මඟ බලමින් 👀
පස්වන දිගහැරුම
" ආහේලී……………."
ඇය හැරුනේ ඇයට පිටු පසින් ඇසුනු මාහීර්වගේ හඬට..සෞර ඇගෙන් මෑත් වී දෑත් කලිසම් සාක්කුවේ හුවාගෙන ඔහුගේ මේසයට බර වෙලා බලාගෙන සිටියේ ඒ මුහුණේ වෙනස් වන හැඟීම් දෙස..
ආහේලි මාහීර්ව දෙස බලා සිනා සී නැවත බිම බලාගත්තේ සෞරගේ කේන්තිය යලි අවුලමින්..
" තමුසෙට මන් මේ විනාඩි ගානට කියපු දේ අමතක වුනාද අයිසේ……"
ඒ ගෝරනාඩුව ඇසුනු සැනින් ඇය හිස එසවූවා...සෞරගේ දෑස් කෝපයෙන්ම රත් පැහැ වී තිබුනත් ඇය බිම බැලුවේ නැත..බියටම හද වේගයෙන් ගැසුනත් ඒ දෑස් දෙස බලා සිටීම කෙතරම් අපහසු වුනත් ඇය බිම නොබලා සිටීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තා..
" ගුඩ්……...මගේ ලේ පිච්චුවේ නැත්තම් තමුසෙට නින්ද යන්නේ නැද්ද??? අදර් වයිස් ( එහෙමත් නැත්තම් ) තමුසෙගේ පූර්ව ළමා විය සංවර්ධන වෙලා නැද්ද???"
ඇයට දැනුනේ ලැජ්ජාවක් මාහිර්ව ඉදිරියේ ඇයට බැනවදිද්දී…ඇය නිහඬව ඔහුගේ කේන්තිය අඩු වන තුරු ඇයට බැන වැදීමට ඉඩ දී බලාගෙන සිටියා දෑස් වල කඳුළු පුරවගෙන..
" නවත්තගන් ඔය කන්කරච්චලේ….උඹේ කියවිල්ල අහන් ඉන්නද මගුල මට කැබින් එකට එන්න කිව්වේ ?????"
සෞරට නොදෙවෙනි හඬකින් මාහිර්ව කෑගසද්දී සෞරගේ කට ඉබේටම වැසී ගියා…
" සොරි මචන්...ඉදගනින්කෝ.."
සෞර ඔහුගේ පුටුවෙන් හිද ගෙන නැවතත් ආහේලි වෙත හෙළුවේ ඇයව දවා අළු කරන බැල්මක්..
" තමුසෙට ඉන්විටේෂන් දෙන්න ඕනෙද මන් පර්සනලි...ඉඳගන්නවාහ්………….."
ආහේලි දුවගෙන ගොස් යේනුගෙත් නමිනිගෙත් මැද්දෙන් හිදගත්තා..
" සෞරයෝ….. තොට අද නම් මන් කොහිල කටුත් එක්ක ගිල්ලෝනවා….යමන්කෝ ගෙදර….."
මාහිර්ව නොරිස්සුම් ස්වරයකින් පැවසුවේ ඔහු අර අහිංසක යුවතියට කිසිම වැරැද්දක් නැතිව බනින නිසයි..
" දැන් කියාපිය මට අහවල් එකටද එන්න කිව්වේ?????"
සෞර කට විවර කරද්දී,
" සර්………….."
" ජයේ එන්න……."
ජයසිංහ අත තිබූ අයිස්ක්‍රීම් තුන දුටු ආහේලිගේ දෑස් විසල් වී මුවත් විවර වෙද්දී,
" ක්ලෝස් යුවර් මවුත්…………( කට වහගන්නවාහ්…..)
ඇගේ මුව ඉබේටම වැසී ගොස් දෑස් බිමට බර වුනත් ඇය ඉක්මනින් හිස එසවූයේ සෞරගේ ඒ තෙතමනයක් ගෑවී වත් නැති වදන් සිහි වී..
ඇගේ හැසිරීම අධීක්ෂණය කල සෞරට නම් ඇගේ මේ බොළඳ ගති වලට සිනහ නොවී සිටීමට දැඩි ප්‍රයත්නයක් දරන්න වුනා..
