111

451 25 0
                                    

#දුඹුරු_සඳ_111

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඉඳින් හිතට අවැසි දෑ බොහොමයක් වද්දී විණාරාට දැඩිව අවැසි වූයේ තමාව සති දෙකක් අතහැර දමා නොයන්නැයි පවසන්නට. ඔහු තියුණු දෙනෙතෙහි පැටළුණ විණාරාගේ නෙතු මත්තෙහි වූයේ බැස යන හිරු කිරණක් බඳු මලානික පෙනුමක්.

දෙනෙතෙහි හැඟුම් සියුම්ව ග්‍රහණය වද්දී ඇයට අවැසි කුමක්දැයි වටහාගන්නට ආග්නට අටුවා ටිකා අවශ්‍ය වූයේ නැහැ. නමුත් ඔහු උන්නේම ඇයව නොතේරෙන ගාණට, ඇයව නොදැනෙන ගාණට රැළි කරගත් දෙබැමත්, ප්‍රශ්නාර්ථයක් මුහුවුණ බැල්මත් ඈ නෙතු මත රඳවාන.

"ඩූ යූ නීඩ් එනිතින්ග්?"
(මොනවහරි ඕනෙද ඔයාට?)

ඉඳින් ඇයට දැඩිව කුමක් හෝ අවැසි වූවත් තමා කෙරෙහි දක්වන දැඩි බිය නිසාත්, කුලෑටිකම නිසාවෙනුත් ඇය සියල්ල සඟවන බව ඔහුට නොරහසක්. එම නිසාවෙන්ම මදක් මෘදු වූ ස්වරයකින් ඔහු වදන් පිටවූයේ විණාරාට තම සිතැඟි වදන් කර ඔහු හමුවේ දිගහරින්නට ඔහුම ඉණිමං බඳිද්දී.

ඉඳින් එකිණෙක තදව තිබූ විණාරාගේ ලවන් යුග විවර වද්දී ආග්නගේ ළය ගැස්මෙහි වේගයේ වෙනසක් වූයේ තමන් දීර්ඝ කාලයක් තිස්සේ බලා හුන් යමක් ලැබෙද්දී දැනෙණ නොයිවසිලිවන්තකම වන් හැඟීමක් නිසාවෙන්.

"ම්...ම..ට ..."

ඉඳින් ඇය කුලෑටිම වදන් අමුණන්නට. හැඟුම් වචන වලට පෙරළන්නට. එම පසුබැස්ම තමා ඉදිරියේදී ඉතාම දැඩිවූවත් අන් සෑම දෙනා ඉදිරියේම විණාරා කතාබහ කරන්නට දක්වන්නේ බියක් මුහුවූ කුලෑටි හැඟීමක්.

"ම්ම්..."

ඉඳින් තම මුහුණටම එබීගෙන හිඳිනා ආග්නගේ බැල්මෙහි වූයේ මෘදු බවක්. විණාරාට ඔහු ඉදිරියේ තම සිතැඟි වදන් කොට අමුණාලන්නට වෙනදා මෙන් කුහුලක් නොදැනෙද්දී ඈ දෙතොල්පට චලනය වූයේ හෙමිහිට.

"ඔ..යා.. සති..දෙ..කකට දා..ලා යනවද?"

ඉඳින් කලබලයෙන් චලනය වන ඈ ඇහිපියන්, කලබලයෙන් එහෙ මෙහෙ දුවන ඒ දෙනෙත, අදිමදි කරමින් මෙන් චලනය වන දෙතොල්, ඒ සියල්ලම කියාපෑවේ ඈ සිතෙහි වන පීඩනය.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें