දුඹුරු සඳ (100 සිට 149 දක්වා)

By Aro_Yash

19.9K 888 7

100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම More

1-100 කෙටි සාරාංශයක්
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
141
142
143
144
145
146
147
148
149

140

310 19 0
By Aro_Yash

#දුඹුරු_සඳ_140 පොඩි කොටසක්

🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"උඩ සද්දයක් ඇහුණා... වතුර සද්දයක් වගේ.."

ආග්නගෙ හිතට සැනසීමක් දැනුණේ විණාරා බිය වූ කාරණය පහදද්දී.

"උඩ පූල් එකේ වෙන්න ඇති..."

විණාරා දෙසට ඇවිදන් එන ගමන් ආග්න පවසද්දී විණාරා දෙනෙත් විසල් කරගත්තේ පුදුමයෙන්.

"උඩ පූල් එකක් තියනවද?"

ඉඳින් ඇය එලෙස විමසද්දී ආග්නට හුස්මක් හෙලුනේ ඉබේටම. ඇයට නිවසෙහි කිසිවක්ම මතක නැති බවට නැවතත් ඔහුට සිහිකරදීමක් බඳුයි එය.

"හ්ම්..යමුකෝ බලන්න..."

තවත් මොහොතකින් ආග්න ඉස්සර වද්දී විණාරා ආග්න සමීපයටම පැමිණියේ තරමක බියෙන්.

"මේ ගෙදර ඇතුළෙ මෙච්චරටම බයවෙන්න දෙයක් ඔයාට නෑ විණාරා.."

තමා ආසන්නයෙන්ම බියපත් නෙතු එහෙ මෙහෙ යවමින් පසුපසින් ඇදෙනා විණාරාව නෙත ගැටෙද්දී ආග්න ඇයගේ අතින් අල්වා ඉදිරියට ඇදගත්තේ විණාරා ආග්න වෙතට මදක් තිගැස්සුණ බැල්මක් හෙලද්දී.

"ඒ නිසා හැමතිස්සෙම පොඩ්ඩ ඇත්තම් බයවෙන්න එපා ම්ම්.

අනික මම ඔයාගෙ ළඟම ඉන්නවනේ විණාරා...ජස්ට් බී නෝර්මල්."

ඔහු අතැඟිලි වලට මැදිවූ විණාරාගේ පිටිඅත්ල තම මහපටැගිල්ලෙන් මෘදුව පිරිමදින ගමන් ඔහු පවසන්නේ ඉදිරියට ඇවිදන් යමින්.

"එහෙ කවුරු හරි ඉන්නව ඇද්ද?"

නාන තටාකයට යන්නට තිබූ දොර අසල විණාරා විමසන්නේ මදක් තැතිගැන්මෙන්.

"නෑ. මේ ගේ ඇතුළේ ඉන්නේ ඔයා, මම, රොවේන්. එච්චරයි..."

මොහොතකට තම දෙපා නවතාන ඔහු පවසන්නට වූයේ විණාරාගේ දෑසට එබෙමින්.

"යමු..."

ඊළඟ මොහොතේ විණාරාගේ අත අල්වාගෙනම ආග්න ඉදිරියට ඇදෙන්නට වූයේ විණාරා යම් කුතුහලයකින් ඔහු පසුපස ඇදෙද්දී.

"අනේ..."

නමුදු විණාරාගේ අඩි ආග්නටත් පෙර නානතටාකය දෙසට ඇදුණේ දුටු දර්ශනය නිසාවෙන්.

🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

නානතටාකය තුළට වැටී සිටියේ අලු පැහැයට හුරු පූස් පැටවෙක්. පූස් පැටවාට ගොඩ එන්නට නොහැකිව නානතටාකයේ ගැට්ට අසල දඟලන්නේ මරබියෙන්.

"අල්ලන්න එපා..සූරයි.."