" ජයේ මේ මිස්ලා තුන් දෙනාට ඕක දීලා වැඩක් බලාගන්න….."
ජයසිංහ අයිස්ක්‍රීම් තුන යේනුටත් නමිනිටත් ආහේලිටත් ලබා දී සෞර දෙසට පෑවේ ඔහු අත ඉතිරිව තිබූ මුදල්..
" ඕක තියාගන්න ජයේ….."
හිස නමා කට පුරා සිනහා වුනු ජයේ කැබින් එකෙන් පිටව ගියා..ආහේලි තවමත් ඇය අත තිබූ අයිස්ක්‍රීම් එක දෙස බලාසිටියේ පුදුමයෙන්..
" තමුසේ මගෙන් කන්න හදන්නේ දැන්…….ඕක අයිස්ක්‍රීම් එකක් මිසක් වටලප්පමක් නෙමෙයි...කනවා...දියවෙලා ඇගේ පෙරාගත්තට පස්සේ රෙදි නෑ අන්දන්න…ඔය විදියටම ගිහින් බස් එකකට අත අරිනවා….."
ආහේලි අයිස්ක්‍රීම් කෝන් එක කන්න ගත්තේ පිටි අත්ලෙන් දෑස් අගට ඉනූ කදුළු පිසිමින්...ඇයව අනුකරණය කල යේනුත් නමිනිත් අයිස්ක්‍රීම් එක රස විදින්න ගත්තේ ආහේලි දෙස වේදනාවෙන් බලමින්…
ආහේලිට පුදුමයි වෙනදා තමන්ට විරුද්ධව වචනයක් හෝ කතා කරන පුද්ගලයෙක්ට යහතින් ඉන්න නොදෙන ඇගේ යෙහෙළියන් දෙදෙනා අද සෞර ඉදිරියේ නිහඬ වෙද්දී...
" තෝ නම් පිස්සෙක්….මේකි බය වෙලා ඉන්නේහ්....පොඩ්ඩ්ක් ආදරෙන් කතා කරපියකෝ…"
ආහේලිට අයිස්ක්‍රීම් කටත් පිට උගුරේ ගියේ මාහීර්ව කියූ කතාවට...ඇය අපහසුවෙන් කැස්ස පාලනය කරගන්න උත්සාහා දරද්දී යේනු ඇගේ පිටට තට්ටු කර හිස් මුදුනට පිම්බේ ඇගේ මව එසේ කරනු දැක ඇති නිසයි…
ආහේලි දෙස වගේම මාහිර්ව වෙතද සෞර හෙළුවේ කෝපාන්විත බැල්මක්..
" ආදරේ……. හහ් මයි ෆූට්…….."
මාහිර්වගේ දෑසේ ලියවී තිබුනේ " තෝව නම් කවදාවත් හදන්න බෑ " වගේ බැල්මක්…
" වරෙන් මාහියෝ එළියට…...නැත්තම් මට හොස්පිට්ල් වලත් රස්තියාදු වෙන්න වෙනවා……"
ආහේලිගේ දෑස් ඉබේටම ගියේ සෞර දෙසට….ඔහු ඇයට කියන ඇණුම් පද වල නම් කෙලවරක් තිබුනේ නැත..
සෞර මාහීර්ව වත් සමඟ කැබින් එකෙන් එළියට ගිය පසුයි ඇගේ හුස්ම හරි හැටි වැටුනේ...එය පපුවත් අල්ලගෙනම ලය පිරෙන්න කිහිපවරක්ම හුස්ම ගෙන ලය සැහැල්ලු කරගත්තා..
" අනේහ් යේනු අපි මෙතනින් යමුකෝ….බයටම මන් මැරෙයි දෙයියනේ…."
ඇය එක හුස්මට කියාගෙන ගියේ සෞර එනවා දැයි දැන ගැනීමට දොර දෙසටද දෑස් ගෙන යමින්…..
" මුලින්ම ඕක කාලා හිටපන් ඇඟේ හලා ගන්නේ නැතුව..ඊට පස්සේ යන්….."
