141

332 18 0
                                    

#දුඹුරු_සඳ_141

🌙🤎___𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඉඳින් ආග්නට එලෙස කියවුණේ කුටිය පුරා තැනින් තැන් හුන් පූස් පැටවන් නෙත ගැටෙද්දී.

"මෙයාලව දාල ගිහින්ලු කවුරු හරි ගේට් එක ගාවින් ..

පව් ඊයෙ වැස්සටත් තෙමිලා.."

බිම වාඩිවීගෙනම විණාරා පවසන්නට වූයේ ඇගේ ඔඩොක්කුවට නගිමින් කෝලම් කරනා පූස් පැටවකු හුරතල් කරමින්.

"සීරියස්ලි? දැන් එතකොට කියන්න හදන්නේ මේ පැටව් 4ම මෙහෙ ඉන්නවා කියලද?"

ඉඳින් තමාට කිසිත් නොපවසාම ඈ පූස් පැටවුන් මෙහි තියාගන්නට තීරණය කර ඇති බව වැටහෙද්දී ආග්න විමසන්නට වූයේ දෙබැම රැළි කරගෙන.

"ඔව් ඇයි එපාද?"

එක්වරම කලබලව ගිය විණාරා විමසන්නට වූයේ තිගැස්සීගෙන මෙන්.

"නෝ විණාරා. මේක කැට් ඕපනේජ් එකක් නෙමෙයිනෙ පාරෙ ඉන්න හැම සතාම ගෙනත් දාගන්න..."

ආග්න පුස් පැටවන් දෙසට දැඩි බැල්මක් යොමමින් පවසන්නට වූයේ විණාරාගේ නෙතු දුකින් බරවෙද්දී.

"මෙයාලව ආපහු පාරට ගිහින් දාන්නද කියන්නේ?"

ඉඳින් ඊළඟ මොහොතේ ආග්න හැරී බැලුවේ විණාරාගේ හඬෙහි වූ සවිමත් බව අපූරුවට දැනෙද්දී.

"පාරට ගිහින් දාන්න කීවෙ නෑ. එක්කෙනෙක් තියාගෙන අනිත් තුන් දෙනා කාටහරි දෙනවා. දැට්ස් ඉට්!"

ආග්න අවධාරණයෙන් එය පවසද්දී විණාරා පූස් පැටවන් දෙසට නෙතු යොමුවේ දුකින්. ඉඳින් මේ මිනිත්තු කිහිපයට ඒ කුඩා ජීවීන් සිව්දෙනා තම හදවතේ ඉඩක් ලබාගෙන අවසන්. ඔවුන් කිසිවකුට හෝ දෙන්නට? විණාරාට දැනුණේ තම හදවතේ ගැඹුරු තැනක් සියුම්ව රිදුම් දෙන වගක්.

කිසිත් නොපවසා විණාරා තම නෙතුත්, උවනත් බිමට බරකරගන්නට වූයේ ආග්න වෝඩ්‍රොබ් සහිත කොටස දෙසට ඇවිද යද්දී.

"ආ හා...වෙයිට මිනිට්.."

එක්වරම සිහිවූ කාරණයක් නිසාවෙන් එලෙස පවසමින් ආග්න ආපසු විණාරා දෙසට හැරෙන්නට වූයේ ඈ දෙසට දබරැඟිල්ල දිගු කරාන දෙබැම රැළි කරගෙන.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now