහරි ඉතින් ඔයා අල්ලගත්තනෙ.. මම මලේ නෑනෙ.. එහෙම මැරෙනවද අනේ මම වගේ මිනිස්සු.. මම මලොත් හොල්මනක් වෙලා ඇවිත් ඔයා නානකොට පස්ස දිහා බලාගෙන ඉන්නවා හරිද.."

" ආය පටන්ගත්තා.."

" ආ.. ආයෙ පටන්ගත්තා කියන්නෙ.. හරි කතාවක්නෙ.. මම මගේ බෝයිපෙන්ගෙ පස්ස ගැන කතානොකර ආධ්‍ය අයියගෙ පස්ස ගැන කතාකරන්නද.. ඒකටනෙ අපේ මා-"

" වරද්..!!"

" නෑ ඉතින්.. ඇත්තනෙ.. ඔයාට කියන්න දවසක් මාමා මගෙන් ඇහුවා මම යාලුවෙලා ඉන්න එක්කෙනා කොහොම එක්කෙනක්ද කියලා.. ආ නෑ මම ඇහුවෙ මාමගෙන්.. අපේ දත් දොස්තර මාමා හිතාගෙන ඉන්නෙ මම කුරුඳුවත්තෙ කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නවා කියලනෙ.. ඒ වුණාට මම යාලුවෙලා ඉන්නෙ කොට්ටාවෙ කොල්ලෙක් එක්කනෙ.. හරිද.. කොහොම හරි මම කිව්වා මම යාලුවෙලා ඉන්න එක්කෙනා කෙට්ටුයි, සුදුයි, චොක්ලට් කන්නෙ නෑ කියලා.. ඊටපස්සෙ අපේ මාමා කිව්වා එයා යාළුවෙලා ඉන්න එක්කෙනා සුදුයි, කෙට්ටුයි, චොක්ලට් කනවා කියලා.. ඊටපස්සෙ මම ඉරිසියාවට කිව්වා මම යාලුවෙලා ඉන්න එක්කෙනාට ලොකු පස්සක් තියෙනවා කියලා.. ඊටපස්සෙ අපේ මාමත් කිව්වා එයා යාලුවෙලා ඉන්න එක්කෙනාටත් ලොකු පස්සක් තියෙනවා කියලා.."

" මොනවද කියවන්නෙ වරද්.."

" ඇත්තනෙ කියන්නෙ.. ඒ දවස්වල ඉතින් මම දැනගෙන හිටියෙ නෑ අපේ මාමගෙ සාකිච්චා මගේ මස්සිනා කියලා.. කොහොම වුණත් ඇම් සෝ ලකී ටු හෑව් අ බෝයිපෙන් ලයික් යූ.. දිස් බම්පි බූටි බිලොන්ග්ස් ටු මී.."

මම රධ්‍ය අයියගෙ ලොකුම ලොකු ශෝට් එක පිපිරෙන්න වගේ තිබ්බ පස්සට දෙපාරක් විතර ඇඟිල්ලෙන් ඇනලා තුන්වෙනි පාරත් අනින්න යද්දි රධ්‍ය අයියා මගේ අත අල්ලලා එහාට කලා..

" එක විදියක ඉන්නකො වරද්.."

" මම හුඟක් විදිවලට ඉන්නවා ඒයි.. මේ මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්.. අවංකව උත්තර දෙනවද.. එහෙම නැතිවුණොත් මම අද ඔයාව තරු බලන්න එක්ක යනවා.."

" මොකද බං ඔච්චර හදිසි තරු බලන්න යන්න.."

" හදිසි නෑ.. දන්නැද්ද.. ඇම් අ හෝර්නි මලක්.."

රධ්‍ය අයියා ඇස් දෙක හෙන ඩ්‍රැමටික් විදියට රෝල් කල්ලා මගේ ඇඟ උඩින් කකුල අහකට ගත්තා..

" මොකක්ද මම අවංකව උත්තර දෙන්න ඕන ප්‍රශ්නෙ.."

" ආ ඉන්න අහන්න.. උත්තරදෙන්න ඕන හොඳේ.. ඔයා මම බැඩ්මින්ටන් ගහන වරද් නොවී අර මූණෙ ලපයක් තියන චමිරු වගේ වුනානම් ඒත් මට ආදරෙයිද.."