ඇගේ ගත මෙතැන තිබුනත් ඇගේ සිත නම් බොහෝ දුර ගොස් තිබුනේ..
" ඇයි සෞර මෙහෙම නපුරු වෙන්නෙ...මන් මොන වැරැද්දක් කලාටද????"
සිතින් පමණක් විමසූ ආහේලිගේ මතකය පාසැල් කාලයට දිව ගියත් ඇයට සෞර ගැන කිසිදු මතකයක් තිබුනේ නැත..ඇය ඔහුගේ නම පවා දැනගත්තේ එදා තිබු ඇනුවල් ගෙට් ටුගෙදර් එකෙන්..
" එයාව දන්නෙත් නැතුව මගේ අතින් වැරැද්දක් වෙන්න විදියකුත් නෑනේ…."
මුමුණමින් අතේ ඉතිරිව තිබූ අයිස්ක්‍රීම් කෝන් එකත් කටේ දාගත් ඇය කට වටේ පිසගෙන ඉස්සරහා බලද්දී ඇය දුටුවේ හීන් සිනහවකින් ඇය දෙසම බලාගෙන සිටින සෞරව..
" වතුර ඕනෙද????"
ඔහු ඇහි බැමක් ඔසවමින් අසද්දී ඇය හිස දෙපසට වැනුවේ එපා කියන්න…
" සංඥා පුවත් කියවන්නද යවන්නද තමුසෙව ???? මොකද කියන්නේ ආ ???"
ඇය එයටත් හිස දෙපසට වැනුවේ ඔහු නොකියා පවසන දේ ඇයට නොවැටහෙද්දී..සෞර අත නලලේ ගසාගත්තේ බරට සුසුමක්ද හෙලමින්..
" මන් කිව්වේ තමුසෙට කට ඇරලා කතා කරන්න කියලා ගොළුවෙක් වගේ නැතුව..ගොට් ඉට්…."
එය තරවටුවක්ම පමණක් වෙද්දී ඇය ඔව් කියන්න හිස උඩට පහතට කරන්න ගොස්,
" ත්...තේ...රු….නා….."
" යමු………"
කලිසම් සාක්කු දෙකට අත් දෙකත් දාගෙන සෞර ඉස්සර වුනත් ආපහු ආහේලි දෙසට හැරුනේ සුපුරුදු කෝපයෙන්...
" හොදට බලාගෙන එනවා අඩිය කියන්නේ කොහෙටද කියලා…..බෙල්ල එහෙම ගලෝ ගත්තොත් නම් මන් නෑ…."
ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවූ ඔහු කැබින් එකෙන් පිට වෙද්දී ආහේලි ඔහු පස්සෙන් දිව්වේ ඔහු ඇවිදින වේගයට ඇයට ඇවිදින්න අපහසු නිසා…
ඔහු පසුපසින් දිව ගිය ඇය නතර වුනේ ඔහුගේ වාහනය ලඟයි..දණහිස් මත දෑතම තබා ඇය හතිලන්න ගත්තේ හුස්ම අල්ලමින්…
" කටවහ ගෙන හුස්ම ගන්නවා…."
ඇගේ අතින් අල්ලා ගත් සෞර ඇයට පැසෙන්ජර් ෂීට් එකේ දොර විවර කර දී ඇයට එයින් අසුන් ගන්නා ලෙස දෑසින් පවසද්දී ආහේලි ඔහුට අවනත වී ෂීට් එකෙන් හිද ගත්තේ ඇගේ යෙහෙළියන් පිටු පස අසුන් වලට ගොඩ වෙද්දී…
" ෂීට් බෙල්ට්……………"
කියූ පමාවට වෙව්ලන දෑඟිලි වලින් ෂීට් බෙල්ට් එක කලබලයෙන් දා ගන්න හැඳුවත් හරිහැටි ලොක් නොවෙද්දී ඇය දෑස් වල කඳුළු පුරවගෙනම බැළුවේ අසරණ දෑසින් සෞර දෙස…
" දාගන්න තේරෙන්නෙ නෑ මට………."
