#දුඹුරු_සඳ_103
පහළට බසින්නට වූ පියගැටපෙළ අලංකාර වී තිබුණේ දෙපසින් සුදු පැහැ කෙටි බිත්තිත්, බෝගන්විලා ලෙස ශ්‍රී ලංකාවෙහි හැඳින්වෙන මල් වලිනුත්. එම කඳු බෑවුම් කෙළවරෙන් දිස්වන නිමක් කොණක් නොවූ සයුර වූයේ මළහිරුගේ පැහැයෙන් පින්තාරුවීගෙන. නිහඬ නිසංසල ගොම්මන හෙමින් ළඟාවන හෝරාවේදී ග්‍රීසියේ මුහුදු සුළං විණාරාගේ වත සිපගෙන හමාගියේ හීනියට හීතලක් ඇඟට දැනෙද්දී.
නමුදු විණාරාට ඒ සියල්ලට වඩා දැනුණේම තම සිහින් අතැඟිලි මැදිකරගෙන හිඳිනා ආග්නගේ අතැඟිලි වල උණුහුම.
වෛරය...ප්‍රේමය... සැබැවින්ම ඔහුගේත් තමාගේත් ජීවිත දෝලනය වන්නේ ඒ මත නොවේද? විටෙක ආග්නගේ වෛරයෙන් තම ගත, හිත දැවී යන්නේ ආත්මයම වේදනාවෙහි ගිල්වමින්. නමුදු ඔහුගේ ප්‍රේමය! ඔහු ප්‍රේමයේ එක් සියුම් හසරැල්ලක් පවා තම ආත්මයම නිවා සනහාලන්නේ අදහාගත නොහැකි අයුරින්.
"හහ්..."
ඈ නෙතු නැවතී තිබුණේම තමාගේ අතැඟිලි අත නෑරම ඉදිරියට ඇදෙන ආග්නගේ රුව මත වද්දී පා පැටලී ගියේ ඉබේටම.
"ඒයි...උඩ බලන්ද එන්නේ?"
පා පැටලී ඉදිරියට වැටෙන්නට යද්දී විණාරා තල්ලු වී මෙන් ගොස් ආග්නගේ පිටෙහි වැදී නතරවූයේ. ඒ ක්ෂණිකව ආපිට හැරීගත් ආග්නගේ දෙනෙතෙහි වූයේ සියුම් කෝපයක්.
අන් සෑම අවස්ථාවකම වාගේ අග්නියක් බඳු ඔහු බැල්ම විණාරාගේ මුව ගොලුකර දමද්දී ඈ නෙතු බිමට බරවූයේ ඉබේටම.
"එනවා..."
නෙතු බිමට බර කරගෙන හිඳිනා ඇයට රවාගෙනම ඉදිරියට හැරීගත් ඔහු කළේ විණාරාගේ අතින් අල්වා තමාට සමාන්තර පඩිය මතට ගැනීම.
"උඩ නෙමේ බිම...මිනිස්සු අඩිය තියද්දි බිම බලන් අඩි තියන්නෙ...
මොනවහරි කීවම ඉතින් ගොලු.ව බේත් බීව වගේ බිම බලන් ඉන්න තමයි දන්නෙ."
ඉඳින් ඔහු තරවටු පෙර දිනක තරම් වෛරයෙන් කෝපයෙන් පිරුණු තරවටු නොවන බව නොරහසක්. කෙතරම් කෝපවත් වූවත් එම වදන් වල ගැබ්ව තිබුණේම ආරක්ෂාව මෙන්ම රැකවරණය.