විණාරා ආග්නවත් අතහැර පූස්පැටවා හුන් තැනට දිවගියද ඈ දෙපා නැවතී ගියේ විධානයක් බඳු ආග්නගේ හඬට.

ඒ විධානයක් බඳු හඬ සවනත වැකෙද්දීම ඇයට දැනුනේ කුමක්දෝ බියක් මුහුවූ හැඟීමක්. ඇයට තදින්ම අවැසි වූයේ පූස් පැටවාව ඉක්මනින් පිටතට ගන්නට වූවත් ඔහුගේ විධානය හමුවේ තරමක තැතිගැන්මකින් ඈ උන්නේ හුන් තැනම ගල්ගැසීගෙන.

'අනේ එයා මැරෙ යි...'

සිත අභ්‍යන්තරය එලෙස මුමුණද්දී විණාරා මුව විවර කරනට තැනුවේ ආග්නට කුමක් හෝ පවසන්නට. නමුදු ඈ දෙතොල් වල චලනය එහෙමම නැවතී ගියේ ආග්න සිදුකළ දෙය නිසාවෙන්.

'මට සූරයි කියලා එයා ඇල්ලුවේ...'

විණාරා එලෙස සිතද්දී පමා නොවීම ආග්න පූස් පැටවා අල්වා ගොඩට ගත්තේ ප්‍රවේශමෙන්. නමුදු ඒ ආග්නගේ ස්වභාවය. පෙර හුන් දයාබරම ආග්නගේ ස්වභාවය. තම ආදරණීයන් වෙනුවෙන් දෙවරක් නොසිතාම අනතුරකට වුව මුහුණ පොවනා අයෙක් ඔහු.

"අනේ. එයාට අමාරුයිද.."

ගොඩට ගත් පසුව පූස් පැටවා අපහසුවෙන් හුස්ම ගනිද්දී විණාරාට මිමුණුනේ ඉබේටම.

ආග්න පූස් පැටවාව බිම තබා තමා හැඳවුන් අත් දිග සුදු පැහැ ටීශර්ටය ගලවාගත්තේ ඉක්මනින්. ඊළඟට ඔහු තෙතබරිතව හිඳිනා පූස් පැටවාව ටී ශර්ටයෙන් ඔතාගෙන ඔසවාගත්තේ ප්‍රවේශමෙන්.

"එයා මැරෙ|යිද?"

ඔහු පසුපස එමින් විණාරා විමසන්නේ දුකින්.

"නෑ. ලොකු අවුලක් නෑ වගේ."

ඔහු පවසන්නේ විණාරාට දෑසින් ඉස්සර වන්නටයැයි සන් කරමින්. විණාරා දොර විවර කර අල්වාගෙන උන්නේ ආග්න පූස් පැටවාව එක් අතකින් අල්වාන ළයට කර තබාගෙන පිටතට පැමිණෙද්දී.

තවත් මොහොතක් ගෙවෙද්දී දෙදෙනාම උන්නේ කුටිය තුළ.

"ඩ්‍රයි ටවල් එකක් ගේන්න විණාරා"

ආග්න පූස් පැටවාව ටීශර්ටයෙන් පිස දමමින් පවසද්දී විණාරා කළේ ඉක්මනින් ගොස් වෝඩ්‍රොබ් එකෙන් අලුත් ටවලයක් රැගෙන ඒම.

"වෙවුලනවා..."

පූස් පැටවා වෙවුලන්නට ගනිද්දී විණාරා මුමුණන්නට වූයේ දුකෙන්.

"ඔව්... ඩයල් එකට සීතලයි. වෙනනම් අවුලක් නෑ වගේ."

ආග්න පූස් පැටවාව බිම තබා එහෙ මෙහෙ කර පිස දමද්දී පූස් පැටවා ඔහේ වැටීගෙන උන්නේ වෙව්ලමින්.

"ඩ්‍රයර් එකෙන් බැරිද?"