සෞර බරට හුස්මක් හලා ෂීට් බෙල්ට් එක ඇගේ ලමැද හරහා ගෙන යද්දී ඇගේ මුහුණ විලියෙන් රතු වී ගියේ ඇසිල්ලකින්..ඔහුගේ හුස්ම ඇගේ මුහුණ මතටම වැටෙද්දී ඇය වේගයෙන් හුස්ම ඉහල පහල හෙලුවේ ඇයට ඇයවම පාලනය කරගන්න බැරි තැන...මේ සියල්ලම දුටු සෞරගේ කට කොනට නැගුනේ සිනහවක්..
" හ්ම්ම්…..කම්ෆටබල් ( පහසු ) විදියකට ෂීට් එකෙන් ඉදගන්නවා….."
ඇය ෂීට් එකෙන් හේත්තු වෙනකම් සෞර බලා සිට ෂීට් බෙල්ට් එක පළදවන්න පෙර,
" හිරයිද???"
" න්….න්නෑ………."
" නව් ??( දැන් )"
සෞර පෙරට වඩා ෂීට් බෙල්ට් එක හිර කරමින් විමසන්නේ ඇගේ මුහුණ දෙස බලාගෙන..
" න්..නැ……"
" දැන්?????"
" ආහ්……………."
ඇයට කෑගැස්සුනේ එවර ෂීට් බෙල්ට් එක ඇගේ බදට සිර වූවා වැඩි නිසයි…ඉක්මනින් ෂීට් බෙල්ට් එක ලිහිල් කර ඔහුගේ ඇස් මානයට සෞර එය ලොක් කර දොරත් වසා රියදුරු අසුනට නැඟ වාහනය පාරට දැම්මේ කතා බහකින් තොරව…
" ජෝඩුව ගෙදර නේද යන්නේ ????"
රියර් මිර එකෙන් යේනු දෙස බලා ඇසූ සෞර වාහනයේ වේගය වැඩි කලා…
" ඔව් සෞර……"
පිළිතුරු දුන් යේනු නැවත අසුනට බර වුනේ ඉදිරි පස අසුනේ හුන් ආහේලි දෙසද බලමින්..යේනුගේ නිවස ඉදිරියේ වාහනය නතර කරන තෙක්ම සිව් දෙනා අතර පැවතියේ දැඩි නිහඩබවක්…
" තැන්ක්‍යූ සෞර…….."
යේනුත් නමිනිත් දෙදෙනාම එක්වර පවසා වාහනයෙන් බැස්සත් ආහේලි තවමත් බර කල්පනාවක සිටියේ..ඇයට නිවසට ආ බවක් වත් වගක් වුනේ නැත…
සෞර සුක්කානම මත දෑත් තබාගෙන හිස පමණක් හරවා ඇය දෙස බලාගෙන සිටියේ නිහඬවම..
" ඔච්චරටම මොනවද කල්පනා කරන්නේ ආ???"
සෞර ප්‍රශ්න කලේ නිවුනු හඬින්...ඒ ප්‍රථම වතාව ඔහු ඇයට මෙලෙස ඇමතූ...ආහේලිගේ දෑස් නැවතත් කඳුලින් තෙමී යනවා දුටු සෞර ගැස්සී ගියේ ඒ කඳුළු ඉදිරියේ...වෙනදාට ඇය ඉදිරියේ ඔහුගේ හැඟීම් ඔහු සැඟවූවත් අද ආහේලි දුටුවා ඒ දෑස් වල ලිය වී ඇති බිය…නමුත් ඇයට ඒ දෑස් වල ලියවුනු නිවැරදි කතාව තේරුම් ගැනීමට පුළුවන් වුනේ නැත...