රධ්‍ය අයියා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටියා.. ඉඳපන්කො චමිරු වෙලා ආදරෙයි කිව්වොත් මරාගෙන මැරෙනවා.. හැබැයි චමිරු 'වගේ' කියලනෙ කිව්වෙ.. චමිරු නෙමෙයිනෙ.. ඒ ඉන්නෙත් මමමනෙ.. නෑ කිව්වොත් ඒත් මරාගෙන මැරෙනවා.. කපටි ගැටපොලොස් කොට්ටෝරුවා..

" මොකක්ද ඒ ඇහුවෙ.."

" ඇහුවෙ අහපු එක තමා.. කියන්නකො ඒයි ඔයා එහෙම වුනානත් ඒත් මට ආදරෙයිද.."

රධ්‍ය අයියා ටිකක් වෙලා මගේ මූන දිහා බලාගෙන හිටියා..

" මට නිදිමතක් එනවා.. අම්මො අම්මො නිදිමතයි.."

ටිකකින් රධ්‍ය අයියා කොට්ටෙ මූනඔබාගෙන නිදාගන්න යද්දි මම ඒකගෙ කොට්ටෙ ඇදලා අරගත්තා..

" ඔයා ප්‍රශ්නෙන් මගෑරලා යන්නනෙ හදන්නෙ.. එහෙනම් ලෑස්තිවෙනවා තරු බලන්න යන්න.."

මම නැගිටලා රධ්‍ය අයියගෙ ඇග දෙපැත්තෙන් කකුල් දෙක දාලා ඇඟ උඩින් ඉඳගත්තා..

" නෑ නෑ.. ඒක නැතුව වෙන එකක් අහන්න.. මම උත්තර දෙන්නම්.."

" වෙන එකක්..?? ඒ මොකද.."

" අපි කවුරුත් චමිරුට ආස නෑනෙ.."

මම බෙල්ලත් ඇල කරගෙන රධ්‍ය අයියා දිහා බලාගෙන හිටියා.. රධ්‍ය අයියා හිටියෙ මගේ අත් දෙකෙන් තද කල්ලා අල්ලගෙන උඩට කරගෙන..

" ඔහොම බලන්නෙපා බං හොල්මන් බෝනික්කෙක් වගේ.. බයත් හිතෙනවා.."

" කවුරු..?? ඇනබෙලා වගේද.."

" ඔව් ඔව්.."

" එහෙනම් මම ඇනබෙලා වුණානම් ඔයා ඒත් මට ආදරෙයිද.."

මම බෙල්ල අනිත් පැත්තටත් හරවලා ඇස් දෙක හීනි කරගෙන රධ්‍ය අයියා දිහා බලාගෙන හිටියා.. එයා පොඩ්ඩක් වෙලා කල්පනා කලා..

" ඔයා කවුරු වෙලා හිටියත් ආදරෙයි.."

" ශුවර්ද.. මම මමියක් වුණත්.. සොම්බියෙක් වුණත්.."

" දැන් කියලා වෙනසක් නෑනෙ.."

" මොකක්ද කුටු කුටු ගාන්නෙ.."

" ඔව් ඔව් ඔයා මොකෙක් වෙලා හිටියත් ආදරෙයි.."

" කලින් මට කැත සොම්බියා කිව්වා නේද.. ඉන්නවා මම ආධ්‍ය අයියට කියනවා.."

මම අත් දෙක ගසලා ෆෝන් එක හොයාගන්න යද්දි රධ්‍ය අයියා මාව උස්සලා පොලවෙ ගහන්න වගේ ඇඳ උඩට තල්ලු කල්ලා මගේ කකුල් දෙක උඩින් අර තඩි පස්ස තියාගත්තා.. අම්මෝ මේකගෙ බර.. මගේ ඇටකටු ටික චප්ප වෙලා යයිද මන්දා..

" ආව්.. නැගිටිනවකො.. මගේ කකුල කැඩෙයි.."

" එහෙම කැඩෙන්නෙ නෑ.."