කෙතරම් පිස දැම්මද වෙව්ලිල්ල අඩු නොවෙද්දී විණාරා එක්වරම පැවසූ දෙයින් ආග්න දෙබැම රැළි කරගත්තේ ඔව් කියන්නට හිස උඩට පහළට චලනය කරමින්.

"මෙයා බයවෙයි කියලා හිටියේ. ඒත් සීතල යන්නනම් දැන් ඩ්‍රයර් එකෙන් අල්ලන්නම වෙනවා. පිහදැම්මට වැඩක් නෑ."

ඉඳින් ආග්න සතුන් පිළිබඳව හොඳින් දන්නා අයෙක්. නුවරඑළියේ වන ඔහුගේ සුනඛයන් රැකබලාගන්නා ස්ථානය නිසා ඔහුට සතුන් ගැන ඇති දැනුම තරමක් සුවිශේෂයි.

"හෝව් හෝව් බඩී... බයවෙන්න එපා..."

විණාරාට හෙයා ඩ්‍රයර් එක අල්වන්නට කියා ආග්න පූස් පැටවාව අල්වාගනිද්දී එහි ශබ්දයට පූස් පැටවා මදක් කලබල කරද්දී ඔහු පැටවාව අල්වාගත්තේ එලෙස මුමුණමින්.

ඉඳින් ඔහු තුල වන ප්‍රේමණීය, ආදරණීය චරිතයම පමණක් නෙත ගැටෙද්දී විණාරාගේ හදවත කළේම ඔහු පිළිබඳව පහන් වූත් ආදරණීය වූත් සුදුපැහැ සිතිවිලි වලින් එහි අභ්‍යන්තරයෙහි වූ හිස්තැන් පුරවාගැනීම.

"නෝ... දඟලන්නෑ. කෝ මේ පැත්ත හැරෙන්න."

පූස් පැටවාගේ වෙව්ලිල්ල බිඳෙන් බිඳ අඩුවී යද්දී පැටවා තැත් කළේ ආග්නගේ අතෙන් මිදෙන්නට.

"එයා සූරයිද?"

පැටවාගේ දැඟලිල්ල වැඩි වද්දී විණාරා හෙයා ඩ්‍රයර් එක පසෙකට ගනිමින් විමසන්නට වූයේ පූස් පැටවා ආග්නට සූරාවියැයි බියක් දැනෙද්දී.

"නෑ.. බයවෙලා ඉන්නේ. මේ බඩ දිහා ඩ්‍රයි කරන්න."

තවත් මිනිත්තු ගණනාවක් ගෙවෙද්දී පූස් පැටවා උන්නේ යථා තත්වයට පත්වීගෙන.

🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

පුරු පුරු හඬක් නංවමින්  පූස් පැටවා ආග්නගේ අතැඟිලි වල දැවටෙන්නට වූයේ ඉබේටම ඔහු දෙතොල් මත සොඳුරුම මන්දස්මිතයක් මවමින්.

"අනේ එයා ශෝයි..."

ඩ්‍රයර් එක පසෙක ලා විණාරා පූස් පැටවාව අතගාන්නට වූයේ ආශාවෙන්. බිම වාඩි වීගෙන හුන් ආග්නටත් විණාරාටත් අතරමැද හුන් පූස් පැටවා අලු පැහැ පුළුං බෝලයක් ලෙසින් දිස්වන්නට වූයේ වියළුණ පසුව. පූස් පැටවාට තිබුණේ දිගු බූල් වලින් වැසුණු නැට්ටක්.

විණාරා කෙතරම් පුස් පැටවාව අල්වා සුරතල් කරත් පූස් පැටවා කෑ ගසමින් දැවටෙන්නට වූයේ ආග්නගේ අතෙත් දෙපා වලත්.

"මං හිතන්නේ එයා කැමති මට."