ඇය කෙතරම් වෙලා ඒ දෑස් වලම අතරමන් වුනාද කියන්න ඇයට වැටහීමක් තිබුනේ නැත..සෞරගේ හිත රිද්දන වදන් වලින් ඇගේ මුළු ගතටම දැනුනේ දැඩි තෙහෙට්ටුවක්…
ඇයට අවශ්‍ය වූයේ ඇගේ සැපට දුකට සිටින යහන බදාගෙන දුක හිදෙන තුරුම හැඩීමටම පමණයි..ඒ බැල්මෙන් ඔහුගේ දෑස් ගලවා ගත් සෞර,ඔහුටත් නොදැනීම ඔහුගේ දෑස් නතර වුනේ ඇඟේ කොපුල් පුරා ගලන කඳුළු මත…
ඒ කඳුළු තමා නිසා බව සෞර හොදින්ම දන්නවා...ඔහුට ඇති වූයේ ඔහු ගැනම කෝපය වගේම කලකිරීම මිශ්‍ර වූ හැඟීමක්..ඔහුගේ මුවින් බරට සුසුමක් පිට වෙද්දී,
" ඩෝන්ට් ක්‍රයි රපුන්සල් ….( අඩන්න එපා රපුන්සල්……) "
ඇය කිසිදාක එවන් ආදරණීය ආමන්ත්‍රණයක් ඔහුගෙන් බලාපොරොත්තු වූයේ නැත..ඇගේ දෑස් විසල් වී මුවත් විවර වුනා පුදුමයෙන්..නමුත් ඒ ඇසිල්ලේම ඇය දෝතින්ම මුව වසා ගත්තේ සෞරගේ කේන්තිය මේ හේතුවෙන් යලිත් ඇවිලෙන බව දන්නා නිසයි…
" ඒ තරම් බයද මට...ඒකත් හොදයි...නැත්තම් කොහොමද…………"
සෞර කියන්න ගිය දේ ගිලගෙන ඉස්සරහා බලාගත්තත් තවමත් ආහෙලිගේ දෑස් තිබුනේ ඔහුගේ මුහුණ මත..
" ලිස්න් ..( අහන්න..) ඔයාගේ ෆීලින්ග්ස් ( හැඟීම් ) තියෙන්නේ...ම්ම්...සතුට දුක... ම්ම්..එතකොට ඔය දැන් වගේ සර්ප්‍රයිස් වෙනවා වගේ ෆීලින්ග්ස් ඔයාගේ පවුලේ අය ලඟ ඉද්දී කිසිම ප්‍රශ්නයක් නෑ පෙන්නන්න….බට් කීප් දිස් ඉන් යුවර් මයින්ඩ් ( ඒත් මේක මතක තියාගන්න ) ඒවා සොසයිටි ( සමාජයේ ) එකේ පිට මිනිස්සු ඉස්සරහා පෙන්නන්න එපා...හොදට කල්පනා කරලා බලන්න ඔයාට අද දවසම මන් කෑගහපු එක සාධාරණ නැද්ද කියලා….
මුලින්ම අයිස්ක්‍රීම්….දෙන් ( පස්සේ ) අර මඩ වලේ නැටුවා..ඊට කලින් අගේට ෂීට් හතරක් තියන සැපට යන්න තියන වාහනේ හිර වෙලා යන්න හැදුවා...ආෆ්ටර් දැට් ( ඊටත් පස්සේ ) ඔෆිස් එකේ හැම එකාම බලගෙන ඉද්දී පොඩි එකා වගේ කටත් ඇරගෙන සිරි නරඹනවා...තේරෙනවද මන් කියපු දේවල් උදේ ඉදන් මේ වෙනකන්ම…
ඇය හිස උඩට පහතට කලේ ඔව් කියන්න...මේ විනාඩි ගණනට ඇය අතින් දෙසැරයක්ම ඔහු එපා කියූ වැරදි දෙකක් පිට පිටම වෙද්දී ඇය ඔහු දෙස බැලුවේ බියපත් වූ දෑසින්..
" ඉට්ස් ඕකේ….( ඒකට කමක් නැහැ..)"
ඇගේ වෙනස් වන ඉරියව් ඔහුගේ ඇස් කොනට අසුවෙද්දී සෞර ඇය දෙස බලා ඇගේ හිස පිටුපසට ඇයට නොරිදෙන සේ අතින් තට්ටු කලේ ඇය සාමාන්‍ය අතට හැරෙද්දී…
ඇයටම පුදුමයි මේ ඇය අද උදේ දුටු නපුරාමද කියන්න...ඇගේ දෑස් වල රැඳි පුදුමය තවමත් පහව ගොස් තිබුනේ නැත..ඇයට සිතුනා මේ සිහිනයක්දෝ කියා..