" මගේ කකුල ඇටකටු කැඩිලා බිඳිලා ඇවිදගන්න බැරුව හිටියත් ඔයා මට ආදරෙයිද ඒයි.."

" ඔව් ඔව් උඹ නයෙක් වෙලා මං ගාවට ඇවිල්ලා දස්ට කල්ලා මම මැරිලා ගියත් ආදරෙයි.. එකපාරට මොකක්ද හැදුනු පිස්සුව.."

" නයින්ට කිරි පොවන්න එපා කියලා අපේ ආච්චිඅම්මා කියලා තියෙනවා .. ඔයා මගෙන් කුක්කු බොනවනෙ.. ආයෙ ඉල්ලන්නෙපා.."

" නෑ නෑ මම නයි නටවනවා.. මේ වරද් නිදාගනින්.. හෙට ඉස්කෝලෙට යන්නත් ඕන.."

" එහාට වෙන්නකො ඉතින් මගේ කකුල් දෙක උඩින්.."

රධ්‍ය අයියා මගේ නලලට ඇගිලි දෙකක් එකතු කල්ලා ටුක් ගාලා පාරක් ගහලා ඇඳට පැනලා සීට් එක පොරව ගත්තා.. මාත් හිමින්සැරේ ඒක අස්සටම රිංගලා රධ්‍ය අයියගෙ අත් දෙක මැද්දට ගුලියක් වගේ රෝල් වුණාම නැහැදිච්ච රධ්‍ය අයියා මගේ ශර්ට් එක අස්සෙ අත දාගාන්න ආවා.. 

" අත ගන්න එහාට.."

" ඒ මොකටද.."

" ඇයි දැන් මම කිව්වෙ.. නයින්ට කුක්කු පොවන්න හොඳ නෑ.."

" ඉතින් මම නයෙක්ද.. උඹනෙ නයා.."

" මම නයෙක් නෙමේ.. අනික මාව විසවෙයි තවුසෙට.."

" එහෙම විස වෙන්නෙ නෑ.. මේ ඇවිල්ලා නයින්ට කිරි පොවනවා නෙමේ නයාගෙන කිරි බොනවා.."

රධ්‍ය අයියා සීට් එක ඔලුවෙ ඉඳන් වහගෙන මගේ ශර්ට් එක බෙල්ල ගාවටම ඉස්සුවා..

" මට මහ කැත දෙයක් මතක් වුණා.. මොනවද හලො කියවන්නෙ.."

" උඹනම් මහ..මොකෙක්ද මන්දා වරද්.. ඔව්.. උබට ඕක මතක් නොවුනනම් තමා පුදුම වෙන්න ඕන.."

" මම කිව්වෙ මට හිතුණු එකනෙ.."

" දැන් කට වහන් නිදාගන්නකො.."

" මට දෙක වෙනකල් ඇහැරලා ඉඳලා පුරුදු වෙලා නින්ද යන්නෙ නෑ.. මම කතාවක් කියන්නද.."

රධ්‍ය අයියා මගේ ඉන ගාවින් අල්ලලා හයියෙන් තදකලා.. 

" මොකද ඔවා.. එහෙන් මෙහෙන් අල්ලන්නෙ.."

" නිදාගනින්කො වරද්.. මහන්සි නැද්ද.."

" නෑ.. මම ජීවයෙන් පිරිච්ච-"

" පීක් පීක්-"

" මේ අයියෙ ගහනවා මම තවුසෙට හරිද.."

" ආ ගහපන් බලන්න.. අල්ලලා ජනේලෙන් එළියට විසික් කරනවා.."

" ඊයා ඒයි.. ජනේලෙන් විසික් කරන එව්වා කියන්නෙපා.. මට අර කළුතර සීන් එක මතක්වෙනවා.."

" ඒවා මතක් නොකර හොඳ ළමයා වගේ නිදාගන්න දැන්.."

රධ්‍ය අයියා මගේ කට උඩින් අතක් තියාගෙන ඇස් දෙක පියාගත්තම මම අත අහකට විසික් කලා..

" ඒ පාර මොකද.."

" මම ඔයාට අර ටීවී වල යනවා වගේ නිදාගන්න කලින් ගුන්ඩ්නයිට් කිස් එකක් දෙන්නද.."

" ඒ මොකද එකපාරටම.."