විණාරාව වගකට නොගෙන ආග්න අබියසටම පැමිණෙන පැටවාගේ අවධානය ගන්නට වෙහෙසෙන විණාරා දෙස මොහොතක් බලන් හුන් ආග්න පවසන්නට වූයේ විණාරාගේ මුහුණ ඇදව යද්දී.

"හහ් හා..."

ඊළඟ මොහොතේ විණාරා පූස් පැටවාව ඈ දෙසට හරවා ගෙල යට අල්වා සුරතල් කරත් විණාරාගේ අතැඟිලි වලින් මිදී පූස් පැටවා නැවතත් ආග්න අබියසට එද්දී ආග්නට හිනහවක් ගියේ විණාරාගේ ඇදවූ මුහුණ දැක.

"ඔයා ඩ්‍රයර් එක අල්ලපු නිසා ඩයල් එක බයවෙලා ඇත්තේ."

පූස් පැටවාගේ මුහුණ ඉදිරියෙන් අතැඟිලි එහා මෙහා කරමින් ආග්න පවසන්නේ විණාරා ඇදවූ මුවින් දෙදෙනා මතම නෙතු යොමන් හිඳිද්දී.

පූස් පැටවා ආග්නගේ ඇඟිල්ලට කුරුමානම් අල්වමින් අතකින් එයට ගසන්නට තැත් කරන්නේ ගෙලත් ඉදිරියට පසුපසට කරමින්.

"දැන් එතකොට එයා මං ගාවට එන්නැද්ද?"

විණාරා පුළුටු කරගත් මුහුණින් දෙදෙනාගේ කෝලම දෙස බලාන පවසන්නට වූයේ.

"ඩෝන්ට් වොරි. ටිකකින් හරියයි."

විණාරා දෙස නොබලමින් පූස් පැටවාව සෙල්ලමකට ගෙන ඔහු පවසන්නේ විණාරා දෙතොල්පට එකිණෙක තද කරගෙන හිඳිද්දී.

"මෙයාට බඩගිනියි වගේ."

ආග්න එසේ පවසා නැගිටගනිද්දී විණාරාත් නැගිටගත්තේ ඔහුත් සමඟම.

"හේ බඩී...කම් හියර්.."

ආග්න අඬ ගසද්දී පූස් පැටවා 'ප්ර්ර්' හඬක් නංවමින් ඔහු දෙසට දිවයන්නට වූයේ බොහෝ කලක සිට ඔහුව හඳුනනා අයෙකු මෙන්.

"අනේ හුරතල් අප්පා.."

පුළුන් බෝලයක් වන් පස්ස වනමින් පූස් පැටවා ආග්න දෙසට දිවයද්දී විණාරාට මිමුණුනේ ඉබේම.

🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

තවත් මොහොතක් ගෙවෙද්දී පූස් පැටවාත්, ආග්නත් විණාරාත් උන්නේ මුළුතැන්ගෙයි. ආග්න මයික්‍රොවේව් එකේ තබා තරමක් රත් කර කිරි කුඩා බෝල් එකකට දමා පූස් පැටවා ඉදිරියෙන් තැබුවේ පමා නොවීම පුස් පැටවා කිරි බීමට ගනිද්දී.

"මෙයා කොහෙන්ද තර්ඩ් ෆ්ලෝ එකට එන්න ඇත්තෙ කියලා මම කල්පනා කරේ..."

ආග්න මුමුණන්නට වූයේ එක් ඇහිබැමක් රැලි කරාන.

"ම්ම් සමහර විට ගහක් දිගේ නැගලා බැල්කනි එකට ආවද දන්නෑ.."

ඔහු පවසන්නේ විණාරා දෙසට නෙතු ගෙන එමින්.

"අපි මෙයාව තියාගන්නවා නේද?"

එක්වරම විණාරා විමසද්දී ආග්නගේ දෙබැම රැළි වූයේ ඉබේම.

"තියාගන්න? කවුද දන්නේ මෙයා මෙහෙ නේබර්ස්ලාගේ ගෙදරකින්වත් ඇවිත්ද කියලා."