" ආ…..ව්……"
ඒ නිසාමයි ඇය හයියෙන්ම අත කොනිත්තා ගත්තේ….ඇය සිතු දෙය වැටහී ඔහු කොක් හඬලා සිනා සුනේ ආහේලි විලියෙන්ම රතු වී දෑස් බිමට හරවා ගද්දී...
" දිස් ඊට් රියල් සෞර..නොට් අ ඩ්‍රීම් රපුන්සල් ...( මේ ඉන්නේ ඇත්ත සෞර..හීනයක් නෙමෙයි රපුන්සල් )"
" සෞ...ර……"
ඇයට ඔහු ගැන හිතේ තිබුන බිය මදක් අඩු වී හිතට සහනයක් දැනෙද්දී ඇය වචන අවුලමින් කතා කරන්න ගත්තේ ඇගේ හිතේ වද දෙන පැනයකට පිළිතුරු දැන ගැනීමට..
" යස්…….( ඔව්…..)"
" ඇයි එදා ගෙට් ටුගෙදර් එක වෙලාවේ මට බැන්නේ……"
එදින සිහිවී සිනාසෙමින් සිටි සෞරගෙ මුහුනෙන් සිනහව වියකී ගියේ ඇය බලා සිටිද්දිමයි...ඇයට සිතුනේ එය අහපු මෝඩකම් කියා...ඇය හොදටම දන්නවා දැන් ඇයට යලිත් බැනුම් ඇසීමට සිදුවන බව…ඒ නිසාම ඇය ඉක්මනින් වාහනයෙන් බැසගන්න හැදුවත් ෂීට් බෙල්ට් එක නිසා ඇයව නැවතත් ආසනයටම ඇදී ගියා…
" මොකද කුලප්පුව????"
ඒ තරවටුවට ඇය ගැස්සී ගියා..තවමත් සෞර කේන්තියෙන් ඉන්න නිසා ඇය නිහඬබවම රැක්කේ පෙරත් අනවශ්‍ය දෙයක් විමසන්න ගොස් තමා සෞරව නිකරුණේ කෝපයට පත් කල නිසයි..
" එදා තමුසේ ඇදගෙන ආපු ගවුම තමුසෙට මහපු එකක්ද නැත්තම් වෙන මොකෙක්ගේ හරි එකක්ද???"
" යේ….නුගේ අක්කා කෙනෙක්ගේ……"
ඇය කෙලින් පිළිතුරු දුන්නේ ඔහුගේ කෝපය ඇවිස්සීමෙන් පීඩාවට පත් වන්නේද ඇයම නිසා...
" දැන් තමුසේ ගෙදර ඉදන් කළම්බෝ එද්දී ආවේ ගෙට් ටුගෙදර් එකට යන්න නෙමෙයිද???"
" ඒකට යන්න තමයි….."
ඇය බිමට පවසන්නේ ඔහුගේ රත් වූ දෑස් දෙස තවත් බලාසිටිය නොහැකි තැන…
" ගෙදරනේ ඉදල ආවේ?????"
" ඔ….ව්…."
" ගෙට් ටුගෙදර් එක හින්දමනේ කලම්බෝ ආවේත්?????"
" ඔ….ව්….."
" එතකොට ඇයි තමුසෙට බැරි වුනේ ඇඳගෙන ඇවිදගන්න පුළුවන් තමුසෙට ගැලපෙන ඇඳුමක් අරගෙන එන්න…."
ආහේලි වෙව්ලා ගියේ සෞර වාහනය දෙදරන තරම් හයියෙන් කෑගසද්දී...ඇදේ දෑත් පවා වෙව්ලනවා දුටු සෞරට තේරුනා ඇය හොදටම බිය වී ඇති බව…
" රපුන්සල් ලිස්න්…..( රපුන්සල් අහනවා….)"