"එකපාරට හිතුණා.. දෙන්නම්.."

මම රධ්‍ය අයියගෙ කම්මුල දෙපැත්තෙන් අල්ලගෙන තොල් වලින් පෙක් එකක් තිබ්බා..

" හරිද.."

" මගේ මූණෙ කටු ඇනුනා.."

මම රධ්‍ය අයියගෙ මූණ දෙපැත්ත අල්ලලා බැලුවා.. 

" කටුඅලේ.. මේ ඔයාගෙ දැන් හෙනට රැවුල වැවෙනවනෙ.. ඒ කියන්නෙ ඔයා දැන් ලොකු ළමයෙක් නේද.."

" හනේ වරද්.."

" පොඩ්ඩක් කට වහන් ඉන්නකො.. කියනවා කියනවා ඉවරයක් නෑ.."

රධ්‍ය අයියා මට ඕන එකක් කියවන්න කියලා ඇස් දෙකත් ඇරගෙන වහළ දිහා බලාගෙන ඉද්දි සිවිලිමෙන් සද්දයක් ආවා..

" ඒ අන්න අර කලවැද්දා ඇවිල්ලා.."

" මොකා.."

" අපේ සිවිලිමේ කලවැද්දෙක් ඉන්නවා ඒයි.. ඌ ඉස්සර මම පාඩම් කරද්දි ඕකෙ ඇවිදිනවා.. අදත් ඇවිල්ලා.."

" කලවැද්දටවත් නිවනක් නෑ ඔය කියවිල්ල නිසා.. ඒකයි ඌ සද්ද කරන්නෙ.."

මම රධ්‍ය අයියගෙ කටට අතක් තියාගෙන ඌ සද්ද කරන ඒවා අහගෙන හිටියා.. කලවැද්දා කලවැද්දියක් ගෙනැල්ලද මන්දා.. දෙතුන්දෙනෙක්ම සද්දකරනවා.. එක්කො කලවැද්දා අපේ ගෙදර පාටියක් දැම්මද දන්නෙත් නෑ.. ටිකකින් ඌ සද්ද කරන එක නැවතිලා ගියාම මම රධ්‍ය අයියගෙ අතක් ඇදලා අරගෙන ඒ අත උඩින් ඔලුව තියාගෙන එයාගෙ පපුවට හේත්තු වුණා..

" උදේ යන්න කලින් මාව ඇහැරන්න හරිද.."

" ම්ම්.."

" පාළුයිනෙ ඔයා නැතුව.. ඔයාට ගිහින් කෝල් එකක්වත් ගන්න බැරිවේවි නේ.."

" බලමුකො.."

රධ්‍ය අයියා මගේ කොණ්ඩෙ ලාවට ඇවිස්සුවා.. මම එයාගෙ බෙල්ලෙ තිබ්බ රිංග් එකක් දාපු සිල්වර් චේන් එක උඩට ඇදලා අරගෙන ඇගිල්ලෙ පටලගත්තා..

" මම ඉරිදා සෙනුකලගෙ ගෙදර යන්න හිතාගෙන ඉන්නෙ.."

" එහෙමද.. ඔයා යන එක හොඳයි.."

" ඔව් මම එහේ ඉඳලා එන්නම්.. සෙනුක එක්ක කතාකරන්න ඕන.."

" ම්ම්.."

" හෙට අප්පච්චි ඉන්න නිසා එන්න බෑ නේද.."

" මම එන්න බලන්නම්.."

" අප්පච්චි බැන්නොත්.."

" ඇයි අපිට ප්‍රැක්ටිස් තියනවා කියලා එන්න පුලුවන්.. හෙට කොහේහරි යමුද.."

" ම්ම්.. හා.. යමු.."

" යමු.. දැන් නිදාගන්න.."