එවරනම් විණාරාගේ දෙනෙත් බරව ගියේ දුකින්.

"අයිතිකාරයෙක් ආවොත් දෙන්න වෙනවා."

උරහිස් හකුළා ඔහු පවසද්දී විණාරා හිස දෙපසට චලනය කරේ බැහැයි කියන්නට.

"බෑ කියලද කියන්නේ?"

"ඔව්...මෙයාව දෙන්න බෑ..."

කිරි බී අහවර වූ පූස් පැටවා අසලට පහත් වෙමින් විණාරා පවසන්නේ පූස් පැටවාව අතගාමින්.

"නෝ විණාරා. මෙයාව හොයන් කවුරු හරි ආවොත් දෙන්න වෙනවා.

මොකද කෙනෙක් සතෙක් හදන්නේ ආදරෙන්. ඒ සතාව නැතිවෙන එක ඒ කෙනාට කොච්චර ලොකු පේන් එකක්ද කියලා දන්නේ සත්තු හදන අයම තමයි."

එසේ මුමුණමින් ආග්න පූස් පැටවා කිරි බිව් බාජනය සෝදා බිමින් තබමින් නැවතත් පියනගන්නට වූයේ කුටිය දෙසට.

"බලමුකො.. ඕනර් කෙනෙක් ආවෙ නැත්තම් තියාගමු...ඕනර් කෙනෙක් ආවොත් මම ඔයාට මේ වගේ කෙනෙක් ගෙනත් දෙන්නම්."

ආග්න පවසද්දී විණාරා හිස උඩට පහළට චලනය කරන්නට වූයේ මැලවුණු දෑස් වලින් ඔහුට එකඟ වෙමින්.

____

කාලය ගෙවී ගියේ සෙමෙන්. ආග්න කාර්යාල වැඩකටයුතු හා කාර්යබහුල වද්දී විණාරාට පාලුවක් නොදැනුණේ පූස් පැටවා නිසාවෙන්. දැන් පූස් පැටවා ඇයට හුරු වීගෙන.

"අයියෝ...කොහෙද දුවන්නේ..."

දෙවන මහළේ විවෘත ආලින්දයෙහි විණාරා හා සෙල්ලමට එහෙ මෙහෙ පනිමින් හුන් පූස් පැටවා එක්වරම දිවගියේ පඩිපෙළ දෙසට.

"දැන්නම් දැඟලිල්ල වැඩියි දඟේ හරිද .."

විණාරා ආදරණීයම තරවටුවක් සමඟ පූස් පැටවා පසුපසින් යද්දී පූස්පැටවා පඩිපෙළ දිගේ පඩි කිහිපයක් පහළට දිවයන්නට වූයේ එයත් සෙල්ලමට ගෙන.

"මෑම්..?"

පහළ මහළේ අමුත්තන්ගේ කුටියකින් පිටතට පැමිණි රොවේන් විණාරාව ඇමතූයේ පුදුමයෙන්.

"මෙයා කොහොමද ඇතුළට ආවෙ?"

දැන් විණාරාට බියක් නැහැ රොවේන්ට. රොවේන් හා සාමාන්‍ය අයුරින් කතාබහ කර හිඳිනවා ඇය.

"ඔයා දන්නවද මෙයාව ඒ කියන්නේ?"

පහළට පැමිණ පූස් පැටවා අසල පඩිපෙළ මතින් වාඩි වී විණාරා විමසන්නේ පුදුමයෙන්.

"මෙයාලා ගේට් එක ගාව හිටියේ. කවුරු හරි දාලා ගිහින්."

රොවේන් පවසද්දී විණාරා ඔහු වෙතට නෙතු හෙළන්නට වුයේ දෙබැම රැළි කරාන.

"මෙයාලා?"

ඊළඟ මොහොතේ විණාරා එලෙස විමසන්නට වූයේ හුන් තැනින් නැගිටගෙන.

