145

313 13 0
                                    

#දුඹුරු_සඳ_145

🌙🤎___𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

කුටියෙහි සෝපාව අසල බුමුතුරුණෙහි වැතිරී විණාරාට නින්ද ගොස් තිබුණේ සුදුපැහැ පූස් පැටවෙකුත් එක් අතකින් තුරුළු කරාන. 
        
ඒ අසලම විණාරාගේ උදරය අසලට වන්නට අනෙක් පූස් පැටවුන් දෙදෙනා ගුලිවී නිදන් හුන් අතර ආග්නගේ දෙබැම මදක් රැළිවූයේ අලුපැහැ පූස් පැටවා උන් අයුරු නෙත ගැටෙද්දී.

"මේ අලුපාට ඩයල් එක මට චැලේන්ජ් කරනවද?"

එවදන් ඔහුට මිමිණුනේ මුව කොණකින් ලා සිනහවක් ඇඳෙද්දී. අලුපැහැ පූස් පැටවා උන්නේ විණාරාගේ සිරුර මත. ඒ උදරයේ සිර ළමැද දක්වා දිගෑදීගෙන විසුළු ඉරියව්වකින්. ඒ උන් ඉරියව්වට ආග්නට සිනහවක් ගිය නිසාවෙන්ම ඊර්ෂ්‍යාව මදක් යටපත් වී ගියේ ඔහුටත් නොදැනීම.

'ඇහැරවන්න ලෝබ වුණාට මෙඩිසින්ස් ගන්න ටයිම් එක හරි විණාරා...'

මොහොතක් විණාරා දෙස බලන් හුන් ආග්න සිතන්නට වූයේ හුස්මකට මුවින් ගිලිහෙන්නට ඉඩ හැර. ඊළඟට ආග්න විත් නතරවූයේ විණාරා අබියස. එහෙමම පහත් වී විණාරාගේ උවන මතට නෙතු ගෙන ආ ආග්නට දැනුණේ අමුත්තක්.

'මොකද මේ මූණත් එක්ක අමුතුවෙලා?'

හඬාම ඉදිමුණු දෑස් ඔහුට එක්වර හඳුනාගත නොහැකිවූවත් ආග්න කල්පනා කරන්නට වූයේ විණාරාගේ උවනෙහි වූ වෙනස කුමක්දැයි කියා.

"විණාරා..."

තවත් මිනිත්තුවකින් පමණ පසු ආග්න ඇයට කතාකරනට වූයේ පහත් හඬකින්.

"විණාරා නැගිටින්න..."

නමුත් ඇය උන්නේ තද නින්දක.

"මෙඩිසින්ස් ගන්න වෙලාව හරි.... කමෝන් වේකප් විණාරා..."

විණාරා අවදි නොවෙද්දී ආග්න එහෙමම විණාරාගෙ උරහිසකින් අල්වා තැත් කරන්නට වූයේ ඇයව අවදිකරන්නට. නමුත් ඈ සිරුරෙන් දැනුණු අසාමාන්‍ය රස්නය වැටහෙද්දී දෙබැම රැළි කරාන ආග්න තම අත්ල ඈ නළලත මත නවතාලූයේ කලබලයෙන්.

"ඕ ගෝඩ්...හොඳටම රස්නෙයිනේ."

ඉඳින් ආග්නට බියක් දැනෙද්දී ආග්න නැවතත් තැත් කරන්නට වූයේ විණාරාව අවදි කරන්නට.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now