රධ්‍ය අයියා මගේ තොල් වලට පහත් වෙලා හාද්දක් තිව්වහම මම එයාගෙ මාලෙ අතට ගුලි කල්ලා අල්ලගත්තා.. එයා එහෙමම මගේ අත මාලෙන් අතඅරවගෙන ඒ අතේ ඇගිලි පටලලා ඇඳට තියලා තද කෙරුවා.. එයාගෙ සීතල තොල් මගේ තොල් වලින් ඈත්වෙන තප්පර කාලකටත් මම හයියෙන් හුස්ම අල්ලනවා.. අර හැමතිස්සෙම දැනෙනවා වගේ මත් වෙන ගතියක් එක්ක මගේ ඇස් බාගෙට පියවෙනවා.. ආයෙම ඇරෙනවා.. මම රධ්‍ය අයියගෙ දුහුල් ශර්ට් එකේ මැද්දෙන් ගුලි කල්ලා අල්ලගත්තහම රධ්‍ය අයියා මාව එයාගෙ ඇඟ උඩට අරගෙන එක අතක් ඉණෙන් තියාගෙන අනිත් අත මගේ ශර්ට් එක යටින් පිට පුරාම යැව්වා.. ගොරෝසුත් නැති සිනිදුත් නැති සීතල ඇඟිලිතුඩු මගේ පිට පුරාම දුවද්දි මම රධ්‍ය අයියගෙන් එහාට වෙන්න දැගලුවා.. ඒත් එයා මගේ ඉනෙන් දිගටම තදින් අල්ලගෙන උන්නු නිසා මට හෙලවෙන්නවත් ඉඩක් තිබුණේ නෑ..

" අහ්-අ-අයියෙ.."

රධ්‍ය අයියගෙ අතින් මගේ ශර්ට් එක කරෙන් පැන්නිලා ඇඳේ කොණකට විසික් වෙනකොටත් මම හිටියේ එයාගෙ උකුළ උඩ..  එයාගෙම කොණ්ඩෙ අහුරක් මගේ අතට ගුලි කරගෙන, අමාරුවෙන් අමාරුවෙන් කැඩිච්ච හුස්ම අල්ලන ගමන්..

" වරද්.."

රධ්‍ය අයියගෙ තොල් මගේ කොලර්බෝන් එකේ මැද්දෙන් වදිද්දි මගේ නියපොතු එයාගෙ පපුව මැද්දෙන් සීරීගෙන පල්ලම් බැස්සා.. මටවත් හරිහැටි අඳුන ගන්න බෑ.. මට දැනෙන්නෙ මොනවද මම කරන්නෙ මොනවද කියලා.. මට දැනුනු එකම දේ වුණේ මාව තව තව මේ හැමදේකටම නොසෑහෙන්න අබ්බහි වෙනවා කියලා විතරයි.. රධ්‍ය අයියගෙ අත් මගේ ශෝට් එකේ බෑන්ඩ් එක ගාවින් නැවතිලා මගේ ඉණ දෙපැත්තෙන් තද කල්ලා අල්ලගත්තා..

මම එයාගෙ මූන දෙපත්තෙන් මගේ අත් තියලා එයාගෙ තොල් වලට පහත් වෙලා ඒවා මගේ තොල් වලට මැදිකරගත්තා.. එයා මොකුත් නොකරම හිටියා.. ඒත් සැරින් සැරේ ඒ අත මගේ ඉණ දෙපැත්තෙන් උඩ පල්ලෙහා යනවා.. සමහර වෙලාවට පපුවෙන් නතරවෙනවා.. අකීකරුයි වගේ අවුස්සනවා.. ඒ හැම වතාවකම රධ්‍ය අයියගෙ ඇඟේ කොහේමහරි මගේ නියපොතු පාරක් දිහට පාට වුණා.. 

පැය බාගෙකට විතර පස්සෙ කාමරේම ඉතුරුවෙලා තිබුනෙ සිවිලිමේ කැරකෙන ෆෑන් එකේ සද්දෙයි, මම හුස්ම අල්ලන සද්දෙයි විතරයි.. මම හිටියෙ රධ්ය අයියගෙ පපුව අස්සටම ගුලි වෙලා.. එයා හිටියේ මාව ගුලි කරගෙන.. එයා ගාව හැමදාම මට ගුලිවෙන්න තරමට ඉඩ තිබුණා.. ඒ හුස්ම මගෙ නලලෙ වදින විදියට ලෝබ හිතෙනවා.. අර පපුව මැද්දෙන් ගලාගෙන එන උනුහුමයි ඒ සුවඳටයි මට ලෝබ හිතෙනවා.. මම එයාගෙ පපුව මැද්දෙන් තොල් තියාගෙන ඉඳලා ටිකකින් එහාට ගත්තා..