ඇය තවමත් වෙව්ලනවා…
" ස...ස්...ස්"
ඇයට කතා කරන්න වුවමනා වුවත් ඇගේ මුවින් වචනයක් වත් පිට වුනේ නැත..
" අයිම් සොරි….( මට සමාවෙන්න….)වැඩිය හිතන්න යන්න එපා…"
ඔහු ඇයගේ වෙව්ලන දෑත් ඔහුගේ දෑත් අතරට මැදි කරගත්තේ නැවතත් ඇය ගැස්සී යද්දී…
" ඔච්චර අහිංසක වෙන්න එපා රපුන්සල්….මෝඩ වැඩක් කරපුවහම කොහොමද මන් තමුසෙට හිත හදාගෙන බනින්නේ වත්….."
ආහේලි හිස ඔසවා ඔහු දෙස බැලුවේ හැගීම් විරහිතව...
" ෂිට් ඉදලා ඉදලා මටත් පෙරලුනේ බේසමක්නේ….කොයි වෙලේ හරි මට පිස්සු හැදිලා බේරුනොත් ඇති….."
" දැන් යන්න...අර ජෝඩුවගේ කට වහන්න නැත්තම් මට ආපහු කාර් එකෙන් බහින්න වෙනවා...ටූ ලේට්…( හොදටම පරක්කුයි..)"
සෞර ඔහුගෙ අත් ඔරලෝසුව දෙස බලා කලබලයෙන් ආහෙලිගේ දෑත් වලින් ඔහුගේ දෑත් ඉවතට ගත්තා…
" එයාර් පෝට් එකට යන්න තියනවා මට...දැන් බහින්න…."
ඇය තවමත් හුන් අයුරින්ම ඔහු දෙස බලාගෙන සිටිද්දී සෞර ඇගේ පැත්තේ දොර අගුල ස්වයංක්‍රීයව හැරියේ ඇයට දෑසින් දොර පෙන්වමින්..
ඇයට නොදැනීම බරට සුසුමක් හෙලෙද්දී සෞර ඇය වෙත හෙළුවේ තරවටු බැල්මක්…
" ආය කියන්නේ නෑ...අඬන එක ප්‍රශ්න වලට විසදුමක් නෙමෙයි…."
" අඬන් නෑ අඬවනවනේ……."
කියාගෙනම ඉක්මනින් වාහනයෙන් බැස ගෙතුලට දිව්වේ සෞර කිසිත් පැවසීමට පෙර...
" අම්මෝහ්…..මන්මද එහෙම කිව්වේහ්….."
ආහේලි පිටු පස හැරී බැලුවේ ගෙතුලට ගිහින්මයි...තවමත් සෞරගේ වාහනය ගේට්ටුව ඉදිරිපිට නවතා තියෙනවා ඇය දුටුවා...වීදුරු කළු කර ඇති නිසා ඇයට වාහනයේ ඇතුලේ සිදුවන කිසිම දෙයක් පෙනුනේ නැත...වාහනය නොපෙනී යන තුරුම ඇය බලාසිට ආපසු හැරෙද්දී ඇය දුටුව පපුව හරහා දෑත් බැදගෙන ඇය දෙසම බලා සිටිනා ඇගේ මිතුරියන් දෙදෙනා…..
" මටත් ඉන්නේ සුපිරි යාළුවෝ දෙන්නෙක් තමා…."
ඇය නොක්කාඩු කියන්න ගද්දී මුහුණට මුහුණ බලාගත් යේනුත් නමිනිත් හඬින් සිනහා සුනේ ඇගේ මුහුණ කෝපයෙන්ම රතු වෙද්දී...
" ආයෙත් අහලා….උඹට මේ කපේ අපි දෙන්නා වගේ එළකිරි බුදු බොක්කේ යාළුවෝ දෙන්නෙක් හම්බවෙන්නේ නෑ…."
" ඔව් ඔව් දැක්කනේ…..අර සෞර මට බැනපු වෙලාවේ උඹලා දෙන්නා කටක් වත් ඇරියද???ඒකට කිව්වේ නම් කොහොමද එදා ගෙට් එක දවසේ???"