තවත් මිනිත්තු ගණනාවක් ගෙවුණේ පිටත සිදුවන දෑ පිළිබඳව හාංකවිසියක්වත් නොදැන ආග්න ව්‍යාපාරික ඇමතුමක හිඳිද්දී.

"ආග්න...."

එක්වරම කුටියට විණාරා පැමිණියේ හිනා කටක් මුව පුරෝගෙන. ආග්න දෙනෙතටත් මදක් විසල් වන්නට ඉඩදීගෙන විණාරා දෙසට නෙතු යොමුවේ පුදුමෙන්. ඇගේ දෑසෙහි වූ උද්‍යෝගිමත් බැල්මත්,ඒ  මුවෙහි වූ උතුරා යන සිනහවත් දකිද්දී ආග්නට තමා හිඳින්නේ ව්‍යාපාරික ඇමතුමක කියාත් අමතක වූ තරම්.

"හලෝව්..කැන් යූ හියර් මී මිස්ටර් ආග්න?"

ආග්න පියවි සිහියට පැමිණියේ දුරකතනයේ එහාපසින් සවනත වැකුණ අනෙක් පුද්ගලයාගේ හඬට. විණාරා කුමක් හෝ පවසන්නට යද්දී ආග්න තම දෙතොල් මත දබරැඟිල්ල තබා ඇයව නිහඬ කරවූයේ දෑසින් තමා ඇමතුමක බව ඇයට පෙන්වමින්.

ඇමතුම අවසන් වූ පසුව ආග්න විණාරා වෙතට හැරුණේ හිස මදක් චලනය කරමින්.

"වට් ඊස් දැට්?"

"එයාට අයිතිකාරයෙක් නැහැ...අපිට එයාලව තියාගත්තහැකි..."

සිනහව අඩු නැතිවම විණාරා පවසද්දී ආග්නගේ මුවෙහි ඇඳුණේ සිනහවක්.

"හව් ඩිඩ් යූ නිව්?"
(ඔයා කොහොමද දැනගත්තේ?)

"රොවේන් කීවේ."

"හ්ම්... ගුඩ්. දැන් ඔය කොහෙද ආයෙ දුවන්නේ?"

විණාරා ආයෙම කුටියෙන් පිටතට යන්නට සැරසෙද්දී ආග්න විමසන්නට වුයේ මහපටැගිල්ලෙන් නිකට පිරිමදිමින්.

"එයාලව අරන් එන්නම්..."

එසේ පවසා විණාරා කුටියෙන් පිටතට ගියේ ආග්නගෙන් පිළිතුරක් එන තුරු හෝ නොයිඳ.

"වට්? එයාලා කියලද කීවෙ?"

එක් ඇහිබැමක් ඔසවමින් තමාටම එලෙස මුමුණාගත් ආග්න තවත් මොහොතකින් නානකාමරයට පියමන් කරේ ඇඟ සෝදාගන්නට. ඉඳින් මිනිත්තු ගණනාවකින් පසුව නානකාමරයේ දොර හැර පිටතට පැමිණි ආග්නගේ දෙනෙත් විසල්ව ගියේ දුටු දසුන නිසාවෙන්.

"හෝලි ශිට් විණාරා? මේ මොක්කුද?"

      To be continued

Continue Reading

You'll Also Like

1.4M 107K 42
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
1.5K 369 19
තමන් තුළින්ම තමන්වම සෙවීමට වෙර දරන ධෛර්යයවන්ත ඇය ... තම මාතෘ භූමියට නිතැතින්ම ප්‍රේම කරන ඇය.... තම සහෘදයන්ට හදවතින්ම බැඳි ඇය, හට...., හදවතින්ම ප්‍රේ...
4.3M 272K 103
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
93K 2.9K 44
The little mermaid is super clingy Author: Xi Zhi Category: BL doujin Release time: 2023-03-12 Latest: Chapter 43 Extra Story 1 finished TaoTao, a li...