" දවසක මගෙම කරගන්න.. මගේ විතරක්.. මම බලාගෙන ඉන්නවා.."

රධ්‍ය අයියා අර සනීප හිතෙන විදියට එයාගෙ ලොකු අතකින් මගෙ නළලට වැටිලා තිබ්බ කොණ්ඩ කෑලි සේරම අල්ලලා පිටිපස්සට කල්ලා එතනින් හාද්දක් තිව්වා.. 

" සනීපයි ඔයා ගාව.."

" දැන් නිදාගන්න.."

රධ්‍ය අයියා මාව තුරුල් කරගෙන ඇඟට උඩින් බෙඩ්ශීට් එකක් පොරවලා මාව එයාගෙ බූවලු අඬුවලින් තදකල්ලා බදාගත්තා.. ඒක තමයි.. මගේ ගෙදර..


















රධ්‍යගෙ අප්පච්චිත් සාගා බලන්න එනවා
මීට වහලේ කලවැද්දා ලෙස රඟපෑ බේසික චෙරි මින්සි

ආයෙම එන්නම් මගෙ ලස්සන දළඹු ළමයිනේ.. ඔය හැමෝන්ටම මම ගොඩාක් ගොඩාක් ආදරෙයි වගේම මම හුගක් සහුටු වෙනවා ඔයාලා හැමෝම වගේ ආදරණීය පාඨක දළඹුවො ගොඩක් මට ලැබුනු එක ගැන.. හැමදේකටම මම හුගාක් ආදරෙයි.. ඒ වගේම ස්තූතියි.. (වචන වලින් කියලා නිමකරන්න බෑ යම්කුනේ)

එන්නාම්.. ලව් යූ.. ❤🌚

Literally Radhya's love language = hugging like an octopus

ප.ලි.

- මෙහි එන සියලු පුද්ගලයන් සහ ස්ථාන හුදෙක් කතුවරයාගෙ සිතුවිලි පදනම් කොටගෙන ලියැවූවකි..

- කථාංගයේ යම් යම් කොටස් උපුටා සමාජ මාධ්‍ය තුළ කතුවරයාගේ අවසරයකින් තොරව පළ කිරීමෙන් වළකින්න.. (ටික්ටොක් වීඩියෝස්/ස්ක්‍රීන්ශොට්ස්)

- කථාංගය පදනම් කොටගෙන විවිධ ආකාරයේ වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්න අවසර නෑ.. එවැනි අනවසර ක්‍රියාවල වගකීම කතුවරයා භාරගන්නෙත් නෑ.. 

Continue Reading

You'll Also Like

1.3K 248 24
ඔහෙලට කී සැරයක් මම ඒක තේරුම් කරන්න ඕනද? දන්නේ නැද්ද නන්ගි අපිට Tube Lights නේ කෙල්ලෙක් ගෙ බොරු කතාවක් හින්දා සමාජෙන් කොන්වෙච්ච අහිංසක යාළුවො දෙන්නෙක්...
1K 243 30
අඳුරු මගේ ලොව එලිය කෙරූ සඳ ඔබ නමුත් ඔබේ ලොව අඳුරු කෙරූ රකුසෙකි මම යලිත් එක් වතාවක් මගේ ලොව එලිය කරන්නට හැකිනම් යලි එන්න මගේ රෝස මල - 𝑲𝑻𝑯 -
299K 15K 84
🍁ကောင်းခြင်းတည်မြဲ.. 🍁 နိုင်ငံခြားပြန်ကောင်လေး။ ရုပ်ရည်၊ ပညာ၊ စည်းစိမ်ဥစ္စာပြည့်စုံကြွယ်ဝသူမို့ အတော်လေးကြီးကျယ်သည့်လူ။ သူ့ကိုသူလည်း အထင်ကြီးလွန်းပ...
64.2K 9.5K 114
COMPLETED ✔️ Chinese Title - 如果月亮不抱你 English Title - If The Moon Won't Hold You Original Author - 六盲星 Status in COO - 71+3 Extras Start Date - 01.04...