" අනේ මැටි ගොන් ගහ….ඌ අපිටත් කෑ ගැහුවේ….අපි දෙන්නවාත් උස්සලා පොලොවේ ගහන ටයිප්නේ කතා කලේ...ඇයි තෝ මේ ලෝකේ නෙමෙයිද හිටියේ……."
යේනු උරහිස් හකුළුවමින් මතකය ආවර්ජනය කලා…
" සොරි යේනු...මන් හින්දා උඹලා දෙන්නත් බැනුම් ඇහුවා නේද????"
" අද විතරයැ බැනුම් ඇහුවේ උඹ හින්දා….ගුටිත් කාලා තියෙන්නේ පස්ස රත් වෙන්නම….."
ඒ නමිනි….ඇය දන්නවා ආහේලි කල්පනා කරන්න ගත්තොත් ඒ කල්පනාවේ ඉමක් නැති බව...
" අනේහ්……"
" අනේ හුනේ නෙමෙයි….ගිහින් ටිකක් නිදාගනින්….මන් නමිනියාව ගෙදරට දාලා එන්නම් ස්කූටියේ…."
" මාත් එන්නද???"
ආහේලි බලාපොරොත්තු සහගත දෑසින් විමසද්දී යේනුට ඇය ගැන දුක නොසිතුනාම නෙමෙයි...ඇය කොළඹ සිටියේ කෙතරම් නම් සතුටින්ද...අද ඇය තනිව බදුල්ලේ ඇගේ නිවසට කොටු වෙලා ඇගේ පියා ආහේලිගේ නිදහස සීමා කල නිසා...
" උඹ බබෙක් වුනා නම් හේලියෝ අම්මපා මන් එක්කගෙන යනවා….මගෙන් කුණු හරපයක් දෙකක් අහගන්නේ නැතුව නිදාගන්….මන් සුටුස් ගාලා එනවා...මාත් නින්දක් දන්න ඕනේ ඇවිල්ලා හෙට පාන්දර දෙකට වැඩ…."
මිතුරියන් දෙදෙනා පිටත් වන තුරු බලා සිටි ආහේලී සැහැල්ලූ ගවුමක් හැද ඇදෙන් හිද ගද්දී නැවතත් ඇගේ හිත දුවන්නේ සෞර පසු පසයි..
" රපුන්සල් කියලද කිව්වේ????? ඒත් ඇයිහ්?????මට ඇහුණු විදියද????ඒත් ගොඩක් සැරයක් කිව්වනේ එහෙම... මට වැරදියටද ඇහුනේ??? එයා මන් ඉන්නේ මෙහෙ නෙමෙයි කියලා දන්නවද??? ඇයි එයාර් පෝර්ට් යන්නේ???මට ආපහු කවදාවත් සෞරව දකින්න බැරි වෙයිද????මන් අනිද්දට ආපහු බදුල්ලේ යනවා...එතකොට මේ සෞරව දැකපු අන්තිම දවසද?????"
පිළිතුරු නැති ප්‍රශ්න ගොන්නකින් ගතම වෙලී යද්දී ඇය ඇදෙන් ඇල වුනේ හිසේ බර ගතියක් දැනෙද්දී….
තද නින්දේ සිට ඇය ගැස්සී ඇහැරුනේ ඇයට හුරු පුරුදු ස්පර්ශයකින්..ඒත් කාමරය තුල කිසිවෙක් සිටියේ නැත..බිය වූ ඇය ඇදෙන් බිමට පැන කාමරයේ විදුලි බුබුළු දැල්වූයේ එක් අතකින් පපුවත් අල්ලගෙන…
" මේ සුවඳ අදත්…….ඒත් මෙහේ??? එහෙම කොහොමද????"
To be continued..... 💙
මගේ ප්‍රථම මුද්‍රිත නවකතාව "සිහිනයක් වගේ" දැන් ඔබට 20% වට්ටමක් සහිතව මිලදී ගත හැක.
ඔයාලගේ අදහසුත් එක්ක කතාවට ⭐ Vote එකක් දීලා ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා මැණිකලා .. ආදරෙයි 💙💙💙💙